2014-06-21

හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං


''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද''

''තේ එකක් බීලම ඉම්මු බබා ''

යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා ලගින් හිදගෙන රූපවාහිනියට දැස යොමු කලේය.

'' අයියේ වාහනේ පොඩ්ඩකට දෙනවකෝ''

''තමුසෙ සෙනසුරාදත් හොදට ගහල ආවේ , කාර් එකේ තියා බයික් එකේවත් බොන්ඩ යන්ඩ එපා ඕයි ''

'' දෙනවකෝ .....බොන්ඩ යන්ඩ නෙමෙයි . සමාදිලැ ගෙදරට දුහල එන්නං ''

''පොඩි පුතා ....දැං එහේ යන්ඩ හදන්නේ පිස්සුද බලනව වෙලාව නමයයි''

පෝටිපොව යට රූපවාහිනිය පෙනෙන පරිදි පුටුවක් තබ‍ාගන සිකරට්ටුවක් උරමින් හුන් පියාගේ හඩින් කරබාගන රුපවාහිණියට දැස් යොමු කල මලයන්ඩිය දෙස නොරුස්සනා බැල්මක් හෙලු අමල් 

'' හා යනව යනව ගිහින් ඉක්මනට එනව''

''අපෝ දැං ඉතින් ඇවිත් කනේ ඇබ ගහගන තමා ඉන්ඩ වෙන්නේ ,   අද පෙන්ෂන්''

කට වටේ තැවරී ඇති තේ කුඩු දඹරගිල්ලෙන් පිස දමමින් තේ කෝප්පයක් රැගෙන පැමිනි වත්සලා

''පුතා ඔයා එනකං බලාගන ඉදලා නිදා ගත්තා''

'' අනේ මට පරක්කු උනානේ , අර අපේ කම්පණි එකට වාහන ගන්න කතා කරපු සේල් එකේ ඔිනර් කොල් කරල එන්ඩ කියල මං මිනිහව හම්බවෙන්ඩ ගියානේ ''

'' ඒ මොකටද ''

'' ජරාව දෙන්ඩ ''

'' අයියේ කියක්හරි දෙනවකෝ හලෝ , පඩියත් කුඩු වෙලා ඇඩ්වාන්ස් එකෙන් දුහන්නේ ''

'' පිස්සුද ඕයි මං ගත්තේ නැ ''

'' බොරු එපා .......බොරු එපා හරී .........අතිජාත , අකලංක , සුජාත සොහොයුරාට කීයක් හරි දෙනව හලෝ පජාත වැඩ නොකර''

'' මගුලක් කියනව''

'' මොකද අනේ උනේ ''

දීප්තිමත් සෙනෙහෙබර බැල්මක් හෙලු වත්සලා සෝපාවේ ඇන්ද මතින් හිදගෙන අමල්ගේ උරහිස මතින් වැලමිට තුබුවේය

'' කෝල් එකක් දීලා හවසට ඩ්රින්ක් එකකට සෙට් වෙලා කතා කරමු කියුවා , මම කියුවා මම බොන්නේ නැ කියල , එහෙනං හවසට සේල් එකට එන්න පුලුවන්ද ඇහුවා ''

'' ඉතින් ''

'' බැ කියන්ඩ බැරි කමට මම හා කියුවා ''

'' ඉතින් අනේ කියන්ඩකෝ ''

'' ගිහිල්ලා ටික වෙලාවක් කතා කරකර ඉදලා , දිගටම අපි එක්කම ඩීල් එක කරමු කියලා , ලාච්චුව ඇරල ඇන්ලොප් එකක් අරගන මට දික්කලා''

'' සල්ලිද ''

'' මෙතන වන් මිලියන් තියනව ඇතිද මිස්ටර් අමල් කියුවා ''

'' ඉතින් ''
'' මම කියුවා මට කමිෂන් එකක් ඕන කියල කියුවේ නැනේ කියල ''

'' ඉතින් ''

ඉහලට ඇදගත් සිකරට් උගුර පහලට නොහෙලා බලා සිටින තම පියා දෙසද , හොල්මනක් දුටුසේ මුව අයා සිටින සොහොයුරා දෙසද මාරුවෙන් මාරුවට බැලු අමල් තේ උගුරක් ගිල දමා වත්සලා දෙසට හැරි

