2015-07-27

හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්




දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක්
මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක්
ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ රන්මලක්
එන්න තිබුනේ මාවෙතට නුඹ අතීතෙයි ඇතක දුරක්

දුටුවදා සිට සිසිල දෙන්නට පෙරුම් පුරනා දුක් සිතක්
ලඟින් ඉන්නත් වරම් නැ මට බැබලුවේ ඇයි වෙන ගසක්
අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්
අකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක්

නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවා මුත් රසවිතක්
සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්
ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට වගක්
හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්

65 comments:

  1. දුක තමයි රංජනී

    ReplyDelete
    Replies
    1. අනිත් උන්ගේ දුක අහලමද මන්දා රංජනී පිට් එකේ ඉන්නව ......වැඩේ කියන්නෙ හිත හොද ගැනි උනාට තාම බඩ වෙලත් නැ

      Delete
  2. මට නං සුපිරි කවි තුනක්.... පරණ සීන් එකක්ද බං ? "අතැඟිලි බැඳුනේ අයි මේ විලසින්" වගේ සීන් එකක්ද? අතින් අල්ලන්නෙ නං කොල්ලෝ හොඳකට නෙවේ....

    ReplyDelete
    Replies
    1. අන්න අන්න සජ්ජා

      එතනින් එහාට ගිය ලෙන්ගතු කං ගැන හිතෙන්නේ නැද්ද බං........හත්දෙයියනේ උඹටත්

      Delete
    2. සුබ ප්‍රාර්ථනා කියමන්-සුබ ප්‍රාර්ථනා කියමන්
      මා වටකර සතර දෙසින්-ගිලිහෙන මුත් මුවට මුවින්
      ඔබේ මුවින් නැති පැතුමන්-මට නැත අගනේ
      සුබ ප්‍රාර්ථනා කියමන්-සුබ ප්‍රාර්ථනා කියමන්
      සුබ ප්‍රාර්ථනා..


      මා ඈ කර මාල බඳින්නේ-ඔබේ නෙත් තරු සැලී දිලෙන්නේ
      මා ඈ ගත සළු පළඳන්නේ-ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
      ගිගුම් හඬින් මඟුල් සිලෝ -පෝරුව දෙදරයි..

      සුබ ප්‍රාර්ථනා කියමන්-සුබ ප්‍රාර්ථනා කියමන්
      සුබ ප්‍රාර්ථනා

      මධුසමයට මගට බහින්නේ-ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
      රහසින් බැඳී පෙම සිහිවන්නේ-අප මින් මතු නැත හමුවන්නේ
      ඔබ අන්සතු ළඳක් කියා -ඇයි මට කීවේ..

      ගායනය : විශාරද ගුණදාස කපුගේ
      පදරචනය: සුනිල් ආරියරත්න
      සංගීතය: සරත් දසනායක

      Delete
    3. මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙලන්නේපා
      මං හින්දා ඔබේ හදතුළ සුසුමක් නැඟේන්න එපා
      ගිවිසා ගනිමු අපි පෙම්යුවළක් සේ කිසිදා එක් නොවෙණා
      අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවි
      සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳි
      හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
      උරණ නොවන්නේමි ඔබ අන්සතු වුදා
      අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී
      ඔබ සිරකරලන දොරඟුළු දමනු බැරි
      නෑකුල දීගෙන් බැදෙනා පෙමක් නොවී
      පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපේ

      ගායනය : ගුණදාස කපුගේ සමඟින් මාලිනී බුලත්සිංහල
      පද රචනය : සුනිල් ආරියරත්න
      සංගීතය : ගුණදාස කපුගේ

      Delete
  3. නාකි විසේ ගෙටත් උසේ....හෙට අනිද්දා දීග දෙන කෙල්ලෝ 2කින්න තාත්තා කෙනෙක් නේද මේ...අඳෝමැයි

    උඹ ලියපුවා හැම එකක්ම කියවලා නැතිවුනත් කියවලා තියන ඒවයින් උඹේ හොඳම කවිය.වචන ටික මාරයි....

