මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
'' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද ''
'' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද ''
'' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක් හදලා දෙන්නං ''
'' ඔන්නැ ...බත්ම කමු ''
'' මාළු ටික ලිපෙන් තිබ්බේ දැන් , ඔයාට කන්ඩ හාල් ටිකක් තියන්ඩත් ඕන , ඇග හෝදගන එන්ඩ මම තේ හදන්නං ''
'' එපා ඕන නැ ''
'' එහෙනං මම ඉක්මනට ඇග හෝදගන එන්නද ''
'' හා ''
'' මාළු එක ලිපේ චුට්ටක් බලනවද ''
'' මොන මාළුද ගත්තේ ''
'' කෑලි මාලු වෙන මොකවත් තිබුන්නැ අනේ , තෝර දෙසිය පනහක් ගත්තා හාරසීයක් ''
පිටු පස දොරින් ලිද ලගට යන බිරිදගේ හඩට සවන් දෙමින් කාමරයට වැදුන සරත් දරු දෙදෙනා අවදි වේයැයි බියෙන් විදුලි පහන නොදල්වා ඇද සිටි ඇදුම් උනා දමමින් යට ඇදුමට උඩින් තුවාය ඉන දවටාගන පැමින ලිප මත තිබෙන ඇතිලියේ කරමූඩිය මතින් පොලුකටු හැන්ද රැගෙන කරමුඩිය ඉවත් කලේය
..................යකෝ දෙසිය පනහට මාඵ කෑලි පහද අල්ලන්නේ.............
දෙතුන් විඩක් හොද්ද හැදිගා වසාදැමු සරත් , කුස්සියෙන් මිදුලට බැස හදිස්සියෙන් සියොලග සබන් තවරන බිරිද දෙස බලමින් ලීං ගැට්ට මතින් හිද ගත්තේය.
'' දවල් නාගන්ඩ හම්බුන්නැ අනේ අර දෙන්න අද නිදාගත්තේ නැ , මං නාන්ඩ ආවනං එයාලටත් නාන්ඩ ඕන වෙනව , තාම සෙම ''
'' අද දෙන්න රංඩු උනේ නැද්ද ''
'' දෝනිගේ ඉස්කෝලෙ පොතක් ඉරුවනේ පුතා ''
'' අච්චු පොතක් ''
'' නැ.......සිංහල ලියන පොත , අරන් දීල සතියක් නැ අනේ , හොද වෙලාවට පිටු හතරයි පහයි ලියල තිබුනේ , ...මම අරන් තියපු පොතක් තිබිල දුන්නා ...පවු කෙල්ල ඔයා ආපුවහම කියනව කියල අඩ අඩා ඉරපු පොතේ තිබිච්ච අළුත් පොතේ ලියාගත්තා ''
'' කොල්ලට ගැහුවද ''
'' හයියෙන් නෙමෙයි අනේ හිමීට පාරක් ගැහුවා ..........එයත් බලාගන හිටියේ ඔයා එනකං ............කියල මට හොද වැඩක් කරවන්නංකෝ කිය කිය හිටියේ ''
''..හේ.....හේහ්...හේඑ ''
'' හි..හී..හී.......හරි ෂොක් අනේ දවල්ට .............මේ දෙන්නගේ වැඩ .........කෝ ඉතින් ඔයාට දකින්ඩ නැනේ ''
''ඇ චම්පෝ ..මොකද අර දර ලිප පත්තු කරල . ගැස් එක ඉවර උනාද ''
'' දැන් දවස් දෙකක් අනේ ''
'' හප්පට සිරි.............සල්ලිත් නැනේ අතේ ''
'' වියදමට දුන්න ඒවායෙන් ඉතුරු කරගත්ත සල්ලි වාගයක් නං තියනව , ඒත් ඉතින් ඒකෙන් ගෑස් ගෙනත් කොහොමද , හදිස්සියක් උනොත් කීයක්වත් නැති වෙනව ''
'' ගැස් එකක් ගේමු ''
'' එපා දහවෙනිදත් ලගයිනේ ....ලිප පත්තු කරගන්න එක මහ වැඩැක්..යැ ''
'' ඒ උනාට ඔය දුං කාගන ඔය වදේ වින්දහැකේ ''
'' ඔයාට වතුර එකක් පුරවල දෙන්ඩද ''
'' එපා ඉක්මනට බත් උයල දෙන්ඩ ''
'' අනේ ..බඩගිනියි නේද ඉන්ඩ ඉන්ඩ මම ඉක්මනට බෙදල දෙන්නං ''
'' ඔයා කෑවද ''
'' දවල් බත් තිබිල අර දෙන්නට කවන ගමන් මාත් කෑවා ''
'' හම් ''
'' මාළු එක්ක විතරක් කතහැකැ මම පරිප්පු ටිකකුත් හදන්න''
සිතලේ දැත් පපුවට තද කරගන නවාගත් අතැගිලි කම්මුලට තෙරපමින් කියව කියවා කුඩා දැරිකමෙන් හිදිනවා විනා තමා ලිද ලගින් එනතුරු චම්පා ගෙට නොයන බව දන්නා සරත් ......
