2014-08-31

හොර ගෑණු



'' හෙලෝ මේ ''

'' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක බලන ගමන් ''

'' අර රාධිකා මතකයි නේද ඔයාට ''

'' කවුද මතක නැ ......ඉතින් කියන්ඩකෝ ''

'' ඇයි අර සුමිත්ගේ වෙඩින් එකේදි හම්බුනේ ..මගේ ක්ලාස්මේට් .....අර............ ''

'' අනේ අර මැරි කරල නැති එක්කෙනා නේද ...........ඉතින් කියන්නකා් ''

'' ඔව් ඔව් .එයා එදා අපිට දුන්න නම්බර් එකෙන් කතා කලා ''

'' හරි අනේ ..........ගෙදර ආපුවහම කතා කරමු .මං හිතුවා හදිස්සියක් කියල ''

'' හෝව් ..හෝව් ........මේ ... මේ .....තියන්ඩ එපා .. දුලානි..........''

'' කියන්ඩ අනේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ ඔයත් වද දෙනව ''

'' මේ අහන්ඩකෝ ..එදා රාධිකා දුන්න නම්බර් එකෙන් කතාකලේ ..එයාලගේ .....අම්මා ''

'' ඉතින් ''

'' එයාලගේ තාත්ත වැඩකරන ලොරියට මනුස්සයෙක් හැප්පිලා ...............රිමාන්ඩ් කරලලු ''

'' පව් අනේ ...''


'' උසාවියෙන් විසිදාහක  දඩයක් ගහලලු ...........එයාලගාව සල්ලි නැලු අංකල්ව ගන්ඩ ........විසිදාහක් දෙන්ඩ පුලුවන්ද අහනව ''

'' ඉතින් ඔයා මොකද කියුවේ ''

'' ඒක තමයි මම මේ ඔයාට කතා කලේ ............... ntb එකවුන්ට් එකෙන් අරගන දෙන්ඩද අහන්ඩ ''

'' කියක්ද දැන් එයා දෙන්ඩ හදන්නේ ''

'' දඩය විසිදාහ ගෙවාගන්ඩ සල්ලි නැ කියන්නේ ...........හිරවෙලානේ ඇත්තේ ........අනික විසිදාහ කියුවට තව මොනවට ඕන වෙයිද දන්නැනේ .............මම ඒ ඇන්ටිගෙන් ඇහුවා ...........ඉතින් විසිදාහ ඇති වෙයිද කියල ................පව් බබා ඒ මනුස්සය අඩ අඩා කියනව ............අනේ පුතේ තියනවනං විසිපන්දාහක් දෙන්ඩලු ''

'' කොහෙටද දැන් සල්ලි දෙන්ඩ යන්නේ ''

' එකවුන්ට් නම්බර් එකක් දුන්නා ''

'' ඉතින අනේ තව පැය බාගයක්වත් නැනේ බැංකු වහන්ඩ ''

'' ඒක තමයි ........මම සල්ලි දෙන්ඩද ...........අද අංකල්ව එලියට ගන්ඩ බැරි උනොත් ලබන සදුදා වෙනකං ඉන්ඩ වෙනවලු ''

'' හරි හරි ඕන එකක් කරන්ඩ .....ඔයාට ඉතින් මාසෙකට දෙකකට සැරයක් ඔහොම නාස්තියක් කරේ නැත්තං නින්ද යන්නේ නැනේ ..........මං තියනව ''

ජංගම දුරකතනය සහ පසුම්බිය රැගෙන නිලකාමරයෙන් පිටතට පැමිනි අනුර

'' හංසිකා මම එලියට යනව කොල්ස් ආවොත් ආන්සර් කරන්න ''


'' හොදයි සර් ''

කාර්යාලයෙන් තම රථය මාර්ගයට දැමු අනුර මීටර් හාරපන්සියක් ඉදිරියෙන් ඇති ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදය අතරට තම රථය රිංගවා ඔරලෝසුව බැලුවේය

...........ශික් .........‍වහන්ඩ කලින් යන්ඩ පුලුවන් වෙයිද මන්දා ..............මොකෙක්හරි හප්පගනවත් ඇති .............සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන වාහන සමග බැංකුව ඉදිරියට පැමිනි අනුර වාහනය නැවැත්වීමට ඉඩක් නොමැති නිසා මාර්ගය අයිනේම වාහන නවත්වා හනිකට පැමින බැංකුවේ දොර තල්ලු කරන්නට උත්සාහ කරත්ම

'' සොරි සර් .......සර් විනාඩි පහක් පරක්කුයි ''

'' අර කට්ටියව ඇතුලේ ඉන්නේ ''

'' ඒ ක්ලොස් කරන්න කලින් ආපු කට්ටිය ...........''

