2016-06-04

ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීම


ඔන්න ඉතින් තියන කෑලි දෙකට අමතරව ගේ පිටි පස්සට තව  කාමරයක් කුස්සියක් සහ ගේ අස්සේ කක්කුස්සියක් පුලුවං කාලෙක අටවාගන්ඩ කියල අත්තිවාරං කෑල්ලක් දාන්ඩ කියල අත ගැහුවා , හම්මේ එතකොට තමා ඉතින් හිතුනේ මෙහෙම ඉන්න එක හොදයි කියල , වෙන මොකවත් නෙමෙයි ආයිබොවං බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ. පැත්ත පලාතෙම ඉන්න බාසුන්නැහේලව දන්නවා උනාට සති දෙකක් තිස්සේ මගේ වැඩේට එකෙක් අල්ලාගන්ඩ මං කාපු කට්ටක් , මේ පැත්ත පලාතෙත් හොයලා බැරිම තැන ඉස්සර හිටපු හිරගෙවල් පැත්තේ කරක් ගහලත් බැලුවා . අම් ..හූම් ...එකෙක්වත් අල්ලාගන්ඩ බැ .....ඔන්න ඉතින් යනවා ගෙදරකට ..බයිකේ නවත්තල ගහනවා හොන් පාරක් ගේ ඉස්සරහ ....තව පාරක් තව හත්අට පාරක් ...ම්හු ..ගේ අස්සේ ඉන්න උන්ට ඇහෙන්නේ නැ ..... උන් ..තැටමිලි කෙදිරිගෑවිලි ...කවාපු ඉන්දියන් ටෙලි නාට්ටි බලනවා මහ හයියෙන් දාගන ....( මේ වැඩේට මනුස්සයෙක් හොයාගන්ඩ ගිය හැම ගෙදරකම එහෙමයි ) . දැං ඉතින් කවුරුවත් කියන්ඩ එපා ඔය බාස්ලගේ ගෑනු එහෙමයි , බාස්ලත් මෝඩයි ඔය මෝඩයෝ තමයි ඔව්වා බලන්නේ කියලානං , මං දන්න ගණකාධිකාරි මහත්තයෙක් ඉන්නවා එයාගේ නෝනා ගුරුහොරියක් , ඒ ඩබලත් සියලු වැඩ නවත්තල ඔව්වා බලනවා.


ඔන්න ඉතින් වත්තට ඇතුල් වෙලා දොරට ගහන්ඩ ගිහින් බල්ලෙක්වත් වලදයිද කියල බයේ ජයක්ග්‍රහී තිස්වෙනි හෝන් පාර විතර ගහනකොට ගෑනු කෙනෙක් හෙන අකමැත්තෙන් ජනේලයක් ඇරල එලියට ඔලුව දාල ...

‘‘ ඇයි ‘‘

‘‘ සාන්ත මහත්තය ඉන්නවද ‘‘

‘‘ කවුරු කිව්වා ‘‘

‘‘ මේ මේ සාන්ත බාසුන්නැහැ ‘‘

කිසිවක් නොකියන උන්දැ ආයෙත් ජනේලය වහලා යනවා තව විනාඩි දෙකතුනක් ගතවෙනවා මොකුත් වෙන විශේෂ සිදුවීමක් නැ 

ඔන්න එකපාරටම දොර ඇරෙනවා , සාන්තය එලියට එනවා , ඒ එක්කම දුබුරු පාට තඩි බල්ලෙක් බුරාගන ස්වාමියාවත් පෙරලගන සයිස් එකට මාව කන්ඩ පයිනවා .