'' ඕන්නැ ඔය ඇති ....සිතලේ ඉන්නේ නැතුව ගිහින් ඇග පිහද ගන්නව ''
'' මොකෙන් පිහදාන්ඩද ඔය තුවාය දෙන්ඩ ''
'' ආ ''
හැද උන් තුවාය ගැලවු සරත් චම්පාට දික්කලේය
'' කොච්චර කියුවත් අහන්නැ ............දාඩියත් එක්ක ..........මොකක්ද අනේ ඕකත් ගලවල දාල කොට කලිසමක් ඇදගන එන්ඩකෝ ''
කිසිවක් නොකියා ඉවත බලාගත් සරත් ලිදෙන් ඇදගත් පනිට්ටුව ඇගට හලා ගත්තේය
දියනා අවසන්ව පැමින රූපවාහිනිය පනගන්වා ඇසෙන නැසෙන ගානට හඩ අඩුකොට විකාශය වන දේසපාලන වැඩ සටහන දෙස උනන්දුවකින් තොරව බලා හිදින සරත් අතට බත් පිගාන දි වතුර ජොග්ගුව ටීපෝව මතින් තැබු චම්පා
'' හිමිහිට හිමිහිට කන්ඩ මම ඉක්මනට තක්කලි සම්බෝලයක් හදාගන එන්නං ''
දුං දමන බත් සහ මාළු කෑල්ල දෙස බැලු සරත්
'' කෝ අනේ හොදි ''
'' කතාවෙන් කතාවෙන් හොද්ද හිදිල අනේ ''
'' අප්පට සිරි ''
අහාර ගැනිමෙන් අනතුරුවද චැනලයෙන් චැනලය මාරු කරමින් රුපවාහිනිය නරබන සරත් අසල හිදගන උන් චම්පාගේ හිස වරක් දෙවරක් සරත්ගේ උරහිසට වැටුනේය
'' ඔයා ගිහින් නිදාගන්න ''
'' ඔයත් යං ...කෝ..ඔ.....කෝ ඉති...න් එන්ඩ.....කෝ''
රුපවාහිනිය සහ විදුලි පහන නිවාදමා කාමරයට යන චම්පා පසු පසින් ගිය සරත් ජනෙල් පියනක් හැර වරින් වර මිදුලට කෙල ගසමින් වෙල් යායට එපිටින් පෙනෙන මාර්ගයේ වරින් වර යන වාහන වල විදුලි පහන් එලි දෙස බලා සිටින අතරතුර , ඇදන් දෙකක් එක් කොට මදුරු දැලෙන් ආවරනය කල සයනය තුලට රිංගාගත් චම්පා කොට්ට සකසමින් දියනිය සහ පුතනුවන් බිත්තිය පැත්තට කොට ඉඩ සකසා ඉතිරි කොට්ට තුනෙන් එකක් දරුවන් අසලින් තබා ඇලවී අනෙත් කොට්ට දෙක තමන් අසලින් තබා සකසමින්
'' සරත් හතරට එලාම් එක තියල එන්ඩකෝ අනේ , හෙටත් ඔයා හතයිහත නේද ''
නැවත වරක් මිදුලට කෙල ගැසු සරත් පනේලය වසා දමමින් පැමින , මේස ඔරලෝසුවේ සීනුව සකසා .., මදුරු දැල අතරින් රිංගා අතපය නිදහසේ විසිරුවමින් චම්පා අසලින් මුනින් අතට වැතිරුනේය
'' ම්....ම්......ආආආ......අ....ම්..මේ.....ඒ...ඒ්...ඒ...'''' අදත් කොන්ද රිදෙනවද ''
යැයි විමසු චම්පා සරත් දෙසට හැරි වමතින් පිට කොන්ද පිරිමදිමින් දකුණතේ ඇගිලි තුඩු හිමිහිට හිසකෙස් අතරින් ඉදිරියට පසු පසට තල්ලු කරනා සුවයෙන් මොහොතකට නින්දට වැටුන සරත් තවත් හෝරාවකට දෙකකට පසු චම්පා හිමිහිට කොදුරනා හඩ පරයමින් නැගෙනා සිගිති පුතුගේ හඩින් පිබිදුනද නැවතත් නිදාගන්නා අටියෙන් දැස් තද කර ගත්තේය.
'' සත්තලන් පුතු කැටේ අම්මි කුක්කු බීලා දැන් ආයෙත් දොයියන්ඩකෝ ..........තාත්තිය පව්නේ ..........වැඩකරල මහන්සිවෙලානේ ඇවිත් ඉන්නේ............තාත්ති පවුනේද .....මයේ මැනික .......තාත්ති පුතාට චොකෝ ගෙනත් දෙනව නේද .......පුතා තාත්තිට ආදෙයිනේ.........අක්කියනං නෝටියි ........තාත්තිට ආදේ නැ.......ආ දොයියන්ඩ සං කැටේ..........''
චම්පා පුතු රවටාගන්නට දොඩනා වදන් අසා ගෙනම නැවතත් නින්දට වැටුන සරත් අලුයම සීනුහඩින් පිබිදි බිරිද නිදා සිටි දෙසට හැරෙන විට බිරිද නොසිටියෙන් , ඇදෙන් බැස නිදිමරගාතේ කුස්සියට ඇතුල්ව වතුර ජොග්ගුවක් පුරවා පානය කලේය.
'' ඔයා ඇයි නැගිට්ටෙ මම තේ හදලා පහහමාරට කතා කරන්නං , ගිහින් නිදාගන්ඩ ''
කිසිවක් නොකියා පිටු පස දොර හැර , එලියට පිවිස වැට මුල්ලට මුත්‍රා කල සරත් නැවතත් පැමින නින්දට වැටුනේය.
'' සරත් තේ හැදුවා එන්න බොන්න ''
යැයි පවසා තමා අවදි කල චම්පා පිටව ගොස් ටික වෙලාවකින් කුස්සියට පැමිනි සරත් අතට දුන් තේ කෝප්පය පසෙකින් තැබු සරත් වතුර ටිකක් කටට පුරවාගන කිහිප විටක් කලතා දොරෙන් එලියට විසිකොට තේ කෝප්පය අතට ගෙන කුස්සි පුටුවෙන් හිද ගත් පසු , ලියමින් උන් මුකුනුවැන්න මිට පසෙකින් තැබු චම්පා තේ කෝප්පය දැතින් ගෙන ලී බංකුවෙන් හිද හිමිහිට බීමට පටන් ගත්තේය.
