2016-04-19

පුනරුප්පත්තිය



‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘

‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ මට ගහන්ඩ ‘‘

‘‘ ඇයි මොකද තාත්තට බැරි ඔයාට ගහන්ඩ ..අම්මල තාත්තලට පුලුවන් ළමයි වැරදි කලහම දඩුවං කරන්ඩ ‘‘

‘‘ ඔයාලයි මට බයවෙන්ඩ ඕන ...මට ගහන්ඩ බෑමයි ...බනින්ඩත් බෑමයි ‘‘

‘‘ අර දැක්කා නේද ..හැම වෙලාවෙම ඔහොමයි මූන දිහා බලාගන ඉදල යනවා යන්ඩ ...ඔයා මම කියන එක පිලිගන්නෙම නැනේ...ඔය ඔයාගේ අක්කම තමයි ‘‘

‘‘ පිස්සු විකාර කියවන්නේ නැතුව ඉන්ඩ අනේ .....ඔය පොඩි කමටනේ අනිත් වෙලාවට ඔය හොදට හුරතල් වෙවි ඉන්නේ ‘‘

‘‘ ඉතින් ඔයානේ කියවන්නේ ...මේ කෙල්ල මාව ගනන් ගන්නේ නැය ...බල්ලට දාල කතා කරනවය අරකය මේකය  කියල ....ඔන්න දැං ගිහින් බලන්ඩ කොහේ හරි මුල්ලකට වෙලා තනියම කියව කියව ඇති ....එක්කෝ බලාගත්ත අත බලාගන ‘‘

‘‘ ඒක එහෙමනං ඔය පෙර ආත්මේ කියවන අනිත් ළමයි වාගේ මේ ළමය කියවන්ඩ එපැය මං අරහේ හිටියය ..මෙහෙම කරාය ...අතනදි මැරුනය කියල......දැං මම මෙහෙම කියුවයි කියල  ගිහින් කෙල්ලගෙන් අරව මේවා අගිස්සවනව නෙමෙයි හරිද ‘‘

‘‘ අනේ මං ඔයා තරං මෝඩ නැ ...එහෙම හැම ළමයම පෙර ආත්මේ කියන්නේ නැ අනේ .....ඒ උනාට සමහරක් එහෙම කෙලින්ම නොකිවට ඔය වගේ එක එක විදිහට ඔව්වා පෙන්නනවා ,  බලන්ඩ ඔය වයසේ ළමයි කරන කියන දේවල්ද කරන්නේ ......හැම දෙයක්ම හොදට තේරෙනවා....අනික බලන්ඩ නොතේරෙන වයසේ ඉදන් අක්කගේ ළමයින්ට එකතුයි ...මතකද ඇබින්දං කාලේ ඉස්සෙල්ලම ලොකු පුතාව දැක්ක ගමං අතට පැනල හුරතල් වෙච්ච හැටි ‘‘



‘‘ ඒ කොල්ලා පොඩි ළමයින්ට ආදරෙයි කොයි පොඩි එකත් දැක්ක ගමං අතට පනිනවා ‘‘

‘‘ ඔයාලැ අක්ක ඔයාට හරි ආදරෙයි මා එක්ක ඉස්සර කොච්චර කියවනවද ඔයා ගැන පොඩි කාලේ කරපු කියපු දේවල් එහෙම , අනික මටත් හරි ආදරෙයි , ඔයාලගේ ගෙදර අනිත් මිනිස්සු වගේ නෙමෙයි ..පුදුම මනුස්සකමක් එයාලග තිබුනේ ....මතකනේ අප කසාද බැන්ද අලුත අපිට එහේ ඇවිත් ඉන්ඩ කියවා ‘‘

