2014-09-14

මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්



'' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද ''

'' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද ''

'' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක් හදලා දෙන්නං ''

'' ඔන්නැ ...බත්ම කමු ''

'' මාළු ටික ලිපෙන් තිබ්බේ දැන් , ඔයාට කන්ඩ හාල් ටිකක් තියන්ඩත් ඕන , ඇග හෝදගන එන්ඩ මම තේ හදන්නං  ''

'' එපා ඕන නැ ''

'' එහෙනං මම ඉක්මනට ඇග හෝදගන එන්නද ''

'' හා ''

'' මාළු එක ලිපේ චුට්ටක් බලනවද ''

'' මොන මාළුද  ගත්තේ ''

'' කෑලි මාලු වෙන මොකවත් තිබුන්නැ අනේ , තෝර දෙසිය පනහක් ගත්තා  හාරසීයක් ''

පිටු පස දොරින් ලිද ලගට යන බිරිදගේ හඩට සවන් දෙමින් කාමරයට වැදුන සරත් දරු දෙදෙනා අවදි වේයැයි බියෙන් විදුලි පහන නොදල්වා ඇද සිටි ඇදුම් උනා දමමින් යට ඇදුමට උඩින් තුවාය ඉන දවටාගන පැමින ලිප මත තිබෙන ඇතිලියේ කරමූඩිය මතින් පොලුකටු හැන්ද රැගෙන කරමුඩිය ඉවත් කලේය

..................යකෝ දෙසිය පනහට මාඵ කෑලි පහද අල්ලන්නේ.............

දෙතුන් විඩක් හොද්ද හැදිගා වසාදැමු සරත් , කුස්සියෙන් මිදුලට බැස හදිස්සියෙන් සියොලග සබන් තවරන බිරිද දෙස බලමින් ලීං ගැට්ට මතින් හිද ගත්තේය.

'' දවල් නාගන්ඩ හම්බුන්නැ අනේ අර දෙන්න අද නිදාගත්තේ නැ , මං නාන්ඩ ආවනං එයාලටත් නාන්ඩ ඕන වෙනව , තාම සෙම ''

'' අද දෙන්න රංඩු උනේ නැද්ද ''

'' දෝනිගේ ඉස්කෝලෙ පොතක් ඉරුවනේ පුතා ''

'' අච්චු පොතක් ''

'' නැ.......සිංහල ලියන  පොත , අරන් දීල සතියක් නැ අනේ , හොද වෙලාවට පිටු හතරයි පහයි ලියල තිබුනේ , ...මම අරන් තියපු පොතක් තිබිල දුන්නා ...පවු කෙල්ල ඔයා ආපුවහම කියනව කියල අඩ අඩා ඉරපු පොතේ තිබිච්ච අළුත් පොතේ ලියාගත්තා ''

'' කොල්ලට ගැහුවද ''

'' හයියෙන් නෙමෙයි අනේ හිමීට පාරක් ගැහුවා ..........එයත් බලාගන හිටියේ ඔයා එනකං ............කියල මට හොද වැඩක් කරවන්නංකෝ කිය කිය හිටියේ ''

''..හේ.....හේහ්...හේඑ ''

'' හි..හී..හී.......හරි ෂොක් අනේ දවල්ට .............මේ දෙන්නගේ වැඩ .........කෝ ඉතින් ඔයාට දකින්ඩ නැනේ ''

''ඇ චම්පෝ ..මොකද අර දර ලිප පත්තු කරල . ගැස් එක ඉවර උනාද  ''
'' දැන් දවස් දෙකක් අනේ ''

'' හප්පට සිරි.............සල්ලිත් නැනේ අතේ ''

'' වියදමට දුන්න ඒවායෙන් ඉතුරු ‍කරගත්ත සල්ලි වාගයක් නං තියනව , ඒත් ඉතින් ඒකෙන් ගෑස් ගෙනත් කොහොමද , හදිස්සියක් උනොත් කීයක්වත් නැති වෙනව ''

'' ගැස් එකක් ගේමු ''


'' එපා දහවෙනිදත් ලගයිනේ ....ලිප පත්තු කරගන්න එක මහ වැඩැක්..යැ ''

'' ඒ උනාට ඔය දුං කාගන ඔය වදේ වින්දහැකේ ''

'' ඔයාට වතුර එකක් පුරවල දෙන්ඩද ''

'' එපා ඉක්මනට බත් උයල දෙන්ඩ ''

'' අනේ ..බඩගිනියි නේද ඉන්ඩ ඉන්ඩ මම ඉක්මනට ‍බෙදල දෙන්නං ''

'' ඔයා කෑවද ''

'' දවල් බත් තිබිල අර දෙන්නට කවන ගමන් මාත් කෑවා ''

'' හම් ''

'' මාළු එක්ක විතරක් කතහැකැ මම පරිප්පු ටිකකුත් හදන්න''

සිතලේ දැත් පපුවට තද කරගන  නවාගත් අතැගිලි කම්මුලට තෙරපමින්  කියව කියවා කුඩා දැරිකමෙන් හිදිනවා විනා තමා ලිද ලගින් එනතුරු චම්පා ගෙට නොයන බව දන්නා සරත් ......

'' ඕන්නැ ඔය ඇති ....සිතලේ ඉන්නේ නැතුව ගිහින්  ඇග පිහද ගන්නව ''

'' මොකෙන් පිහදාන්ඩද ඔය තුවාය දෙන්ඩ ''

'' ආ ''

හැද උන් තුවාය ගැලවු සරත් චම්පාට දික්කලේය

'' කොච්චර කියුවත් අහන්නැ ............දාඩියත් එක්ක ..........මොකක්ද අනේ ඕකත් ගලවල දාල  කොට කලිසමක් ඇදගන එන්ඩකෝ ''

කිසිවක් නොකියා ඉවත බලාගත් සරත් ලිදෙන් ඇදගත් පනිට්ටුව ඇගට හලා ගත්තේය

දියනා අවසන්ව පැමින රූපවාහිනිය පනගන්වා ඇසෙන නැසෙන ගානට හඩ අඩුකොට විකාශය වන දේසපාලන වැඩ සටහන දෙස උනන්දුවකින් තොරව බලා හිදින  සරත් අතට බත් පිගාන දි වතුර ජොග්ගුව ටීපෝව මතින් තැබු චම්පා

'' හිමිහිට හිමිහිට කන්ඩ මම ඉක්මනට තක්කලි සම්බෝලයක් හදාගන එන්නං ''

දුං දමන බත් සහ මාළු කෑල්ල දෙස බැලු සරත්

'' කෝ අනේ හොදි ''