'' මොකද ඔය නිකං තේ බොන්නේ . බඩ දැවිල්ල ගනී ''
'' පිටි ඉවරයි අනේ ''
'' අර බෝතලේ තව තියෙන්නේ ''
'' ඒක පොඩි දෙන්නට තිබ්බා අනේ ''
'' කෝ කෝ ගන්නව ඕකයි මේකයි කලවං කරමු ''
'' එපා අනේ ඔයා ඕක බොන්ඩ මම නිකං තේ බොන්ඩ ආසයිනේ ''
'' අනේ මේ නිකං ඉන්නව , මං දන්නැද්ද ............හවස ගෙනාවේ නැත්තේ ඇයි ...අමතක උනාද ''
'' කඩේටත් ගියා අනේ කොහෙද අර දෙන්න ඒක මේක ඉල්ලල කරදර කරනව පාං ගත්තා ...සිනි ..තේ කොල ගත්තා ....පිටි පැකට් එක අමතක උනා ''
අලුයම කරනාවු සියලු කාර්ය්‍යන් නිමවි හැද පැලද බැගයත් රැගෙන ගෙදරින් පිටවන්නට සාලයට පැමිනි සරත් අතට බෑගය දුන් චම්පා
'' ඔන්න හැමදාම කියනවනේ උදේට බත් කන්ඩ බැ කියල , අද පාං තියනව , හෙට මම ඉදි ආප්ප හදල දෙන්නං ..''
වැඩපලට පැමිනෙන විට සේවාමුරය පටන් ගන්නට ඉතිරිව තිබු විනාඩි එකොලහේ ආපනශාලවට පිවිස පෙති කැපු පාං බාගය මාළු බොර සමග හනිකට ගිල දැමු සරත් කම්හල තුලට පිවිස ඉසඹුවක් නොමැතිව සේවයෙහි යෙදෙමින් හිද දහවල් කැම පැය බාගයේ ආපනශාලාවට පිවිස බත් මුල අතට ගන්නා විටම.
'' .... සරතෝ ..........අද මොනවද බං පවුල අද හදල දුන්නේ...................අඩේ කෙහෙල්මුව පරිප්පු දාල , මුකුනුවැන්න මලවල , මාළුයි , බැදපු මිරිසුයි ..........., මේ බලහං අපේ ගෑණි හැමදාම , තම්බපු බිත්තරයි පරිප්පුයි , පරිප්පුයි තම්බපු බිත්තරයි ..''
'' අඩේ සරත් අයියේ ..........අක්කට ..........නංගිල නැතෙයි ................මේ කැන්ටින් චොර හොදි කාල මට ඇති වෙලා තියෙන්නේ ''
දෙපසහුන් මිතුරන් දෙදෙනාට මාළු කැබැල්ලෙන් ටික ටික සමග අනිත්වා බෙදා දුන් සරත් ඔවුන් දුන් දැ සමග පළමු බත් කට මුවට ගෙන රසවිදිනාවිට රසනහරයන්ට ලැබුනාවු උද්දීපනය හිතට නැගුනාවු දැඩි දුක්බර සිතුවිල්ල නිසාය මොහොතකින් විසිරි ගියේ.
'' ඔක්කොම මාළු කැලි පහයි තිබ්බේ , ඊයේ රැ එකයි . අද උදේ එකයි , මේ කෑල්ලයි , මම තුනක්ම කැවා ඉතුරු දෙක පොඩි උන් දෙන්නට දුන්නහම චම්පට හොදි ටිකක්වත් නැතුව ඇති . හිදුන හොද්දේ මොන හොදිද , හොදි බොර ටිකත් මට පාං කන්ඩ දාල තිබ්බනේ ''
හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්
ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්
අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්
ගී පද -පොඩිරත්න අඟමලේ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහගීතයේ
පෙලසටහන ලබාදුන් සින්දුඇනෝ රසවතාට හදපිරි තුති.
01
ReplyDeleteමොනවද දෙන්නේ කියලයි මම මේ කල්පනා කලේ
Delete" මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
ReplyDeleteසොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන් "
ෙම් ෙප්ළිය තමයි මම අාසම. ෙමාකද මටත් එෙහම එළිය ලැෙබන නිසා.
ඒක හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි
Deleteපොඩිරත්න අඟමලේටත් මේ කතාව කියවන්න තිබුණානම් ගොඩක් සතුටු වේවි...
ReplyDeleteනියමයි මචං..උඹේ බ්ලොග් පෝස්ට් හරියට හුම්මානේ වාගේ... එකපාරම වදිනවා එකක් නෑවිලාම යන්න...
පෝස්ට් එක ගැන ලියන්න දෙයක් නෑ . මොකද බීටල් ලියලා වචන ඉතාම අඩු ගණනකින් අපි හැමෝටම දැනෙන දේ
Deleteපොඩිරත්න අඟමලේ ගැන විස්තරයක් පත්තරේකවත් මම දැකල නැනේ බීටලේ ඔයා දන්නවද තොරතුරු
Deleteතිලකයියටත් එහෙම හිතුනද
Deleteහුම්මානේ වගේ, බීට්ල් හරියටම හරි
Deleteඅටම්, මේක මම ගොඩාක් කැමති සිංදුවක්. වාදයාණෙනි සීඩී එකේද කොහෙද මේක තියෙන්නේ. උඹේ කතාව සිංදුවත් එක්ක නියමෙටම ගැලපෙනවා. සිංදු ඇනෝට සපෝර්ට් එකටත් එක්ක මම තව සිංදුවක් දාන්නම්..
ReplyDeleteඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ
දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ
බාල ළමා කැල යවලා ඉස්කෝලේ
ආල හිමිට දාස වැ උවටැන් පෑවේ
විශාඛා නොවී දුවනා සඳ පාරේ
කාට පෙනේ නුඹ දුක් උහුලන තාලේ
පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
බාල රන් මැ පඬු පොවලා අඳින්නියේ
වීත රකුසු නෙත් සොඬ මඟ හරින්නියේ
රෑට පහන වී යළි ගෙට වඩින්නියේ
ගී පද - යමුනා මාලනී පෙරේරා
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
යසෝදරා වේවා...
Deleteඔබ යසෝදරා වේවා...//
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...
අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා
කම්පා වන කලැ උරතල මත හිස සතපවනා
මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා
ලෙව් තලැ ඔබ පමණකි මා දුටු දෙව් අඟනා....
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය: සෝමපාල රත්නායක
ගායනය: වික්ටර් රත්නායක
@ තිසර
Deleteමේක සීන්දු ලෝකයක්//
අමුතුම ආලෝකයක්//
මේ තමයි ඉතිං අපේ රටේ බහුතරයකගේ ජීවන අරගලය. හැබැයි මේ රසය වැඩියෙන් දැනෙන්නේ අද නෙවෙයි හෙට. අටම් මේක මතක තියාගන්න. මොකද ඔබ මගේ වයසට ඇවිත් අද මම මේ කිව්ව දේ මතකවෙනකොට මම නැහැ.
