'' හෙලෝ මේ ''
'' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක බලන ගමන් ''
'' අර රාධිකා මතකයි නේද ඔයාට ''
'' කවුද මතක නැ ......ඉතින් කියන්ඩකෝ ''
'' ඇයි අර සුමිත්ගේ වෙඩින් එකේදි හම්බුනේ ..මගේ ක්ලාස්මේට් .....අර............ ''
'' අනේ අර මැරි කරල නැති එක්කෙනා නේද ...........ඉතින් කියන්නකා් ''
'' ඔව් ඔව් .එයා එදා අපිට දුන්න නම්බර් එකෙන් කතා කලා ''
'' හරි අනේ ..........ගෙදර ආපුවහම කතා කරමු .මං හිතුවා හදිස්සියක් කියල ''
'' හෝව් ..හෝව් ........මේ ... මේ .....තියන්ඩ එපා .. දුලානි..........''
'' කියන්ඩ අනේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ ඔයත් වද දෙනව ''
'' මේ අහන්ඩකෝ ..එදා රාධිකා දුන්න නම්බර් එකෙන් කතාකලේ ..එයාලගේ .....අම්මා ''
'' ඉතින් ''
'' එයාලගේ තාත්ත වැඩකරන ලොරියට මනුස්සයෙක් හැප්පිලා ...............රිමාන්ඩ් කරලලු ''
'' පව් අනේ ...''
'' උසාවියෙන් විසිදාහක දඩයක් ගහලලු ...........එයාලගාව සල්ලි නැලු අංකල්ව ගන්ඩ ........විසිදාහක් දෙන්ඩ පුලුවන්ද අහනව ''
'' ඉතින් ඔයා මොකද කියුවේ ''
'' ඒක තමයි මම මේ ඔයාට කතා කලේ ............... ntb එකවුන්ට් එකෙන් අරගන දෙන්ඩද අහන්ඩ ''
'' කියක්ද දැන් එයා දෙන්ඩ හදන්නේ ''
'' දඩය විසිදාහ ගෙවාගන්ඩ සල්ලි නැ කියන්නේ ...........හිරවෙලානේ ඇත්තේ ........අනික විසිදාහ කියුවට තව මොනවට ඕන වෙයිද දන්නැනේ .............මම ඒ ඇන්ටිගෙන් ඇහුවා ...........ඉතින් විසිදාහ ඇති වෙයිද කියල ................පව් බබා ඒ මනුස්සය අඩ අඩා කියනව ............අනේ පුතේ තියනවනං විසිපන්දාහක් දෙන්ඩලු ''
'' කොහෙටද දැන් සල්ලි දෙන්ඩ යන්නේ ''
' එකවුන්ට් නම්බර් එකක් දුන්නා ''
'' ඉතින අනේ තව පැය බාගයක්වත් නැනේ බැංකු වහන්ඩ ''
'' ඒක තමයි ........මම සල්ලි දෙන්ඩද ...........අද අංකල්ව එලියට ගන්ඩ බැරි උනොත් ලබන සදුදා වෙනකං ඉන්ඩ වෙනවලු ''
'' හරි හරි ඕන එකක් කරන්ඩ .....ඔයාට ඉතින් මාසෙකට දෙකකට සැරයක් ඔහොම නාස්තියක් කරේ නැත්තං නින්ද යන්නේ නැනේ ..........මං තියනව ''
ජංගම දුරකතනය සහ පසුම්බිය රැගෙන නිලකාමරයෙන් පිටතට පැමිනි අනුර
'' හංසිකා මම එලියට යනව කොල්ස් ආවොත් ආන්සර් කරන්න ''
'' හොදයි සර් ''
කාර්යාලයෙන් තම රථය මාර්ගයට දැමු අනුර මීටර් හාරපන්සියක් ඉදිරියෙන් ඇති ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදය අතරට තම රථය රිංගවා ඔරලෝසුව බැලුවේය
...........ශික් .........වහන්ඩ කලින් යන්ඩ පුලුවන් වෙයිද මන්දා ..............මොකෙක්හරි හප්පගනවත් ඇති .............සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන වාහන සමග බැංකුව ඉදිරියට පැමිනි අනුර වාහනය නැවැත්වීමට ඉඩක් නොමැති නිසා මාර්ගය අයිනේම වාහන නවත්වා හනිකට පැමින බැංකුවේ දොර තල්ලු කරන්නට උත්සාහ කරත්ම
'' සොරි සර් .......සර් විනාඩි පහක් පරක්කුයි ''
'' අර කට්ටියව ඇතුලේ ඉන්නේ ''
'' ඒ ක්ලොස් කරන්න කලින් ආපු කට්ටිය ...........''
