'' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද ''
'' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ උදෙත් ඇහැරෙව්වා ''
'' පුදුම නින්දක්නේ මේක , ගෙදර හිටියොත් බුදි , තමුසෙ කොල්ලෙක් නේද ....ගේ අස්සට රිංගගන ඉන්නේ නැතුව ටිකක් එලියට පහලියට බැහැල ඇවිදිනවකෝ ''
'' මං කොහේ යන්ඩද ..............වදදෙන්නේ නැතුව ගිහින් එක්ක එනව ''
'' මොනවද මල්ලි එහෙම උදව්ක්වත් කරනවකෝ ................ඔය කම්මැලිකම හන්ද තමයි තමුසෙට තව කෙල්ලෙක්වත් යාලු කරගන්ඩ බැරි උනේ ''
'' අම්මෝ මේ ...ඔන්න අදත් පටන්ගන්ඩයි යන්නේ .......ගෑනු නං එපා ''
'' මේ අර බොරලැස්ගමුවේ ළමයගේ ගෙදරින් කතා කරා කියල අම්මා කියුවා ..........ඒ ළමයත් තමුසෙ වගේ බලන හැම එකටම බැ කියකිය ඉදලා එදා අපි ගිය දවසේ රෑම කැමතියි කියුවලු , නිකං බොරුවට මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා මඩවන්නේ නැතුව මේකටවත් කැමති වෙලා පිලිවලක් වෙනවා''
එතෙක් වේලා මුනින් අතට කොට්ටයට මුහුන හංගාගන නිදා උන් සිදත් , ඇද කොනේ හිදගන තමන්ගේ දකුනු කකුලේ ගනව වැඩුනු රෝම කූපයන් සියුම් වේදනාවක් නැගෙන ලෙස අදිමින් උන් සොහොයුරියගෙන් පය මුදවාගන ඇද විට්ටම මතට කොට්ටය විසිකර ඒ කොට්ටයට පිට තද කරමින්
'' අනේ මේ ..ලොකු ..අක්කේ මට වද නොදි ඉන්නව ''
'' නිකං පලක් නැති විකාර වැඩ කරන්ඩ එපා මල්ලි .................තමුසේ බදින්නේ නැත්තං ඒක කෙලින්ම කියල ..අපිව රස්තියාදු නොකර නිකං ඉන්නව .............අර අම්මටයි තාත්තටයිත් වද දිදි රට වටේ ගෙවල් ගානේ ඇවිද ඇවිද කකා බිබි , මොනවද මේ කරන්නෙ ''
'' ඔය හැම එකකටම මම යන්ඩ බෑ කියද්දි කවුද මාව ඇදගන ගියේ ............ගෙදර ඉන්දැද්දි චුටි අක්කා හැමතැනම දැක්කුවා , මෙහෙට ආපුවහම ඔයා ''
'' හරි දැන් එතකොට කවදාවත් තමුසේ බදින්නේ නැද්ද ''
'' මං කවදහරි එහෙම කියුවද ''
'' එහෙනං මොකද අර කෙල්ලගේ තියන වරද , ගැජුවට් කෙනෙක් , පවුලේ එකම කෙල්ල , ජොබ් එකත් නරක නැ , මටනං හොදට හිතට ඇල්ලුවා ..ශෝෂල් කැරැක්ටර් එකක් ''
'' අප්පෝ හරියන්නැ ''
'' ටිකක් කලු උනාට බලනවකෝ මූනේ සිරියාව , ............අර එලියට වෙලා කතා කරනකොට මොනවද මල්ලි කියුවේ ''
'' එයාව බලන්ඩ ආපු නමවෙනි කොල්ල මං කියුවා ''
'' අන්න බලනව ඒ ළමයගේ හොද කමට එහෙම කියුවා .............ඉතින් ඔයා මොකද කියුවේ ''
'' මං බලන්ඩ ගිය ගාන මතක නැ කියුවා ''
'' අනේ උඹ වාගේ මැට්ටෙක් ...........ඉතින් මොකද එතකොට කියුවේ ''
'' අතින් කට වහගන හිනා උනා ''
'' උඹ හොදයි අපිටම ලැජ්ජා කරන්ඩ ........ඉතින් වෙන මොනවද කියුවේ ''
'' මං බොනවද ඇහුවා .............සිකරට් ගද ඉවසන්ඩ බැ කියුවා එහෙම කෙනෙක් නං බදින්නේ නැ කියුවා ''
'' ඔයා බොනව කියල කියුවේ නැ නේද මල්ලි ''
'' කොහෙද ඕයි මං බොන්නේ ''
'' අනේ මේ නිකං ඉන්නව .............කාර් එක පෙරලගත්තේ පන්සල් ගිහින් එනකොට වෙන්ඩ ඇති ...., අර කරපිංච ගහයට තියෙන්නේ අල්ලපු ගෙදර පෙරේරා අංකල් බීපු සිකරට් කොට වෙන්ඩ ඇති ''
'' කවුද දන්නේ ඇන්ටිට හොරෙන් ලිං බැම්මට මුවාවෙලා සිකරට් බීලා අංකලය මෙහාට විසිකරනව ඇති ''
'' අනේ මේ......................හරි එහෙනං කියනව බලන්ඩ ඒ ළමයගේ තියන අඩු පාඩුව මොකක්ද ''
'' මහ මෝරච්ච පාටයිනේ ලොකු අක්කේ ''
'' තමුසෙට දැන් තිස් හතරක් හරියට බැලුවොත් කසාද බදින වයසත් පැනල , ඒ කෙල්ලට තාම විසි නමයයි , ආයේ හිතන්ඩ එපා ඔහොම ෆොපොසල් එකක් එයි කියල .............හැරමිටියක් ගන්ඩ ඕන කාලේ ...හාපැටව් වාගේ කෙල්ලෝ හොයනව , ශාන්තත් කියුවා මැයිවල ආපුවහම වෙඩින් එක ගන්ඩ කතා කරගන්ඩ කියල ''
'' එහෙනං මැයි වල ඇවිත් ශාන්ත අයියට ඒක කරගන්ඩ කියනව , තමුසෙත් කැමති එකේ ශාන්ත අයියට ඒක කරල දෙනව .....අම්මෝ මෙන්න වැන්දා .. දැන් වත් යනවද ''
'' උඹ ඔහොම්ම නිදාගන හිටහං ...අපේ ළමයි දහම්පාසලෙන් ගේන්ඩ බැරි උනාට ............උඹට උන්ගේ ළමයි ගේන්ඩ ..ගෙනියන්ඩ තමයි වෙන්නේ ඔහොම ගියොත් ''
'' පිස්සු හැදෙයි එහෙනං , ........හරි හරි මම ගිහින් පොඩි උන්ව එක්කගන එන්නං ''
හනිකට නානකාමරයට වැදි මුහුනට දිය දෝතක් ඉසගත් සිදත් මුදල් පසුම්බිය සහ මෝටර් රථයේ යතුර ගෙන මිදුලට පැමින ගේට්ටු පියන් හැර රථය පනගන්වාගන විහාරස්ථානය බලා පිටත් ඌවේය.
....................කෝ යකෝ එක ලමයෙක්වත් නැනේ ......පරක්කුවෙලා ආව හන්දා පාරේ වට පිට බැලුවෙත් නැ , කෙල්ලයි කොල්ලයි පයින්ම ගෙදර ගියාද දන්නැ . එහෙම නං ඉන්ඩ හම්බෙන්නේ නැ ලොකු තැනගෙන් , .......හැබැයි බය වෙන්ඩ නං දෙයක් නැ .....නිවුන්නු ඩබල හන්දා ..එකෙක් තනිකරල අනික කොහෙටවත් යන්නේ නැ , කෝකටත් ඇතුලට ගිහින් බලනව , ................ඒත් පන්සලට ...........මේ ෂෝට් එකකුයි අත් නැති ටිෂර්ට් එකකුයි ඇදගන ........ඒත් පොඩි උන් දෙන්නා කොහේද කියල දන්නේ නැ නේ ...........ඕන එකක් ..........ඇතුලට ගිහින් බලනව ..........
පන්සල් මිදුලේ කිසිවෙකු පෙනෙන්නට නැති බැවින් දහම් පාසල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලට නැගි සිදත් ඒ ශාලාවෙහි කිසිවෙකු නැති බව දැක තෙවැනි මහලට නැග ඒ ශාලාවේද කිසි වෙකු නැති බැවින් ආවාස ගෙටවත් ගොස් අසා දැනගන්නවා යැයි සිතා නැවත හැරුනේය.