'' මේක අපි කොහොමත් ඩීල් එක සෙට් කරන කෙනාට දෙන ගිෆ්ට් එක , මිස්ට අමල්ට තව ඕන නං විශේෂයක් කරන්නත් පුලුවන් කියුවා ''

''හම්...හම්  ඉතින් ඊට පස්සේ''

'' අයැම් සොරි මට මේක බාරගන්න බැ කියුවා , පොරත් සොරි කියල ආයෙත් ඇන්ලොප් එක ලාච්චුවට දාගත්තා , මං එන්ඩ ආවා''

'' හරි හරි ...අයියේ පොයිය දාන්ඩ ඕන නැ  .... මට සල්ලි එපා ''

'' මං ගත්තේ නැ ඔියි සිරාවට කියන්නේ ''

දුක්මුසු බැල්මක් හෙලු වත්සලා අමල්ගේ උරහිසට තම සිරුරේ සියලු බරම දී නැගි සිට 

''අපරාදේ පුතාව ඉස්කෝලෙට දාගන්ඩ තිබුනා''

යැයි මුමුනමින් මුලුතැන් ගෙය දෙසට පිය මැන්නේය

අත රැදි සිකරට් කොටය මිදුලට විසි කොට නැගි සිටි පියා , තම පුතුන් දෙදෙනා අසලට පැමින , ස්ටුලය මත තිබු සිකරට් පැකට්ටුවෙන් එකක් ගෙන දල්වා ලයිටරය හඩ නැගෙන පරිදි ස්ටුලය මතට අතහැර ගෙයින් එළියට පිවිසුනේය.

'''' අපරාදේ මං හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං කරත්තේ බදින්ඩ තිබ්බා''''


89 comments:

  1. අමල් හිතට එකඟ දේ කලා. ඒනිසා ඌ ආත්ම වංචාකාරයෙක් උනේ නෑ. අමල් වටේ ඉන්න අය තමන්ගෙ ප්‍රශ්න වලින් ගොඩ එන්න පිදුරු ගහක් හරි හොයම්මින් හිටියෙ. ඒ නිසා එයාලට අමල් ගොං හරකෙක්ටත් වඩා අන්ත විදියට පෙනුනා. ඇත්තෙන්ම කවුද ගොනා???? මං උනත් මේ වගේ වෙලාවක අනිවාරෙන්ම ගොං බඳින කණුවක්. ඒත් අමල්? හැමෝටම එහෙම වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරනං මාත් එහෙම තමා හිතුවේ ඒත් දැන්නං එහොම ඒවා ලැබුනොත් ගන්නව , මොකද එහෙම කරයි කියල මෙච්චර කාලයකට වගතුවක් උනැයැ, වෙන එවුං පල ප්‍රෙයෝජං ගනනව විතරයි

      Delete
  2. අන්න ඒ නිසා තමයි හැමෝම කටපුරා "මිස්ටර්" අමල් කියන්නේ ...., කාටවත් දෙකට නවෙන්න් ඕනේ නෑ ඒක නොගත්ත නිසා, අනික ඕක දෙන්නේ ගත්තොත් "මේකව අපිට ඕන විදිහට නාස් ලනුව දාගෙන වැඩ ගත්ත හැකි" කියලා හිතේ තියාගෙන .

    මාර වස්තුබීජයක් හොයාගෙන තියෙන්නේ අටමා කතාවට .... කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. පාරේ වැටිල තිබිල හම්බුනා බං

      Delete
    2. //අන්න ඒ නිසා තමයි හැමෝම කටපුරා "මිස්ටර්" අමල් කියන්නේ //

      අපි බීන් ටත් කියන්නේ "මිස්ටර් බීන්" කියල !!!

