2014-10-24

වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug



මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක් එක්ක ඔලුවේ ඒ පැත්ත රිදෙනව , එක්කො කන පිටි පස්සේ රිදෙනව , නැත්තං ඉස්මුදුන රිදෙනව ඉන්ඩ බැ , එක්කො නලල පැලෙන්ඩ එනව , එක්කෝ බෙල්ල පටන් ගන්න හරියෙන් ඔලුව රිදෙනව , සමහරක් වෙලාවට ඔලුව කෙලින් තියාගන ඉන්ඩ බැ පුදුම බරගතියක් දැනෙන්නේ , එහෙමත් නැත්තං එකපාරටම ඔලුව දිගේ කරන්ට් එකක් දුහනව වාගේ එහෙම වෙනකොටනං ඉන්ඩම බැ එකතැන ගල්ටික් වෙනව , එක්කො කන්දෙක ඇහෙන්නේ නැ අගුල් වැටිල.

                                               

 කොච්චර කාලයක්නං මං මේ ලෙඩෙන් බැට කනවද , සිංහල වෙද මහත්තුරුන්ගෙන් බෙහෙත් ගත්තහම හොදට අප්පච්චියේ , ලෙඩෙන් බැටකනවට වඩා අමාරුයි , කියන වතාවත් කොරන්ඩ ගියහම රස්සාවක් කොරගන්ඩ බැරි විදිහටම හිර වෙනව , ලෙඩේ නිට්ටාවටම සුව වෙනව කියල තමයි කියන්නේ ඒ උනාට එතකං සතියක් දෙකක් රස්සාව කරගන්ඩත් බැ , ඊට හපන් බෙහෙත් හැදිල්ල ,  එතනින් ගියහම බෙහෙත් සරීරගත කිරිල්ල , ඔක්කොමත් හරි වෙද මහත්තය කියනවිදිහට පේවෙලා ඉන්න එකනේ කොරන්ඩම බැරි වැඩේ.






අනේ ඉතින් හැමදාම වගේ පිහිටට එන්නේ අපි හතරදෙනාගෙම ගැලවුම්කාරි තමා , කෙල්ලො දෙන්නා කියන විදිහට දයානි ඩොක්ට ආන්ටී , උන්දැ ඇත්තටම දක්ෂයි , තාම කෙල්ල උනාට මොකද ලෙඩ්ඩු එක්ක වැඩකරද්දි බය නැ , තමන් දන්න සාත්තරේට අනුව සැර බෙහෙතක් , අළුත් බෙහෙතක් හේතක් ලියල දෙන්ඩ , අවධානමක් උනත් කිරල මැනල බලල හොදම තීරණය ගන්ඩ , ලෙඩාට හොදට ඇහුන්කං දෙන්ඩ , සැකයක් දැනුන දෙයක් , මොකක් හරි පුංචීම දෙයක් හරි වෙනවද කියල දැනුනොත් ඒක හාර හාරා අහන්ඩ කාලය වැය කරන්ඩ පැකිලෙන්නේ නැ කොහොමටවත් . කොටින්ම ලේ එකක්වත් බලවන්නේ නැ බොරුවට.

‘‘ ඩොක්ට අපි දරුවගේ ලේ එකක් බලමුද ‘‘

‘‘ බොරුවට කලබල වෙන්ඩ එපා මෙයා මේ ෆිට් එකේ ඉන්නේ ... උණ අඩු උනේ නැත්තං හෙට හවසට බලමු , මම ලියල දෙන්නං එහෙම උනොත් විතරක් දෙකට තුනට විතර ගිහින් ලේ එකක් දිලා රිපෝට් එකත් අරගන හවසට එන්ඩ ...............ආ එක්කො එපා .................අනිද්දා උදේටම එන්ඩ , ඒ අතරේ වෙනසක් තියනවනං මට කොල් එකක් දෙන්ඩ ..හැබැයි හවස තුන විතර වෙනකං මම තියටර් එකේ ෆෝන් එක වැඩ කරන එකක් නැ ....දිගටම කෝල් කරන්ඩ මම දකිනේ , අක්කයි නංගියි ටැප් එක ලගට ගිහින් නානවට බැදල ගේ ඇතුලේ දාල තියාගන්ඩ‘‘



එහෙම කියන උන්දැ සමරක් දවසට

‘‘ හම් ...දැන් අටයි නේ දැම්මම යන්ඩ  &5&න්ස් එකට බ්ලඩ් රිපොට් එක අරගන එන්ඩ , ගේට් එක වහල තිබුනොත් කීයට හරි කමක් නැ මට කෝල් එකක් දෙන්න , හොස්පිට්ල් ඇඩ්මිට් නොකර ගෙදර තියාගන්න තරමට හොදයි  ‘‘

අටමිට මොකකට හරි බෙහෙත් ගන්ඩ ගියහම

‘‘ දෙවේලක් බොනකොට අඩු උනහම පැත්තකට දාල හරියන්නැ හරිද , ඔයා වැඩට යනකොට මෙයාගේ අතට බෙහෙත් ටික දීලා යන්ඩ ‘‘

අටම ගියහම

‘‘ රෑට නෑමයි , දූවිල්ලෙන් පරිස්සං නොවීමයි , ස්මොක් කිරිල්ලයි අනිත් වැඩෙයි එක්ක බෙහෙත් ගත්තට හොද වෙයිද , එව්වා කියල වැඩක් නැ ඉතින් , ම්ම්ම්...මොනවද මම දෙන්නේ ....ගියපාර මම දුන්නේ ................හරි මේටික අරගන බලන්නකෝ ...........කෑම නොකානං බෙහෙත් ගන්න එපා ‘‘