'' ලොකු හදිස්සියක් .......මාවත් ඇතුලට ගන්න ''
'' මැනේජර් මහත්තය කියල තියෙන්නේ වැහුවට පස්සේ කාවවත් ඇතුට ගන්න එපා කියල ''
'' හරි මම මැනේජට කතා කරන්නං ''
'' සර් ඉක්මනට එන්නකෝ ඇතුලට ...........සර්ල ඉතින් හැමදාම එන අයනේ ..............අද පරක්කු උනා නේද සර් ''
'' ප්‍රීයන්ත මේ මහත්තය ආපුවහම ඕන වෙලාවක ඇතුලට ගන්න ''
බැංකුව තුලින් පැමිනි ඡේෂ්ඨ ආරක්ෂක නිලදාරියා දොර අගුල විවර කර අනුරට ඇතුලට ආරාධනා කලේය
ටික වේලාවක් පෝලිමේ ඉද රාධිකාගේ මව ලබාදුන් ගිනුම් අංකයට මුදල් බැරකල අනුර නැවතත් කාර්යාලයට පැමින . හංසිකා ගෙනැවිත් දුන් ලිපිගොනු කිහිපයක් පරික්ෂාකර අත්සන් තබා , මේසය යටින් දෙපා දික්කර අනිත්පස තිබෙන අමුත්තන් අසුන් ගන්නා එක් අසුනක් මතින් දෙපා තබා ගන කල්පනාවට වැටුනේය .
.............ඔය විසිපන්දාහ රාධිකාල ආයෙත් දුන්නත් එපා කියනව යාලුවන්ට සැරින් සැරේ දහය පහලව දීලා නොලැබිච්ච මුදල් කොච්චර ඇද්ද ...............එහෙව් එකේ .................පව් නැති බැරි මිනිස්සු ............ඒකිටත් කසාදයක් හරියන්නේ නැනේ ................කොහෙද වංසේ කබල් ගගා ඉන්නවනේ ..........මටත් වඩා මාස දෙකක් වැඩිමාල් ..............අර ජයන්තය ඕලෙවල් කාලේ ඉදන් පස්සෙන් ආවා ............කොහෙද ඌටවත් කැමති උන්නැනේ ............ඌත් තාම බැදල නැ ..........
...............අඩේ ජයන්තය දන්නවද දන්නැ මේ ආරංචිය ..............කොල් එකක් දාල කියන්ඩ ඕන ..........
'' හෙලෝ .....ජයියා ''
'' ඉතින් ඉතින් අනුරය ..ගොඩ දවසකින්''
'' කොහෙද ඉතින් අපි කොල් කරොත් මිසක් උඹල අපිට ගන්නව කියල යැ ..''