'' කතාවෙන් කතාවෙන් හොද්ද හිදිල අනේ ''

'' අප්පට සිරි ''

අහාර ගැනිමෙන් අනතුරුවද  චැනලයෙන් චැනලය මාරු කරමින් රුපවාහිනිය නරබන සරත් අසල හිදගන උන් චම්පාගේ හිස වරක් දෙවරක් සරත්ගේ උරහිසට වැටුනේය

'' ඔයා ගිහින් නිදාගන්න ''

'' ඔයත් යං ...කෝ..ඔ.....කෝ ඉති...න් එන්ඩ.....කෝ''

රුපවාහිනිය සහ විදුලි පහන නිවාදමා කාමරයට යන චම්පා පසු පසින් ගිය සරත් ජනෙල් පියනක් හැර වරින් වර මිදුලට කෙල ගසමින් වෙල් යායට එපිටින් පෙනෙන මාර්ගයේ වරින් වර යන වාහන වල විදුලි පහන් එලි දෙස බලා සිටින අතරතුර , ඇදන් දෙකක් එක් කොට මදුරු දැලෙන් ආවරනය කල සයනය තුලට රිංගාගත් චම්පා කොට්ට සකසමින් දියනිය සහ පුතනුවන් බිත්තිය පැත්තට කොට ඉඩ සකසා ඉතිරි කොට්ට තුනෙන් එකක් දරුවන් අසලින් තබා ඇලවී අනෙත් කොට්ට දෙක තමන් අසලින් තබා සකසමින්

'' සරත් හතරට එලාම් එක තියල එන්ඩකෝ අනේ , හෙටත් ඔයා හතයිහත නේද ''

නැවත වරක් මිදුලට කෙල ගැසු සරත් පනේලය වසා දමමින් පැමින , මේස ඔරලෝසුවේ සීනුව සකසා .., මදුරු දැල අතරින් රිංගා අතපය නිදහසේ විසිරුවමින් චම්පා අසලින් මුනින් අතට වැතිරුනේය

'' ම්....ම්......ආආආ......අ....ම්..මේ.....ඒ...ඒ්...ඒ...'''' අදත් කොන්ද රිදෙනවද ''

යැයි විමසු චම්පා සරත් දෙසට හැරි වමතින් පිට කොන්ද පිරිමදිමින් දකුණතේ ඇගිලි තුඩු හිමිහිට හිසකෙස් අතරින්  ඉදිරියට පසු පසට තල්ලු කරනා සුවයෙන් මොහොතකට නින්දට වැටුන සරත් තවත් හෝරාවකට දෙකකට පසු චම්පා  හිමිහිට කොදුරනා හඩ පරයමින් නැගෙනා සිගිති පුතුගේ හඩින් පිබිදුනද නැවතත් නිදාගන්නා අටියෙන් දැස් තද කර ගත්තේය.

'' සත්තලන් පුතු කැටේ අම්මි කුක්කු බීලා දැන් ආයෙත් දොයියන්ඩකෝ ..........තාත්තිය පව්නේ ..........වැඩකරල මහන්සිවෙලානේ ඇවිත් ඉන්නේ............තාත්ති පවුනේද .....මයේ මැනික .......තාත්ති පුතාට චොකෝ ගෙනත් දෙනව නේද .......පුතා තාත්තිට ආදෙයිනේ.........අක්කියනං නෝටියි ........තාත්තිට ආදේ නැ.......ආ දොයියන්ඩ සං කැටේ..........''

චම්පා පුතු රවටාගන්නට දොඩනා වදන් අසා ගෙනම නැවතත් නින්දට වැටුන සරත් අලුයම සීනුහඩින් පිබිදි බිරිද නිදා සිටි දෙසට හැරෙන විට බිරිද නොසිටියෙන් , ඇදෙන් බැස නිදිමරගාතේ කුස්සියට ඇතුල්ව වතුර ජොග්ගුවක් පුරවා පානය කලේය.

'' ඔයා ඇයි නැගිට්ටෙ මම තේ හදලා පහහමාරට කතා කරන්නං , ගිහින් නිදාගන්ඩ ''

කිසිවක් නොකියා පිටු පස දොර හැර , එලියට පිවිස වැට මුල්ලට මුත්‍රා කල සරත් නැවතත් පැමින නින්දට වැටුනේය.

'' සරත් තේ හැදුවා එන්න බොන්න ''

යැයි පවසා තමා අවදි කල චම්පා පිටව ගොස් ටික වෙලාවකින් කුස්සියට පැමිනි සරත් අතට  දුන් තේ කෝප්පය පසෙකින් තැබු සරත් වතුර ටිකක් කටට පුරවාගන කිහිප විටක් කලතා දොරෙන් එලියට විසිකොට තේ කෝප්පය අතට ගෙන කුස්සි පුටුවෙන් හිද ගත් පසු , ලියමින් උන් මුකුනුවැන්න මිට පසෙකින් තැබු චම්පා තේ කෝප්පය දැතින් ගෙන ලී බංකුවෙන් හිද හිමිහිට ‍බීමට පටන් ගත්තේය.

'' මොකද ඔය නිකං තේ බොන්නේ . බඩ දැවිල්ල ගනී ''

'' පිටි ඉවරයි අනේ ''

'' අර  බෝතලේ තව තියෙන්නේ ''

'' ඒක පොඩි දෙන්නට තිබ්බා අනේ ''

'' කෝ කෝ ගන්නව ඕකයි මේකයි කලවං කරමු ''

'' එපා අනේ ඔයා ඕක බොන්ඩ මම නිකං තේ බොන්ඩ ආසයිනේ ''

'' අනේ මේ නිකං ඉන්නව , මං දන්නැද්ද ............හවස ගෙනාවේ නැත්තේ ඇයි ...අමතක උනාද ''

'' කඩේටත් ගියා අනේ කොහෙද අර දෙන්න ඒක මේක ඉල්ලල කරදර කරනව පාං ගත්තා ...සිනි ..තේ කොල ගත්තා ....පිටි පැකට් එක අමතක උනා ''

අලුයම කරනාවු සියලු කාර්ය්‍යන් නිමවි හැද පැලද බැගයත් රැගෙන ගෙදරින් පිටවන්නට සාලයට පැමිනි සරත් අතට බෑගය දුන් චම්පා

'' ඔන්න හැමදාම කියනවනේ උදේට බත් කන්ඩ බැ කියල , අද පාං තියනව , හෙට මම ඉදි ආප්ප හදල දෙන්නං ..''

