ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා
ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා
යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා
නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා
ටික දුරක් ගංදියේ කඩිසරව පාවෙලා
ගලායන සැඩරලේ රුහැන් පට බිදදමා
බැද දමා තිබු තැනින් ඔරුකදත් ගිලිහුනා
රැහැන් පට ගං දියේ එක තැනම පාවුනා
සැඩරලේ බිහිසුනුව සිව්අතේ පාවෙලා
නිසල දිය ඇති තැනදි මොහොතකට නැවතිලා
යන අතර තැනින් තැන ලැබෙන දේ පුරවලා
සෙල්මුවා තොටුපලක ඔරුකදක් නැවතුනා
බැද තිබු උණ පදුරෙ කාලයක් පැටලිලා
ගං දියේ හතර අත දුක්බරව පාවෙලා
ගග හිදෙන ඉඩෝරේ වැලි මත්තේ වේලිලා
උඩු අතට දිය ගලයි රැහන්පට සැනසිලා
සෙල්මුවා තොටුපලෙන් තොටියෙකුත් ගොඩවෙලා
දුර්වර්ණ ඔරුබදට සායමක් ගෑවිලා
බිහිසුනුම සැඩරලෙත් කීකරුව පාවෙලා
තොටුපලේ ඔරුකදක් ගං දැල සනසනා
ඒ ගොඩත් මේ ගොඩත් කාලයක් සැරිසරා
පරිවාර තොටියනුත් තොටි තෙමොට පුදකලා
පැතුයේ තොටුපලක් නොවන බව සිහිවෙලා
රැහැන්පට තනියෙන්ම ගං දියේ වැලපුනා
ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා
යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා
නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා
ටික දුරක් ගංදියේ කඩිසරව පාවෙලා
ගලායන සැඩරලේ රුහැන් පට බිදදමා
බැද දමා තිබු තැනින් ඔරුකදත් ගිලිහුනා
රැහැන් පට ගං දියේ එක තැනම පාවුනා
සැඩරලේ බිහිසුනුව සිව්අතේ පාවෙලා
නිසල දිය ඇති තැනදි මොහොතකට නැවතිලා
යන අතර තැනින් තැන ලැබෙන දේ පුරවලා
සෙල්මුවා තොටුපලක ඔරුකදක් නැවතුනා
බැද තිබු උණ පදුරෙ කාලයක් පැටලිලා
ගං දියේ හතර අත දුක්බරව පාවෙලා
ගග හිදෙන ඉඩෝරේ වැලි මත්තේ වේලිලා
උඩු අතට දිය ගලයි රැහන්පට සැනසිලා
සෙල්මුවා තොටුපලෙන් තොටියෙකුත් ගොඩවෙලා
දුර්වර්ණ ඔරුබදට සායමක් ගෑවිලා
බිහිසුනුම සැඩරලෙත් කීකරුව පාවෙලා
තොටුපලේ ඔරුකදක් ගං දැල සනසනා
ඒ ගොඩත් මේ ගොඩත් කාලයක් සැරිසරා
පරිවාර තොටියනුත් තොටි තෙමොට පුදකලා
පැතුයේ තොටුපලක් නොවන බව සිහිවෙලා
රැහැන්පට තනියෙන්ම ගං දියේ වැලපුනා
මගුලක් කතා කරනවා... උඹ ආයෙ කවියක් දැම්මොත්, "මම" අටම්පහුර කියවන එක වාරණය කරණවා... අම්මපා සත්තයි !!
ReplyDeleteඅම්මපා ඇත්ත
Deleteතොටි තෙමොට පුදකලා////
ReplyDeleteමේකෙ තේරුම මොකද්ද අටං අය්යෙ...
සිරාවටම දන්නැති හන්ද ඇහුව්වෙ...
කවිය ලස්සනයි ඇත්තටම අපූරුයි
තේරුම ඔය අහපු එකම තමයි මචං
Deleteම්හු....... පට්ටේටම තේරුනා මොකද්ද කියලා තියෙන්නේ කියලා.... කොටින්ම මට අටම්ගේ කයිය පපා ගන්න හිතුනා...... හොඳ වෙලාවට ලඟපාත නැත්තේ .....
ReplyDeleteඅහුවුන වෙිලාවක හරි කරහන්.
Deleteමගෙ ඔරු කඳත් දිරාලා
Deleteකොල්ලෑවෙ ලණු කැඩීලා …
මේ ඔරුව නං ටොප්… මෙන්ඩියගෙ වචනෙන් එල ද බ්‍රා !!!!!