‘‘ ඩොක්ට මේ ඒඒ.....‘‘

‘‘ හරි හරි එපා කියුවට අහන එකක්ද , මෙතන ඔලුව වනල ගිහින් .......ආයේ තව එකක් , ඔය බෙහෙත් වලට එහෙම ...කමක් නැ, හැබැයි ඔය වැඩේ කොහොමටවත් හරියි කියන් නැ ...අනිප්පාර කියයි මමත් කමක් නැ කියුව කියල  , නිදි මරන්ඩත් එපා අඩු තරමේ පැය හතරක් පහක්වත්  නිදාවත් ගන්ඩ ‘‘

ඒ වාගෙම තමයි සැකමුසු තැනක් තිබුනොත් කොල් දෙකතුනක් එයාගේ සර්ලට , බෙහෙත් කලවන් කරන අයට , විකුණන කොම්පැනියේ අයට , පාමසියටත් අරගන තමයි ඔන්න අපිට බීපිය කියන්නේ , ඔන්න ඔහොමයි ඒ නෝනා , අපරාදේ කියන්ඩ බැ අපේ ගමේ ඉන්න හමේ රෝග ලොකු දොස්තර මහත්ය ඇරුනහම මට හම්බෙච්ච හොදම දොස්තර , එයාගේ සර් වෙච්ච ලොකු දොස්තර මහත්තයත් එයාට ඇඹරෙන ලයින් එකක් තියෙන්නේ.

කොටින්ම මට අවුරුදු පහලවක්  විතර තිබුනා සෙම්ගෙඩි අමාරුව , උගුර කන නාසය පට්ට වැඩ්ඩොත් බෙහෙත් දීලා අන්තිමට කියුවේ කපල අයින් කරමු කියල , කොහොම කරන්ඩද දෙයියනේ මම දන්න ලස්සන කෙල්ලෙක් ඉන්නව ( කෙල්ල කියුවට මට වැඩිය අවුරුදු පහක් වැඩිමාල් දැන් හතලිහක් ) සෙම්ගෙඩි කපල අන්තිමට කතා කරගන්ඩ බැරුව , මිනිහෙක් එක්ක යන්ඩත් නැ , ..............ඇයි යකෝ මාත් ඕක කපල මල පැන්න වෙලාවට ජාතිය අමතන්ඩත් නැතුව ..බැක් ..බුක් ගගා ඉදල මොකටද , ඊට හොදා බත් ගිලගන්ඩ බැරුව සෙම්ගෙඩි අමාරුවෙන් හාමතේ මැරෙන එක ,

ඔය මතයේ ඉදන් මං විදව විදව ඉන්න කොට ඒ කාලේ අපේ වෙන්ඩ රත්තරං ගැනී ( රත්තරං තමයි යකෝ ...ඔයේස් )  තමයි මාව අපේ හොද දොස්තර නෝනා ගාවට දැක්කුවේ, උන්දැ ඉතින් රෝග නිධානෙ ( නිධානයක් තමයි බොලව් මං කලින් බෙහෙත් ගත්ත දොස්තරලට ) එහෙම අහල පොඩ්ඩක්  කම්පනා පාරක් එහෙම ඇරල , බෙල්ල අල්ලල හුජ්ජ යන සයිස් එකට මිරිකල කිඹුලගේ වගේ කට ඇරල බලල ඇතුලට එබිල බලල එහෙම බෙහෙත් තුන්ඩුවක් ලියල දීල කියුවා

‘‘ මේ  බෙහෙත් ටික ඔක්කොම ඇරගන බොන්ඩ වියදමනං ටිකක් වැඩිපුර යයි , එක දිගට සති දෙකක් බීල සතියක් නවත්තල ඉදල ඊලග සති දෙකත් බොන්ඩ , වේල් දෙකක් තුනක් ගන්නකොට හොදවෙයි හැබැයි බෙහෙත් ගන්න එකනං නවත්තන්ඩ එපා , උගුර හෝදන බෙහෙතක් තියනව ඒකෙන් උගුර හෝදන්ඩ , බෙහෙත් ගන්නකොට ඔය මම ලියපු එකම ගන්ඩ වෙන බ්රැන්ඩ් නං ගන්ඩ එපා‘‘

බෙහෙත් ගන්ඩ ගියහම පාමසියේ බුවා අහනව

‘‘ මචං කාටද බං නිව්මෝනියාව ‘‘

කියල , ඇස්වහක් කටවහක් නැ එදායින්  එදා ඒ ලෙඩේ හොදයි , මගේ මේ ලෙඩෙත් හොදට උත්සන්න උනහම මම යනව ඒ ඇත්ති හම්බෙන්ඩ ,

‘‘ බෙහෙත් බියුවට වැඩක් ඇතැ පරිස්සං වෙනව යැ , තියන තරං ජාති දීල දීල මම දැන් මොනවද දෙන්නේ , මෙහෙම ගියොත් වෙන අසනීපයක් හැදුනහම දෙන්ඩ දෙයක් නැති වෙනව , බට දාල සෙම සුද්ධ කරන එක තමයි දැන් කරන්ඩ වෙන්නේ ‘‘

‘‘ එහෙම කරහමවත් මේක ඉවරයක් වෙයිද ‘‘

‘‘ එහෙම කියන්ඩ බැ සමහරක් විට ආයෙත් හැදෙයි ‘‘

මාස දෙක තුනකට සැරයක් ඉතින් ඔය සින්දුවම තමයි , බෙහෙත් බොනව වතුර රත්කරල දුං අල්ලනව . ආයේ ටික දවසකින් බඩු පැකට් වෙනව , එක්කො ඔලුව කැක්කුම හොදවෙලා බහිනව සෙම පපුවට , උදේට කිබුහුං සීයයි , හවසට හැටයි , දවල් තිස්සෙත් තව තිහ හතලිහයක් , හොටු ගංගාවයි , එක්කෝ බලු හති , ඔලුව කැක්කුම හොදයි යකුනේ

