2014-08-08

බැද දමා තිබු තැනින්

ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා
ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා
යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා
නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා

ටික දුරක් ගංදියේ කඩිසරව පාවෙලා
ගලායන සැඩරලේ රුහැන් පට බිදදමා
බැද දමා තිබු තැනින් ඔරුකදත් ගිලිහුනා
රැහැන් පට ගං දියේ එක තැනම පාවුනා

සැඩරලේ බිහිසුනුව සිව්අතේ පාවෙලා
නිසල දිය ඇති තැනදි මොහොතකට නැවතිලා
යන අතර තැනින් තැන ලැබෙන දේ පුරවලා
සෙල්මුවා තොටුපලක ඔරුකදක් නැවතුනා

බැද තිබු උණ පදුරෙ කාලයක් පැටලිලා
ගං දියේ හතර අත දුක්බරව පාවෙලා
ගග හිදෙන ඉඩෝරේ වැලි මත්තේ වේලිලා
උඩු අතට දිය ගලයි රැහන්පට සැනසිලා

සෙල්මුවා තොටුපලෙන් තොටියෙකුත් ගොඩවෙලා
දුර්වර්ණ ඔරුබදට සායමක් ගෑවිලා
බිහිසුනුම සැඩරලෙත් කීකරුව පාවෙලා
තොටුපලේ ඔරුකදක් ගං දැල සනසනා

ඒ ගොඩත් මේ ගොඩත් කාලයක් සැරිසරා
පරිවාර තොටියනුත් තොටි තෙමොට පුදකලා
පැතුයේ තොටුපලක් නොවන බව සිහිවෙලා
රැහැන්පට තනියෙන්ම ගං දියේ වැලපුනා

27 comments:

  1. මගුලක් කතා කරනවා... උඹ ආයෙ කවියක් දැම්මොත්, "මම" අටම්පහුර කියවන එක වාරණය කරණවා... අම්මපා සත්තයි !!

    ReplyDelete
  2. තොටි තෙමොට පුදකලා////
    මේකෙ තේරුම මොකද්ද අටං අය්යෙ...
    සිරාවටම දන්නැති හන්ද ඇහුව්වෙ...

    කවිය ලස්සනයි ඇත්තටම අපූරුයි

    ReplyDelete
    Replies
    1. තේරුම ඔය අහපු එකම තමයි මචං

      Delete
  3. ම්හු....... පට්ටේටම තේරුනා මොකද්ද කියලා තියෙන්නේ කියලා.... කොටින්ම මට අටම්ගේ කයිය පපා ගන්න හිතුනා...... හොඳ වෙලාවට ලඟපාත නැත්තේ .....

    ReplyDelete
    Replies
    1. අහුවුන වෙිලාවක හරි කරහන්.

      Delete
    2. මගෙ ඔරු කඳත් දිරාලා
      කොල්ලෑවෙ ලණු කැඩීලා …

      මේ ඔරුව නං ටොප්… මෙන්ඩියගෙ වචනෙන් එල ද බ්‍රා !!!!!

      Delete
    3. ඔව් ඔව් මැලෙ අමතක නොකර හමුවුනු වෙලාවක කොරහන්

      Delete
  4. එල ද බ්‍රා කියනවා මිසක් අපිට කවි ගොතන්න තේරෙනවා කියලද?

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල ….

      ඒ වුනාට තේරෙනව වගේ ඉම්මු. ලොකු පොරවල් එහෙමලු. අපි කියල මොනවයිං අඩුවද්ද බං ඈ ?? සල්ලිද යාන වාහනද ඉඩකඩංද උගත්කමද ඈ ??

      Delete
  5. මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටිය ..
    බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට
    ඇදපන් ගොනෝ ඇදපන් හපුතල් යනවා ......

    ReplyDelete
  6. ජිවිතයේ එක තොටුපලක් විතරක් නම් තියෙන්නේ..... මං හිතන විදියට වාසනාවක්...... ඒත්..... තොටියෙකුට අහුවෙන තොටුපලකින් බහින්න වෙනවා. ඒකට කරන්න දෙයක් නැනේ.....
    ඒත් ඔරුවකට වෙන්නේ ගොඩවෙන තොටියත් එක්ක ගංදියේ.... ඒ අතට මේ අතට පාවෙන්න විතරයි..... රැහැන් පටත් එලෙසමයි.....
    ඕක නේද අටම් ...... ඔය කියන්න හදන්නේ...... ජිවිතේ ඔහොම තමයි..... නිසලව ගලන්නේ නැ.....