'' අනේ මචං ....සොරි ............මං පට්ට බිසි වෙලා බං ....ෆීල්ඩ් එකේ එහෙට මෙහෙට දුහනව ''
'' මේ ඒක නෙමෙයි අර රාධිකාලගේ තාත්ත රිමාන්ඩ් කරලලු ''
'' අප්පට සිරි අනුරය ...............උඹත් ටොපිය කෑවද ''
'' .ඒ ඇයි මචං එහෙම කියන්නේ ''
'' ඒකි මහගෑණිත් එක්ක එකතු වෙලා වටේටම ඔය බෝලෙම බස්සල , හොද ගානක් කඩාගන ගෙවල් හිටන් විකුණල ගිහින් ''
තෝත් අහුවුනාද......හෙක්..හෙක්.....
ReplyDeleteමැලේ මල්ලිය ලියපු ලිපිය කියෙව්වම මට ඉතුන වෙලාවක ......අපේ දත් ඩොකිල ගැන ලියන්න......
අපිනං අහුවෙයි ඔව්වට
Deleteසම හරක් ඉන්නව මචං ඩොකීල සෙට්වෙලා ගානට දත ගලවනව
තව සෙට් එකක් ඉන්නව දතට කෙලව ගන්නේ සිබින්ඩ ගිහිල්ලා නෙමෙයි , උන් ඉන්නේ උපතින්ම නිර්වින්දනය වෙලා , එහෙම පොරක් තමයි ඔය......කතාවේ අනුරය
...................මේ එක නෙමෙයි .......කමෙන්ට් එක දැක්කහම මට හිතුනේ කෙන්ජත් පුරස්චාර්වකේකට කෙලවගන කියල
ඔය හිතිච්ච වෙලාවේ වෙන එකෙක්ගේ නම දාලා හරි ලියපන් කෙන්ජයියේ
Deleteමැලේ මල්ලිය .....උඹ වගේම මටත් මුණ ගැහිල තිබෙනව ....අපේ රටේ & වෙන පීචන් රට වලින් බැට කාපු/කකා ඉන්න බුවාල ....ඉඩක් ලැබුනොත් ලියමු....
Deleteහෙක් හෙක්
ReplyDelete//'' හරි හරි ඕන එකක් කරන්ඩ .....ඔයාට ඉතින් මාසෙකට දෙකකට සැරයක් ඔහොම නාස්තියක් කරේ නැත්තං නින්ද යන්නේ නැනේ //
මෙහෙමත් උන් ඉන්නවා
ඒ වගේම
//'' ඒකි මහගෑණිත් එක්ක එකතු වෙලා වටේටම ඔය බෝලෙම බස්සල , හොද ගානක් කඩාගන ගෙවල් හිටන් විකුණල ගිහින් ''//
මෙහෙම එකියොත් ඉන්නවා. පට්ට.
මොකක්ද බං ඕකේ ඇති පට්ටේ
Deleteඔය වගේ පොරවල් ඉන්නවා. දවසක් මගේ ඔෆිස් එක ලඟට ඔහොම පොරක් ආවා. පොලීසියෙන් අල්ලලා දෙන්න රුපියල් 500ක් ඉල්ලුව. මම කල්පනා කළා පඩි අරන් දවසයි. මූ ගාව සල්ලි නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ මම ඌ වැඩ කරන ඔෆිස් එකේ ඉන්න මගේ යාලුවෙක්ගෙන් ඇහුවා. ඌ කිව්වා දෙන්න එපා කියලා. මම ගොඩ ගියා යාන්තමට. හැබැයි බොහොම ඉස්සර අඳුනන පොරක් මගේ 400 කට දුන්නා ඔය වගේ.
ReplyDeleteපොඩි ගනන් නං බං කොහොමටත් කෙලවෙනවම මයි
Deleteහ්ම්ම්ම්ම්...........කල්පනාව භාජනේකට දාලා නොබැලුවොත් කපෝතියි. අම්මපා අද කාලේ මේ වගේ සර්පයන්ගෙන් බේරිලා ඉන්න වෙනම 'ටිරිකිස් කෝස්' එකක් කරන්න වෙනවා.
