2016-02-06

පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග

ඔන්න ඉතින් ඒ කාලේ ඒ කියන්නේ පුස්පකුමාර ජනාදිපති තුමාගේ කාලේ , ජනසවිය දෙනවා , ගෙවල් දෙනවා , උදේ පාන්දර මල ගෙවල් වලට යනවා , ඉස්කෝලවල කිරිබනිස් දෙනවා , කිරි බනිස් දෙන්ඩ කාලේකට ඉස්සර බිස්කට් දුන්නා උනත් ඒක හිටි ගමං නැවතුනා , මතක හැටියට ඉස්කෝල රෙදි දෙන්ඩ පටං ගත්තෙත් ඒ කාලෙද සැටලයිට් නෝනගේ කාලෙද මන්දා.

 කොහොමහරි මට මතකයි මට අවුරුදු දෙකකම හම්බුනා සුදු රෙදි , මං ඒකපාරක් මැහුවා ෂර්ට් එක මැද්දට ප්ලීට් එක තියල බෑගි කමිසයක් , අනිත් පාර මැහුවා දෙපැත්තට ප්ලීට් තියල කමිසයක් , හැබැයි දෙපාරම මැහුවේ කලිසං දෙකම ඩෙනීම් දෙකක් වගේ , හොද එකකට කියල එකම එක නිල් පාට පූමා ඩෙනිමකුයි , තව පිට කොටුවේ වර්ල්ඩ්මාකට් එකේ එකෙක් බලෙන් ඇගේ ගැහුව රෝස පාට එකකුයි , ලොකු අක්කගේ මගුලට මස්සිනා ගෙනත් දුන්න හොද රෙද්දකින් මැහුව කලුපාට කලිසමයි ඇරුනහම වෙන ඇදුමක් නොතිබුන මට , ඔය ඉස්කෝලෙන් හම්බුන පට්ට කොටන් රෙද්දෙං ඩෙනිම් වගේ මැහුව  කලිසං දෙක අනර්ග ඇදුමක් උනා.

තව තිබ්බා ලා රෝස පාට නෝ පොබ්ලම් කියල ඉස්සරහ ගහපු ටි ෂර්ට් එකක් , ඒක අදිනවා අර රෝස පාට ඩෙනිමට , කලුපාට එකට අදින්නේ ඒකත් එක්කම මස්සිනා ගෙනත් දුන්න හොද රෙද්දකින් මැහුව අත්දිග කමිසේ , ඒ කිට් එක එලියට ගන්නේ බොහොම කලාතුරකිං . මගුලකට , අතදික් වෙච්ච එකකට ගෙදර එවුන් බලෙන් දක්කන දාට විතරයි . නිල් පාට පූමා ඩෙනිමට තිබුනා ඒකටම මැච් වෙන ඩෙනිම් ෂර්ට් එකක් , ඒකත් ඉතින් ඔය මොකක් හරි විසේස වැඩකටම තමා ඇන්දේ ,



ඔය ඇරුනහම දික් කලිසමකට කියල තිබ්බේ , අර ඉස්කෝලෙට අදින්ඩ පට්ට නයිලොන් වලින් මහල දුන්න  සුදු කලිසං දෙකයි ,  ෂර්ට් දෙකයි, ගෙදරට අදින කොට කලිසං , ෂර්ට් ටිකයි, ඔය කියාපු ඩෙනිම වගේ කලිසමකට අර ප්ලිට් තියාපු බැගි ෂර්ට් එකක් ඇදල , කළුපාට ලෙදර් බුට් දෙකක් දාල ඉස්කෝලේ යනකොට ඇඩෙනවා ඉතින් , දැං කාලේ වගේ නෙමෙයි එතකොට එහෙමට ඉස්කොලෙං ඇදුං ගැන එහෙම එලවිල්ලක් තිබුනේ නැ.

ඒකාලෙත් විමලදර්මයා දෙදාස් දෙසිය පනහට විකුනන කැෂියෝ ඔරලෝසුවම මල්වත්ත පාරේ පටං ගන්න හරියෙම තිබුන කඩවල තිබ්බා හයසිය පනහට , ඔය ඔරලෝසුවක් ගන්ඩ අපි ඒ කාලේ දුන්නේ පට්ට ගේමක් ,





මූන එක එක විදිහට වෙනස් කරකර මේ යක්කු තව පනහ සීය අපෙන් , වරින් වර කෙලෙව්වා , ලව් කරන කෙල්ලට ඔහොම වොච් එකක් තැගී දෙන්ඩ පුලුවන් කොල්ලෝ අඩුවයසෙන්ම සුර ලොව සුරසැප වින්දා . අපි ඉතින් ගෙදර ගිහින් ඒ කෙල්ලංව මතක් කරගන වෙරක් එක දෙයි කියල , දත්මිටි කාගන වහලේ දිහා බැලුවා , උන්ට එහෙම සිතු පැතු සම්පත් ලැබුනේ , මෙන්න මෙව්වායේ ආනුභාවයෙන් .




නැත්තං ඉතිං මෙව්වා දීලා , ( පට්ට ලාබයි ඒ කාලේ පාට යන්නෙත් නැ , හම් පටියත් හයියයි )


මෙව්වා හෙන ගණන් , පට්ට කෑලි බහින උන් තමයි මෙව්වා ගිප්ට් එකට දුන්නේ , ගෝල්ඩ් පාට එව්වත් තිබුනා




අවසේස පෙරවල් ඔය හම්බෙන රට පෑනක් , ලේසුවක්,  අච්චාරු ගොට්ටක් තැග්ගට දෙනවා , මටත් හම්බුනා කියහංකෝ ලස්සන උගුස්සෙක් ඉන්න ලේන්සුවක් , ‍ඒක දුන්නේ මගේ පලවෙනි ගෑණු ළමයා , ඒ කාලේ ඒ සම්බන්දෙට මාවත් ඇදගෙන බොහොම මුරන්ඩු විදිහට අපිට උගන්නපු ගුරුවරියක් උන උන්දැගේ අම්ම එක්කත් අරගල කරපු , දැං මටත් වඩා කෙස් පැහැච්ච එයැයි ,  එයාගේ ගෝලයොත් එක්ක කොහොම ඔව්වට මුහුන දෙනවද මන්දා , හෙන ආදරෙන් ආසාවෙං තියාන හිටපු ඒ ලේන්සුව ,

එක මිතුරු වෛශීයා පුත්තරයෙක් ෂුටිං යන ගමං ඇවිත් හෝදල වැලේ තියැද්දි ඇරගන ගිහින් ගෙනාවේ නැ , පුක පිහදාල විසික් කරලද කොහෙද.

අනේ හත් දෙයියනේ ගෙවල් වල සිතු පැතු සම්පත් දෝතට දෙන උන්ට නං නතිං ,
උන් බැන්දේ  මෙව්වා








මේක නං අපේ වයසේ උන් ඒලෙවල් කරන කාලේ ආවේ , නිල් පාට ඩිස්ප්ලේ එකත් එක්ක පට්ට ඩිමාන්ඩ් උනා.අපේ අජන්තයටත් තිබ්බා එය වගේ කැල්වොච් එකක්


ඔය නිල් පාට එල් ඊ ඩී කියන්නේ

නොකියා 8210 ෆොන් එක ගෙඩි රුපියල් 5000 දාහක් , වැඩි කරල විකුනන්ඩ පුලුවං ගැජට් එකක් අපේ ගල් ලෝඩ් බාන කාලේ .





නොකියා උකන්නල එකම පහසුකං තියන ෆෝන් එකේ ඩිස්ප්ලේ එක නිල් පාට කරල දැම්මා , මාකට් එකට 8250 කියල මෙන්න මෙහෙම.




