2014-10-07

හරක්මස්



‘‘සර් මම මේ කතා කරන්නේ ජයසිංහ රාලහාමිගේ මල්ලි ‘‘

‘‘ මොන ජයසිංහද ‘‘

‘‘ ඇල්ලේවෙල ජයසිංහ .....සර් ...වරකපලට මාරුවෙලා ගියේ ....එයාගේ මල්ලි ‘‘

‘‘ අප්පට සිරි මල්ලියා කියහං ..මොකද බං මේ වෙලාවේ ‘‘

‘‘ සර් මං මේ ගමනක් ගිහින් යාලුවෙක් එක්ක එනගමන් රැ උනා කෙටිපාර හන්දා තේක්ක කැලේ මැද්දෙන් පැනගන්ඩ ආවේ , කැලේ අස්සේ සද්දයක් ආවට බැලුවහම වැන් එකකට හරක්  පටවනව ‘‘

‘‘ වැන් එකකට ‘‘

‘‘ ඔව් සර් හයිරූප් එකක් වැඩිය කතා කරකර ඉන්ඩ බැ ...........‘‘

‘‘ බලහං නොම්බරේ ‘‘

‘‘ නොම්මර බලන්ඩ ලං වෙන්ඩ බැ සර් ...අපිව මාට්ටු වෙයි .......එතන කට්ටි තුන්දෙනෙක් ඉන්නව ...ලොකු උන් දෙන්නෙක් පැටෙව්වා , තව පැටියයි මහ එකයි ඉන්නව ....... සර්ල ඉක්මනට බටපැලැස්ස හන්දිය පහු කරල ඇල්ලේවෙල පාරේ ආවොත් උන්ට වෙන යන්ඩ පාරක් නැ , මුනටම මාට්ටු වෙනව ‘‘

‘‘ මං මේ තේ එකක් බොන්ඩ නයිට් කඩේට ඇවිත් ඉන්නේ අපි ටක් ගාල එන්නං , උඹල ඔහොම හිටහල්ලා ‘‘

‘‘ අපිට සීන් එකට පේස් කරන්ඩ බැ සර් ගමේ එකෙක් ඉන්නව , අනික සර්ල එනකොට උන් මෙතනින් අනිවා පිටවෙනවා , අපි යන්නං සර්ල එන්න ‘‘

‘‘ හරි හරි එහෙනං පලයං ..., ෆෝන් ඒක ඕප් කරන්නේ නැතුව තියාගනින්‘‘

‘‘ හරි සර් එහෙනං ජයවේවා ‘‘

‘‘ එයි කොල්ලෝ ............ඉක්මනට සිකරට් දහය අරගන ඇවිත් මේ විදුරු ටික අරන් පලයං ‘‘

‘‘ හරි සර් මේ එනව ‘‘

‘‘ යකෝ උඹ තාම කනවද .... ඔය  %ත්ත  ඉක්මනට කාල මේ @යිය ඉස්ටාට් කරල ගනිං ‘‘

ඉතිරිව තිබු බිත්තර රොටී කෑලි කිහිපය හනිකට කටට ඔබාගත් පොලිස් රියැදුරා දෙකකුල් මැදින් තබාගන හුන් ප්ලේන්ටියෙන් උගුරු දෙකක් ගිලදමා වේටර් කොලුවාට පිගාන සහ ප්ලේන්ටිය දී ජිප් රථය පනගන්වා ගත්තේය

‘‘ යමන් ඉක්මනට ඇල්ලේවෙල පාරට ‘‘


‘‘ සර් අපි හතරදෙනයිනේ ‘‘

‘‘ මොන  %කටද  තොපි දෙන්නා වේපන් එකක් අරගන ආවේ ‘‘


කිසිත් නොකියා කරබාගත් පසුපස උන් පොලිස් නිලදාරියා දෙස බැලු අනික් නිලධාරියා හිස නමමින් කම්මුල උරහිසට ගෑවුවේය

‘‘ ජයසිංහයගේ මල්ලි කතා කරේ , හරක් පටවපු වැන් එකක් එනවලු , උන් තුන්දෙනයි ඉන්නේ , බටපැලැස්ස පාලම පන්නල කැලේ තියන තැනක අතුරුපාරක ඉදන් ජිප් එක දාල උඹ පාර හරස් කරපන් , මම ඩ්‍රයිවර්ව ගන්නං , උඹල දෙන්නා අනිත් උන්ට දුහන්ඩ දෙන්ඩ එපා ‘‘

‘‘ හරි සර් ‘‘

‘‘ හරි කියල බුල ගැහුවොත්  බිජ්ජෙන් හිටොල තියනව දැනගනින් ‘‘

‘‘ හරි සර් ‘‘

‘‘ මොනවද   %ත්තෝ හරි කියන්නේ ‘‘

වංගුවක් සමග ඇති අතුරු පාරකට රිවස්කල ජිප් රථයේ විදුලි පහන් නිවා දැමු රියැදුරා ඕනැම මොහොතක රථය ප්‍රධාන පාරට  ධාවනය කිරිමට සූදානම්ව සිටින අතර අනිත් කොස්තාපල්වරු දෙදෙනා ඇමතු   අයි .පී  ධර්මදාස

‘‘ වංගුව හින්දා උන් ස්ලෝ කරල එන්නේ , මේ වෙලාවට ඔය පාරේ යන්ඩ වෙන වාහන නැ , පාර බ්ලොක් වෙච්ච ගමන් උඹල දකුණු පැත්තේ ඉදන් පාරට පැනල දොරවල් අරින්ඩ නොදී අරුන් දෙන්ව ගනිල්ලා , මම ඩ්‍රයිවර්ව ගන්නං ‘‘

යැයි කියමින් බහාලුමෙන් රිවොල්වරය ගෙන ගසකට මුවාවි  සැගවෙන අතර පිටු පසින් බැසගත් අනිත් දෙදෙනා පාරේ වම්පස බඩවැටියේ සැගව මිනිත්තු කිහිපයක් බලාසිටියේය.