වැඩපලට පැමිනෙන විට සේවාමුරය පටන් ගන්නට ඉතිරිව තිබු විනාඩි එකොලහේ ආපනශාලවට පිවිස  පෙති කැපු පාං බාගය මාළු බොර සමග හනිකට ගිල දැමු සරත් කම්හල තුලට පිවිස ඉසඹුවක් නොමැතිව සේවයෙහි යෙදෙමින් හිද දහවල් කැම පැය බාගයේ ආපනශාලාවට පිවිස බත් මුල අතට ගන්නා විටම.

'' .... සරතෝ ..........අද මොනවද බං පවුල අද  හදල දුන්නේ...................අඩේ කෙහෙල්මුව පරිප්පු දාල , මුකුනුවැන්න මලවල , මාළුයි , බැදපු මිරිසුයි ..........., මේ බලහං අපේ ගෑණි හැමදාම , තම්බපු බිත්තරයි පරිප්පුයි , පරිප්පුයි තම්බපු බිත්තරයි ..''

'' අඩේ සරත් අයියේ ..........අක්කට ..........නංගිල නැතෙයි ................මේ කැන්ටින් චොර හොදි කාල මට ඇති වෙලා තියෙන්නේ ''

දෙපසහුන් මිතුරන් දෙදෙනාට මාළු කැබැල්ලෙන් ටික ටික සමග අනිත්වා බෙදා දුන් සරත් ඔවුන් දුන් දැ සමග පළමු බත් කට මුවට ගෙන රසවිදිනාවිට රසනහරයන්ට ලැබුනාවු උද්දීපනය හිතට නැගුනාවු දැඩි දුක්බර සිතුවිල්ල නිසාය මොහොතකින් විසිරි ගියේ.

'' ඔක්කොම මාළු කැලි පහයි තිබ්බේ , ඊයේ රැ එකයි . අද උදේ එකයි , මේ කෑල්ලයි , මම තුනක්ම කැවා ඉතුරු දෙක පොඩි උන් දෙන්නට දුන්නහම චම්පට හොදි ටිකක්වත් නැතුව ඇති . හිදුන හොද්දේ මොන හොදිද , ‍හොදි බොර ටිකත් මට පාං කන්ඩ දාල තිබ්බනේ ''


හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
 වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්


ගී පද -පොඩිරත්න අඟමලේ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහගීතයේ


පෙලසටහන ලබාදුන් සින්දුඇනෝ රසවතාට හදපිරි තුති.


125 comments:

  1. Replies
    1. මොනවද දෙන්නේ කියලයි මම මේ කල්පනා කලේ

      Delete
  2. " මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන් "

    ෙම් ෙප්ළිය තමයි මම අාසම. ෙමාකද මටත් එෙහම එළිය ලැෙබන නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි

      Delete
  3. පොඩිරත්න අඟමලේටත් මේ කතාව කියවන්න තිබුණානම් ගොඩක් සතුටු වේවි...

    නියමයි මචං..උඹේ බ්ලොග් පෝස්ට් හරියට හුම්මානේ වාගේ... එකපාරම වදිනවා එකක් නෑවිලාම යන්න...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක ගැන ලියන්න දෙයක් නෑ . මොකද බීටල් ලියලා වචන ඉතාම අඩු ගණනකින් අපි හැමෝටම දැනෙන දේ

      Delete
    2. පොඩිරත්න අඟමලේ ගැන විස්තරයක් පත්තරේකවත් මම දැකල නැනේ බීටලේ ඔයා දන්නවද තොරතුරු

      Delete
    3. තිලකයියටත් එහෙම හිතුනද

      Delete
    4. හුම්මානේ වගේ, බීට්ල් හරියටම හරි

      Delete
  4. අටම්, මේක මම ගොඩාක් කැමති සිංදුවක්. වාදයාණෙනි සීඩී එකේද කොහෙද මේක තියෙන්නේ. උඹේ කතාව සිංදුවත් එක්ක නියමෙටම ගැලපෙනවා. සිංදු ඇනෝට සපෝර්ට් එකටත් එක්ක මම තව සිංදුවක් දාන්නම්..

    ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ
    දෑස පුරා කඳුළැලි මුත් නොසෙල්ලියේ
    ඈත මෑත නොබලා දුවන සෙල්ලියේ
    කාට මෙහෙ කරයි නුඹ රත්නවල්ලියේ

    බාල ළමා කැල යවලා ඉස්කෝලේ
    ආල හිමිට දාස වැ උවටැන් පෑවේ
    විශාඛා නොවී දුවනා සඳ පාරේ
    කාට පෙනේ නුඹ දුක් උහුලන තාලේ

    පාට සොඳුරු අරුමෝසම් නොදන්නියේ
    බාල රන් මැ පඬු පොවලා අඳින්නියේ
    වීත රකුසු නෙත් සොඬ මඟ හරින්නියේ
    රෑට පහන වී යළි ගෙට වඩින්නියේ

    ගී පද - යමුනා මාලනී පෙරේරා
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. යසෝදරා වේවා... 
      ඔබ යසෝදරා වේවා...//

      එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
      දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
      ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
      රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...

      අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා
      කම්පා වන කලැ උරතල මත හිස සතපවනා
      මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා
      ලෙව් තලැ ඔබ පමණකි මා දුටු දෙව් අඟනා....

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය: සෝමපාල රත්නායක
      ගායනය: වික්ටර් රත්නායක

      Delete
    2. @ තිසර

      මේක සීන්දු ලෝකයක්//
      අමුතුම ආලෝකයක්//

      Delete
  5. මේ තමයි ඉතිං අපේ රටේ බහුතරයකගේ ජීවන අරගලය. හැබැයි මේ රසය වැඩියෙන් දැනෙන්නේ අද නෙවෙයි හෙට. අටම් මේක මතක තියාගන්න. මොකද ඔබ මගේ වයසට ඇවිත් අද මම මේ කිව්ව දේ මතකවෙනකොට මම නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ විචයියේ එච්චර ඉක්මනට කොහේ යන්ඩද , 120ක් ඇදලා මීමුනුපුරොත් බලලා , ජීවිතේම ලියල සම්පුර්න කරල යං , තාම අපි පටන් ගත්තා විතරනේ ,

      ඔන්න මමනං යන්නේ 107 න්

      Delete
  6. බොක්කටම දැනුනා අටමෝ.. මුන්ට කවදාවත් ඉර පායන්නේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. උදේට ඉරපායන්නේ මුන්ට තමා බං , ඒ උනාට ඒ එලිය උන්ට වැටෙන්නේ නැ , උස හෙවනැලි වලට ඒ එලිය වැහෙන

