'' කීර්ති අයියේ කෝල් එකක් ''
වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින් සියල්ල හොදින් සිදුවන බව සන් කරමින් රාත්‍රී කාර්යබාර නිලධාරියා දෙසට හැරුනේය
'' කාගෙන්ද ලලිත් ''
'' ජයතුංග කියල හාදයෙක් අයියව දන්නව කියුව හන්දා විස්තර ඇහුවේ නැ ''
'' ජයතුංග ...... හිටහං බලන්ඩ ''
'' හෙලෝ...ඔ..''
'' කීර්ති රත්න මහත්තයද.......මහත්තය මං ජයතුංග ... අර එදා ගම්මඩුවට ඇවිත් හම්බුනේ''
'' ආ මතකයි කියන්ඩ ''
''මහත්තය එදා කියුවනේ මහත්තයට රහසේ කරන ගුරැකමක් බලන්ඩ ඕන කියල ''
'' ඔව් ඉතින් ''
'' මහත්තය මේක ලේසි පාසු කෙරුවාවක් නෙමෙයි මීනි වලක දපල කරන වැඩක් ''
'' ඉතින්''
'' මං මේ රෙස්හවුස් එකේ මහත්තයට කියල ටැලිපොං කරේ . කරුවල වැටෙනකොට පිටත් වෙමු ''
'' හරි තමුසේ එනවකෝ ''
'' මහත්තය කලිසං ඇදං එන්ඩ එපා , සරමක් හොදා ''
'' හරි හරි තමුසේ දැං ගේට්ටුවට කියල ඇතුලට එනව . මම ඉන්නේ ඇතුලෙ''
'' ඔන්නැ මහත්තය මං එනකං එලියෙන් ඉන්නං ''
'' කැමැත්තක් ..එහෙනං හය හමාරට ගේට්ටුව ගාවට එනව''
යැයි කියු කීර්තිරත්න රිසිවරය ටෙලිපෝනය මතට අත හැර
'' ලලිත් සෝමපාලට කියන්ඩ ජිප් ඒක අරගන හයයි කාලට ක්වාටර්ස් එකට එන්ඩ කියල , එනකොට මිනිහ අතේ එවන්ඩ අවුට්ඩෝර් රෙකෝඩර් එක ටේප් එකක් ලෝඩ් කරල , ..අනේ කොල්ලෝ මතක ඇතුව අළුත් ටේප් දෙකකුත් එවපං''
කීර්තිරත්නගේ මුහුණ දෙස මොහොතක් බලාසිටි ලලිත් අමාරුවෙන් වචන ගැට ගසන්නට විය
'' කීර්ති මහත්තය ......අනුමැතිය ''
'' අනේ මන්දා බං උඹලත් වෙලාවකට බබ්බු වෙන්ඩ හදනවනේ , මම හෙට ලොක්කට කියන්නං ''
'' ඒ උනාට අයියේ .....ගමගේ මහත්තය කියල තියෙන්නේ එයාගේ අනුමැතියකින් තොරව මොකුත් එලියට ගෙනියන්ඩ එපා කියල ''
'' හරි හරි බං මම හෙට උදේට ලොක්කට කියල සයින් එකක් දාලා දෙන්නං , උඹ එන්ට්‍රීය ගහපන්කෝ පාරම්පරික ශාන්තිකර්ම පටිගත කිරිමකට අහවලා පිටතට ගෙන ගියා කියල ''
'' අනේ මන්දා ''
'' මල්ලි අමතක කරන්ඩ එපා , ලොක්කා නැති වෙලාවට ලොක්කා මං ''
'' හරි අයියේ මං එවන්නං ''
නැවතත් විකාශන මැදිරිය වෙත ගිය කිර්තිරත්න ගීතයක් ධාවනය විමට සලස්වා හෙඩ් ෆෝනය පැලදගෙන අත රැදි සටහන් යෙදු ෆුස්කැප් කොල පිරික්සමින් සිටින මොරායස් දෙස බලා , සජීවී විකාශන පිරික්සුම් මාර්ගය අවහිර කරමින් මයික්කෆෝනයට මුව ලං කලේය .
'' මචං මල්ලි මං යනවා තොයිලෙකට ...උඹ ඕක ඉවර කරල දහය හමාර වෙනකං ඇදලා පලයං හරිද ''
යැයි කියු කීර්තිරත්න ස්විචය පහලට දමා සජීවී විකාශය හෙඩ් ෆෝනයට යොමු කොට මොරායස්ට කිසිවක් කීමට ඉඩ නොතබා හනිකට නිල නිවාසය වෙතට පියමං කලේය.....................................
පාරෙන් අනිත් පස පිහිටි මාර ගසට බයිසිකලය හේත්තු කර ගේට්ටුව දෙස බලා හුන් ජයතුංග ගේට්ටුව අසල නවත්වන ලද ජීප් එකෙන් හිස එලියට දමා විපරම් කරන කීර්තිරත්න දැක හනිකට පාර පැන ඔහු අසලට පැමිනියේය
'' අයියෝ මහත්තය .......මේකේ ගියොත් ගමම එයි , ඒකමයි මම මහත්තයට සරමක් ඇදං එන්ඩ කියුවේ ''
'' රෙකෝඩරුත් උස්සං මොකේද මනුස්සයෝ යන්නේ ''
'' බයිසිකලේ යං මහත්තය , එතකොට කාටවත් ගානක් නැ ''
'' සෝමපාල එහෙනං ඔයා ආපහු වාහනේ ගිහින් දාන්ඩ , මම මෙයත් එක්ක යන්නං ''
'' සර් .....මේ .......වාහනෙත් එලියට දාපු එකේ මං පොඩි ගමනක් තියනව ගිහිල්ලම එන්ඩද ''
'' හා හා ඉක්මනට ගිහිල්ල එනවකෝ ''
යැයි කියු කීර්තිරත්න ඩෑෂ්බෝඩය මත තිබු ටේප් දෙක සහ මයික් එක සමග හෙඩ්පෝනය අමාරුවෙන් රේකෝඩරය බහාලු හම් මල්ලට රිංගවාගන රථයෙන් බැස්සේය.
බයිසිකලය රැගෙන කීර්තිරත්න අසලට පැමීනි ජයතුංග
'' නගින්ඩ මහත්තය ''
'' හම්මේ කොහොමද මල්ලි මේකත් උස්සගෙන යන්නේ, කොහාටද යන්ඩ තියෙන්නේ ''
'' අපේ ගමට මහත්තය . ...........මහත්තයට පොල්ලේ ඉදගන්ඩ අමාරුනං ලැගිජ් එකට නගින්ඩ . ඔය හැතැම්ම එකොලහ පදින එක මට මහ කාරියක් නෙමෙයි''
ලැගිජ් එක අස්සේ රදවාතිබු පං මල්ල රැගෙන හැඩල් එකේ එල්ලු ජයතුංග බුලත් කහට රැදි දත් පෙන්වා සිනාසුනේය
'' කියටද වැඩේ පටං ගන්නේ ''
'' කොහොමටත් දහයට එකොලහට පටං අරං දෙක තුන වෙනකං යනව මහත්තය , ආවතේව කං කරන්නේ මගේ පොඩි කාලේ ඉදං ගජය .....අමරදාස කියල . අපි දෙන්නා පොඩි කාලේ ගමෙං පැනල ගිහිං අවුරුදු දාසයක්ම ගමේ හිටියේ නැ, ආයේ ගමට ආපුවහම මං අපේ ගුරුන්නාන්සෙට හේත්තු උනා අමරදාසය තේවිස් ගුරුන්නාන්සෙට එකතු උනා ..