    ReplyDelete
    Replies
    1. //හෙට අනිද්දා දීග දෙන//

      නබියට තමා එහෙනං දෙන්ඩ වෙන්නේ

      Delete
    2. අහසට සොඳුරුද සඳ කෙතරම්,
      ගසකට සොඳුරුද මල කෙතරම්,
      සයුරට සොඳුරුද රල කෙතරම්,
      එතරම් මිහිරියි ඔබ මටනම්.

      හිත මැද පෙම්බරකම් සඟවා,
      යන එන මග ඉඟිබිඟි කරමින්,
      හොඳ නෑ කරනා ඔය දඟකම්,
      දුටුවොත් වෙන අය වෙයි නපුරන්.

      සුන්දර ඔය වත හින්දම තුන්යම,
      නින්දක් මට නැතුවා නැතුවා.
      තිස්සෙම මං වට දැවටෙනු කුමටද,
      අහන්න මට හිතුනා හිතුනා.

      තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට,
      සත්තයි සිහිනෙක මා සිටියා.
      කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ,
      බිලිඳුන් නිදි නෑ මං යනවා....

      ගායනය - නෙලූ අධිකාරි ..

      Delete
  4. නාකි විසේ ගෙටත් උසේ.... x2
    මට නං හිතෙන්නෙ උඹ මේක ලිව්වෙ උඹෙ නෝනට කියල ...
    හැක හැක හැක ...

    ReplyDelete
    Replies
    1. //නුඹේ දෙනයන සිහින් කටහඩ මවනවාමුත් රසවිතක්
      සිනිදු අතැගිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්//

      ඇස් දෙක කටේ දාගන

      කටේ බුලත් විටක් දාගනද බැලුවේ

      Delete
    2. දැන් එයා බුලත් විට කන්නේ නැති හොඳ ළමේක්..

      Delete
    3. සිරාවට..... විට නැවැත්තුවට පස්සෙ ටිකක් පිස්සුව තද වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...!!

      Delete
    4. ඇයි මයේ දෙය්යෝ විට කන එක නැවැත්තුවේ ...එකෙක් හරි අඩු වෙන එක පාඩුවක් නේ රත්තරනේ ... ගෙදර ගිහින් පැණි දුන්කොල සුට්ටක් එක්ක විටක් හපන කොට දැනෙන සනීපෙ ....හැක් හැක්

      Delete
  5. මේ ඉතා රසවත් වූ කාව්‍යය තුළ බාලාපයෝජනයක ලක්ෂණ පෙනේ....

    ReplyDelete
  6. අටමෝ,
    ලස්සන අරුතක් තියෙන ලස්සන කවියක්. ටිකක් උත්සාහ කලොත් මේකෙන් ගී පදමාලාවක් හදන්නත් පුළුවන් වාගෙ.

    සමරසේකර

    ReplyDelete
  7. 'ගහට පොත්තක්' විලස ගැලපුණු පොත්ත ගස හැරදා ගියේදෝ
    රසට පෙනුමට ඉදුණු බතකට......... සුවඳ පමණක් අහිමි වීදෝ
    මසට මනසට දැනුණු ප්‍රේමය......... සඵල වීමට පින් නොවීදෝ
    කහට නැති මටසිළුටු ප්‍රේමෙට එනම හැර වෙන නම් තිබේදෝ

    ReplyDelete
    Replies
    1. ඔන්න ආව අඩු පාඩුව ......
      මෙච්චරයි අඩුවට හිටියෙ ...