විනාඩි කිහිපයකින් කැලැව අතරින් වැටුන විදුලි පහන් එලිය වංගුවෙන්  පෙනෙනවාත් සමග පොලිස් රියැදුරා ජිප් රථය පාරට දැමුවේය. තිරිංග තදකරනවා ඇරෙන්ට අන්යමක් නොවු වැන් රථයේ රියැදුරා ‘‘ කරාස් ‘‘ හඩින් රිය නවතනවාත් සමගම දිව ආ  අයි .පී  ධර්මදාස

‘‘ ඔලුව කුඩුවෙන්ඩ තියනව බැහැපිය #සිගේ පුතා බිමට ‘‘

රියැදුරා බිමට බහිනා අතර අනිත් පසින් පැමිනි කොස්තාපල්වරයා ඉදිරිපස හිදගෙන උන් එකාට තුවක්කු බදෙන් ඇන්නේය

‘‘ *රියට වෙනම කියන්ඩ ඕනද වැන් එක කිහිල්ලේ ගහගන ඉන්නේ බැහැපිය තොත් කෝ තොපේ අනිකා ‘‘

‘‘ මේ ඉන්නේ හරක් අස්සේ ඉදගන ..............බැහැපං බැහැපං .....දුහන්නැ ...ඇ ...තියනව ඔලුව කුඩු වෙන්ඩ ‘‘

‘‘ ආ ..ආ....අත අඹරන්ඩ ..එපා සර් මම එන්නං ‘‘

‘‘ මම ජිප් එක ගන්නං උඹ නැගපං වැන් එකට ‘‘

ජිප් රථයේ පසු පස දොර අරිනා පොලිස් රියැදුරාට පැවසු අයි .පී  ධර්මදාස අල්ලාගන උන් එකා රියතුලට තල්ලු කරමින් පා පහරක් දුන්නේය , අනෙක් දෙදෙනාද රියතුලට තල්ලු කල පොලිස් නලදරුවන් දෙදනා ජිප් රථයට නැග දොරවසාගනිමින් බිම හුන් තිදෙනාට දිගින් දිගටම පා පහර දෙන්නට විය.

‘‘ ගහන්ඩ එපා....සර් ...වාහනේ දීලා අපිව අරින්ඩ ‘‘

‘‘ අරිනවා තොගේ &කේ ‘‘

රිවොල්වරය බහාලුමට නොදමා ඉනේ ඉදිරිපස ගසාගනිමින් රියැදුර අසුන නැගුන පොලිස් පරික්ෂකවරයා කෑගැසුවේය.

‘‘ සත්තු ටික  මඩුවට යන්ඩ පරක්කු උනහම  එන   එක කෝල් එකෙන් අපිව අරින්ඩ වෙනව සර් .....නිකං ලෙඩ දාගන්ඩ එපා වාහනේ දීල අපිව අරින්ඩ ‘‘

‘‘ බලාගන ඉන්නේ ඇනපන්කෝ ඕකගේ කටට ‘‘

‘‘ ගහන්ඩ එපා ස...ර්......ආ....අම්මෝ.....සර්ලගේ හොදටයි කියන්නේ  ‘‘

‘‘ කට පියාගන හිටපියව් ..එකෙක් කතා කරන්නැ .... @රියෝ තුන්දෙනා‘‘

මද දුරක් රථය පදවාගන ආ අයි .පී  ධර්මදාස වැන් රථය පසුපසින් එනවාදැයි බලමින්

‘‘ කාගෙද &ත්තෝ වාහනේ, කාටද තොපි වැඩකරන්නේ ‘‘

‘‘ ඒක කියන්ඩ බැ සර් ‘‘

‘‘ යමන්කෝ බැරි ඒවා මං ගියහම අහගන්නං ‘‘

‘‘ කාලකණ්නි හැත්ත තොපේ ලග තියන හරක් ගද ‘‘

‘‘......ආ ආ ......ඒපා.......ඊඊඊඊඊඊ කැඩිච්ච කකුල සර් අනේ පාගන්ඩ එපාපාාාා ‘‘

‘‘ කොතනද තොගේ කැඩුනේ මෙතනද  .....කියපිය කාටද තොපි හරක්පටවන්නේ ‘‘

දණහිසට පහලින් කකුල අල්ලාගන කැගසන කලු කෙසග තරුණයා අතින් අල්ලාගන උන් තැනටම පා පහර දුන් කොස්තාපල් කොන්ඩයෙන් අල්ලා හිස තමන් දෙසට කරකවා ගත්තේය.