‘‘ හයියෝ සංසාරේ එ් තමුසෙට ආදරේට නෙමෙයි ඔයි ....එයාගේ පාලු කපන්ඩ ‘‘

‘‘ අනේ මෙහෙම මිනිහෙක් ...දිවේ කටේ නොගෑවි කියන ලස්සන ‘‘

‘‘ වෙන කොහොම කියන්ඩද විකාර කියවනකොට ‘‘

‘‘ විකාර නෙමෙයි අනේ අර අපි අන්තිමට අක්කව බලන්ඩ ගිය දවසේ මතකද ඔයාට , පාස් දෙකෙන් තුන්දෙනෙකුට යන්ඩ දෙන්ඩ බැ කියල ඔයාලගේ  අම්මවයි මාවයි ඇතුලට ඇරල එලියට වෙලා හිටපු වෙලාවේ අක්කා ඔයාව බලන්ඩ ඕන කියල කොච්චර විස්සෝප උනාද , ..කොහෙද ඔයාගේ තියන පංඩිත කමට අර ...සල්ලි දෙන්ඩ ඇතුලට එක්කං යන්නං කියුව ඉස්පිරිතාලේ වැඩකරන මනුස්සයටත් බැනල පන්න ගත්තනේ ‘‘

‘‘ ඒ යකා ඒ වෙලාවෙත් සර්ජිකල් ස්ප්‍රීට් ගහලයි හිටියේ ...සල්ලි නෙමෙයි දෙනව මං උන්දැට ‘‘

‘‘ ඔයා හැමදාම වරද්ද ගන්නේ ඔය ගතිගුන හන්දම තමා ...එදා එහෙම නොකරන්ඩ අක්කා එක්ක වචනයක් දෙකක් කතා කරනවා නේද ‘‘

‘‘ අයියෝ දැන්වත් ඕක නවත්ත ගන්නවකෝ ‘‘

‘‘ නැ අනේ කියන එක අහන්ඩකෝ මට හැමවෙලාවෙම ඔව්වා මතක් වෙනවා , අක්කා නැති උනා කියල ආරංචි වෙච්ච ගමං මට හිතුනේ......අනේ මගේ දරුවෙක්වෙලා ඉපදෙන්ඩ කියල..........අක්කගේ මිනියට වැදලත් මම හිතුවේ එහෙම , ඊට පස්සේ  එයාව මතක්වෙන මතක්වෙන ගානේ ...මම හිතින් කියන්නේ මගේ ලගටම එන්න කියල , ......අමතකයිද අපි මේ ගේ හදාගන එන්ඩ ලංවෙලා මං බෙහෙත් පෙත්ත ගන්න එක නවත්තලා ටික දවසක් හිටියා ......ඊට පස්සේ මේ ගෙදරට ආවා ....අපි එකට හිටියේ හරියටම එක දවසයි ....ඔයා ආයෙත් වැඩට ගිහින් ආවේ මාසයකින් විතර ...තව සතියකින් දෙකකින් විතර අපි දැනගත්තේ බබෙක් ඉන්නවා කියල ‘‘

‘‘ මේ ඒක නෙමෙයි අපි තේ ටිකක් බොමුද ‘‘

‘‘ තාම තුනයිනේ කාපු බත් ඇට ටිකවත් පෙරලිලා නැනේ ‘‘

‘‘ ඔන්න ඔහේ තේ ටිකක් බොමු අනේ ‘‘

‘‘ මතකද ඉපදිච්ච ගමන් කෙල්ලගේ පපුවේ තිබුන ලොකු ලපය , දැං එහෙම එකක් තිබුනද කියලවත් නැ ටික ටික මැකිල ගිහින් ...ඔහොම හදිසිසියේ මැරෙන අයගේ රිදුන තැන්වල එහෙම ලප හිටිනවලු .....එවා පස්සේ කාලේ ටික ටික මැකෙනවලු ‘‘

‘‘ ඔය වැඩකට නැති දේ හිතන්ඩ එපා ...ගිහිල්ලා බලන්ඩ අරය කෝ කියල ....සැහෙන වෙලාවකින් සද්දයක් නැ ...මොනවහරි ලොකු වැඩකට අතගහල ඇති ‘‘

