2014-08-05

අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං



කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං
නේක නේක රටා මවන් පාපිස්සක හැඩය               අරං
ගෙයක් ගානේ ඇවිද ඇවිද කාසි ටිකක් මිට       මොලවං
හවස් අතේ ගෙදර එන්නේ කෑලි කඩෙන් රෙදිත්      අරං

වසර හතක් එකතු කලේ මං දඹදිව යන්න            හිතං
චුට්ට චුට්ට ඉහල නගින අපේ ගමේ වෙහෙර        බලං
එකතු වෙච්ච හැටදාහම බෙලෙක්කයේ පියන      ඇරං
ලෝබ නැතුව මං දුන්නේ දනින් වැටිල දැත්          වැදං

ගල් ඇන්දක් හයිකරල ඇත් බැම්මට වාරු            කරං
ලස්ස ගනන් දුන්න අයගේ නං ගං අකුරකට         නගං
ගල් ඇන්දේ යටින් තියන මල් ලියකම අයින්      කරං
අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක්            අරං

86 comments:

  1. ඇයි උඹ කිව්වෙ නම ඕන්නෑ අපි ලයිට් අරන් දෙනවා නම් දානවට අකමැති හින්දා කියල.

    ReplyDelete
  2. මොකක්ද අටම් වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මොකුත් වෙලා නැ

      Delete
    2. ආ ඇත්තද..එහෙනම් අවුලක් නැහැ..

      Delete
    3. ඔය ඉතින් තරහ ගිහිං

      Delete
  3. පිංතුරේ ජුන්ඩං බං.. පේන්නෙ නැහැ..

    ReplyDelete
    Replies
    1. අදාල නැ බං ගුගල් දෙයියගේ එකක්

      Delete
  4. එතකොට ලක්ෂෙයි, හැට දාහයි අතරේ සල්ලි දීපු අයගේ නම් දාන්නේ කොහෙද අනේ

    ReplyDelete
    Replies
    1. අයිරලට ඔව්වා තේරෙන එකක් යැ

      Delete
  5. එතකොට එහෙමයි වුනේ...
    ඒත් පිං කරගත්ත කියල තාප්ප වල කොටන්න ඕනෑයි අටං අය්යෙ...
    හිතේම කෙටිල තියෙනවනෙව

    ReplyDelete
    Replies
    1. මගේ හැගීමත් ඒකම තමා

      Delete
    2. මල්ලි තියරි පොතේ නං එහෙම තමයි තියෙන්නේ. නමුත් ප්‍රායෝගිකව එහෙම නෙමෙයි. තමන්ගේ නම ඒ වගේ එකක ගහල තියෙනවා දකින වාරයක් ගානේ සිතේ ඇතිවෙන සතුට වෙන විදියකින් ගන්න අමාරුයි. ඒක නිසා නම් ගැසීමේ වරදක් නං මම දකින්නේ නැහැ.

      Delete
    3. රහසින් දුන්න දේත් රහක් නැත්තේ නැ බං

      Delete
  6. ඔක්කොම අමතක කරලා ධර්මය මෙනෙහි කරන්න.

    එඩ්වඩ් ජයකොඩිගේ 'හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්' සින්දුව අහන්න

    ඉස්සර කාලෙත් අහවල් රජ්ජුරුවෝ අහවල් එක කරා කියලා සෙල්ලිපියේ තිබුනට මොකද රජ්ජුරුවෝ අමුඩ ගහගෙන තනියෙන් ඕක කරා නෙවෙයිනේ.

    ReplyDelete
    Replies
    1. දැං ඔය කියුවේ මටද අයිරටද

      එඩ්වඩ් ජයකොඩිගේ 'හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්' සින්දුව කියුවනං , අයිරට බැරිද මෙහෙම සින්දුවක් කියන්ඩ

      අර නන්ද ඇන්ටි ''පානම්පත්තුවේ ඩීගිරි අම්මාය ගමේ අයට නම් ගජමං නෝනය'' කියුවා වගේ

      Delete
    2. ඇන්නෑවේ මුන් දෙන්නගේ කෝලන්.....