'' ලොකු හදිස්සියක් .......මාවත් ඇතුලට ගන්න ''

'' මැනේජර් මහත්තය කියල තියෙන්නේ වැහුවට පස්සේ කාවවත් ඇතුට ගන්න එපා කියල ''

'' හරි මම මැනේජට කතා කරන්නං ''

'' සර් ඉක්මනට එන්නකෝ ඇතුලට ...........සර්ල ඉතින් හැමදාම එන අයනේ ..............අද පරක්කු උනා නේද සර් ''

'' ප්‍රීයන්ත මේ මහත්තය ආපුවහම ඕන වෙලාවක ඇතුලට ගන්න ''

බැංකුව තුලින් පැමිනි ඡේෂ්ඨ ආරක්ෂක නිලදාරියා දොර අගුල විවර කර අනුරට ඇතුලට ආරාධනා කලේය

ටික වේලාවක් පෝලිමේ ඉද රාධිකාගේ මව ලබාදුන් ගිනුම් අංකයට මුදල් බැරකල අනුර නැවතත් කාර්යාලයට පැමින . හංසිකා ගෙනැවිත් දුන් ලිපිගොනු කිහිපයක් පරික්ෂාකර අත්සන් තබා , මේසය යටින් දෙපා දික්කර අනිත්පස තිබෙන අමුත්තන් අසුන් ගන්නා එක් අසුනක් මතින් දෙපා තබා ගන කල්පනාවට වැටුනේය .

.............ඔය විසිපන්දාහ රාධිකාල ආයෙත් දුන්නත් එපා කියනව යාලුවන්ට සැරින් සැරේ දහය පහලව දීලා නොලැබිච්ච මුදල් කොච්චර ඇද්ද ...............එහෙව් එකේ .................පව් නැති බැරි මිනිස්සු ............ඒකිටත් කසාදයක් හරියන්නේ නැනේ ................කොහෙද වංසේ කබල් ගගා ඉන්නවනේ ..........මටත් වඩා මාස දෙකක් වැඩිමාල් ..............අර ජයන්තය ඕලෙවල් කාලේ ඉදන් පස්සෙන් ආවා ............කොහෙද ඌටවත් කැමති උන්නැනේ ............ඌත් තාම බැදල නැ ..........

...............අඩේ ජයන්තය දන්නවද දන්නැ මේ ආරංචිය ..............කොල් එකක් දාල කියන්ඩ ඕන ..........

'' හෙලෝ .....ජයියා ''

'' ඉතින් ඉතින් අනුරය ..ගොඩ දවසකින්''

'' කොහෙද ඉතින් අපි කොල් කරොත් මිසක් උඹල අපිට ගන්නව කියල යැ ..''

'' අනේ මචං ....සොරි ............මං පට්ට බිසි වෙලා බං ....ෆීල්ඩ් එකේ එහෙට මෙහෙට දුහනව ''

'' මේ ඒක නෙමෙයි අර රාධිකාලගේ තාත්ත රිමාන්ඩ් කරලලු ''

'' අප්පට සිරි අනුරය ...............උඹත් ටොපිය කෑවද ''

'' .ඒ ඇයි මචං එහෙම කියන්නේ ''

'' ඒකි මහගෑණිත් එක්ක එකතු වෙලා වටේටම ඔය බෝලෙම බස්සල , හොද ගානක් කඩාගන ගෙවල් හිටන් විකුණල ගිහින් ''



72 comments:

  1. තෝත් අහුවුනාද......හෙක්..හෙක්.....
    මැලේ මල්ලිය ලියපු ලිපිය කියෙව්වම මට ඉතුන වෙලාවක ......අපේ දත් ඩොකිල ගැන ලියන්න......