උන්දැ කරන්නෙම නරක අතේ වැඩ , ඒකෙන් අමරදාසයට සරුයි , ...මම ඌට මහත්තයගේ උවමනාව කියුවහම ටිකක් අදිමදි කරල කැමති උනා , ... කොහොමටත් ඌට මගේ වචනයක් අහක දාන්ඩ බැ . මම කියුවා වැඩේ පටන් ගත්තහම අපි එතනට එන්නං .. මහත්තයයි මමයි කුරුළු සද්ද රේඩියෝ එකට අල්ලන්ඩ මහ කැලේ ගිහිං එනකොට පාර වැරදිලා රැ උනා , පන්දං එලිය දැකලා ආවා කියල ගුරුන්නාන්සෙට කියමු කියල ''
'' ඒත් ගුරුන්නාන්සේ රෙකෝඩ් කරනවට කැමති උනේ නැත්තං ''
'' අපි යන්ඩ ඕන වැඩේ පටං අරගත්තට පස්සේ , එතකොට තේවිසා දිෂ්ටි වෙලා ඉවරයි , අපි එතන ඉන්නව කියල දැනෙන්නේ නැ , ඕන්නං මායම අත අරින්ඩ කලින් අපිට එතනින් එන්ඩත් පුලුවං එහෙම කරොත් කොහොමත් දැනෙන්නේ නැ ''
'' අපි ඕන්නං ඒ ගුරුන්නාන්සෙට කීයක් හරි දෙමු ''
'' ඔය වැඩ වලට මිනිහට හොද සල්ලියක් හම්බෙනව , මහත්තයට සල්ලි දීලා මිනිහව නම්ම ගන්ඩ බැ , අමරදාසයට සියක් හමාරක් දුන්නහම ඇති ''
'' බැරි වෙලාවත් මිනිහ වැඩේට අකමැති උනොත්''
'' කොහොමටත් ඔය වගේ වැඩකට පිටස්තරයෙක් වැද්ද ගන්නේ නැ මහත්තය , අඩුම තරමේ මං වගේ කොට්ටෝරුවෙක්වත් , ඒ වගේම වැඩේට එලියට බැස්සොත් ආයේ හැරෙන්නෙත් නැ , ඒක හන්දා ගිහිල්ලා වාසියක් බලමු , ගම මැද්දෙං නොයා රේල් පාර පන්නල වැව් ඉහත්තාවෙං කැලේට රිංගල මගේ අතඇරපු හෙන් පැලට වෙලා ඉදලා වෙලාවට එලියට බහිමු ''
'' එහෙනං ඇග රත්වෙන ජාතියකින් ටිකක් ඇරගන යන්ද ''
'' මහත්තයගේ කැමැත්තක් ''
'' එහෙනං හරවනවකෝ ඉස්සරහිං කොළඹ පාරට ''
මත්පැන් හල අසලදි බයිසිකලයෙන් බැසගත් කිර්තිරත්න රෙකෝඩරය ජයතුංග අතට දී , ජයතුංගගේ පං මල්ලත් රැගෙන ගොස් මත්පැන් බෝතලයක් ගෙන මල්ල තුල තිබු විදුලි පන්දම අසලින් මල්ල තුලට රුවාගන අසල බත් කඩයෙන් බිස්ටල් පැකට්ටුවක් සෝඩා බෝතලයක් සහ බැදපු මාළු කුරියන් කිහිප දෙනෙක් මිලදිගෙන , කඩයේ වැඩ කරන කොලුවාගෙන් ඉල්ලාගත් වතුර බෝතලයක්ද සමග මල්ලතුලින් පරිස්සමට අසුරා ජයතුංග අසලට පැමින මල්ල හැඩලයෙන් එල්ලා ,පැකට්ටුවෙන් සිකරට් දෙකක් ගෙන එකක් දල්වා ජයතුංගට දී අනික තම දෙතොල් අතර රදවාගන , ජයතුංගගෙන් රෙකෝඩරය රැගෙන නැවතත් ලැගේජය මතින් හිදගත්තේය .
දුම් වැටිය ඉවරවෙනතෙක් හෙමින් බයිසිකලය පැදගිය ජයතුංග ටිකෙන් ටික වේගය වැඩිකරමින් ඉදහිට වාහනයක් දෙකක් යන පාර දිගේ කතාබහත් නොමැතිව හෝරාවක් පමණ වේගයෙන් බයිසිකලය පැදයමින් තම ගම ආසන්නයට පැමින
'' මහත්තය ගමට හැරෙන පාර ඉස්සරහිං තියෙන්නේ අපි මේ අඩිපාරෙන් හේනට ගිහිං ටිකක් ඉදලා යං ''
පං මල්ල තුලින් විදුලි පන්දම අතටගත් ජයතුංග බයිසිකලයද තල්ලු කරගන අඩි පාරේ ඉස්සරහින් පිය නගන අතර කීර්තිරත්න නුහුරු ගතියකින් පියවර මැන්නේය
''මෙහෙම කැලැවල යනකොට තමා ආවුදයක වටිනාකම දැනෙන්නේ ''
'' මම තුවක්කුව ගෙනත් පැලේ හංගල තියෙන්නේ මහත්තය ''
'' කැලේ ඇතුලේ ගොඩක් දුර යන්ඩ ඕනද ජයතුංග ''
'' නැ මහත්තය ඒ හැටි දුරක් නැ , ඉස්සර අපේ ගම තිබිල තියෙන්නේ දැං තියන තැන නෙමෙයි , පරණ ගමේ සොහොන් පිට්ටනියේ තමයි අද වැඩේ කෙරෙන්නේ''
'' මොකද මිනිස්සු ඒ ගම අත ඇරල තියෙන්නේ''
'' ගමේ එක එක්කෙනා වෙව්ල වෙව්ලා උණක් හැදිල මැරිල තියනව , අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ අපේ කිරිඅත්තයි , පොඩි කෙල්ලෙකුයි , තව නැන්ද කෙනෙකුයි විතරයි , අන්තිම කෙනාවත් වලදාල අපේ කිරිඅත්ත අර දෙන්නවත් එක්කගෙන දැන් ගම තියන තැන පැලක් අටවල තියනව ''
'' ඒ මොකද ඉතින් ගම අතඇරල තියෙන්නේ ''
'' ඉන්ඩ බැරුව ගිහිල්ල තියනව මහත්තය එතන අමනුස්ස කරදර ''
'' ආ එහෙමද ''
'' දැන් ඉතින් ඒ සොහොං පිට්ටනියේ අයිතිකාරය තේවිස් ගුරුන්නාන්සේ , දවසක් වලක දපල කරන කැපිල්ලකට අපේ ගුරුන්නාන්සෙයි මම ගියා . වැඩේ කරන්ඩ ලැබුන්නැ , තේවිසාගේ බලවේග හතර වටේටම පස්සේ අපි දෙන්නා එතනින් ගැලවිලා ආවේ අමාරුවෙන් ''
මදකට කතාව නැවැත්වු ජයතුංග ආපසු හැරී
'' මහත්තය ආගංකාරයෙක් නේද ''
'' නැ ජයතුංග ''
'' එහෙනං මහත්තය රාස්සගනේ ඒකනේ මෙහෙම ගමං වලට හිතදෙන්නේ ''
'' එතකොට හූනියං කැපිල්ලටයි . කෙරිල්ලටයි දෙකටම මීනිවලවල්වල දපනවද''
'' මෙහෙමයි මහත්තය දැපිල්ලක් කරන්නේ දෙපිටිං යන්ඩ කැපිල්ලක් කරනකොට තමා වැඩිහරියක් , එහෙම නැතුව සමහරක් ලොකු වැඩ තියනව , අමනුස්ස බන්ධනයක් , යක්ස බන්ධනයක් වාගේ අන්න එහෙම එකක් තමයි අදත් වෙන්නේ , ඔය කැරකොප්පුවේ ඉන්න ආයේ මනුස්ස ආත්මයකට එන්ඩ කාලයක් යන ගොඩක් ආත්ම වලට තේවිස් ගුරුන්නාන්සේ මොනවහරි වැඩක් පවරල තියෙන්නේ''
'' ඒතකොට ඔය බැදගත්ත අයගෙන් ඔය ගුරුන්නාන්සෙට කරදරයක් නැද්ද , මං කියන්නේ බලෙන්නේ බැදගන්නේ ''
'' එව්වට ආරස්සාවල් කරගන තියෙන්නේ මහත්තය . මගේ මේ ඉනේ බැදල තියෙන්නෙත් එහෙම එකක් . අපේ ගුරුන්නාන්සේ මට හදල දුන්නේ , මල කිල්ලකට කොටහලු කිල්ලකට වත් අහුවෙන්නේ නැ ''
'' එතකොට ජයතුංගල කරන්නේ සෙත් සාන්ති විතරද''
'' ඔව් මහත්තය සමහරක් වෙලාවට බන්ධන හදි හුනියං එහෙම තියනව ලෙහන්ඩ කපන්ඩ බැරි අන්න ඒ වෙලාවට ආපහු හැරෙන්ඩ බැරි හන්දා කරපු මිනිස්සුන්ටම හරවල අරිනව . ඒක ඉතින් අස් කරගන්ඩ පුලුවන් කරපු කෙනාටම තමයි ''
'' ජයතුංගට බයක් දැනෙන්නේ නැද්ද ''
'' මොනවහරි වෙනව නං නරක වෙලාවට වෙයි මහත්තය ''
'' හේනට තව දුරද ''
'' නැ මහත්තය ඔය ඉස්සරහිං තියෙන්නේ දඩුවැට''
තැනින් තැන කැඩි ගිය වියලි කොටන් හා ලී කැබලි වලින් සැදි නඩත්තු නොකල වැටේ තැනකින් හේනට පිවිසි ජයතුංග
''අන්න මහත්තය පැල ''
යැයි පවසා උස වීරගහකට විදුලි පන්දම යොමු කලේය
ගස උඩ පිහිටි පැල දෙසද වට පිටාවේ සරුවට වැවුන බවභෝග දෙසද උවමනාවෙන් බැලු කීර්තිරත්න
'' මේ සරුවට වැවිල තියන වගාව ඇයි අත ඇරියේ ''
'' කන්න තුනක් මම මේක හිටෙව්වා මහත්තය , අස්වැන්න අඩුවෙනකොට ඉහත්තාවේ වෙන හේනක් පටන් ගත්තා , ඔය තියෙන්නේ මම හිටවපුව නෙමෙයි ඇට වැටිල පැල වෙච්චා , ඔය ඉදල හිටල තියන දෙයක් යන එන ගමං කඩා ගන්නව ඇරෙන්ඩ මේ පැත්තට මම එන්නේ නැ , කාටහරි කඩාගන්ඩ තහංචියකුත් නැ ''
'' ආයේ මේක හිටවන්නේ නැද්ද එතකොට ''
'' කැලේ වැවිල පොලව සරුවෙන්ඩ කාලයක් යනව මහත්තය , ......එහෙනං පරිස්සමට නගිමු මහත්තය පැලට''
වීරගහට බයිසිකලය හේත්තු කල ජයතුංග පං මල්ලද රැගෙන දඩු ඉනිමග අල්ලාගන කීර්ති රත්න දෙසට හැරුනේය
'' පෝඩ්ඩක් ඉන්ඩ මල්ලි ''
යැයි කියු කීර්ති රත්න අනිත් පසට හැරි රේකෝඩරය පසුපසට තල්ලු කොට සරම ඔසවා හිස අහසට හරවාගන බර සැහැල්ලු කරගන්නවා දුටු ජයතුංග පං මල්ල බිම තබා හුන් තැනම බිම ඉදගත්තේය
පැලට නැග රේකෝඩරය පැත්තකින් තැබු කිර්තිරත්න
'' ඔන්න ඕක කඩල ගන්ඩ මල්ලි ''
'' කෝප්පයක්වත් නැ මහත්තය මේ පොල් කට්ට තමා . මහත්තයම ඕක අරින්ඩකෝ''
යැයි පවසමින් පොල් කට්ට සහ බෝතලය කීර්තිරත්නට දික්කර . මල්ල තුලින් එලියට ගත් සෝඩා බෝතලයද ගෙන පසකින් තැබුවේය . වතුර බෝතලයෙන් ටිකක් පොල් කට්ටට වක්කල කීර්තිරත්න පොල් කට්ට සෝදා මත්පැන් ටිකක් වක්කර සෝඩා බෝතලය දත් ඇන්දට හිරකර මූඩිය ගලවාගන අවශ්‍ය ප්‍රමාණයට මුසුකරගත්තේය.