‘‘ ඔයා කොච්චර කියුවත් පිලිගන්නේ නැ නේ , මතකද ඔයාට එදා අක්කා නැති වෙච්ච දවසේ  උදේ නැගිට්ට වෙලාවේ ඉදන් මගේ ඇගට කිසි පණක් තිබුනේ නැ , ඔයාට බත් එක උයලා දුන්නෙත් අමාරුවෙන් වැඩට ගිහින් ටිකකින් ඔයා මට කෝල් කරල කියුවා ......වැඩකරන්ඩ හිතෙන්නේ නැ මහා කම්මැලියි   ඇගට නිකං මොකදෝ මොකදෝ වාගේ කියල ........එතකොට මං කියුවා මටත් මහ නිදිමතක් දැනෙනවා අනේ ....මේ ඇදට වෙලා ඉන්නේ කියල ......අසනීපයකටවත් දවල්ට නිදියෙන ගෑනියෙක්ද මං ....ටිකකින් මට නින්ද ගියා .....ඔයාලගේ අක්කා ආවා ..මාත් එක්ක හොදට හිනාවෙවි කතා කරකර හිටියා .....ටිකකින් මම කුස්සියට ගිහින් තේ එකක් හදාගන ඇවිත් බලනකොට අක්කා නැ ....‘‘

‘‘ අපි දෙන්නා ඔය ගැන දහස් වාරයක් කතා කරල තියනවා මයේ හිතේ ‘‘

‘‘ ඔයා කොච්චර කියුවත් ඒක හීනයක් උනාට ඇත්ත  වගේ ......අපේ දුව ඔයාගේ අක්කම තමයි.....‘‘

.................................................................

66 comments:

  1. //‘‘ ඔයා කොච්චර කියුවත් ඒක හීනයක් උනාට ඇත්ත වගේ ......අපේ දුව ඔයාගේ අක්කම තමයි.....‘‘//
    මමත් නිතර හිතන දෙයක් තමයි අපට ගොඩක් ආදරෙන් , හිතවත් කමින් හිටී අය ( ඉස්කෝලේ යාලුවෝ , නෑදෑයෝ වගේ ) අකාලයේ මියගිය පසු ඒ අය අපේ දරුවන් වෙලා ඉපදුනා වත්දෝ කියලා.. පුනරුප්පත්තිය ගැන බොදුනුවෙක් හැටියට විශ්වාස කරන්නෙක් හැටියට මේක වෙන්න බැරි දෙයක් නෙවෙයි. අනික එහෙම නොවුනා වුනත් තමන්ගේ දැරුවා තමන් ලඟට ආ පරණ යාලුවෙක් , නෑදෑයෙක් විදිහට හිතලා සලකන එක කොච්චර හොඳ දෙයක්ද? අටම් අතින් මේ රටාවේ ලියවිලි වැඩිය ලියවෙවා!! ජය පහට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. බුදු දහමෙ පුනරුප්පත්තිය කියල දෙයක් නෑ. මොකද ආත්මය කියලා දෙයක් නැතිනිසා. නමුත් සිත හෝ විඥ්ඥානය එක භවයකින් තවත් භවයකට යනවා කෙලෙස් නිසා. මේ භවයෙන් ඊලඟ භවයට යන්නෙ ඒ කෙනාම නොවන බවත්, (ආත්මයක් නැතිනිසා), නොවන්නෙද නොවන බවත් (විඥ්ඥානයෙ සම්බන්දකම නිසා) බුදු බනයි. භවයෙන් භවයට යන්නෙ කර්ම විපාක පමනයි, පෙර චරිතය හෝ ප්‍රතිරූපය ගෙනයෑමක් නෑ.

      Delete
    2. ඇනෝ,

      මට මේක පැහැදිලි කරගන්න ඕනා තැනක්. පුළුවන්නම් උදව් කරන්න.

      කර්ම විපාකය විතරක් භවයෙන් භවයට යනවා කියන එක පැහැදිලි මදි. මම කරණ ක්‍රියාවල විපාක මට පටිසන් දෙනවනම් කර්ම විපාකය පටිසන් දිය යුතු නිශ්චිත යමක් ඒ සමඟ ගමන් කරනවා නොවේ ද ? ඒක ආත්මය නෙමේ ද ?