‘‘ දුප් කියුවේ ‘‘

කියාගන බල්ලට පයින් පාරක් අරිනවා 

ඒ පාර අහසේ    පා...ආ... වෙලා යනවා .....දෙකක් දාලයි ඉන්නේ ...මුවනං වැඩේට ඈදාගත්තහැකි ....මොලය හලලා හදවත උස්සන ස්ටෙප් එක 

අටමට එහෙම හිතෙනවා

‘‘ කවුද ‘‘

‘‘ එහෙනං කියහං බලන්ඩ කවුද කියල ‘‘

හෙල්මට් එක නොගලවා මං අභියෝග කරනවා 

දැං මේකා මුනට එබෙනවා

කකා හිටපු කැම සුවදත් එක්ක මැන්ඩිස් ඕල්ඩ් අරක්කු ගදක් මට එනවා , ටිකක් අපුලයි වගේ
( බීලා ඉන්න වෙලාවක නං ගානක් නැ ඉම්බත් බොරුනං විජිතගෙන් අහන්ඩ ) 

ඕන මසක් කෑවට . මට ඔය මාළු හරියන්නේ නැ , කරවල කෑවොත් ඉතින් එක්කෝ කට්ටා , නැත්තං හාල් මැස්සෝ , එහෙම නැත්තං කීරමිං සාලයෝ ...එතනින් එහාට කරවල මට අරහං , මේකා කාල තියෙන්නේ වෙන මොකක් හරි එකක් , බැදුමක් තියනව කියලත් මට පේනවා අතේ තියන පිගානේ , කටේ තියන මොකක්ද මන්දා විසිකරන කෑල්ලක් අතින් ඇරගන විසිකරන පොර , අතේ ඉදුල් තියාගන අමුත්තන්ට කතා කරන එක හරි නැති හන්දද කොහෙද ඇගිලි පහම කටේ දාල වොෂ් කරනවා.

ඊලගට පිගානෙන් මොකක්ද අරගන කටට ඔබනවා

මං හෙල්මට් එක ගලවනවා

‘‘ අම්මට @ක මංජුවා .... වයිරිං එකක් තියනවා ගහමුද ‘‘

‘‘ @ත්තක් කියනවා .. යකෝ මං ආවේ තොට වැඩක් දෙන්ඩ ‘‘

‘‘ ඇයි දැං වයිරින්ග් කරන්නේ නෑද ‘‘

 ‘‘ නෑ බං    වැඩේ උඹගෙනං කරන්නං නැත්තං බැ , ...දැං මං කරන්නේ මැෂින් හැදිල්ල විතරයි ‘‘

‘‘ නැ බං මං මේ බත් කන ගමන් හිත හිතා හිටියෙත් එ්ක , මට කර කර ඉන්න වැඩේ කපරාදුව කරගන ගහගන්ඩ  බැ  වයිරිං බට දාගන්ඩ  එකෙක් හොයාගන්ඩ බැරුව‘‘

‘‘ මං ආවේත් එහෙම එකකට බං , මගේ ගේ පිටිපස්ස හදනවා ඒකට ගෝලයෙක් එක්ක උඹව අල්ලගන්ඩයි ආවේ ‘‘

‘‘ අනේ මට නං එන්ඩ වෙන්නේ නැ බං , මං බොසෙක් ගාව වැඩනේ පොරව දාල ආවොත් වෙන එකෙක් එතනට පැනගන්නවා , මං දැං හෙඩ් බාස්නේ ..මේ දවස්වල එඩේරමුල්ලේ සයිඩ් එකක් කරන්නේ ..වැඩ ටික ඔක්කොම බලාගන කරන්නේ මං ‘‘

‘‘ කාවවත් නැද්ද බං අල්ල ගන්ඩ ‘‘

‘‘ නැ නේ ...දන්න කියන වැඩ කාරයෝ ඔක්කොම වැඩ ‘‘

‘‘ මෙහෙමයි වැඩ කාරයෝ ඕන නැ බං ..අත්තිවාරම දාගන්ඩ විතරනේ ....නූල් ටික හගන්ඩ පුලුවං බාසෙකුයි ...අත්තිවාරං කපන්ඩ පුලුවං ගෝලයෙකුයි හිටියනං ඇති ‘‘

‘‘ රේසින් ගහන පොරක් නං උඩහ පොට් එක ලගට ගියහම නං හොයාගත්තහැකි ‘‘

‘‘ හරි කෝකටත් උඹගේ නම්බර් එක දියංකෝ ....මෙන්න මගේ නොම්මරය ... මොනවහරි තිබ්බොත් කතා කරහං ‘‘

කියන මං කසිප්පු විකුනන තැන පාර අයිනේ ඉදන් , කසිප්පු බිලා එන උන් අතරේ දන්න බාස් කෙනෙක් ඉන්නවද බලනවා , ..පෙනුමෙන් බාස්ල වගේ උන්ගෙන්