'' අපේ .......අප්පව්වියේ ....මහත්තයෝ බැදපු මාළු''
''ඇයි මල්ලි කන්නැද්ද ''
'' මෙහෙම ගමනකට පුළුටු ගේනවද මහත්තයෝ ''
'' ඇයි මම තමුසෙගෙන් ඇහුවේ ...''
'' මහත්තය ඇහුවේ අඩියක් ගහමුද කියලනේ ''
'' හපන්ඩ මොකවත් නැතුව අඩි ගහන්නේ කොහොමද මනුස්සයො ''
'' හා ...හා දැං ඉතින් මක්කොරන්ඩද ගෙනත් ඉවරනේ ......මහත්තය කන්ට මට නං එපා , මෙහෙම තැන්වලට ඔහොම කෑම කාල යන්ඩ හොද නැ මහත්තය''
'' පිස්සු විකාර ''
යැයි කියු කීර්තිරත්න පොල් කට්ට හිස්කර මාළු කූරියෙක් අතට ගෙන ගිජු ලෙස හපමින් හිස් පොල් කට්ට දික් කලේය
'' ඔන්න ඕවා අල්ලල දාල දෙකක් දාගන්ඩ මල්ලි ''
'' මහත්තය ගන්ඩ මම හිම්හිට ගන්නං ''
'' මොන පස්සක්ද ගන්නව ගන්නව ''
'' අනේ මන්ද ''
'' ඇයි සෝඩා එපාද ''
'' ඔව්වා අල්ලන්නැ මහත්තය , උගුර කට පිච්චිලා යන්ඩ තියෙන්ඩ ඕන ''
'' මාළු කන්නෙත් නැති එකේ සිකරට් එකක් වත් බොමු ''
ලී මැස්ස උඩ ඇන තබාගන උන් ලෙසින්ම මුණ බිමට හරවා සරමෙන් වැසුන දනහිසේ කට උලාගත් ජයතුංග පොල් කට්ට බිම තබා සිකරට්ටුවක් දල්වා ගත්තේය
'' හැමදාම අඩියක් ගහනවද ජයතුංග ''
'' අපේ ගැණිගේ අයියා හැලි දෙකක් තියාගන වඩි ගහනව මහත්තය , එකක් ඉවර වෙන්ඩ එකක් ලිප උඩ ''
'' ෂා පළතුරුද ''
'' තියන කාලේට එහෙමයි , නැත්තං සීනී ''
'' එහෙමත් නරක නැ සුද්දෙං කරනවනං ''
'' කෝලහල දවස්වල පොලිසියේ මහත්තයෙක් රටඉදි ගෝනි දෙකක් ගෙනත් දිල වඩි දෙකක් ගහගත්ත , අන්න ජාති බඩු...සුවදේ බෑ ''
'' ඉතින් කතාව විතරනේ තව එකක් ගම්මු ''
'' මහත්තය ඇති වෙන්ඩ ගන්ඩකෝ . මට පස්සේ බැරියැ ''
'' පිස්සු නැතුව ඔහොම්ම දෙකක් දාගන්නව ''
'' මට මෙව්වට වඩා අරව තමයි හරියන්නේ මහත්තය ''
'' මොකක්ද ....ජයේ ....අර ගෙදරින් පැනල ගිය කතාව ''
'' ...ඒ දවස්වල අපි අටේ කැලැසියේ හිටියේ ඔය දාසයයි මායි වක්කඩයි පුකයි වගේ එලිය වැටෙන කොට එකට , ඉස්කෝලෙත් එහෙමයි , අපි තමයි ඉස්කෝලෙටම හිටිය ලොකු කැලැසිය , මමයි දාසයයි , සවුම්පකාරේ සේනකයයි , අපේ ගමේ ගිරාමසේවකයයි , අනුලාවති ඉස්කෝල හාමිනෙයි , තව කොල්ලො තුන් දෙනෙක් හිටියා උන් එකෙක් වත් දැං ගමේ නැ , හොදට ඉගනගන කලිසං අදින රස්සාවල , අපි දෙන්නා කඩංබාල්දු උනා මහත්තය ......''
'' ඉතින් ඉතින් ...මොකද උනේ කියනවකෝ''
'' ඒ කාලේ වරිච්චි ගහපු ඉස්කෝලේ . පොල් අතු හොදට දිරල තිබ්බේ ''
'' හම්...ඉතින් ....
''ඉස්කෝල මහත්තය හිටියේ අල්ලපු ගමේ . දවසක් උදේ ඉස්කෝලේ මහත්තය එන්ඩ පරක්කු උනා , ඒ දවස්වල හෙන ඉඩෝර කාලයක් මහත්තය , හේන් පාලු වෙලා ගෙවල් වල කන්ඩ දෙයක් නැ , දවල්ට ඔය කැලැ කොලයක් අලයක් තම්බාගන කනව මිසක් ගෙයක් අහලක කුරහං ටිකක්වත් නැ , ඉස්කෝලේ මිදුලේ කොස් ගහේ හොද සයිස් වැලයක් වහලෙට බර අත්තක ඉදිලා තිබුනා ''
'' ඉතින් ''
'' අමරදාසය ඉස්සෙල්ලම ගහට නැගල කොහොමහරි නට්ට පිටින් ගෙඩිය ගලව ගත්තට අත්ත දිගේ පස්සට ඇවිත් කදට බැහැ ගන්ඩ බැරි උනා , මමත් ගහට නැගල ගෙඩිය අතට ගන්ඩ හැදුවා විතරයි , අත ලිස්සල ගෙඩිය පහල අත්තකට වැටිලා වහලෙට විසිවෙලා පොල් අතුවහලෙත් හිල් කරගන ඉස්කෝලේ මැද්දේ පතබෑඋනා ''
'' අප්පට සිරි ඉතිං ''
'' අපි දෙන්නගේ කරුමෙට එතකොටම ඉස්කෝල මහත්තය ආව මහත්තය ''
'' ඉතිං ''
//// වලහැඩි හැත්ත කියාපියව් කොයි පරයද මේක කලේ ////
'' කියාගන පන්තිය ඇතුලට එනකොටත් අපි ගහ උඩ ''
'' එහෙම්ම ගහෙන් බැහැල දිව්වද ''
'' එහෙම උනානං කොච්චර හොදද මහත්තය , අපි දෙන්නව ගහෙන් බස්සවල වේවැල කැඩෙනකං ගගහ බිම වැටිල චොප්ප වෙච්ච වැල ගෙඩිය කන්ඩ කියල වැට අයිනට ගිහින් අතක් සයිස් ලාඩප්ප පොල්ලක් කඩාගන ඇවිත් ආයෙත් ගැහුව ''
'' තිරිසනෙක්නේ ''
'' අපි අඩ අඩා කියුව අපිට ගහන්ඩ එපා කියල . කාපියව් කාපියවු කිය කියා ගැහුව , ලාඩප්ප පොල්ලේ අග පුපුරන්ඩ පුපරන්ඩ තව කිස්කන හන්දා මම එලියට පැනල දිහුවා , කොහොම හරි තව පාරවල් දෙක තුනක් කාගන දාසයත් මාපස්සෙන් ආවා , අපි වැටෙන් රිංගන කොට ''
//// දුහාපියව් වල් බල්ලො දෙන්නා මං යමිං ගමං තොපේ මහ එවුන්ට හපංකම කියාගන යන්නං //
''කියල පොල්ලත් පොලයව් ගහල ඇතුලට ගියා ''
'' හම්ම් ''
'' අපි දෙන්නගේ අතපය හොල්ලන්ඩ බැරි වෙන්ඩ ගෙඩි ගැහිල , මගේ ඔලුව පැලිල තඩි ගැහිල , දාසයගේ පිට ගන්ඩ දෙයක් නැ , අපි දෙන්නට තරහයි දුකයි , කොහොමටත් ඉස්කෝලය අපිට එහෙමට ඇගලුම් කමක් තිබ්බේ නැ , අපි දෙන්න කැලේට වෙලා ඉදල ඉස්කෝලෙ ඇරෙන වෙලාවට පොල්ලකුයි ලොකු තිරිවානා ගලකුයි තියාගන තුංමං හන්දිය ඉස්සරහ අකුල අස්සේ හැංගිලා බලාගන හිටිය ''
'' ඒ මොකටද ''
'' ඉස්කෝලය බයිසිකලය අපි ඉන්න පැත්තට හැරෙව්වොත් අප්පච්චිලට ගතු කියන්ඩ , කෙලින් ගියොත් ගෙදර යන්ඩ , අහවල් එකක් කරනවද කියල අපි කතා උනේ නැති උනාට , බයිසිකලය අපේ පැත්තට හරවල පහුවෙනකොටම මම අකුල අස්සෙන් පැනල ඉස්සරහ රෝදය පොල්ල රිංගුව , උඩින් ගිහිල්ල වැටිච්ච ඉස්කෝල මහත්තයගේ ඔලුවට දාසය දෑත බදල තිරිවානා ගලෙන් ගැහුවා ''
'' මිනිහ මලාද ''