      Delete
    3. නෑ නෑ මං කියන්නේ පිංකමක් කරපු සතුට තියෙන්නේ ඕනෙ හිතේ. මම හැම මාසෙම සෑහෙන මුදලක් දෙනවා අපේ පන්සලට (හැම මාසෙම 30 වෙනිදට පෙබරවාරි නම් 27, මගේ උපන් දිනේට) හැබැයි ඒ වෙනුවෙන් සල්ලි දෙන ඔක්කොමගේම නම් දාලා අපේ හාමුදුරුවොත් ලෑස්තිවුනා අලුතෙන් හදන පිළිමේ ළඟ ගල් පුවරුවක් කොටන්ඩ. මම කිව්වා අනේ හාමුදුරුවනේ මගේ නම නම් දාන්ඩ එපා කියලා. ඒක හාමුදුරුවෝ පිළිගත්තා.

      Delete
    4. ඒ උනාට මහත්තයෝ එහෙම හරි නැනේ

      කියුවේ නැද්ද

      අපේ හාමුදුරුවොනං එහෙමයි

      Delete
    5. ඉස්සර රජවරුත් එහෙමයි දැන් ඉන්න රජවරුත් එහෙමයි.

      Delete
  7. කිසිම දෙයක් අර ගෙන නෑ මම ආවේ
    මුකුත් නැතිව තමා ඉතිං මම යන්නේ

    ReplyDelete
    Replies
    1. මං නං එනකොට අරගන ආවා කරපු කුසල කර්ම ටිකයි අකුසල කර්ම ටිකයි යනකොටත් එව්වා අරගන තමා යන්නේ

      Delete
    2. අපි සිංහල නෙමෙයි නේ.. ඒක නිසා ඒක අපිට වෙනස්...

      Delete
    3. සිංහල නෙමෙයි කියන එක ඔතනට ගැලපෙන්නේ නැනේද

      Delete
  8. මට හිතෙන්නෙ හිතට දැනුන සැබෑම අත්දැකීමක් වගෙයි...

    ReplyDelete
    Replies
    1. පිස්සු විකාර .

      ලියන හැම එකක්ම අත්දැකීම් වෙනවද බං

      Delete
  9. Replies
    1. හනේ ද කියන්නෙ .. හරක් සහ උන් බඳින කනු මචෝ....

      Delete
    2. ඒ මොකද ඒ ඇයි එහෙම කියන්නේ

      Delete
    3. උඹට හරක් කියන එක තේරුම් යන්නෙම නැද්ද අටම......
      ඔය රෙද්දවල් වලට සල්ලි දෙන එවුන්ට වෙන වචනයක් නැහැ....

      Delete
  10. පින ලෑල්ලේ නෑ බං.. පින තියෙන්නේ හිතේ...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට පින තව තව තැන්වල තියනව

      Delete
  11. Replies
    1. සුමන . කුසුම . වයල වගේ ගෑණියෙක් බං

      Delete
  12. පින් කොරහං බං ...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙං හරි කරනව බං නැත්තං ලබන ආත්මෙත් මේ අපා දුකම තමා

      Delete
  13. චැහ්.… එතකොට අයිර සියඹලා ගෙනල්ලම නැද්ද ???

    ReplyDelete
    Replies
    1. ගෙනල්ල. හැබැයි විකුණලා නෑ.

      Delete
    2. ඒ කියන්නේ විකුනන්න කලින් ඉවානයා මරිසිය දාලා නිකන්ම අරන් ගිහින්ද ??

      Delete
    3. මං ඌට දුන්නා ඩෝ මාස එකහමාරකට බඩු හාන්සි !!!!
      ඇඟිල්ලෙං ඇන්නේ. පාරක් ගැහුවනං නොඑන ගමං යනවා .ඕ යේස්.