'' අකලංකවද බැලුවේ ..........අවංකයි දෙන්නම මෙතන ඉන්නව ''
යන හඩට ආපසු හැරුන සිදත් දුටුවේ ශාලාව එහා කොනේ පිහිටි කුඩා කාමරයෙන් එලියට පැමිනි සුන්දර යුවතියකි , ඇගේ සුන්දරත්වය දුටු මතින් ගල්ගැසි ............මෙච්චර ලස්සන දහම්පාසල් ටීචර් කෙනෙක්............. යැයි සිතමින් දෙනෙත් නොසොලා ඒ සුන්දරත්වය විදිමින් හුන් සිදත් නැවතත් නැගුන ඇගේ ලගන්නාසුලු හඩින් පියවි සිහියට පැමිනියේය
''දරුවට ඔලුව කැක්කුමයි කියල ඩෙස්ක් එකට ඔලුව ගහගන හිටපු හන්දා පාර අයිනට නොයා ගෙදරින් එනකං ඉන්න කියල කියුවා...........පුතාල එන්න තාත්ත එක්කගන යන්න ඇවිත් ''
මොහොතකින් එලියට පැමිනි අවංකා .....
'' මේ තාත්ති නෙමෙයි ටීචර් ....අපේ චුක්කී මාමී''
'' සමාවෙන්න .....මම දන්නේ නැනේ ''
අසරණ වරදකාරි බැල්මක් සිදත් වෙත හෙලා ක්ෂනයකින් බිම බලාගෙන කාමරය තුලට වැදී බෑගයක් සහ පොත් මිටියක් රුගෙන අකලංකවද පෙරටු කරගනිමින් එලියට පැමින දොර වසා දමන ඇගේ
හිසට ඇලෙනලෙස පස්සට පීරා දිගට ලිහිල්ව ගොතන ලද තදකළු කොන්ඩය කොතරම් ලස්සනදැයි බලාහුන් සිදත් අමාරුවෙන් වචන ගැට ගසාගත්තේය.
'' බොහොම ස්තුතියි , අපි එහෙමනං ගිහින් එන්නම් මිස් ''
'' හොදයි ..තෙරුවන්සරණයි ''
දරුදෙදෙනා සමග මදදුරක් පඩි පෙල බැස පැමිනි සිදත් නැවත වරක් හැරි ඇය පැමිනෙනවාදැයි බැලු සිදත් හා සිනාසුන ගුරුතුමිය වමතින් ඔසරි පොට ගෙන පඩි පෙල බසින වේගය වැඩි කලේය.
මෝටර් රථයවෙත දිවගිය දරු දෙදෙනා තමාට පෙර රථයට ලංවූ බැවින් සාක්කුවට අත රිංගවු සිදත් ඇගිලි තුඩින් බොත්ත සොයා තදකර දොරහරිමින් ඇන්ජිම පනගන්වා ගනිමින්ම රථයට නැගුනේය.
'' ඔයාලගේ ටීචර් ඉන්නේ කොහෙද ''
'' අපේ පාරේම ඈතට යනව .....''
'' එහෙනං එයාවත් එක්ක යමු නේ ''
'' අනේ ෂෝක් ''
යැයි කියු අවංකා වීදුරුව හැර හිස එලියට ඔබමින්
'' ටීචර් ..එන්න ..අපිත් එක්ක යං ''...............යැයි කෑගැසුවේය
පැති කන්නාඩිය තුලින් වැලිපොලව මත කොරවක් ගමනින් පැමිනෙන යුවතිය දෙස බලා හුන් සිදත් ඇය රථය අසලට පැමිනෙනවාත් සමගම වම් පසට නැමී ඉදිරි පස දොර හැර එලියට හිස පෙව්වේය.
'' එන්න මිස් අපි ඩ්‍රොෆ් කරන්නං ''
ආචාරශීලිව කද නමමින් රථය තුලට එබුන යුවතිය
'' බොහොම ස්තුතියි , කමක් නැ , මම පයින් එන්නම් ''
'' අපිත් යන්නේ ඒ පාරෙමනේ , ඇරත් මිස්ට පරක්කු උනේ අපි හන්දනේ ....එන්න එන්න යමු ''
'' යමු ...යමු....අනේ එන්නකෝ ටීචර්...''
අකමැත්තෙන් උවද ගැලවීමක් නොමැති බව දැනුන බැවින් ඉදිරිපස දොර හැර තිබෙනවා නොදුටුවාක් මෙන් පසු පස දොර හැර රථයට නැගුන ගුරුතුමිය දොර වසාගන්නවාත් සමග රථය ඉදිරියට ගත් සිදත් වමතින් ඇය දෙසට පසුපස බලන කන්නාඩිය සකස් කලේය.
පියකරු කුඩා මුහුනටම ගැලපෙන කුඩා නාසය , දිගු ඇහිබැම සහිත රවුම් කළු පැහැති ඇස් , පළල් නළල් තලය , රවුම් හැඩයෙන් පුර්නව නිමැවී සිහින් ඉරි දෙකක් වැටුන බෙල්ල , පටු ඔසරි පොටට හරි හැටි නොවැසුන රවුම් කුඩා පියයුරු , හැට්ටය සහ සාරිය අතරින් මදක්වත් නොඉලිප්පුනු උදරය . ..............පොත් ටික උඩින් තියාගන ඉන්න ඇගිලි ටිකේ ලස්සන ...........
තමන් ඇදෙස බලමින් රිය පදවනවා යැයි ඇයට දැනුනාදැයි සැකසිතු සිදත් බෙල්ල හරවා ඇ දෙසට හැරුනේය .
'' මිස් කොහෙද වර්ක් කරන්නේ ''
'' ටික කාලයකට මොකටද හිතුන හන්දා මොකකටවත් ගියේ නැ ''
'' එහෙනං ලගදි මැරි කරනවා ඇති ''
'' අපෝ නැ ''
මුවින් නොකීවද සිතින් ...........යාන්තං ඇති .....යැයි කියු සිදත් ...........
'' මිස් ඉන්නේ කොයි හරියෙද ''
'' මේ පැත්තෙන් ලග හින්දා ගියාට මම ඉන්නේ මැද්දෙගොඩ , නිල් දිය උයනේ ගෙවල් හදල පාර කපල අපේ පාරට යා කරාට පස්සේ පන්සලට එනකොට ලග හන්දා මේ පැත්තෙන් අපි ආවට ඉස්සර අපි ආවේ ගියේ දිවුල් ගහ හන්දියෙන් ''
'' එහෙනං පරණ ගං කාරයෝ ''
'' හම් ''
'' මාව ඔයාලගේ ගේ ලගින් බස්සන්ඩ ''
'' ඒ මොකටද ඒ .... යමු යමු අපි ගේ ලගට ඇරලවන්නං ''
'' අනේ එපා මොකට කරදර වෙනවද ''
'' මොන කරදරයක්ද ඔන්න ඔහොම ඉන්න ''
'' අනේ ටීචර් අපි එන්නංකෝ ...එතකොට අපිට ගේ බලාගන ..තාත්ත ආපුවහම එන්න පුලුවන් ටීචර් බලන්න ''
'' අන්න අපේ ගේ ''
නිවස පසුකර යන අවංකා කෑගසන දෙස සිනාසෙමින් බැලු සිදත්
'' හොද වෙලාවට කියුවේ නැත්තං අපි දන්නැනේ ''
'' මාමී ...අනේ මේ නිකං ඉන්න ඔයා ''
‘‘ ඔය ඉස්සර හන්දියෙන් දකුනට ගිහින් පාර බෙදෙන තැනින් නවතින්න , එතනින් එහාට වාහනය ගන්න බැ ‘‘
සෙමෙන් දොර වසමින් බිමට බැසගත් ගුරුතුමිය , විවරකල ඉදිරිපස වීදුරුව තුලින් ර
‘‘බොහොම ස්තුතියි .........තෙරුවන් සරනයි ගිහිල්ලා එන්න ‘‘
‘‘මම සිදත් සේනාරත්න මිස්ගේ නමවත් අහන්න බැරි උනා‘‘
‘‘ ආපෝ චුක්කි මාමි ඒකවත් දන්නැද්ද ..........පියුමිනේ ..අනේ ‘‘
අවංකා සහ අකලංක දෙස බලා සිනාසුන පියුමි
‘‘මම යනව පුතාල‘‘
යැයි කියමින් පටු පාරෙන් පහලට යන පියුමිගේ පුලුල් උකුල පිරුන නිතඹ දෙස ඇසිපිය නොසලමින් බලා ඉන්නට උනේය
‘‘ තව ඉන්නේ යන්කෝ මාමියෝ මට බඩගිනියි ‘‘
‘‘ හා..හා...යමු යමු ‘‘
යැයි කියමින් රථය පනගන්වා හරවාගත් සිදත් නිවසට පැමින කාමරයට වැදී සයනයේ දිග ඇදුනේය
................ගැහැනුන් සහ පරිමින් අතර වන ශාරිරික සහ මානසික බැදිම් ගැන ටිකෙන් ටික දැනගත් නවයොවුන් වියේ සිට තමා පැතු ඇයම නොවේද ..ඒ .....පියුමි ..........දුර ඇත පාසැල් වියේ අතරින් පතර වරින් වර අලුයමේ හැදිවත සහ කලවා තෙමා දමමින් නින්දෙන් පිබිදවු ඇයමයි ......ඒ හඩමයි , ඒ සිනහවමයි .............ඒ වතමයි ........