'' කතාවක් බහක් නැ ඔලුවෙන් ලේ ගලනව දැක්කහම අපි දෙන්නා බය උනා ''
'' මට බයිසිකලය ගනින් කියුව දාසය සාක්කුවෙන් එලියට විසික්වෙච්ච කාසි ටිකයි , සාක්කුවේ තිබ්බ දහයේ කොල දෙකයි අරගත්තා , කැඩිල තිබුන කම්බි ටික ගලවල දාල බිමදාල පාගල රෝදයේ ඇදය ටිකක් ඇරගත්ත අපි දෙන්නා , එක පිම්මට මහපාරට ඇවිත් ටවුමට පැද්දා ''
'' ඉතින් කොහෙද ගියේ ''
'' යන තැනක් ගැන නිනව්වක් නැතුව මාරුවෙන් මාරුවට දිගටම පැද්දා මහත්තය . ඉස්සරහ රෝදය ඇද හන්දා වැඩිය හයියෙන් යන්ඩ බැ , කොහොමහරි රැ වෙනකොට හොදටම බඩගිනියි , ටවුමක කඩයකින් හොදට බඩ පිරෙන්ඩ කාල තවත් ඉස්සරහට පැද්දා පැදගන්ඩම බැරි වෙනකොට වහපු කඩයක පිටි පස්සේ් අගුවක පිල් කංඩියකට මුවාවෙලා බයිසිකලයත් බිමදාල නිදාගත්තා , කවුරුහරි බයිසිකලය ගනී කියල බයට දෙන්නම කකුල් දෙක බයිසිකලය උඩට දාගන තමයි නිදාගත්තේ ''
'' බයිස්කෝප් එකක් වාගෙනේ ඕයි''
'' ජිවිතේ බයිස්කෝප් එකක් තමයි මහත්තය , බලනකොට රහයි . කරනකොට අමාරුයි ''
'' ඉතින් ඊටපස්සේ මොකද උනේ ''
'' පහුවදත් එලිය වැටෙනකොට නැගිටල පැද්දා , සැහෙන දුරක් පදිනකොට ළමයි ඉස්කෝලේ යනව දැක්කහම අපිට පුදුම දුකක් ඇති උනේ මහත්තය , මම අඩ අඩා බයිසිකලය පදිනකොට කදුඑ ඇගට වැටිච්ච දාසය මා දිහා හැරිල බැලුවා උගේ ඇස්වලත් කදුළු . ටික දුරක් යනකොට ඉස්සරහ රෝදයේ හුලං බැස්ස හන්දා තල්ලු කරගන සෑහෙන දුරක් යනකොට බයිසිකල් විංකලයක් හම්බුනා , ඒ මිනිහ බයිසිකලේ හදන්ඩ රුපියල් පහලවක් ඉල්ලපු හන්දා , අපි මිනිහට හතලිහකට බයිසිකලේ විකුනුව ,
////උඹල හොරකං කරගන ආපු එකක්ද කොහෙද , කියන්නේ එහෙම නැ මට දුන්නා කියල ////
''කියල මිනිහ අපිට සල්ලි දීලා එලව ගත්තා , කොහොමහරි අපි ඒ වෙනකොට කොළඹට ලං කරල හිටියේ , බස් එකකට නගින්ඩ සිහියක් නැ , ඇවිදගෙන ගිහිං නතර උනේ පිට කොටුවේ , ඒක එක එව්වා කරකර අවුරුද්දක් විතර ඉන්නකොට දවසක් අපි දෙන්නට දුංකල කඩයකිං ගෝනි වාගයක් දුන්නා ගැස්පහ නවත්තල තියන ලොරියකට පටවන්ඩ කියල , මම කරත්තේ අදිනව , දාසය තල්ලු කරනව , අපි දෙන්නා එතනට යනකොට ලොරිය ඉස්සරහ හිටගන ඉන්නව අපේ අල්ලපු ගමේ මුදලාලි කෙනෙක් , බලනකොට ලොරිය මිනිහගේ , අපි දෙන්නා එහෙම්ම කරත්තයත් දාලා දිහුවා බෝගහ පැත්තට එතනින් ඉස්ටේසමට , ගත්තා මාතරට ටිකට් දෙකක් ''
පැමිනි කාර්ය්‍ය ගැන වගේ වගක් නැති කීර්තිරත්න වරින් වර තැනින් තැන සුදුවී කැරලි ගැසෙමින් නඩත්තුවක් නොමැතිව දිගට වැවුන රැවුල වමතින් අඹරවමින් , උරහිසට වැවුන රැවුලට නොදෙවෙනි පිලිවෙලක් නැති කොන්ඩය සකසමින් ජයතුංගට හුමිටි දෙයි.
'' ඉතින් ඊට පස්සේ ''
'' දැන්නං මහත්තය යන්ඩත් වෙලාව හරි ''
'' හරි හරි ඉක්මන්ට කියනවකෝ එහෙනං ''
'' පස්සේ ඉතින් අපි කෝච්චියට නැග්ගා , තිහගොඩ ගුරුන්නාන්සේ හම්බුනේ අපිට එදා මාතර කෝච්චියෙදි , බොහොම කරුණාවෙන් අපිට කතා කල හන්දා අපි විස්තරය කියුවට පස්සේ අපිව උන්දගේ ගෙදර එක්කගෙන ගියා , එදා ඉදන් අායේ ගමට එනකංම අපි හිටියේ එහේ '' '' එතකොට ගමට ආවේ ''
'' දවසක් අපි වේයංගොඩ පැත්තේ සාන්තිකර්මෙකට ගියා , එතනට ඇවිත් හිටියා ඒ ගමට දීග ආපු අපිට වඩා බාල අපේ ගමේ කෙල්ලක් , ඒකිගෙන් තමයි අපි දැනගත්තේ ඉස්කෝල මහත්තය මැරුනේ නැති බව , ගුරුන්නාන්සෙට විස්තරේ කියල ආයෙත් තිහගොඩ එනව කියල පොරොන්දු වෙලා අපි දෙන්නා ගමට ආපු පාර තමයි මහත්තය මේ , ආයෙත් එහේ ගියේ නැ , දැන්නං ගුරුන්නාන්සේ මැරිලත් ඇති ''
'' අපි එහෙනං යන්ද මහත්තය , දැන්නං හොදටම සුනංගුයි''
'' යං යං .....එහෙනං මේ පොඩ්ඩ මං දාගන්නව ''
ඇනතබාගන සිටි තැනින් නැගිට පොල් අතු වහලය අස්සට අත පෙවූ ජයතුංග කැලි දෙකකට ගලවාතිබු තුවක්කුව නැවත සවිකොට වහලය තුලින්ම එලියට ගත් පතුරං දෙකකින් එකක් තුවක්කුවට දමා අනික ඉනේ ගසාගෙන
'' එහෙනං බහිමු මහත්තය ''
යැයි කියමින් පැල පාමුලට බැස්සේය , ජයතුංගගේ පසු පසින් රෙකෝඩරයද රැගෙන බිමට බසැගත් කීර්ති රත්න
'' ගොඩක් දුර යන්ඩ ඕනද ජයේ ''
'' නැ මහත්තය වැඩි දුරක් නැ , මහත්තය මයේ පස්සෙන්ම එන්ඩ , මේ ඉසව්වේ වැඩිය මිනිස්සු ගැවසෙන්නේ නැති හන්දා මරුවැල් බදිනව''
'' එහෙම තියනවනං කොහොමද හොයාගන්නේ ''
'' වෙන ක්‍රමයක් නැ මහත්තය . මෙහෙම තුවක්කු බටේ පොලවට අගල් දෙකතුනක් උඩින් හිටින්ඩ පයට ඉස්සර කරල අල්ලං යනව ඇරෙන්ඩ , එහෙම ගියහම උනත් අහකට යන ඊයං බරුවක් වදින්ඩ පුලුවං , ඒත් ඉතින් කොර ඇන ඇන ගෙදර ගියහැකි , නැත්තං කුඩු වෙච්ච කකුලෙං ලේ ගිහිල්ලා මැරෙන්ඩ තමා වෙන්නේ ''
'' ඉතින් පත්තුවෙන සද්දෙට අයිතිකාරය බලන්ඩ එන්නැද්ද ''
'' ආවත් හෙට උදේට , අනික තමන්ගෙ එකෙක් නං උස්සාන යයි . නැත්තං දාල යනව ''
'' ඒ මොකද ''
'' ඇයි මහත්තය තුවක්කුව තමුන්ගේ කියල නිකම්ම ඔප්පු වෙනවනේ''
'' ඒකත් ඇත්ත ''
'' මේ කැලැවල ජිවිත හරිවෙනස් මහත්තය , අපි හීංකාලෙට වඩා දැං දියුනුවෙලා තමයි ඒත් මේවා තාම ගං ''
'' මේ කාරිය ඉවරකරල මහත්තය යං අපේ ගම පැත්තේ , ගංගොඩේ රවුමක් ගහල ආපහු යන්ඩ බැරියැ හවසට ''
'' උදේ පාංදර මං කොහෙං පාත් උනාද බලයි ''
