2014-05-05

කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට


බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක
ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක
වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක
අද තනියම මං යනවා නුඹ නැතිමුත් පෙරවාගෙම

වෙල්යායෙන් එගොඩවෙලා වැව් ලන්දේ දුර ඇතක
මිහිරසෙවු ඔබේ දෙතොලේ හැමවේලෙම කියුවා මට
නැවෙන්නේ කාගේවත් මා ඔබෙමයි හැමදාටම
සිහින ලොවක රස වින්දා සැබැ ලොවක් නැති ගානට

වැලි පාරේ ඇත කොනෙන් දුහුවිලි රැලි නංවාගන
පසුකරමින් නුඹ යන්නේ අතිතයක් නැති ගානට
කවුලු දොරන් එබීබලා නොදුටුව සේ දුහනාවිට
කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට

84 comments:

  1. Replies
    1. තාම වයිපයි නැතෙයි

      Delete
    2. වයිෆයි වෙන්න ඕනේ :)

      Delete
  2. හරිම අසාධාරණයි,මේකෙ සම්පුර්ණ පින්තුරෙ දාපංකො කැත වැඩ නොකර.

    ReplyDelete
    Replies
    1. ඔය තියන්නේ හැලපයියේ බලහං

      Delete
    2. බලන්න බෑ බං ඒක මෙහෙ බ්ලොක් කරලා,තරහ නැතුව ඔය පින්තූරෙ මගෙ මේලට එවපල්ලකො.

      Delete
    3. මචං ඇනේ හැලපයියට අතනට යන්ඩ හොර පාරකුත් කියහං

      Delete
  3. තිබුණු තැන නොවේ එය දැං ඇත නලලේ
    පංති ගියේ මගෙ බයිසිකලේ පොල්ලේ
    උඹ කැම්පස් මම දැං වැඩ ගඩොල් වලේ
    දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ !

    ReplyDelete
    Replies
    1. //දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ//

      මොකක්ද බං තේරුම

      Delete
    2. " එඩිතර හදවතක් ඇත්තා මනාලිය රැගෙන යාවි.." :D

      Delete
    3. පත්තරේ, "දිල් ව වහලෙට නග්ගලා, දුහුලට හානි උනොත් ලේ තමයි ජයේ." අන්න ඒකයි තේරුම. ;) ;)

      Delete
    4. අර සඳස් කවි නිසදැස් කවි වගේ පත්ත්රයාගේ "බඩ කොර කවි "

      Delete
    5. ප.ම.
      පට්ට කයිය

      Delete
    6. අම්මප බඩ ගියා කවිය අහල.. හැක්.. උඹට හරියන්නේ තමන්ගේ වත්තක කවි කියන එක තමා... බොට දවස් දෙකක් දෙන්නං... එච්චරයි..

      Delete
    7. අර ප්‍රතිභාපූර්ණ කවියා මෙතනටත් ඇවිත් නේ...

      Delete
    8. තැංකිව් වේවා .. හා රසවින්දා නං කීය කීය හරි දීපල්ලා .. පිනෑංස් එකක් තියනව ගෙවල දාන්ඩ :D

      දේශා..හිටපං තොට වස් කයියක් කියන්ඩ තෝ හැඳිගෑවිල යන්ඩ.

      Delete
    9. අම්මප පත්තරෙ උබ තමයි මිනිහ

      Delete
    10. "//දිල්වාලේ දුල්හානියා ලේ ජායෙංගේ//

      මොකක්ද බං තේරුම"

      මේකෙ තේරුම "හදවත් ඇත්තෝ මනාලිය රැගෙනයයි" කියන එක. මූ එඩිතර කෑල්ලක් අතින් දල.

      පත්තර මල්ලි, අන්න කකාගෙන් ඉල්ලගනින් ඒ බ්ලොග් එක සැප්තැම්බරේ, කවි ලියන්න. උඹට මුලු බ්ලොග් ලෝකෙම සපෝර්ට් කරයි.

      Delete
    11. බඩ කොර වෙනව මෙව්ව කියවලා... පත්තරේ...

      Delete
    12. @ මල්ලි. මල්ලි ඔය ඔක්කොම ඇතහැරලා එන්ඩකෝ ලංකාවට අපි පොළවල් වල කවිකොළ විකුනමු.