පස්සේ මං තීරනේ කොලා මේකට මම තනියම මුන දෙනව මගේ ප්‍රතිශක්තියක් එක්ක එකතුවෙලා කියල , සියලු පරිස්සං නවත්තල මහ රැටත් නාන්ඩ පටන් ගත්තා , ඔලුව කැක්කුම හැදෙන්නේ කීයටද මම නානව , සෙම බුරුල් වෙනකොට හැනපියර් ගහනව , සෙම කරවෙනකොට ස්ටෝන්ග් ගහනව , ඔලුව කැක්කුම ආවොත් වතුර රත් කරල වාස්ප ටිකක් අල්ලල ටිකක් වෙලා ඉදල නාල බුදියනව ,  හොටු ආවොත් ඕන සබාවක බර බර ගාල හුරනව , කිඹුහුන් ආවොත් තද නොකර ගමටම ඇහෙන්ඩ අරිනව එතකොට පණහක් හැටක් යන එක දහයෙන් පහලවෙන් ෂේප් , කොහොමද සිම්පල් ප්ලැන් එක ඒළනේ ,

දවසක් අපේ ගෙදට ආව ගමේ ඇන්ටි කෙනෙක් ගිරාමසේවක මහත්තය නැති වෙලාවට වසමේ වැඩ බලන්නේ උන්දැ තමයි . ආයේ ඉතින් ගිරාමයට වැඩිය දන්නව ගම ගැන , ඔය මොකෙක්හරි කාව හරි හොයාගන ආපුවහම ඒකව මම අරින්නේ ඒ ඇන්ටිලැ ගෙදරට , හොයන එකා පෙරේරා උනත් සිල්ව උනත් සමරසේකර උනත් , ගමගේ උනත් ආයේ ඒකේ වෙනසක් නැ , ආරියවංස මහත්තයගේ ලොකු දුවගේ මහත්තයගේ දඹුල්ලේ ඉන්න නංගිගේ දෙවනි කෙල්ල හම්බුනේ සිසර් කරලද නෝමල්ද කියලත් උන්දැ සහසුද්දෙන්ම දන්නව . හැබැයි අපරාදෙ කියන්ඩ බෑ එහෙම නොදන්න තොරතුරක් තිබුනොත් බොහොම නිහතමානීව

‘‘ ඔච්චර ඔය ගෙදරට යනව එනව මම දන්නේ නැනේ ඔය කෙලියක් , ඉදින්කෝ අක්කේ මම තක්කෙටම විස්තරේ හොයල බලල කියන්නං ‘‘

කියල  අපේ නැන්දම්මත් එක්ක කියනව මම අහල තියනව , උන්දැ ගැන කියන්ඩ වෙන කාරනා ඕනෙම නැ , පන්සලේ ඉන්න සුදුපාට බැල්ලි වදාපු පැටවු තුන්දෙනාගෙන් කලු පාට පැටව් දෙන්න ගෙයි ගෙදර බල්ලගෙද . දුඹුරු පාට බැල්ලි පැටියගේ තාත්ත කවුද , ඒ බැල්ලි සෝමක්කලා ගෙදර ගෙනිච්චට පස්සේ දාපු පැටව් හත් දෙනාගේ තාත්ත කවුද කියලත් කියන්ඩ එයා දන්නව , අම්මප මමනං කියන්නේ වෙන ගමකිං අපේ ගමට ආපු ගමේ සීමාවක් වත් හරියට නොදන්න ගිරාමයව පන්නල ඇන්ටිව ඉන්දන්ඩ ඕන ඒ පුටුවේ.

ඉතින් ඒ ඇන්ටි එනකොට මම ඔලුවේ ඉදන් රෙද්දක් පොරවගන වතුර උනුකරන ජොග්ගුව ප්ලග් එකට ගහගන දුං අල්ලනව

‘‘ මොකද ළමයෝ මේ ‘‘

‘‘ එයාට හොදටම සෙම ඇන්ටි , බෙහෙත් ගත්තට අඩු වෙන්නෙත් නැ , ඔය දුං ටිකක් අල්ලපුවහම ටිකක් ෂේප් ‘‘

‘‘ කෝ බලන්ඩ ටිකක් රෙද්ද උස්සන්ඩ ‘‘

කියාගන මගේ ලගට ආපු හන්දා දාඩිය හලාගන මම රෙද්ද අස්සෙන් බෙල්ල එලියට දැම්මා ඉබ්බා වගේ , මගේ නලල අල්ලල මිරිකල බලල තට්ටුවකුත් දාල

‘‘ හොදටම සෙම නෙවෙන්නං , තට්ටු කරනකොටත් රිදෙනවනේද පුතේ ‘‘

‘‘ ඔවි ඇන්ටි ඔලුව දෙතුන් පාරක් වැනුවත් ඇති හරියට නිකං කිරි කිරි බෝලේ කරා වගේ ‘‘

‘‘ අර මහ ඉස්පිරිතාලේ වැඩ කරන පේමක්කව දන්නව නේද , එයාගේ ලොකු පුතා ඉන්නේ ..............ඇයි අර ඩයිනිච් එකේ වැඩ කරන්නේ ඒ කොලුවත් ඔහොම සෙම තියාගන ගණන් ගන්නේ නැතුව ඉදල , වැඩ පලේදි කලන්තෙ දාල වැටිල , ඉස්පිරිතාලේ අරගන ගියහම බට දාල සෙම අයින් කරල තියෙන්නේ ........පස්සේ මං කියුවා කුප්පමේනිය කොල ටිකක් දාල දුං ඇල්ලුවනං අහවරයිනේ කියල ............දැන් කොල්ලට හොදයි , මං කියුවා වාගේ සතියට දෙතුන් පාරක් දුං අල්ලනවලු , ඕක දිවිය අවුසදයක් බළල්ලු මොන ලෙඩේටත් කන්නේ කුප්පමේනියනේ ‘‘