'' එතකොට ඉතින් අපේ වැඩේ කරගන ඉවරනේ මහත්තය , ආයේ හෝදන්ඩ දෙයක් නැ ''
'' මහත්තය මේ ගස් වැවිල පස්ගොඩක් වාගේ තියෙන්නේ ඉස්සර ගමේ ගෙදරක් ''
'' එහෙනං දැං තැනට ලගයි ''
'' ඔව් ගං සීමාව ඉවර උනහම කැරකොප්පුව , දැං අපි කෝකටත් ටෝච් එක වහල යං , එතන මොනවද වෙන්නේ කවුද තව ඉන්නේ කියල බලාගන යන ඒක කෝකටත් හොදයි ''
තවත් ටික දුරක් අදුරේ ගාටමින් ගිය දෙදෙනා පන්දම් එලියක් දැක නැවති සිදුවන දැ විමසමින් මදක් බලා සිටියේය
'' මහත්තය ඔය තට්ටුව ගාවට වෙලා දුම්මල ගහන්නේ අමරදාස , ගුරුන්නාන්සේ පේන්ඩ නැත්තේ මෙලහට හාරපු වලේ දපල . දැං වෙලාව දොලහට කිට්ටුයි මයේ හිතේ ''
'' ෂික් මට ඔරලෝසුව බැදගන එන්ඩ අමතක උනානේ ඕයි ''
'' දාසය පස්ස හරවල ඉන්නේ මේ පැත්තට හන්දා අපි වටෙන් කැරකිලා ඉස්සරහ පැත්තෙං එතනට යං , වයිමගේ උනත් මෙහෙම වෙලාවට හිත ගැස්සෙනව , මහත්තය එතනට ගියගමං මහත්තයගේ වැඩේ පටං ගන්ඩ , දිෂ්ටි වෙලා වලට බැස්සට පස්සේ ගුරුන්නාන්සේ ඉන්නේ සිහියකින් පතකින් නෙමෙයි , මහත්තය ඕනතරං මන්තර පටියට අල්ල ගන්ඩ , උන්දැ මතුරල ඉවරවෙනකොටම සිහිය නැතුව යනව . ආයේ ඉතින් මලකදම තමා , වලට බහින්ඩ කලින් මතුරල දෙන වතුර මුට්ටිය , දාසය මුනට හැලුවහම තමා උන්දැ නැගිටින්නේ ''
සද්ද නොනැගෙන සේ වල අසලට දෙදෙනා ලංවෙනවිට හිස ඔසවා බැලු අමරදාස අසලට ගිය ජයතුංග අමරදාසට මොනවාදෝ කනට කර පවසා . කීර්තිරත්නට හිසින් සන් කලේය,
මල්ල බිම තබා හෙඩ් පෝනය සහ මයික් එක ගෙලවටා දවටාගන , ජැක් දෙකද අමුනා සූදානම් කල කීර්ති රත්න , මිනිස් ඇට කැබලි සමග ගොඩ දමා තිබු පස්ගොඩ මත යකැදුරාගේ හිස පැත්තෙන් වලට නැමෙනු හැකිලෙස හරිබරි ගැහී පස් නොවැටෙනලෙස වාඩිවී , හෙඩ්ෆෝනයද පැලද මයික් එක වමතින් යකැදුරාගේ මුව අසලට වයරයෙන් අල්ලා පහත් කොට , තමාදෙස බලා සිටින ජයතුංග සහ අමරදාස දෙස බැලුවේය.
යකැදුරා හීං හඩින් මතුරන සද්දය ඇරුනකොට රැහැයියෙකුගේ හඩක්වත් නැති ලොමු ඩැහැ ගැන්වෙන ගුප්ත නිහැඩියාව මැද්දේ තමන්ගේ විකාරරූපි මුහුන වල දෙසට පහත් කල කීර්තිරත්න ඔඩොක්කුවට ගත් රෙකෝඩරයේ බොත්තං දෙක මැදැගිල්ලෙන් සහ දඹරගිල්ලෙන් පහතට තදකලේය.
''' ටකාස් '''
ඒක් වරම දෑස් විවරකල යකැදුරා කිසිවෙකුටත් කිසිවක් සිතාගැනිමට ඉඩ නොතබා
''' හීහී..........හුහුහුහුහුහුහ...වෝඔඔඔඔඔඔඔඔඔඔ '''
යැයි මරහඩ දීගෙන වලෙන් ගොඩට පැන තට්ටුවද පෙරලාගන එරමිනියාගාල් පොඩිකර දමමින් දිව ගියේය.
'' මලහත්තිලව්වයි.... ...තුංගයෝ අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද . මාත් දුහනව කොයි අහක දිහුවද බලන්ඩ , උඹ ඔය උදැල්ලයි අලවංගුවයි අරන් මහත්තයත් එක්ක හනිකට වහං වෙලා පලයං ''
ඒ මොකද ඒ වුනේ අය්යෝ...
ReplyDeleteඅපූරු කතාව... ඉවරවෙච්ච කැත...හැක් හැක්...
අනේ අටං අය්යෙ අපි ඔය හදි හූන්යං දන්නෙ නැතිවා...
මොකද අර ගුරා කඩං බිදං දිව්වෙ කීවනං...
කතාව නං සුපිරි... පට්ට.. මැක්ස....
ජයවේවා
ඇත්තට කැතයිද බං
Deleteමට හිතෙනවා මේ හුකන්නගේ මේ පෝස්ට් එකෙත් රෙන්න...
Deleteතව කොටසක් දාපියෝ.. අතර මග මෙහෙම අතරමං කරන්ං එපා තෝට යකා ගහයි.
ReplyDeleteඔය මදැ බං
Deleteලියවිල්ල සුපිරියි රෙකෝඩ් කරන්න පටන් ගන්න තැන වෙනතුරු.
ReplyDeleteමොකක්ද මේ අවසානය?
Deleteස්තුතියි කාකා
නීට් නැති අවසානයක් තියනකොට පාඨකයාට ඉතිරිය කැමති විදිහට ගොඩනගාගත හැකියි නේද
කියල වැඩක් නෑ ඔන්න.. කාලෙකට පස්සෙ අටමගෙ කතාවක් කියෙව්වෙ...
Deleteටකස් සද්දෙටයි හෙඩ් ෆොන් දාගත්ත අමුතු සතාවයි දැකලා හිත ගැස්සුනේ ගුරාගෙ හොඳකම හින්ද වෙන්නැති... හි හි
මං මේ තෝ නැ කියල හිතෙං බැන බැනා උන්නේ
Deleteයකැදුරාට හඩ්සන් වගේ නමක් දාන්න.
ReplyDeleteOH, THIS IS THE PERSON WHO COMMITTED SUICIDE RECENTLY.
Deleteඒ නමත් ලස්සනයි
Deleteමේ නමත් ලස්සනයි
ආදරෙන් කියැඋනැයි
මොන නමත් ලස්සනයි
ඇයි බං ඇනෝ මේ ඉන්නේ යසට
Deleteබොහොම ලස්සන කතාව..
ReplyDeleteස්තුතියි අනේ
Delete/ යැයි කියු මහින්ද මාළු කූරියෙක් අතට ගෙන පොල් කට්ට හිස්කර ගිජු ලෙස හපමින් හිස් පොල් කට්ට දික් කලේය /
ReplyDeleteමහින්ද????? කීර්තිරත්න නෙවෙයිද?
/ ඒ දවස්වල අපි අටේ කැලැසියේ හිටියේ ඔය දාසයයි මායි වක්කඩයි පුකයි වගේ එලිය වැටෙන කොට එකට , /
මේක මරු...අමුඩෙයි පුකයි කියල අහල තිබ්බට වක්කඩයි පුකයි කියල ඇහුවමයි....හෙහ්.හෙහ්...
නියමයි අටම්.....මල් හතයි!!!
අමුඩෙයි පුකයි තමා මාත් අහලා තියෙන්නේ. වක්කඩයි පුකයි කියන්නේ වක්කඩෙන් පුක හෝදන නිසාද?
Deleteහුටා රවියෝ මහින්දය ඉන්නේ '' ඔබමට තිලිනවෙලා කතාවෙනේ ''
Deleteකෙලිය තාප්පෙට
අමුඩෙයි පුකයි හැම වෙලාවෙම එකටනේ , වක්කඩයි පුකයි එකතු වෙන්නේ රෙන වෙලාවට , වක්කඩ තනිකරල පුක ආයෙත් ගෙදර යනවා
Delete//ඔබමට තිලිනවෙලා//ලියන්නේ නැත්තේ ඇයි බං අයියේ.?
Deleteහිටහං ලියල ඉවරකරනව
Deleteමහින්දයව අනුලගේ ඇදට නග්ගනවද නැද්ද කියල මං මේ කල්පනා කලේ
මහින්දයට බෑ කියනවනං පොඩ්ඩක් මතක් කොරහං.