      Delete
  3. කතාවනම් කියෙවුව.අදහස්නම් ප්‍රකාස කොරන්න බැ මචො

    ReplyDelete
  4. දෙයියෝ උනත් දෙන්නේ එක සැරයයි නැත්නම් දෙපාරයි..... දෙන වෙලාවට ගන්න ඕනා...... පගාව ගන්න එක වැරදි උනාට හැමෝටම දෙන තෑග්ගක් ගන්න එක වැරද්දක් නෙවෙයිනේ ....... අර දෙවියන්වහන්සේට වඩාත්ම භක්තිමත් වූ ගෑනු ලමයාගේ කථාව මතක් උනා

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං මාත් කියන්නේ

      //දෙවියන්වහන්සේට වඩාත්ම භක්තිමත් වූ ගෑනු ලමයාගේ කථාව මතක් උනා//

      කවුද මචං ඒ උත්තමාවිය

      Delete
    2. ඇයි බන් උබ අහලා නැද්ද දෙයියෝ දෙන වෙලාවේ ගත්තේ නැති කෙල්ලගේ කතාව ......මෙන්න මෙහෙමයි
      එක කෙල්ලක් හිටියලු දෙවියන් වහන්සේට බොහොම භක්තිමත් නිතර දෙවේලේ පල්ලි ගිහින් දෙවියන් වෙනුවෙන් සේවය කරලා දෙවියන් වහන්සේ පෙන්නාදී ඇති මාර්ගය ඔස්සේම ජිවත් වෙන කෙනෙක්..... නිසි ආවාම මෙයාගේ යහළුවෝ ඔක්කොම බැන්දාලු... මෙයා එකත් දෙවියන් ලඟට ගිහින් කිව්වලු ඔබ වහන්සේම මට සුදුසු කෙනක් තෝරලා මා ලඟට එවන්න කියලා....
      ටික කාලයක් යද්දී ගමට අලුතෙන් ආපු තැපැල් ස්ථානාධිපති මෙයාව දැකලා මෙයාට විවාහ යෝජනාවක් ගෙනාවලු .... ගත් කටටම කෙල්ල කිව්වලු අපෝ මම එහෙම කැමති වෙන්නේ නෑ මම මට සුදුසු කෙනෙක්ව දෙවියන් වහන්සේ එව්වොත් විතරයි කසාද බඳින්නේ කියලා.......
      තවත් ටික කාලෙකින් ගමේ හිටපු පළාත් සභා මන්තිරියත් මෙයාගෙන් කැමැත්ත ඇහාව්වලු .... එයාටත් අර උත්තරෙමයි
      තවත් ටික කලකින් ගමේ ඉස්පිටිතාලේ ඩොකා ... එයාටත් අර උත්තරෙමයි......
      අවසානෙදි මේ ගෑල්ලමයා කසාද නොබැන්දම මලාලු.... කොහොමත් දෙවියන් අදහගෙන හිටපුනිසා කෙලින්ම ස්වර්ගේ දෙවියන් ලඟම ......
      දෙවියෝ හම්බ උන මුල් අවස්ථාවේම මෙයා කිව්වලු මම ඔබ වහන්සේට මෙච්චර ලැදිව ඉඳලා මෙච්චර සේවය කරලත් ඇයි මගේ ඉල්ලීමට කෙනෙක්ව නොවේව්වේ කියලා ....
      දෙවියෝ කිව්වලු ... මම එක සැරයක් තැපැල් ස්ථානාධිපතිව එව්වා ඊළඟට පලා බාබාව ඊළඟට ඩොකාව ..... ඔය ළමයනේ ඒ කාටවත් කැමති උනේ නැත්තේ කියලා ..........

      එකයි කියන්නේ දෙනවෙලාවේ ගන්න කියලා

      Delete
  5. තාත්තා හරකෙක්...

    ReplyDelete
  6. ඕක මොකක්ද ඔය සේල් කාරය එක වාහනේකිං ඔය ගාන හොයනව ඇති. ඕක නොගත්තයි කියල වාහනේ ගාන අඩුවෙන්නෙ නෑනෙ. ගන්නයි තිබුණෙ.

