2014-06-29

දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )



දන්නා තැනක මං නිතරම යන එන්නේ
පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ
ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ
හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ

පෙරකල පටන් මත් වතුරට ලොල් වන්නේ
බීගත් කලට වෙසමුනියා සමවන්නේ
පිය බිරිදටත් දරුවන්ටත් ගුටි දෙන්නේ
පෙරකල පටන් ඔහු එහෙමයි හැසිරන්නේ

සට සට ගාල කඩ්ඩෙන්මයි දොඩවන්නේ
ලොකු ලොකු තැන්වලයි රස්සාවට යන්නේ
යන යන තැනින් ටික දිනකින් අස්වෙන්නේ
උගතෙක් නිසා තව තැනකින් වැද්දන්නේ

මම ලොකු පොරක් මං ඇර ජගතෙක් නැනේ
ඔය ගද යක්කු මට රට කජ්ජක් වැන්නේ
නින්දිත ලෙසින් අන් මිනිසුන් පාගන්නේ
අසරණයන්ට නිතරම කරදර දුන්නේ

අසල් වැසියනට ගූ බෙට්ටක් වැන්නේ
නැදෑ හිතවතුන් මිනිහව හැර යන්නේ
හැදු වැඩු පියා සමගත් වලියට යන්නේ
තම සොහොයුරා නැ ඔහු හමුවට එන්නේ

කාල‍ය වේගයෙන් ගතවී වැය වන්නේ
දරුවන් දෙදෙන දැන් ටික ටික ලොකු වෙන්නේ
සීයගේ පිං පතෙන් උන් පොත පත ගන්නේ
කරදර මැදින් ඉස්කෝලෙන් පිට වන්නේ

සරසවි දොරටුවට දෙන්නා පිවිසෙන්නේ
විය පැහැදමට කොහොමද මිළ සරිවන්නේ
අයියා ළමයින්ට ශිල්පය ලැබදෙන්නේ
මලයා ගෙයින් ගෙට ඒක එක විකුනන්නේ

කොහොමින් කොහොමහරි දෙන්නා ගොඩයන්නේ
නමගිය කන්තෝරු දෙකකයි වැජබෙන්නේ
හද බැදි යුවතියව නිවසට කැදවමිනේ
අයියා තුමා යුගදිවියට එලබෙන්නේ

ලොක්කගේ ඉට්ටයිල් කෙල්ලට ගල් වැන්නේ
මාසෙන් දෙකෙන් කේසුත් ලිපිගොනු වන්නේ
ඔයලගේ තාත්තා එක්කල  මට බැනේ
කුලියට කමක් නැ අයියෝ අපි යන්නේ

අතේ තිබුන සියලුම සේසතදාලා
බැංකුවකට එහෙම හිමිහිට අත‍පාලා
ආදර බිරිදගේ මනසේ සුවතකලා
ගෙපැලක් ඇටෙව්වා වත්තේ කොන බලලා

කොල්ලගේ ආදරේ කෙල්ලගේ බඩ පුරලා
වාං දොරටුවත් හිමිහිට ඇහැ වහලා
අමතර ගමං නැ හවසට ගෙට වැදිලා
අයියා දොයියන්නේ බංඩිය අතගාලා

කොලු පැටියෙක් ඇවිත් පොර සීයා වෙන්නේ
පෙරකල ගතිසිරිත් නැ අඩුවක් වන්නේ
කොල්ලත් ටිකෙන් ටික බහ හෙම තෝරන්නේ
ඇටවු පැල දාල කොහෙදෝ දැං යන්නේ

මල්ලිට බදින්නැයි අම්මා වද දෙන්නේ
අක්කට දෙන වදේ නැද්දො දකින්නේ
ලොක්කා මැරෙනකං මං නැ හිරගන්නේ
කොල්ලගේ වයස තිහ පැනල ඉගිලෙන්නේ

රස්සාවකට ගොස් කෙලවාගන එන්නේ
අත ඇති මුදල් ටික ටික ටික වැය වෙන්නේ
ටික ටික අරන් දැන් කොල්ලොත් නොම දෙන්නේ
ලොක්කා සීරුවට ලේලිය වෙත යන්නේ

වැඩකල තැන මුදල් වගයක් ඇත එන්න
එය ලැබු සැනින් ඔබ වෙත ගෙනැවිත් දෙන්න
පුත්තරයාට නං මේ බව නොකියන්න
රුපියල් වලින් දාහක් මට ගෙන එන්න

අයියෝ තාත්තේ මාලග නැ සල්ලි
තිබුනත් දෙන්න බැ මට අමිතගේ  සෝලි
මේ මාසයෙත් කුස්සියේ වියදං සල්ලි
අම්මට මම දුන්නේ මං මාලග තිබු සල්ලි