හෙන ඇම්ම තිබුන එවුන් පස්සේ පස්සේ 8210 එකටත් නිල් පාට එල් ඊ ඩි දාගත්තා රුපියල් දහක් හමාරක් දීලා තම්බිකඩවලින්.

අපිට ඉතින් , කැඩිච්ච බිච්ච එකක් හදල , කඩේ ගිහින් , එතකොට දර කාලක් හමාරක් ගෙනත් දීලා , හොරාට අහුලපු පුවක් ටිකක් , ( පුවක් සීයටම රුපියල් තුනද කොහෙද ) , කැලෙං කඩපු පේර ටිකක් , ( අපෙං ගන්නේ එකක් සතවිසිපහයි ) , පොල් නං රුපියල් දෙකටද කොහෙද ගත්තා ( හොරෙං කඩන්ඩ එපැය ) , හම්බ කරගන්න සල්ලියකින් කරන දෙයක් තමා , ඒත් ඉතින් ඉතුරු කිරිල්ල සෙල්ලං නැ , ( ඒකාලේ ගෝල්ලිප් එකක් දෙකයි හැත්ත පහද කොහෙද . හයසිය පනහක් එකතු කරං ගත්ත වොච් එක බැදල , ටී පනස් හය  බුලට් එකකට ටෙලිෆෝන් කම්බියක් පාස්සල , සිග්නල් දත් බෙහෙත් වලින් පොලිෂ් කරල , බෙල්ලේ කළු නුලකින් ගැට ගහල දාගන , ලස්සනට රටා දාපු කළු නුලක් හරි වයිවාරන්න පෙන්ෂිෆ් බෑන්ඩ් එකක් හරි ගැට ගහල , එක අතකට අච්චු පොත් ටික ගෙදර තියල ලියන පොත් ටික විතරක් ඇරගන , අනිත් අතින් යෝ යෝ එකෙන් වැඩදදා ඉස්කෝලේ යන කොට , හම්මේ මතක් වෙනකොටත් මොකදෝ වෙනව අප්පා.




113 comments:

  1. Replies
    1. සමහරක් වෙලාවට දුක්බර

      Delete
  2. අටමෝ ...අඩේ බන් අර ඔරලෝසු ටික දැක්කහම මට නම් ආපහු ඒ කාලේ මතක් වුනා. ආසාවේ බැහැ බන්...

    ReplyDelete
    Replies
    1. මට නං දැං ඔරලෝසු බදින්ඩ ආසාවක් නැ බං,තැගි හම්බුන හොද ඔරලෝසුවක් මගේ අතින් කැඩුනා එක දවසක්වත් දාන්නේ නැතුව. ඊට පස්සේ ගන්න හිතුනේ නැ

      Delete
  3. අපේ ක්ලාස් එකේ කොල්ලෝ දෙන්නෙකුට විතර උඹ ඔය අන්තිමට දාලා තියන ඔරලෝසුව තිබුනා.හප්පේ ඒ දවස් වල උන් ඒක ඔබ ඔබ දාන වැඩ කිඩ.අපිත් අර මොනවදෝ කාපු රිලව් වගේ වටවෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කොරන්ඩද ඉතිං

      Delete
  4. මමත් නොකියා 8250 එකක් ගත්තා 25කට, ඒ කාලේ ඉතිං හම්බ කොරනවා නෙව්. කිසි හෙනයක් නැතිව අවුරුදු 4ක් පාවිච්චි කළා. අනික් අයත් තව අවුරුද්දක් විතර පාවිච්චි කළා.

    ReplyDelete
    Replies
    1. තැනක තාමත් තියනවා රිලෝඩ් දාන්න

      Delete
  5. අපේ කාලෙත් ඔය කැල් තියෙන ඔරලෝසු හෙනම භාණ්ඩයක් .

    ReplyDelete
    Replies
    1. වාර විබහගෙට බැදන් ගිය අයියලත් හිටියා

      Delete
  6. ශුවර් බෝතල් තුනක් මේසෙ උඩ තියාගෙන කාලක් අනුමත වෙලා වගේ... උඹමයි එදා කිවුවෙ ඕක.
    අඩේ මටත් අප්පච්චි අරන් දුන්නා ශිෂ්‍යත්වෙ ලියන්න යන්න කලින් දවසෙ ඔය CASIO වොච් එකක්. අවුරුදු හතක් එක දිගට පාවිච්චි කලා බැටරිය මාරු කරන්නෙත් නැතුව.

    ReplyDelete
    Replies
    1. නැ බං මේ දවස්වල දනපාල තරහ වෙලා

      Delete
  7. මොනාද අනේ මේ ලියන්නේ....මෙහෙමත් ඉස්කෝලේ යන්න ඇහැකිද..? ක්ලාස් නම් ගියා ඔය කියන ආකාරයට ඇඳ පැලඳගෙන...වැඩක් උනේම නෑනේ අපිට නං....
    යකෝ ආයෙත් කියෝලා හැලිලා තියෙන අකුරු ටික හදහං හැලපයා දකින්න කලියෙන්...

    ReplyDelete
    Replies
    1. [im#]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/t31.0-8/12671829_961504143936226_4571738977273619895_o.jpg[/im]

      Delete
    2. යකෝ උඹලට බෙල්ට් දාන්නත් දුන්නද?

      Delete
    3. මමත් මේ කියන්න හිටියේ, මේකා 'හොද' 'ඇදුම්' වගේ කුණුහරප ලියලා තියෙන්නේ මොකද කියලා

      Delete
    4.  [im#]http://2.bp.blogspot.com/-jBiV8sH2Lck/VZ_ph95pOCI/AAAAAAAACzM/b9M0Y7ypbZE/s1600/20150709_232924.jpg[/im]

      Delete
    5. ඔය පින්තුරයේ තියෙන්නේ , මම කියපු කලිසමක් සහ කමිසයක් , බෙල්ට් එක දාගනනං ඉස්නෝලේ ගියේ නැ, ඔය යූත් සෙන්ටර් ඉස්ටේජ් එකේ , ඔය සහතිකෙ දෙන නෝනා කුමාරි නවරත්නද කොහෙද

      Delete
    6. උක්කෝලෙට ඔය ඇදුම ඇන්දා බෙල් නැතුව

      Delete
    7. බොසා ගහමුද මහපාරේ යු ටර්න් එකක්

      Delete
    8. මං බය නැ ඔතේනියාට

      Delete
    9. බය කොරනව තොට මං, ආයෙ එන්ඩ කළින් නොහැදුවොත්.

      Delete
    10. හැලපයියේ මට කොරන උදව්වක් විදිහට සලකල ඔය පෝස්ට් ඔක්කගෙම වැරදි ටික හදල දෙන්ඩකෝ අප්පා , මට එයාව විස්සාසයි පාස්වර්ඩ් එකත් දෙන්නං

      Delete
  8. උඹ කොහෙන්ද බං විමලධර්මයගෙ අර පොඩි කැසියෝ එක 2250 ට ගත්තෙ. මම ඒක ගන්නකොට රුපියල් 600 යි. පස්සෙ අෂායි ද කොහෙද කියල චයිනීස් මොඩල් එකක් ආව 650 ට. එතකොට ක‍ැසියෝ ගණං උස්සල.

    මටත් ඒ ලෙවල් කරන කාලෙ මාර ආසවක් තිබ්බ අර උඩ දාල තියෙන කැල් වොච් එකකට. අන්තිමට ඒක සනීප කරගත්තෙ ඒ ලෙවල් ඉවරවෙලා කාලයක් ගියාට පස්සෙ විමලධර්මයගෙන්ම ඔය පල්ලෙහ දාල තියෙන ජාතියෙ කැල් එකක් 3500 ක් දීල අරගෙන. තාමත් ඒක කිසි අවුලක් නැතුව දුවනව.