    ReplyDelete
    Replies
    1. අපිනං අහුවෙයි ඔව්වට

      සම හරක් ඉන්නව මචං ඩොකීල සෙට්වෙලා ගානට දත ගලවනව

      තව සෙට් එකක් ඉන්නව දතට කෙලව ගන්නේ සිබින්ඩ ගිහිල්ලා නෙමෙයි , උන් ඉන්නේ උපතින්ම නිර්වින්දනය වෙලා , එහෙම පොරක් තමයි ඔය......කතාවේ අනුරය


      ...................මේ එක නෙමෙයි .......කමෙන්ට් එක දැක්කහම මට හිතුනේ කෙන්ජත් පුරස්චාර්වකේකට කෙලවගන කියල

      Delete
    2. ඔය හිතිච්ච වෙලාවේ වෙන එකෙක්ගේ නම දාලා හරි ලියපන් කෙන්ජයියේ

      Delete
    3. මැලේ මල්ලිය .....උඹ වගේම මටත් මුණ ගැහිල තිබෙනව ....අපේ රටේ & වෙන පීචන් රට වලින් බැට කාපු/කකා ඉන්න බුවාල ....ඉඩක් ලැබුනොත් ලියමු....

      Delete
  2. හෙක් හෙක්
    //'' හරි හරි ඕන එකක් කරන්ඩ .....ඔයාට ඉතින් මාසෙකට දෙකකට සැරයක් ඔහොම නාස්තියක් කරේ නැත්තං නින්ද යන්නේ නැනේ //
    මෙහෙමත් උන් ඉන්නවා
    ඒ වගේම
    //'' ඒකි මහගෑණිත් එක්ක එකතු වෙලා වටේටම ඔය බෝලෙම බස්සල , හොද ගානක් කඩාගන ගෙවල් හිටන් විකුණල ගිහින් ''//
    මෙහෙම එකියොත් ඉන්නවා. පට්ට.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඕකේ ඇති පට්ටේ

      Delete
  3. ඔය වගේ පොරවල් ඉන්නවා. දවසක් මගේ ඔෆිස් එක ලඟට ඔහොම පොරක් ආවා. පොලීසියෙන් අල්ලලා දෙන්න රුපියල් 500ක් ඉල්ලුව. මම කල්පනා කළා පඩි අරන් දවසයි. මූ ගාව සල්ලි නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ මම ඌ වැඩ කරන ඔෆිස් එකේ ඉන්න මගේ යාලුවෙක්ගෙන් ඇහුවා. ඌ කිව්වා දෙන්න එපා කියලා. මම ගොඩ ගියා යාන්තමට. හැබැයි බොහොම ඉස්සර අඳුනන පොරක් මගේ 400 කට දුන්නා ඔය වගේ.

    ReplyDelete
    Replies
    1. පොඩි ගනන් නං බං කොහොමටත් කෙලවෙනවම මයි

      Delete
  4. හ්ම්ම්ම්ම්...........කල්පනාව භාජනේකට දාලා නොබැලුවොත් කපෝතියි. අම්මපා අද කාලේ මේ වගේ සර්පයන්ගෙන් බේරිලා ඉන්න වෙනම 'ටිරිකිස් කෝස්' එකක් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නව හීනියට ගලවන්නේ , දැනෙන්නේවත් නැ

      Delete
  5. බස් එකේ බඩු සෙට් උනාම මුලින්ම රී ලෝඩ් එකකට කෙලවනවා. ඊට පස්සේ 2000 ක් විතර ඉල්ලනවා. සල්ලි ගන්න ආවම රූම එකකට ගිහින් අමර සැපක් දෙනවා. එතන ඉඳන් 5000 ඒවා කඩනවා. වේලි වේලි ඉන්න උන් අහු වෙනවා.
    ගොඩක් වෙලාවට ඕක කරන්නේ රට ගිහින් ආපු ඇන්ටිලා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ සල්ලි , උඹට හොද සුද්දයක් දාලා වගේ

      Delete
  6. ගෑණුත් දැක්කා, මේ වගේ ගෑණු නොදැක්කා!!!!

    :D :D :D

    ReplyDelete
    Replies
    1. බජාර් එකේ ලලක්කා
      කොල්ලො හිත හොඳ අක්කා
      සුර සැප වික්කා
      කාගෙත් වත ගොත රැක්කා
      සිල් අරගත්තා
      පෝයට සීලෙත් රැක්කා
      සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
      මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
      මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
      හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

      මයියොක්ක පිපිඥ්ඤා
      වම්බටු පොඩි බණ්ඩක්කා
      කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
      නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
      නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
      දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

      බජාර් එකේ ලලක්කා...