      Delete
    2. මොකද්ද බං මුද්දෝ මේ නාකි සෙට් එකට එකපාරට වෙලාතියෙන්නේ?නිසි වයසෙදි නොකර හිටිය ඒවා මුන් වලකජ්ජ ගහන්න ලංවෙලානේ කරන්න හදන්නේ....ඕක තමයි කියලා තියෙන්නේ දත් තියන කාලේ මස් කාපන්.හැබැයි බෙල්ලේ එල්ලාගන කන්න එපා කියලා

      Delete
    3. //නාකි සෙට් එකට එකපාරට වෙලාතියෙන්නේ?//
      +++++++++++++++++++++++++++++x2
      හැක් හැක්

      Delete
    4. //මේ නාකි සෙට් එකට// අඩෝ මේ.. නලුවා වයසට ගියාට සෙට් එක වයසට යන්නේ නෑ කියල අහල නැද්ද? නැත්නම් අඩුම ගානේ හැට පැන්න වඳුරවත් බිමින් යන්නෑ කියලවත් අහල නැද්ද.. නොදෝමකින් අල බහින්නෙත් නැතිව වැල මැරිච්චි තරුණයෝ ටික.. හැක්.

      Delete
    5. කවුරුවත් මොකුත් කිව්වද?

      Delete
    6. පෝය කිට්ටුයි නෙවැ …… :D
      හඳ තියන කාලෙට පොඩ්ඩක් අවුල් යනවා.. ලබන සතිය දිහෑට හරියයි . ඕ යේස්

      Delete
    7. භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ
      තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
      රාගෙන් පැටලී මෝහ විකාරේ
      තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
      රාගෙන් පැටලී මෝහ විකාරේ

      ගිලී කාම අඳුරේ භව ආලේ
      දෝෂ සෙව්වෝ කාම මෙලෝකේ
      ආල වැඩුවෝ ධ්යා න මනාපේ
      තිලොනා ධර්මේ රසේ
      භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ

      වනසා පාපේ මෝක්ෂේ මාර්ගේ
      මෝක්ෂේ මාර්ගේ
      මෝක්ෂේ මාර්ගේ
      මෝක්ෂේ මාර්ගේ පරම ශාන්තවූ
      නිර්වාණේ නිර්වාණේ
      තෘෂ්ණා ජාලේ මායා ලෝකේ
      මායා.. මායා… මායා….

      ගායනය : ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා ( ඩබ්. ඩී. අමරදේව )
      ගී පද - ඩී. ටී. ප්‍රනාන්දු
      සංගීතය - මොහොමඩ් ගවුස්
      (1947 අප්‍රියෙල් 09 තිරගත වූ අශෝකමාලා චිත්‍ර පටියෙන් )

      Delete
    8. ඔය ජවනිකාවේ පෙනී හිටියෙත් අමරදේව මහතා නේද සින්දු?

      Delete
    9. විචාරක තුමෝ ඒ ෆිල්ම් එකේ තාපසයට ඉන්නේ අමරදේව මහත්තයා ...
      මෙන්න මේකේ ඉන්නවා අන්තිම කොටසේ ..

      https://www.youtube.com/watch?v=mT3F4v2IOh0

      Delete
  8. අපේ සුන්දර මතක සැමරුම් වෙන්නෙ ඇයි මට ගිනි ගොඩක්
    අකීකරු හිත හිරකරන්නට දන්නවද නුඹ ගල්ලෙනක් ///

    මෙන්න මෙතන නං පස්ට ඈ මට කෙනෙක්ව මතක් වුණේ නෑ කියන්ටකො
    හිහි
    ලස්සනයි කවිය ජයවේවා

    ReplyDelete
  9. අටමෝ... මේ කවි ටිකනම් මරු. අරුන් කිවුවට ගනන් ගන්න එපා. ටිකක් වයස වුනාට මොකද? ආදරයට වයසක් පාටක් සීමාවක් තියෙනවායැයි???

    ReplyDelete
  10. ලක්මාල්ගෙ හිත ගිනි කන්දක් වාගෙ කියල හිතෙනවා...
    වෙලාවකට බුර බුරා නගිනවා...
    වෙලාවකට නිසංසලේ දුම් රොටු අහසට නංවනවා..
    වෙලාවකට නැගෙන හුමාලය දේදුන්නක් මවනවා...
    මොක වුණත් ඒක හොඳ සහෘද හිතක්...!