    ReplyDelete
    Replies
    1. මට තිබ්බ කැල් එක නෙවෙයි ඔරලෝසුවෙ අයිනෙන් ලේසර් ලයිට් එකක් තියන එක..750 ට ගත්තෙ..ක්ලාස් ගිහිං ඕකෙන් ලයිට් එක බෝඩ් එකට අල්ලන එකයි මියුසිකල් වලට ගිහින් අර කෑලි 12 තියන ලේසර් ගැජට් එකට "මල්සරා" ලෙන්ස් එක දාලආටිස්ට්ට අල්ලන් එකයි පුල් ආතල් වැඩේ :D කොහෙ ගියත් ඕක සාක්කුවෙ.හැක්

      Delete
    2. අනික ආණ්ඩුවෙන් රෙදි දෙන්න පටං ගත්තෙත් පුෂ්පෙගෙ කාලෙ තමයි.

      Delete
    3. දර්මයා 2250ට තමාබං වික්කේ ඒ කාලේ ,අවුරැදු පහක්ද දහයක්ද ගැරන්ටියත් එක්ක

      Delete
    4. 650 එකක් බං පට්ට ගේමක් දිලා ගත්තේ

      Delete
    5. අපරාදේ අම්මගේ සල්ලි පත්තරයෝ උඹට වියදං කරපු

      Delete
    6. මගේ ගාවත් ඕකක් තිබුනා.මගේ ඉස්සල්ලම වොච් එක.ඒත් මට ඕනේකලේ ඔය ප්‍රසන්නයා කිවුව අශායිද ආශියාද කියන එක ගන්න.ඒකේ එලාම් ජාති 7ක් තිබුනා.කැසියෝ එකේ තිබුනේ නී..නීක්...නී...නික්...ගාන එලාම් සද්දේ විතරයිනේ.ඔය කැසියෝ එකෙත් ලයිට් එකක් තිබුනා කොලපාට.

      Delete
    7. මට ඔය ලයිට් පිස්සුව හැදිලා පෝන් එකක සුදුපාට එල්ඊ ඩි වලට හැක්ස් ටොපි කොල ඇලෙව්වා

      Delete
  9. දැන් නම් ඔරලෝසූ 300 - 350 ටත් තියෙනවා. ෆෝන් එහෙම පට්ට ලාබයි.

    අර හොර පොල් කඩන එක නම් ඊයේ පෙරේදත් කරලා තිබුනේ උඹලගේ සෙට් එකක්. කොහොම හොරුද කියනවා නම් දිනේෂයගෙ පෝස් එකටත් විදලා.

    ReplyDelete
    Replies
    1. උඹලට දේසපාලන සෙට් තිබුනට අපිට එහෙම නැ බං , ලොක්කට පඩිය වැඩිකරල වගේ පක්සෙං ,තුන්සිය පනහෙ එවා හරි නැ බං ,පෝස්ට් හත අටක සල්ලි එකතු කරල හොද එකක් ගනින් , එක පෝස්ට් එකකට දෙතුන් දාහක් හම්බෙනවා ඇතිනේ

      Delete
    2. // පෝස්ට් හත අටක සල්ලි එකතු කරල හොද එකක් ගනින් , එක පෝස්ට් එකකට දෙතුන් දාහක් හම්බෙනවා ඇතිනේ //

      :D

      Delete
    3. නෑ බං තාම 1600 යි.
      මීට
      මාතලන්.

      Delete
    4. මාතයා පෙන්ඩ නැ වොච් එකක් ගන්ඩ සල්ලි එකතු කරනවද , අපි තුන් දෙනාව මරන්ඩ කප්පාදු පිහියක් හදන්ඩ ගිහින්ද දන්නැ

      Delete
  10. අර කැෂියෝ ඔරලෝසු නම් මටත් තිබුනා. නමුතවුරුදු පහේ බැටරිය බහින්න අලින් පටි කැඩෙනවා. ඊට පස්සෙ පටියෙ බාර් එක වැටෙන කණ කැඩෙනවා.

    ReplyDelete
    Replies
    1. බැර් එකට ගිහිල්ල දෙකක් තුනට් වැටෙනකොටනං කණ කැඩෙනව තමයි. හැක්..

      Delete
    2. මා ලග පරණ බෙල්ට් , ගාන්චු ,බාර් එහෙම තිබුනා එකක් දෙකක්

      Delete
    3. ඒ හන්දා අවුලක් උනේ නැ

      Delete
  11. මචෝ ඔය ෆෝන් එකට අපි කිව්වෙ "බේබි නොකියා එක" කියලා..ඒකාලෙ T10 එකත් සුපිරි භාන්ඩයක් නෙවැ..
    ඔය කැසියෝ වොච් එක අදටත් ෆෝසස් කොල්ලො අතරේ හෙනම ජනප්‍රියයි..උංගෙ අයිකන් එක වාගෙ.මං ඕකක් ඉස්සෙල්ලම ගත්තෙ 1000 ට..අදටත් මං ගාව ඕකක් තියනව..

    ReplyDelete
    Replies
    1. ගොඩේ පොරවල් එහෙම තමා ඔව්වට එක එක නං දානවා , අපිනං 8210 8250 කියලයි කියුවේ

      Delete
  12. හෆ්ෆා.. ඔය F91 ඔරලෝසුවක් මට හම්බුනේ 2003 මගේ උපන්දිනේට. විස්වාස කරන්ඩ, ඒක තාම මගේ ගාව තියනවා. නුවර දිනපාල එකෙන් තමා ඒක ගත්තේ. දැන් හැබැයි ඩිස්ප්ලේ එක ගිහිං. හරියන ඩිස්ප්ලේ එකක් හොයාගත්තදාට ඒක ආපහු හදන්න ඕනේ. තවමත් ඔය ඔරලෝසුව තියනවා. ඒ උනාට අර කොලිටිය නෑ.
    මමත් ඔය ඇඳුම් ක්ලාස් කරලා තමා තියන්නේ. ලෝන්ග් හෝල් වලට සෙට් එකයි, ෂෝට් හෝල් වලට තව සෙට් එකයි, ගෙදරට තව සෙට් එකයි, පන්සලට එකයි..... ඔහොම ඔහොම අර රේල්ලුවේ එන්ජින් ක්ලාස් කරලා තියනවා වගේ. :D අපිට නම් ආණ්ඩුවෙන් දෙන රෙදි හම්බුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට එව්වා දෙන්නැ

      Delete
  13. හෙහ් කැසියෝ අසාහි තමාමාරම මාකට් එක. නිල් පාට ඉර ගිය කැසියෝ එකේ කොපියක් විදියට තමා අසාහිය ආවෙ. ඊට පස්සෙ කැසියෝ එකක් ආව කහපාට ඉරක් තියෙන අලුපාට දාරෙකුත් එක්ක. ඒකෙ දකුණු පැත්තෙ උඩ රවුමක් තිබ්බ ඒකෙන් මොකක් හරි කියවුණා ඒත් මතක නෑ මොකද්ද කියල.
    අසාහි නං පාට පාට එල් ඊ ඩී තියෙන එක්කුත් ආව. ඒත් මාකට් එක තිබ්බෙ කැසියෝ එකට. වතුර යන්නෑ කියල නාද්දිත් ගලවන්නෑ. හිහි
    ඔය කැල් ඔරලෝසුවෙ හෙන සෙල්ලං දාපු එකෙක් හිටිය. වලියකට ගිහිං ඔල්ලෝසුව තලාගත්තට පසුසෙ ඌ ආයෙ ඕව බැන්දෙ නෑ. හෙහ් පව් අඩේ මතක් වෙද්දිත්. තව ගැජට්ටෙකක් ආව අටං අය්යෙ ඒකත් අසාහ් වගේ මතක.
    පැත්තකිං ලේසර් පොයින්ටරයක් තියේ. ඒක නං නැගලම ගියා. අපේ වයසෙ එකා ගාවයි ඒ ගැජට්ටුව තිබ්බෙ...