අනේ ඉතින් අපේ උන්දැත් එලියට දුහල ගිහින් කුප්පමේනිය ගස් දෙකක් ගලවගන ඇවිත් මං එපා කියද්දිම එබුවා කියන්ඩකෝ ජග් එක අස්සට , බොරුවක් නෙමෙයි පලවෙනි පාරම මට තේරුනා වෙනස , වෙනදට නිකං දුං ඇල්ලුවට වඩා ලොකු වෙනසක් තියනව , සෙම කඩල එනව සොර බොර වැව කැඩුවා වාගේ , කුප්පමේනිය කොල දුම ඇල්ලිල්ලෙන් ඇත්තටම මට දැන් ලොකු සහනයක් තියනව . දෙයියනේ කියල ඔලුව උස්සගන හිටියහැකි , කරපු උදව්වට කුතගුණ සැලකිල්ලක් විදිහට දැන් මම අර ඇන්ටිට අනං මනං කියන්නේ නැ , එයා එහෙම ගම වටේ ඇවිද්දේ නැත්තං මං සදාකාලික සෙම ලෙඩෙක්.

                                                                       කුප්පමේනිය


පස්සේ හොයල බලනකොට මෙන්න මේවත් හොදටම හොදයි සෙම් රෝගීන්ට දුං අල්ලන්ඩ, මං කරල බැලුවා ඒ කොල වර්ගත් හොදයි ,යකිනාරං කොල නං හොදටම හොදයි මයේ හිතේ,  අනිත්වට වඩා කුප්පමේනිය සපයාගන්ඩ පහසුයි , දවසක් මම දැක්කා පිටකොටුවේ පේමන්ට් එකක කොන්කිරිට් ලෑලි දෙකක් අතරෙත් හැදිල තියනව.


                                                                              පාවට්ටා

                                                                            යකිනාරං

                         
නිකකොල

හැබැයි දර ටිකට , ගැස් ටිකට . කරන්ට් එකට ලෝබ කමේ නං මේ කෙලිය කරන්ඩ බැ , මුට්ටියක් තබ්බල ගත්තට වැඩක් නැ බොහොම ටික වෙලාවයි හරියට වාෂ්ප එන්නේ මම ඕකට හොද ක්‍රමයක් හොයාගත්තා.


                                    ඉස්සුවා අටමිගේ වතුර උනුකොරන ජොග්ගුව

ඉස්සෙල්ලම ගැලෙව්වා මූඩිය එතකොට හොදට පැතිරිලා එනව දුම , අනික පියන තියනකොට ඒ අස්සෙන් එන දුම හරි සැරයි පීඩනේ වැඩි හන්දා රෙද්ද ඇතුලට වෙලා මුහුණ අල්ලන එක අමාරුයි , ඊලගට ඔටෝ ඕෆ් වෙන ස්විච් එකට දුන්නා වැඩේ , නැත්තං වතුර රත් වෙද්දි ඒක ඕෆ් වෙලා වැඩේ හබක් වෙනව.

ඔන්න එහෙනං සෙම තියන තියන කට්ටිය කොරල බලන්ඩ වැඩේ , ආ ..තව එකක් බියුටිය කචල් කරන්ඩත් මේක හොදයි , පේනවනේද අටමගේ මුහුන කුරුලැ නැ කලුලප නැ , පරම පිවිතුරු නව යොවුන් තරුණය වගේ ඉන්නේ ( මොනවද බඩ ....ඔව් තඩි බඩක් තියනව තමයි යකෝ , ....පිරිමියෙක් උනහම බඩත් පොඩ්ඩක් තියෙන්ඩ ඕන දන්නැත්ං අහල බලහල්ලා කසාද බැන්ද නෝනෙක්ගෙන්.

61 comments:

  1. අටං අයියේ.....
    අක්කාගේ වතුර උනුකොරන ජොග්ගුවට කෙලින්න එපා... :P
    ගනින් මේ ගැඡට් එක.... උබට කියාපු භාණ්ඩෙ...

    https://mydeal.lk/deals.php?id=883

    ReplyDelete
    Replies
    1. ඒක හරියන්නේ නැ බං , ඔලුව වටේටම සහ පපුවට දුම හොදට වදින්ඩ ඕන

      Delete
  2. එක හුස්මට කියවගන ගියා අටම්...හිනාකාලා මැරුනත් මාර වටින පොස්ට් එකක් මචෝ..

    පූසන්ගෙන් බේරියන් මචෝ... මොකෝ ඔන්න හූනා කිව්වා වගේ කියන්නම් කුප්පමේනියා වලට දුන්න ප්‍රොමොෂන් එකට පූසෝ උඹට කෙලිනවා මලේ....

    ReplyDelete
    Replies
    1. මං හිතුවා මේ ටික අහගන්න වෙයි කියලා ඔය වචනේ කොටනකොටම...අපොයි...

      Delete
  3. ඔය ලෙඩේට වලල්පට්ටා කිලෝ එකක් විතර තිබුනොත් හොදටම හොදයි කියල පුරාණ පොතක තීලා මං කියෝව්වා. සැනෙං සුව වෙනවලු. ඒකත් කලු පාට එකක් නං බොහෝම ගුණයිලු. :d

    ලිපියට බොහෝම ඉස්තුතියි.