ඔය වගේ කෙල්ලෙකුට මේ වෙනකොටත් කොල්ලෙක් නැතිවෙන්ඩත් බැ ............අක්කට කියල හෝදිසි කරල බලන්ඩත් හිතයි එක්කෝ ඕනනැ , ......මේ කන මඩ මදෑ .....මමම කතා කරල බලනව .........ඒත් එකපාරටම ඔව්වා කියන්ඩ ගියොත් ..කෙල්ල මාව ගණන් ගන්න එකක් නැ .......සතියක් දෙකක් හිමිහිට බලනව
ඊලග සෙනසුරාදා දින උවමනාවෙන්ම මෝටර් රථය අස්පස් නොකල සිදත් පසුපස අසුනේ තිබෙන දැ එලෙසම තියෙන්නට හරිමින් , ඩිකිය තුල තිබු ලිපිගොනු සහ සගරා කිහිපයක් සහ ටෙනිස් පිත්තද ගෙන පසු පස අසුනේ එක් පසකින් තබමින් දරුවන් දෙදෙනාට හැර තවත් අයෙකුට හිද ගැනිමට ඉඩ ඇහිරුවේය .
ඉරිදින උදෙන්ම අවදිව අළුත් කමිසයකින් සහ කලිසමකින සැරසී සාලයට පැමිනි සිදත්
‘‘ පුතාල කෝ ඔයාල ලෑස්තිද ‘‘
‘‘ ඔන්න එක්කෙනෙක් නං මුන හෝදන්ඩ ගියා අනික් එක්කෙනා තාම කොට්ට එක්ක රෝල් වෙනව , වෙලාව තියනවනේ මල්ලි තාම හය හමාරයි ...............මල්ලි අද කොහේ හරි යන්ඩද ‘‘
‘‘....නැ .......මේ මේ ...ඔව් අද වර්කස්ලගේ ක්‍රීකට් මැච් එකක් තියනව පැයක් දෙකක් ඒ පැත්තට ඔලුව දාල එන්ඩ කියල ....නැත්තං හරිනැනේ , දවල්ට දෙන්නව එක්ක එන්ඩ එතහැකි ‘‘
‘‘ මල්ලිට පරක්කු වෙනවනං යන්ඩ මං දෙන්නව එක්ක යන්නං ‘‘
‘‘ ඕන්නැ කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකට එනකොටත් අටවත්වෙයි ‘‘
දරු දෙදෙනා රුගෙන රථය නිවසින් එලියට දමමින් මාර්ගයේ ඇතකෙන පියුමි පැමිනෙනවාදැයි බැලු සිදත්
...බාගදා කලින්ම යන්ඩ ඇති ....යැයි සිතමින් පැමින දරුවන් පන්සලට ඇරලවා ...........සොහොයුරියට පැවසු බොරුව නිසාවෙන් නැවතත් නිවසට යැමට නොහැකි බැවින් සේවය කරන ආයතනය දෙසට රිය පැදවුයේය.
කොහෙදෝ සිට දිව ආ ආරක්ශක නිලධාරියා
‘‘ සර් අද.......... හදිස්සියෙම ‘‘
‘‘නිකමට පැක්ට්රි විසිට් එකක් ආවා කුමාර , කවුද අද ඩබ්ලිව් එස් ඉන්නේ ‘‘
‘‘ ලොකු මහත්තුරු කවුරුත් නැ සර් වර්ක්ෂොප් විතරයි වැඩ ‘‘
‘‘ආ ඔව්නේ ‘‘
යැයි කියමින් කාර්යාලයට පිවිසි සිදත් දහවල් වනතෙක් පරිඝනකය සමග ඔට්ටුවෙමින් සිට දහම් පාසැල් ඇරෙන වේලාවට පැමින පන්සල ඉදිරිපිට රතය නවතාගන බලා සිටියේය.
පිටතට පැමිනෙන දරුවන් සමග පැමින මෝටර් රථයට නැගුන අවංකා සහ අකලංක දෙසට හැරුන සිදත්
‘‘ ඔයාලගේ ටිචර් කෝ ...ඒයාත් එක්ක යන්නේද ‘‘
‘‘ අපෝ එතකොට ගොඩක්වෙලා යයි ....ඔක්කෙමල ගියහම තමයි එයා එන්නේ ‘‘
‘‘ කමක් නැ අපි ටිකක් ඉදලා යං , පුතා ඔයා පිටිපස්සට යන්නකෝ ‘‘
ටික වේලාවකින් පන්සලේ පඩි පෙලෙන් බැස පියුමි පැමිනෙනවා දුටු සිදත් රථයෙන් බැස කටහඩ අවදි කලේය
‘‘ ඉතින් කොහොමද මිස් .... මෙයාල කියුවා පියුමි මිස් එනකන් ඉමු කියල ‘‘
‘‘ අනේ මොකට කරදර වෙනවද අපරාදේ ...මං නිසා කරදරේ නේද ‘‘
‘‘ එහෙම කරදරයක් නැ මිස් ....එන්න යමු ‘‘
රථය පසුපසින් අනෙත් පසට යන්නට සැරසෙන පියුමි ඇමතු සිදත්
‘‘ පිටි පස්සේ ඉඩ නැ ඉස්සරහින් නගින්න ..අනං මනං පිරිල ‘‘
ඉදිරිපසින් රථයට නැගි හරිබරි ගැසෙන පියුමිගේ ළදරුවකුගේ මෙන් සියුමැලි රෝසපැහැති පා ඇගිලි සහ විලුඹ දෙසට සිදත් ඇස යොමු කරනවා දුටු පියුමී
‘‘ අනේ සමාවෙන්න ....සෙරෙප්පු දෙකේ මඩ ....‘‘
‘‘ නෑ ...නෑ ඒකට කමක් නැ ...........වාහනයක මඩ ගෑවුනාට මොකද ‘‘
උකුල උඩින් තබාගත් බැග් එක මතින් තබාගත් පොත් මිටිය සකසන පියුමි හා කතා කරන්නට යමක් ගැන සිතමින් සිටි සිදත්
‘‘ පියුමි ගොඩක් පොත් කියවන පාටයි ‘‘
‘‘ හම්....ගොඩක්ම බණපොත් තමයි ‘‘
සිහින් සිනහවක් මුවට නගාගත් පියුමි සෙමෙන් හිස පැද්දුවේය
‘‘ මොකක්ද ඔය පොත ‘‘
‘‘ .....ගිහිජීවිතය සහ බුදු දහම..... මෙහෙනින්වහන්සේ කෙනෙක් ලියපු පොතක් , ළමයෙකුට කියවන්න දීලා ආපහු ගෙනත් දුන්නේ අද ............මිස්ටර් ඕන නං කියවන්න ‘‘
තමන් වෙත දිගුකල පොත වමතින් රැගෙන පිට කවරය බැලු සිදත් ඩැස්බෝඩය මතින් පොත තබා
‘‘ මමත් කියවන්න හරි කැමතියි , ඒත් කාලය හොයාගන්න එක හරිම අමාරුයි ගත්ත පොත් ගොඩක් තියනව තාම කියවන්න බැරි උන ‘‘
යැයි බෙරුවට කියු සිදත් පසුපස බලන කන්නාඩිය තුලින් අවංකා සහ අකලංක දෙස බැලුවේ .....මුන් දෙන්නා කට ඇරියොත් මං විනාසයි .............යන හැගීමෙනි, පොඩි උන් දෙන්නාට වගේ වගක් නැති සැටියකි
‘‘ දැන් හැමොටම එහෙම තමා .....දුහනව දුහනව .....නිදහසක් නැ ‘‘
‘‘ එහෙම නැතුවත් මේ යන ක්‍රමයත් එක්ක යන්න අමාරුයි ‘‘
‘‘ හම් ‘‘
‘‘ පියුමි හිතන්නේ ටිකක් අමුතු විදිහට නේද‘‘
‘‘ ඇයි එහෙම හිතුනේ ‘‘
‘‘ ගර්ල්ස්ල ගොඩක් වෙලාවට ඔහොම බැරෑරුම් විදිහට හිතන්නේ නැනේ , පියුමි එක්ක කතා කරන්න ආසා හිතෙනව , අනිත අයට වඩා හරිම වෙනස් ‘‘
කිසිවක් නොකියා සිනාසී මාර්ගය ඉදිරිය බැලු පියුමි
‘‘ ඔයාලගේ ගෙවල් ලගින් මම බහින්නං , අපරාදෙනේ රස්තියාවෙන්න එපා ‘‘
‘‘ අනේ ඒකට මක්වෙනවද , අපි ගිහිල්ලා එමු ‘‘
එදිනද පියුමිව ඇරලවා නිවසට පැමිනි සිදත් ඇ ගැනම සිතන්නට වුවේය , ...............මේ කෙල්ලට මේක කොහොමද කියන්නේ දැනගන දවස් දෙකට කොහොමද එකපාරටම ඔහොම එකක් අහන්නේ ...........අනික ඒවාගේ දේවල් කතා කරන්ඩත් එච්චර මනාපයක් නැති පාටයි , ..කොහොමහරි කරල අක්කව ඒ ගෙදරට යැව්වොත් ................අක්කනං හැබැයි කැමැත්තෙන්ම යයි ,,,,,,,,,,,,,, බාගදා ඒකත් ඈලියාවට යයිද දන්නේ නැ .............කෝකටත් හොදයි මමම මේක ඉවරයක් කරගන්න එක ................. ඕන දෙයක් වෙන්ඩ කියල ලබන ඉරිදට අහල බලනව.............ඒත් පොඩි උන් දෙන්නා එක්ක බැනේ ............නැත්තං උදෙන්ම නැගිටල ගිහින් ඒ ළමයින්ගේ ගෙවල් ලග පාරට වෙලා ඉදල කතා කරනව ........හොදමදේ තමයි ලියුමක් ලියල දෙන එක .............ඒක හරියන එකක් නැද්ද.......කොන්දක් නැති බොලද වැඩක් කියල හිතයිද ........ඕන දෙයක් වෙලා යන්ඩ කියල ලියුමක් ලියල අර දුන්න බණ පොත අස්සට දාල ගිහින් දෙනව ....එක සතියට ..එච්චර ලොකු පොතක් කොහොම කියෙව්වද කියල බලයි ..............නැ ඒක එහෙම්ම තියල අළුත් පොතක් කඩෙන් අරගන ඒක අස්සට දාල දෙනව , ..වැඩේ අප්සට් උනත් ඊලග දවසට අර පොත දෙන මුවාවෙන් කතා කරන්ඩ පුලුවන් . හැබැයි හොයල ගන්ඩ වෙන්නේ අළුත්ම අලුත් පොතක් ...............නැත්තං පොත ගෙනිහින් දික්කරහම ..........ඔය පොත හොද පොතක් මම කියවල තියනව..............කියුවොත්
ඉන්පසු ගෙවුන සතිය පූරාම ඇගිලි ගනිමින් උන් සිදත් සෙනසුරාදා සේවය අවසන්ව පොත් කඩයකට ගොඩ වැදුනේය.