      අක්කගෙ අම්ම ඉසක්කා
      ඉස්සර එලවළු වික්කා
      කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
      නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා
      නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා
      වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා

      බජාර් එකේ ලලක්කා... ///



      ගායනය, සංගීතය - චන්දු ද සිල්වා (ජොලි සීයා)
      ගී පද - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

      Delete
    2. සින්දුවෝ අඹට රෙකෝඩ් බාර් එකක් තියනවද

      Delete
  7. අපෙ කොම්පැනියෙ ඉස්සර හිටිය පොරක් අස්වෙලා ගියාට පස්සෙ දවසක් මට කොල් එකක් දිල කියනවදමිය එක්සැම් එකකට සල්ලිගෙවන්න විදියක් නැ 6000ක් දියන් කියල.මමත් එකපාරටම අර මාතලන් ගෙ තාත්තකියපු වගෙසතෙ අතෙ නැ කිවුව.පස්සෙ හොයද්දි මිනිහ වටෙටම වැඩෙ දිල.හැබැයි නැයෙකුටනම් අහුවෙලා 1යි 45 කින් බොහොම අමාරුවෙන් 65ක් අරන් ඉතිරිය දන් දිල ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. චැහ් … අපෝ නෑයොද :D හොඳටම මදි ඒ ගාන …!!!

      Delete
    2. දමිය මාත් නැයෙක් කියල හිතාගන මටත් කියක් හරි දියං

      Delete
  8. උඹට ඉතිං විසිකරන්න සල්ලි තියෙන නිසා හොඳයි.

    ReplyDelete
    Replies
    1. උඹටත් කීයක් හරි ඕනනං කියහං

      Delete
  9. මොනවා කියන්නද...

    ඔය වගේ එවුන් හැම තැනම...

    ReplyDelete
    Replies
    1. සමහරක් උන් මැෂින් හදාගනත් පස්සේ සල්ලි දෙන්නං කියනව

      Delete
  10. අද කාලේ ඇත්ත බොරුව හොයන්න බැ.... බස් එකේදිත් අපි දැන දැන.... අහුවෙනවා.....

    ReplyDelete
    Replies
    1. මෙයත් හොද ටොපියක් කාල වගේ

      Delete
  11. Replies
    1. ගෑණු ගැට වසමය
      ගැට ගැනු රසමය
      හොදට නරකට
      දෙකට හිලමය

      Delete
  12. කියවලා වැලුවට පස්සේ මොනවා කියන්නද මන්දා....

    ReplyDelete
    Replies
    1. මං පවුනේ මොනවාමහරි කියහං

      Delete
  13. විපරීත කාලේ - කජ්ජේන පුහුලං !!!!

    ගෑණු නෙමෙයි මොකා ඇහුවත් දෙන්ඩ කියල සල්ලියක් නෑ බොසා…….. රෝල යන්නේ … ජීවිතේ දුකයි :D

    ReplyDelete
    Replies
    1. නයට ඉල්ල ගන්න ගල් බෝතලයක් නැද්ද මෂ්ෂිනා?

      Delete
    2. ගේයි ඉඩමයි තියල හරි උඹට ඇරං දෙනවා බොක්කා.. !!!

      Delete
    3. කීයක් හරි දෙන්ඩෙයි

      Delete
  14. COMPITHARAYATA KELAVI ETHI ATHARA ,HADAGATTATA PASSE RIPLAI KARANU LABE, PHON EKAN RIPLAI KARANA EKA WATHAYAK SORI WEVA .ATAMA

    ReplyDelete
  15. නෙද්දකින් මේ වගේ කාලකන්නි.. මම නම් දැන් ඕවගේ ඒවා කියවලාම කාටවත් උදව්වක් හැටියටනම් සල්ලි දෙන්නේ නෑ.. දෙනවා නම් අය ලැබෙයි කියල බලාපොරොත්තුවක් නැතුව තමා දෙන දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එහෙම නිරපරාදේ විසිකරන්ඩ කෝ බං සල්ලි

      Delete
  16. විසිපන්දාහ වගේද බන් ගැණු දෙන්නෙක්ම ගොඩ ගිහින්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉන්න තැනක් හොයාගන උඹත් කීයක් හරි දියං ...පවුනේ

      Delete
  17. හයියෝ... විසිදාහක් ඉල්ලුවම විසිපන්දාහක්ම දීල. අනුර වගේ මැටි ගෙම්බෙක්!

    ReplyDelete
    Replies
    1. නෑ අනුර මනුස්කම් තියන ඔලුව ඉදිමුනේ නැති මිනිහෙක්.