ReplyDeleteසමහරු ඉන්නව හීනියට ගලවන්නේ , දැනෙන්නේවත් නැ
Deleteබස් එකේ බඩු සෙට් උනාම මුලින්ම රී ලෝඩ් එකකට කෙලවනවා. ඊට පස්සේ 2000 ක් විතර ඉල්ලනවා. සල්ලි ගන්න ආවම රූම එකකට ගිහින් අමර සැපක් දෙනවා. එතන ඉඳන් 5000 ඒවා කඩනවා. වේලි වේලි ඉන්න උන් අහු වෙනවා.
ReplyDeleteගොඩක් වෙලාවට ඕක කරන්නේ රට ගිහින් ආපු ඇන්ටිලා.
අපරාදේ සල්ලි , උඹට හොද සුද්දයක් දාලා වගේ
Deleteගෑණුත් දැක්කා, මේ වගේ ගෑණු නොදැක්කා!!!!
ReplyDelete:D :D :D
බජාර් එකේ ලලක්කා
Deleteකොල්ලො හිත හොඳ අක්කා
සුර සැප වික්කා
කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා
පෝයට සීලෙත් රැක්කා
සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා
මයියොක්ක පිපිඥ්ඤා
වම්බටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා
බජාර් එකේ ලලක්කා...
අක්කගෙ අම්ම ඉසක්කා
ඉස්සර එලවළු වික්කා
කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා
නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා
බජාර් එකේ ලලක්කා... ///
ගායනය, සංගීතය - චන්දු ද සිල්වා (ජොලි සීයා)
ගී පද - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ස්තූතියි සිංදු ඇනෝ!! :)
Deleteසින්දුවෝ අඹට රෙකෝඩ් බාර් එකක් තියනවද
Deleteඅපෙ කොම්පැනියෙ ඉස්සර හිටිය පොරක් අස්වෙලා ගියාට පස්සෙ දවසක් මට කොල් එකක් දිල කියනවදමිය එක්සැම් එකකට සල්ලිගෙවන්න විදියක් නැ 6000ක් දියන් කියල.මමත් එකපාරටම අර මාතලන් ගෙ තාත්තකියපු වගෙසතෙ අතෙ නැ කිවුව.පස්සෙ හොයද්දි මිනිහ වටෙටම වැඩෙ දිල.හැබැයි නැයෙකුටනම් අහුවෙලා 1යි 45 කින් බොහොම අමාරුවෙන් 65ක් අරන් ඉතිරිය දන් දිල ඉන්නෙ
ReplyDeleteචැහ් … අපෝ නෑයොද :D හොඳටම මදි ඒ ගාන …!!!
Deleteදමිය මාත් නැයෙක් කියල හිතාගන මටත් කියක් හරි දියං
Deleteඋඹට ඉතිං විසිකරන්න සල්ලි තියෙන නිසා හොඳයි.
ReplyDeleteඋඹටත් කීයක් හරි ඕනනං කියහං
Deleteමොනවා කියන්නද...
ReplyDeleteඔය වගේ එවුන් හැම තැනම...
සමහරක් උන් මැෂින් හදාගනත් පස්සේ සල්ලි දෙන්නං කියනව
Deleteඅද කාලේ ඇත්ත බොරුව හොයන්න බැ.... බස් එකේදිත් අපි දැන දැන.... අහුවෙනවා.....
ReplyDeleteමෙයත් හොද ටොපියක් කාල වගේ
Deleteගෑනු ගැට
ReplyDeleteගෑණු ගැට වසමය
Deleteගැට ගැනු රසමය
හොදට නරකට
දෙකට හිලමය
කියවලා වැලුවට පස්සේ මොනවා කියන්නද මන්දා....
ReplyDeleteමං පවුනේ මොනවාමහරි කියහං
Deleteවිපරීත කාලේ - කජ්ජේන පුහුලං !!!!