ReplyDeleteඅනේ විචයියේ එච්චර ඉක්මනට කොහේ යන්ඩද , 120ක් ඇදලා මීමුනුපුරොත් බලලා , ජීවිතේම ලියල සම්පුර්න කරල යං , තාම අපි පටන් ගත්තා විතරනේ ,
Deleteඔන්න මමනං යන්නේ 107 න්
බොක්කටම දැනුනා අටමෝ.. මුන්ට කවදාවත් ඉර පායන්නේ නැද්ද..
ReplyDeleteඋදේට ඉරපායන්නේ මුන්ට තමා බං , ඒ උනාට ඒ එලිය උන්ට වැටෙන්නේ නැ , උස හෙවනැලි වලට ඒ එලිය වැහෙන
Deleteඅතරින් පතර අස්සෙන් වැටෙන එලියත් එහෙට මෙහෙට කරන හෙවනැලි අත පයට වැහෙනව
ඒ අතපය බැදලා හඋස හෙවනැලි බිමට දොක්කපු දාට උනුත් ඉර එලිය දකි
ඉක්මනට වෙන්නෙත් නැ
කරන්ඩ බැරිත් නැ
කරන්ඩ එකතු වෙන්නෙත් නැ
තනියම හරි කරන එකාට කරන්ඩ දෙන්නෙත් නැ
ලොවෙත් නැ
ලොවි ගහෙත් නැ
සල්ලිත් නැ
සනිපත් නැ
අන්තිමට පුකෙත් නැ
හොදට තිබ්බ පුකත් නැ
බෑන්ඩ් එක හැනපියර්
උඹ කිරක් නොවෙයි අටමෝ
Deleteකිරි ගහක්
වැලිසර ආපු දවසක හම්බවෙන්න ඕන. අවුරුදු උත්සවේට ඇවිල්ලා ගියාට උඹත් එක්ක කතාකරන්න බැරිවුනානෙ.
සිකරට් බොන්නේ වැලිසර යන්නයි//
Deleteවැලිසර යන්නේනර්ස්ට ඇඩ්රස් දෙන්නයි//
මොකද සිකරට් ගහලද
කාස රෝගේ හැදිලද
විහිලුවට හරිද
මට උඹව මතක නැ බං
එන්ඩ කලින් කෝල් එකක් දියං
මං මේ කල්පනා කලේ
රඹ තොරනක් ගහනවද
පොල් තොරනක්
පොල්ලක් අරන් ගහනවද කියල
@Beetle BaileySeptember 15, 2014 at 1:33 AM
ReplyDelete//උඹේ බ්ලොග් පෝස්ට් හරියට හුම්මානේ වාගේ... එකපාරම වදිනවා එකක් නෑවිලාම යන්න// මෙන්න කතාව.
මේ තමයි හදවතට කතා කිරීම. මෙවැනි සංවේදී පණිවිඩ අපි ගෙදරට ගෙනියන්නේ ආදරය හා දයනුකම්පාව සමග මුසු කරලා. ජයවේවා...!
අනේ ඔව්වා නං එපා
Deleteකලවන් කරන්ඩ ඕනත් නැ
බ්‍රෑන්ඩ් එක හැනපියර්
අටමො ....... වදින්න ඕන හැම තැනටම වැදෙන ලෙසට පට්ට ලියවිල්ල මචෝ.....
ReplyDeleteඅප්පට සිරිි..........වැදිල හෙල්ලිලාද
Deleteඑල හුස්මට කියවන්ඩ ලෙසටම ලියලා තියෙනවා...
ReplyDeleteලියිගන යනකොට අකුරු පොඩි උනා , ඒක හදන්ඩ යනකොට අතරින් පතර ඉරි වැටුනා ඒක තේරුම් ගන්ඩ බැරුවයි මං මේ ඉන්නේ...හැක ..හැක
Deleteහිනාවෙන්ම කියෝගන කියෝගන ගිහින් අන්තිමට හිනාව කපලම දැම්මනෙ...
ReplyDeleteකතාව නං ලස්සනයි...
අටම කෝමත් පට්ටෙටම ලියනව නෙව
කපල දාන්නේ නැත්ව දිගටම හිනා වෙන්ඩ බැ බං හැම වෙලාවෙම
Deleteසින්දු ඇනෝ උඔ අපිට සම්පතක්.
ReplyDeleteඅපේ පත්තර මල්ලි කෝ..
අටමා..දැනුනා බෝක්කට..
එල ද බ්‍රා
බඩු ආවා අයියන්ඩී !!!!!
Deleteමේං ඉන්නව රජ පැටිය වාගෙ ……
පවුලගේ බලු පැටිය
Deleteපට්ටයි මචන්.
ReplyDeleteසාහිත්‍ය රසය අයිස් බකට් එකක් වැදුන වගේ දැනුන.
මොනවා ලියනවද කියලවත් හිතා ගන්න බෑ
ඒ තරම් හිතට වැදුන.
ස්තුතියි ජීවන් ........ඇයි අමුමිරිස්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅටම් කියන්න දෙයක් නැ මචෝ .....පට්ටයි .කොමෙන්ට් කරන්න වචන නැ බන් .උපරිමයි .බොහොමත්ම ස්තුතියි මචෝ .පත්තරයෝ බොටත් බොහොමත්ම ස්තුතියි
ReplyDeleteඅටන්ට පොස්ට් එකක් ලියන්න උනන්දු කලාට .
දුකේදී හැඬුමට - සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා
අහස මෙන් ලත් චෝදනා - පොළොව මෙන් දුක් උහුලනා
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
සොඳුරියෙ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා
සිතට සැනසුම් කල්පනා - ගෙනෙන පාදා වාසනා
තනා ටජ් මහලක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියෙ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරඟ
ගායනය - ටි .එම් ජයරත්න
ගායනය: ටී.එම් ජයරත්න
Deleteපද රචනය:ඒ.ජී ශීලා
සංගීතය:සරත් දසනායක
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
Deleteසා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ
සොඳුර නුඹ මට මව් වෙයන්
Deleteමතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පව් ගෙවන්නට
දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ළඟ රැදී
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ...