‘‘ අයියේ පොඩි වැඩක් තියනවා බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ බැරිවෙයිද ‘‘

‘‘ බාස් කෙනෙක් නේද ....ම්ම්  ....කවුරුවත් හිටියේ නැනේ , ..මේ වෙලාවට එනවා අඩුයි ..හත පයිනකොට ගෙවල් වල ‘‘

තව ටිකක් වෙලා ඉන්න කොට හරි හදිස්සියෙන් පෙරලගන වාගේ පොට් එක පැත්තට එනවා පොරවල් තුනක් ....ඔය තියෙන්නේ තඩි ටයිල් කටර් එකකුත් අතේ

‘‘ මේ ..මේ අයියේ බාසුන්නැහේ කෙනෙක් හොයාගන්ඩ බෑද අත්තිවාරං කෑල්ලක් දාගන්ඩ ‘‘

‘‘ අපි කොටහේනේ කොනතරත් එකක් ‘‘

උන් තුන් දෙනා නවතින්නේ වත් නැතුව පොට්එකේ දෙවටට හැරෙනවා

මේක හරි යන්නේ නැ , කොහේද ඉතින් අපේ බාස්ල ඉදලත් අපේ වැඩකට අල්ලා ගන්ඩ බැනේ හිත හිතා මං ගෙදර එන්ඩ හැරෙනවා
එහොම ඉතින් හතිඊරටේ බාස්ල හොයල හෙම්බත්වෙන මං , ආයෙත් අපේ බාසුන්නැහෙට කතා කරල , කරල , කරල , වැදල , වැදලත් පොරගෙ නංගිගේ වැඩේ දාල එන්ඩම බෑ කියනව , පස්සේ ඉතින් මට අධිකාරිමය බලය , අවම බලය එහෙම පාවිච්චි කරන මට්ටමට මලක් පැනගෙන එනව ,   පස්සේ ඉතින් ජාතිය අමතනව ....ඔන්න එතකොට පොර කැමති වෙනවා , ඇවිත් නුල් ටික ගහල දීලා යන්ඩ එක දවසකට , ඊට පස්සේ බාසෙක් හොයාගන අත්තිවාරං දාන එක හරි ,‍ තනියම කපාගන ගල් බැදගන්න එක හරි මගේ වැඩක් , කරන්ඩ දෙයක් නැති තැන මං ඒකට කැමති වෙනවා.

ඊට පස්සේ තමයි හොදම හරිය , මේක හොද නෑ , මෙහෙම තියන්නේ නැ . මෙහෙම කරහම අරහෙම වෙනවා . ඔයාලට කැමතිනං කරන්ඩ , මට නං මේක කොහොමටවත් හරියි කියන්ඩ බැ , ඔන්න ඔහොම එක එක ඒවා කියල හිත සවුත්තු කරනවා , එක ඒක ඒවා වෙනස් කරනවා.
ඉදිකිරිම් කරුමාන්තේ ඉන්න ඔක්කොමල එකයි , උන්දල හිතන්නේ නැ මේ ගෙදර හදන්නේ මට ඉන්ඩ නෙමෙයි , මේ ගෙදර මිනිස්සුන්ට ඉන්ඩ , මේ ගේ හදන්න ඕන ඒ ගෙදර ඉන්න එකාල එකීල ආසා විදිහට , එහෙම නැති උනහම උන්ට මැරෙනකං හූල්ලන්ඩ වෙනවා කියල ,
‘‘ අනේ මං ආසා විදිහට මේක කරගන්ඩ බැරි උනානේ ‘‘

‘‘ අපරාදේ එකපාරම මේක අර විදිහට කරන්ඩ තිබුනේ ෂික් ‘‘

කියල . එහෙම හිතෙන එක සාදාරනයි,  හැමෝම කැමති තමන් ඉන්න ගේ ලස්සනට හදාගන්ඩනේ.