      Delete
    4. මාත් බැලුවේ ඒක තමා, ඉවානයා පෙන්න නැත්තේ මොකෝ කියලා.

      Delete
    5. ඉවානයට මේ දවස් වල ජපං කොඩි.. ඔය යටි බඩ රිදෙනව කිය කිය හිටියෙ..

      Delete
    6. මොකක්ද ඔය සියබලා කතන්දරේ

      Delete
    7. ඇ ඉවානයට ගොලු බෙල්ලෙකුත් ඉන්නවද

      Delete
  14. පිං කරලා හිතින් සතුටු උනා නම් ඇති. මොකටද ඒ ගැන අණබෙර.......

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ඒ තමන්නෙ. ඒත් අනිත් උන්ට යුතුකමක් තියෙනවා. අනික කොහොමත් ඒ වගේ ගැමි චරිත ඔයවගේ දේවල් වලින් පුදුම ආත්ම තෘප්තියක් ලබනවා.

      Delete
    2. ගැමි චරිතයක් කියල උපකල්පනය කලේ ඇයි

      Delete
  15. පට්ට පට පට කියවෙන්නේ මේවා දැක්කම

    ඔවාගේ නම් කොටාගන්ට නම් හාන්දුරුවන්ටත් ඇඟට දැනෙන ගානක් වෙන්ට එපැයි

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොනාද බං මේ කියන කුනු හබ්බ... දැං අයිරගේ ගලේ මොනාද කොටන්න ඕන...

      හෑ...?????

      Delete
    2. එහෙම එකකුත් සමහක් වෙලාවට තියනව තමා රෙහානි

      Delete
    3. @ X - Porter

      අයිරගේ ගලේ කොටන්ඩ කතා කලේ කවුද බං

      Delete
    4. @ X - Porter

      උඹ බ්ලොග් එකක් ලියනවද

      ඒ මොකක්ද මචං

      Delete
    5. මට ජුන්ඩක් ටැපලිලා... මම හිතුවෙ අයිරගෙ ගලේ මල් ලියකමක් කොටන සීන් කෝන් එකක් කියලබං.... මොක උනත් අයිරල වගේ අයගෙ ගලේ මල් ලියකං කොටන අපේ උන්නාන්සෙලත් එමටයි..ආං ඒවගේ පුන්ය කර්ම වලිං මහාත් පල මහාත් ආනිසංස ලැබිල සසර කෙලවර අමාමහ නිවං සංපත්තිය ලැබෙනව කියන්නෙ... ආං ඒක නිසා සියලුම ගල් සාංගික කොරන්න ඕනෙ....

      බ්ලොග්..? ..හෑ.......? මේ තියෙන බ්ලොග් පඩංගු ටිකයි ඊට වඩා ආතල් කොමෙන්ට්ස් ටිකයි කියෙව්වට පස්සෙ මොන බ්ලොග් ලියවිලිද බං.... අනික අහවල් ඒව අස්සෙ අලුක්කාල් ගහන්න ඕන්නෑනෙ..නෙහ්..?.. හෙහ්...හෙහ්...

      Delete
    6. ගල් සාංගික කොරන්න නං ගොඩක් උපාසක අම්මල කැමති වෙයි

      Delete
  17. මුලින්ම කිව්වනං ලස්සෙට වැඩිය දුන්නු අයගේ නං දානව කියලා හොරකං කරල හරි ඉතුරු ටිකත් දෙනවා.. දෙයියම්පා..

    මීට
    අයිරා

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින්

      කෙලින් පාර අපායේ තමා

      Delete
  18. ගලේ කෙටුවම මොකෝ පුකේ කෙටුවම මොකෝ

    ReplyDelete
  19. Replies
    1. කොහෙද බං මේකේ පොෂ්

      Delete
    2. නෑ මං කීවෙ පොෂ් වෙන්න කරන පින කියල.. :D

      Delete
  20. අවංකවම කරන පිං කොහේවත් ලියවෙන්නේ නැ, අටම්..... ඒවා හිතේ විතරයි...ඒත් සතුටු වෙන්න පුළුවන්..... මොකද්ද මේ නිමිත්ත.....
    අයිරා කවුද ඇත්තටම?