    ඇත්ත කියහං. උඹ මොකක්හරි කොම්පැනියකට මහන මැෂින් ඕඩර් එකක් සෙට් කරල දෙන්න ගිහිල්ල වෙච්ච වැඩක් නේද මේක. :D

    ReplyDelete
    Replies
    1. අනේ එහෙමවත් වෙනවනං කොච්චර දෙයක්ද බං , මේ නන්නත්තාර කාලේ ,

      Delete
  7. අම්මෝ..... ගැනු තමයි මේ ගේම් වල පිටිපස්සේ ඉන්නේ. මනුස්සයාගේ කොන්ද පන නැති කරන්නේ මේ ගොල්ලන්ගේ වැඩ වලින්. පටු පරමාර්ථ වැඩියි...... ඒ ගොල්ලන්ගේ ලෝකේ.

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ වනිතක්කලගෙන් , වීරක්කලාගෙන් කන්ඩ

      Delete
  8. වාහනයේ රෝද කෑගස්සවමින් තාර පාර දිගේ ඉගිලුනු සොහොයුරා ඈත වංගුවෙන් හැරී යන තෙක් කන්යොමාගෙන සිටි අමල් කට කොනකට සිනහවකින් යුතුව නිදන කාමරය වෙත පිය මැන්නේය. අල්මාරියේ රහස් ලාච්චුව හැර කලිසම් සාක්කුවෙන් පිටතට ගත් බ‍රැති ලියුම් කවරය එතුලට දැමූ ඔහු හඬ නොනැ‍ඟෙන සේ ලාච්චුව වසා දැමීය.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සය කොහොමද ඒක දන්නෙ. :D

      Delete
    2. සාර්ථක අවසානයක් නේද ඩුඩ් අයියේ

      Delete
    3. කිරි කලයට ගොම තලියක් නේද අටමෝ?
      වතුර ඇදලා ඇදලා කලේ බින්දා වගේ...
      තව...

      Delete
    4. අන්න මිනිස්සු , :D

      Delete
    5. ඒ උනාට මීට වඩා රහයි අයියේ

      Delete
    6. ඩූඩ් දැන් වැඩිය ලියන්නේ නැත්තේ මොකෝ.. මම වගේ ඌණ පූර්ණ කර කර යනවද දැන්?

      Delete
    7. @Henry Blogwalker

      කතාවේ අවසානෙට ඩුඩ් අයියා ලියලා තියෙන කෑල්ල දැම්මනම් තමයි පට්ට.. නොහිතන පැත්තකට ගිහින් කතාවක් ඉවරවෙද්දි පට්ට ගතියක් තියෙනවා ..

      Delete
    8. අම්මෝ බං අඹලව දකින්ඩ තියන ආසාවක්

      Delete
    9. අපි හැංගිලා ඉන්නේ ....

      Delete
    10. ඇයි බයද

      Delete
  9. ගොන්නු මැද්දෙ ගොනෙක් නොවී සිටීමත් එක්තරා විදිහක ගොන් කමක් තමා.

    අමල් ඔය සල්ලි නොගත්තු නිසාම ළගදිම පගාව ගැනීමේ චෝදනාවක් පිටම රස්සාව ගහලා නොගියොත් තමා පුදුමෙ.…

    ReplyDelete
    Replies
    1. එව්වත් කියන්ඩ බැ බං

      Delete
    2. අන්න ඒකනෙ බං , නිකං මොකටද රස්සාව නැතිකර ගන්නෙ :D

      Delete
  10. උඹවත් ඈඳාගත්ත නං ගොයං කොළයක් පාගගන්නත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. //'''' අපරාදේ මං හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං කරත්තේ බදින්ඩ තිබ්බා''''//

      Delete
  11. හරකෙක් හරකෙක්!!!

    ReplyDelete
  12. අගේට තිබ්බ බ්ලොගයට මේ මොකද කරලා තියෙන්නේ?