අනික ඔය එක එක වාස්තු හුත්තවල් කියල ඒ මිනිස්සුන්ගේ හිත් කඩලා දැම්මහම , ආයේ ඉතින් ගොඩ ඒමක් නෑම තමා , ඒ ගෙදර ඉන්නකං වස්දොස්ම තමා , ගෙදර බල්ලා මලත් , ගෙදර ගෑනිට මාසේ මාරු වෙනකොට ගොඩක් ලේ ගියත්  , ගෙදර මිනිහගේ ලබ්බ බැස්සත් . කෙල්ල බඩ උනත් ඉතින් ඒක යන්නේ අර උලුඅස්ස පිටින් , කුරුපාව පිටින් , ජනේලය පිටින් තමා.

ඔන්න ඉතින් අත්තිවාරමට නුල් ගහල ...මං ආයේ ඒන කං වැඩ කරගන්ඩ සෝක් කොල්ලෙක් ඉන්නවා මං සැට් කරන්නං කියල ..එකෙක්ව පංගඩත්තු කරල පොර ගියා , ඔන්න ඉතින් පහුවදා කියාපු එකා උදෙන්ම ආවා
ටිකක් වෙලා වැඩ කලා , පැත්තක ඉදගන හිටියා , ටී එකක් හදලා දුන්නා , ඒක බිව්වා වමනේ කරා.
‘‘ මොකද අයියේ ‘‘
‘‘ මං මේ පවුලත් එක්ක තරහවෙලා ඊයේ දවසටම මොකුත් කෑවේ නැ ‘‘

‘‘ අද උදේට කෑවෙත් නැද්ද ‘‘

‘‘ නැ නේ.... කන්ඩ පිරියක් නැ අයියේ ‘‘
මං උෟට අයියා කියනව උෟ මට අයියා කියනව .
‘‘ යකෝ ගෑණි එක්ක තරහ උනහම කැම අප්පිරිය වෙනවද .....තෝ කනව කියල හිතාගන බත් කෑවහම ඉවරනේ ‘‘

පොර ලාවට හිනා වෙනවා

‘‘ ඉදි ආප්ප තියනවා ටිකක් කමු ‘‘

‘‘ බෑ අයියේ කන්ඩ බැ ‘‘

පොර ආයෙත් අත්තිවාරම කපන්ඩ ගන්නවා . ටික වෙලාවක් කපනවා , ආයෙත් නවත්තනව

‘‘ මොකද අයියේ සනීප නැද්ද ‘‘

‘‘ නැ අයියේ දවස් ගානක් වැඩ කරේ නැනේ ...අතපය ලොක් වෙනවා ....තව කවුරුහරි හිටියනං උදව්වට අමාරුවක් නැ ‘‘

යකෝ මූට පඩි දෙන්ඩයි , මං වැඩ කරන්ඩයි

‘‘ එහෙමද ...මටත් හෙල්ප් එකක් දෙන්ඩත් අමාරුයි මාත් මේ අලියා වාගේ හිටියට ලෙඩා , කොන්දටත් ඉස්සර කෙලවෙච්ච පාරක් තියනවා , ඒක හින්දා බර වැඩට අතගහන්නේ නැ , මේ ලගකදි යාලුවෙක් එක්ක පොරකාල දනිස්සත් අවුල් , ..මේ බලන්ඩකෝ මේ දකුනු අතේ මෙතන මේ .....ඉස්සිලා ගැට්ට වගේ තියෙන්නේ ..අත ඇදුනහම ඒක තව ඉදිමිලා බෙහෙත් බදින්ඩ වෙනවා ....‘‘ මං මගේ බැරි අමාරුකං කියනවා

‘‘ මෙහෙමයි අයියේ ....ඇත්තම කියනවනං මට තියෙන්නේ සික් එක ....අරක්කු ටිකක් බිව්වනං මේක නැතුව යනවා ‘‘

‘‘‘ ම් ම් ම් ම් .....එහෙමද ‘‘
‘‘ අනේ අයියේ මට අරක්කු ටිකක් ගෙනත් දෙන්ඩ ‘‘
මාත් බොන කන එකා වෙච්චි ඔලුව ඇලකරල ඒක කියුව විදිහිට , මූනේ තියන අසරන කම දැක්කහම මට හෝස් ගාල ගියා .....මූ වටෙන් ගොඩෙන් මාව අන්දනව කියල තේරුනත් මට දැල් කඩේට නොයා ඉන්ඩ බැරි උනා , ගෙනත් දුන්නා ගල් කාලක් , මං එනකොටත් මූ බිම ඉදගන , ගත්ත ගමං එහෙම කඩල ඇරං ගුඩුස් ගුඩුස් වත් නොකියා ඇරල දැම්මා , ඊට පස්සේ කටෙන් කාල් බෝතලය උස්සල වැල ෆිල්ම් වල ගෑණියෙක් වගේ වැටෙන බින්දු ටික එලියට දික්කරපු දිවට වට්ටගත්තා.