‘‘ දන්නැ සර් ගහන්ඩ එපා ‘‘

‘‘ දන්නැ තොපේ අම්මට &කුවේ කවුද කියල දන්නවද &කයා ‘‘

වේගයෙන් පැමින පොලිසිය මිදුලේ  නතරකල ජිප් රථයෙන් බැසගත්  අයි .පී  ධර්මදාස

‘‘ හරක් ටික බාල ගැට ගහපල්ලා ‘‘

යැයි කියමින් දුම්වැටියක් දල්වාගන බලා සිටියේය , වෑන් රථයේ පිටුපස දොර හැරි  සොරුන් තිදෙනා පලමුව වැඩි ආයාසයක් නොමැතිව හරක් පැටවාව බිමට ගෙන , ගෙල රැදි කඹයෙන් අදිමින් මහ වැස්සිය බිමට ගන්නට නොහැකිවු බැවින් වැන් රථයේ තිබු රීප්ප කැබැල්ලක් ගෙන අනිත් පසින් පැමින පැති දොර ඇර පිටට පහර දුන්නේය .

‘‘ ගහන්ඩ එපා යකෝ ඔය සතාට ‘‘

‘‘ එහෙම නැතුව මූන්ව බස්සන්ඩ බැ සර් ‘‘

යැයි කියු කෙසග කොලුවා වැස්සියගේ වල්ගය අල්ලා අඹරමින් නැමුවේය , වේදනාවෙන් කෑගැසු වැස්සිය ක්ෂණයකින් බිමට පැන්නේය .

‘‘තෝ මිරිකුව නේද නැට්ට , බැහැපිය &කයා බිමට ‘‘

යැයි කියු කොස්තාපල් ඇද උන් කමිසයෙන් ඇද කොල්ලා බිමට ගෙන ඌ අත රැදි රීප්පය උදුරාගෙන තඩිබෑවේය

‘‘ සර් ..සර්ට ඕ අයි සී මහත්තය කෝල් කරනව ‘‘

යැයි තමන් ආමන්ත්‍රනය පොලිස් නිළදාරිනිය පිටු පසින් පොලිසිය තුලට ගිය අයි .පී  ධර්මදාස මේසය මතින් තබා තිබෙන රිසිවරය අතට ගත්තේය

‘‘ ධර්මදාස ස්පීකින් ..සර් ‘‘

‘‘ තෝ හදන්නේ මාවත් අරගන කන්කසන්තුරේ යන්ඩ යකෝ , හරක් ටිකයි වාහනෙයි දීලා අරුන්ට යන්ඩ ඇරපං ‘‘

137 comments:

  1. ඉන්වර්ෂන් ඔෆ් බට්ටි වර්ෂන්...නැද්ද හා...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අර ගංජා මූණ දාගනනේ..

      Delete
    2. මං කියුවා කියල හිතාගනින් ,

      තව එකක් උඹ දැන් බ්ලොග් වෙනුවෙන් වැය කරන කාලය වැඩියි , මේක හයන්දා ජීවිතේ අවුල් කරගන්ඩ එපා , මොනිටරෙන් ඔලුව උස්සල ජනේලෙන් එලිය බලපං , එලියේ පරිසරය හරි ලස්සනයි , කෙලව ගත්ත හන්දයි ආදරෙන් කියන්නේ

      Delete
    3. කියනකොටම ඔලුව උස්සලා බැලුවා. කෙලින්ම පෙනුනෙ ජනේලෙන් එළිය. වැඩකරන ගමන් මෙහෙම එකක් වත් නොතිබුනානම් ස්ට්‍රෙස් වෙලා මැරෙන්නෙ. කොහොමත් තව ටික දොහකින් බ්ලොග් වලින් ටිකක් නෙවෙයි හුඟක්ම ඈතට යන්න වෙයි. ඒකයි හැකි හැම වෙලේම වැඩිපුර කිට්ටුවෙලා හිටියේ. ඔන්න එහෙනම් අපි ගියා. සමාවෙයන් අයියණ්ඩි..

      Delete
    4. ඔන්න ඔන්න

      උඹ චොප්පෙටත් කොත පෙන්නන්ඩ හදන්නේ

      මොකද කොටුවක්වත් පයින්ඩ සෙට්වෙලාද

      Delete
    5. @මනෝෂ්
      //ආයෙත් අර ගංජා මූණ දාගනනේ..// හැක් හැක්

      Delete
  2. නෙද්දකිං, අම්මටම ගිය කාලකණ්නි රට.

    උදේ පාන්දරම ලේ ටික කෝප උනා.

    ReplyDelete
  3. ඕක තමා ඇත්ත තත්වෙ.ඔක්කොම සෙල්ලම් ලොකු ලොකු අයගෙ.නීතියත් උන්ගෙම තමා.

    ReplyDelete
    Replies
    1. අපි වගේ හරකුන්ට සරනක් නැ

      Delete
  4. ෂික් වැඩේ කැතයි.

    ReplyDelete
  5. මොනා කරන්නද බං .. දැං මේකේ වැරුද්ද පොලිස් කාරයගේද සිස්ටම් එකේද??

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ක්‍රමයේ වැරැද්ද තියෙන්නෙ. මුදුනෙ ඉඳන්ම හැදෙන්නෝනි.