      Delete
    3. මම කියවල තියෙන්නෙත් ඔය ඉහත ඇනෝ කියූ එකමයි. පුනරුත්පත්තිදී උපදින්නේ ඔබත් නොවේ. වෙනේකෙකුද නොවේ කියල.

      Delete
    4. මේක වෙන්න පුළුවන් මගේ දැනුමට අනුව. කර්මය අනුව තමයි භවය හැදෙන්නේ. නමුත් ඒ වෙලාවේ උපාදානය කරගන්නේ තමන් ආදරේ කරන කෙනෙක්. ඉතින් ඒ අනුව මතු භාවය ඒ උපාදානය කල කෙනා සමග සම්භන්ද වෙනවා. (උපාදානය යනු තදින් අල්ලාගැනීමයි).
      ඉතින් තමන්ගේ මල්ලිට දැඩිව ආදරේ කලානම් ඒ අනුව මතු භාවය නිර්මාණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ. පෙර පුරුදු එහෙමත් එන්න පුළුවන් භවයට.

      මේ භවයෙන් ඊලඟ භවයට යන්නෙ ඒ කෙනාම නොවන බවත්, (ආත්මයක් නැතිනිසා), නොවන්නෙද නොවන බවත් (විඥ්ඥානයෙ සම්බන්දකම නිසා) බුදු බනයි කියන එක හරි. නමුත් පටලව ගන්න එපා. ඒ විදියට බැලුවොත් මම කියල කෙනෙකුත් ඇත්තටම නැ. නමුත් සම්මුති වශයෙන් එක පවතිනවා. සම්මුති සහ පරමාර්ථ වශයෙන් දෙකක් තියෙනවා..

      ඔය පුනුරුප්පත්තිය ඇත්ත වුනත් බොරු වුනත් අපිට එකෙන් වැඩක් නැ. බෞද්ධයෙක් වශයෙන් කරන්න ඕන භවය නවත්වාගනුමට උත්සහ කිරීමයි, වීර්ය කිරීමයි.
      සසර හරිම බියකරුයි! අපිට මවක්, පියෙක්, සොහොයුරෙක්, බිරිදක්, ස්වාමියෙක් නොවුන කෙනෙක් මේ ලෝකේ නැ. අපි මරණ මදුරුවා වුනත් මොනයම් හෝ ආත්මයක අපේ මවක් වෙලා ඉඳල තියෙනවා. බලන්න සසර කොච්චර බියක්රුද කියල.. හැකි ඉක්මනින් සසරෙන් එතෙර වෙන්න බලමු.

      සියල්ලන්ටම තෙරුවන් සරණයි!

      Delete
    5. බුද්දාගං කාරයෙක් විදිහට මම දුක්කදායක සසරට බයයි , හැක් හැම විටම නිවැරදි වෙන්න උත්සාහ කරනවා

      Delete
  2. මාත් අහල තියෙනව හදිසියේ මැරුණම තුවාල එක්ක, ඒ තැන් වල කලු පාටින් ලප වගේ සලකුණු හිටිනව කියල. බුදු දහමෙ විදියට නැවත නැවත ඉපදෙන එක ඇත්තකොට, තමං ආදරේ කර කර හිටපු තැනකම, කෙනෙකුගෙම වෙලා ආයෙ ඉපදෙන එක පුදුමෙකුත් නෙවෙයි නේ...

    ReplyDelete
    Replies
    1. හම් බටහිර රටවල් වල සං බටහිර ජාතිකයන් ලංකාවේ පර්යේෂන පවා තියනවා මේ ගැන

      Delete
  3. මේක ටිකක් ගැඹුරු මාතෘකාවක්.ගොඩක් පර්යේශණ සිදුවෙනවා.අපේ නංගිත් පොඩි කාලෙ කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඇ ඇැැැැැැ උඹට බැන්නද

      Delete
  4. මේකනං හරිම භයානකයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්න කාලේ ටිකක් කතා බහකරල හිටහං

      Delete
  5. Replies
    1. හම් ...එහෙනං උඹ ලොකු මාමව කියවනවා ......අපිට කතා කරන්න....පුලුවන් මේ ගැන ගොඩක් දේ ...ලොකු පුතේ

      Delete
  6. පොඩි එකාට මේවා ඔලුවට දානව එහෙම නෙවෙයි ඕං..උඹේ මනස්ගාත උඹ තියාගං....පොඩි එකාට ඔහේ හැදෙන්න දියං....