හදට දුක් ගිනි කිසිත් නොම දී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මව් වෙයන්
මතු උපදිනා දින බව කුසේ....
ගේය පද - ආචාර්ය ගාමිණී ෆොන්සේකා
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
ඔය ගීය පිටිපස්සෙ පුංචි කතාවක් තීනව. දන්නවද ඒ ගැන?
Deleteකියහන් කො දැනගන්න .....
Deleteදන් නෑ කියහං බොසා.
Deleteපත්තරේ ඉන්දික අපෙන් අහනවා දන්නවාද කියලා .දන්නවානම් අපි බ්ලොග් එකක් ලියනවනේ නැද්ද හා ...
Deleteඉන්දිකයෝ ඉවාන්ගේ පොස්ට් එකෙත් උඹට ලියන්න දෙයක් තියනවා .දැන් මේකෙත් එකක් තියනවා හරිය ....
කියමුකෝ බලන්ඩ ඉන්දික
Delete++++++
ReplyDeleteඇගේ ආදරේ… වගේ මහා සාගරේ……
ReplyDeleteඅම්මගෙන් පස්සෙ ජීවිතේට ලං උනු ආදරණීයම චරිතය ගැන අපි කතා කරනවා මදිද කියලා හිතෙනවා මේ වෙලාවට.
නියමයි අටම් අයියා!!
සිංදු ඇනෝ, බොට බොක්කෙන්ම තැන්කූ!!
මදි තමා යකෝ
Deleteකතාව එක්ක සිංදු ඇනෝ ගෙ ගීතයත් නියමෙට පෑහෙනවා බං.ලංකාවෙ මාළු හෙන ලාබයි නෙ බලං ගියාම.
ReplyDeleteලංකාවෙ මොනවද අයියා ලාබ නැත්තෙ.
Deleteලාබයි ...ඔහේට අමු කැවිලද
Deleteඅටං ලියල තියෙන්නෙ අටමි ගැන කියලයි මං හිතුවෙ..
ReplyDeleteඅටමි ගැනම තමා සරත්,ඕකා ඔය මාළු කතාවම මීට කලින් වෙන විදියකට ලියල තිබුණා.
Deleteවෙන්න බැහැ ..... කතාවෙ බුවා බොන්නෙක් & සිගරට් කන්නෙක් නොවන නිසා.......
Deleteඇයි හත්දෙයියනේ මට වෙච්ච එකක්මයි කියන්නේ .අපිට හිතල ලියන්ඩ බැරිද ..අපි ඔටුවොද
Deleteනැ අනේ චම්පා ගැන
Deleteඅපි නවත්තල ගොඩක් කල්
Deleteමේකනම් හදවතට තදින්ම දැනුනා අටම්අයියේ....
ReplyDeleteඑහෙසද එහෙනං සතුටුයි
Delete//නියමයි මචං..උඹේ බ්ලොග් පෝස්ට් හරියට හුම්මානේ වාගේ... එකපාරම වදිනවා එකක් නෑවිලාම යන්න...//
ReplyDeleteබීටලේ කියල තියෙන මේ කතාව තමයි බං මටත් කියන්න තියෙන්නෙ.
දැන් ලිවිල්ල හරි අමාරුයි ප්‍රසන්නයෝ, ඒක එක කරදර
Deleteලස්සනයි... ඒ වගේම හැඟීම්බරයි...
ReplyDeleteතමුන්ගේ බිරිඳ දෙස මේ විදියට එකපාරක්වත් බලනවා නම්???
ඉදල හිටල සැරෙන් කතා කරාට අපිනං මෙහෙම තමා බලන්නේ
Deleteඅටමෝ...
Deleteවැරදියට ගන්න එපා අනේ.. මම කිව්වේ ඔය එහෙම කරන්නේ නැහැ කියල නෙවෙයි. හැමෝම මෙහෙම හිතනවානම් කියල. එක්කෝ මගේ වැරැද්ද... මම මෙහෙම ලිව්වා නම් තමයි මගේ නිවැරදි අදහස එන්නේ
තමුන්ගේ බිරිඳ දෙස 'හැමෝම' මේ විදියට එකපාරක්වත් බලනවා නම්
අයියෝ සාලේ කියුවලු එහෙම එකක් නැ බං , ඔව්වා මං කටට එනවට කියනව ගනන් ගන්ඩ එපා
Deleteඅඩේ නුවර කුමාරිත් එහෙනං අපි ලියන එව්වා බලනව
අටම් අයියේ පොඩි කොස්සක් තියෙනවා, උඩ හිටිය සිනෙත් පහලට එද්දී සරත් උනේ කොහොමද? (විහිළුවක් හරිය)
ReplyDeleteකතාව පොඩි එකා පොත ඉරපු තැන ඉදන්, ගෑස් නැතිව පත්තුවෙන දර ලිපෙන්, පිටි නැතිව බොන කහට එකෙන් පොයින්ට් එකෙන් පොයින්ට් එකට ගෙදර අගහිඟ කම් එකිනෙකට පෙලගස්සලා, ඒ අස්සේ ආදරය දයාව කරුණාව ඒ පවුලේ කතාව සෑ හංගලා ඒක උතුරලා යනවා පොඩි එවුන් දෙන්නගේ සණ්ඩු සරුවල් එක්ක, පුංචි පවුලට ලැබුණු මාළු කෑලි 5 හේ පොහොසත්කම, එකෙන් තුනක්ම ආදරණීය සැමියාට පුදලා හොදි බොරෙත් පාන් එක්ක ඔතලා එවන බිරිඳක්,(මෙහෙම බිරින්දා වරු ඉන්නවද අටම් අයියේ), අනිත් දෙක දරු දෙන්නට, කතාව කියවන එද්දී අවසානයට ගොඩ නගාගෙන කතාවේ උපරිමය පට්ට සංවේදියි, උන් කන හැටි ලිපා දනී කිව්වලු, ඒ බත් කට උගුරෙන් පහලට යන විදිය මැවිලා පෙනුනා, ලස්සන නිර්මාණයක් අටම් අයියා, ජය වේවා!!!