    ReplyDelete
    Replies
    1. ඇයි හත් දෙයියනේ

      හිතල ලියන්ඩ බැරිද

      Delete
  21. දුන් දේ සුවදයි කියලා හිටින් අයියේ..

    ReplyDelete
    Replies
    1. කෑ දේ ගදයි කියලත් කියන්ඩද

      Delete
  22. අයිරා අක්කා ආර්ථික වශයෙන් වගේම මානසිකවත් දුප්පත්. හැබැයි මේ කියන අපිටත් ඔය වගේ වෙන්න පුළුවන්.

    ReplyDelete
  23. අයියන්ඞි ඔන්න ඊයේ ගියා පොඞි එකාගේ මොට්ටසොරියේ අන්තිම ටිප් පොඞ්ඞා නහයෙන් අඞනවා තාත්තියෝ අනේ මේ පාර ඔයා එන්න කියලා ගැනි බයිනවා ඔයා ඉතින් හැමදාම සුද්දියොන්ට ඡංගි මහමහ ඉන්න කියලා ඒක නිසා ඔන්න මමත් ගියා. ඉස්සරවෙලාම ගියේ පෝගහවෙල මහමේවනා අසපුවට 7.30 ට ගෙට්ටුව අරින්නේ මල් විකුනන අම්මලට පංසල් භුමියට ඇතුල්විම තහනම් උදැසන 8ට විහාර මන්දිරය විවෘත කරන්නේ පහන් දැල්විම තහනම් හදුන්කුරැ තහනම් සුදු හැර පාට ඇදුම් ඇද ඇතුල්විම තහනම් රංචු වශයෙන් යාම තහනම් කෙලගැසිම තහනම් ශබ්ද නගා ගාථා කිම තහනම් අර සිමාවටයාම තහනම් මෙතනින් ඇතුල්විම තහනම්. පඞිපෙලින් පිටතට යාම තහනම්..දෙහොත් මුදුන්දි හැර අන් විදිහට වැදිම තහනම් පංසල් භුමිය තුල පොඞි ලමයි එහේ මෙහේ දිවිම තහනම් නලල බිම තබාහැර වෙනත් විදිහට වැදිම තහනම් තහනම් තහනම් තහනම්.
    පොරගේ(මහනවෙලා කියලා සිවුරක් පොරවගෙන ඉන්න මනුස්සයාගේ) අම්මා ඊට ටිකක් දුරින් පොඞි ගෙදරක හරියට කන්නවත් නැතුව ඉන්නවා පොර ඉන්නේ වායුසමිකරනය කරනලද සියලු සැපපහසුකම් සපිරි අවාසයක(මාලිගාවක). සෙරෙප්පු දාන්නේ නෑ (ප්‍රෙඞා් එකේ යන්නේ). සල්ලි අතගාන්නේ නෑ (චෙක් / කෙඞ්‍රට් කාඞ් විතරයි).