‘‘ මොනවද අළුත්ම බණ පොත් තියෙන්නේ ‘‘
‘‘ දවස් දෙක තුනකට කලින් පිටවුන පොතක් තියනව මහත්තය ..........භාවනා ගැන ලියවුන පොතක් ‘‘
‘‘කෝ බලන්ඩ මොකක්ද .....ආ ......මහායාන භාවනා ක්‍රම .........මේක මට දෙන්න ‘‘
පොතත් රැගෙන නිවසට පැමිනි සිදත් නිවසේ සියල්ලන් නින්දට යනතුරු හිද එක් එක් ආකාරයට ලියමින් ආමන්ත්‍රනය වෙනස් කරමින් සෙනෙහෙපත් හත අටක්ම ලියා විසිකරමින් ..........කොහොම ලියන්ඩද මන්දා ...........පුරුද්දක් තියන එකක් යැ , ....කාගෙන් හරි අහන්ඩයැ ............වැල් වටාරං එකක් වත් ඕන නැ. .....කාරනාව විතරක් ලියනව....
හිතවත් පියුමි
මෙතෙක් කලක් මා මගේ ජීවන සහකාරිය කරගන්නට සෙවුයේ ඔබවැනි යුවතියකි , ඔබේ අකමැත්තක් නැත්නම් වැඩිහිටියන් සමග ඔබේ නිවසට පැමින කතා කරන්නම්.
සිදත් සේනාරත්න
යනුවෙන් ඒෆෝ කොලයේ මැද්දට වන්නට ලියු සිදත් කොලය හතරට නවා පොත අස්සට දමමින් නින්දට වැටුනේය.
රැමැදියමත් පසුවන තුරු නොනිදා සිටි නිසා තද නිනිදට වැටුන සිදත් ........අවංකා කාමරයට පැමීන කතා කරනා හඩින් පිබීදී .......හනිකට ලක ලෑස්තිව ලිපිය දැමු පොතත් රැගෙන
.............බැරි වෙලාවත් උදේට හම්බුනොත් ...........දිලා දානව ................යැයි සිතමින් දරු දෙදෙනාද සමග මෝටර් රථයට නැගී .......පියුමී සිටිනවාදැයි මග දෙපස බලමින් පැමින පන්සල අසල වෙනදා රථය නවත්වන තැන ඉදිකොට ඇති ගොක්කොළ තොරණ දෙස බැලුවේය.
..... ඉතින් අවසරයි ගුරු මව්නී .....
‘‘ මොකක්ද පුතේ අද දහම්පාසලේ උත්සවයක්ද ‘‘
‘‘ අද තමයි පියුමී ටීචර් අපිට උගන්නන අන්තිම දවස ....එයා මහනවෙන්නයි යන්නේ ‘‘

මොන මගුලකට කෙල්ලව මහණ කළාද බං.අපරාදෙ කෑලි හත අටක් ඇදන් යන්න තිබ්බ ලව් ඉස්ටෝරිය.අර අත පිච්චිච්චි මගුල වගේ නෙවෙයි මේක රහට ලියලත් තිබ්බා.අනේ උඹ වගේ .....
ReplyDeleteඋඹත් හැලපයියේ අපේ ගෑණි වගේ මොනව කරලවත් හොදක් අහන්ඩ බැ
Deleteහික්... හොඳක් අහන්න ඕනෙනම් වෙන කාට හරි තමයි උදව් කරන්න වෙන්නේ.. හික්... ගෙදර වයිෆ් හොඳ කියන්නේ නැත්තේ කොහොමත් හොඳ මනුස්සයට අමුතුවෙන් මොනවා කියන්නද? වැරද්දක් කියනවා ඇරෙන්න
Deleteගෑනිව අත ඇරලා හැලපෙ ගනින් අඹුකමට..
Deleteහලෝ හැලපෙ.අමාවතුර පොතේ 18 වන පරිච්ඡේදයේ 33 වෙනි වගන්තියේ( ආ )(උ )(ඇ) කොටසේ කාන්තාවක් භික්ෂුණී සමාජයට ඇතුළත්වීම ගැන සටහනක් තියනවා නේද.පිටු අංකය සමඟ විස්තරයක් දාන්නකො හුදී ජන පහන් සංවේගය පිණිස.ඔයා ඒක කියවල නැද්ද?
Delete//ගෙදර වයිෆ් හොඳ කියන්නේ නැත්තේ කොහොමත් හොඳ මනුස්සයට අමුතුවෙන් මොනවා කියන්නද? වැරද්දක් කියනවා ඇරෙන්න //
Deleteඋපේක්ෂට කහවනුවක් (ණයක්) දෙන්න හිතෙනව අප්ප මේ මසුරං කතාවට!!
දැණුයි මට තේරුනේ ඇයි අපේ හාමිනේ නිතරම මට දොස් විතරක් කියන්නෙ කියල.
උපේක්ෂා, //ගෙදර වයිෆ් හොඳ කියන්නේ නැත්තේ කොහොමත් හොඳ මනුස්සයට අමුතුවෙන් මොනවා කියන්නද? වැරද්දක් කියනවා ඇරෙන්න // අහන්නත් සන්තෝෂයි!! ඒක තමා ගෙදර උන්දැ අපේ වැරදිම හොයන්නෙ. :)
Delete@ඉන්දික: හෑ ! මුන් ඒකත් ණයක්නේ දෙන්න හදන්නේ... අම්මප මුන් ඔක්කොම චීන්නුද? දැන්වත් තේරුණා නම් කොතරම් හොඳද?
Delete@චප්‍රි : ඒකනේ... කොහෙද ඔයාල ඔක්කොම විවේචකයෝ වෙලා.. සාහිත්‍ය, දේශපාලනය.. මේ ඔක්කොම....? ඒ උනාට තමුන්ව පොඩ්ඩක් විවේචනය කරන ගෙදර ඉන්න හිතවති මොකද අනේ ඔතරම් නරකට පෙන්නේ??
අද ඉදල වයිෆ් ගෙන් බැනුං අහන වැඩ කරන්න ඕන..
Delete@උපේක්ෂා
Deleteඒ කතාව තමයි කතාව කොහොමද අහිංසක මහත්තුරැන්ට ගිය ආගල් එක
@චතුරංග
Deleteඑහෙමවත් හිත හදාගනින් මචං
ඉන්දික උපේක්ෂට දෙනගමං මටත් නයක් දියන්කො
Deleteවිදානේ කාපිය ගුටි
Deleteඅනිවා ඇත්ත ගැනිගෙන් හොදක් අහනවට වඩා ලෙසි ඉන්දියාවට ෂිප්මන්ට් එකක් දානවා.
DeleteThis comment has been removed by the author.
Delete@ "ඉන්දියාවට ෂිප්මන්ට් එකක් දානවා".
Delete+++++++++++++++++++++++++++++
හුකෑස් ,යකෝ මෙන්ඩො මේහේ වර , ඔන්න ඔය කට ඇරපන් ගල් කාලක් වක්කරන්න ...
ඉන්දියාවට ෂිප්මන්ට් යවල තව ඩිංගෙන් නැව ගිලෙනවා. අනූනවයෙන් බේරුණේ. ඕ යේස්!!
Deleteමොකැ බං ඒක එච්චර අමාරු
Deleteදීකිරට බොහෝ බළලුන් සාක්කි දී ඇති බව හොඳින් පෙනේ!!