      Delete
    2. හිතහොද ගැනි හැමදාම බඩින්ලුනේ බස්සියේ

      Delete
  18. සල්ලි විතරක් නෙවෙයි. ඔය හිතේ අමාරුව යන්නේ නෑ අවුරුදු ගණනාවක් යනකල්.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත අප්පා ....මුන් මට ඇරියා නේද කියල හිතෙන කොට කොහොමද හිත වාවාගන්නේ

      Delete
  19. අනුර වගේම එයාගේ බිරිදත් හොද හිතකින් උදව් කරා ඒත් අර ගැනු දෙන්නා කරපු පාහර වැඩේ නිසා අනුරයා ආය කවදාවත් කාටවත් උදව් කරන එකක් නෑ.
    ලියවිල්ල නම් එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. නයිස් ටෝක්ෂ් එක බොසා… අකුරක් ගානෙ ඇත්ත !!!
      අම්මාපල්ලා අත්දැකීමෙන් කියන්නේ …

      Delete


    2. රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
      හැට්ට රෙද්ද උජාරුවට
      අස්සය පිට නැග යනකොට
      දකින දකින අය කියාවි
      ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
      'කළුඅප්පුගෙ දූ'යි කියල
      කනකර බඩු දුන්නෙ කවුද
      'කළුහාමියි දුන්නෙ ඒව'
      සුදු අස්වය දුන්නෙ කවුද
      'කළුඅප්පුයි දුන්නෙ ඌව'
      අම්ම දුන්න කනකර බඩු
      අප්ප දුන්න සුදු අස්වය

      රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
      හැට්ට රෙද්ද උජාරුවට
      අස්සය පිට නැග යනකොට
      දකින දකින අය කියාවි
      ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
      'කළුඅප්පුගෙ දූ'යි කියල

      එ‍ලො‍ව‍ ගි‍හි‍න්‍ මෙ‍ලො‍ව ආ‍වා (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
      ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න

      Delete
    3. එහෙම කියුවට ඔහොම පොරවල් හැදෙන්නේ නැ , හාවෝ වාගේ අහංසක වෙලා බැ බං

      Delete
    4. සින්දු ඇනෝ එල ද බ්‍රා

      Delete
  20. අනුරගෙ ජොබ් එක මොකද්ද දන්නෙ නැහැ. ෂුවර් එකටම කස්ටම් එකේවත් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා හොද තැනක , (හම්බ නොකලට)

      Delete
  21. අනුර මෝඩයෙක් නෙවෙයිනේ ඉතිං. මිනිස්සු නොමිනිස්සු වෙනකොට මොනවා කරන්නද

    ReplyDelete
    Replies
    1. මං මුකුත් කීවෙ නෑ ඕං !!!

      Delete
    2. ඉවානයත් ඒ ජාතියේ ටොපි කාල තියන හැඩයි

      Delete
    3. ඉවනයා එල ද බ්‍රා ටෝක් එක..
      25000 අරගෙන හරි උන් හැදෙනවනම් එච්චරයි මෂ්ෂිනේ.

      Delete
  22. අනුර ඇදගෙනනෙ නාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ අයියන්ඩි ඔයාගෙන් වුනත් එහම ඉල්ලිමක් කරොත් උදව් නොකර ඉදියිද?

      Delete
    2. උක්කුං තොප්පියෝ අපේ නැන්දම්මා හොදටම අසනීපවෙලා ඉස්පිරිතාලේ , අතේ සතේ නැ කීයක් හරි දියන්කෝ

      Delete
    3. අටං අයියන්ඩි විහිලුවට එහම කිව්වට ඔයාගේ දුකක් කරදරයකදි කියලා බලන්න අපි එකතු නෙවෙයි කියලා හිතනවද?
      මතකද යසෝදා නංගා වෙනුවෙන් අපි එකතු වුන හැටි.

      Delete
  23. මෙහෙම වෙලාවටයි හිතෙන්නෙ කිසම කෙනෙකුට කිසිම දවසක උදව් කරන්න හොඳ නෑ කියලා. ඒත් ඉතින් වෙලාවකට හිතෙනවා ඒ අය කරන හොඳ ඒ අය ළඟ තියේවි කියලා.

    ReplyDelete
    Replies
    1. ඕකත් එක්තරා ජාතියක හාවා වීමක්

      Delete
  24. ඔහොම ගෑණු විතරක් නෙමේ බං මම දන්න සම්පූර්ණ පවුලක්ම ඉන්නව අනුන්ගෙ දේ හොර කාල සුද්දවන්තයො වගේ ඉන්න.