      අතරින් පතර අස්සෙන් වැටෙන එලියත් එහෙට මෙහෙට කරන හෙවනැලි අත පයට වැහෙනව

      ඒ අතපය බැදලා හඋස හෙවනැලි බිමට දොක්කපු දාට උනුත් ඉර එලිය දකි

      ඉක්මනට වෙන්නෙත් නැ
      කරන්ඩ බැරිත් නැ
      කරන්ඩ එකතු වෙන්නෙත් නැ
      තනියම හරි කරන එකාට කරන්ඩ දෙන්නෙත් නැ
      ලොවෙත් නැ
      ලොවි ගහෙත් නැ
      සල්ලිත් නැ
      සනිපත් නැ
      අන්තිමට පුකෙත් නැ
      හොදට තිබ්බ පුකත් නැ


      බෑන්ඩ් එක හැනපියර්

      Delete
    2. උඹ කිරක් නොවෙයි අටමෝ
      කිරි ගහක්
      වැලිසර ආපු දවසක හම්බවෙන්න ඕන. අවුරුදු උත්සවේට ඇවිල්ලා ගියාට උඹත් එක්ක කතාකරන්න බැරිවුනානෙ.

      Delete
    3. සිකරට් බොන්නේ වැලිසර යන්නයි//
      වැලිසර යන්නේනර්ස්ට ඇඩ්රස් දෙන්නයි//

      මොකද සිකරට් ගහලද
      කාස රෝගේ හැදිලද
      විහිලුවට හරිද
      මට උඹව මතක නැ බං
      එන්ඩ කලින් කෝල් එකක් දියං

      මං මේ කල්පනා කලේ
      රඹ තොරනක් ගහනවද
      පොල් තොරනක්
      පොල්ලක් අරන් ගහනවද කියල

      Delete
  7. @Beetle BaileySeptember 15, 2014 at 1:33 AM
    //උඹේ බ්ලොග් පෝස්ට් හරියට හුම්මානේ වාගේ... එකපාරම වදිනවා එකක් නෑවිලාම යන්න// මෙන්න කතාව.
    මේ තමයි හදවතට කතා කිරීම. මෙවැනි සංවේදී පණිවිඩ අපි ගෙදරට ගෙනියන්නේ ආදරය හා දයනුකම්පාව සමග මුසු කරලා. ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්වා නං එපා
      කලවන් කරන්ඩ ඕනත් නැ

      බ්‍රෑන්ඩ් එක හැනපියර්

      Delete
  8. අටමො ....... වදින්න ඕන හැම තැනටම වැදෙන ලෙසට පට්ට ලියවිල්ල මචෝ.....

    ReplyDelete
    Replies
    1. අප්පට සිරිි..........වැදිල හෙල්ලිලාද

      Delete
  9. එල හුස්මට කියවන්ඩ ලෙසටම ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ලියිගන යනකොට අකුරු පොඩි උනා , ඒක හදන්ඩ යනකොට අතරින් පතර ඉරි වැටුනා ඒක තේරුම් ගන්ඩ බැරුවයි මං මේ ඉන්නේ...හැක ..හැක

      Delete
  10. හිනාවෙන්ම කියෝගන කියෝගන ගිහින් අන්තිමට හිනාව කපලම දැම්මනෙ...
    කතාව නං ලස්සනයි...
    අටම කෝමත් පට්ටෙටම ලියනව නෙව

    ReplyDelete
    Replies
    1. කපල දාන්නේ නැත්ව දිගටම හිනා වෙන්ඩ බැ බං හැම වෙලාවෙම

      Delete
  11. සින්දු ඇනෝ උඔ අපිට සම්පතක්.
    අපේ පත්තර මල්ලි කෝ..
    අටමා..දැනුනා බෝක්කට..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. බඩු ආවා අයියන්ඩී !!!!!

      මේං ඉන්නව රජ පැටිය වාගෙ ……

      Delete
    2. පවුලගේ බලු පැටිය

      Delete
  12. පට්ටයි මචන්.
    සාහිත්‍ය රසය අයිස් බකට් එකක් වැදුන වගේ දැනුන.
    මොනවා ලියනවද කියලවත් හිතා ගන්න බෑ
    ඒ තරම් හිතට වැදුන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජීවන් ........ඇයි අමුමිරිස්

      Delete
  13. අටම් කියන්න දෙයක් නැ මචෝ .....පට්ටයි .කොමෙන්ට් කරන්න වචන නැ බන් .උපරිමයි .බොහොමත්ම ස්තුතියි මචෝ .පත්තරයෝ බොටත් බොහොමත්ම ස්තුතියි
    අටන්ට පොස්ට් එකක් ලියන්න උනන්දු කලාට .

    දුකේදී හැඬුමට - සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා

    සොඳුරියෙ නුඹයි ඒ අම්මා
    අහස මෙන් ලත් චෝදනා - පොළොව මෙන් දුක් උහුලනා
    මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
    සොඳුරියෙ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා

    සිතට සැනසුම් කල්පනා - ගෙනෙන පාදා වාසනා
    තනා ටජ් මහලක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
    සොඳුරියෙ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරඟ

    ගායනය - ටි .එම් ජයරත්න

    ReplyDelete
    Replies
    1. ගායනය: ටී.එම් ජයරත්න
      පද රචනය:ඒ.ජී ශීලා
      සංගීතය:සරත් දසනායක

      Delete
    2. නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
      සා පැටවු එහි නිදන්නේ
      හිමවතට ඇවිත් හීනෙන්
      සිත සඳුන් තවරපන්නේ

      පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ

      Delete
    3. සොඳුර නුඹ මට මව් වෙයන්
      මතු උපදිනා දින බව කුසේ
      බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
      නිවාලන්නට පව් ගෙවන්නට

      දුකේ සැපතේ එක ලෙසේ
      පණනල ලෙසේ මා ළඟ ‍රැදී
      සොඳුර නුඹ මට මව් වෙයන්
      මතු උපදිනා දින බව කුසේ...

      හදට දුක් ගිනි කිසිත් නොම දී
      නුඹ රකින්නට ණය ගෙවන්නට
      සොඳුර නුඹ මට මව් වෙයන්
      මතු උපදිනා දින බව කුසේ....

      ගේය පද - ආචාර්ය ගාමිණී ෆොන්සේකා 
      තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
    4. ඔය ගීය පිටිපස්සෙ පුංචි කතාවක් තීනව. දන්නවද ඒ ගැන?