Deleteවිදානේ: අද ඉදන් පටන් ගන්නවා කිව්වා? හා හොඳයි... වලං ටික ඔක්කොම සාස්පාන් වගේ දේවල් වලින් රීප්ලේස් කරලා හිටියොත් නරකද? නැත්තම් වලං කරක් බෙල්ලේ දාගෙන යන්න වේවි නිතරම.. නිකන් මම කිව්වේ...
කට්ටියට වයිෆ්ගෙන් හොඳක් අහනවට වඩා මහන්සියෙන් වැඩ කරන එක හොඳයි කියල හිතන එක හරි සොමි වැඩක් නේ... බොස් ඔය ගැන දන්නා හින්දම තමයි පොඩි දේටත් 'ඔයා මාරයි' කියන්නේ... හෙක්... ආය ඉන්ක්‍රිමන්ට් ඕනෙය?
උන්ට තිතටම ඩොකියුමන්ට්ස් ඕනි බං. නැත්නම් හරි කචල් කාරයෝ.
Deleteරෙද්ද... උන් දන්න පුකකුත් නෑ පුකේ හලකුත් නෑ..ඉන්දියන් කාරයන්ගේ පුකේ නෙමෙයි පුක් ගැටටේ ඉදලා වංචාව.
Deleteනෙද්දකිං, ඔය කෙලල තියෙන්නෙ.
ReplyDeleteකෙලලා නොවේ කෙළලා
Deleteහැලපයා
නෙද්දකින් හැලපයා
Deleteමොකැ ප්‍රසන්නය
Deleteඋඹනං මොන ජාතියක එකෙක්ද මන්දා ධුෂකයෝ
Deleteඅටං ඉදා කටට හලා ගනින් ගල් කාලක්
Deleteඔහ් .... එකපාරටම මඩවලකට අතැරිය වගේ උනේ.... හොඳ කතාවක්... ( හෙක්.. මගේ හොඳ අහන්නම ලියන්න ඇත්තේ... හෙහ්... මොකට කියනවද.. හික්)
ReplyDeleteමඩ වලකට දාන්න තමා ගියේ
Deleteඇයි උපේක්ෂා හරි නැද්ද කතාව
DeleteOctober 2, 2014 at 11:12 AM ඇනෝ
Deleteඅනේ මන්ද මෙව්වා කියන්ඩත් හොද නැ ඒ උනාට උබල මාව අවුස්සනව
මඩ වලක් නෙමෙයි බං චූ වලක්
හොඳයි අටම්... කතාවේ අවුලක් නැහැ... කොහොමත් මේ වගේ කතාවක් කියෙව්වම දවසම තැනින් තැන මතක් කරලා තමයි ආයෙත් විඳින්නේ... මම කිව්වේ මට දැනුන විදිය. බොරු පුරාජේරු කියන්න මම කැමති නැහැ
Deleteස්තුතියි
Deleteඅයියෝ.......... අනේ.... :'(
ReplyDeleteමොකද තාරාවෝ මලගෙයක්ද
Deleteඅවසානය මෙහෙම දෙයක් වෙයි කියල හිතුවෙ නැහැ අටමෝ....
ReplyDeleteඑහෙනං මං සාර්ථකයි
DeleteNice Story.. I'm waiting your new posts... All the best...!!
ReplyDeleteඅනේ රත්තරනේ සිංහලෙන් කොටහන්කෝ
Deleteසමාවෙන්න රත්තරනේ.. වරද මගේ අතේ......
Deleteකතාව නම් ගින්දර... ඡය වේවා....!!!
උඹ හිතුවද මට ඉංගිරිසි බැ කියල ......මට නෙමෙයි අර හෙන්රි අයියලට එහෙම හරියකට කියවගන්ඩ බැනේ
Deleteඒක තමයි........ මාත් මෙ බැලුවෙ....
Deleteඅටං අයියට ඉංගිරිසි බැරි ද කියලා....!!!
එල කිරි.......ඡය වේවා....!!!
මේකනං අපේ පත්තරයට වෙච්චි වැඩක්ද මන්දා. හැක්!
ReplyDeleteකතාව පට්ට රහයි අටම් අයියේ. ඒත් පියුමි ටීචර්ව මහණ කලා ඉක්මන් වැඩිද මන්දා
//මේකනං අපේ පත්තරයට වෙච්චි වැඩක්ද මන්දා. හැක්!// එකෙන්ම එකඟයි! :D
Deleteපත්තරය දැක්කම මහන වෙන එක ඉක්මන් වෙලා .ඒ තරම්ම කලකිරිලා ඕ යේස් ... හැක්
Deleteමොනාවා උනත් බ්‍රෑන්ඩ් එක නම් ගල් ...
පත්තරයා දීපු ෆොටෝ එකලු තියන් ඉන්නේ පිළිකුල් භාවනාව කරන්න
Deleteඅවුලක් නෑ.
Deleteපත්තරයගේ බ්‍රෑන්ඩ් එක ගල්..
පත්තර මගුලක් නෙමෙයි බස්සියේ , මං දැක්ක චුට්ටන් සීන් එකක් පොඩ්ඩක් ඩිවලප් කරා
Deleteඇ ප්‍රීයා කොහොමද එහෙම වෙන්නේ
Deleteසිරාවට සින්දුවෝ එහෙම හිතෙනව තමා බලකෝ හිපියෙක් වාගේ
Deleteපල පල ගෙබි ලූෂා තොට වඩානං ඒ කොල්ලා ස්මාට් ....සිරිසිදුහත් වගේ ඉදගන මෙතන
Delete@ විග්නල්සිදානේ
Deleteබෑන්ඩ් එක හැනපියර්
චැහ් !! මං ඔහොම හුරතල් වෙවී ඉන් නෑ නෙවැ.ආවොත් ආව ගියොත් ගියා :D
Delete%#&@&@@&#:! && # අටමො … මොකාද බොල හිපියා ?? මං පුල් රෙෂ්පෙක්‍ට් ජෙන්ටා. ඕ යේස්.
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
ස්වර්ණපාලියේ කෙල්ලෝ අඩනවා පත්තරේ දැක්කහම.
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
අද මොන අලුගුත්තේරු වැඩක් කරයිද කියල උන්ට බය ඇති
Deleteසිදතුත් සසර කළකිරිලා මහණ වෙයිද?
ReplyDeleteකතාව ලස්සනයි, අන්තිමේ මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ!!
උඹේ බලොග් එක දැකලා මහනවෙන්න හිතිලා
Delete@විදානෙ
Delete+++++++++
එහෙනං ප්‍රීයා මං සාර්තකයි මට සතුටුයි
Delete@ විග්නල්සිදානේ
Deleteඇයි බං කොල්ලට එහෙම කියන්නේ
මානසිකව වැටිල අතපයත් තුවාලවෙයි
සංචාරකයන්ට වැටවල් ගහන්ඩත් හොදනැ සංචාරකයෝ වැටවල් ගහගන්ඩත් නරකයි
Deleteප්‍රියා එල ද බ්‍රා අලුත් විදිහට හිතලා.
Deleteමොකක්ද ඒ කරපු කැත වැඩේ.... ශික්... අපරාදේ කතාව කොච්චර ලස්සනට ඇදගෙන ආවද..... :(
ReplyDelete@සිහින සිත්තම්
Deleteඇයි බං තරහකාරයෙට්ට වාගේ ඔහොම කියන්නේ
කතාව නම් සුපිරි.. මහණ කළ එකයි අවුල..
ReplyDelete//පටු ඔසරි පොටට හරි හැටි නොවැසුන රවුම් කුඩා පියයුරු ,//
යකෝ මේක නම් වෙන්න බැහැනේ.. මොකද පියයුරු කෝමද බං පේන්නේ..??
පේන්නේ නැත්නම් ඔබලා බලපන්.
Deleteහරිද උත්තරේ ලැබුනද.. :D
Delete@සිහින සිත්තම්
Deleteඇයි බං තරහකාරයෙට්ට වාගේ ඔහොම කියන්නේ
ඇයි බං සැමෝ
Deleteඅවුල්ද කේස් එක
හිතෙන්
ඔසරියත් ගලවලා හැට්ටෙත් පන්නල
ඇහෙන් කනවනං ඒක කජ්ජක්ද
මෙතනදි කියන්නේ ඔසරියට වැහුනත් නැතත් හැට්ටය අස්සේ තියන එක ගැන .........අර චෝලිකේ පීචේ කාහේ........කරන්ඩ බැරිද ..........කෝ අර හින්දි සීදං යන පිල්ලියා .......කියහංකෝ ඒ සින්දුව
@October 2, 2014 at 12:21 PM ඇනෝ
Deleteඋඹ හරි කැමතියි නේද අපි කන අතගාවගන්නවට
@සංචාරකයා
Deleteඅඩෝ මගේ පරාන සම මිත්තරයට කින්ඩි දාන්ඩ එපා හරිය
ෆෝම් කප් බ්‍රා එකක්
Deleteඅටම් ගෙ පෝස්ටු හැමදාම මගේ කවි හිත කුළුගන්නනව.. කියවල ඉවර වුනේ මේක කුරුටු ගාන්න බලාගෙන.. මටනම් මුලදීම හිතුනා කෙල්ල මහණ වෙයි කියල.. හැබැයි අර සුජීව ආරච්චි වගේ ටිකක් වටේ පටලවල මහණ කෙරෙව්වනම්.. කියලත් හිතෙනව ලියල තියෙන ආදරණීය බව දැක්කම..