    අපේ මාමා කෙනෙක් හිටිය ජයසිරි කියල. ආමි එකේ හිටිාය ජයසිකුරු එකේදි නැතිවුණා. ඒ කියන්නෙ මං එතකොට පහේ. 98 අවුරුදදෙ. මට මාමා බැඳපු වොච් එක හම්බුණා ඒක කැසියෝ එකක්. පණ වගේ තියං හිටියෙ. වොච් එකට වඩා මමාට ආදරේට. කෝම හරි අපේ තාත්ත වෙලාව බලන්න කට්ටි ගෙනිහිං(කිරි කපන්න) ඒක විනාස කරා. මං ඒලෙවල් ලියද්දිත් මගෙ සාක්කුවෙ තිබ්බ. ඕන නං මට හම්බුනාට පස්සෙ දෙපාරක් බැට්ටිමාරු කරන්න ඇති. අර සුදු පාට පෙත්ත වගේ ලොකු බැට්ටි මතක් වෙන්න කියල තියං හිටිය. ඒවට නං මක්ක වෙලාද මතක නෑ.
    අර යකඩ පටි තියෙන ඔර්ලෝසුවක් දීල තමා මගෙං අරක ගත්තෙ. ඒත් මං ඒක පාවිච්චි කලේ නෑ. මොකද ඒ යකට පටි ඒව බැන්දම මහ ගොබ්බ ලුක් එකක් තියෙන්නෙ හැක්. යකඩ පටියයි කටු දුවන මූනයි චැහ්..

    එදයිං එදත් අද වෙනකං ඔල්ලෝසුවක් බැන්දෙ නෑ. දැං අවුරුදු අටක් විතර ඇති

    ReplyDelete
    Replies
    1. මාමගෙන් බෙල්ලේ එල්ලගන් බුලට් එකක් ඉල්ලගත්තේ නැද්ද, තාත්තට කියහං මං කාපාලුවා කියල බැන්නා කියල

      Delete
    2. ඔය ජාතියේ බැට්‍රි 2ක් මගේ බඩේ හරි ගෙදර ටොයොලට් වලේ හරි තියනවා.,....

      Delete
    3. මං හිතන්නේ බඩේ , ඔව්වායේ ලිතියමි අනං මනං තියනවා ඒකයි උඹ තාමත් අරියාදුවට හදපු රොබෝ කෙනෙක් වාගේ

      Delete
  14. :D
    පාසල් යන කල නෝ වොච්...
    ගොන් ජෙප්පන් ට පින් සිදු වන්න ඌ පෙ ට පසු ලැබුන දීර්ග නිවාඩුවේ කල රස්සාවෙන් ගත්තේ සීකෝ ඔටෝමැටික්.... තාමත් තියේ...

    ReplyDelete
    Replies
    1. ඔය මං කියන ජාතියේ එකක් බදිනවා ලපකුමාර

      Delete
  15. ඉස්කෝලෙ යනකාලෙ නං ආසාවටවත් ඔල්ලෝසුවක් බඳින්න ලැබුනෙ නෑ බං.රස්සාවටත් ගියාට පස්සෙ අක්ක කෙල්ල අල්ලා දුන්න හැම්පර් ඩිලිවරි පාට් ටයිම් වැඩක් කරල හම්බවෙච්ච ගාණෙන් අටසිය පනහක්ද කොහෙද දීල සලාකා එකෙන් සිටිසන් ඔරලෝසුවක් ගත්තා.මට මතක හැටියට 1986 දෙසැම්බර් තිස්එක් වෙනිදා.මගෙ මඟුල් ගේ දවසෙ ඒ ඔල්ලෝසුව හොරෙක් අරං ගිහිං තිබුණා.

    ReplyDelete
    Replies
    1. පුදුමයි හැලපිවත් කවුරුහරි උස්සං නොගිය. හැක්..

      Delete
    2. පිස්සුද බං හැලපක්කා එච්චර පිංකරල නැ , ඒකනේ මෙච්චර කල් මේ මනුස්සය එක්ක ඉන්ඩ උනේ

      Delete
  16. අප්පටසිරි හොරෙක්ටත් ඉන්වයිටි කරල

    ReplyDelete
  17. මටනම් ඔය ඔරලෝසු කියන ජාතිය පේන්න බෑ. මුං ඕව එල්ලං කොහොම ඉන්නවද මන්දා. උඹ දකින්නැතිනෙ. මං කිසිම දෙයක් දාන්නේ නෑ. ඇඳුමත් නැතුව ඉන්න තියෙයිනම් ඒත් කැමතියි. කොහෙද මේ ලෝකය එක්ක බෑනෙ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් කාමරේ ඉන්නකොට විතරක් එහෙම හිටහං

      Delete
  18. අපේ කාලෙ තිබ්බ G-Shock රැල්ල ..
    මම ජීවිතේට ඔරලෝසුවක් අරං නෑ .. ලඟදි එකක් පිනට හම්බවෙනකං මට ඔරලෝසුවක් තිබ්බෙ නෑ කවදාවත් ..
    ඒකට මාල බ්‍රේස්ලට් එහෙම ඕන තරං ..

    ReplyDelete
    Replies
    1. නිදී මත නැතුව ඇති නෙහ්.. කපල ගැහුවනෙ එනකං..

      Delete
    2. කොහෙද තොපි ගියේ , අපිට හොරෙන් අරක්කු බඩපැලිලා නේද

      Delete
  19. අපිටත් රෝස පාට කොටු කොටු ලේන්සු තමයි තෑගී හම්බ වුනේ ඒ කාලේ... අර උඩින් කියල තිබ්බ වගේ නොමිලේ පොත්, නොමිලේ කිරි බනිස්, ඇඳුම් එහෙම දුන්නේ පුෂ්ප කුමාරගේ කාලේ තමයි.. ඒ වගේ බොහෝ අය වැඩ වරදිගෙන එන්කොට පුෂ්පකුමාරලා වෙනවා.. අපටත් වෙන්න බරු නෑ ඉදිරියේදී..

    ReplyDelete
    Replies
    1. නොමිලේ පොත් නං දුන්නෙ ලොකු පප්පගෙ කාලෙ.

      Delete
    2. පුෂ්පකුමාර උනාට කමක් නැ , පුෂ්ප විකසිත කරගන ‘‘ අනේ රොනි මට එයාගෙන් හඍීම කරදරයි නොකියා ‘‘

      Delete
  20. උඹ අර රෝස පාට ඩෙනිමට රෝසපාට ටී ෂර්ට් එක ඇදල පාරෙ යද්දි රෝස පාට සමනලයෙක් වගේ ඉන්ඩ ඇති.
    මට තිබුන casio රිමෝට් ඔරලෝසුවක් ඒකෙන් බ්‍රෑන්ඩ් එක තෝරල ඩෙක්, ටීවී ඕනෙ එකක් ඔපරේට් කරන්න පුළුවන්. ඒකෙන් කලේ වේයන්ගොඩ මිරිස් මෝල උඩ පෙන්නපු බ්ලූ කෑලි වල හොදම හරිය දෙපාරක් බලපු එක තමයි.
    ඔරලෝසු කියන්නෙ එදත් ,අදත් මම නොකා නොබී හරි එකතු කරල ගන්න දෙයක්. ඒක හින්ද කැල් එකක් තියන ඔරලෝසු සිහිනෙ සැබෑකරගත්තෙ අටේ පන්තියෙදි විතර.