දැ ඉතින් ආයෙත් වැඩ . මාත් සවල අරං උගේ යකඩ ඉනි පාරෙන් කැඩෙන පස් අරං කානුවෙන් එලියට විසික් කර කර ඉදලා , හාල් ටිකක් ලිපේ තියන්ඩ ගෙට ආවා . ඕනනං පැය කාලක් යන්ඩ ඇති ..

‘‘ අයියේ ...අයියේ් ‘‘
‘‘ තාත්තේ අර මාමා ඔයාට කතා කරනවෝ ‘‘

හා පුතේ මට ඇහුනා කියල බොරුවට පොතක් අතේ තියාගන මාව රවට්ටල ටීවී බලන කෙල්ලට කියාගන මං එලියට ආවා

‘‘ අනේ අයියේ සමාවෙලා තරහ වෙන්ඩ එපා .....ගල් කටුවක් තිබුනනං මේක සට සට ගාල ගොඩ දැම්මහැකි .....මගේ ඇගටත් අමාරුයි ... මං අද ගිහින් හෙට උදෙම්ම ගල් කට්ටකුත් අරං එන්ඩද ‘‘
මොන හේතුවකටද මන්දා අසීමාන්තිකව තරහ යන මට තරහ ගියේ නැ . එත් තව ටිකක් මුගේ මූණදිහා බලාගන ඉන්ඩ බැ බැ වගේ හිතුන හන්දා
‘‘  හා  ‘‘

කියන මං ගෙට ආවා
‘‘ ඇයි තාත්තේ ඒ මාමා ගියේ ‘‘
මගේ ලගට එන කෙල්ලෝ දෙන්නා අහනවා
‘‘ එයා නෝටි මාමෙක් ....මාම කියන්ඩ ඕනත් නැ ....අංකල් කියුවහම ඇති , මාම කියන්නේ අපිට ආදරේ අපේ අයට විතරයි .......ආයේ අම්මයි තාත්තයි නැති වෙලාවක එහෙම එයා ආවොත් කතා කරන්ඩවත් එපා .....එයා නෝටි පොරක් ‘‘
‘‘ නෝටි පොර හික් හික් හික් ‘‘
අළුත් වචනයක් එකතු කරගත්ත කෙල්ලො දෙන්නා ආයෙත් ටීවි එකේ , බත් එහෙම උයල . පවුලටත් එකක් ගෙනිහින් දීලා ළමයින්ටත් දීලා මාත් කාල ...තනියම බැස්සා වැඩේට , ටිකක් වෙලා කරගන යනකොට හරි අමාරුයි ..... අවුරුදු විස්සකට විතර කලින්  වයස පහලවක් විතරකාලේ තනියම හිරගෙදර වත්තේ මහ කැලැව සුද්ධ බුද්ද කරල ඉනිකපලා වැඩක් බැදල අක්කරයක විතර වගාවක් කරපු මට වෙලා තියන සැන්තෑසියක් කියල හිතුනේ එතකොට තමා.

ඒ කාලේ මං කොච්චර වැඩ කරනවද , ඔය වගාව මං තනියම කලේ , මයියොක්කා , කෙසෙල් , මිරිස් , මාළු මිරිස් , බටු , තක්කාලි , මෑකරල් , එතනින් ගියහම කංකුං පාත්තියක් , මුකුනුවැන්න පාත්තියක් . ගොටුකොල පාත්තියක් , මයියොක්කා කෙසෙල් වලට නොදැම්මට අනිත් හැම ජාතියකටම මං දිනපතා වතුර හිටං ඇදලා දැම්මනේ ගෙදර ටැංකියට වතුර එනවා අඩු කාලවලත් පල්ලෙහා ලිදෙන් . ඒ වගා සංග්‍රමය නැගල ගියා උනාට පස්සේ මං නවත්තල දැම්මා රෑට නිදාගන්ඩ නැ බොලව් මයියොක්කා බහිනවා ජර බර ගාල