ඔව් ඔව් මැලෙ අමතක නොකර හමුවුනු වෙලාවක කොරහන්
Deleteඑල ද බ්‍රා කියනවා මිසක් අපිට කවි ගොතන්න තේරෙනවා කියලද?
ReplyDeleteආයිත් අහල ….
Deleteඒ වුනාට තේරෙනව වගේ ඉම්මු. ලොකු පොරවල් එහෙමලු. අපි කියල මොනවයිං අඩුවද්ද බං ඈ ?? සල්ලිද යාන වාහනද ඉඩකඩංද උගත්කමද ඈ ??
මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්
ReplyDeleteතල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටිය ..
බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට
ඇදපන් ගොනෝ ඇදපන් හපුතල් යනවා ......
ජිවිතයේ එක තොටුපලක් විතරක් නම් තියෙන්නේ..... මං හිතන විදියට වාසනාවක්...... ඒත්..... තොටියෙකුට අහුවෙන තොටුපලකින් බහින්න වෙනවා. ඒකට කරන්න දෙයක් නැනේ.....
ReplyDeleteඒත් ඔරුවකට වෙන්නේ ගොඩවෙන තොටියත් එක්ක ගංදියේ.... ඒ අතට මේ අතට පාවෙන්න විතරයි..... රැහැන් පටත් එලෙසමයි.....
ඕක නේද අටම් ...... ඔය කියන්න හදන්නේ...... ජිවිතේ ඔහොම තමයි..... නිසලව ගලන්නේ නැ.....
ඔරුවට තොටිය ගොඩවෙනවා කියන්නේ ටිකක් කේස් වගේ
ReplyDeleteඔරු කඳ නියමයි.. හැක් හැක්..
ReplyDeleteජ ය වේ වා !!!!
ඕ යේස්. … අඩි 40 ට්‍රෝලර් එකක් එක්ක ඇරියහැකි … !!!!!!
Deleteමෙන්න ඔරු නං ඔරු …
අපූරුයි.........
ReplyDeleteඔරුකඳ යාවි ඈත පාවී
ReplyDeleteගඟ දිය ගලා ගියාවේ
පදින්න ආස නැද්ද නංගෝ
සදාල කෙසෙල් කඳන් පාරූ …
- ෆ්ලෑෂ් බෑක් -
සක් ...
ReplyDeleteකවිය මොනා වුනත් ඔරුව නම් පදින්න හිතෙනවා , ඉහත තත්වයන් සහ ප්‍රමිතීන් යටතේ
අනේ බං මට නං ඔරුවක කේස් එකකට වඩා බූට් එකක් කාපු කෙල්ලෙක් දුක කියනවා වගේ.
ReplyDelete//බැද තිබු උණ පදුරෙ කාලයක් පැටලිලා
ගං දියේ හතර අත දුක්බරව පාවෙලා
ගග හිදෙන ඉඩෝරේ වැලි මත්තේ වේලිලා
උඩු අතට දිය ගලයි රැහන්පට සැනසිලා//
එකින් එකට කියන්න බැරි උනත් මේක තමා මං ආසම එක.
රැහැන් පොට පැතූවේ තොටුපොළක් නොවේනම්
ReplyDeleteඒ වෙන මොකක්දැයි නොසඟවා කියාපන්
කවියයි ඔරුවයි කොහොම උනත් තොටිය නං කියල වැඩක් නෑ.ඒක නෙවෙයි ඔය ඔරුව තියෙන්නෙ කොහෙද කියල ඔත්තුවක් දෙන්න බැරිද.
ReplyDeleteපැතුයේ තොටුපලක් නොවන බව සිහිවෙලා
ReplyDeleteරැහැන්පට තනියෙන්ම ගං දියේ වැලපුනා
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න...
මේකට නම් ලියන්න වෙන්නේ සිඛ වළඳ විනිස, සද්ධර්මරතනාවලිය, වගේ ගැට පද විවරණයක් මිසක් අදහස් දැක්වීමක් නෙවෙයි.
ReplyDeleteඅතිශය සුපිරිය! :)
ReplyDeleteජීවිතේට ගලපගත්තමනම් කවියෙ වටිනාකම උපරිමයි.
ReplyDeleteහුටා!!!
ReplyDeleteඑයි මචන්. මට මේ ෆොටො එකේ ඉන්න නන්ගි එක්ක "හබල් ගාන්න ආසයි බන්. හික්ස්..
ReplyDelete