    ReplyDelete
    Replies
    1. මචං ඩබොල් කමෙන්ට් සින් එක මට අහු උනා , කමෙන්ට් එකක් දැම්මහම ඒක වැටුනා කියල පෙනුනේ නැතුවහම , බැක් වෙලා බලන්න ඒපා , ඒ පේජ් එක ආයේ ලෝඩ් කරන්නත් එපා , රිෆෙෂ් කරන්න නත් එපා , ඒක අමතක කරල වෙන බ්ලොග් එකකට කමෙන්ට් කරන්න , ඔක්කොම ඉවර වෙලා , කෙලින්ම බ්වුසරයෙන්ම එක්සිටි වෙලා , ආයෙත් බ්රව්සරයට ලොග් වෙලා බලන්න . තියෙන්නේ ඒක කමෙන්ට් එකක් , ඔය උඩින් ස්ටිච් මෙක් කියන ෆෝපයිල් එකෙන් ( හාමීනේගේ ... කේලං කියන උන්ට ඔන්න අච්චර කරදර නැති පාරක් ) මම ලොග් වෙලා කමෙන්ට් කරන කොට තමයි මට ඕක සෙට් උනේ .

      Delete
    2. කොටින්ම කියුවොත් දාන කමෙන්ට් එකක් ...ඕන පකක් සිලිං පහයි කියල ...දාල .. ආයේ පැත්තවත් නොබල වෙන එකකට ගොඩ වෙයං ..... අයේ ඉතින් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයු බෝ කියල වැඩේ කම්මුතුයි ,

      Delete
    3. ආයේ ඉතින් වැටුනා නැතා , හැම රෙද්ද අස්සෙම රිංගන උන් දන්නවා , ලෙඩයි , කොරයි , වෙදයි , ................ඇනෙයි , ලැමයි , මොලෙයි තමා ටිකක් අදුරන්ඩ අමාරු ......

      ඊටත් අමාරු ලාමක ටීං ටීන් මොත්තෙ දාන ගණිත කාරයෝ .....හැබැයි ඉතින් ටීන් ටින්ම තමා ටික දවසකින් ටං ටං ගානව

      Delete
    4. කොමෙන්ට් එක දාල ඒක වැටුනේ නෑ කියල පෙනුනට පස්සෙ ආයෙ පබිලිස් එබුවත්, පේජ් එක රීප්‍රෙෂ් කළත් දෙකක් වැටෙන්නෙ නෑ බොල. මම එ් දෙකම කරල තියෙනව. මේ දැනට ටිකකට කලින් අර ඩ්‍රැකියගෙ පේජ් එකෙත් මට ඒක උනා. පේජ් එක රීප්‍රෙෂ් කළාම අර දාපු එක විතරක් තියෙනව.

      Delete
  21. මටත් තිබ්බ නො පොබ්ලම් T එකක් සුදු පාට එකේ කළු පාට අකුරෙන් ලියපු.. ඒ දවස් වල අපි මොනවා ඇහුවත් නිතර දීපු උත්තරේ තමයි 'නො පොබ්ලම් සී ලංකා'
    ඉස්කෝලේ යන කාලේ ඔල්ලෝසුවකට ආසාවක් තිබ්බත් ගන්න හම්බුනේ නෑ.. එක පාරක් පොලිසියේ හිටපු අයියා නිවාඩුවකට ඇවිත් යනකොට අමතක වෙලා ගිහින් තිබ්බ පට්ට පොස් ක්වාර්ට්ස් ඔල්ලොසුවක් මාස එකහමාරක් ඉතර බැන්දා ඌ ඊළඟ නිවාඩුව එනකං.. ඒ කාලේනම් කෙල්ලොත් එකා දෙන්න යන්තං බැලුව අපි දිහාත්..
    මටම කියල ඉස්සෙල්ලම හොඳ ඔල්ලොසුවක් මාත් ගත්තේ 1998 විමලේ ගෙන්ම තමයි.. ලොකු රවුම් මුණක් තියෙන ඩයිවින් වොච් එක රුපියල් හාරදාහක් ඉතර උනා. අවුරුදු පහේ ගැරන්ටිය ඉවර වෙන්න කලින් බෙල්ට් එක දෙපාරක් විතර දාන්න උනා.. අවුරුදු එකොළහක් බැඳපු ඒ වොච් එක 2009 වතාවක් 'කල්ලරාවේ' ඉඳල උදේ ට්‍රින්කෝ වලින් බස්සෙකට නගින්න හිතාගෙන බඩියත් එක්ක මොටෝ බයිසිකලෙන් එද්දී ට්‍රේල් බයික් එකේ සයිලන්සරේට බෑග් එක පිච්චිලා එතනින් වැටිලා.. මොකක් හරි අහේතුවකට එදා මන් වොච් එක අතේ බඳින්නේ නැතුව බෑග් එකේ පොකට්ටේකේ දාගෙන ඇවිත්. සක්..
    පොන් නම් මුලින්ම 98/99 කාලේ මෝටරෝල ඇනලොග් දෙක තුනක්ම ගත්ත.. ඊ ලඟට ඇල්කටෙල් වන ටච් ඊසි.. 2003 ගත්ත නිල්පාට ඩිස්ප්ලේ එක තියෙන සෝනි එරික්සන් එකක් T 100 මොකක්ද 12500/- කට.. ඊට පස්සේ මේ වෙනකම්ම නොකියා තමයි. ඊයේ පෙරේදා කඩවසම් අන්දිරිස් එකක් ගත්තත් නොකියා අත ඇරියේ නෑ.. :) කතන්දර නම් බෝමයි මතක් වෙන මේවා කියෝනකොට..

    ReplyDelete
    Replies
    1. මවං මගේ එකේ අන්තිම කොනේ එම් එකට ටිකක් උඩින් තිබුනා මඩ ගෑවිච්ච , ලේස් ග්‍ලවිච්ච වයිවාරන්න පාට බූට් එකක්

      Delete
  22. අතීතාවර්ජනය ඉතිං හරි රසවත් නෙ.. මටත් කාලෙක තිබුණා ඔය ඔරලෝසු ආසාව.. රුපියල් පනහට පිටකොටුවෙ ගොඩගහලා විකුණන ඔරලෝසුවක් මාසෙකට විතර සැරයක් මං ගත්තා.. ගොඩක් වෙලාවට.. ඒක ටික දවසක් දාද්දි.. කවුරු හරි .. රුපියල් පනහ දීලා අරගන්නවා.. ඔය වගේමයි පර්ස්.. කේවල් කරලා පිටකොටුවෙන් එක එක විදිහෙ පර්ස් ගන්න එකත් මගේ විනෝදාංශයක්..
    අර උඩ කියපු කැෂියෝ ඔරලෝසුවක් මං මුලින්ම ගත්තෙ ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ.. ගාන නම් 350 ද කොහෙද..
    දැං නම්.. තියෙන ඔරලෝසුව බඳින්ට මතක් වෙන්නෙත් කලාතුරකින්..

    ReplyDelete
    Replies
    1. ඔරලෝසු උන මටත් අපේ මලයටත් තදින්ම තිබුනා. මට හොද වෙනකොට මලයට දරුනුවටම වැලදුනා. පස්සේ මිනිහා ඔරලෝසුවක් ගත්තේ පිටිපැකට් එකක් අරන් තමයි මිනිහා ඔරලෝසුවක් ගත්තේ..

      බොරු ඕන්නෑනේ මම අදටත් පාවිච්චි කරන්නේ පිටකොටුවෙන් ගත්තු ඔරලෝසුවක් බොල
      අපිට කොයින්ද ඉතින් ගෑන් ළමයි.
      අදත් ඔරලෝසුව දාලා ආවේ. කවුරුහරි වෙලාව අහපුවාම අත බලනවා. ඔරලෝසුව ගෙදර ඕයි.