    මට නම් හිතෙන්නේ මෙතන අමල්ට වැරදිලා. අමල් ගේ ආත්මය පාවා නොදී ඒ සල්ලි ගන්න පුළුවන්කමක් තිබිලනේ. හැමවෙලේම මිනිස්සු සන්තෝසමක් දෙන්නේ පගාවක් දෙන අදහසින්ම නෙමෙයි. ඉස්සර කාලේ වගේ සල්ලි නැතිව ජීවත් වෙන්නත් අද බෑනේ. අනික මේ අමල්ට තව ප්‍රශ්න තියෙනවනේ. ඒක හරක් බඳින කරත්තයක් තරම් නොවුනට ලොකු වැරැද්දක් වෙලානේ.
    මීට පස්සෙවත් ඔහොම වන් මිලියන් හම්බවෙනකොට අටම්ට එපා නම් අපිට හරි දෙන්නකෝ.... ;)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දෙයියනේ මමත් කියන්නේ

      Delete
  13. අසාධාරණ සල්ලි අපිට එපා, අපේ වැටුප අපිට හොදටම ප්‍රමාණවත් :D

    ReplyDelete
    Replies
    1. මල්ලියේ කසාදයක් බැඳපං.. ඊට වඩා හොඳ ක්‍රමයක් නෑ ඒක තේරුං කරන්න උඹට !!

      Delete
    2. පලවෙනි රස්සාවනේ තාම රත්තරං පුතේ

      Delete
  14. මිලියන වලින් හෙව්වට ගෙවන්න වෙන්නේ ටිලියන වලින්.. ඌ ගොනෙක් තමයි.. හරකෙක් නේවෙයි...
    රස කථාවක්

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹට දුන්නොත් මටත් බාගයක් දියං .. මං ගානෙ එදාට ඕල්ඩ් එකක් ගහමු !!!

      Delete
    2. තව පැයකින් දෙකකින් මම යනව ඔහොම පොරක් හිටපු තැනකට , මම 850ක් ගන්න වැඩේට පොර 1950ක් බිල දානව ,

      දැන් එයා නැති උනත් තව කෙනෙක් එතනට ඇවිත් ඇති ,

      :එයා කොහොමද කියල මම ඇවිත් කියන්නං,

      වැඩේ කියන්නේ පරන හිටපු පොර කියනව එතන කරන වැඩ වලින් පරනම ගාන පොරට තියන්ඩලු

      ඌ එතන දැං ඇත්තෙත් නැ ,

      දැං ඉන්න පොරටත් දෙන්ඩ උනොත් ගාන පස් ගුණයක් වැඩි කරන්ඩ වෙනව

      අනේ මන්දා

      Delete
  15. මම නං කියනවා ඔය ලක්ස විස්සට තව මදිපාඩුව තාත්තගෙ නමට ෆිනෑන්ස් එකක් දාල ආං අර කාරෙක දෙන්ඩ සල්ලි එපා කියලා !!!!
    අපේ සල්ලි දීල පිට තැං වලින් ගන්ඩ ඕනැයෑ ..!!

    ReplyDelete
    Replies
    1. ආන්න හැදෙන වැඩෙන තරුණ පරපුර

      Delete
  16. හරකෙක්ම තමයි. :( ඒක පගාවක් නෙවෙයි තෑග්ගක්නෙ :D :D

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට පගාවත් කමක් නැ කියල හිතෙනව බං , ''ජීවිතේ බරයි වියදම සැරයි''

      Delete
  17. 1985 දී වැලිකන්ද ZD ඇලේ ගිලී මැරුණු පෞද්ගලික ඉංජිනේරු සමාගමක සේවකයකුගේ මළසිරුරක් ත්‍රස්තවාදී තර්ජන නොතකා ගොඩ අරන් දුන්න මගේ සෙබළුන් දෙදෙනෙකු වෙනුවෙන් එම සමාගම ආවා මට රු 50000 දික්කරගෙන. මම උන්වත් එක්කරගෙන ගියා මගේ අණදෙන නිලධාරිවරයා වෙත. අණදෙන නිලධාරිවරයා උන්ට හොඳ පදවලින් කියලාදුන්න හමුදාවේ කුලියට වැඩකරන අය නැහැ කියලා.

    ReplyDelete
    Replies
    1. මම මේක කියන එක හරිද මන්දා අයියේ

      මම ඔයා හිටපු තැන හිටියානං කියනව ...............කොල්ලන්ගේ බැරැක්කෙට තියන අඩුපාඩුවකත් අරගන දෙන්ඩ කියල

      Delete
    2. සල්ලි ගත්තනම් හමුදා නීතිය අනුව වරදක්. භාණ්ඩ පරිත්‍යාගයක් කලානම් හරි.