//මෙහෙම බිරින්දා වරු ඉන්නවද අටම් අයියේ//
Deleteමොකැ බං නැත්තේ . ...එව්වට පෙරකල පින් තියෙන්ඩ ඒන පෙරකල පින්
කොතනද බං නම පැට ලිලා තියෙන්නේ
//පිටු පස දොරින් ලිද ලගට යන බිරිදගේ හඩට සවන් දෙමින් කාමරයට වැදුන සිනෙත් ද//
Delete//'' සරත් හතරට එලාම් එක තියල එන්ඩකෝ අනේ , හෙටත් ඔයා හතයිහත නේද ''//
ඔන්න මචං හැදුවා
Deleteපහුගිය දවස් ටිකේ අටම්ගෙ පරණ පෝස්ට් කියවපු නිසා මේකටම සමාන්තර අට්ම්ගෙ අත්දැකීමකුත් මං කියෙව්වා. ඒ නිසා වඩාත්ම සංවේදීව මේ කතාව හිතට දැනුනා. සින්දු ඇනෝ කියන්නෙ ගී උල්පතක්. අපි හැමෝගෙම ප්‍රණාමය ඔහුට හිමිවිය යුතුයි.
ReplyDeleteහැලපයත් කියුවා කොතනද බං....මට මේ හොයාගන්ඩ බැරුව ඉන්නේ
Deleteමගෙ බිසවුනේ අසාපන්
ReplyDeleteනුඹ මන්ත්‍රි දේවි නොවුණේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ඩ නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ
පොඩි උන්ව බලාගන්ඩයි
ඉස්කෝලෙ එක්ක යන්ඩයි
ලෙඩ දුකට පිහිට වෙන්ඩයි
කුණු බැනුම් අසා ගන්ඩයි
දිව විකා බර අදින්ඩයි
නවතින්න බිසවු නගරේ
මේ කුලී මාලිගාවේ
රි ශිරාවෝ සියක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත් මැ යි
පියයුරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත් මැ යි
ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත් මැ යි
හාමතේ නොලා දෙදරුවන්
රක්ෂා කෙරෙත් මැ යි
මට යන්ට දෙන්න දේවී
ඒ දුෂ්කර පළාතේ
බෙලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
මිනිසුන් ද වැඩ වසන්නේ
බෝ ප්‍රවේසම්ව ඉන්නෙම්
මගෙ මෙහෙය මම කරන්නෙම්
අත පුරා මගේ දෝතින්
ජීවිතය ගෙනැත් දෙන්නම්
නුඹ නොදෙම් එතෙර රටටා
දරු නොදෙම් වාල්කමටා
ඇඟ මස පුදා රකිම් මැ යි
නොපුරම් එහෙත් පෙරුම් දම්
බුදු වන්ට ඕන නුඹලා
මට නිවන් මඟ කියල්ලා
නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
රත්න ශ්‍රී විජේසිංහ
(වස්සානේ, 1985)
හැම අකුරක්ම නැතත්, බොහෝ තැන් අනුරූපයි..
මගෙ බිසවුනේ අසාපන්
Deleteනුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී
මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය සහ ගැයුම: විශාරද ගුණදාස කපුගේ
අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා
Deleteඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා...
ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්
එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්
පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්
කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්...
නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්
දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්
ඉතින් රැකියාවක් ද හරි හැටි නොමැති ඔහුගේ අත අරන්
කොළඹ යයි ඇය ඔහු හිඳී ගෙයි ගෙයයි දරුවයි මුර කරන්...
ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
http://www.mediafire.com/listen/uvc30cnb0si0btn/Aruna+Udaye.mp3
නලියා අමුමිරිස් කන්නට මට අභියෝගකර ඇත
ReplyDeleteකවුද කැමති මං අමු මිරිස් කන්ඩ අභියෝග කරනවට
හුටා......!!!!!
Deleteකෝ කවුරුත් නැද්ද
Deleteබොක්කටම දැනුන අටම.වෙන කියන්න දෙයක් නැ.ඔක මම ෆිල් කරන දෙයක්.
ReplyDeleteපත්තරෙ උබ මෙක ඇතුලෙ හ්නොපෙනි ඉදන් ලොකු දෙයක් කරනව .එල මචො.
සින්දුවා උබටත් බොහොම ස්තුතියි
ගහමු හොම්බෙං යන්ඩ !!
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
අනිවා...දමියා මමත් එකනේ කිව්වේ මුං බොලෝග් වලට සම්පතක්. ඇයි අපේ ඉන්දික සිංහයා.
Deleteදා ගන්න තව ෂෝට් එකක්
බ්‍රැන්ඩ් එක ගල්
- ස්තුතියි -
හෝව් හෝව් ..පොඩ්ඩක් හිටපල්ලා .අටන් බයිට් එක හදනවෝ ..
Deleteමොනා උනත් බ්‍රෑන්ඩ් එක නම් ගල් ...
අනේ පත්තරය කරන බංබුව
Deleteනියමයි! සින්දුව වටේ කතාව පදමට ගොතල තීනව.
ReplyDeleteඅර කොන්ද බස් එක අද්දපු එක තමා මට පොඩ්ඩක් අවුල්! ඒත් ඉතින් සමහර පැති වල අන්තිම ට්‍රිප් එක ගොඩ වෙලාවට ඩ්‍රයිව් කරන්නෙ කොන්දලනෙ.
මෙහෙමනේ මචං බස් එක අද්දනකොට එලියට ඔලුව දාල කොන්දොස්තර මහත්තය බලනවනේ තව කවුරුහරි දුහගන එනවද කියල , අදුරන කෙනෙක් හිටියෙත් නවත්ත ගන්නවවේ
Deleteකොන්දොස්තර අලුත් කෙනෙක් උනොත් ඉතින් නවත්ත ගන්ඩ අදුරගන්ඩ බැනේ ඒ බස් එකේ යන පොරක්ද කියල
අටමො … විශිෂ්ටයි …………!!!!!!!!!!!