    ReplyDelete
    Replies
    1. මොකටද බං ඔය රෙද්ද අස්සේ රිංගන්ඩ යන්නේ

      Delete
    2. අටමෝ,
      මේක නම් හොඳ වැඩක් නෙමෙයි.එක් එක් පන්සල් වලටකරුණු නොදැන හෝ කරුණු විකෘති කර අපහාස කරන්න ඔබ මේකෙන් ඉඩක් හදලා විතරක් නෙමෙයි එකට උල්පන්දන් දෙන ඔබේ උත්තරත් ලියනවා.
      පොල්ගහවෙල එකට තවම නොගියත් මහමෙව්නානාවේ බොහෝ පන්සල් වලට මා ගොස් තිබෙනවා. ඒ හැම තැනකම විනයක් තිබෙනවා. එක නොදන්නා කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් උනත් ඔහුගේ හිත සුව පිනිස ඒ විනය කැඩිය යුතුද?
      මහමෙව්නාව කියන්නේ ආරණ්‍ය වාසි සම්ප්‍රදාය රකින පන්සල් සමුහයක් මිස ග්‍රාමවාසී සම්ප්‍රදාය රකින පන්සලක් නෙමෙයි. මේ සම්ප්‍රදාය දෙකේම සමානකම් මෙන්ම වෙනස්කම් තිබෙනවා.ඒ උනත් ඒ දෙකම අපිට ඕනෑ. මම කුණ්ඩසාලේ මහමෙව්නාවට සම්බන්ධ උනත් එකේ හාමුදුරුවරුන් මගේ ගෙදර මතක බණකට හෝ දානයකට හෝ පාන්සකුලයකට වඩම්මන්න බැහැ. මම ඒ ටික කරවා ගන්නේ ගමේ පන්සලේ තියෙන ආගමික කටයුතු වලට සම්බන්ධ විමෙන්ය. ඒ උනත් ධර්මය ඉගෙන ගැනීමට මහමෙව්නාවට යනවා. ගමේ පන්සලේ තිබෙන පරිසරය මහමෙව්නාවෙත් තියෙන්න ඕනෑ නම් ඒකත් ආරණ්‍යවාසී සම්ප්‍රදායට යන්න ඕනෑ. එතකොට ග්‍රාමවාසී පන්සල් වලින් රටට වෙන සේවය කරන්නේ අටමාගේ ගෙදරින්ද?
      අටමෝ
      ථෙරවාදයේ තියෙන ග්‍රාමවාසී හා ආරණ්‍යවාසී කොටස් විතරක් නෙමෙයි මහායානයේ කොටස් වන වජ්‍රායාන කොටස් මෙන්ම තන්ත්‍රයානයේ කොටස්ද අපේ රටේ භාවිතයේ තියෙනවා.මේ ඔක්කොම අපිට ඕනෑ.මේ එකත් වත් ක්‍රිස්තියානි ආගමේ තියෙන කොටස් මෙන් එකිනෙකා සමග කා කොටා ගන්නා අංශ නෙමෙයි.එකම නරක මේ අංශ ගැන අනවභෝදයෙන් මත පල කිරීම සහ ඒවා හරියට නොදැන අන් අංශ විවේචනය කිරීමයි.
      ලිපියේ අන්තිමට තියෙන විවේචන (මඩ) වලට මා මෙතන උත්තර නොදෙන්නේ ඒකෙන් පැනලා යන්න නම් නෙමෙයි ඒකෙ ලියල තියෙන කරුණු අසම්පුර්න නිසයි. අදාළ නම් ගම් සහිතව ඒ කරුණු ලියන්න එතකොට ඒකටත් උත්තර ලියන්නම්.

      Delete
    3. මෙන්ඩට මාත් එකගයි අර හාන්දුරුවො සහ එයැයිගෙ අම්ම ගැන කියපු දේනම් මන් දන්නේ නෑ හැබැයි පන්සල ගැන කියාපු ටික නම් හරියටම හරි.යකෝ ඒකට ගියාම පන්සලකට ගියා වගේ දැනෙන්නේ නෑ.නිකන් මුස්ලිම් පල්ලියකට ගියා වගේ බුදුහාමුදුරුවො එහෙම දේවල් කිව්වා කියලා මං නම් අහලා නෑ.

      Delete
    4. Wmk Samarasekara මහත්තයෝ හොද්ද රස බලලා ලුනු මදි කිව්වනම් හොදා නෙ

      Delete
  24. මොකැයි අටමෝ බොට වෙලා තියෙන්නේ?

    ReplyDelete
  25. පින පලදේවී එතකන් අයිරා බලන් ඉන්න කියහන්.