ReplyDeleteගෑණු නෙමෙයි මොකා ඇහුවත් දෙන්ඩ කියල සල්ලියක් නෑ බොසා…….. රෝල යන්නේ … ජීවිතේ දුකයි :D
නයට ඉල්ල ගන්න ගල් බෝතලයක් නැද්ද මෂ්ෂිනා?
Deleteගේයි ඉඩමයි තියල හරි උඹට ඇරං දෙනවා බොක්කා.. !!!
Deleteකීයක් හරි දෙන්ඩෙයි
DeleteCOMPITHARAYATA KELAVI ETHI ATHARA ,HADAGATTATA PASSE RIPLAI KARANU LABE, PHON EKAN RIPLAI KARANA EKA WATHAYAK SORI WEVA .ATAMA
ReplyDeleteයාන්තං හදාගත්තා
Deleteනෙද්දකින් මේ වගේ කාලකන්නි.. මම නම් දැන් ඕවගේ ඒවා කියවලාම කාටවත් උදව්වක් හැටියටනම් සල්ලි දෙන්නේ නෑ.. දෙනවා නම් අය ලැබෙයි කියල බලාපොරොත්තුවක් නැතුව තමා දෙන දෙයක්..
ReplyDeleteඒ උනාට එහෙම නිරපරාදේ විසිකරන්ඩ කෝ බං සල්ලි
Deleteවිසිපන්දාහ වගේද බන් ගැණු දෙන්නෙක්ම ගොඩ ගිහින්නේ
ReplyDeleteඑහෙනං ඉන්න තැනක් හොයාගන උඹත් කීයක් හරි දියං ...පවුනේ
Deleteහයියෝ... විසිදාහක් ඉල්ලුවම විසිපන්දාහක්ම දීල. අනුර වගේ මැටි ගෙම්බෙක්!
ReplyDeleteනෑ අනුර මනුස්කම් තියන ඔලුව ඉදිමුනේ නැති මිනිහෙක්.
Deleteහිතහොද ගැනි හැමදාම බඩින්ලුනේ බස්සියේ
Deleteසල්ලි විතරක් නෙවෙයි. ඔය හිතේ අමාරුව යන්නේ නෑ අවුරුදු ගණනාවක් යනකල්.
ReplyDeleteඒකනං ඇත්ත අප්පා ....මුන් මට ඇරියා නේද කියල හිතෙන කොට කොහොමද හිත වාවාගන්නේ
Deleteඅනුර වගේම එයාගේ බිරිදත් හොද හිතකින් උදව් කරා ඒත් අර ගැනු දෙන්නා කරපු පාහර වැඩේ නිසා අනුරයා ආය කවදාවත් කාටවත් උදව් කරන එකක් නෑ.
ReplyDeleteලියවිල්ල නම් එල ද බ්‍රා.
උඹ හරි මෙන්ඩියා
Deleteහරියට හරි මෙන්ඩිය.
Deleteනයිස් ටෝක්ෂ් එක බොසා… අකුරක් ගානෙ ඇත්ත !!!
Deleteඅම්මාපල්ලා අත්දැකීමෙන් කියන්නේ …
Deleteරිදී රත්‍තරන් ඇඳගෙන
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
'කළුඅප්පුගෙ දූ'යි කියල
කනකර බඩු දුන්නෙ කවුද
'කළුහාමියි දුන්නෙ ඒව'
සුදු අස්වය දුන්නෙ කවුද
'කළුඅප්පුයි දුන්නෙ ඌව'
අම්ම දුන්න කනකර බඩු
අප්ප දුන්න සුදු අස්වය
රිදී රත්‍තරන් ඇඳගෙන
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
'කළුඅප්පුගෙ දූ'යි කියල
එලොව ගිහින් මෙලොව ආවා (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - ජයලත් මනෝරත්න
එහෙම කියුවට ඔහොම පොරවල් හැදෙන්නේ නැ , හාවෝ වාගේ අහංසක වෙලා බැ බං
Deleteසින්දු ඇනෝ එල ද බ්‍රා
Deleteඅනුරගෙ ජොබ් එක මොකද්ද දන්නෙ නැහැ. ෂුවර් එකටම කස්ටම් එකේවත් වෙන්න ඇති.