      Delete
    2. සිස්ටම් එකේ වැරද්ද.හැබැයි එහෙම කියලා අපිත් ඒ සිස්ටම් එකටම අනුගත වුනොත් රටට බඩුම තමයි.

      Delete
    3. එහෙම අනුගත නොවී, අනිත් එවුනුත් වළක්වන්නනේ අපිත් මේ වළිකන්නේ.

      Delete
    4. මුදුන හැදෙනකොට බැරියැ

      Delete
    5. සමහරක් වෙලාවට අපිත් අනුගත වෙනව හා නැද්ද

      Delete
    6. අපිට මොනවද කරන්ටඩ පුලුවන්

      Delete
    7. අලුත් සමාජ ක්‍රමයක් හදාගන්න පුලුවන් දේශපාලන විසඳුමකට දායක වීම.

      Delete
    8. එහෙම එකක් මෑත කාලෙක වෙන්නේ නැ , මිනිස්සු තනි තනිව සංවිදානය වෙන්ඩ ඕන , ආකල්පය මය වෙනසක් වෙන්න ඕන මිනිසුසු ඇතුලේ ඒක කාටවත් කරන්න බැ . ඉබේම වෙන්න ඕන , එතකොටයි මිනිස්සු පතන නායකත්වය බිහිවෙන්නේ , කාලයක් යයි හැබැයි කවද හරි වෙනව

      Delete
  6. අන්න එහම හුක%$^*& නැතුව ලියන්ඩ අයියන්ඩි කැ*&^% හැලෙන්ඩ අතපය දිගඇරලා.
    එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. අතපය දිග ඇරියහම කැ*&^% හැලෙනවද

      Delete
    2. ඔයා ලියලා තියන විදිහටම කමෙන්ටුවක් කොටන්ඩ හිතුනා වැරදි වචනයක් කියවුනානම් සමාවෙන්න.

      Delete
  7. ඕව දැන් සාමාන්‍ය දේවල් බං. වෙන එකක් තියා ඔච්චර හරියක් වෙන්න කලින්ම අර කෝල් එක එනව. උඹේ කතාව එල !

    ReplyDelete
    Replies
    1. හම් ඒ උනාට මචං

      ඔව්වට ෆයිටි කරන උනුත් නැතුව නෙමෙයි

      Delete
  8. අටම් ස්ටයිල් එකටම අත පය දිග ඇරල %^&$%^ ලියන්න (කියන්න ) පුළුවන් ටොපික් එක.. ආයේ මොනවද ඉතින් ලෙසටම ලියල තියෙනව.. අනිත් උන් කිව්ව වගේ ඇඟේ ලේ කෝප වෙලා ඉන්නේ.. මේ වෙලාවේ කවියක් සින්දුවක් ලියුවොත් අනිවා ඇඩල්ට්ස් ඔන්ල්ය් වෙන නිසා ටිකක් නිවුනම ලියල දාන්නං..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ ලියල දාන්ඩ ඕන දෙයක් මං මකන්නේ නැ

      Delete
  9. නඩුත් හාන්දුරුවන්ගෙ බඩුත් හාන්දුරුවන්ගෙ.

    ReplyDelete
  10. එතකොට කාගේ හරක්ද මේ....

    තැනක තියෙනවා පොලින් නලදරුවෝ කියලා.. ඒක නිසා තමයි මුන්ට හිතක් පපුවක් නැතිව ඇත්තේ..

    ReplyDelete
    Replies
    1. අහවලාගේ කියල තමයි කට්ටිය කියන්නේ මන් නං ඔව්වා විස්වාස කරන්නේ නැ ලස්සනට සුදුවට පිංපාටට ( උඹ වගේ ) ඉදගන පව්කාර වැඩ කරයිද .....එහෙමමයි කියමුකෝ ඒ උනත් ඔන්න මම නං වචනයක් කියන්නේ නැ ...ඇයි යකෝ ගෑණුන්ට බාල මහන මැසින් බෙදනවනේ , බඩ ගෝස්තරේට පාර කපන එකාට මම වචනයක් කියනවද ..හේහ්..හේහ

      Delete
    2. කෝ බං කොහෙද නල කතාවක් තියෙන්නේ

      Delete
    3. ඇඹිලිපිටියෙ හරක්??????

      Delete
    4. මං කියුවේ එහේ නෙමෙයි

      Delete
  11. මේක අටම්ගෙ ප්‍රබන්ධයක්නෙ. ඉතින් ඒක නිසා ඔච්චර සීරියස් කමෙන්ට් දාන්නෙ මොකටද?

    ReplyDelete
    Replies
    1. නිකම් අපරාදේ කට්ටිය ලේ කුපිත කොරගෙන.

      Delete
    2. ප්‍රබන්ධයක් නෙමෙයි ඉතින්

      Delete
    3. ඇයි අප්පච්චියේ ඔයිට වැඩිය කුපිතවෙලා තිබ්බේ පහුනු දොහේ වෙන වෙන එව්වට

      Delete
  12. පොලිස් භාෂාවෙන්ම ලියලා තියෙනවා. ලිවිල්ල නම් නියමයි

    ReplyDelete
    Replies
    1. දන්නවද පොලිස් කොත්තුව ගැන

      Delete
    2. නිකන් කොත්තු කඩවලින් ඉල්ලන පොලිස් මාමාලාට දෙන්න පිඟන්වල ඉතිරිය එකතු කරලා හදන එක නේද පොලිස් කොත්තුව

      Delete
  13. Replies
    1. හප්පට සිරි!! හඳ දැක්කා වගේ.