    ReplyDelete
  4. ඒ මටත් තියෙනෝ ඔය ඔලුව වගේ කරන්ට් දුවන ලෙඩේ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ..ඒ කියන්නේ උඹට ඔලුවක් තියෙනවද? පුහ්

      Delete
    2. ඔය ලෙඩේටනං සෙම රෝගවල කිසිම සම්බන්දයක් නැ , පොලවට ආසන්නයෙන් හිස පිහිටීම නිසා පොලවේ චුම්භක සේසතරේද මොකක්ද එකේ බලපැමෙන් සිදුවෙන ක්‍රීයාවක් , කොන්ඩ කටුවට කාන්දං කැබැල්ලක් අලවාගැනිමෙන් පහසුවෙන්ම සුවකරගත හැකියි ,

      මතු ආත්මයේදි එවැනි දුක්කිත තත්වයන් ට පත් නොවීමට අවශ්‍ය නම් දිග එලවලු , උස ගං කුකුල් මස් , දිග සිකරට් වර්ග , උස අරක්කු බෝතල් වලින් පිලියල කරගත් දානයක් සෙම් රෝගයන්ගෙන් පීඩා විදින බ්ලොග් කරුවෙකුට දී පීන් අනුමොදං කරගන්න

      Delete
    3. @ බස්සි...පුවක් මල් පූජා කොලාමත් ලබන ආත්මේදි ඒ ලෙඩින්නම් බේරෙන්න පුලවන් කියලා තමයි අහලා තියෙන්නේ..

      Delete
  5. "පිරිමියෙක් උනහම බඩත් පොඩ්ඩක් තියෙන්ඩ ඕන" එකෙන් ම . මමත් මේ බෝට්ටුවේ ඉන්න නියම පිරිමියෙක් ..

    මට තියෙන එකම අවුල ඔය පොඩ්ඩ හරියට මේන් ටේන් කරගන්න එක ..

    මගේ වයිෆුත් ඔය ඔළුව කැක්කුමෙන් නම් හෙන දුකක් විඳිනවා . කුප්පමේනිය වලට ඉංග්‍රීසියෙන් කියන නම් දන්නවද ? මෙහෙ තියෙනවනම් හොයල බලන්න ඕනේ ..


    ReplyDelete
    Replies
    1. "පිරිමියෙක් උනහම බඩත් පොඩ්ඩක් තියෙන්ඩ ඕන" අටමගේ නම් හොඳ පොඩ්ඩ ... එක නිකන් කලයක් ගිලලා වගේ

      Delete
    2. පතුමෝ ... කුප්ප-මේනියා වලට ඉංගිසියෙන් කියන්නේ catmostlike කියලා මචන්

      Delete
    3. Thanks Malay. ඕකට සඟිස්කුරුත වලිං කියන්නේ බිළාලදපනං කියලා. ඒත් දැන් නම් නම් වෙනස් කරාන්ට කාලේ හරි.

      Delete
  6. ඔය ලෙඩේටනං සෙම රෝගවල කිසිම සම්බන්දයක් නැ , පොලවට ආසන්නයෙන් හිස පිහිටීම නිසා පොලවේ චුම්භක සේසතරේද මොකක්ද එකේ බලපැමෙන් සිදුවෙන ක්‍රීයාවක් , කොන්ඩ කටුවට කාන්දං කැබැල්ලක් අලවාගැනිමෙන් පහසුවෙන්ම සුවකරගත හැකියි ,

    මතු ආත්මයේදි එවැනි දුක්කිත තත්වයන් ට පත් නොවීමට අවශ්‍ය නම් දිග එලවලු , උස ගං කුකුල් මස් , දිග සිකරට් වර්ග , උස අරක්කු බෝතල් වලින් පිලියල කරගත් දානයක් සෙම් රෝගයන්ගෙන් පීඩා විදින බ්ලොග් කරුවෙකුට දී පීන් අනුමොදං කරගන්න

    ReplyDelete
  7. අනේ මචෝ උඹ අර සෙන්ගෙඩි කපන ඔපරේසොන් එක කර ගනින්කෝ.. අපරාදේ මේ වීක් ඇන්ඩ් එකේ සෙට් වෙන්න කියලා හිතාගෙන උන්නේ. උඹ අසනීපෙන් නේ. අර සෙන් ගෙඩි අයින් කොරන ඔපරේසොන් එකට යන ඕන වියදමක් මම හොයලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. නැ නැ එහෙමට අසනීපයක් නැ ...බොමු ...බොමු ...........හා එහෙනං මං උඹට මොකවත් නොකිය ඉන්නං

      Delete
    2. @මාතේ..මේ වීක් ඇන්ඩ් එකේ නම් මටත් පීනස සෙන්ගෙඩි ආදී පුරස්න නැහැ මයේ හිතේ...

      Delete
    3. අනික බං මාතලං මේ කතාව ගැන උඹ මොකෑ කියන්නේ?

      >> සෙම්ගෙඩි කපල අන්තිමට කතා කරගන්ඩ බැරුව , මිනිහෙක් එක්ක යන්ඩත් නැ <<

      මම හිතුවෙ මිනිස්සු පොරකනවා ඇති කියලා...

      Delete
  8. අකුරක් නෑර කියෙව්වා, ඔය සීන් කොන් එක මටත් තියෙනවා, හම්මේ උදේට නැගිටලා වෙලාව බැලුවම ඔරලෝසු 10ක් විතර පේනවා වටේට බ්‍රමණය වේවි, පහතට නැමෙන්න බැහැ ඔලුව රිදෙනවා.

    මට ඕක හරි ගියේ උදේ පාන්දරම මම බොන්න ගත්තා ගොටිකොල (කොළ පොඩි එක) එක්ක එකට රට ළුණු දාල කොටලා පෙරලා හදා ගත්ත ද්රින්ක් එකක්, එකෙන් වැඩේ නැගලා ගියා.

    ඔය කුප්ප මේනියා සීන් එක ඇහුවේ අදමයි, හැබැයි මොකක් හරි පැඟිරි ගතියක් තියෙන කොළ දාල නම් දුම ඇල්ලුවා.