      Delete
    5. කියහන් කො දැනගන්න .....

      Delete
    6. දන් නෑ කියහං බොසා.

      Delete
    7. පත්තරේ ඉන්දික අපෙන් අහනවා දන්නවාද කියලා .දන්නවානම් අපි බ්ලොග් එකක් ලියනවනේ නැද්ද හා ...
      ඉන්දිකයෝ ඉවාන්ගේ පොස්ට් එකෙත් උඹට ලියන්න දෙයක් තියනවා .දැන් මේකෙත් එකක් තියනවා හරිය ....

      Delete
    8. කියමුකෝ බලන්ඩ ඉන්දික

      Delete
  14. ඇගේ ආදරේ… වගේ මහා සාගරේ……

    අම්මගෙන් පස්සෙ ජීවිතේට ලං උනු ආදරණීයම චරිතය ගැන අපි කතා කරනවා මදිද කියලා හිතෙනවා මේ වෙලාවට.

    නියමයි අටම් අයියා!!
    සිංදු ඇනෝ, බොට බොක්කෙන්ම තැන්කූ!!

    ReplyDelete
  15. කතාව එක්ක සිංදු ඇනෝ ගෙ ගීතයත් නියමෙට පෑහෙනවා බං.ලංකාවෙ මාළු හෙන ලාබයි නෙ බලං ගියාම.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මොනවද අයියා ලාබ නැත්තෙ.

      Delete
    2. ලාබයි ...ඔහේට අමු කැවිලද

      Delete
  16. අටං ලියල තියෙන්නෙ අටමි ගැන කියලයි මං හිතුවෙ..

    ReplyDelete
    Replies
    1. අටමි ගැනම තමා සරත්,ඕකා ඔය මාළු කතාවම මීට කලින් වෙන විදියකට ලියල තිබුණා.

      Delete
    2. වෙන්න බැහැ ..... කතාවෙ බුවා බොන්නෙක් & සිගරට් කන්නෙක් නොවන නිසා.......

      Delete
    3. ඇයි හත්දෙයියනේ මට වෙච්ච එකක්මයි කියන්නේ .අපිට හිතල ලියන්ඩ බැරිද ..අපි ඔටුවොද

      Delete
    4. නැ අනේ චම්පා ගැන

      Delete
    5. අපි නවත්තල ගොඩක් කල්

      Delete
  17. මේකනම් හදවතට තදින්ම දැනුනා අටම්අයියේ....

    ReplyDelete
  18. //නියමයි මචං..උඹේ බ්ලොග් පෝස්ට් හරියට හුම්මානේ වාගේ... එකපාරම වදිනවා එකක් නෑවිලාම යන්න...//
    බීටලේ කියල තියෙන මේ කතාව තමයි බං මටත් කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ලිවිල්ල හරි අමාරුයි ප්‍රසන්නයෝ, ඒක එක කරදර

      Delete
  19. ලස්සනයි... ඒ වගේම හැඟීම්බරයි...
    තමුන්ගේ බිරිඳ දෙස මේ විදියට එකපාරක්වත් බලනවා නම්???

    ReplyDelete
    Replies
    1. ඉදල හිටල සැරෙන් කතා කරාට අපිනං මෙහෙම තමා බලන්නේ

      Delete
    2. අටමෝ...
      වැරදියට ගන්න එපා අනේ.. මම කිව්වේ ඔය එහෙම කරන්නේ නැහැ කියල නෙවෙයි. හැමෝම මෙහෙම හිතනවානම් කියල. එක්කෝ මගේ වැරැද්ද... මම මෙහෙම ලිව්වා නම් තමයි මගේ නිවැරදි අදහස එන්නේ

      තමුන්ගේ බිරිඳ දෙස 'හැමෝම' මේ විදියට එකපාරක්වත් බලනවා නම්

      Delete
    3. අයියෝ සාලේ කියුවලු එහෙම එකක් නැ බං , ඔව්වා මං කටට එනවට කියනව ගනන් ගන්ඩ එපා

      අඩේ නුවර කුමාරිත් එහෙනං අපි ලියන එව්වා බලනව

      Delete
  20. අටම් අයියේ පොඩි කොස්සක් තියෙනවා, උඩ හිටිය සිනෙත් පහලට එද්දී සරත් උනේ කොහොමද? (විහිළුවක් හරිය)

    කතාව පොඩි එකා පොත ඉරපු තැන ඉදන්, ගෑස් නැතිව පත්තුවෙන දර ලිපෙන්, පිටි නැතිව බොන කහට එකෙන් පොයින්ට් එකෙන් පොයින්ට් එකට ගෙදර අගහිඟ කම් එකිනෙකට පෙලගස්සලා, ඒ අස්සේ ආදරය දයාව කරුණාව ඒ පවුලේ කතාව සෑ හංගලා ඒක උතුරලා යනවා පොඩි එවුන් දෙන්නගේ සණ්ඩු සරුවල් එක්ක, පුංචි පවුලට ලැබුණු මාළු කෑලි 5 හේ පොහොසත්කම, එකෙන් තුනක්ම ආදරණීය සැමියාට පුදලා හොදි බොරෙත් පාන් එක්ක ඔතලා එවන බිරිඳක්,(මෙහෙම බිරින්දා වරු ඉන්නවද අටම් අයියේ), අනිත් දෙක දරු දෙන්නට, කතාව කියවන එද්දී අවසානයට ගොඩ නගාගෙන කතාවේ උපරිමය පට්ට සංවේදියි, උන් කන හැටි ලිපා දනී කිව්වලු, ඒ බත් කට උගුරෙන් පහලට යන විදිය මැවිලා පෙනුනා, ලස්සන නිර්මාණයක් අටම් අයියා, ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //මෙහෙම බිරින්දා වරු ඉන්නවද අටම් අයියේ//

      මොකැ බං නැත්තේ . ...එව්වට පෙරකල පින් තියෙන්ඩ ඒන පෙරකල පින්

      කොතනද බං නම පැට ලිලා තියෙන්නේ

      Delete
    2. //පිටු පස දොරින් ලිද ලගට යන බිරිදගේ හඩට සවන් දෙමින් කාමරයට වැදුන සිනෙත් ද//