      Delete
    2. කිරියි පැණියි තමා බං නැත්තෙ! :D

      Delete
    3. ඒ උනාට හාවා ඉන්නෙ ඔය අපූරුවට.

      Delete
    4. මොකක්ද හදේ සීන් එක

      Delete
    5. කිරි නැතුවට පැනි නං ලොවන්ඩ ලැබෙනව ඇති

      Delete
    6. හාවට කෙලවෙන්නේ හා උන දවසට

      Delete
    7. හාවිට කෙලවෙන්නේ බිම බලපු දවසට

      Delete
  14. වනචර හැත්ත . . .@@@@

    ReplyDelete
    Replies
    1. මේක වනචර කමක් නෙමෙයිනේ බං

      Delete
  15. ‍ලං‍‍කා‍වේ ‍ඉ‍තින්‍ ‍ඔ‍හො‍ම‍ම ‍ත‍මා ‍බො‍හෝ‍ම ‍තැන්‍ ‍ව‍ල ‍පො‍ලෝ‍සි‍යේ ........... ‍ම‍ට ‍හි‍තු‍නා ‍අ‍නේ ‍අ‍පි‍ටත්‍ ‍අ‍ර ‍ර‍වු‍ඩි ‍රා‍තෝර් , ‍ඩ‍බං‍ , ‍සිං‍‍හම්‍ , ‍ත‍ලාශ්‍ ‍ව‍ගේ ‍චිත්‍‍ත‍ර ‍ප‍ටි‍ව‍ල ‍පො‍ලෝ‍සි‍යේ ‍කට්‍‍ටි‍ය ‍ඉන්‍‍න‍වා ‍නං‍

    ReplyDelete
    Replies
    1. හේහේ ....එකත් එකට උඹනං හෙයන හින්දි චිත්තරපටි පිස්සෙක්

      Delete
  16. ඇයි යකො ලොකු තැනක ඉන්න එකෙකුට හරකෙක්වත් මරාගන්න බැරිනම් ඇතිවැඩෙ මොකක්ද.හොදවැඩෙ පොලිස් කාරයට

    ReplyDelete
    Replies
    1. අන්න මචං ඕක තමයි රටට අවැසි චින්තනේ ...............විහිලුවට හරිද

      Delete
  17. ඕ අයි සීට කොල් කරල ගේමට එන්ටර් උනානං හරි.. ගොං හැත්ත...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔ අයි සීට උඩින් ඉන්න උන් තමයි බං කවර් කරන්නේ ඕ අයි සී කාරයත් ඔතනදි අසරනයි

      Delete
  18. මාර කුජීත කේස් ඕයි මේ ලංකාවෙත් වෙන්නෙ. මුල ඉඳන්ම මුන්ව මකෝල ගන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. මකෝලා නෙමෙයි xකෝලා

      Delete
    2. මකල හුරන්න ඕනෙ

      Delete
    3. ඒකනේ මචං සංචාරකයා, ඔය සංචාර කරන තැනක නැවතියං මේ කාලකන්නි රටට එන්ඩ එපා

      Delete
    4. අඩෝ මාතේ කුනු හබ්බ කෙලින්නේ නැ හරිය

      Delete
    5. AnonymousOctober 7, 2014 at 2:52 PM

      ඕක කරල මැරිල්ල කෙසේ වෙතත් කොරන එකාට මැරෙන්ඩ තමා වෙන්නේ

      Delete
  19. //ඔය %ත්ත ඉක්මනට කාල මේ @යිය ඉස්ටාට් කරල ගනිං ‘‘//

    මේ ටික පට්ට ආතල් :))

    අන්න මචං නියම හරක්.. නිලධාරීන්..

    ReplyDelete
    Replies
    1. මටත් නැගලාම ගියේ ඒ දෙබස...

      Delete
    2. හරි එහෙම නෙමෙයිද මචං උන් කතා කරන්නේ

      Delete
    3. සෑමට නෙමෙයි අයියට නැගල ගිය එකනේ බං මට තියන අවුල

      Delete
  20. මේ කතාව මෙහෙම නොවුනොත් තමා පුදුමේ. අනිතිමට හිත හදාගන්න තියෙන්නේ අඩුගානේ හරක්ට ඩොල්පින් එකක යන්න පින පාදුනානේ කියලා ,වෙන මොනා කරන්නද

    ReplyDelete
    Replies
    1. සමහරක් විට හරකටත් එහෙම හිතෙන්ඩ ඇති

      Delete
  21. ඔය ලංකාවෙ හරක් මරන්නෙ නැත්තෙ මස් නොකෑවෙ ඉස්සර හිටිය එළ කිරි බීල හැදුන රජෙක්, හරක් මරන එක තහනං කල නිසාලු කියල ඉතිහාසෙ සුද්දො ලියල තියෙන්නෙ. අනේ මන්ද ඇත්ත බොරුව.

    පොළිසියෙ වැඩ කරන එකාට ඕක තමා වෙන්නෙ. අර දේශබන්දු දෙන්නකෝන් හම්බන්තොට පැත්තෙයි, පූජිත ජයසුන්දර කිළිනොච්චි පැත්තෙයි ඉන්නෙ ඒකනෙ.