    එව්වා එහෙම්ම තිබෙද්දී මේ නොසැලකිලි වලට නම් සමා නැත

    සැරිසර --> මේක නාම පදයක්.
    මෙහෙම වෙනස් වුණානම් --> "මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත්..."
    ලොවෙන්බට --> මං උන්නා නගරයක නමක් කියලා.. "ලොවෙන් බට.."
    අතීතතේයි --> "අතීතෙයි"
    ලගින් --> "ලඟින්"
    මවනවාමුත් --> "මවනවා මුත්"
    සිනිදු අතැගිලි --> බොල සඥ්ඥක තියන බාසා බොහොම අඩුයි... "සිනිඳු අතැඟිලි"
    නොහැගෙන --> ආයේ ඒකම කරා...!! "නොහැඟෙන"
    ලෙන්ගතුකමක් --> ලෙන්ගතු කමක්

    ආදරය ඍංගාරය විරහව මේවා පරිපූර්ණව ප්‍රකාශ කරන්න ඕනෑ...
    එක බිඳකවත් අඩුපාඩුවක් නොතියා...
    තියුණු සැතක් වාගේ ළය පසාකරගෙන පතුලට බහින්නේ එතකොටයි....

    ReplyDelete
    Replies
    1. ඔන්න දොඩං අයියේ දැං බලන්ඩ

      ...ඟි...... ඳු .......

      ලැජ්ජයි අප්පා අවුරුදු පහක් වෙන්ඩත් ආවා
      ...ඟි...... ඳු .......
      අකුරු විජේසේකර යතුරු පුවරුවෙන් ගහන්නේ කොහොමද කියල තවම හොයාගන්ඩ බැරි උනා

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්
      දැං හරි දැං හරි මලයා...!

      Delete
    3. හොඳ වෙලාවට මේක තිස්ස අය්යා දැක්කේ ...අද අපේ හැලප සර් පරක්කු නිසා අටන් බේරුනා .නැත්තම් අදත් දොර ගාව දනගහගෙන ඉන්න වෙනවා ...හැක් හැක්

      Delete
    4. ///නැත්තම් අදත් දොර ගාව දනගහගෙන ඉන්න වෙනවා ...හැක් හැක්/// +++++++++++++++

      Delete
    5. @ තිස්ස දොඩන්ගොඩJuly 28, 2015 at 10:08 AM

      මේ වගේ අඩුපාඩු, සිංහල බ්ලොග් බොහොමයක දකින්නට ලැබෙනවා. සඤ්ඤක අකුරු ගැන නොසළකා හැරීම, රකාරාංශය, යංශය, රේඵය, ගැන නොසැළකීම, රැ සහ රු යන අකුරුදෙක පටලවාගනීම බහුලයි.

      අටම් වැරදි නිවැරදි කරගැනීම අගය කරනවා.

      Delete
    6. ඉතින් කියුවේ නැනේ

      ...ඟි...... ඳු ..

      ලියන විදිහ විජේසේකරයෙන් ....මං ඒක කොපි පේස්ට් කරා

      Delete
    7. මෙතන තියේ ඔක්කොම මචෝ..!
      http://www.nongnu.org/sinhala/doc/keymaps/sinhala-keyboard_1.html
      [Alt] + [.] = ඟ
      [Alt] + [o] = ඳ

      Delete
    8. google input tools වලදී නම්;

      hangima = හැඟීම

      anduma = ඇඳුම

      handa = හඬ

      handa = හඳ

      Delete
  11. අටං අයියා... පට්ටයි බං...
    //ලොවම වරදක් ලෙසට දැක්කත් තියනවාදෝ මට වගක්// මටත් වගක් නෑ බං

    ReplyDelete
  12. පොස්ට් අතරින් පතර මේ වගේ ලස්සන කවිත් පළකරන්ඩෝ
    ජයවේවා අටමයියා!

    ReplyDelete
  13. පරණ සෙල්ලං තාම නෑ නොවැ හිතිං මුගෙ අවතැන් වෙලා

    ReplyDelete
  14. එනපොට හොඳ නෑ ජොසී කෙල්ල ගෙට ගං.

    ReplyDelete
  15. අටං අය්යේ Blog Archive එක උඩට දාපං බං. පරණ පෝස්ට් එකක් හොයන්නත් පහලටම එන්න වෙනවා.