      //'' සරත් හතරට එලාම් එක තියල එන්ඩකෝ අනේ , හෙටත් ඔයා හතයිහත නේද ''//

      Delete
    3. ඔන්න මචං හැදුවා

      Delete
  21. පහුගිය දවස් ටිකේ අටම්ගෙ පරණ පෝස්ට් කියවපු නිසා මේකටම සමාන්තර අට්ම්ගෙ අත්දැකීමකුත් මං කියෙව්වා. ඒ නිසා වඩාත්ම සංවේදීව මේ කතාව හිතට දැනුනා. සින්දු ඇනෝ කියන්නෙ ගී උල්පතක්. අපි හැමෝගෙම ප්‍රණාමය ඔහුට හිමිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හැලපයත් කියුවා කොතනද බං....මට මේ හොයාගන්ඩ බැරුව ඉන්නේ

      Delete
  22. මගෙ බිසවුනේ අසාපන්
    නුඹ මන්ත්‍රි දේවි නොවුණේ
    මේ කඳුළු ඇයිද දෑසේ
    බෑ යන්ඩ නුඹට හිමයේ
    විෂ ඝෝර සර්ප භවනේ
    නවතින්න කුලී නිවසේ
    මේ කර්ණ කටුක නගරේ

    පොඩි උන්ව බලාගන්ඩයි
    ඉස්කෝලෙ එක්ක යන්ඩයි
    ලෙඩ දුකට පිහිට වෙන්ඩයි
    කුණු බැනුම් අසා ගන්ඩයි
    දිව විකා බර අදින්ඩයි
    නවතින්න බිසවු නගරේ
    මේ කුලී මාලිගාවේ

    රි ශිරාවෝ සියක් ඉල්පී
    කෘෂ ළැමට ඇදී එත් මැ යි
    පියයුරෝ දෙදෙන හොරැහින්
    බිම බලාගෙන හඬත් මැ යි
    ලේ කඳුළු බිංදු නොසිඳී
    ළැම දුකින් තෙත් කරත් මැ යි
    හාමතේ නොලා දෙදරුවන්
    රක්ෂා කෙරෙත් මැ යි

    මට යන්ට දෙන්න දේවී
    ඒ දුෂ්කර පළාතේ
    බෙලි කපන සතුන් අතරේ
    කෙළ ගසන සතුන් අතරේ
    මිනිසුන් ද වැඩ වසන්නේ

    බෝ ප්‍රවේසම්ව ඉන්නෙම්
    මගෙ මෙහෙය මම කරන්නෙම්
    අත පුරා මගේ දෝතින්
    ජීවිතය ගෙනැත් දෙන්නම්

    නුඹ නොදෙම් එතෙර රටටා
    දරු නොදෙම් වාල්කමටා
    ඇඟ මස පුදා රකිම් මැ යි
    නොපුරම් එහෙත් පෙරුම් දම්
    බුදු වන්ට ඕන නුඹලා
    මට නිවන් මඟ කියල්ලා

    නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
    සා පැටවු එහි නිදන්නේ
    හිමවතට ඇවිත් හීනෙන්
    සිත සඳුන් තවරපන්නේ

    රත්න ශ්‍රී විජේසිංහ
    (වස්සානේ, 1985)

    හැම අකුරක්ම නැතත්, බොහෝ තැන් අනුරූපයි..

    ReplyDelete
    Replies
    1. මගෙ බිසවුනේ අසාපන්
      නුඹ මන්ද්‍ර දේවි නොවුණී
      දුෂ්කර වූ ඒ පළාතේ
      මට යන්න දෙන්න දේවී

      මේ කදුලු ඇයිද දෑසේ
      බෑ යන්ට නුඹට හිමයේ
      ගොස් ඉන්ට කුලී නිවසේ
      විෂ ඝෝර සර්ප භවනේ

      නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
      සා පැටවු එහි නිදන්නේ
      හාමතේ නොලා දරුවෝ
      නවතින්න බිසවු නගරේ

      නුඹ නොදී එතෙර රටටා‍
      දරු නොදී වාල් කමටා
      දිවි පුදා තොප රකින්නම්
      නොපුරා ‍එහෙත් පෙරුම් දම්

      නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
      සා පැටවු එහි නිදන්නේ
      හිමවතට ඇවිත් හීනෙන්
      සිත සඳුන් තවරපන්නේ

      ගේය පද: රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය සහ ගැයුම: විශාරද ගුණදාස කපුගේ

      Delete
    2. අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා
      ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා...

      ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්
      එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්
      පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්
      කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්...

      නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්
      දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්
      ඉතින් රැකියාවක් ද හරි හැටි නොමැති ඔහුගේ අත අරන්
      කොළඹ යයි ඇය ඔහු හිඳී ගෙයි ගෙයයි දරුවයි මුර කරන්...

      ගායනය - වික්ටර් රත්නායක
      පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
      http://www.mediafire.com/listen/uvc30cnb0si0btn/Aruna+Udaye.mp3

      Delete
  23. නලියා අමුමිරිස් කන්නට මට අභියෝගකර ඇත

    කවුද කැමති මං අමු මිරිස් කන්ඩ අභියෝග කරනවට

    ReplyDelete
  24. බොක්කටම දැනුන අටම.වෙන කියන්න දෙයක් නැ.ඔක මම ෆිල් කරන දෙයක්.
    පත්තරෙ උබ මෙක ඇතුලෙ හ්නොපෙනි ඉදන් ලොකු දෙයක් කරනව .එල මචො.
    සින්දුවා උබටත් බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ගහමු හොම්බෙං යන්ඩ !!

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. අනිවා...දමියා මමත් එකනේ කිව්වේ මුං බොලෝග් වලට සම්පතක්. ඇයි අපේ ඉන්දික සිංහයා.
      දා ගන්න තව ෂෝට් එකක්
      බ්‍රැන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. හෝව් හෝව් ..පොඩ්ඩක් හිටපල්ලා .අටන් බයිට් එක හදනවෝ ..
      මොනා උනත් බ්‍රෑන්ඩ් එක නම් ගල් ...

      Delete
    4. අනේ පත්තරය කරන බංබුව

      Delete
  25. නියමයි! සින්දුව වටේ කතාව පදමට ගොතල තීනව.

    අර කොන්ද බස් එක අද්දපු එක තමා මට පොඩ්ඩක් අවුල්! ඒත් ඉතින් සමහර පැති වල අන්තිම ට්‍රිප් එක ගොඩ වෙලාවට ඩ්‍රයිව් කරන්නෙ කොන්දලනෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මචං බස් එක අද්දනකොට එලියට ඔලුව දාල කොන්දොස්තර මහත්තය බලනවනේ තව කවුරුහරි දුහගන එනවද කියල , අදුරන කෙනෙක් හිටියෙත් නවත්ත ගන්නවවේ

      කොන්දොස්තර අලුත් කෙනෙක් උනොත් ඉතින් නවත්ත ගන්ඩ අදුරගන්ඩ බැනේ ඒ බස් එකේ යන පොරක්ද කියල

      Delete
  26. අටමො … විශිෂ්ටයි …………!!!!!!!!!!!