මට දාහක් ඕන ඔය බොරු පවසන්නේ
අම්මට දෙන හරිය මොකදෝ නොම දන්නේ
කොන්ඩය තඹ වෙන්නේ කොට ගවුමක් ගන්නේ
මගේ වියදමෙන් ඔය අමිතය ගොඩ යන්නේ

මොකටද තාත්තේ ඔය බොරු පවසන්නේ
අමිතගේ ඉගනුමට කොහෙදෝ ඔබ දුන්නේ
සීයත් දුන්න දේ අමිතට මදිවෙන්නේ
ඒකයි තැනින් තැන ටියුෂන් ලැබ දුන්නේ

ඇ බොල පරට්ටියේ තෝ මට කෙලින්ඩද
මේකත් මගේ තෝ වෙන කොහේ ලගින්ඩද
ඉඩමට ලස්ස දහයයි කෝ තෝ දෙයිද
තොගේ මහ එවුන් තඹ සතයක් තොට දෙයිද

කියමින් ලොක්ක දුම්මල වරමක් ගන්නේ
හරුප වැලක් මහ හයියෙන් දොඩ මින්නේ
බිම අත ගගා තඩි ගල් ගෙඩි අහුලන්නේ
රැං ගාල වහලයටයි පියබන්නේ

අසරන කෙල්ල තම පුතු ගෙට කැදවන්නේ
දොරගුලු දමා කාමරයේ හැංගෙන්නේ
දුරබනු ඇමතුමක් හනිකට අරගන්නේ
සිදු උන කාරනා හිමියට පවසන්නේ

පූරුවෙ මහපවක් මමනං කර ඇත්තේ
පාඩුව ඉන්නවත් මූගෙන් ඉඩ නැත්තේ
ඔහොම තාත්තල මම නං දැක නැත්තේ
සොදුරියේ මෙමට නුඹ සමාව දිය යුත්තේ

තරහින් දුකෙන් මුළු දවසම පුපුරමිනේ
අමිතගේ දවස කන්තෝරුවෙ ගතවෙන්නේ
සේවාලාභියෙක් හවසට හමු වන්නේ
බෝතල් අඩිය දැං ටික ටික මතු වෙන්නේ

මිතුරට සමුදිල එන්නට පිට වෙන්නේ
නිවසට හැරෙන අතු මගටත් පිවිසෙන්නේ
ගමේ මිතුරු කැල අඩියක් ගසමින්නේ
මහ මග අයිනේ රථ දෙක නවතං උන්නේ

එතනත් නැවතිලා පොඩ්ඩක් අරගන්නේ
උඹලගේ තාත්තා පවුලට වද දෙන්නේ
කොහොමද මචං උඹ ඔව්වා ඉවසන්නේ
මම නං බෙල්ල ගලවල අතටයි දෙන්නේ

ඉස්සර ඉදන් මහ වදයක් මං වින්දේ
අඩුවක් නැනේ බලහං මිනිහගේ සද්දේ
කොච්චර කියල ඇද්දෝ මම සහ සුද්දේ
දවසක නවත්තනවා ඕකගේ යුද්දේ

එතනින් ගැලවිලා ගෙදරට පදවන්නේ
මහ ගෙයි මිදුල උඩිනුයි රිය පදවන්නේ
අම්මාත් ගෙදර නැ ඉරිදට ගම යන්නේ
මෝටර් රථය නැත්තේ මලයත් නැනේ

අද හොද දවස අතපය හිරි ඇරගන්න
තිස්හය වසක් විදි දුක්  සෝදාලන්න
ආයෙත් අපිට දුක් කරදර නොම දෙන්න
දත් ටික ලොක්කගේ දෑතට වඩමන්න

හිමිහිට බැහැල ගේ ඇතුලට රිංගන්නේ
පිං නැති පියාගේ බෙල්ලෙන් අල්ලන්නේ
මොකට යකෝ මයේ ගෑනිට වද දෙන්නේ
අද නං මං තෝව මරල හංගන්නේ

පාරක් දෙකක් මූනට ඇරලා දැම්මේ
හරියට වැදුන්නැ ලොක්කා අත දැම්මේ
දගලල කොහොම හරි කොල්ලව බිම දැම්මේ
පැනගන නාන කාමරයේ ලොක් දැම්මේ

ඉස්සර ඉදන් මම උඹගෙන් ගුටි කන්නේ
අම්මට මල්ලිලට දස වද මයි  දුන්නේ
මින් මතු කිසිදාක ආයෙත් නොම වෙන්නේ
ගහල මරල මම අද තෝ හංගන්නේ