    හෙම්බිරිස්සාවක් සෙට් වෙනකොටම විටමින් c ඔරේන්ජ් ෆ්ලේවර් තියෙන එක ගිලිනවා පෙති දෙකක් සුඋපු කරලා,

    එකෙන් හොඳ උනේ නැත්තන් පිරිටන් 2 පැනඩෝල් 2 මොක්සිලින් 500mg කරල් දෙකයි ගැහුවා බදඩු හරි.

    නැත්තන් ඔය සීතල කාලෙට එකදිගට උදේට බඩු පැකට් වෙනවනම් රෑට පිරිටන් පෙත්තක් ගහලා දපනවා. එතකොටත් හරි.

    මගේ ඩොකා මමම තමා ගොඩක් වෙලාවට.

    ආයුර්වේද නම් අජුවයි අප්පා, ආපෝ අර බ්රුන්ගමාලකයද මොකක්ද එකක් දුන්න ඔලුවේ ගාපිය කියලා, අපෝ එකේ ගන්දස්කාරේ, ගස් තෙල් ගන්දමයි එන්නේ, ඕක ගාගෙන පාරේ යන්න පුළුවන්ය වන සතෙක් වගේ ගස් ගඳ ගගහා.

    තව ඇල්කොහොල් රේන්ජ් එක වැඩි දැන් පැනඩෝල් පෙත්තේ හැඩේ තියෙන ගැහුවා හැටියේ කර්පට් වෙලා යන පෙත්තක් තියෙනවා ගිලින කොට උගුරේ හිරවෙන, එකේ නම මතක නැහැ දැන්.

    සේම පපුවට බැස්සොත් නම් ඉතින් සැල්බියුටමෝල් තමා.

    තැන්කු අටම් අයියා. සිම්පල් ප්ලෑන් එක ගහන නැතිව බැහැ බඩු පැකට් වෙච්ච දවසට.

    ReplyDelete
  9. මං යනව මහන්ඩ බොලා කමෙන්ට් දාල යමල්ලා . මං හවස් අතේ එන්නං උත්තර බදින්ඩ

    ReplyDelete
    Replies
    1. අර හුජ්ජ යන සයිස් එකට බෙල්ල මිරිකුවේ කොහොමද බං. ෂුවර්ද බෙල්ල කියලා :P

      Delete
    2. ඉවානයෝ මේ සෙන්ගේඩි අමාරුවට බෙල්ල නැතිව වෙන අහවල් ලබ්බක් මිරිකන්නද බොලන් ........... එනවා මෙතන මගුලක් කතාකරන්න

      Delete
    3. බෙල්ලෙ වණයක් තිබුණනං ඒකෙත් ඇඟිල්ල යන්නැති.

      Delete
    4. ඉවාන්ගෙ සැකය සාධාරණය. ඕ ‍යෙස්! :)

      Delete
  10. ඕක කරලා බලන්න ඕන ඔලුවේ අමාරුව හැදුන වෙලාවක , කුප්පමේනියා තමා හොයාගන්න් ලේසිම. නිකං තියෙන කුප්පමේනියා ගහ ගැන දන්නේ අන්තුව උඹ හැනපියරුයි , ස්ට්‍රොන්ග් ගගහ හිටියා ලෝඩ් පකීර් වගේ නේ

    ReplyDelete
    Replies
    1. ඔලුවේ අමාරුව හැදෙන්නේ ඔලුවක් තියෙන එවුන්ට මිසක් බෝල අපි වගේ එවුන්ට නෙවි බොලන්

      Delete
    2. ආ කාලෙකින් කාම පැය හම්බවෙලා වගේ , කොහොමද බොස් කාම පැය සරුද ?

      Delete
  11. හප්පා අර පිංතූරෙ තියෙන කෝටරක මට මැවිල පේනවා. ඔව්ව අස්සෙ සෙම වතුර වගේ තියෙනකොට සුරුස් සුරුස් ගගා අපි අදිනවා, නිකං ජෙලටීන් ගානට ගන උනාම උඩටත් බෑ පහලටත් බෑ. නහයෙ එක හිලක් ඇඟිල්ලෙන් තද කරගෙන අනිත් පැත්තෙන් අරව යන තරමට දත් මිටි කාගෙන පිඹුනකොට ඔන්න ටිකක් හොඳයි. ඒත් එතකොට දැනෙන්නෙ අර කෝටරක අස්සෙන් සෙම නිකං ගහක මුල් උගුල්ලනවා වගේ ඇදිල එන විදිහෙ දෙයක්. ටිකක් වෙලා යනකල් කිරි කිරි බෝලෙ තමයි. ඊළඟට තුන්වෙනි අවස්ථාවට ආවම ඔව්වා කෝටරක අස්සෙ නිකන් කොන්ක්‍රීට් වගේ වෙනවා. එතකොට ඉතින් ඊට හොඳයි ඔලුව ගලවල පැත්තකින් තියෙනවා. අර කිව්වත් වගේ නලල, හොම්බ, කුඩා මොලේ කම්මුල් පවා රිදෙනවා. චැහ්.

    ReplyDelete
    Replies
    1. //කුඩා මොලේ// මගෙ නම් දෙකම එක සයිස් පොඩියි බං. ඒ නිසා කුඩා මොලේ හොයා ගන්න බෑ. :D

      Delete
    2. //"මගෙ නම් දෙකම එක සයිස් පොඩියි බං"// මල හත් ඉලව්වයි :-)

      Delete
    3. අවුලක් නෑ බං, අනිත් එව්වා ඕනිවටත් වඩා ලොකුවට තියෙනවනේ..මං කිව්වෙ අතපය, කඳ බඩ...