      Delete
    13. දමියා අයියේ .. මට ඔහොම කියන එක හරිද බං :D

      ඉන්දික අයියේ .. :D මොකෝ මං උඹ වගේ හින්දි දන්න එකක්‍යෑ .හැක් . ඔව් බං කකා ලියන් නැති එකේ මංවත් ඒක ලියන්ඩ ඕනැ බං..

      විදනෙ .. දුක දන්නෙ වෙන කව්ද ඇස් දෙක තරං D

      විචරක සෑර් .. අපිට කොයින්දෑ ඔබතුමාට වගේ ලස්ස ගනං වල පැන්සොං.. මං මේ එදාවේල හොයාගන්න අහිංසකයා වෙච්චි :D

      Delete
    14. //අම්මප බඩ ගියා කවිය අහල.. හැක්.. උඹට හරියන්නේ තමන්ගේ වත්තක කවි කියන එක තමා... බොට දවස් දෙකක් දෙන්නං... එච්චරයි..//

      කොහෙද බැ කියනවනේ "http://paththaramalli111.blogspot.com/"

      http://paththaramalli111.blogspot.com/

      Delete
  4. මුතු කුඩ ඉහළන මල් වරුසාවක.....................

    ඒ අදහස තියෙන වෙනස් විදිහට පද ගලපුව ලස්සන නිර්මාණයක් .... එළ අටම්..............

    ReplyDelete
    Replies
    1. ඒකම නෙමෙයි නේද , මෙතන ඊටත් එහා ගිහින් , කොල්ල වැඩක් පොලක් කරගන

      Delete
    2. නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී .............

      Delete
    3. ආ එහෙම එකක් තියනව නේ

      Delete
    4. සිත රිදෙන විදිහට නෙමේ සිත පිනවන විදිහට එදා වැඩේ වෙන්න ඇති :D

      Delete
  5. මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
    මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
    දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූයේ
    අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ … …

    ReplyDelete
  6. අතීතය අමතක කරන්න පුළුවන් කෙනෙක් ඉතින් ඉන්න විදිහක් නැහැනේ..

    ReplyDelete
  7. හූරං කෑවට පස්සේ තව මොන කතාද බං...

    ReplyDelete
  8. අතරමං උන හීන ලෝකෙ මිරිඟුවක් කියලා දැනෙත්දි දුකයි තමයි.

    ReplyDelete
  9. දුක හිතෙනවා නෙවී දුක දැනෙනවා නෙවී
    උඹ ගිය හිංදා වෙන එකියක් අදිනවා තමා.........

    ReplyDelete
  10. අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ කියලා ඉන්න තමයි වෙන්නේ

    ReplyDelete
  11. "පටු මාවත් වල දූවිලි අතරේ
    අපගේ ඉපැරණි පිය සටහන් ඇත..
    දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
    අපේ කතාවේ කෙටි පටුනක් ඇත..."

    ලස්සන නිර්මාණයක්. මේ තම්යි ජීවිතේ.

    ඒක නෙවෙයි අර කතාවෙ ඉතිරි ටික..??

    ReplyDelete
  12. // සිහින ලොවක රස වින්දා සැබැ ලොවක් නැති ගානට //
    අපූරු කවි පෙලක්..

    ReplyDelete
  13. අටමෝ උඹ මොනවද කවි ගැන දන්නේ බලපංකෝ අපේ පත්තර මලයගේ පද ගැලපිල්ල. පිස්සු කොර බං.......

    ReplyDelete
    Replies
    1. ඕ යේස් .මට බාර දියංකො කවි පිටුව. මං දෙන්නං පොරි හැලෙන්ඩ :D

      Delete
  14. උඹේ කවි පබැඳුම හරි අගෙයි. මට ඇතිවෙන්න ඕනෙ ඉරිසියාවක් වුනත් ඇති වුනේ උඹ ගැන ආඩම්බරයක්. අඩෝ පත්තර මල්ලියත් එල කයි පද බඳින්නෙක්නේ?

    ReplyDelete
  15. නෑ වෙන්නේ කව දාවත් කියලා වෙනස් වෙන්න ඕන නේද..?

    ආයේ මොන රෙද්දක් කියන්නද බං.... වල්ලා පට්ට..