ReplyDeleteතුණු කෝල කොමල හිත්
සොඳුරු තඩාගේ...
පිපුණු එකම සුදු
හීන පියුම ඇය
නිවී සැඟව යන්නී...
දිවි සාර සසල විල
රළුව කළඹනා...
කළු හංස පියාපත්
මඟැර සැරිසැරූ
රන් හංස සිත්තරාවී...
හිත පුදමි දෙපා මුල
සිල් නොඹිදි කසාවත
ගිනි නිවයි දෙලෝ වැද
දෙසූ දහම් බස
දිවි දියෙන් එතෙර වන්නී...
නාමල් උඩුගමගෙ සින්දුවකුත් තීන්නෙ,
Deleteමෙහෙනියක වී සසර කතරින් එතෙර වන්නට පාරමී දම් පුරනා
ඔබ පෙම්වතියක් ලෙසින් එදා..පෙමින් එදා මා ලඟ උන්නා
කියල.
සමාවෙලා හදාගන්න මට මගේ හිත
Deleteඑකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
කිළුටක් නෑ මගේ හදවතේ සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟහැර යන්න
ඔබේ සිතට පිටුපාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුණා මට නොදැනීම
ආදරයක් නොලැබුණ දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි වුණා කසාවත මට
කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයක හැඟුමෙන් නෑ හදවත කොණක
ගෙවාගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න
ගායනය - චාමර වීරසිංහ
කසාවත හැඳ....
Deleteමෙහෙණියක වී ඈත
මග වඩිනා…
වඩින රුව දැක
සිත් දැහැන් වැදුනා…
කසාවත රැඳි ඒ දසුන් දැක…
හීන් සීරුවෙ… දෙනෙත් අතරින්…
කඳුළු බිඳු වැටුනා…
මහද ඉකි ගැසුවා…
පෙර දවස ඒ… අඳුරු අතීතයෙ…
එකම එක වරදින්…
ගිහි ගෙයම අද හැර දමා ඔබ…
ගියේ ඇයි මෙලෙසින්…
කියනු මැන අදරින්…
කමාවනු අවසරින්…
සියල් පව් දොස් නිවා ගන්නට…
ගෙවුන සසර පුරා…
දන් පිඬක් මා පිදුවෙ මෙලෙසින්..
එතෙර කළ මැන… මෙදුක් සසරින්…
අයැද සිටිමි මෙමා…
නමැද ඔබේ දෙපා…….
ගත්තේ මෙතනින් ..http://fos.cmb.ac.lk/blog/kasawatha/
සුජීව අංකල් වාගේ ලියන්ඩ එපා කියල මේකල මට බනිනවනේ කල්ලාන මිත්තරයෝ
Deleteඑල එල සින්දු වකාරේ
Deleteඉන්දික, සින්දු කල්්‍යන එල ද බ්‍රා.
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි-
අටම්ගෙ ලියවිල්ල තමා ලියවිල්ල - සුපිරියි
ReplyDeleteරන්සළු චිත්‍රපටියත් මතක් වුනා
රන්සළු චිත්‍රපටිය මතක නැනේ තිස්ස කාලෙකින්
Deleteමැද දෙබසකදි වැඩේ මාට්ටු උනා.. බණ පොතෙන් කොන්ෆර්ම් උනා.. ඒත් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ.. එක හුස්මට කියෙව්වා.. ලොක්කා පේන්න නැත්තේ පන්සල පැත්තේ යනවා වැඩිද..? එකෙකුත් දහම් ටෝකි දීලා ටික දවසකින් වැනිෂ් උනා..
ReplyDeleteඋඹ දන්නවනේ මමත් උඹ වාගේ තමා පන්සලට කෙරෙන්ඩ ඔන දේවල් කොරාට ලගින්ඩ යන්නේ නැ
Deleteකවුද බං දහම් ටෝක් දීලා වැනිෂ් උනේ
වේලාව අඩුයි බං ඉස්සර වගේ නෙමෙයි
අපෙ කතන්දර සභාපති තුමා...
Deleteකතාව නම් වෙනද වගෙම රසවත්.. ඒත් මේකෙ මගක් කියවගෙන එද්දිම තේරුනා කෙල්ල මහණ වෙයි කියල.
ReplyDeleteඅපරාදේ මට තිබ්බේ අඹලට කෙලවන්ඩ දෙන්නව සැට් කරන්ඩ
Deleteමරු අටම... අර පෝයදාට යන්නේ සංසාරේ පියසටහන් කියලා ඒකාංගික කතා... ඒකට මරු නේ..?
ReplyDeleteබොරු මොකටද මටත් ආසයි එහෙම එකක් කරන්ඩ
Deleteනොදකින් පොලොස් කොට්ටෝරුව.. ඉවර කරපු කැත ...
ReplyDeleteඇත්තටම පොලොස් කොට්ටුරුවා කියල කොට්ටෝරැවෙක් ඉන්නවද
Deleteමදෑ කොලා . ඉදලා ඉදලා කොල්ලට හිත ගිය ගමන්ම අටම් කෙල්ලව මහන කලානේ ... තව ටිකක් ඉදලා බුට් එකක් කන්න වගේ ගිහින් මහන කලානම් නරකද ..
ReplyDeleteදිග කතා ලියන්ඩ එපා කියල අර පත්තරයයි මාතලනුයි බනිනව බං
Deleteකොල්ලට බ්ලොග් මතක් වෙලා තියෙන්නේ ජිල්ලවලේ දාල ඇතිවෙලාද කොහෙද දැං
කොල්ලගේ සෝමාරි ගතිය එක පාරම ගියා නේ පියුමි දැක්කම. උඹට අවසානය තව ලස්සනට ගන්න තිබුනා.. කෙලින් කතාව වැඩියි බොගේ..
ReplyDeleteමචං ඔය සෝමාරි ගතියට කියන්නේ ධාතුවාතේ කියල
Deleteඕකනේ බං මට වෙලා තියන කෙලිය බොන්ඩ බිස්ටල් එක නැතත් බෙට්ට කෙලින් මොකක් හරි ලියන්ඩ ගියත් ඒ ගතිය මතුවෙනව
අපිට බඩ ගියත් හංස කැටයමක්
Deleteතේරුන්නැ
Deleteඋඹලගේ බඩ යන සංවාදේ දැකල මට පොඩි කතාවක් මතක් උනා.. දැනට අවුරුදු වැඩිය නෑ විසි පහකට විතර කලින් වර්ථමානේ වෙච්චි එකක්.. දවසක් හවස ක්ලාස් වෙලාවක ඉස්කෝල දෙකක් අතර පොඩි ගැන්සි වලියක් ෆෝම් වීගෙන එනකොට (නිමිත්ත මතක නෑ) එකෙක් මැද්දට පැනල කියපි 'රෙන පුකට මොන කැටයංද බං.. ඔන්න ඕක අතෑරල දාපල්ල' .. එදා තමයි මුළින්ම ඔය හා සම්භන්ද ප්‍රස්ථාව පිරුළක් ඇහුවේ.. ඔක්කොම බඩ අල්ලං හිනාවෙලා ගිහින් 'රෝහිත හෝටලෙං' ප්ලේන්ටි ගහල සිගරට් දෙක තුනක් බෙදාගෙන බිව්ව.. වලිය චක බ්ලාස්..
Deleteමෙන්න මේක කරන හැටි කියලා දියන් අයියේ.... "ආචාරශීලිව කද නමමින්" :D
ReplyDeleteසික්... සිදත් ගෙදරටම නාකි වෙනවා බන් මේ උබ කරන වැඩ වලින්...
ඕක මට විස්තර කරන්ඩ තේරෙන්නේ නැ බං , කට්ටිය අනුනන්ගේ කාර්වලට නගිනකොට එහෙම එකක් කරනව බං
Deleteහැමෝම බලාපොරොත්තු නොවුණු විදියට මහන කල එක හොදයි,,, අත්දෙක පිච්චුනු එක වගේ නතුව මේ වගේ එක එක ඒවා ලියන්න.. ජය වේවා අයියේ
ReplyDeleteමට වුනානම් මාත් මහණ වෙනවා ..ඕඕ යේස්
Deleteඑහෙම මහණ උනානම් වෙච්චි දේවල හැටියට උඹ මෙලහට බුදු වෙලා ඉන්න ඕන.
Deleteචක් විතරක් ඒක කියපු කැත
Deleteඅඩේ සිංහයා උඹ ඔහොම කිව්වම තව කතාවක් මතක් වුනා , ලියන්න ඕන ඉක්මනට , වෙලාවක් නෑ මේදවස් ටිකේ .
Deleteමාත් මහනවෙනවා අප්පා...