      Delete
  12. අඩේ තැන්කු වේවා.. මටත් ඔය සීන් එක තියනවා.. කරලා බලන්ට ඕනෑ..

    ReplyDelete
  13. ඕකට තියෙනව නොම්බර එකේ ඉසකුඩිච්චියක්,ගල ගැහුවා වගේ ලෙඩේ හොඳවෙනවා.වියදමක් යන්නෙත් නෑ අවශ්‍ය කරන බේත් ජාති මායක්කලගේ වත්තෙන් සොයා සපයා ගන්න පුළුවනි.වෙදාට තියන පඬුරු විතරයි වියදමකට යන්නෙ.මම එනකං හිටපංකෝ.

    ReplyDelete
  14. මමත් ඔය ලෙඩෙන් දුන් වින්දා සෑහෙන කාලයක් ..ඊට පස්සෙ පිලපිටිය වෙද මහත්තයාගෙන බෙහෙත් ගත්තා.. ඔන්න ඊට පස්සෙ දවසක් අපි පවුලෙ අය ගියා නුවර එලියෙ,.,. ගිහිල්ලා පට්ට සීතලට මට මැරෙනතරම් තද ඔළුවෙ ඇම්මක් ආවා. මං ඔළුව බදාගෙන ඉන්නකොට අපේ මචමා අහනවා ගහමුද බියර් එකක් කියලා. බෑ කියනද ? අයිස් වගේ බියර් ඇරල දැම්මා.. ඔන්න අපේ හාමිනේ කිව්වා මොනවත් උනොත් එහෙම නංගිගෙ මනුස්සයාටම බලාගන්න වෙයි කියලා. ඊට පස්සෙ තාමත් අමාරුව එහෙමමයි එතකොට අරුන් ටික සැර එව්වා ගන්නවා. මං සැර එව්වා ගන්නෙ නැති හින්දා බියර් උඩට අමුවෙන් බ්‍රැන්ඩි පාරක් දා ගත්තා.
    ඊට පස්සෙ ඔළුව පැලෙන්න තරම් අමාරුයි.. නහය බුලොක්වෙලා.. ගියා ටොය්ලටේට ඇතිතරම් වෙර දාල නහය සුද්දකලාම සබෝෂ් ගාල අලි ජෙලටින් තොගයක් පැන්නෙ නැද්ද නහයෙන් එළියට.. මෝතා ජෙලි පැකට් දෙකක්විතර දාල හදපු ජෙලි ගොඩක් වගේ කොල පාටට. එදායින් පස්සෙ ලෙඩේ ඉවරයි..
    වෙදමහත්තයාගෙ බෙහෙතුයි මජ්ජපමා මිශ්‍රණයයි එකතුවෙලා බෙහෙත දුන්නද නැත්නං මජ්ජ පමාවම බෙහෙත දුන්නද කියලා මං අදත් කම්පනා කරනවා.

    ReplyDelete
  15. අපිට කවදද ඔලුවේ කැක්කුම් හැදුනේ කිව්වලු x-)

    ReplyDelete
    Replies
    1. අපිට කවදද ඔලුවක් තිබුනෙ කිව්වලු x-)

      Delete
  16. මටත් පුංචි කාලෙ ඕක තිබ්බා ... දාස් ගානක ඉංගිරිසි බෙහෙත් කොලා. හරි ගියේ නෑ. එක දවසක් අපේ අයියගෙ, අඩි දන්න යාලුවෙක් හම්බ වෙලා, බුවා එක අතකින් ඔලුවෙ දෙපැත්තෙ නිල දෙකක් විතර අල්ලල, කෙලිය ඔලුව පිටිපස්සට, ටික වෙලාවක් යනකං නිල් පාට විතරයි පෙනුනෙ.. ඒවෙලාවෙම ඔක්කොම කැක්කුම් කැරකිලි ඔලුවෙ බරගති නතර උනා, තාම ආවෙනෑ. දවස් තුන හතරකට විතර පස්සෙ බුවා හම්බ වෙන්න ගියා තෑන්ක්ස් කරන්ඩයි කොහොමද ඒක කොලේ කියල අහගන්නයි.බුවා තෙල් ටිකක් දුන්න ඔලුවෙ ගාන්නයි නහයට උරන්නයි..ඒ වෙලාවෙම ගාල ඉරුව, පැය කාලක් ගියේ නෑ ඔලුවයි කනුයි කහන්ඩ අරන් බෝතලයක් විතර සෙම ගියා නිකන් ජෙල් කෑලි වගේ... හැබැයි ඇහුවට කියල නම් දුන්නෙ නෑ කොහොමද කලේ කියල .. ලෙඩේ නං නිට්ටාවටම හරි ගියා ..

    ReplyDelete
    Replies
    1. koheda oya kiyana thel beheth dena mahtmaya inne kiyanawada.tnx

      Delete
  17. පුරුදු වෙලා කොළඹට හා ගාල්ලට
    පීනස එනවා දැන් බෑ ගම රට යන්ට
    කියලා දුන්නු බෙහෙතට හා පිළියමට
    බුදු බව හා හැනපියර් ලැබියං අටමො බොට... (p)

    ReplyDelete
    Replies
    1. අහුවෙයන්කෝ ගමේදී :-t

      Delete
    2. ගමේදි ගැහුවත් දැන් කිවිසුමක් යවනව ඇරෙන්න වෙන අතක් පයක් වත් හොල්ල ගන්න බෑ බං.. පට්ට චාටර්.. :-s

      Delete
  18. අපොයි අටම් අයියේ මදි නොකියන්න මටත් තියෙනවා ඔය අමාරුව නම්, අනේ ඉතින් අසරණ මට පැනඩෝල් පෙති දෙක තමා පිහිටට ඉන්නේ....