    ReplyDelete
    Replies
    1. එහෙම තමා ඉතින් කොහොමත් ...ඔන්න තියනව ඒවාට සාක්කි ...මේකට උඩින්

      Delete
  7. සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
    කෙම්වර දවස්වල පානින් සැරසී ම
    වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම

    ReplyDelete
    Replies
    1. විමලරත්න කුමාරගමයන්ගෙ අයියනායක කවි පන්තියේ එන ලස්සන කවියක්. තැන්ක් යු ආපහු මතක් කරාට.Aru

      Delete
    2. සදාතනික කවි පංතියක්.. පුදුම මිහිරක් තියෙන්නෙ.

      Delete
    3. ඉස්සර පාඩං කවි පන්තියම මේ ලගදි කෙල්ලන්ට වැඩ පෙන්වන්ඩ ගිහින් පද අමතක වෙලා කෙලවා ගත්තා

      Delete
  8. Hangover එකකට සමානයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්ඩ බැරි ගුප්ත කමෙන්ට් කරයා , අර ඒ වාගේම බ්ලොග් කාරයා එක්ක එක ගලක බැදලා මාදින්නා ගොඩ පාලමෙන් පල්ලෙහට දාන්ඩ ඕන

      Delete
  9. ඒ යකා ඒ වෙලාවෙත් සර්ජිකල් ස්ප්‍රීට් ගහලයි හිටියේ ///
    සර්ජිකල් ස්ප්‍රීට් වදිනවද බං..........
    මාත් ඔය කේස්නන් ගොඩක් අහල තියනව ....රචනයට මම මනාපයි..

    ReplyDelete
  10. වයස අවුරදු 4 - 6 වෙනකල් කාලයේ දී පුංචි ළමයි පුනරුත්පත්තිය කියවවනවා කියල තමයි කියන්නේ.
    මගේ නෑදෑ වෙන අයිය කෙනෙක් 2007 දී ආමි එකේ ඉදලා වැලි ඔය දී මැරුනා. එයා හීනෙන් ඇවිත් එයාගේ අම්මාට මෙහෙම කියුවාලු.
    “අම්මා දුක් වෙන්න එපා. මං අම්මාගේ මුනපුරෙක් වෙලා එනවා. අම්මට මාව අදුන ගන්න පුලුවන් වේවී. වෙඩි වැදුන හැම තැනකම ළප තියේවී."
    කියුවාලු. ඒත් එයා ඒක ගනන් අරන් නැ. ඉතින් ඊට කාලෙකට පස්සේ මේ මැරුණ අයියාගේ අක්කාට දරුවෙක් ලැබුනා. එයා නාවනකොට තමයි දැකලා තියෙන්නේ අර කියුවා වගේ ළප ඇඟ හැම තැනම තියනවා කියලා. දරුවා ලොකු උනාට පස්සේ තවත් දෙයක් වෙලා තියනවා. අර අයියා කැමති අකමැති දේවල්, හැසිරීම් රටා වගේ ගොඩක් දේවල් මේ දරුවා තුළත් තියනවා කියලා. තාමත් එහෙමයි. හැබැයි මේ දරුවා කලින් ආත්මේ මොනම වෙලාවකවත් කියලා නෑ... අර වගේ දේ විතරයි...
    මේ කතාවත් අපූරුයි...

    ReplyDelete
  11. වෙන්න පුළුවන් දෙයක් බං.. මමත් මෙහෙම දේවල් අහලා තියනවා

    ReplyDelete
  12. කොමෙන්ට් කියෙව්වම හිතෙනවා එකෙක්වත් පොස්ට් එක කියෝලා නෑ කියලා.. :) ශාන්ත කේ. හේරත් බ්ලොග් එකක් ලියන බව මම දැනගෙන උන්නේ නෑ. උඹ කලින් දන්නවද?