    ReplyDelete
  7. ඔරුවට තොටිය ගොඩවෙනවා කියන්නේ ටිකක් කේස් වගේ

    ReplyDelete
  8. ඔරු කඳ නියමයි.. හැක් හැක්..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ඕ යේස්. … අඩි 40 ට්‍රෝලර් එකක් එක්ක ඇරියහැකි … !!!!!!

      මෙන්න ඔරු නං ඔරු …

      Delete
  9. අපූරුයි.........

    ReplyDelete
  10. ඔරුකඳ යාවි ඈත පාවී
    ගඟ දිය ගලා ගියාවේ
    පදින්න ආස නැද්ද නංගෝ
    සදාල කෙසෙල් කඳන් පාරූ …

    - ෆ්ලෑෂ් බෑක් -

    ReplyDelete
  11. සක් ...
    කවිය මොනා වුනත් ඔරුව නම් පදින්න හිතෙනවා , ඉහත තත්වයන් සහ ප්‍රමිතීන් යටතේ

    ReplyDelete
  12. අනේ බං මට නං ඔරුවක කේස් එකකට වඩා බූට් එකක් කාපු කෙල්ලෙක් දුක කියනවා වගේ.
    //බැද තිබු උණ පදුරෙ කාලයක් පැටලිලා
    ගං දියේ හතර අත දුක්බරව පාවෙලා
    ගග හිදෙන ඉඩෝරේ වැලි මත්තේ වේලිලා
    උඩු අතට දිය ගලයි රැහන්පට සැනසිලා//
    එකින් එකට කියන්න බැරි උනත් මේක තමා මං ආසම එක.

    ReplyDelete
  13. රැහැන් පොට පැතූවේ තොටුපොළක් නොවේනම්
    ඒ වෙන මොකක්දැයි නොසඟවා කියාපන්

    ReplyDelete
  14. කවියයි ඔරුවයි කොහොම උනත් තොටිය නං කියල වැඩක් නෑ.ඒක නෙවෙයි ඔය ඔරුව තියෙන්නෙ කොහෙද කියල ඔත්තුවක් දෙන්න බැරිද.

    ReplyDelete
  15. පැතුයේ තොටුපලක් නොවන බව සිහිවෙලා
    රැහැන්පට තනියෙන්ම ගං දියේ වැලපුනා


    අවසානේ උරුම උනේ
    මල් පොකුරක එකක් වෙන්න...

    ReplyDelete
  16. මේකට නම් ලියන්න වෙන්නේ සිඛ වළඳ විනිස, සද්ධර්මරතනාවලිය, වගේ ගැට පද විවරණයක් මිසක් අදහස් දැක්වීමක් නෙවෙයි.

    ReplyDelete
  17. අතිශය සුපිරිය! :)

    ReplyDelete
  18. ජීවිතේට ගලපගත්තමනම් කවියෙ වටිනාකම උපරිමයි.

    ReplyDelete
  19. එයි මචන්. මට මේ ෆොටො එකේ ඉන්න නන්ගි එක්ක "හබල් ගාන්න ආසයි බන්. හික්ස්..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • Which machine is good ? Singer Soje Hispeed sewing or Old  juki Hispeed sewing machine
    ''අපේ ගෙදර උන්දෑට සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමක් ගන්ඩ ඕනලු, හොද එකක් හොයලා දියන්'' මට නිතරම අහන්ඩ ලැබෙන මෙන්න මේ ඉල්ලීම හන්දා මේ ගැන ටිකක්…
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  •  පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග
    ඔන්න ඉතින් ඒ කාලේ ඒ කියන්නේ පුස්පකුමාර ජනාදිපති තුමාගේ කාලේ , ජනසවිය දෙනවා , ගෙවල් දෙනවා , උදේ පාන්දර මල ගෙවල් වලට යනවා , ඉස්කෝලවල කිරිබනිස් දෙනවා ,…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • වැඩට යන සැමියෝ ... ඔයා ආවද පැටියෝ
    ඔන්න කොළඹින් ටිකක් දුර ගමක ඉන්නවලු ජෝඩුවක් , ඒ දෙන්නා විතරයි , ළමයි බමයි නෑ , ඔය පිරිමි මනුස්සයා නිතර යන්ඩ එන්ඩ තියන කරදරය හන්දයි ..  අතට…
  • Restoration Old Rusty Sewing Machine | Sticking color pattern design and...
  • DIY - how to make a 30$ granite bonsai pot / ornamental pot at home
  • ආ එයා ලොකූ වැඩක්
    කතන්දර අංක එක  මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ…
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • DB Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ
    ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ කතා කලත් හිමිහිට මාරුව යන්නේ බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ මතකද උඹට ඉස්සර…
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
1,645,553

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>