Deleteනෙදකිං චැහ් .. උඹලා මහණ උනානං සාසනෙත් කාලා ,පංසලත් විකුනලා,ඇබිත්තයටත් …… :D උපාසක අම්මලටත් සලකලා මොනවයිං මොනවා වෙයිද මංදා !!!.
Delete@කුවේනි
Deleteආයේ දිග කතාවලට යන්නේ නැ බං දැනට එකක් ලියනව බ්‍ලොග් එකට නෙමෙයි පොතක් කරන්ඩ හිතාගන
තොපි ඔක්කොම හොදයි මහනවෙලා බන තලන්ඩ
Deleteඉවාන්ගේ අග්‍ර ශ්‍රවක පත්තරේ සහ මැලේ රාල
Deleteමම බන දහං දන්න එකා
Deleteදර්ම බාන්ඩාගාරේ මට
හැබැයි කොල්ලා දස්සයානම් කෙල්ලගේ සසර ගමන දිගු කරන්න තිබ්බා , මං එහෙමනම් ඔන්න ගේම් ක්ලෝස් .... කතාව ලියන උඹේ මේ රටාව ගැන තමයි ඉරිසියා හිතෙන්නේ බං
ReplyDeleteඅපි නොදන්නවෑ අර කුකුල් කෙල්ල මන්නෙ ගත්තම සරම අතේ ඇරං දුවපු හැටි … චැහ්
Deleteමට ඉරිසියා කරන්ඩ එපා ඉවාන් ටිකක් බීහං එතකොට හරි
Deleteබොනවනම් බ්‍රෑන්ඩ් එක ගල්
Deleteඒ දිව්වේ බයට නෙමෙයි
ඕකනේ ඉතිං අපි වගේ උන්ට කෙල්ලෝ නැත්තේ...
ReplyDeleteලැජ්ජවෙයං අඩහං
Deleteඇත්තටම මහනඋනේ අර පිංතූරේ ඉන්න කෙල්ල නෙවෙයි නෙහ්???
ReplyDeleteකථාව රහයි අ ටං,
ජ ය වේ වා !!!!
ඔහොම සැප කදකට හම්බෙන සැපේ හැටියට මහන වෙන්ඩ හිතෙයිද බං
Deleteඋබ කතාව ගොඩනගන් විදිය තමයි බන් මාර
ReplyDeleteදෙකක් දාල ලියහං එතකොට බොටත් ලියත හැකි
Deleteබණ පොත් කියවනකොට මටත් හිතුණ අන්තිමේදි මේකි මහණ වෙයි කියල..
ReplyDeleteසුපිරි ඈ.
මචං අපේ පැත්තේ ඔහොම බණපොත් කියවපු ඇන්ටි කෙනෙක් පොඩි හාමුදුරැවන්ව පන්නල ගෙදර ගෙනත් තියා ගත්තා කොහොමද ආතල් එක කන්දෙකෙන් බේරෙනව නේ
Deleteඅඩේ අටං මට මේ මාතෘකාවේ "හු" යන්න පේන් නෑනේ...
ReplyDeleteආ සිග්නල් අවුලක් !!
Deleteකයන්නයි අල් නයන්නයි දාගන බලහං ලෙසටම පේනව
Deleteනිට්ටඔුව
Deleteඅටමා.................
ReplyDeleteදුක හිතුණ කතාවක්... කතාව නම් හැමදාම වගේ ලස්සනයි.. මෙහෙමනේ අටමෝ... බදින්නැතුව මහණ වුණ එක හොදයි. මොකද බැන්දනම් එල්ලිලා මැරෙන්නයි වෙන්නේ........
අරකගේ හැටියට එහෙම වෙන්ඩත් බැරි නැ
Deleteසිදත් සේනාරත්න කියලා බ්ලොග් ලෝකයේ එක්කෙනෙක් ඉන්නවා නේද?
ReplyDeleteකතාව ඉඅවරවෙන්න ටිකකට කලින් මටහිතුනා මේ වැඩෙත් කෙරෙන්නේ නැහැ කියලා.
හුටා සිදත් සේනාරත්නකියල බොගදාන එකෙක් ඉන්නවද කෝ ලින්ක් එකක් දෙන්ඩකෝ
Deleteඋදිත සේනාරත්න කියල එකෙක් නං ඉන්නවා.. ලංකාවේ හිටි දස්ස කෙල්ලෙක් අරන් ඇමරිකාවට පැන්න.. හැක්.
Deleteඅප්පට බොල පොර ඉන්නවනේ , මේක වෙනස් කරන්ඩද බං
Deleteනියම කතාව. මේ මට වුණා වගේ.
ReplyDeleteබොටත් මෙහෙම එකක් උනාද අක්කලගේ ළමයි අරගන දහං පාසල් ගියහම
Deleteහ්ම් වෙනස් ආරක කතාවක් හොඳයි අටම් අයියේ
ReplyDeleteස්තුතියි
Deleteඉස්සෙල්ලාම, කෝ මේ පත්තරයා.. වැදගත් තැනක මේකා ඇත්තෙම නෑ.
ReplyDeleteඊයේ නං හිටියා අද නැ , කොහේ හරි කානු පල්ලක බුදි ඇති
Deleteඌට එක වැඩක් කියලද පාප් වහන්සේ එන එකටත් මහින්ද මාමා පත්තරගෙන් උදව් ඉල්ලලා
Deleteකොහේ හරි ලැගගෙන ඉඳල ඕකා ආව දවසට ඊළඟට අපි අතින් තියෙන පද ටික සේරම අහගන්නෝනි ඕකගෙන්. හරියට වහං වෙලා හිටියෙ අපි වගේ.
Deleteඅනේ අම්මප ඇත්ත කොල් කරල කතා කරන ලස්සන ආසාවේ බැ
Deleteකාලෙකින් කියෙව්ව අපූරු කෙටිකතාවක්. අවසානය උපරිමයි. ඒත් මේ අවසානය ගැන කතාව මැද හරියෙන් ඉඟි ලැබිල තිබුනා. එහෙම නොකර තිබුනනම් වටිනාකම තවත් වැඩියි.
ReplyDeleteඊ ලග පාර ඒ වැරුද්ද හදාගන්නං
Deleteමනෝ ෆෝන් එක හරි නම් අලුත් මොනවා හරි ලියපන්.
Deleteලියන්න නම් ඕනි. ඒත් මේ දවස් වල හුස්ම ගන්නත් අමතකවෙනව හිටපුගමන්.
Deleteඅමකවෙච්චහම ගන්ඩ කලින් ටිකක් ස්ටොක් කරල තියාගනින් මලේ නැත්තං හුචස්ගාල හිටී
Deleteඑහෙමවත් වෙනවනම් ලොකු දෙයක් අප්පා!!
Deleteඅයියන්ඩි එල ද බ්‍රා..කෙල්ල මහන වෙච්ච එක හොදයි..
ReplyDeleteමේ සංසාර ගමන දුකක් අපි දුවනවා කිසිම සැනසිමක් නෑ.
ගෑණු සාදුලත් බ්‍රා දානවද
Deleteඔි යේස්.. කිසිම කන්තා පාර්ශවයකට අසාධාරනයක් නොකරමි.
Deleteඑල ද බ්‍රා
ගැහුව නේද ආයිත් ලබ්බ පොලොවෙ ;) . හොද කතාවක්.
ReplyDeleteජය වේවා!!!
ලබ්බ නං පොලවේ ගහන්නැ ෆෝන් පොලවේ ගැහුවට ..ඔයේස්
Delete\\මිස් කොහෙද වර්ක් කරන්නේ ''
ReplyDelete'' ටික කාලයකට මොකටද හිතුන හන්දා මොකකටවත් ගියේ නැ ''
'' එහෙනං ලගදි මැරි කරනවා ඇති ''
'' අපෝ නැ ''\\\
කම්මැලි නැතුව මේ ටික වෙන විදියකට දුන්නා නම් අහිංසකයි...මට හිතුනා මෙතනදි මුලු කථාවෙම තිබුන මැචුවර් කම නැති උනා කියලා...අටම්ට පුලුවන් මීට වැඩිය...කම්මැලි වෙන්න ඒපා මචං...
නිදහස් වෙලාවක හදන්ඩ කියල ඉන්නේ පොස්ට් වල තියන අවුල් තැන් ටික ඔක්කොම ...........ස්තුතියි
Deleteමට හිතුණා බණ පොත අදිනකොටම...! පුවක් ගහෙත් දෙබලක්.
ReplyDeleteමමනං ගඟේ පනිනවා...වතුර බීල මැරෙනවා.........
කණ කැස්බෑ නෙත බලා හිඳිනවා අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූදා, සඳ නැත අහසේ අමාවකයි..