    ReplyDelete
    Replies
    1. මචෝ මේ කවියයි අදහසයි කොහොම හරි අමරසිරි පීරීස්ට ලැබෙන්න සලස්වපන්.. පට්ට ගීටයක් එළියට එනවා සිකුරුයි..

      Delete
    2. නලියට කියමු ගිහින් දෙන්න කියලා , මතක් ඇතුව පින්තුරේ නැතුව ගිහින් දෙන්න කියන්න

      Delete
    3. සිංදුව කියන්න ඉවානයට දෙමු.. අමරසිරි මහත්‍තයා ඉවාන්ගෙ හඬ ගැන පැහැදිලා ඉන්නේ :D

      Delete
    4. ඉතින් එහෙනම් අහවල් එකට ද අමරසිරි මහත්තයට යවන්නේ කෙලින්ම මට එවපන්කෝ ... සංගීතේ කරන්න පත්තර මල්ලිට දෙමු අමරසිරි මහත්තයා පත්ත්රේගේ සංගීතේ ගැන පැහැදිලා ඉන්නේ :D

      Delete
    5. //අමරසිරි මහත්තයා පත්ත්රේගේ සංගීතේ ගැන පැහැදිලා ඉන්නේ//

      :D :D

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ඉන්දික අයියේ.. ඔතන හෙන රස කතාවක් තියනව මචෝ.. මේ ඉවානය උගෙ සුමධුර මධුර හඬින් අමරසිරි මහත්තයගෙ " මට මගේ නොවන " සිංදුව ගායනා කරද්දි මං දුන්නා බොංගො පාර රාග තාල උඩිං යන්ඩ,

      අපේ මේ නලින් අයියා අපිට හොරෙං ඒක ලයිව් අහන්ඩ සලස්සලා නෙවැ අමරසිරි සර්ට. ඕක කොලොත් ඔය වගේ වැඩක්මයි. චැහ්. ඉතුරු ටික නං කියලා වැඩක් නෑ බං :D

      Delete
    8. එදා මේ සිංදුව කීවද මල්ලි,

      Delete
    9. නැත්තං බං.. උඹ ඉතිං පෝන් එකේනෙ.පැයක් විතර .. ඉවානයා කිව්ව ඇඬෙන්ඩ ඕක,සමියයි මායි බෙර කරට අරං ගැහුවේ .:D

      Delete
    10. මං කා එක්කද බොල කෝල් කලේ ,කට කන්න එපැයි බෝගේ

      Delete
    11. මෙන්න සමියෝ කොල්ලන්ගේ කට කනවෝ

      Delete
    12. ඇයි අනේ අරය එක්ක

      Delete
    13. අමරසිරි මහත්තයත් එක්ක කතා කරපු බව මන් දන්නෙත් පස්සෙනෙ

      Delete
  16. මේ මට මතක් වුනෙත් "මුතු කුඩ ඉහලෙන මල් වරුසාවේ"සින්දුව බං.
    උඹේ කවි ටික රහයි.පත්තරේගේ කවිය පට්ට රහයි.

    ReplyDelete
    Replies
    1. මටනං ඒක මතක් උනේම නැ

      Delete
  17. අටං කොල්ල ගැන මට කවදත් දුකය
    එනමුත් දැං මගේ අයිතිය අන්සතුය
    පරණ කෙරුම් කෙරුමට දැං ඉඩ නැතිය
    "පවුල" උඹේ යහතින් "‍රැක" ගත යුතුය
    (පෙර දිනයක ඔබ පෙම්කල යුවතිය)

    ReplyDelete
  18. අර සම්පූර්ණෙ පිංතුරයනම් කවියට සෙට් වෙන්නෙ නැ වගේ.කවිය රහයි.පිංතුරෙත් රහයි.දිව දෙකක් නෑ රස දෙකයි

    ReplyDelete
    Replies
    1. සම්පුර්න පින්තුරේ මං දැක්කෙත් නැ

      Delete
  19. ඉතින් ඊටපස්සේ මොකද උනේ ..... මම අහන්නේ පින්තුරේ ගැන

    ReplyDelete
  20. අටමෝ......උඹ දිගටම ලියහන් මචෝ...මම කියවනවා සහ රසවිඳිනවා.

    ReplyDelete
  21. අනෙ බොටත් වෙන දෙවල්.මටත් මතක්වුනෙ මුතුකුඩ ඉහලන සින්දුව
    මෙහෙම හිතෙනවද දන්නෙත් නැ නේ.