      Delete
  18. අයියෝ සල්ලි. දැන් කාලේ දෙවියන්ටත් පගාව දෙන්න ඕන නේ වැඩක් කර ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං පළතුරු වට්ටි උස්සගෙන යන්නේ කට්ටිය

      මම නං මොකාට ජරාව දුන්නත් දෙයියන්ට දෙන්නේ නැ

      Delete
  19. එහෙම කියන්නත් එපා.. ඒ මනුස්සයා ලග තියෙන අවංක කම ඊට වඩා මිලයි..

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි උඹ ගැන

      ඉන්නේ ඉතාලියේ වෙලත්

      Delete
  20. අවංකකමයි...මෝඩකමයි අතරේ තියෙන්නේ බොහොම පොඩි වෙනසක් කියලා තේරෙන්නේ ඇට දෙක බිම ගෑවෙන කාලෙට. මට නම් වෙන කියන්න දෙයක් නැහැ අටමෝ...මගෙත් දැන් ඇට දෙක බිම ගෑවෙන නිසා ඕක තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ බං අරු අයියේ මගේ ඇට දෙකත් දැං බිම ගැවෙනව

      උඹට තරං වයසකුත් නැ

      නියම කාලෙටත් කලින්

      එක එකාගේ බර ඇදලම

      අපරාදේ ලැබෙන කාලේ ජරාව නොකෑවේ

      Delete
  21. මමත් කාලයක් ඔහොම හිටිය අටමෝ. එත් මෙලෝ වගතුවක් උනේ නැහැ. දෙන්නම් නෙල්සන් මැන්ඩෙලා වගේ තමයි ජිවත් වෙන්නේ. ජාති ආගම් කුල මල කිසි දෙයක් හොයන්නේ නැහැ. ලෙබෙන දෙයක් ලැබෙනවානම් අරන් සාක්කුවේ දාගන්නවා. එල.!!

    ReplyDelete
    Replies
    1. //ලැබෙනවානම් අරන් සාක්කුවේ දාගන්නවා. එල.!!//

      අන්න හොද කොල්ලා , අනාගතය පැහැදිලියි

      Delete
  22. පිස්සු පකෙක් බං ඌ....

    ReplyDelete
  23. මම නම් කැමතියි මේ කතාවට... කතාව අපි මුල මැද අග ලිහාගන්න ඕනේ දෙබස් වලින්මයි... වෙන පැහැදිලි කිරීම් නැහැ... එහෙම වෙලත් දෙබස් උණත් තාත්විකයි (සමහර වෙලාවට දෙබස් වලින් කතාව යනකොට ගොඩක් අය තැනට සුදුසු දෙබසට වඩා කියවන්නාට කතාව පැහැදිලි කරන දෙබස් ලියනවා)

    ඉතාම සුළු දේවල් ලෙස මෙන්න මේ දේවල් මම දකිනවා..
    - රෑ නමයට ගෙදර එන අමල්ට, තේ දීමට වඩා කෑම දෙන්න ඇහුවා නම් වඩා සුදුසුයි.
    - සමාදිගේ ගෙදර යන්න මල්ලිට තිබූ හදිස්සි ගතිය අමල් අවසර දීමෙන් පසු නැතිවීම.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කාරනා දෙක ඇත්ත .තමයි තිසර

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. වෙන මක්කා කියන්නද... මට සැකයක් තියෙන්නේ හරකෙක්ද ගොනෙක්ද කියන එක...

    ReplyDelete
    Replies
    1. හේහ් ... ඔහොම නෙමෙයි බං බනින්ඩ ඕන පට්ට කුනුහරපෙං

      Delete
  26. අනේ මංද...
    කියන්නං කියල හිතපු ඔක්කම ලියල...
    ආයෙ මොනව කියන්නද

    ReplyDelete
    Replies
    1. එහෙම බැ මොනවහරි කියන්න

      Delete
  27. හරකෙක්? උන් සල්ලි ගන්නේ නැහැ නොවෑ !!
    එළුවෙක් උනා නම්, පෝස්ටර් කොළ වගේ හින්ද සල්ලි ගන්නත් තිබ්බ... උන් එව්වා කනවා අඩු තරමේ..