    වෙන මොනවා කියන්නද බොක්කා..

    ReplyDelete
    Replies
    1. මොනවහරි කියහං බ්‍රෑන්ඩ් එක හැනපියර්

      Delete
  27. හිතට හොඳට වැදුනා නියම නිර්මාණයක්

    ReplyDelete
  28. නියමයි අටම් මල්ලි...වියුණු සටහනක් කියවල මගෙ ඇස් තෙත් වෙන්නෙ බොහොම කලාතුරකින්..අද ඒ වගෙ දවසක්....නියමයි!!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ..ඔයාට එහෙම උනාද එලනේ

      Delete
  29. මේක කියවද්දී මට මතක් උනේ අපේ රැග එක කාලේ අහන ප්‍රශ්නයක්...
    අම්මා මොකෝ කරන්නේ කියලා අහපුවහම ගොඩක් උන් කියන්නේ මොකුත් කරන්නේ නෑ ගෙදර ඉන්නවා කියලනේ..
    බනිනවා පලු යන්න ඇයි තොපිව දහදුක් විඳලා හැදුවේ වැඩුවේ අම්මා නෙවෙයිද කියලා...
    මේ තියෙන්නේ සාක්කි

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ බං කතාව බැනල මදි ගහන්ඩයි තියෙන්නේ

      Delete
    2. නියම කතාවක්....
      මමත් ඔය කතාව රැග් කාලේදී අහල තියෙනවා.. ඇත්තටම ඒක පළවෙනියට අහපු දවසේ ජේෂ්ඨ තුමාව ඉඹින්න හිතුන! හික්.... මමත් හවුස් වයිෆ් අම්මල ගැන ඔහොම හිතල තියෙනවා අනන්ත...

      Delete
  30. තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
    රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැඟි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්

    බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැඟේ ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

    ReplyDelete
  31. මගේ අම්මත් මේ වගේ...එයා නොකා අපිට දෙනව..හරිම සංවේදී විදියට ලියල තියෙනවා අටම්.. :)

    ReplyDelete
    Replies
    1. සොඳුර ජිවිතයේ ලඟම හිතමිතුරියයි
      විටක ඇය මට මගේ වැදු මව හා සමයි
      දිවිමගේ ශක්තියයි සිරියහනේ කුමරියයි
      සොඳුර ජිවිතයේ ලඟම හිතමිතුරියයි ...

      Delete
    2. අදහස් දැක්වීමට ස්තුතියි දිලිනි

      Delete
  32. කියලා වැඩක් නෑ අටම්.. මට මගේ නොවන මගේම මේ කවිය ලියවුනා

    සඳ උවන වසා නැගි- අඳුරු වලා පිස
    මල් මන්දහාස ඉඳුවරී..
    තව කිම්ද නෑර ගොස්- හඟිනු දෙපා සිඹ
    පෙම් බැන්ද චන්න කින්නරී..

    සිටු මැදුරු බෝම දුර- නෑර පැමිණි මග
    පෑව සෙනෙහෙ අගනා..
    මට අහිමි කුමර වර- සේද සිනිඳු සර
    අළුයමෙක බෑර කෙරුනා..

    රළු කඨොර හීන විඳ- රහල් බැඳුම් මැද
    සැප සුඟක මිටින් දරනා..
    ගිනි ගහන මහද සිදු- යශෝදරාවත
    පිනි සෙමෙර සිහිල් සලනා..

    ගේය පද: මං තුමාගේමයි
    සංගීතය සහ ගැයුම: කැමති කෙනෙකුට බාදාවක් නැත

    ReplyDelete
    Replies
    1. ඈ ගෙට පහනකි ගේ රජ දහනකි...
      ඈ ගෙට පහනකි ගේ රජ දහනකි
      කිරුළ නැතත් ලොව රජ කරනා
      දෑසට දෑසකි දෑතට දෑතකි
      ප්‍රාණෙට ප්‍රාණෙකි අප දෙදෙනා

      හීසැර වැහි මැද රෑ කඩපිල් වල
      කාලය දිය වුණු අයුරු පෙනේ
      ඒ දුක් විඳි හිස දෑතින් පිරිමැද
      නිවනට කැඳවන සුවය දැනේ

      මේ මිහි තල මත පා යුග තනි මඟ
      තාමත් යන අය නුදුරු දිනේ
      ජීවත් වන්නට දෑතක් වැඩිපුර
      ඕනෑ වන බව සිතනු මැනේ

      පද : ප්‍රේමකීර්ති ද අල්විස්.
      සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : වික්ටර් රත්නායක

      Delete
    2. සිංදු මචං බැහැගෙනම වැඩ :D

      වරේවා … උත්කෘෂ්ටයි …… ආනන්දනීයයි ………!!

      Delete
    3. බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    4. කල්ලාන මිත්තරයා අඩේ එලනේ මචං

      Delete
  33. රැඩිකල් කියලා කියාගන්න මිනිස්සු මොනවා කිව්වත් තවමත් ලංකාවේ කාන්තාවගේ භූමිකාවයි අම්මගේ භූමිකාවයි කියන්නේ , නොපෙනෙන කඳුළු, වටිනාකමක් කවදාවත් එක නොවෙන

    කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
    සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල් දෙණි වල ඇවිද ගොසින්
    වෙරළු ගෙනැත් අම්මා

    ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
    අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා

    දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
    දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
    බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා

    පද රචනය: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
    තනු රචනය: බන්ධුල විජේවීර
    ගායනය : දීපිකා ප්‍රියදර්ශනී

    ReplyDelete
    Replies
    1. සින්දු වකාරයක්නේ බං ඉවානයෝ

      Delete
  34. සින්දුව දැකලා කතාව ලියුවද,කතාව ලියුවාම සින්දුව හම්බුනාද.සුපිරි ඈ.