Deleteවයසටද මන්දා පොර දැං හොර කොටනව
Deleteලිවිල්ල නම් එලකිරිස් ,මේ අවසානේ මෙහෙම කරේ ගුරා කරේ බොරුවක් කියලා පෙන්නනද ?අවසානය මට නම් පැහැදිලි නෑ ,
ReplyDeleteකියන්න අමතක වුනා භාෂාව ගැන නම් සතුටුයි ...
Deleteඑහෙම තමා සහෝදරය එහෙම තමා
Deleteගුරා බොරු කාරයෙක් එහෙනම්. 'ටකාස්' සද්දෙටත් බය උනා.
ReplyDeleteකතාව නම් මරු ෆිල්ම් එකක් බලන් හිටියා වගේ.
මගෙ නම් හිතට වැදුනෙ මේ දෙබස.
//'' ජිවිතේ බයිස්කෝප් එකක් තමයි මහත්තය , බලනකොට රහයි . කරනකොට අමාරුයි ''// ++++++++++++++++++++++++++++++
හා බොරුද එහෙනං
Deleteමටත් ඇල්ලුවේ ඔය කොටස තමා.
Deleteකෝ යකෝ ඔකේ ඉතිරී ටික...
ReplyDeleteකතාව අවසානයි අයියා
Deleteහුටා... මම හිතුවේ තව තියෙනවා කියලා...
Deleteඅනුභව කලා. අනුභව කලා. අම්මපා මෙච්චර සුපිරියට අපු කතාව බක්ෂණය කළා.....
ReplyDeleteහයියූ යකදුරා..........!
උඹ එහෙම කැමති නැද්ද බං
Deleteඅපි අනාත වෙනවනේ එතකොට.........
Deleteපට්ටේටම ලියලා තියෙනවා අටං අයියේ.
බොහොම අගෙයි අටම්... මම කැමතිම දේ තමයි කතාවට හානියක් නැතුව, අනවශ්‍ය විදිහට ඔබන්නෙත් නැතුව එකතු කරලා තියන ආරලු බූරලු. අනික ඒවා හරිම ස්වාභාවිකයි, දැනුමක් නැතුව හිතලා ලියන කෙනෙකුට ඒ මට්ටමට ලියන්න බැහැ. දෙබස් වල සුළු සුළු කාරණා වලට උණත් දීලා තියන අවධානය ඉතා ඉහලයි. හැම සුළු කාරණයක් ගැනම හොඳ අවධානයෙන් ලිවීම දියුණු ලේඛකයෙකුගේ ලක්ෂණයක්...
ReplyDeleteහැබැයි අර අවසානය නම්.. අනේ මන්දා
ඔය ආරලු බූරලු හන්දා තමයිි බං මට ලියල ඉවරකරන්ඩ බැරි , කොච්චරනං එව්වා එනවද ලියන්ඩ හෙන අමාරුවෙං එව්වා හලල ලියන්නේ
Deleteවෙලාවකට ඒක මහ වදයක් එක එක රෙද්දවල් හන්දා ලියන්ඩ යන එක නෙමෙයි අන්තිමට ලියවෙන්නේ , හිතට එන අතුරුකතා එමටයි
කතාවක් අවසානයේ සියලුදේ බන්දේසියක තියල පාඨකයට හැම වෙලාවෙම දෙන්න ඕනද මචං
Deleteමෙහෙම වෙයි , මෙහෙම උනානං හොදයි , මෙහෙම කරන්ඩ ඕන කියල හිතතන එක නරකද
පට්ට විදියට ලියල තියන කතාවක් ඒත් අවසානය හිතා ගන්න අමාරුයි. මෙතැන මේ අවසානයෙන් ඔබ අදහස් කළේ යකැදුරැ බොරු කාරයෙකු බව එත්තු ගැන්වීමද?
ReplyDeleteකැමති විදිහකට අවසානය ඔයාලට ගොඩ නගාගන්ඩ පුලුවං අයියේ
Deleteකතාව එල අටම්.
ReplyDeleteයකදුරාගේ වයර් ෂෝට් වෙන් නැද්ද මචංස්ලා සද්දේ මොකක්ද කියලා බලන්න ඇස් අරිනකොට පේන දෙයින්.කන් ලොකු යකෙක් නාග රාජයෙක් තමං දිහාට එවනකොට බුවාට ඔරේ රන් එකක් දී ගන්න සිහිය තිබ්බා මැදෑ :-)
+++++++++++++
Deleteඑදා තමයි පොර දකින්ඩ ඇත්තේ මහසෝනව
Deleteමොකද්ද මේ අවසානය?
ReplyDeleteඒ හැර කතාව නම් රහයි වෙනදා වාගෙම
හැම බකතාවම අන්තිමට හතරැස් හරි රවුම් හරි වෙන්ඩ ඕනද ළමයෝ
Deleteඊලඟ කොටසත් දාපං ඉක්මනිං
ReplyDeleteඊ ලග කොටසක් නැනේ මචං
Deleteතව කොටසක් තියනව නේද,නැත්නං අසම්පූර්ණයි නොවැ.
ReplyDeleteනුඹ එසේ පවසන්නේ කිමද අයියන්ඩිය , මෙහි ඇති නොපිරුනු බව කිමෙක්ද , වරද නිවැරදි කරගනුවස් පවසනු මැනව
Deleteතමන්ට කතාවක් හරියට ලියාගන්න බැරි අපි වගේ අපතයෝ නිතරම කැමතිවෙන්නේ මුල මැද අග සහිත කතාවකට.දැන් මෙතන අවසානය පොඩ්ඩක් මබ්බෝදගාමීයි.යකදුරා පැනල දුවනකොට කියවන උන් වලට වැටෙනවා.වැරැද්ද ඒකයි.මාතෘකාව වෙනස් කලාට හරියන එකක් නෑ අවසානය වෙනස්කලොත් නං හරියාවි.
Deleteඇ හැලපයියේ කවුද අඹට අපතයා කියුවේ
Deleteමබ්බෝදගාමීයි කියන වචනයේ තේරුම මොකක්ද
මාතෘකාව විතරක් නෙමෙයි අවසානයත් ටිකක් වෙනස් කලා
නියමෙට ලියල තියෙනවා.. කතාව ඉවර නෑ කියල මට හිතුනේ.. ඔහොම ඉවර කළාම අර ලස්සනට ලියපු ටික ඔක්කොම අපරාදේ වෙනවනේ.. ඉතිරි කොටසකුත් ලියන්න..
ReplyDeleteමෙහෙමනේ පැතුම් ඕනනං ඕක තව කොටස් හත අටක් උනත් අදින්ඩ පුලුවං , පස්සේ දවසක අර ගුරුන්නාන්සෙට මොකද උනේ බලන්ඩ කියල තුංගයගේ ගෙවල් පැත්තේ මහත්තයව ගාටවල එහෙම , ඊ ලගට තුංගයගේ පවුලව එහෙමත් බලන්ඩ පොරව ගෙන්නල එහෙම ,
Deleteඕ උනාට සමරක් අය එහෙම කතාව අදිනවටත් කැමති නැනේ මල්ලියේ
කොහොම උනත් යකදුරා මොන තරම් ලොකු ටෝක් දුන්නත් ඇතුලේ ඉන්නේ මනුස්සයෙක් වග අර ටකස් සද්දෙට දක්වපු ප්‍රතික්‍රියාවෙන් තේරුනා.
ReplyDeleteසමහර කතා තියෙනවා මැදින් හුටස් ගාල නවත්තපුවහම මරු, සමහර එව්වා කතාව රවුම් කලාම මරු. මේක ඒ දෙකේම අතර මැද. ඒ මට හිතෙන හැටි.
දෙවෙනි කොටසක් නෑ කියලා හිතා ගන්නම්, එත් තව කොටසකට යන්න පුළුවන් ඉඩක් තියලා තියෙනවා.
මොකක් උනත් ස්තුතියි
ජය!
ස්තුතියි මචං
Deleteමටත් මැදින් හුටස් ගාල නවත්තන්ඩ හිතුනා මචං
අටම ලින්ක් එක මේල් කරලා තිබ්බ නිසා මමත් රෙද්ද උස්සගෙන ඇවිත් මුල ඉදල ගටම කියෙව්වා...:D හොඳ කතාවක්... ඔය යකැදුරෝ කොහොමත් හොරු තමයි. බහුතරයක් දන්නවා උන් කරන්නේ බොරු කියල... ටික දෙනක් ස්වයං මෝහනය නිසා උන් දන්නේත් නෑ උන් කරන්නේ බොරු කියල. කොහොමත් මනෝවිධ්‍යාව දියුණු නොවුණු ඈත අතීතේ මිනිස්සුන්ගේ හිත් සුවපත් කරපු නොවිදිමත් මනෝචිකිත්සක ක්‍රම එක්ක කිසිම ගැටලුවක් නෑ. මේදේවල් වලින් සුවපත් උන මිනිස්සු ඕන තරම් ඉන්න ඇති . ඒත් ඒ අද්බුත බලයක් නිසා නෙමේ කියන එකයි මගේ විස්වාසේ. මට තියෙන අවුල, මේ තරම් විද්‍යාව දියුණු යුගයක ඇයි මිනිස්සු මේතරම් මිත්‍යා මත පස්සේ දුවන්නේ කියන එක. කොහොම උනත් කතාවේ දෙවැනි කොටසක් ලිව්වොත් ඒ ලින්ක් එකත් මට මේල් කරන්න. ලින්ක් එකට බොහොම ස්තුති.