    ReplyDelete
    Replies
    1. නෑ බං මේක අටමා ලියපු එකක්.

      Delete
    2. හුටා.. එතකොට මොකක්ද මූ පහලින් ලින්ක් එකක් දාල කරේ.. ඒ කියන්නේ මම හරියට පෝස්ට් එක කියෝලා නෑ.. :)

      Delete
    3. ලේබලේ තියෙන්නේ මම ලියපු කෙටි කතා කියල

      Delete
    4. කමියා,

      උඹ බීලද ? කොහෙද ලින්ක් එකක් !??

      Delete
  13. සර්ජිකල් ස්පිරිට් රහද බං.

    ReplyDelete
  14. මේක ඔරිජිනල් අටම් ස්ටයිල්..
    ශා.කේ.හේ. ගෙ ලිංකුවත් ඒකටම ඈඳපු නිසා පැටලුනා ටිකක්.
    ඒ ඔත්තුවටත් පිං.

    ReplyDelete
  15. අටමා......ශාන්තගේ ලින්ක් එකට තුති. ඒක කියවන්න වටිනවා. මොකද ඇත්තටම මාධ්‍යවේදීන් යැයි කිව හැකි සුන්දර මිනිසුන් ගැන ලියවී තියෙනවා. ඒක සතුටක්!!!Aru.

    ReplyDelete
  16. අවදි වෙලා අවදි වෙලා....අටමා අවදි වෙලා... පුරුදු ගතියක් දැනෙන්නම තියෙනවා.. එල කිරි.
    ජයවේවා..!!

    ReplyDelete
  17. හුගක් ඔය වාගෙ කතා අහල තියෙ අටං අයියණ්ඩි.
    අර පේමවතී මනංපේරි ගෙ පුනරුත්පත්තිය මතකද. ඔය රත්නපුරේ ලෙල්ලොපිටිය පැත්තෙ හෙන පේමස් සීන් එකක් වුණා..
    හෙහ්.. අපූරු ලියවිල්ල...

    කෝ අර කියල තියෙන ශා. කේ. හේරත් ලිංක් එක අයිං කලාය...

    අර අම්මට තියෙන්න ඇත්තෙ අකක ගැන ආදරේ හිංද අහපු දැකපු දේ වල පුනරූපනයක් වෙන්න පුලුවං කියල හිතෙනව. සමහර විට ඇත්තද දන්නෙත් නෑ. නේහ්..
    ලියවිල්ල නං රහයි
    ජයවේවා

    ReplyDelete
  18. මාත් ඔය කතා දෙක තුනක් අහල තියෙනවා.. කාලයක් ටෙලිවිසොන් එකේ ඔය වගේ සීන් නැගලම ගියා මතකයි....

    ReplyDelete
  19. එදා අජිත්ගෙ හෝටලේ සෙටුන දවසෙ කටුස්සත් ඔයවගේ කතාවක් ඌ ගැන කිව්ව වගේ මට නිකං හීනෙන් ගෑ මුදු සුවඳක් වගේ මතකයි ....
    මං අහල තියනව වැඩිපුර කුනුහරුප කියවන්නෙ ගිය ආත්මෙ යක්කු මල පෙරේතයො වෙලා හිටිය උං කියල ..
    මට නං ඕව ගානක් නෑ ...

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ තෝ ඔය ඉල්ලගෙන කන්න හදන්නේ...

      Delete
  20. ගිය ආත්මේ ගැන නම් දන්නේ නැහැ, හැබැයි හොඳට ගසපු දවස් වලට මගෙත් මනෝකාය කොහේ හරි ගිහින් ඉඳල එනවද කොහෙද...
    මෙලෝ දෙයක් මතක නැති වෙලාවල් තියෙනවා...