ඇතුලට වෙලා දොර වෙත පිට දීගන්නේ
ලොක්කගේ බරට නැ දැන් දොර හෙල්ලෙන්නේ
ඒපා ලොකු පුතේ තාත්ත නොමරන්නේ
හිරගෙයි වැටිල අපායෙනුයි නව තින්නේ

කුස්සිය වෙත දුහල පිහියක් ගෙන එන්නේ
ඇග බරදාල දොර මැද්දෙන් බස්සන්නේ
හරියට කක්ක දාරය මැද්දෙන් යන්නේ
යන්තං තුඩ වැදිල ලොක්කා මොර දෙන්නේ

දෙවියන් බැලුව වාගේ මලයත් එන්නේ
බිරිදයි පුතයි හනි හනිකට දිව එන්නේ
අත අඹරලා පිහියෙන් අල්ලා ගන්නේ
මොකදෝ අයියේ මෙහි මොනවද සිදු වෙන්නේ

තාත්ති හරි නෝටි ඇයි සීයට ගැහුවේ
මට කියු හොද නරක ඇයි ඔබ නොතැකුවේ
එලියට එන්න සියේ ඇයි කැගැහුවේ
තාත්තව අරන් බාප්ප පිටවුවේ

බලපං පුතේ තාත්ත පිහියෙන් ඇන්නේ
හරියට කක්ක එන තැනමයි ලේ එන්නේ
කොහොමද ඩොකාලට මගේ පුක පෙන්නන්නේ
වැසිකිලි ගිහින් දැං කොහොමද මම රෙන්නේ

38 comments:

  1. Mara sin eka lokkata wela thiyenne.

    ReplyDelete
  2. Mara sin eka lokkata wela thiyenne.

    ReplyDelete
  3. කොහොමෙයි කමෙන්ටුවක් වත් දාන්නෙ අටම්.

    ReplyDelete
  4. මටනං පේන්නේ ලොකු පුතු ගෙයි වර‍ද
    මොන ලබ්බකට ගේ හැදුවද ඔය ඉඩම
    මල්ලී අවුල් නැති හින්දා උෘ එක්ක
    ටික කාලෙකට යනු තිබුණා කුලියකට.

    ReplyDelete
  5. ඔහොමත් තාත්තල ඇත මේ ලෝකේ
    ලොක්කා ගැහුව එක නං නෑ මට වරදක්
    පිහියෙන් අනින ඒවා කිරිමේල් කේස්
    උස්සල පොලවෙ ගැහුවානං ලොවෙත් නැත

    මහ ගෙයි ඉඩමෙ මොන පකටද ගේ හැදුවේ
    ගනියකො පිට පැත්තකින් පර්චස් දොලහක්
    ලිහපු මල්ල ඔබල මගුලද බලන්නේ
    කන්තෝරුවට නොව ඌ යා යුතු අංගොඩට … !!!!!!

    ReplyDelete
    Replies
    1. පත්තර මලයෝ කවි උත්තරයක් දාන්න වෙලාව නෑ බං ඒ වුණාට මෙන්න +++++++++++++++++++++++

      Delete
    2. පට්ටයි බොල. එන්ඩ එන්ඩ උඹෙ කවි මෙව්වා එක මතු වෙනවා. :) +++++++++++++

      Delete
    3. නලින් අයියා .. පොඩි ආතල් එකක් දාමු ඈ :D

      ප්‍රියෝ .. හඳ තියන කාලෙට නේ :D බේත් බොන්ඩ අමතක උනා ..හැක්

      Delete
    4. පත්තර මල්ලී මරු හොදේ...........

      Delete
    5. මල් මල් මචං .. ෆිට් තමා . ටැංකූ බන්, ඕ යේස්

      Delete
  6. අපේ පැත්තෙත් හිටියා මේ වගේ සල්ලිකාර ලොක්කෙක්. තමන්ගේ දරුවන්ට සලකන්නේ නැති. උන්ට ගරහන. අනේ එක දවසක් උදේ ලොක්කා සෙත්ත පෝච්චි වෙලා හාට් ඇටැක් එකකින්. දැන් අර දරුවෝ පුදුමාකාර සැනසීමකින් ජීවත් වෙනවා.

    ReplyDelete
  7. කවුරුත් කියන්නැහෙ එකමෙක කුනක් ඇත
    ඇමිතට ඇවිල්ල බුද්ධිය පිහිට නැත
    දන්නවනම් තාත්තගෙ ඔය මජරි වැඩ
    මෙන රෙද්දකට ලැග්ගදා ඔය වත්තෙ කොන

    ReplyDelete
  8. ලංකාවේ ඉස්සර කවිකොල කියලා ජාතියක් සති පොළවල්වල, බස් නැවතුම්පොලවල් වල විකුනලා තියෙනවා. මට මතක් වුනේ අන්න ඒ කවිකොල සංස්කෘතිය

    ReplyDelete
  9. තව පෝඩ්ඩක් දික් උනා නම් මරු...