      Delete
    2. චතුර අතීතාවර්ජනය සීන් එකට මං කියන්නේ ඇරියස් කවර් කරනවා කියල , අතීතකාම බ්ලොග් කාරයෝ ඔක්කොම කරන්නේ ඕක , අපේ යාලුවෙක්ට නං ඕක කියුවහම හොදටම මල පනිනවා , අන්තිමට කතාව ඉවර කරන්නේ හුත්තෝ , පකෝ කියල .

      Delete
    3. සිංහ පිටි පැකට් එකකින් ඔරලෝසුවක් ගත්ත විදිහ විග්ගරහ කරහං

      Delete
    4. ඇයි බන් හෝර්ලික්ස් පිටි වල අපිව රවට්ටන්න ඔරලෝසු දුන්නේ.. පොල් සයිස් ඔරලෝසු.. පිටි පැකට් විකුනන්න කරපු මගෝඩි වැඩක්..
      පිටි එක ගත්තම ඔරලෝසුව නිකන්

      Delete
    5. මේ පාර බැච් එකටත් ඒව දෙනව. ඕන එකෙක් ඉන්නවනං කඩෙං හෝර්ලීස් පැකට් එකක් ගනිං

      Delete
    6. අපිට එපා උඹ ගනින්

      Delete
  23. අපේ අම්මා වැඩට යන කාලේ තමා ඔය ඔරලෝසු කෑලි ඇවිත් තියෙන්නේ...තාත්තට උපන්දිනෙකට ඕකක් අරන් දීල.තාම පරිස්සන් කොරනවා අප්පා ඒක...

    ReplyDelete
    Replies
    1. වැඩද හලෝ තාම , මරු වැඩක් තියනවා තාත්ත එක්ක තරහ උන වෙලාවක කතරන්න , පිපි පස්සේ ඇන ටික බුරුල් කරල ඇතුලට ලුණු වතුර ටිකක් දාන්ට

      Delete
    2. හිකිස් කරන්න ඕනේ එහෙනං...මේ හැබැයි තාත්ත ඇහුවොත් මන් කියනව ඔය තම කුවේ කීලා...හි හි හි

      Delete
  24. යකෝ මේකට උත්තර ලියන්න පෝස්ට් එකක් ලියන්න වෙනවා. දැනට මතක්වෙන දේවල් ලියන්නම්. මුලින්ම කියන්න තියෙන්නේ ලසන අතීත මතකයක් කියන එකයි.

    මට ඉස්සරවෙලාම අත් ඔර්ලෝසුවක් ලැබුනේ උසස්පෙළ කරන කාලේ. තාත්ත පාවිච්චි කල රෝමර් ඔරලෝසුව. මෙන්න මේ වගේ එකක්.

    [im#]http://assets.catawiki.nl/assets/2015/11/25/f/e/8/fe8ca8c2-937a-11e5-94a3-d71351cf445b.jpg[/im]

    රස්සාවට ගිහින් මුලින්ම ගත්තේ මෙන්න මේ රූපයට සමාන බාල එකක්.
    [im#]https://img0.etsystatic.com/068/0/10765291/il_fullxfull.796960222_iq5d.jpg[/im]

    යුද්දෙට ගියාම දිලිසෙන්නේ නැති ඔරලෝසු ඕනේ ඒ නිසා ඔය කැසියෝ ඔරලෝසු කීපයක්ම පාවිච්චි කළා. මේ පෝස්ට් එකේ පෙන්නන කැසියෝ ඔරලෝසු යුද්දෙට බොහොම හොඳයි. එයින් ඉතා හොඳින් අව්වට වැස්සට ඔරොත්තු දුන්නේ මෙන්න මේක.

    [im#]http://ak1.ostkcdn.com/images/products/11098284/P18103692.jpg[/im]

    කලිසම් ගැන කියනවනම් අපි ඉස්කෝලේ යන කාලේ ඇඳපු හොඳම එව්වා තමයි කෝඩඩ් ටසෝ සහ කොඩ්යුරෝයි රෙදි වලින් මහපු කලිසම් කොඩ්යුරෝයි රෙදි වලට ගල් සියඹලා කලිසම් කියලත් කිව්වා.

    හැබැයි ඉතින් අපි වදියෙම්ම ආදරේ කලේ 'බොල් බේටම්' අඳින්න. මෙන්න මෙයා වගේ පෙනෙන්න.

    [im#]http://img01.ibnlive.in/ibnlive/uploads/2013/05/bell-bottom-may-9.jpg[/im]

    [im#]https://s-media-cache-ak0.pinimg.com/236x/25/04/71/250471f001a889c820a6798850b6a5d7.jpg[/im]

    ඔව්වා ඇන්දම මෙන්න මේ සැප ලැබෙනවා කියලා තමයි හිතුවේ.

    [im#]http://img.photobucket.com/albums/v352/armaan69/Parveen%20Babi/Deewar2.jpg[/im]




    ReplyDelete
    Replies
    1. වදියෙම්ම නෙවෙයි වැඩියෙම්ම.

      Delete
    2. ඉතිං අරව ඇඳල එන්න ඒ සැප ලැබුවැයි...

      Delete
    3. නැතුව නැතුව :D

      Delete
    4. ඔන්න ඕකනේ මචං .. සර් ...අයියේ අපේ උකන්නල බ්ලොග් වල කමෙන්ට් වලට රූප දාන විදිහට සෙටින්ග් හදන්නේ නැනේ ... බලහං මේක පට්ට ආතල්නේ ...මං කියන්නේ මගේ වගේ ලුම්පං පිචං සින් නෙමෙයි ....හෙන වටින කතා බහක් යන වෙලාවට මේ ගුගල්ලා නිකං දෙන පහසු කමෙන් අපිට කොච්චර වැඩගත්ත හැක්ද ....නාකි අපඅ දෙන්නට විතරනේ මේ මගුල හිතෙන්නේ ...කරුමේ කරුමේ

      Delete
  25. මං ඔය ඔරලෝසු ආව කාලෙනම් දන්නේ නෑ..හැබැයි අපේ පන්තියෙත් දෙතුන් දෙනෙක් ළග ඔය ඔරලෝසු තිබ්බේ. මාත් ඔය ඔරලෝසුවට පට්ටෙට ආස කලා. උන් වැඩිය අල්ලන්නවත් දෙන්නෑ..මාත් ගෙදර ඇවිල්ලා ඇඩුවත් එක්ක ඔරලෝසුවක් ඉල්ලලා ඒත් අරන් දුන්නේ නෑ.. බැරිම තැන අම්මා තාත්තගේ තඩි ඔරලෝසුව මට දුන්නා. එපාර අපේ මලයගේ හිත හොද නෑ.. අම්මා කලේ අම්මාගේ ඔරලෝසුව ඌට දීපු එක..හැක්.
    ඔය වරගයේ නොකියා ෆෝන් එකක් තාම අතින්වත් අල්ලා නෑ බොලන්.

    ReplyDelete
    Replies
    1. මචං මං අඩල වැඩක් නැ කියල දැනෙනකොට හම්බ කරල ගත්තා , ගෑණිගේ සල්ලි වලින් අරක්කු සිකරට් බීලා තියන මං අම්මගේ තාත්තගේ සල්ලි වලින් එහෙම කරල නැ කවදාවත් , හාමිනාගෙන් එහෙම සල්ලි නැති වෙලාවට ඉල්ල ගත්තත් මං බොරු නොකියා ඉල්ලන්නේ ..... චූටී මගේ සල්ලි ඔක්කොම ඉවර උනා හවස බඩු ගෙනත් අහවලා කෝල් කරා , මට බොන්ඩ යන්ඩ අහවල් ගාන දෙන්ඩ කියල

      Delete
  26. ඔය නොකියා ෆෝන් එකනම් මරු. දවසක් වැරදිලා රෙදි එක්ක පෙඟෙන්න දාලත් තිබ්බා, ඒත් වැඩ!