    ReplyDelete
  21. ඔය වගේ කතන්දර නම් ඕන තරම් අහල තියෙනව අටම් අයියා. ඒවයෙ සත්‍ය අසත්‍ය තත්ත්වය හරියටම දැනගන්න ඉතිං ක්‍රමයක් නැති නිසා විශ්වාස කරන්න හෝ නොකරන්න හදිසි වෙන්නෝන නෑ මම හිතන්නෙ. ඒ ගැන නොහිතා කාලයට ඉඩ දීල බලා ඉන්න එක තමයි හොඳම වැඩේ.

    ReplyDelete
  22. අපූරු කතාව අටම්! අත්දැකීමක්වත්ද?

    රිය අනතුරකින් නැතිවුණ පුතා වසර කිහිපයකට පසුව එම දෙමවුපියන්ටම දුවෙක් වෙලා ඉපදුණ අත්දැකීමක් අපේ අම්මාගේ පැත්තේ ඥාතියෙකුට තියෙනවා. මේ සිද්ධිය ගැන ඒ දිනවල ලොකු කතාවක් ගියා පවුලේ. වෛද්‍යවරුන් පවා එම දැරිය පරික්ෂාකරලා පුදුම වුනා කියල තමයි කියන්නේ. කෙල්ලට හොඳ නැහැ කියලා බොහොම අමාරුවෙන් මේ කතාව ඒ දවස් වල මාධ්‍යයෙන් වසන් කරගත්තා.

    ReplyDelete
  23. ඔව්වායේ ඇත්ත,නැත්ත කෙසේ වෙතත් ඔය වගේ කතන්දර නම් සෑහෙන අහලා තියෙනවා.හැබැයි ඔය පෙරභාවය කියන පොඩි උන් ලොකු උනාම ඒ ගැන කියන්නේ නැත්තේ ලොකු වෙද්දී එව්වා අමතක වෙන නිසාද?නැතිනම් ඒ පෙරභවය ගැන පොඩි උන් කතා කරන්නේ දෙමාපියන් දැනුවත්ව හෝ නොදැනුවත් කරන පෙළබවීමක් නිසාද ?

    ReplyDelete
  24. පුනරුප්පත්තිය ඇත්තක් නම් මහජනයාගේ දේපොළ හුරා කන උන්ට අබ සරණයි...

    ReplyDelete
  25. අටමෝ ඇයි බං බය හිතෙන කතා ලියලා තියලා උඹ අතුරුදහන් වෙන්නේ...... මේවා දවල්ට කියවන්න කියලා අපිට කලින් ම කියන්නයි..... දැන් ඉතින් හිතහංකෝ කොහොමද රෑට නිදාගන්නේ කියලා.......... බයේ බෑ.............

    ReplyDelete
  26. ආ..හුඟ කාලෙකට පස්සෙ අටමගෙම කතාවක්ද????
    ලියවිල්ල පස්ටයි..හුඟ කාලෙකින් ලියපු එක ඊට වඩා පස්ටයි

    ReplyDelete
  27. මේකෙ තව කොටසක් තියෙයිද??

    ReplyDelete
  28. තව කොටසක් තියෙනවා වගේ

    ReplyDelete
  29. උඹ මුලු කතාවම ගොඩනගලා තියෙන්නේ දෙබස් වලින් විතරමනෙ.. ඒකත් අපූරුයි..

    ReplyDelete
  30. මේ ලිවිල්ල නම් සුපිරි !
    පුනරුප්පත්තිය විස්වාස කරන්ඩ වෙනව .අහල කියවලා තියන කතා හිංද

    ReplyDelete
  31. මටත් ඔය ගැන යමක් හරියටම කියන්න බෑ.

    ReplyDelete
  32. අටං අයියගෙ සුපුරුදු ලියවිල්ලක්.. සුපිරි ලියවිල්ලක් ඈ.. තව කොටසක් තියෙයිදෝ කියලත් හිතෙනවා.. :)

    ReplyDelete
  33. එච්.එස්.එස්. නිශ්ශංක කියල කෙනෙක් ලියපු නැවත උපන් දැරිය කියන පොතේ මේ වගේ සාක්ෂි සහිතව ඔප්පු කරපු කතා රාශියක් තියෙනවා. මම හිතන්නේ මේක බොරුවක් නෙවෙයි. අටමගේ කතාව අන්තිමට එනකම් හිතුවේ අත්දැකීමක් කියලයි.