    නොගත්ත දෙයක් ගැන හිතල වැඩක් නැහැ, වටේ උන් ඒ ගැන දරන මතේ මටනම් කොහොමත් වැඩක් නැහැ... සල්ලි ඕනේ තමයි.. නැත්තම් ජිවත් වෙන්න බැරි වෙන හින්දා. සල්ලි වලින් පොඩි එකා ඉස්කෝලේ දාගෙන ඌට කියන්න වෙනවා කොහොමහරි සල්ලි ටික අපතේ යවන්නේ නැතුව උඹත් වනපොත් කරපං පුතේ කියල, ඌට ගිල්ටි නොහිතුනොත් පුදුමයි! නැති ප්‍රෙෂර් එකක් අපි ජීවිතේට අමුණ ගන්නවා!

    හරක් දෙන්නෙක් හදා ගත්තනම්... උන්ට මුඛ -කුර රෝගේ හැදුනොත්? ඇත්තටම කරත්ත අදින්නේ 'හරක්' විතරද?

    ReplyDelete
    Replies
    1. උපේක්ශා දන්නවද ඉස්සර තිබිල තියනව අලි කරත්ත

      Delete
  28. අමල් කෙරුවේ හරක් වැඩක් කියලා පේන්නේ අපිටනේ.සමහරක් විට එක අමල්ට ප්‍රශ්නයක් නෙමේ වෙන්න ඇති.මොකද සල්ලි වලට වඩා ඌට ඌගේ ප්‍රතිපත්ති වටිනවා ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම පොරක් ඉන්නව බං මං දන්න , මටනං උෟ ගහන්ඩ හිතෙනව ගහක බැද දිමිගොටු දාලා , කෝපී කෝට්ටක් කඩාගන තට්ටං දෙකේ ඉරි හිටින්ඩ

      Delete
  29. මටත් මේ වගේම චාන්ස් එකක් වැදුන මේ ඊයෙ පෙරේදා දවසක. රැපියල්වලින්ම ලස්ස 5ක්. හැබැයි ඒක ගන්දෝ නොගන්දෝ කියල ඉන්න වෙලේ කරැමෙටම වැදුනනෙ බෙල් එක.
    නැගිටින ගමන් හිතාගත්තා ආයෙනන් අරගෙනම මිසක් ඈහැරෙන්නෙ නෑ කියල.

    අටමො මොකෝබං ලස්සනට තිබ්බ බ්ලොග දැන් නිකන් වැසිකිලියට මල්ටිබැරල් ගහල වගේ. අච්චාරැ වෙලා නේ.

    ReplyDelete
    Replies
    1. අප්පෝ හීනයක්ද රෙද්ද......

      ඇයි අනේ මේ විදිහට බ්ලොග් එක හරි නැද්ද

      Delete
  30. උං මිලියනේ විසි කරන්නේ ඒ වගේ දහ ගුණයක්වත් හොයන්ඩ හිතාගෙන.ඒක හින්දා උගේ පගාව ඒ වෙලේ ගත්තනං ඌ පස්සේ එනවා ගෝනි නැතුව කරේ යන්ඩ.ඒ හින්දා නොගත්ත එක හොඳා.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ ගානට කරන පොරවලු කොච්චර ඉන්නවද

      Delete
  31. මේ මචං , අර මල්ලිගේ නම සිනෙත්ද? :P

    ReplyDelete
    Replies
    1. මල්ලිගේ නමනම් දන්නෑ අයියාගේ නම නම් _ගීත්

      Delete
    2. මැලේ . අනුරාධ පුර තමයි ගම :D

      Delete
  32. ඒක හරි හරකෙක් කවදාවත් මනුස්සකමක් තියෙන වැඩක් කරන එකක් නෑ......

    ReplyDelete
  33. ඒක හරි හරකෙක් කවදාවත් මනුස්සකමක් තියෙන වැඩක් කරන එකක් නෑ......

    ReplyDelete
  34. ඕවට කියන්නේ පගාව නෙමේ සන්තෝසම් කියලා

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>