    ReplyDelete
    Replies
    1. නැත්තං අපේ ලොක්කයියා දවසක් බස්සියෝ , උගේ කඩේ ෆේන්ට් කරනකොට වතුර පුරවපු බැරල් එකෙන් වතුර ගන්නවා , පඩේටද ලේසියට මන්දා , බෑන්ඩ් එකක් දාගන බෙල්ලේ එල්ලං , පෝන් එක මාස්ටර් ඩයිවර්ස් වගේ , ඔන්න හුත්තෝ ෆෝන් එක කියල බෙල්ලෙං ගලවලා අරගන , ඉස්සෙල්ලම බැස්ටිය ගලවලා , සියේ බල්බ් එකක් මේසය උඩට අරං ඒක ලගින් තියල , ඒ මහපාන්දරම ගොඩ දාල දුන්නා
      , ඒවා ඒ තරම් සංකීර්න නැති හන්දා , අයිසි රෙසිස්ටර් , එහෙම තියෙන්නේ ඈතින් , ප්‍රීන්ටඩ් පාත් උනත් තියෙන්නේ අදට වඩා ගොඩක් ඇතින් ඒ හින්දා වතුර වලින් වෙන හානිය ගොඩක් අඩුයි , අනික බෝඩ් එක උඩ හොද පරිවාරක ආවැරනයක් තිබුනා , දැන්නං අන්දෝ සංසාරයි , ඔය සෝනි එහෙම වතුර ගියහම ෂෝට් වෙලා අළු පාට වෙලා පාත් පුපුරල බෝඩ් එකෙන් ගැලවෙනවා හිටං

      Delete
  27. මාත් තුන හතර වසරෙ ඉන්නකොට ඉස්කොලේ ලොකු පන්තියක හිටපු අයියා කෙනෙක් ඔය කැල්වොච් එකක් බැදගෙන ඇවිත් අපිට වැඩ පෙන්නුවා ඊට පස්සේ ගෙදර ගිහින් එකක් ඕනමයි කියලා ඇඩුවා පස්සෙ බැරිම තැන ඉස්කොලේ යන එකත් වර්ජනේ කොලා,එත් මොන කැල්වොච්ද එ කලේ රුපියල් එකසිය පනහට විතර තිබුන වොච් එකක් මටයි මගේ හොදම යාළුවාටයි අපේ අම්මලා ගෙනත් දුන්නා,එකත් ඉතිං එ කාලේ හැටියට මහා මෙරක් මොකද පන්තියේ ඔරලොසුවක් තිබුනේ අපේ අතේ විතරයි,එ කලේ ඉගෙන ගන්න එක කෙසේ වෙතත් හැමොටම වෙලාව කියනවාට වඩා වැඩක් තිබුනේ නැ,

    ReplyDelete
    Replies
    1. ජනතාවට වේලාව දක්වන්නෝ අඩව්ව රස්තියාදුකාරයෝ

      Delete
  28. අර කැසියෝ ඔරලෝසු ගොඩක් බැන්දා හමුදාවේ පොරවල්.අපේ ඉස්සර ගෙවල් පැත්තේ හිටියා සුදු අයියා කියලා බුවෙක් ඌගේ අතේ තියෙන වොච් එක ගලවන්නේ නිදා ගන්න කොට විතරයි ලු.
    දැන්නම් කොල්ලෝ රෙදි නෙමේ දෙන්නේ වවුචර්නේ.

    ReplyDelete
    Replies
    1. මං ඒකාලේ නිදාගන්නවත් ගැලෙව්වේ නැ

      Delete
  29. මටත් තිබුණ ඔය කැසී යෝ ඔරලෝසුවක් අවුරුදු 5ක් විතර පාවිචිකරා, පටියනම් තුන් හතර පාරක් මාරුකරා, පුස්පයගේ තිබුණේ වන් මෑන් සෝ එකක් නේද? අර tv එකේ හැම චැනල් එකකම නිව්ස් එකම වෙලාවට දාල ඒකෙ මූ රගන්ඩ ගත්තා. අපිට ඇලජික් උනාට සමහර උදාගම්වල මිනිස්සු පොටෝ එක සාලේ තියන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පුස්පෙගේ සමහරක් වැඩ වලට මමත් කැමතියි , එදා අපේ තාත්ත රතින්නා පත්තු කරනකොටත් ඇයි තාත්තේ කියල ඇහුවා

      Delete
  30. අඩේ අටමෝ අර නොකියා දුරකථනයක් මාර ගේමක් දීලා ගත්තා මතකයි........ අතේ තිබ්බ හැම සතේම ඒකතු කරලයි ඒක ගත්තේ....... යකෝ ඒ කාලේ අපි පව්නේද බං....?????

    ReplyDelete
  31. ඔතන මම ආසම කරපු කැසියෝ එකේ ෆොටෝ එක නෑ...
    අර කහ පාට රවුමක් තියෙන එක...

    ReplyDelete
    Replies
    1. දාහං බලන්ඩ මේ බ්ලොග් එකට ෆොටෝ දාතහැකි කමෙන්ට් ්‍වලට

      Delete
  32. බලාගෙන යනකොට ඉතින් 60-70ක පෙනුමක් තිබුනට අටමාට ඒ තරම් වයස නෑ වගේ.. 80 දශකයේ අන්තිමේ වගේ ඉපදුන අපේ කාලෙත් ඕවා තිබුනනේ

    ReplyDelete
    Replies
    1. ඉතිං මුසලයෝ මං හැත්ත නමයෙනේ

      Delete
  33. කෝ බන් කැසියෝ ඩේට බෑන්ක් එක දාල නැහැනේ උඹ. අපි ඉස්කෝලේ යන කාලෙනම් කොල්ලො ආසම ඔරලෝසුව තමයි ඕක. මට කමෙන්ට් එකේ පින්තූරේ දාන විදිහ දන්නේ නැහැ බන්. මෙන්න මේ ඔරලෝසුව ගැන තමයි මම කියන්නේ.
    https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQ1TOjfYTG3Y08rqd_UnjPJjuDsFQot1yfcfvY8OpO7jj0qdt7dwQ

    සාපෙළ පාස් වෙලා උ පෙලට යද්දී කැසියෝ ඩේට බෑන්ක් එකක් අරන් දුන්න අම්ම.. ටෙලිෆෝන් නොම්බර තිහක් දාන්න පුළුවනි එකේ. ඒ ඔරලෝසුව හරියටම අවුරුදු පහක් බැන්ද. ඔය ඔරලෝසුවේ තියන ප්‍රශ්නේ නම් පටිය කැඩෙන එක සහ පටිය හයිවෙන බාර් එක වැටෙන කන් කෑල්ල කැඩෙන එක. ඔය ජාතියේ කැසියෝ එකේ කන් කෑල්ල කැඩුන කියහන්කෝ.. මම බවුත් එකෙන් ප්ලාස්ටික් උණු කරලා පාස්සල පීරී ගාල හදාගත්ත කන් කෑල්ල.. ඒ ඔරලෝසුව අවුරුදු පහෙන් බැටරිය බැස්සයින් පස්සේ ඒ ජාතියේම එකක් ගත්ත. ඒකත් හරියටම අවුරුදු පහක් වැඩ ගත්ත.