 යාලුවන්ගේ ලිං කැපලි , අත්තිවාරං කැපිලි , බදාම ඇනිලි ඔව්වම කොච්චර කරලා ඇද්ද , මගේ වැඩකට එක බල්ලෙක් නැනේ යකෝ ,

ටිකක් වෙලා කරනකොට මටත් ආමාරුයි , බයික් එකේ අඩි දහයේ ගමනත් ගිහින් , දිවිල්ලක් පැනිල්ලක් නැ , එකතැන ඉදන් මෙෂින් හැදිල්ල , ඇග බර වැඩිවීම . සිකරට් බීම අරක්කු බීමත් එක්ක මං තිස්පහට හතලිස්පහකට නාකි වෙලා  ( මේ දවස්වල සිකරට් බීම අඩු කරන්ඩ උත්සාහ කරකර ඉන්නේ )

පස්සේ වැඩේ දැම්මා පැත්තකට . උදේ ඉදන් එනවා එනවා කිය කිය හිටපු යාලුවෙකුට කොල් කරපුවහම ඌත් නේනවයි කියුව තැන , කෙල්ලෝ දෙන්නවත් නාවගන මාත් නාගන , ඒ දෙන්නව අම්මා ලගට ගිහින් දීලා , කෝල් එකකින් ආපු වැඩේකට ගිහින්  කරුවල වැටිලා එන ගමන් ගෙවල් ගානේ ගිහින් දෙන්නෙක්ව යාංතං කතා කරගත්තා , ඒත් ගෝලයෝ මිසක් බාස්ලා නෙමෙයි.

අද උදේ ගිහින් ධාතු කරඩු දෙකක් වඩම්මනවා වාගේ බයික් එකේ තියාගන වඩම්මලා , සියලු පුද සත්කාර කරල ඔන්න දැං අත්ති වාරං කපනවා.



අර පහුගිය කාලේ කතා බහක් තිබුන ඉන්දියාවෙන් ගෙන්වන වැඩේ කරන්ඩ ඕනයි කියල හිතෙන්නේ මේ වෙලාවට තමා , විද්වත් වෘර්තිකයන් නෙමෙයි , කම්කරුවන් , ගෙවල් වල වැඩ කරන්ඩ ගෑණු අය , වාගේ නුපුහුනු සහ සුලු සේවකයන් ගේ අඩුවක් රටේ හැම තැනකම තියනවා , ගොඩක් පුද්ගලික ආයතනවල පුරප්පාඩු තියනවා හැමදාම පුරවාගන්ඩ බැරුව.

හැබැයි වැඩේ කෙරෙන්ඩ ඕන රා මදින්ඩ කේරලයෙන් ගෙන්නගෙන පැල පදියං කරගත්තා වාගේ , තේ කඩන්ඩ මදුරාසියෙන් ගෙන්නා ගෙන පැලපදියං කරගත්තා වාගේ නෙමෙයි , ඔය අපි ගැණුන්ව අරාබි අරිනවා වාගේ අවුරුද්දකට දෙකකට.

පලි//

පස්සේ හොයාගත්ත එවුන් දෙන්නා හරි සෝක් , පලවෙනි දවසේ කපල දෙවනි දවසටත් ටිකක් ඉතුරුකරගත්තා , දෙවනි දවසේ මම කියුවා මම දැං ගමනක් යනවා ඔය දෙන්නා ඔය ඉතුරු ටික  කපල ඉවරවෙලා පස්ගොඩවල් ටිකක් විතර තුනි කරල කළු ගල් ගොඩෙන් ලොකු කලුගල් ටික මෙතනට ගෙනත්  දාන්න කියල

මං ගමන ගිහින් එනකොට උන් දෙන්නා කළු ගල් ටික ගෙනත් පොලව මට්ටමට එනකං අත්තිවාරං කානුවලට පුරවලා

121 comments:

  1. //‘‘ යකෝ ගෑණි එක්ක තරහ උනහම කැම අප්පිරිය වෙනවද .....තෝ කනව කියල හිතාගන බත් කෑවහම ඉවරනේ ‘‘// අනුන් නිසා තමන් වේදනා විඳින්න එපා කියන එක වගේ මට හිතුනේ.. හරියට හරි..