    ReplyDelete
  10. අම්මෝ..... කතාන්දරය....... කවි වුන හැටි..... හොදයි..... ගුණ අඩුවක් නැ.....

    ReplyDelete
  11. දන්නවානේ අටම් ඉතින්.................. කවිනම් අපි ඉතින් එකෙන්ම කියලා......

    ජය ශ්‍රී

    ReplyDelete
  12. ඔය වගෙ කැ රි ෆාදර්සලා ඉන්නව බං .....
    දරුවොත් පිං කොරන්න ඕන බං ......
    ඔන්න මගෙ පියා නං........
    දෙන්න එකට ගන්නව කන් පාත් වෙනකං......

    ReplyDelete
    Replies
    1. threesome ekkuth danna thibbane?

      Delete
  13. ලොක්ක ලියල තියෙනවා ආයේ සුපිරියටම හොඳේ..

    ReplyDelete
  14. පටේ පට්ට අටමා කවි ලියන්නේ
    ඒව බලල අපි හොද යැයි කියන්නේ
    තවත් මෙහෙම කවි ලියන්න කියන්නේ.
    අටං කොලුව චිර කල්ලෝ වැජඹෙන්නේ..

    ReplyDelete
  15. අටමෝ මාර කවි කොළේ බං මේක ගහල බස්වල කෝච්චිවල කිය කියා විකුණමුද. මරු බිස්නස් එක බං ඒක.

    ReplyDelete
    Replies
    1. ඕ යේස් .මරුද කියන්නෙ ආතල් ලෝකෙයක් නලින් අයියා .. ප්‍රස්න්න අයිය ප්‍රින්ට් කරල දෙයි කවි ටික හබරල කොලේක හරි :D

      Delete
  16. MEME PRASNE AHANNA OONE CAPTAIN KAKKA THUMAGEN

    ReplyDelete
  17. මාගලක් සේ කවි රසේ.... කෙටිකතාවක්ම තියෙනවනේ මේ කවියේ. ඒකනම් මාරම හැකියාවක්.

    ඔහොම ඇත්තො කොහෙත් ඉන්නවා..

    ReplyDelete
  18. ඔහොම තාත්තාලත් ඉන්නවා. සක්කිලි.

    අරුත් මොන අහවල් රෙද්දකටද ඔය අස්සෙම ගෙවල් ගැහුවෙ.

    ReplyDelete
  19. ලොක්කා ගේ විදිය දැනගෙන ඔහොම කරපු එක නේ අවුල.. නැත්නං නෝ ප්‍රස්

    ReplyDelete
  20. පුක කැපිල බේරුණ එක මදැයි :D

    ReplyDelete
  21. කවි ටික නම් අපූරුයි... හාස්‍යත් එක්ක හිතන්න් දේකුත් ඉතුරු කරලා තියෙනවා කියලයි මට හිතුනේ...

    ReplyDelete
  22. අර කිව්වත් වගේ කයි පෙළ දිග මදිනෙ බං.කොච්චර දුර පහළට ආවද කිව්වොත් කියෝපු වත් මතක නෑ.

    ReplyDelete
  23. කවි කතාව එලය..

    ReplyDelete
  24. කොබන් මම හතර වැනියට දාපු කොමෙන්ටුව

    ReplyDelete
  25. මුල රූපෙ දැක්කම හිතුනෙ වෙන දෙයක්..ඔක්කොම කියෙව්වට පස්සෙයි සීන් එක තේරුනේ...මරු අටං මාමේ.........

    ReplyDelete
  26. හපොයි තාත්තා කිව්වලු.. ඔහොමත් කාලකන්නි ඉන්නවා තමා.. වෙලාවට පිහිය වෙන කොහේටවත් නොවැදුනේ.. නැත්තම් අර යකා හිරේ....

    ReplyDelete
  27. සිරාවට අටමෝ.. කවි කොලයක් වගේ..

    ReplyDelete
  28. උබ ගැන දුකයි මචන්....යාලුවො හුරේ දැම්මට මේ වගේ ඒව ලියන්න එපා..තාත්ත කෙනෙක් කියන්නෙ කවුද කියන එක ඉගෙන ගනින්...අපි හිතමු මේක ඇත්තටම උන දෙයක් කියල,එහෙනම් ඒ පුතා මොනතරම් පවකටද කර ගහන්න ඇත්තේ...ඉතින් ඒක රහකර කර කියල සතු‍ටු වෙන්න පුලුවන් දෙයක් නෙමේ නේද?? අපි හිතමු මේක උබේ හිතට ආව අදහසක් කියල, ...ඒ ගැන නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි,ඔලුව ගූ ගොඩක් කරගන්න එපා බන්...

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>