    එතනින් එහා හෑන්ඩ් ෆෝන් එකේ ඔරලෝසුව නොමිලේම තිබ්බ නිසා එතනින් එහා මේ මෑතක් වෙනකම් ඔරලෝසුවක් ඕන උනේ නැහැ. මුලින්ම අපේ ගෙදර තිබ්බ ෆෝන් එක මෝටොරෝලා ගඩොල් භාගයක්. ඊට පස්සේ මට අපේ මස්සිනා රට ඉඳල ගෙනත් දුන්න අලුත්ම අලුත් නොකියා 3310ක්. මම ඒ ෆෝන් එක පාවිච්චි නොකරම වික්ක 5000 කට. ඒ සල්ලි වලින් ගත්ත මොටෝරොලා C 200 එකක්. ඒක තමයි මගේ මුල්ම ෆෝන් එක. හරිම හුරුබුහුටියි..උඩ සාක්කුවේ තිබෙනවා පේන්නෙත් නැහැ.
    http://www.nerdeky.com/sites/default/files/Motorola-C200%20(3).jpg

    එතැන් සිට මෙතැන් දක්වා පාවිච්චි කරපු ෆෝන් ප්‍රමාණය නම් කියන්න මතක නැහැ බන්. හැබැයි ඔක්කොම පට්ට යන්න වැඩ ගත්ත. ඔන්න මේ මෑතක මේ ස්මාර්ට් ෆෝන් මගුල එක්ක වෙලාව බලන්නත් කීප වතාවක් අතුල්ලන්න ඕන නිසා ආයෙත් ඔරලෝසුවක අවශ්‍යතාවය තදින් දැනුන නිසා ආයෙත් කැසියෝ ඩේට බෑන්ක් එකක් අරගෙන දැනට අවුරදු දෙකක් වෙනවා.

    පුෂ්ප කුමාර කිරිබනිස් දීපු කාලේ පන්තියට ගෙන කිරි වලින් ඉතුරු වෙන කිරි ක්කොම එක හුස්මට බීපු එකෙක් හිටිය අපේ පන්තියේ. ඌ දැන් හෙන ලොකු තේ වතු කොම්පැනියක් පාලනය කරන ලොක්කෙක් උනාට අපි අදටත් ඌ හඳුන්වන්නේ "කිරියා" කියලම තමයි.

    ඉස්කෝලෙන් හම්බුන නිල ඇඳුම් රෙද්ද අපි කැන්ටින් මාමිට වික්ක නිසා එව්වා ගැන වැඩිය ලියන්න දෙයක් නැහැ. කැන්ටින් මාමිට කරපු දේ මෙන්න මේ පොස්ට් එකේ තියෙනවා..
    http://ambalangodakatha.blogspot.com/2015/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. අර අටම අන්තිමට දාල තියෙන කැල් එකෙත් ඩේට බෑන්ක්, ඩුවල් ටයිම්, ස්ටොප් වොච්, කවුන්ට් ඩවුන් ටයිමර් තියෙනව.

      Delete

    2. [im#]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQ1TOjfYTG3Y08rqd_UnjPJjuDsFQot1yfcfvY8OpO7jj0qdt7dwQ[/im]

      Delete
    3. http://www.nerdeky.com/sites/default/files/Motorola-C200%20(3).jpg

      [im#]http://www.nerdeky.com/sites/default/files/Motorola-C200%20(3).jpg[/im]

      Delete
    4. ඕං ඔය මොටරොල්ලා ෆෝන්එකක් මං ගාවත් තිබ්බා. සී220 ද කොහෙද...

      Delete
  34. උඹ කිව්වම තමයි මතක් උනේ අපිටත් ඔරලෝසු පිස්සුව තිබුනනේ කියලා...
    ඉස්කෝලේ යන කාලේ එක එක ජාතියේ ඔරලෝසු පාවිච්චි කරලා අන්තිමට මම ගත්තා කම්මලය කියපු ජාතියේ රිමෝට් වොච් එකක්...
    ඒ කාලේ අපි ඔරලෝසු මාරු කරගෙනත් බඳිනවා...

    දැන්නම් ඔරලෝසු බඳින්නේ නැහැ, හරි වධයක් වගේ දැනෙන්න ගත්තා ඕක අතේ බැඳගෙන ඉන්න එක...

    ෆෝන් නම් මුලින්ම ගත්තේ ඒ ලෙවල් ලියපු කාලේ 1999 දී වගේ...
    මෝටරෝලා ටැංගෝ ද මොකක්ද මන්ද එකක්, ඒ කාලේ තිබ්බේ සෙල්ටෙල්. ඇනලොග් සිග්නල් හරියට පැහැදිලිත් නැහැ. ගෙදර ඉඳල කෝල් එකක් ගන්න ගේ පිටිපස්සේ තියෙන කන්දට නගින්න ඕනේ...

    ReplyDelete
  35. ඉස්සෙල්ලම වීඩියෝ සහ පොටෝ දාන්න පුළුවන් විදිහට මගේ එකත් හදා දියන්... මගේ ඔය ඔරලෝසු අත්දැකීම සහ ඔරලෝසු පෙරේතකම ගැන කිව්වොත් මට පොඩි දවස් වල හීනයක් වෙලා තිබ්බ ඉලක්කන් දුවන ඔරලෝසුව සැබෑ උනී කාලෙකට පස්සෙ. තාත්ත මට අරන් දීල තිබ්බෙ සිටිසන් වයින් කරන එකක්. ඒක බොහොම ඉක්මනටම කඩාගත්තා.. පස්සේ අසාහි එකක් අරගත්තා. එව්ව වලත් තියනවා ඔරිජිනල් සහ ඩුප්ලිකේට්. මට තිබ්බෙ බාල එකක්. කොහොම නමුත් මට පස්සේ තෑග්ගක් විදිහට හම්බුනා සෝලා සෙල් තියන ඔරිජිනල් කැසියෝ එකක්. අන්න ඔරලෝසු.. මම කාලයක් ඒක පාවිච්චි කළා.. පස්සේ අපේ මලයට දීල දැම්ම. ඔය ජාති වල අලුතෙන්ම ආවෙ ඉලුමිනේටර් මොඩල් එක ඒ කාලෙ. හරි ඉහලයි ඉතිං එව්ව. ඔය ඔක්කොම ගැන කියන්න ගියොත් මේක වෙනමම පොස්ට් එකක් වෙනව බං.. ඔය ඇති. මගේ ලොකුකම් ටික කියාගත්තනේ...

    ReplyDelete
  36. මට ඕලෙවල් විභාගෙං පස්සෙ තාත්ත දුන්න ඔමේගා සීමාස්ටර් වයින් ඔරලෝසුවක්. ඒක එයා පණ වගේ රැකගෙන හිටිය ඇන්ටික් ඔරලෝසුවක්. පස්සෙ මං පණිඩිතකමට ඒක කඩාගත්ත. දුකේ බෑ.

    ReplyDelete
  37. ඔයාගේ ඉට්ටයිල් එක මරු.මාවත් සින්ඩියට දාගන්ඩෝ
    kukulagekotuva.blogspot.com

    ReplyDelete
  38. ඇයි අර පෙත්තක් උඩට ඇරපුවාම කැල් එක මතුවෙන ඔරලෝසුව? ගස්ලබ්බත් කාලයක් පාවිච්චි කරා කැසියෝ එකක් බිම වැටිල තිබුනු එකක්.හෙව්වට අයිතිකාරයෙක් හම්බුනෙත් නෑ... හම්බෙනවට කැමැත්තක් තිබුනෙත් නෑ.. සෙල්ලන් කරනකොට අනිත් එවුන්ගෙ වොච්චෙක ඉල්ලන් ස්ටොප් වොච් එකෙන් ටයිමිං බලන එකත් බොහොම උනන්දුවෙන් කරා මතකයි..
    අපට හම්බුනේ රෙද්ද විතරයි.එක වසරෙදි නම් සමුපකාර මුද්දරේ ද මොකද්ද කියල එකක් ට්ක කාලයක් හම්බෙලා නැති උනා..
    ජයවේවා..!!

    ReplyDelete
  39. watch pawichchi karanna gathdaa patan awasthawata anuwa thamath Casio watch ekak man use karanawa.
    mokadha, Casio watch eka godata madada lunata thelata patta.
    ooka wadipurama deewarayo muhudhata bandhan giyaa, night unath time eka balaaganna puluwan nisaa.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>