    ReplyDelete
    Replies
    1. අපි ඉන්දියාවේ ටෙලිනාට්‍ය ගෙනවිත් නෝනලා එවා බල බලා ඉන්න අතරේ අපේ මහත්තුරු බිලා ලෙඩ වෙනවා. වැඩකර ගන්න බැරි තරමට .... ඊට පස්සේ අපි ඉන්දියාවෙන් කම්කරුවෝ ගෙන්වනවා අපේ වැඩ කරගන්න ... මේකට කියන්නේ...යහාපාලනය කියලද? සුභ අනාගතය කියලද ? ආසියාවේ ආශ් චර්යය කියලද මන්දා... ඒ අතරේ අපි දඟලනවා මේ ටෙලිනාට්‍ය එහෙම එවන එක විදේශ කුමන්ත්‍රණ කියලා... අටමගේ ගෙට බුදුසරණයි!! රටට අබසරණයි කියලා හාමුදුරු කෙනෙක් කිව්වලු....

      Delete
    2. හැම එකටම මේ බීම අල්ලා ගන්නේ ඇයි අප්පා ..පා

      Delete
  2. matath geval hadanada gihin epa vela thiyenne, passe visthara kament karannam.phone eken baluve.

    ReplyDelete
    Replies
    1. හදපු ගෙවල් ගන්ඩ සල්ලි තියන මිනිස්සු වාසනාවන්තයි

      Delete
  3. යන්තං අවුරුදු 15 පැන්න ගමං මෙහේ ඉන්න කොල්ලො ඔක්කොම උඹලයි පැතිවල සයිට් වල වැඩට යනව. ඉතිං මෙහේ බාසෙක් හොයාගන්න කොච්චර අමාරු වෙන්න ඕනද. අපේ මස්සිනා කාරයත් මේ දවස්වල තලාහේන පැත්තෙ වැඩ කරන්නෙ.

    බාස්ල කියල අමුතු එව්වො නෑ බං. ගෝලයන්ටත් උං කරන වැඩ කරන්න පුලුවන්. අපි නිකං බාස්ල උඩ තියාගෙන ඉන්නව විතරයි.
    අනික මමනං ඔය එක එකාට ඕන හැටියට ගෙවල් හදන්නෑ. මට ඕන විදියට ප්ලෑන් එක ඇඳල දෙන්න ඕන. ඔය වාස්තුයි ෆෙන්ෂුඉයි මමනං විස්වාස කරන්නෙ නෑ.

    උඹේ වැඩේ ඉක්මනින් සාර්ථක කරගන්න ලැබේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. මාත් අල්ලා ගත්තේ ගෝලයෝ දෙන්නෙක් තම .....උන් ගෙවලයොද මන්දා

      Delete
  4. මෙහෙ වුන්ට වැඩ වැඩිනම් මෙව්වා නම්බුවට ගැලපෙන්නේ නැති වැඩ කියලා හිතනවනම් ඉන්දියන් කාරයෝ ආවම මක්කැයි වෙන්නේ හිටන්

    ReplyDelete
    Replies
    1. මට ඔය බැමි බැදිල්ල පුලුවං ..වැඩේ තියෙන්නේ දැං මහන්සිවෙන්ඩ බැනේ බලු හති

      Delete
  5. ජෝන් කියල වයසක බාස් කෙනෙක් ඉන්නව වත්තල පැත්තෙ..... කතා කොරල බලමුද?

    ReplyDelete
    Replies
    1. කතා කොරහන්..නැත්තං බොටයි මටයි මාරි බිස්කට් කන්න රාගං යන්න වෙනෝ..මේකාට බාගෙට නට්ස්....

      Delete
    2. වත්තල පැත්තේ එකාට නම් කතාකරන්න එපා. අටමගේ වැඩෙත් ජෝන් බාස් වෙනවා.