    ReplyDelete
  26. පන්සලුත් තියෙන්න ඕන, සෑසනෙත් රැකෙන්න ඕන්. දන් පිනුත් කරන්ටෝන, නං ගමුත් ගහන්නෝන. අපි නං එහෙමයි. අනුන්ගෙ සල්ලි වලින් හරි දානයක් දීල ගමටම ඇහෙන්න බ්ලොග් පෝස්ට් එහෙකුත් දානව ආයි.

    ReplyDelete
  27. අහින්සක මිනිස්සුනෙගෙ අහින්සක ආසාවල්.ඔවට හිනාවෙන්න නරකයි

    ReplyDelete
  28. http://helppal.tk/discussions kattiya awith set wenna ape forum ekata.

    ReplyDelete
  29. ඔය නම් ගහගෙන වතුර බෙදන එකේ අයිරා නම ගහගත්තාම මොකෝ...ඒ ගෑණි ඔය අමාරුවෙන් කරගත්ත පිං පොඩ්ඩ. අරුන් බෙදන්නේ අපේ සල්ලිවලින්නේ බං.

    ReplyDelete
  30. මට තේරුම් ගන්න බැරි එක දෙයක් තියනවා කමෙන්ට්ස් කියවගෙන එනකොට.. අහිංසක ගෑනු කෙනෙක් තමන් බොහොම මහන්සියෙන් හොයාගත්තු සල්ලි වලින් අවුරුදු 7ක් එකතු කරනවා දඹදිව යන්න කියල. ඉතිං මේ මනුස්සයාට ඒ අතරේ ගමේ පන්සල හදන එකත් පේනවා. ඒ හදන වෙහෙරට තමුන් දායක වෙන්න ආසාවට තමුන් අවුරුදු ගානක් එකතු කරපු, හීන දැකපු දේ පවා කැප කරලා ඒ සල්ලි දෙන්නේ ඒ මනුස්සයා පිං ගැන හිතල. එහෙම දුන්නු කෙනෙක් වෙලාවත් ( ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ මනසින් බැලුවොත් සල්ලි උතුරන නෝනා මහත්තුරුන්ට වඩා මගේ පිංකම උසස් කියන තැන ඉඳල) මගේ නමත් ඔය කොහෙහරි තිබ්බ නං කියන හැංගීම තමයි මට නං දැනුනේ.

    මේක හිනාවෙන්න ඕනේ දෙයක්වත් උපහාසයට ගන්න ඕනේ දෙයක්වත් නෙවෙයි. අද රටේ තියන බණ දහම් එක්ක ගොඩක් දෙනා හිතන විදිය මේ. ඒ යතාර්ථය තේරුම් ගන්න ඕනේ මම දකින විදියට.

    ReplyDelete
  31. මක්ක නැතත් කොටලා ඇති අහවල් රාජපස්සගේ සංකල්පයක් මත අහවලා කරලා පූජා කොරා කියලා :D

    ReplyDelete
  32. කෑ දේ ඝදයි දුන් දේ සුවදයි කියල මමත් මෙහේ පන්සලට කොරා.. එත් මෙහේ ඉපදුන සින්හල එවුන් පන්සලෙන් නිකන් කාල බිලා පින් කෑටයට සත පහක් නොදා ගියත් මුන් අපිව දෑක්කම ජාතකයම හොයන්නෙ නිකන් අපි හිගන්නු විදිහට හිතල. දෑන් එව්ව ඉවරයි

    ReplyDelete
  33. කාලින මාතෘකාව ක්... මම දැක්කා අලුත්ම මොස්ත්රේ පළතුරු දාන සහ පලතුරු තෝරන් ..බුකියේ ඔය පින්තුර දැක්කම මේ පලතුරු ටික කෑම වේලක් හොයාගන්න බැරි කෙනෙකුට දන් දෙන්න බැරි ඇයි බොලව් කියලා අහන්න හිතුන වාර අන්නන්තයි...එත් ඉතින් අපේ සමහර යාලුවෝ එහෙම ඇහුවොත් කුපිත වෙලා එයාල පවු පුරවා ගන්නවානේ..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>