    උඹගෙ බ්ලොගේ නම එක්ක මේ පෝස්ට් එකේ මතෘකා දැක්කම හිනා ගියා.
    //domestic sewing machine repair in Sri Lanka ( atampahura ) හරක්මස්//

    ReplyDelete
    Replies
    1. එහෙම හොද මහත්තුරුත් නැතුව නෙමෙයි

      Delete
    2. //domestic sewing machine repair in Sri Lanka ( atampahura කියල වැටෙන එක අවුල්ද මචං

      Delete
  22. Replies
    1. කතාව හොඳයි , අකුරු වැරදි හදාගත්තනම් තවත් හොඳයි

      හැලපයා

      Delete
    2. AnonymousOctober 7, 2014 at 5:10 PM

      දැන් ඇති නේද ඕකනේ අඹලත් එක්ක බැරි , ඇග්ල්ල ගහන්ඩ දුන්නහම ඔලුවත් ඔබනව

      Delete
  23. හරකා කවුද බං හරක් අල්ලපු එකද ?නැතිනම් හරක් නිදහස් කරන්න කියාපු හරකාද ?

    ReplyDelete
    Replies
    1. නැ බං ලියපු මමයි කියවපු උඹයි

      Delete
  24. හෙට අනිද්දට බට්ටි හය මාසෙකට හිරේ. පොලිස් උත්තමයකුට අපහාස කිරීම ගැන. වීඩියෝ කරපු එකාගේ බීජ කෝෂ තලා සුප් හදනු ලැබේ. බට්ටිට ගහපු සාජන් රාලහාමිට ඇස් අයි පට්ටමක් ලැබේ.

    ReplyDelete
    Replies
    1. වෙන තැනක දාන්න ගිය කමෙන්ට් එකක්ද මන්දා? හොරා දැම්මා නේ ෂොට් එකක්

      Delete
    2. එහෙම හරි කමක් නැ පැන්සොං යන්ඩ කලින් තරුවක් ගහන්ඩ ලැබෙනවනං

      Delete
    3. පල පල ඉවානය විචා දවල්ට බොන්නේ නැ , එක්කෝ පන්සලේ නැත්තං පල්ලියේ

      Delete
  25. කියවන්නන්ගේ පහසුව තකා පහත සංඛේතයන් භාවිතා කරන්න

    % - හු
    & - පු
    # - කැ
    @ - ප


    ස්තූතියි

    මෙයට හිතවත්

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    2. ස්තූතියි නැවතත්..

      -සදාචාරාත්මක බ්ලොග් කලාවක් උදෙසා වන ජාතික ව්‍යාපාරය-

      Delete
    3. ස්තුතියි

      කුගැගීප

      Delete
    4. @

      පත්තර මල්ලි

      බ්‍රෑන්ඩ් එක හැනපියර්

      Delete
    5. ජාතික ව්‍යාපාරය ඔක්කොම වන තමයි මචං

      Delete
    6. බයිට් එකට වඩේ
      -ස්තුතියි-

      Delete
  26. ඔය හරක් ටික පටෝලා සයිබිරියාවටත් යවන්න ඕනේ බං

    ReplyDelete
  27. ඔය හරක් පටවන්නේ රෙන්ට් එකට ගන්න වෑන් වල..හරක් පටෝන සෙට් දෙකක් ඉන්නවා.එකක් කෙලිංම ජා ඇල මස් මඩුවේ සබ් ගත්‍ත උං...අනික් උං ෆ්‍රී ලාන්සිං කරන කුඩ්ඩෝ !!!

    උං ඔය රෙන්ට් අ කාර් පොට් වලින් දවස් දෙහෙකට වෑන් එක ඇරං සීට් පේලි හතර ගලෝලා සිං ගාලා නයිට් එකේ ටර්න් එකක් ගහනවා..ඊට පස්සේ පහුවදා වෑන් එක සවිස් එකට දාලා හෝදලා හරක් ගඳ යන්ඩ එයා ෆ්‍රෙෂ්නර් පාරක් ගහලා සීට් හයි කරලා බබා වගේ වාහනේ රිටන් කරනවා !!!!!

    තෝ ලංකාවෙ ඉන්න කාලෙ කලේ ජාඇලට හරක් පටෝපු එකද අහපියව් දැං :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹලගේ වෑන් එකේ සීට් ගලවලා තියෙන්නේ ඒකද බං?

      Delete
    2. ඇට් පත්තරේ
      තෝ ලංකාවෙ ඉන්න කාලෙ කලේ ජාඇලට හරක් පටෝපු එකද

      Delete
    3. ඇට්
      ඉවාන් කොනකපාල

      අගහිග පාටිය කවදාද

      Delete
    4. පත්තරයෝ..

      ඇත්තටම මචං, උඹ අපරාදේ ඒ බිස්නස් එක අතෑරල ඉතාලි ගියේ.

      Delete
    5. ඔව්වා නෙමෙයි මල්ලි ඉවානය හතරක් ගන්ඩ අඩිතාලම දාලලු ඒක ගැන කතා කරහන්කෝ

      2
      3
      4

      දැනටම තෝරගන ඉවරයි
      තව කට්ටිය පෝලිමේ ඉන්නවලු බරටම

      මේ යන විදිහට ඌට ‘‘තලාහක්, තලහක් , තලාහක් ‘‘ කියල මාසෙකට පාරක් කියන්ඩ වෙන ලයින් එකක් තියෙන්නේ

      Delete
    6. තෝ ලංකාවෙ ඉන්න කාලෙ කලේ ජාඇලට හරක් පටෝපු එකාද?