    ReplyDelete
  16. ඔය ඇස් අමතක වෙන්න නම් - මගේ ඇස් පියවෙන්න වෙයි … හුකෑස් :D :D

    ReplyDelete
    Replies
    1. ලඟදිම ලැබෙයි
      http://www.dailymail.co.uk/sport/rugbyunion/article-2508758/Worst-sports-black-eyes-England-captain-Chris-Robshaw-gets-shiner-Autumn-International-New-Zealand.html

      Delete
  17. ඔන්න පරන කුණු එලියට ඇවිල්ලෝ....අටමියෝ...ඇලට් එකේ හිටපියෝ

    කවිය නම් බොක්කටම වැදුනා

    ReplyDelete
  18. මදාවිගේ කවි ඇරෙන්න අනිත් ජාතිවල කවි කියවන්න කම්මැලියි බං...

    ReplyDelete
    Replies
    1. කසුට්ටාගේ පෝස්ට් එක බලල ආපහු ඇවිත් කයිය කියෙව්වා...
      පොඩි මෙව්වා එකක් නැත්තෙත් නැහැ...
      එළ...

      Delete
  19. උඹ මේ කවියෙන් කියන ඒව මිසක් , අපේනම් මේ වගේ දේවල් තුන්හිතකවත් නෑ. අනික අත පිරිමැදල රොන් ගන්න .....

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. හත්තිලව්වයි අටමා........... මොකෑ වුණේ............. අනේ උඹ පව් කියලා හිතෙනවා බං...... මොනවා වුණත් ඔය අතගාන වෙලාවක අපිත් ඒයාව මතක් කරාය කියපං........ රොන් ගන්න ගිහින් තුඩ කඩා ගන්නවා ඒහෙම නෙමෙයි.... හරිද????

    ReplyDelete
  22. //සිනිඳු අතැඟිලි පිරිමදිනු මිස ගන්නේ නැ මං රොන් බිදක්//

    පිපුණු මලක් නම් තලලා රොන් ගනිමී....
    කැකුලු මල නිසා නොතලා යන්න යමී.....

    ReplyDelete
    Replies
    1. "වනන්තරේ වැහි නැත ගස් මුල් වලට
      නිරන්තරේ දුකමයි දැනුනේ අපට
      පිපුනු මලක් නම් නොම දෙමි තලන්නට
      කැකුලු මල නිසා තලපන් පිපෙන්නට"

      Delete
  23. උපරිමයි මචෝ... මම හිතන්නේ උඹ ලිව්ව හොඳම එක...

    බලාගෙන ඉතින්..... අනේ මල්ලැල්ලෑ....

    ReplyDelete
  24. හ්ම්...................මිනිස්සුන්ගේ හිතේ මේ වගේ අතීතාවර්ජන ඇතිවීම ස්වාභාවිකයි.

    අතීතාවර්ජනයට ප්‍රේමය මුසුවී තිබීම සුන්දරයි.

    සුන්දර ප්‍රේමයක්, සිතුවිල්ලකට පමණක් සීමාවී, හද තුළ රැඳුණු මතකයක් වීම, ආනන්දනීයි.

    මේ අත්දැකීම අපිත් එක්ක බෙදාගැනීම ආකර්ෂණීයයි.

    ReplyDelete
  25. හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්

    හ්ම්ම් ඇයි ලෝකෙට පේන්නැත්තේ

    ReplyDelete
  26. කොටුවක් පනින්නද මේ ලෑස්තිය...... ගියොත් ගියා.....

    ReplyDelete
  27. //හදවතක් නැති ලොවට නොහැඟෙන නමක් නැති ලෙන්ගතු කමක්// ++++++++++++++++++++++++++ සුපිරියි!

    ReplyDelete
  28. සිතේ රැඳුනා...
    හදේ ඇඳුනා...
    ඔබේ රුව මා...// ;)


    ලස්සන කවි ටිකක්.
    ජය වේවා!!!