    නගුලක් අරන් හානාවිට මගෙ කුඹුර
    කන්හැන්දකින් කලවැඩ කුමකට මතක

    ReplyDelete
  22. වාහනේ ඉස්සුවට කමක් නෑ බං, ඩ්‍රයිවින් හරි ඉගෙනගත්තනෙ, ^_^

    ReplyDelete
  23. ඔන්න කවි...

    ජය වේ...

    ReplyDelete
  24. අනේ මංදා බං අටං. ජීවිතේ හැටි :-( :-(

    ReplyDelete
  25. අශ්වයා සහ ඉස්තාලය....

    ජය වේවා!!!

    ReplyDelete
  26. මගේ කදුලින් නිමාවූ මාවතේ....... මාවතේ.....
    ඇය සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ.....
    මගේ යුග නෙත ඔබට හිරු සදු වේවා.....

    ReplyDelete
  27. ඔව්වා ඔහොම තමයි අනේ. මේ මාත් ඉන්නේ නොදැක්කා නොඇහුනා වගේ.

    ReplyDelete
  28. පට්ටයි..සුපිරියි.. (අර නිල් ඞෙනිමයි, ලෙදර් බැග් කෙල්ලද?)

    ReplyDelete
  29. @අටං අයියා, නියම කවිය,,

    @ පත්තරේ,, උබෙත් නියම කවිය බන්,

    ReplyDelete
  30. වැඩේ තියෙන්නේ මේක අහිංසක පෙම් කවියක්. පින්තූරේ හැටියට කවි ලියවුණා නම් කොහොමට තියෙයිද? අනේ මගේ හිතට එන්නේ නෑනේ කවියක්.

    ReplyDelete
  31. කවි පොඩ්ඩක් දිරවනවා හොරයි

    ReplyDelete
  32. කවි පෙලනම් ඇත්තටම ලස්සනයි.ඒත් ඉතින් අද කාලේ අපිටනම් ආලේ කරන්න වෙල්යාවවල් නැහැනේ.අපිට තියෙන්නෙ හොටෙල් කාමරයයි,සිනමාහලයි,කොහෙ හරි පාලු පාරකුයිනෙ.කොහොම උනත් "කාලය මැව් වෙනසක අරුමෙ"

    ReplyDelete
    Replies
    1. පාලු පාරවල් ගානේ යන්න එපෝ

      Delete
    2. අනේ මමනම් ගියේ නැහැ... යන්නෙත් නැති වෙයි... මම කියන්නෙ සමාජයේ මම දකින දේ.. මම හරිද වැරදිද මම දන්නෙ නැහැ.

      Delete
  33. සම්පුර්න පින්තුරේ මං දැක්කෙත් නැ

    ReplyDelete
  34. දැන් අටමා හෙන ප්‍රබුද්ධ බ්ලොත් කාරයෙක්නේ ,,කොමෙන්ට්ස් තෝරලා තමයි රිප්ලයි කරන්නේ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • pace maker
  •  කූඹියෝ වෙනුවෙන්  මගේ මෙව්වා ඒක
    මං දැං සිංහල ටෙලි නාට්ටි බලන එක නවත්තලා  ගොඩක්  කල්  , ඔය ගෙදර ඉන්දැද්දි  ගෙදර උං බලනකොට පේනවා දකිනවා ඇරුනහම …
  • අටම්පහුරාට  අතවරයක්
    මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ්…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘  කතා දෙකක්
    මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘  කතා දෙකක්
    මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය…
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • බයිසිමොටෝවෙන් වැටුන අපේ පවුල සහ ගෑනුන්ගේ ලිප්ටර් එජස් කරන ආකාරය
    Normal 0 false false false EN-US X-NONE TA …
  • How to Apply Special Foot to Singer 974 Sewing Machine (Overlock, Gather...
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • කකුල කඩාගනවත් නිකා ඉදලා නැ
    මම මේ කියන්ඩ යන පොරගේ ඇත්ත නම හරි , ඒකටත් වඩා දන්න අනවර්ථ නාමය හරි කියුවෝතින් ඉතින් අහල ගං හතක් දන්න හන්දා මම ''බුකුං'' (මේ නමත් රෙජිස්ටර්…
  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
1,644,565

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>