    ReplyDelete
  19. කුප්පමේනියා තොරතුර ගැන බොහොම පිං.
    මටනං දැං ටිකක් අඩුයි බියර් බොන්නැති හින්ද. අම්මපා, සෙම සහ ඒඩ්ස් දෙකෙන් එකක් තෝරගන්න දුන්නොත් මංනං තෝරගන්නෙ ඒඩ්ස්. කාපු කරවිල වලට වඩා හොඳා නොකාපු කොහොඹ.

    ReplyDelete
    Replies
    1. //සෙම සහ ඒඩ්ස් දෙකෙන් එකක් තෝරගන්න දුන්නොත් මංනං තෝරගන්නෙ ඒඩ්ස්.// හැක්! හැක්. දවසේ කතාව බං! :D

      Delete
  20. //පස්සේ මං තීරනේ කොලා මේකට මම තනියම මුන දෙනව මගේ ප්‍රතිශක්තියක් එක්ක එකතුවෙලා කියල , සියලු පරිස්සං නවත්තල මහ රැටත් නාන්ඩ පටන් ගත්තා , ඔලුව කැක්කුම හැදෙන්නේ කීයටද මම නානව //
    ඇත්තටම නෑවම ඒ ඔළුවේ කැක්කුම නැතිවෙනවා..ඒ වුණාට ඕක වෙන ලෙඩක් වෙයිද කියලා සැකකුත් ඇතිවෙනවා..සෙම නම් කරුමයක්ම තමයි..

    ReplyDelete
  21. ස්තූතියි අටම් අයියා. කරලම බලමු! :)

    ReplyDelete
  22. ඔය කුප්පමේනියා අල්ලලාමද කොහෙද උඹ කුප්පයෙක් වෙලා ඉන්නේ....

    ReplyDelete
  23. අම්මට උඩු දැන් බෙහෙතුත් කරනවද ඒ කියන්නේ......?

    ReplyDelete
  24. ඕක මටත් තිබ්බා අටමෝ මන් කොලේ සියඹලා කොලයි උඳු පියලිය කොලයි රතුලුනුයි යන්තම් තලලා පොට්ටනි බැඳලා වන්ඩුවේ තම්බලා තවපු එක කාලෙකින් හැදුනේ නම් නෑ

    ReplyDelete
  25. හරි හරි, මේ කුප්පමේනිය කන හේතුව නිසා තමයි බල්ලො පූසන්ට මෙන්න මෙහෙම බනින්නේ. 'අඩෝ 'කුප්පයා' පූසිගෙ පුතා'

    මම අදටත් ඉඳහිට ඔය වදයෙන් දුක් විඳිනවා. අව්වේ ඉඳලා ඇවිත් කූල් මොනවහරි බිව්වොත් මම කපෝතියි. මූනට පොලු පාරක් වැදුනා වගේ කම්මුල් ඇට වලට යටින් ඇහි බම යටින් කැක්කුමක් එන්න ගන්නවා. සිංහල බෙහෙත් වලින් නිට්ටාවටම සුව වෙනවා.

    ReplyDelete
  26. අනේ මටත් ඔය කැක්කම නෑ (කලවං බිලා පහුවෙනිදාට ඇර)

    ReplyDelete
  27. කතාව තියෙන්නේ සෙම ලෙඩ ගැනද...? අටම්.... නැත්නම් ඩොක්ටර් දයානි ගැනද.....? ලිවීමේ අලුත් කලාව......

    ReplyDelete
  28. අම්මේ අටමා දන්න දේවල්....................

    මොනවා වුණත් අපිටත් කියලා දුන්න එක නම් වටිනවා. දැන් ඉතින් විස්තර දැනගෙන ම උඩට ඇද ඇද ඉන්න බැරියැ...................

    ReplyDelete
  29. ඕව නෙමේ .. කාගිල්ස් එකෙන් කලවං නැති ගල් බෝතලයක් ගෙනැත් බාගෙ බාගෙ දෙපාරකට බීපිය..ඔය හැනපියර් සෙම . චැහ්

    ගල් තරං සෙමට අවුසදයක් මේ තුන්ලෝකෙම නෑ. ඕ යේස් !!!

    ReplyDelete
  30. මාත් ඔළුව රිදෙන්න වුනාම දුම් අල්ලන එක නම් කරනව. ඔය ක්‍රමේ ම තමයි. හැබැයි ඔය කුප්පමේනිය කතන්දරේ නම් දන්නෙ අද. ආයෙ වෙලාවක බලන්න ඕන. පාවට්ටා කොල ඔතලත් ගහන්නෙ සමහරු...

    ReplyDelete
  31. // සෙම්ගෙඩි කපල අන්තිමට කතා කරගන්ඩ බැරුව , මිනිහෙක් එක්ක යන්ඩත් නැ , // යකෝ මේ වගේ ගෑනියෙක් දාහෙන් සම්පතයි. කොහොමද ගෑනු කියවන්න ගත්තම.
    උඹ ඉතිං පෙති, කරල් ඉන්ජෙක්ෂන් ගැන විශ්වාසයක් නැති මිනිහනේ. උඹ කැමතිම බොන බෙතටනේ. බීපං අම්මා.

    ReplyDelete
  32. අම්මප උබට සැහෙන පින් බොල.මිනිහෙක් වුනාම බඩ ටිකක් තියෙන්න ඔන තමයි ඕයෙස්

    ReplyDelete
  33. මේකට තීරු බදු කීයද?
    මෙන්න මගේ ඇරඹුමක්
    http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post.html

    ReplyDelete
  34. ස්තුති #අටම්පහුර අයියේ . මටත් ඔය ටික තියෙනවා ඒපා ාවනවා මෙිි දැනුත් හචිමක් ප්ලේ වෙන ගමන් .. අයේ සෙම වැඩි උන වෙිලාවක කොරලා බලන්නමිිි කෝ 😊

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>