      Delete
    7. එතකොට උඹලා කියන්නේ පත්තරේ රටින් පැනලා ඉන්නේ හරක් හොරකම් කරලා කියලද ????

      හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
      මෙන්න මෙහෙ වරෙව්
      මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
      නට නටා වරෙව්
      තොපිට හරිම වාසියක්
      නට නටා වරෙව්

      හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
      මෙන්න මෙහෙ වරෙව්
      මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
      නට නටා වරෙව්
      තොපිට හරිම වාසියක්
      නට නටා වරෙව්..යකෝ
      තොපිට හරිම වාසියක්
      නට නටා වරෙව්

      වැඩේ අමාරුත් නැතේ
      තෑගි ටිකත් අපි අතේ
      රත්තරනින් එවන්නේ
      හිරු දෙවියොයි කියන්නේ

      මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
      නට නටා වරෙව්
      තොපිට හරිම වාසියක්
      නට නටා වරෙව්..යකෝ
      තොපිට හරිම වාසියක්
      නට නටා වරෙව්
      හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
      මෙන්න මෙහෙ වරෙව්

      සාදු සාදු කියල්ලා
      ප්‍රීති ඝෝෂ කරල්ලා
      හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
      කන්ද උඩින් වරෙල්ලා
      හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
      කන්ද යටින් වරෙල්ලා
      හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
      හරක් හොරා හොයල්ලා
      ලෝකෙ වටේ ගොහිල්ලා
      හරක් හොරා හොයල්ලා
      හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
      හරක් හොරා හොයල්ලා....
      වනන්තරේ සොයාපියෝ
      ගල් අරඹේ සොයාපියෝ
      මරු කතරේ සොයාපියෝ
      මිනිස් වාසෙ සොයාපියෝ
      කඳු මුදුනේ ගං ඉවුරේ
      වනන්තරේ සොයාපියෝ
      හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
      අපිට දෙවියො බලාපියෝ....
      රන් අඹරණ පැළඳගත්ත
      මහ පොළොවේ රන් වපුරන
      අපිට දෙවියො බලාපියෝ
      හරක් හොරා හොයාගන්න
      සියලු දෙවියො පිහිටවෙයෝ....

      නා‍ට්‍ය‍ය‍ - බෙ‍ර‍ හ‍ඬ‍

      Delete
    8. එතකොට බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ ...

      Delete
  28. මේ අපේ ......... අපේ වැයික්කියේ සින් කෝන් එකක්ද...? අටම්..... මේවා වෙන්නේ මෙහේනේ.....

    ReplyDelete
    Replies
    1. හරක් පටවන ඇමතිගොල්ලොත් ඉතිං ඔහෙලැයි වැයික්කියේනේ නේහ්?

      Delete
    2. කොහෙත් ඔහොම තමා බං

      Delete
    3. උඹ කියන්නේ ඔය කා ගැනද විදානේ

      Delete
    4. ඒ ඇමති මැරුනනේ...... සි.ජේ. .... දැන් ඉන්නේ පුත්‍ර රත්නයන් නේ......ඒ ගොල්ලන් ඒව නම් නැ....... වෙන ඒවා කරනවා.....

      Delete
  29. අටම්....උඹ පරණ කොච්චියෙක්ද බං...ඔච්චර හොඳට පොලිස් බාසාව දන්නේ? පොලිසියත් අසරණයි....හරකුත් අසරණයි. ඒකනේ බං ඔය කර්මාන්තේ නිසි ප්‍රමතියකින් කරන්න ඕන කියනවා මිසක බොරු ෆයර් ලිම්බෝ නොදා ඉන්න කියන්නේ. එහෙම කරානම් හරකට දුකකුත් නැහැ..ගිනි පාගන්න ඕනත් නැහැ. හොරෙන් පටවන්න ඕනත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මං කියන්නෙත් එකයි ප්‍රමිතියක් තියන මොලොක් මස් කෑල්ලක් කන්ඩ අපිට අවස්තාව දෙන්ඩ කියල , ඉස්සර කොහොමද හරක්මස් උයනකොට සුවද , දැන් බලහං කටේ තියන්ඩ බැ , එක්කෝ ඩස්ට්බීන් කාපු හරක් , නැත්තං මීහරක් , එහෙමත් නැත්තං කන්ඩ නැති කොඩෑරී හරක් , එක්කෝ ලෙඩ හරක් රසට මස් කෑල්ලක් කන්ඩ නැති හැටියක් .

      පස්සියව හදනවා වාගේ පාම් එකක හදල පට්ට මස් කෑල්ලක් අපිට කන්ඩ දුන්නා නං මුන්ට හෙනද

      Delete
    2. දැන් එතකොට කවුද රියල්ම කොනකපාල?