ReplyDeleteමටත් එමෙං මෙහෙං ලින්ක් එන හන්දා මාත් කරා බං බලන්ඩ , ඒ උනාට ඒක වදයක්ද මන්දා ,
Deleteයකදුරෝ ගැනනං කියල වැඩක් නැ බං
මම දන්න දොස්තර -ත්තෙකුත් ඉන්නව දේවාල ගානේ යන
ලියවිල්ල නම් මල් මසුරං ඉවර කිරිල්ලට නම් උඹට කොඩිවිනයක් කරන්න තරං සතුටක් ආවා
ReplyDeleteඑහෙම කරන්ඩ එපා රත්තරනේ මං රැකියා විරහිත දරුපවුල් කාරය
Deleteකතාව සුපිරියට ලියලා තිබ්බා, කියවන්න, කියවන්න ආසයි, කුතුහලේ වැඩිවෙනවා. හොඳම තැනට ඇවිත් මතු සම්බන්ධයි උනාද, එහෙමත් නැත්නම් අවසානය අපිට තීරණය කරන්න දුන්නාද?
ReplyDeleteඉස්සර සුබසෙත පත්තරෙත් ඔය වගේ පිල්ලි, හොල්මන්, සමයන් ගැන කතා ගියා.
//අවසානය අපිට තීරණය කරන්න දුන්නාද?//
Deleteහරියටම හරි
කතාව පට්ට .... පරණ අටමා ආපහු ඇවිත් වගේ.. හැබැයි හැමෝටම වගේ මටත් මේ අවසානයෙන් උඹ අදහස් කරපු දේ මොකක්ද කියලා නම් තේරුනේ නෑ .
ReplyDeleteහ්ම්ම්...
Delete@ දෙන්නටම
Deleteමම දිගටම ලියුවනං උඹලගේ බ්ලොග් වේලෙන හන්දා පොඩි චාන්ස් එකක් පහුනු ටිකේ දුන්නේ දැන් බ්ලොග් වහන්ඩ ලෑස්තිවෙලා හිටහල්ලා
අවසානෙ කොයිල් වගේ, යකැදුරා මයික් එකට බය උණාද ? :D :D
ReplyDeleteමං දන්නේ නැ , ඒක තිරනය කරන්න ඕන ඔයා තමයි පැටියෝ
Deleteඔව් ඔව්, කතාව මට ඕනෙ විදියට ඉවර කරගන්නංකො එහෙනං :D
Deleteපට්ට්යිනේ කියන්නේ අටම් අයියේ. ගමෙන් පැනලා ගියපු එක වෙනම කතාවකට ලිව්වානම් ඒත් සුපිරි
ReplyDelete++++++++++++++++++++++
Delete@ දෙන්නටම
Deleteඅපරාදේ නේද බං
එහෙම්මම පෝස්ට් එකක්
හහ් හා , හෙන අපරාදයක් නේන්නං , :D
Deleteනියම කතාව. අවසාන කරපු විදියත් සුපිරියි .
ReplyDeleteඅප්පට සිරි
Deleteවිශ්ව රංගනාත්
එළ එල
පැමිනියාට ස්තුතියි
මස්සිනේ දැක්ක කල් !!
Deleteවිශ්වයියා කොහොමද ඔයාට ? කාලෙකින්
Deleteඅවසානය කියවන්නාගේ අනුමානයට ඉතිරි කරපු ගැමිබර යෙදුම්වලින් සමන්විත රසවත් කතාවක්. ලින්ක් එකට ස්තූතියි
ReplyDeleteඅන්න තේරුනා , පැමිනියාට ස්තුතියි
Deleteහොඳ රහට කියවගෙන ආවා. මට තවම හිතාගන්න බැරි කතාව ඉවර වුනාද නැද්ද කියලා.
ReplyDeleteඉවරයි බං අයියේ
Deleteඅටමෝ... තෝ අපිට මේ අවුරුද්දෙවත් සම්මානයක් ගන්න දෙන්නේ නැද්ද...? මූසලයා...
ReplyDeleteතක්කඩියා එදා තමයි මහසෝනා දකින්න ඇත්තේ පණ පිටින් ලයිව් .. පට්ට කියන්නේ වල්ල පට්ට මලේ...
Deleteඋඹල ඔව්වට ඉදිරිපත්වෙනව කියල යැ
Deleteමෙහෙම අවසාන තියන කතන්දරවලට උඹ මනාපයි නේද මාතේ
Deleteහි හි
Deleteඅන්තිම ටික තව ඔපමට්ටම් කලා නම් හරි. මෙච්චර ලස්සනට කතාව ගොඩ නගලා තියෙන්නෙ මීට වඩා යමක් කියන්න හින්දයි කියලා මට තිතෙනවා.
ReplyDeleteඔන්න මචං ටිකක් මට්ටං කලා බලහං
Deleteඅයියෝ කෝ අනේ හොල්මන් නැහැනේ ?
ReplyDeleteමෙහෙම කරහං රෙද්දක් ඔලුවේ පොරවගන කන්නාඩියක් ඉස්සරහට ගිහිං ගිරිය පැලෙන්ඩ හයියෙන් හු කියල බය වෙයං
Deleteසුපිරි පෂ්ඨම කතාවක් අටමා.හරිම පරිණත ප්‍රතිභාපූර්ණ මෙව්වා එකකින් ලියලා තියෙන්නේ.බ්ලොග් පෝස්ට් එකක් කියෙව්වා කියලා දැනුනෙවත් නෑ.අම්මපා.
ReplyDeleteඅනේ බං ඔහොම කියනකොට මට ලැජ්ජ හිතෙනව
Deleteවක්කඩයි පුකයි....හික්ස්.
ReplyDeleteකතාවනම් සුපිරියි...අවසානයනම් එච්චර වැදගත් නෑ වගේ කතාවේ හැටියට
අනේ මන්දා සයුරි
Deleteලොක්ක එදා ගෙදර යනකොට හිත ගැස්සුනේ නෑ නේද?
ReplyDeleteමම හිතන්නෙ කතාවෙ අවසානය
'' මලහත්තිලව්වයි.... ...තුංගයෝ අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද . මාත් දුහනව කොයි අහක දිහුවද බලන්ඩ , උඹ ඔය උදැල්ලයි අලවංගුවයි අරන් මහත්තයත් එක්ක හනිකට වහං වෙලා පලයං ''
කියන කෑල්ලත් එක්කම බොහොම පැහැදිලියි කියල ( ඔය ටික හැබැයි මම උදේ දැක්කෙ නෑ වගේ මතක ).
මොනා උනත් දෙබස් නම් හරි රහයි. ඒත් කතාව තව කොට කරානං මීට වඩා වටිනව. අනික ඔය විකාෂනාගාරෙ ඉඳල බයිසිකලෙන් යන්න පුලුවන් දුර තීන ගමයි, රජරට බාසාවයි පස්සෙ අර ගුරාගෙ බයිසිකලේ පැදගෙන කොළඹ කිට්ටුවට ආව එකයි ටික එකට යන්නෙ නැති ගතියක් තීනව.
උඹට තිබ්බෙ රෙස්ට් හවුස් එකට මහත්තයව ජීප් එකෙන් ගෙන්නගෙන, එතන ඉඳන් බයිසිකලේ යන්න. එහෙම උනානම් ඒ අඩුවත් වැහෙනව.
නැ නැ එදා යහතිං ගෙදර ආවා
Deleteබලහංකෝ හැමදාම මොකක් හරි අඩු පාඩුවක් ඉතුරු වෙනව
කවදාහරි ලියනවා සුපිරියට එක ඇපිල්ලක් ඇලයට ඇදට නැතුව
ඕකනේ මේ අටමා එක්ක බැරි ලස්සනට ලියන් ආවා.රෙකෝඩ් කරන්න ගිහින් විනාශ කරා මකහන් මකහන් අන්තිම ටික මකලා තව කොටසක් ලියමු
ReplyDeleteඅඩෝ බැ බං කම්මැලියි
Deleteඒ ගොඩක් අය කියනවා වගේ අන්තිමේ මටත් චුට්ටක් අවුල් වුණා.මට හිතෙන හැටියට යකදුරා හොරෙක්.යක්කුන්ගෙන් වැඩ ගන්න මිනිහා බයයි යක්කුන්ට...:D
ReplyDeleteගොඩක් උන් එහෙමයි බං
Deleteඅටමෝ. කතාව නම් සුපිරි. එත් අන්තිමට වෙච්ච දේ එච්චර පැහැදිලි නැහැ. නීට් එකට ගලාගෙන ආපු කතාව නීට් නැති අවසානයක් දකින කොට කියෝපු එකා අතරමං වෙනවා වගේ. මතු සම්බන්දයක් තියේද?
ReplyDeleteවෙන සම්බන්ද නැ මචං . කතන්දරේ චප්ප ක්ලෝස්
Deleteඅග හරිය අපිට හිතා ගන්න තියන් නැතිව උඹම ඉවර කළා නම් කාලෙකින් කියවූ හොඳම කතාව මේක . මොනා උනත් මිනිස් හැසිරීම් හා මග විස්තර අපුරුවට මවමින් කරපු හොඳ රචනාවක්. අටම්ගේ බ්ලොග් එකේ පෙනුමත් දැන් පිළිවෙලයි .