    ReplyDelete
  29. https://www.youtube.com/watch?v=1TSxzZSC2JI

    ReplyDelete
  30. ලබනා සෙනෙහේ මට මදිවුනාදෝ
    හදවත මගේ සියුමැලි වැඩිවුනාදෝ
    සෙනෙහස මගේ ඔබහට වැටහුනාදෝ
    ලෙන්ගතු වන්නවත් මට පිං මදි වුනාදෝ

    ReplyDelete
    Replies
    1. සැහේන කාලෙකට පස්සේ බ්ලොග් එකට ආවෙි

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත්
    උතුරු කොරියාවයි දකුණු කොරියාවයි .... ආයෙත් වෙන් නොවෙන්ඩම ... එකතු උනොත් ... අපේ අතිගරු ජනාදිපති තුමා රටවල් දෙකටම සම්බාධක දායිද , ආ …
  • මංගල අවමංගල , අඩෝවැඩි අවමංගල සහ දෙහි මංගල්ල
    මේ ලගදි මං ගියා දන්න කියන කෙනෙකුගේ මල ගෙදරක අප්පච්චියේ ඒක මල ගෙදරක් නෙමෙයි මගුල් ගෙදරක් ගේ ඉස්සරහ වාහනේ නවත්ත ගන්ඩ බැ පාර දෙපැත්තෙම එක එක වාහන…
  • ‘‘ සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හම්බුනා ‘‘  Oppo Neo 5 and Oppo Neo 7 , අඩු ගානකට හොද ෆෝන් එකක් හොයන අයට  rashain mobile kiribathgoda
    ඔය එක එක ෆෝන් කෑලි පාවිච්චි කර කර හිටපු මං , අන්තිම පාරට ගත්තා සැම්සුන්ග් එකක් , ඒකත් ඉතින් ඉක්මනට වලගං පිටි ගියා . කොහොමටත් ඉතින් මහලොකු…
  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 3
  • අයාලේයන සුනඛයන් සපාකෑමට පිලියමක් නැද්ද
    පහුගිය කාලේ අයාලේයන සුනඛයන් සපාකෑම පුදුමාකාර විදිහට වැඩි උනා , කොටින්ම අපේ දියණියන් දෙදෙනෙක් සහ මගේ බිරිදත් ... තව නෑදෑ සහ හිතවතුන් කිහිප…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • සර්ලට මොකටද කසිප්පු
    අයිසේ අංකල් රජයේ රැකියාවක් කරලා 80 වැඩ වර්ජනයට සම්බන්ධවිම නිසා රැකියාව අහිමි උන අහිංසක මනුස්සයෙක්.කතා කරන්නේ හරිම අඩුවෙන්.කට ඇරපුවෙලාවට අනිත්…
  • ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.
    ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම…
  • සිකරට් බීලා අහුවෙලා තියනවද
    දවසක් මම මගේ මිතූරෙක් සමග ගමනක් යනකොට හම්බඋනා මිනිහගේ ඉස්කෝලේ යාළුවෙක්.ලස්සන ,රතූ ,පීන් පාට ,උසේ තරමට මහත,වටින ඇදුම් ඇදපු,කැරට් 18ටෙ මාල දාලා,…
  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
  • ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ
    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික…
  • දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්
    මරණයෙන් මතුම මතු දවසක ආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකට කිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්න හිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • ආදරණිය මිනීමරුවා
    '' ලොකු මහත්තයා ඇවිත් කොල ටික අත්සන් කරලා දෙනකං මෙතන ඉදගන හිටහං'' මකුනන් පිරුන බංකුවට අත දික්කරපු ඔවර්සියල් මහත්තයා ඔෆිස් එක ඇතුලට ගියා ,…
  • How to use Singer 974 Contessa Sewing Machine
  • අයියා මාව බඳිනවද?
    ඉස්සර මම අර චිත්තර පටි එහෙම හදාපු ආයතනයට සම්බන්දවෙලා හිටපු කාලේ වෙච්ච සීන් එකක් තමයි අද කියන්න යන්නේ. මම ඒ දවස්වල පිස්සංකොටුවේ රූපගත කරපු ,…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
1,646,663

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>