ReplyDeleteඊටත් වඩා හොද තැනක , (හම්බ නොකලට)
Deleteඅනුර මෝඩයෙක් නෙවෙයිනේ ඉතිං. මිනිස්සු නොමිනිස්සු වෙනකොට මොනවා කරන්නද
ReplyDeleteමං මුකුත් කීවෙ නෑ ඕං !!!
Deleteඉවානයත් ඒ ජාතියේ ටොපි කාල තියන හැඩයි
Deleteඉවනයා එල ද බ්‍රා ටෝක් එක..
Delete25000 අරගෙන හරි උන් හැදෙනවනම් එච්චරයි මෂ්ෂිනේ.
අනුර ඇදගෙනනෙ නාල තියෙන්නෙ.
ReplyDeleteනෑ අයියන්ඩි ඔයාගෙන් වුනත් එහම ඉල්ලිමක් කරොත් උදව් නොකර ඉදියිද?
Deleteඋක්කුං තොප්පියෝ අපේ නැන්දම්මා හොදටම අසනීපවෙලා ඉස්පිරිතාලේ , අතේ සතේ නැ කීයක් හරි දියන්කෝ
Deleteඅටං අයියන්ඩි විහිලුවට එහම කිව්වට ඔයාගේ දුකක් කරදරයකදි කියලා බලන්න අපි එකතු නෙවෙයි කියලා හිතනවද?
Deleteමතකද යසෝදා නංගා වෙනුවෙන් අපි එකතු වුන හැටි.
මෙහෙම වෙලාවටයි හිතෙන්නෙ කිසම කෙනෙකුට කිසිම දවසක උදව් කරන්න හොඳ නෑ කියලා. ඒත් ඉතින් වෙලාවකට හිතෙනවා ඒ අය කරන හොඳ ඒ අය ළඟ තියේවි කියලා.
ReplyDeleteඕකත් එක්තරා ජාතියක හාවා වීමක්
Deleteඔහොම ගෑණු විතරක් නෙමේ බං මම දන්න සම්පූර්ණ පවුලක්ම ඉන්නව අනුන්ගෙ දේ හොර කාල සුද්දවන්තයො වගේ ඉන්න.
ReplyDeleteබොසා … හුකෑස් :D
Deleteආ ඒ පවුල නං අපිත් දන්නව … හා හා
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
Deleteමාලු නසී උඩින් වැටෙන ඇම කන හින්‍ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්‍ඳා//
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී
අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී
අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
මාලු නසී උඩින් වැටෙන ඇම කන හින්‍ඳා
යාලු නසී මේ මං වගෙ ලණු කන හින්‍ඳා//
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
යාලුවෝ මාලුවෝ යාලුවෝ//
තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - ජැක්‍සන් ඇන්‍තනී
ඉන්දික මහත්තය දැන් ණයට දෙන්නේ නැතෙයි
Deleteහොර ගෑනු කිව්වම මං මේ බැලුවෙ ඒත්...
ReplyDeleteදුහගන ආවානේ
Deleteකමක් නැහැ බං අනුරයාගේ පරමාර්ථය හොඳ එකක්නේ.
ReplyDeleteඅනික කවුද දන්නේ ජයියා බොරු කියනවාද කියලා කෙල්ල ඌට අකමැති වෙච්චි නිසා.
අර කිව්වැහේ එහෙමත් නොවෙන්ඩ බැනේ
Deleteවන සිව් පාවුන් වැනි මිනිසුන් මැද
ReplyDeleteදෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
ඒත් එක්කම...
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද
තුප්පහියන් වැනි මිනිසුන් ඇත..