      Delete
    3. ඔය දැන් බුදු රැස් විහිදෙන %කන්නල ඔක්කොම ඒ කාලේ කරේ දාගන ගවයව අඹරපු උන් තමයි මල්ලි , කොනයි හරකයි එක කඹයේ බදින්ඩ හදන්ඩ එපා

      කොන වෙනයි
      හරක වෙනයි
      ශීව වදින එකාලත් හරකව කනව

      Delete
  30. Pththare,Oka lokuwata kerenawa Dhargatown eketh,Harak Genne,Dakune,Habanthota Side eken,awrudu 2 withara udadee Bentota dee, Policeya wedithyala 3 mala.2 nek harak.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට මස් කරන්ඩත් ඔහොම හරක් ගේනව , තිරය පිටි පස්සේ ඉන්නේ ඇමැට්ටෙක් කියල තමයි තතු දන්නෝ කියන්නේ

      Delete
  31. මේවා දවස ගානෙ (ජ)මාධ්‍ය වලින් අහන්න/දකින්න ලැබෙන බේකින් News නොවැ බං .................

    ReplyDelete
  32. අද කාලේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ දේ..

    ReplyDelete
  33. ඉකි බිඳ හඬන මගෙ කිරි දරුවගෙ කටට
    කිරි බිඳ නොදී මට උනනා දරු පෙමට
    මුළු හදවතින් මවු සෙනෙහෙන් විත් පෙරට
    මතකද කිරි පොවපු හැටි මම නුඹෙ පුතුට

    පෙළට තබාලයි අත් පා බඳින්නේ
    ගෙලට තියුණු පිහි පහරයි වදින්නේ
    බියට පත්ව හැඬුවත් නෑ බලන්නේ
    අපට ඇයි මෙහෙම වදදී මරන්නේ

    ඇසුවත් කොතෙක් බණ අමතකය ඒවා
    කෙරුවත් කොතෙක් සෙත අවගුණය පෑවා
    ගත යුත්තකට නැති මනුසතුන් ගාවා
    යළි උප්පත්තියක් නම් නොම වේවා

    බොටුව කපන විට එන කළු ලේ මූද
    කැටුව හුස්ම යන හැටි වෙවුලා පාද
    දුටුවහොත් කරනා මේ අපරාධ
    පපුව හොඳට ඇති අය ගවමස් කාද

    කුර ගෙවුනේ බර ඇදලයි කඩපිලට
    වෙහෙස වුණේ මෙහෙ කරලයි අප ඔබට
    මෙහෙම උණේ අප කල මොන වරදකට
    යහළුවනේ හදවත් නැත මිනිසුන්ට

    ගුවනින් සෙත් පිරිත් ඇසෙනා කනිසමට
    දස වද දිදී බෙලි කැපුනා එක පෙලට
    මැනලානොවෙයි කිරි දුන්නේ අප ලොවට
    කල හොඳ නරක් වීදෝ මිනිසුනි ඔබට

    ඉතින් අටම් අයියේ හරක් ඇත්තටම කව්ද?

    ReplyDelete
    Replies
    1. @ සොමියෝ
      ++++++++++++++++++++++

      බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ
      කෝච්චියේ හිරගෙයි ලැග එන්නේ
      පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ
      උදයෙම මේ කය නිසසල වන්නේ

      ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ
      උගෙන් මැඩූ බැත දනට පුදන්නේ
      උන්ගෙම හම බෙර හඳට බඳින්නේ
      උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

      කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
      බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
      බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
      මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

      ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
      දම් සක්වල ගල වැදී බිඳෙන්නේ
      ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
      හිත් වල ඇයි කළ ගුණ නොරැඳෙන්නේ

      ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
      ගී තනු - වික්ටර් රත්නායක
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. අවසානය ටිකක් වෙනස් විදියකට ඉවර උනානම් හොද නැද්ද අටමෝ..

    ReplyDelete
  36. මේක වට්ටෝරු කතාවක්නේ බං. වෙනස් එකක් දාපන්කෝ. මේවා කවදද නොවුනේ ?

    ReplyDelete
  37. හරක් මැරීමට ඔය තරම් තහංචි දාන එකටනම් මම කැමති නැහැ.අටමත් එහෙම වෙන්නම ඕනි.ඒකට මේ ඊනියා සදාචාරවාදීන් ඉඩ දෙන්නෙ නැහැනෙ.හරක් නෑදෑයො වෙච්චි කට්ටිය නිසා තමයි හරක්ට මේ තරම් දුක.පොලිස් බස නම් එල.කුණුහරුපයක් නැත්තං පොලිස් නෙමෙයි වගේ නේද?කොළොන්නාවෙත් වනාතෙත් සමහර අයත් ඒ වගේ ආදරේට කියන්නෙ ලොකුම ලොකු කුණු හරුප

    ReplyDelete
  38. මේ වගේ උන්ව නම් ගම් එක්කම දාන්න ඕනා පත්තරේ..

    ReplyDelete
  39. ගංජා මූනා, තෝ කොහෙන් හොයගත්ත %යියක්ද %ත්තෝ මේ?

    ReplyDelete
  40. පව්. අසරන පොලිස්කාරයා. යුක්තිය ඉශ්ට කරන්න ගියා. මොනව කරන්නද?මොන කයි ගැහැව්වත් ඕව ඉදිරියෙ අපි හැමෝම අසරනයි.
    කාලෙකින් අපේ ගෙවල් පැත්තෙ ආවෙ නෑ නේද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>