තව ගොඩාාාාායි
ඉතරු ගොඩ කෝ
Deleteමේක නම් අටම් උඹ මටම ( අසංක ) ලියපු කතාවක් වගේ...මටත් මේ දවස්වල වෙලා තියෙන්නේ ඔය සන්තෑසියම තමා ඔය විදිහටම...මටනම් වෙලාවට අක්කලා නංගිලා නෑ...ඒත් ඉතිං අම්මලාගෙන් බර බරේ...අනේ මන්දා...මේ කතාව මම දිගටම කියෝගෙන ආවේ පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙද්දී...දැන් කෙළවෙයිදෝ...දැන් කෙළවෙයිදෝ කියලා හිතනකොටම ඒ වගේම කෙළවුණා...ඒක මට තදින්ම දැනුණේ ඔය වගේම කල් මරන්න ගිහින් මටත් එහෙම වෙලා තියන හින්දා...උඹේ කතාව පට්ටයි වගේම මටනම් ඉතිං මං ගැනම දුක හිතවපු කතාවක්...
ReplyDeleteනොබදින්නම ඉන්නවානං කමක්නැ , බදින්න අදහසක් තියනවනං ඉක්මනට බැදහං
Deleteමට වෙලාවකට හිතෙනව අවුරුදු විසිසෙන් විතර බැන්දනං කියල ,
මගේ යාලුවෙක් ඉන්නව බං තාම අවුරුදු 44යි , පෙනුම මට වඩා හොදයි , මට අයියා කියන ගෑණු ඌට මල්ලි කියනව ,
පෙරට ඉන්නව කෙල්ලයි කොල්ලයි , කොල්ලට දැන් වයස 25ක් ලස්සෙට කොඩිය දාල ඉන්නේ ,
ගිය අවුරුද්ද දවස්වල ගෙදර පොඩි සෙට්විමක් තිබුනා , තාත්තල පුතාල එකට ඉදන් දාන්නේ , එහෙම ඉදල තාත්ත කොහෙටදෝ නැගිටල ගිය ගමන් කොල්ල පත්තු කරගත්ත සිකරට් එකක් ඊ ලගට මු මට කියනව
‘‘ මං හැමදාම සිකරට් බොන්නේ නැ මාමේ තාත්තට කියන්ඩ එපා කියල ‘‘
වයසට යනකොට දරුවො ලොකු මහත් වෙලා ඉන්න එක හෙන හයියක්
දැන් බලහං මගේ පොඩි කෙල්ලට තාම වයස දෙකයි , මට 35ක් උන්ගේ හොදම කාලේ වෙනකොට මං හම්පඩ නාකියෙක්
සිදත්ට මොනා හිතෙන්න ඇත්ද ... කතාව ලියලා තියෙව විදිහ නම් සුපිරියි..
ReplyDeleteඕකට හොඳ වැඩේ කියන්නත් හිතෙනව බං... හි හි...
ReplyDelete( ඔය ‘ලස්සන‘ කෙල්ලො මහණ වෙන කතා හෙන බොරු බං.. කෙල්ලෙක් මහණ වෙනව කිව්වොත් වෙනදට පැත්ත බලන්නෙ නැති උන්ටත් ඒ කෙල්ල ‘මාර ලස්සන ‘ වෙනව..)
එකගයි හිරැ
Deleteආ තෝ ඉන්නවද මං හිතුවා මැරිල කියල ,
Deleteමචං මේ පස්තුතේද මොකක්ද එක මගේ හිතට ආපු සීන් එක ජෙන්ටා කේස් එකක් , ඒ කෙල්ලනං පට්ට ලස්සනයි ., සති තුනකට කලින් ගිහිගෙයින් නික්මුනා
අටමෝ.....හැලපයා කිව්වා වගේ උඹට මේක තව කොටස් දෙකක් තුනක් ලියන්න තිබුනා. උඹ නියමෙට කතාව ගෙනාවා.උඹ අර බණ පොත පස්සේ දුන්නා නම්..සිදත්ට තව ආතල් එකේ තනි චූන් එකක් ගන්න දෙන්න තිබුනා. කොහෙද උඹ මේ කෙල්ලව පන්සල් යැව්වා මදිවට මහණත් කලානේ.
ReplyDeleteපොඩි එවුන් දෙන්නාගේ නම් දෙක මරු බං. අවංකා සහ අකලංක (මම වගේ :D) පියුමිගේ ශරීරය වර්ණනා කිරීමත් හරි අපූරුයි. වනචර කමක් නැතිව රූ සපුව අගය කරලා. ඇයි යකෝ එහෙම කෙනෙක්ව මහණ කලේ.
අවංකා සහ අකලංක
Deleteමම මගේ ළමයින්ට දාන්ඩ හිටිය නම්
අපේ උන්දැ කියුවනේ නිකං වබිහිලු සපයන්ඩ එපා කියල
මං ඇහුවා ඇයි කියල
එක වචනයක් නැති එකෙක් උනොත් , වංචාකාරයෙක් , උනොත් බොරුකාරයෙක් උනොත් , කොන්ද ඵණ නැති එකෙක් උනොත් කියුවා
කොන්ද කෙලින් තියාගන මම යෝජනාව අකුලගත්තා
බලන් යනකොට කියුව කතාව ඇත්ත තමා එහෙම වෙයිද කියල කාටද කියන්ඩ පුලුවං
හෙහ් හෙහ් ...උබේ නම අයියේ උඹට කොහොමටවත් ගැලපෙන එකක් නෙමෙයි ...........මම අද උඹේ පොටෝ එකක් දැක්කා
ගැලපෙන්නේ නැ යකෝ ඔය නම
සිදත් කාරය නම් මහා අවාසනාවන්ත පොරක්...
ReplyDeleteඉඳල ඉඳල සෙට්කරගන්න ගිය එක ටත් කෙල වුඋනා....
-------------------
අටමෝ...
පට්ට ස්ටොරිය මචන්...
මම නම් උඹේ කතා වලට වහ වැටිලා ඉන්නේ...
එපිසෝඩ් අදින්නේ නැතිව ගානට වෙලාවට කලාවට ඉවර කරලා තියෙනවා ...
අඩෝ මේක පට්ට පට පට.
ReplyDeleteසිදත් ගේ කේන්දරෙත් මහණ යෝග තියේද දන්නේ නැහැනේ.:D
අටං අයියා දන්යි මේක දැක්කේ, පට්ටම කතාවක්.
ReplyDelete'' පුදුම නින්දක්නේ මේක , ගෙදර හිටියොත් බුදි , තමුසෙ කොල්ලෙක් නේද ....ගේ අස්සට රිංගගන ඉන්නේ නැතුව ටිකක් එලියට පහලියට බැහැල ඇවිදිනවකෝ ''
ඔන්න ඔය ටොක අපේ අම්මත් දානවා සෙනසුරාදට ඉරිදට, උදේට තේ එකක් හදලා ආදරයෙන් අමන්ට්‍රනය කලාම බලපු හීන ලෝක ඔලුවේ කඩන වැටෙනවා, ඒ වෙලාවට තේ එක බොන්න නෙවේ එක ඔලුවේ හලා ගන්න හිතෙනවා.
නිවුන්නු කිව්වම මට මතක්ක් වෙන්නේ අපේ අම්මගේ මල්ලිලා මගේ මාමලා ඩබල රුවිත බූරුවයි හාරත බූරුවයි :D
හෙක් හෙක් සිදත් කාරයා හෙන කුමාරිව හම්බ වෙනකන් කලිසම තෙමාගෙන මගුලක් කරගන් නැතිව වේලිලා තියෙන්නේ, කොහොම හරි කතාවේ පොත් සීන් එක ගත්තම
‘‘ මොනවද අළුත්ම බණ පොත් තියෙන්නේ ‘‘
‘‘ දවස් දෙක තුනකට කලින් පිටවුන පොතක් තියනව මහත්තය ..........භාවනා ගැන ලියවුන පොතක් ‘‘
‘‘කෝ බලන්ඩ මොකක්ද .....ආ ......මහායාන භාවනා ක්‍රම .........මේක මට දෙන්න ‘‘
ගෑනි කියවන්නේ මහයානද ථේරවාද ද දන්නේ නැහැ ලියුම බස්ස ගන්න අහුවුනා පොත උස්සන් ආව නේද, පොර ඔපිස් එකේ කම්පුටර් අතපත ගාවට තාමත් සම්ප්‍රදායික චින්තනයේ ඉන්නේ, මිස් මේ මගේ නම්බර් එක පොඩි එකාට අයෙත් ලෙඩ උනොත් කෝල් එකක් දෙන්න කියලා නම්බර් එක බස්සලා ඒ පිටින්ම නම්බර් එක ගන්න තිබුනනේ.
කොහොම හරි අන්තිමේ පොරත් මහන වෙයි ඔහොම ගියොත්.
කතාව සුපිරි, එත් අයියා කතාව ඉවර කරන්න හදිස්සි උනාද මන්දා, දීල තියෙන හින්ට් දිගේ යන කොට ගොනා නෙවෙයි මේකේ හැටියට වැස්සි පොල් පැලේ කයි කියලා හිතුනා. ජය වේවා අටං අයියා!!!
ලියුන් දෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරනේ.... අටම්....
ReplyDeleteමදෑ ඉදල ඉදලා කියවන්න ආවා. මහන කරලනේ.
ReplyDeleteඅපොයි අපරාදෙ. පට්ට කතාව එකෙන්ම ඉවර උනානේ
ReplyDelete