ReplyDeleteවෙන මොනවා කියන්නද බොක්කා..
මොනවහරි කියහං බ්‍රෑන්ඩ් එක හැනපියර්
Deleteහිතට හොඳට වැදුනා නියම නිර්මාණයක්
ReplyDeleteස්තුතියි මකසියෝ
Deleteනියමයි අටම් මල්ලි...වියුණු සටහනක් කියවල මගෙ ඇස් තෙත් වෙන්නෙ බොහොම කලාතුරකින්..අද ඒ වගෙ දවසක්....නියමයි!!!
ReplyDeleteඅප්පට සිරි ..ඔයාට එහෙම උනාද එලනේ
Deleteමේක කියවද්දී මට මතක් උනේ අපේ රැග එක කාලේ අහන ප්‍රශ්නයක්...
ReplyDeleteඅම්මා මොකෝ කරන්නේ කියලා අහපුවහම ගොඩක් උන් කියන්නේ මොකුත් කරන්නේ නෑ ගෙදර ඉන්නවා කියලනේ..
බනිනවා පලු යන්න ඇයි තොපිව දහදුක් විඳලා හැදුවේ වැඩුවේ අම්මා නෙවෙයිද කියලා...
මේ තියෙන්නේ සාක්කි
ඇත්තනේ බං කතාව බැනල මදි ගහන්ඩයි තියෙන්නේ
Deleteනියම කතාවක්....
Deleteමමත් ඔය කතාව රැග් කාලේදී අහල තියෙනවා.. ඇත්තටම ඒක පළවෙනියට අහපු දවසේ ජේෂ්ඨ තුමාව ඉඹින්න හිතුන! හික්.... මමත් හවුස් වයිෆ් අම්මල ගැන ඔහොම හිතල තියෙනවා අනන්ත...
තාත්තා උනත් මා බත සරි කරන
ReplyDeleteඅම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්
බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ
ඒකත් එල සින්දුව
Deleteමගේ අම්මත් මේ වගේ...එයා නොකා අපිට දෙනව..හරිම සංවේදී විදියට ලියල තියෙනවා අටම්.. :)
ReplyDeleteසොඳුර ජිවිතයේ ලඟම හිතමිතුරියයි
Deleteවිටක ඇය මට මගේ වැදු මව හා සමයි
දිවිමගේ ශක්තියයි සිරියහනේ කුමරියයි
සොඳුර ජිවිතයේ ලඟම හිතමිතුරියයි ...
අදහස් දැක්වීමට ස්තුතියි දිලිනි
Deleteකියලා වැඩක් නෑ අටම්.. මට මගේ නොවන මගේම මේ කවිය ලියවුනා
ReplyDeleteසඳ උවන වසා නැගි- අඳුරු වලා පිස
මල් මන්දහාස ඉඳුවරී..
තව කිම්ද නෑර ගොස්- හඟිනු දෙපා සිඹ
පෙම් බැන්ද චන්න කින්නරී..
සිටු මැදුරු බෝම දුර- නෑර පැමිණි මග
පෑව සෙනෙහෙ අගනා..
මට අහිමි කුමර වර- සේද සිනිඳු සර
අළුයමෙක බෑර කෙරුනා..
රළු කඨොර හීන විඳ- රහල් බැඳුම් මැද
සැප සුඟක මිටින් දරනා..
ගිනි ගහන මහද සිදු- යශෝදරාවත
පිනි සෙමෙර සිහිල් සලනා..
ගේය පද: මං තුමාගේමයි
සංගීතය සහ ගැයුම: කැමති කෙනෙකුට බාදාවක් නැත
ඈ ගෙට පහනකි ගේ රජ දහනකි...
Deleteඈ ගෙට පහනකි ගේ රජ දහනකි
කිරුළ නැතත් ලොව රජ කරනා
දෑසට දෑසකි දෑතට දෑතකි
ප්‍රාණෙට ප්‍රාණෙකි අප දෙදෙනා
හීසැර වැහි මැද රෑ කඩපිල් වල
කාලය දිය වුණු අයුරු පෙනේ
ඒ දුක් විඳි හිස දෑතින් පිරිමැද
නිවනට කැඳවන සුවය දැනේ
මේ මිහි තල මත පා යුග තනි මඟ
තාමත් යන අය නුදුරු දිනේ
ජීවත් වන්නට දෑතක් වැඩිපුර
ඕනෑ වන බව සිතනු මැනේ
පද : ප්‍රේමකීර්ති ද අල්විස්.
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක
සිංදු මචං බැහැගෙනම වැඩ :D
Deleteවරේවා … උත්කෘෂ්ටයි …… ආනන්දනීයයි ………!!
බ්‍රැන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
කල්ලාන මිත්තරයා අඩේ එලනේ මචං
Deleteරැඩිකල් කියලා කියාගන්න මිනිස්සු මොනවා කිව්වත් තවමත් ලංකාවේ කාන්තාවගේ භූමිකාවයි අම්මගේ භූමිකාවයි කියන්නේ , නොපෙනෙන කඳුළු, වටිනාකමක් කවදාවත් එක නොවෙන
ReplyDeleteකඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා
ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා
දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා
පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනු රචනය: බන්ධුල විජේවීර
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සින්දු වකාරයක්නේ බං ඉවානයෝ
Deleteසින්දුව දැකලා කතාව ලියුවද,කතාව ලියුවාම සින්දුව හම්බුනාද.සුපිරි ඈ.
ReplyDeleteසින්දුව දැකල ලියුවා , හැබැයි ඉතින් කොහොමටත් හිතේ තිබුන අදහසක්
Deleteඅටම්ගේ මේ කථාව මම උදේ සිට දකින විදින දෙය කියා සිතෙනවා. නමුත් මගේ කථාවේ දෙන්නාම වැඩට යනවා, දෙන්නාම උයනවා, දෙන්නාම පරිත්‍යාගශීලියි.