    ReplyDelete
    Replies
    1. බොසා … හුකෑස් :D
      ආ ඒ පවුල නං අපිත් දන්නව … හා හා

      Delete
    2. යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
      මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍//
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

      පණ දෙන්නට කියා ඇවිත්
      හුස්ම ඩිංග හිර කරතී
      වලකින් ගොඩලන්න කියා
      ගල් ගෙඩියක් දමා යතී

      අවුලට ඇවිදින් ලංවී
      රැවුලට ගිනි තියා යතී
      උණු හින්ඳා බොන්න බැරී
      කිරි හින්ඳා හලනු බැරී

      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

      ඉස්සරහින් යන්න එපා
      පිටිපස්සෙන් ඇවිත් අනී
      පිටිපස්සෙන් යන්න එපා
      බොරු වළකට දමා පනී

      අත්වැල් බැඳ යන්න එපා
      විපතක් දුටු මතින් පනී
      ඇතුවත් බැරි නැතුවත් බැරි
      දෙයියො දනී කුමක් වැනී

      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
      මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍//
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

      තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
      ගා‍ය‍න‍ය‍ - ජැ‍ක්‍ස‍න්‍ ඇ‍න්‍ත‍නී‍

      Delete
    3. ඉන්දික මහත්තය දැන් ණයට දෙන්නේ නැතෙයි

      Delete
  25. හොර ගෑනු කිව්වම මං මේ බැලුවෙ ඒත්...

    ReplyDelete
  26. කමක් නැහැ බං අනුරයාගේ පරමාර්ථය හොඳ එකක්නේ.
    අනික කවුද දන්නේ ජයියා බොරු කියනවාද කියලා කෙල්ල ඌට අකමැති වෙච්චි නිසා.

    ReplyDelete
    Replies
    1. අර කිව්වැහේ එහෙමත් නොවෙන්ඩ බැනේ

      Delete
  27. වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..

    ඒත් එක්කම...

    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් මැද
    තුප්පහියන් වැනි මිනිසුන් ඇත..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද
    මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර,…
  • HA-2045 ballpoint needles applied to household machines
  • Complete Restoration Of 70 Years Old Rusted Kaufmann Solingen Scissor | ...
  • ටීනගේ මෙව්වා ඒක
    අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ…
  • මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • How to write a Sinhala blog  ( 10 ) බ්ලොග් රෝලක් ( බ්ලොග් ලිස්ට් එකක් )  එක්කරගන්නා ආකාර
    නමවෙනි කොටස මෙතැනින්  බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික්…
  • පිරිකර ඇරුනහම ලියුං කවර ටිකකුත්
    '' අපේ හාමුදුරුවනේ දානෙට ඔබවහන්සෙල  වඩම්මන්ඩ කියල '' ''  මම කරඩුවහන්සෙ වඩම්මගන අනිත්  උන්නාන්සෙල එක්ක එන්නං .  මහත්තයල දංගෙට…
  • How to adjust the timing on singer zigzag machines
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • අතිගරු ජනාධිපතිතුමනි
    ඔබතුමා අපේ  භාරකාරයා විදිහට පත් උනාට පස්සේ යම් යම් තීන්දු තීරණ ගන්න විදිහ දැක්කහම , කරන්න උත්සාහ කරන දේවල්  දැක්කහම ඔබතුමා…
  • එකසිය තිහක්වත් ඒකක දෙනු මාමේ
    හිච්චි එකා කාලේ මං ලොකු                 මාමේ නහය දිග මාම අපේ මාමලු          …
  • තාත්තෙක් මං
    රූස්ස ගස් වලින් හැදිච්ච තනි කැළැ මන්ඩියක අවාරෙට වැටිච්ච ඇටයකින් පැලවෙච්ච පළ දරපු ගහෙත් පරාග දුන්න ගහෙත් හෙවන අතරින් පතර ලැබිලා මහ රුස්ස…
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • Points to consider when using Face mask and Public Water taps
  • singer zig zag sewing machine 974 , 1288 , 288 , 247 නූල් බුරුල් ලෙඩේ  , නූල් කැඩෙන  ලෙඩේ හදාගන්නේ කොහොමද
    මේ මොඩල් එකේ සිග්සැග් මෙෂින්  තමයි ලංකාවේ ගෙවල්වල වැඩියෙන්ම තියෙන්නේ , මොඩ්ල් නම්බර් එක වෙනස් උනහම සුලු සුලු වෙනස්කම් කිහිපයක් තිබෙනවා උනාට…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • මල් සින්දු කියන මල්ලියෙක්ට
    නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා      …
1,645,727

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>