    ReplyDelete
    Replies
    1. සින්දුව දැකල ලියුවා , හැබැයි ඉතින් කොහොමටත් හිතේ තිබුන අදහසක්

      Delete
  35. අටම්ගේ මේ කථාව මම උදේ සිට දකින විදින දෙය කියා සිතෙනවා. නමුත් මගේ කථාවේ දෙන්නාම වැඩට යනවා, දෙන්නාම උයනවා, දෙන්නාම පරිත්‍යාගශීලියි.
    අටම්ගේ මේ පෝස්ට් එක කියවගෙන යනකොට මට සරත් ගැන පිලිකුලක් දැනුනා, කොහොමද ඔය තරමටම ආත්මාර්තකාමී වෙන්නේ කියලා. චම්පා මේ දේවල් මේ තරමට කරට අරන් කරනකොට සරත් බෝ කොලයක් වගේ මනුස්සයෙක් නිසා (කථාවේ විස්තර වෙන ආකාරයට ) චම්පා ගැන ඔයිට වඩා සංවේදී වෙයි නේද? අටම් උවමනාවෙන්ම කරපු දෙයක් නේද මේක? හැබැයි කිසිම කමෙන්ට් එකක එහෙම පැත්තක් ගැන කථා උනේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. හෙහ් ...හේ ..චෙපාකි........ මම අදහස් කල දේ සියයට සියක් දැක්කේ ඔබ විතරයි......

      ගොඩක් පිරිමි ඔහොම තමයි

      මෙවැනි ගුණ ගී ගයනවා විතරයි , හිතින් අනේ කියනව විතරයි ...නෝ සපෝට්

      බෝපැල බෝකොල නොවෙන උන්නං සපෝට් එකක් දෙනවා තමන්ගේ වැරදි වහගන්ඩ හරි , (මං කියන්නේ ඔය චුට්ටක් අරගන්න සිකරට් එකක් බුලත් විටක් කන පොරවලි මිසක් පරදාර සේවනය කොරන උන් නෙමෙයි , ගෑනිගේ අගයක් තියන උන් ඒවා කරන්නැ)

      හැබැයි ඉතින් ගෑනුනං හොදයි කියන්නේ ඔය සරත්ලා වාගේ මේලෝකේ රහක් නැති උන්ට



      Delete
    2. මට මේක හිතුන. ලිව්වේ නැහැ මෙතන පුරුෂාධිපත්‍ය මළකෙළියක් වෙයි කියල... හි.. හි...

      Delete
    3. @ උපෙක්ෂා...මම හිතාඉන්නේ ඔහේ (ඔයා) ඊට වඩා චන්ඩියෙක් කියලා ලියන දේවල් අනුව.....පුරුෂාධිපත්‍ය කියලා එකක් තියෙනවද?
      ඔහෙ කියන වචනේ පෙන්නන්න බැහැ නේ...?

      Delete
    4. හිතෙන දෙයක් ලියහං බං , කියන එකෙක් ඕන දෙයක් කියපු දෙන් , වැඩිම උනොත් මව් දෙමවුපියෝ සිහිකරයි

      ඒක කියන උන් කන්නාඩියක් ඉස්සර ඉන්නව කියල හිත හදාගනින්

      Delete
    5. බ්‍රෑන්ඩ් එක කිව්වේ හැනපියර් කියලා නේ...?ඕ කේ බොස්...

      Delete
    6. https://www.youtube.com/watch?v=v-f1v1jpJv8

      Delete
  36. තාත්තා උනත් මා බත සරි කරන
    අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින

    https://www.youtube.com/watch?v=BpTQdIro5vY

    ReplyDelete
    Replies
    1. ආ ඉන්නවනේ

      මං හිතාන හිටියේ තෝ මැරිල කියල

      Delete
  37. සේව් කරගෙන කියෝනව අටං ,, පොඩි විවේකයක් ලැබුන වෙලාවේ රිංගුවෙ ...

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි තෝත් මලේ නැද්ද

      Delete
  38. කතාව නම් ටොප් !!!

    ReplyDelete
    Replies
    1. තෝ නං මලාමයි කියල මං බල්ලන්ට බත් දෙනකොටත් මතක් කරන

      Delete
  39. අටම්..කතාව නම් නියමයි..

    ආශ්චරිය ඇතුලේ අපි හැමෝගෙම ජීවිත වල ඇත්ත කතාව ඔය කතාවට ගොඩක් දුරට සමානයි...

    මොනවා කියන්නද බන්...කතාව කියෝගෙන යනකොට හරියට චිත්තර පටිය වාගේ මැවී මැවී පෙන්නන පටන් ගත්ත...

    සුපිරියි මචන්...

    ReplyDelete
  40. [img]https://www.facebook.com/photo.php?fbid=10152258898731218&set=a.10151308116006218.1073741829.648496217&type=1[/img]

    ReplyDelete
  41. [img]https://www.facebook.com/photo.php?fbid=10152258898731218&set=a.10151308116006218.1073741829.648496217&type=1[/img]

    ReplyDelete
  42. [img] [img]https://www.facebook.com/photo.php?fbid=10152258898731218&set=a.10151308116006218.1073741829.648496217&type=1[/img][/img]

    ReplyDelete
  43. සුපිරි නිර්මාණයක්... එක හුස්මට කියෝලා ඉවර කලා

    ReplyDelete
  44. බොක්කටම වදින කතාව..... මම මේක සති ගානක් තිස්සෙ 10 වතාවකට වැඩිය කියෙව්වා... පිරිමි බොහොමයක්, පවුල් ජීවිතය ගෙනියන්න ගැහැනුන් කරන කැප කිරිම ගැන අවබෝධයක් නැහැ. පිරිමියෙක් විදියට මේක මට කියවන්න පුලුවන් වීම ගැන මට සැහෙන්න සතුටුයි.. මගෙ අම්ම ගැන වගෙම මගෙ බිරිඳ ගැනත් ලොකු පැහැදීමක් ඇති උනා.. කලා කරුවන්ට ලෝකය වෙනස් කරන්න පුලුවන් . පුලුවන්නම් මේක ෆෙස් බුක් දාන්න තව අයට කියවන්න.... දිගටම ලියන්න අටම්..... සුපිරි නිර්මාණයක්....

    ReplyDelete
  45. සැමියා බිරිඳටයි.. බිරිඳ සැමියටයි තමන්ගේ දරුවෙකුට වගේ සෙනෙහසක් දක්වන්න පුලුවන් නම් රටක්.. ලෝකයක් ජය ගන්න එක මහ දෙයක් නෙමෙයි නේද අයියා.

    ReplyDelete
  46. නුඹේ බඩ ගිණි මගේ කරගෙන
    බටම බත ඉදවා
    ඇගේ ලේ ටික කිරට හරවන
    බාල ගිරි එලවා

    නුඹත් මගෙ අම්මා

    ReplyDelete
  47. කියාගන්ට වචන නෙ අටමො. බොක්කටම දෙනෙන්න ලිය්ලා.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>