ReplyDeleteඅටම්ගේ මේ පෝස්ට් එක කියවගෙන යනකොට මට සරත් ගැන පිලිකුලක් දැනුනා, කොහොමද ඔය තරමටම ආත්මාර්තකාමී වෙන්නේ කියලා. චම්පා මේ දේවල් මේ තරමට කරට අරන් කරනකොට සරත් බෝ කොලයක් වගේ මනුස්සයෙක් නිසා (කථාවේ විස්තර වෙන ආකාරයට ) චම්පා ගැන ඔයිට වඩා සංවේදී වෙයි නේද? අටම් උවමනාවෙන්ම කරපු දෙයක් නේද මේක? හැබැයි කිසිම කමෙන්ට් එකක එහෙම පැත්තක් ගැන කථා උනේ නැත්තේ ඇයි?
හෙහ් ...හේ ..චෙපාකි........ මම අදහස් කල දේ සියයට සියක් දැක්කේ ඔබ විතරයි......
Deleteගොඩක් පිරිමි ඔහොම තමයි
මෙවැනි ගුණ ගී ගයනවා විතරයි , හිතින් අනේ කියනව විතරයි ...නෝ සපෝට්
බෝපැල බෝකොල නොවෙන උන්නං සපෝට් එකක් දෙනවා තමන්ගේ වැරදි වහගන්ඩ හරි , (මං කියන්නේ ඔය චුට්ටක් අරගන්න සිකරට් එකක් බුලත් විටක් කන පොරවලි මිසක් පරදාර සේවනය කොරන උන් නෙමෙයි , ගෑනිගේ අගයක් තියන උන් ඒවා කරන්නැ)
හැබැයි ඉතින් ගෑනුනං හොදයි කියන්නේ ඔය සරත්ලා වාගේ මේලෝකේ රහක් නැති උන්ට
මට මේක හිතුන. ලිව්වේ නැහැ මෙතන පුරුෂාධිපත්‍ය මළකෙළියක් වෙයි කියල... හි.. හි...
Delete@ උපෙක්ෂා...මම හිතාඉන්නේ ඔහේ (ඔයා) ඊට වඩා චන්ඩියෙක් කියලා ලියන දේවල් අනුව.....පුරුෂාධිපත්‍ය කියලා එකක් තියෙනවද?
Deleteඔහෙ කියන වචනේ පෙන්නන්න බැහැ නේ...?
හිතෙන දෙයක් ලියහං බං , කියන එකෙක් ඕන දෙයක් කියපු දෙන් , වැඩිම උනොත් මව් දෙමවුපියෝ සිහිකරයි
Deleteඒක කියන උන් කන්නාඩියක් ඉස්සර ඉන්නව කියල හිත හදාගනින්
බ්‍රෑන්ඩ් එක කිව්වේ හැනපියර් කියලා නේ...?ඕ කේ බොස්...
Deletehttps://www.youtube.com/watch?v=v-f1v1jpJv8
Deleteතාත්තා උනත් මා බත සරි කරන
ReplyDeleteඅම්මා නුඹයි මගේ දරු දැරියන් රකින
https://www.youtube.com/watch?v=BpTQdIro5vY
ආ ඉන්නවනේ
Deleteමං හිතාන හිටියේ තෝ මැරිල කියල
සේව් කරගෙන කියෝනව අටං ,, පොඩි විවේකයක් ලැබුන වෙලාවේ රිංගුවෙ ...
ReplyDeleteඅප්පට සිරි තෝත් මලේ නැද්ද
Deleteකතාව නම් ටොප් !!!
ReplyDeleteතෝ නං මලාමයි කියල මං බල්ලන්ට බත් දෙනකොටත් මතක් කරන
Deleteඅටම්..කතාව නම් නියමයි..
ReplyDeleteආශ්චරිය ඇතුලේ අපි හැමෝගෙම ජීවිත වල ඇත්ත කතාව ඔය කතාවට ගොඩක් දුරට සමානයි...
මොනවා කියන්නද බන්...කතාව කියෝගෙන යනකොට හරියට චිත්තර පටිය වාගේ මැවී මැවී පෙන්නන පටන් ගත්ත...
සුපිරියි මචන්...
[img]https://www.facebook.com/photo.php?fbid=10152258898731218&set=a.10151308116006218.1073741829.648496217&type=1[/img]
ReplyDelete[img]https://www.facebook.com/photo.php?fbid=10152258898731218&set=a.10151308116006218.1073741829.648496217&type=1[/img]
ReplyDelete[img] [img]https://www.facebook.com/photo.php?fbid=10152258898731218&set=a.10151308116006218.1073741829.648496217&type=1[/img][/img]
ReplyDeleteසුපිරි නිර්මාණයක්... එක හුස්මට කියෝලා ඉවර කලා
ReplyDeleteබොක්කටම වදින කතාව..... මම මේක සති ගානක් තිස්සෙ 10 වතාවකට වැඩිය කියෙව්වා... පිරිමි බොහොමයක්, පවුල් ජීවිතය ගෙනියන්න ගැහැනුන් කරන කැප කිරිම ගැන අවබෝධයක් නැහැ. පිරිමියෙක් විදියට මේක මට කියවන්න පුලුවන් වීම ගැන මට සැහෙන්න සතුටුයි.. මගෙ අම්ම ගැන වගෙම මගෙ බිරිඳ ගැනත් ලොකු පැහැදීමක් ඇති උනා.. කලා කරුවන්ට ලෝකය වෙනස් කරන්න පුලුවන් . පුලුවන්නම් මේක ෆෙස් බුක් දාන්න තව අයට කියවන්න.... දිගටම ලියන්න අටම්..... සුපිරි නිර්මාණයක්....
ReplyDeleteසැමියා බිරිඳටයි.. බිරිඳ සැමියටයි තමන්ගේ දරුවෙකුට වගේ සෙනෙහසක් දක්වන්න පුලුවන් නම් රටක්.. ලෝකයක් ජය ගන්න එක මහ දෙයක් නෙමෙයි නේද අයියා.
ReplyDeleteනුඹේ බඩ ගිණි මගේ කරගෙන
ReplyDeleteබටම බත ඉදවා
ඇගේ ලේ ටික කිරට හරවන
බාල ගිරි එලවා
නුඹත් මගෙ අම්මා
කියාගන්ට වචන නෙ අටමො. බොක්කටම දෙනෙන්න ලිය්ලා.
ReplyDelete