ReplyDeleteපෙනුම පිලිවලයිද එහෙනං එල
Deleteඉන්ඩකෝ බලන්ඩ එහෙනං අගට මොනව හරි කරන්ඩ
ටේප් රෙකෝඩර් එක දැක්කම යකැදුරාට හිතෙන්න ඇති අර භූතයෝ අල්ලලා දාන බෝතලයක් වගේ යකැදුරාලව අල්ලලා දාන පෙට්ටියක් තමයි මේක කියලා.
ReplyDeleteඒ පරණ තාක්ෂනය. අද තියන ජංගම දුරකතනයක් තිබුනානම් කියලා හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට.
ඒ අනාට අර කොලිටි එක නැනේ
Deleteඅම්මපා මෙහෙමත් අවසානයක්.. මොනා වුනත් කතාවනම් සිරා..
ReplyDeleteඑක අතකට මෙහෙම ඉවර කරපු එක හොදයි නැත්නම් මේකත් අර මාගල වගේ ඉවරයක් නැතුව අතුරුදහන් වේවි..
බලහංකෝ මම ඒ මාගල් දෙකත් වියල ඉවර කරනව
Deleteඋඹනම් මාරම පොරක්.........ලිවීමේ හැකියාව උපරිමයි...ආයෙ දෙකක් නෑ එක හුස්මට කියෙව්වා.....
ReplyDeleteතැංකියු
Deleteඊයේ පෝං කට්ටෙන් බාගයක් කියවලා දිග වැඩි නිසා දැන් කියෙව්වේ...
ReplyDeleteඋඹ අන්තිම ටිකේ කලබල වෙලා ඉවර කලාද බං???
පොං එක නං වාතයක් තමා
Deleteපොඩිකලබලයක් නොතිබුනාම නෙමෙයි
Marai ban . UmBa nam Mara creative. Matath Asai ban ara mara gaha Lagin Nagala wadiyen bahina kam karapu tika karanna.pol kattata wakkarala ah..........godak kalekin real story ekak . Bas wahara maru. Rajarata sewe buwek neda......katha nayakaya....maru ban . Habai putho umba Kathawa iwara Kare.....................................
ReplyDeleteඋඹ vw ද මචං
Deleteඑල
ReplyDeleteඅම්මට සුජියා එල එල
Deleteමදැයි රස කර කර කියෙව්ව. අන්තිමට කන්දක් උඩට ගෙනැල්ල ජබොක් ගාල පහලට අතෑරියානෙ කතාව.. කම්මැලියා...
ReplyDeleteඅයියෝ කවද හොදක් අහන්ඩද
Deleteඅටමෝ.. අසූවට විතර ඇවිල්ල එකපාර බ්රේක් ගැහුවා වගේ බං.. උඹ කතාව ලියල තියෙන්නෙත් එහෙම..
ReplyDeleteඑක්ස්පේරිමන්ට් එකක්ද මොකක්ද එකක් කියල හිතහං
Deleteනියම ගුරුන්නාන්සේ කෙනෙක් ..... ඇත්තම යකා දැකල දුවල තියෙන්නේ..... ටොප් කතාව.......
ReplyDeleteලගාඩක් ගුරැන්නාන්සෙල ඔහොම තමා
Deleteනියම කතාවක් සහ නියම අවසානයක් ...... එල අටමෝ එල
ReplyDeleteඅන්න මගේ අවසානයට කැමති තව කොල්ලෙක්
Deleteඈ බං අර පහලම රත්පාටින් තියන ටික ඊයෙ තිබුනෙ නෑනෙ.තෝව දීයම කාපිය.
ReplyDeleteමම දන්නව උඹ කවුද කියල හෙහ් හේහ
Deleteඇ බොල අටමො අපිට ඔන විදියට අවසානෙ හිතා ගන්න අපි කතාවක් ලියන්නම්.එකට උබ ලියන්න ඔන නැ.උබ ලියන එව උබ ඉවර කොරහන්කො වදෙ.නැත්තම් තොට ලබන ආත්මෙ වනිතව බන්දල දෙනව දැනගන් අපිට දෙන මෙ වදෙට.ගලා යැමනම් සුපිරියි
ReplyDeleteසක්විති රජකම එක්ක දුන්නත් වනිතක්කව නං එපා
Deleteහනේ හනේ අටමෝ............ මුල් ටිකනම් මල් මල්..... ඒත් මක්කයි බං අග කොනට කොලේ?
ReplyDeleteකොහොමත් කොනට කෙලවෙන්ඩ වැඩි දවසක් නැ බං
Delete//'' ජිවිතේ බයිස්කෝප් එකක් තමයි මහත්තය , බලනකොට රහයි . කරනකොට අමාරුයි ''//
ReplyDeleteමේ ටික නම් මට ගොඩක් ආස හිතුනා ..එත් අවසානය මොකෝ මෙහෙම
???????????
ගනන් ගන්ඩ එපා අනේ , ඔහොම කතත් තියෙන්ඩ එපැය
Deleteමේ කථාවනම් සුපිරියි අටම්!
ReplyDeleteපොඩි කෙටි ටෙලියක් කරන්න පවා
කර්මාන්තයෙ ඉන්න කෙනෙක්ගෙ නෙත ගැටෙනවනම්!
තිස්ස අයියා කාලයකිං
Deleteකර්මාන්තයෙ ඉන්න අයගේ නෙත ගැටෙනවා නං තමා අයියේ
පිස්සු හැදෙනව.... අන්තිම ටික මම හිතාගත්ත...
ReplyDeleteමොනව උනත් නියම කතාව...
මම මේ අහන්න හිටියෙ, මට අර මතුර මතුර හිටපු ගුරුන්නාසෙ ගෙ ගෝලයව පොඩ්ඩක් හම්බ වෙන්නෙ තිබුන නම් හොඳයි වගෙ....
:D
ඒ මොකටද නංගී ඒ
Deleteමං ආස විදියේ අවසානයක්,, උබේ අර දන් පදුර අස්සේ වහන් වෙමු වගේම ලස්සනයි,,
ReplyDeleteඅනේ බන් අර "අත්දෙක පිච්චුනාට සමාවෙන්න එක ලියහන්කෝ අයියේ
හා හා ටිකක් ඉවලා හිටහංකෝ , නිවාඩු පාඩුවේ ලියමු
Deleteමෙහෙම හදිසියට ඉවර කරනව නම් මේවගෙ ලස්සන කතා ලියන්න එපා.. කතාව හිතින් බැලුවත් එක්ක.. :(
ReplyDeleteකියන්න වදන් නෑ.. නියමයි.. රහට තියනවා ...
ReplyDeleteHowdy! Wonderful post! Please keep sharing simply because I will be staying
ReplyDeletetuned for more!
my page - get rid of acne scars
අටමෝ.....පරක්කුවෙලා ඇවිත් හරි කමෙන්ට් එකක් දාන්නම වටිනවා. නියමයි අටං. කීර්තියාව දැක්ක ගමන් ගුරාට හොල්මන් වෙන්න ඇති. ඔය රෙකෝඩින්වලට ගැජට් ගහගෙන ඉන්න එවුන් දැක්කාම පාරෙ ඉන්න එවුනුත් බයවෙනවා. මේ තේමාව ඔළුවට ආවේ කොහොමද බන්. උඹ ලඟදි තොවිලයක් බලන්න වත් ගියාද?
ReplyDeleteමම මුලින්ම හැන්ඩ්ස් ෆ්‍රී එකක් ගත්ත කාලේ මගේ පස්සෙන් බල්ලෝ පන්නුවානේ රෑ අටට විතර පාරේ යනකොට. අන්න ඒ වගේ තමයි. යක්කු ඕවට බයයි මගේ හිතේ. සුපිරි කතාව අටමෝ. එන්න පරක්කු වුණා. මේ දවස් වල මට එලෝ-මෙලෝ නෑ බං.
ReplyDeleteමේකා බොරු යකදුරෙක් කියල ඔප්පු උනා මං හිතන්නෙ. ඒක එහෙම උනත් කීර්තිසේනට පාඅඩු නෑ ආව ගමන. ජයේගේ අතීත ක්තාවනම් ඉස්තරම්. ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ අතීත ක්තා ඔය විදියමයි. ඔය ගෙදරින් පැනල යන සිද්ධිය 70,80 දශක වල හරිම ජනප්‍රියයි. අද කෝටිපති ව්‍යාපාරිකයො වෙලා ඉන්න ගොඩක් දෙනාගේ අතීතෙ බැලුවම බහුතරයක් මෙහෙම කොළඹට ආපු අය.
ReplyDeleteකතාව කියන්න 'අන්ධයා කැටයම් බලනවා' වගේ බොහොම සූක්ෂමව අවට පරිසරය.මිනිස්සු,හැඟීම් දිහා අපේ ඇස් අයියගෙ කරගෙන සාර්ථක උත්සාහයක් යොදල තියෙනවා.රූප මැවෙන්නෙ නිරායාසයෙන්ම.මුල් පද්ධතිය හොඳ නිසා ඕනෙ නම් තව උසට ගහ වවන්න තිබුනා.කප්පාදු කරපුවාමත් ඉතිං වෙනම ලල් එකක් තියේ..
ReplyDeleteමගදි ගුරා මරන් නෙතුව තව ගුරුකමක් කරන්න තිබ්බ අටම් අය් යෙ
ReplyDelete