    ReplyDelete
  34. මේවා තේරුම් ගන්න මැරිලම බලන්න ඕනේ.. :)

    ReplyDelete
  35. මාත් නොපෙන්නෙන දේවල් විස්වාස කලේ නේ . මේ ළගදි අපේ යාලුවෙකුගේ වයිපරයක් මායන් වෙනවා දැක්කම තමා හික් ගැවුනේ .....
    එකී එක පාර අඩි 15 විතර උඩ පනිනනවා.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • කම්කරුවාගේ සයිබර් ආගමනය
    අතමිට මුදල් යහමින් ගැවසුන                         දිනක වසර දෙකක් පස්සට තුන්වෙනි…
  • ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ
    බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • interlock (flatlock) sewing machine and overlock sewing machine and  t shirts , පැට්ලොක් ‘‘ඉන්ටර්ලොක් ‘‘ , ඔවර්ලොක් සහ ටීෂර්ට් සහ යට ඇදුම්
    මට නිතරම මගේ සේවාදායකයන්ගෙන් අහන්න ලැබෙන කතාවක් ‘‘ මට ටීෂර්ට් මහන ඕලොක් එකක් ගන්න ඕන ‘‘ කියන එක මං ඉතින් කියනව ‘‘ ආ ෆෝ ත්රේඩ් ඹ්වර්ලොක් එකක් නේද…
  • DB Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • ජුකී , සෝජී , ජැක් , චියර්ස් සහ පරණ මැෂින්
    ජුකී , සෝජී , ජැක් සහ පරණ මැෂින් පරණ හයිස්පීඩ් හොදද කීයක් වෙයිද ‘‘ පරණ උනත්  ජපං මැෂින් හොදයි නේද ‘‘ ‘‘ චයිනීස් මැෂින් හරිනැද්ද ‘‘ ‘‘…
  • Electric Water Heater Installation: Step-by-Step Directions to Do It You...
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  • ජාබා සහ ජුල්බුලී
  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • අපේ හාමිනේට අත මාරුවීම
    බලන්ඩකො අප්පා මට වෙන දේවල්. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ.  අනේ යකෝ තොපි දුහගන ආවා නේද අන්න අටම්පහුරගේ ගෑණි ඒ නසරාණියා එක්ක ඉන්ඩබැරුව…
  • If You are a Dressmaker, Clothing Designer, Sewing Machinist, You Are All Welcome !!!
    Bernina, Elna, Necchi, Pfaff, Janome, Brother, Viking Husqvarna, Singer, Juki, Zoje, Riccar, Jaguar, Toyota, Rimoldi, Jack, SunStar, Fischbein,…
  • පිච්චිලා ගිය පහුනු රස්නෙට
    ඊයේ දිනයත් පුරාවට මැෂින් කට්ටක් කඩයට ආවේම නැතිකොට එ්ද මිනිහෙක් වහින වැස්සට තෙමි යමි මම වැස්සට එන ඇමතුමක් බනුවට එමිය කියමිද කොහොමට කෙලවෙලා මගෙ…
  • නිල් වෙරළු ( රුද්‍රාක්‍ෂ ) , nil veralu , elaeocarpus ganitrus , blue olives
    යාළුවෙකුගේ හාඩ්ඩිස්ක්  එකක තිබිලා අහම්බෙන් මම මේ ෆෝටෝ එක දැක්කේ , පොරගෙන් ඇහුවහම පොර කියනවා මේ නිල් වෙරළුලු , රසත් වෙරළු වාගේමලු , ඇටයත් ඒ…
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • හාමිනේද පෙට්‍ටගමද
     නිමල් බොහොම අඩු වයසෙන් තමන්ගේ උත්සාහය සහ කැපවීම නිසා ජීවිතය සාර්ථක(ද) කරගත්ත මනුස්සයෙක්.ඇත්තටම මහත්තයෙක්.  හැබැයි හැමෝටම වගේ එ…
1,645,760

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>