      Delete
    3. ඔය අටම වගේ සුදුසුකං නැති එවුවො ගෙවල් හදන හින්ද තමයි සිමෙන්තිත් ගණං වැඩි කළේ.

      Delete
    4. නට් කේස් එක්ක හිටියහම හොද උනුත් නට් වෙනවා

      Delete
    5. එය කියන්නේ අර කෙලිං බාස් නේද

      Delete
    6. අන්තිමට බස්ස ගන්ඩත් බැරුව යනවා

      Delete
    7. නුසුදුස්සෙක්ද කියලත් මටම හිතෙනවා

      Delete
  6. උඹේ වැඩේ සාර්ථක වේවා...

    අපිත් මේ දවස් වල වැඩට මිනිස්සු නැතුව හක්ක පාත්වෙලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. බොලාගේ වැඩපොලවල් හන්දා තමා ගංවල මිනිස්සු නැත්තේ

      Delete
  7. ආ දැන් තේරෙනව නේද.කියනවා වගේ නෙවෙයි කොරනකොට තමන්නේ වැඩක් ආපුවම බලාගත්තැකි.

    ReplyDelete
    Replies
    1. ඇයි මොකද ගේමටද එන්නේ

      Delete
  8. මේ යන විදියට නං ඉන්දියාවෙන් ගෙන්න ගෙනම තමයි කොරගන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආවට කමක් නැ ඇවිත් යන්ඩ

      Delete
  9. මට නම් හිතෙන්නෙම, අටන් අය්යා, අර කලින් අන්කල් පොරට අහුවෙලා කියල, ඌ ලෝක කපටියෙක් වගෙ.
    ඔක්කොමත් හරි, ඔයා සිගරට් බොන එක අඩු කරන එක සතුටක්. පුලුවන්නම් බොන්නම එපා. මන් ජීවිතෙටවත් සිගරට් බිලාම නෑ..

    ReplyDelete
    Replies
    1. ජීවිතෙටවත් සිගරට් බිලාම නෑ..

      උම්මා

      මං අහුවෙන්නේ නැ ....මං මාවම දැක්කද මන්දා....සමහරු කියනවා මං බීමට හෙන පෙරේතයි කියල ...ඒ උනාට මං එහෙම නැ ......මට ඕන අනිත් උන් විනාසවෙන එක වලක්වන්ඩ ඒකයි බෝතලේ වැඩි හරියක් බොන්නේ

      Delete
  10. ගෙදර වැඩේට සුභපැතුම්..!!
    සිගරට් සීන් එක නම් අඩුකරනවයි නවත්තනවයි කියන්නෙ දෙකක්.අඩු කරන සීන් එකේදි මම කරේ දවල් දොලහ වෙනකන් ගන්නෙ දෙකයි.එකක් උදේම කාල බොනවා.අනික සාක්කුවේ තියන් හුරතල් කරනවා.හැම වෙලේම පත්තු කරන එක කල් දානවා.ට්‍රයි කරලා බලන්න ඒක වැඩ කරනවා.
    බාස්ල ඔක්කොමත් හරි.. බොරු කිය කිය පොල්ල තියන එක තමයි ඉවසන්න බැරි.දවසක් ආවොත් දෙකක් නෑ.
    ඉංදියන් කාරයො ආවොත් ආපහු යැවිලි නම් බොරු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දොලහෙන් පස්සේ පැකට් කීයක් බිව්වාද

      Delete
  11. මේක මම බුකියෙත් දැම්මා...

    අපි ආවොත් වෙන්නේ ඊට වඩා පාඩුවක්...

    අර බ්ලූ ෆිල්ම්, විජිතගෙන් අහන්න උපහැරන ටික මරු බං...

    මාර සංවර්ධනයක් රටේ වෙනවා... නැතෙයි නැතෙයි කිව්වට... අනික ඔය කියනවා තරන් මිනිස්සුන්ට අමාරුත් නෑ... තියෙන්නේ මහින්ද නැති අමාරුව.. හැක්... හැක්...

    ReplyDelete
    Replies

    1. ---------------------------------------------------------
      Maathalan - Priyantha HewageMay 24, 2016 at 1:50 PM
      මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි....

      ඒත් කරුමය කියන්නේ ජේ ආර්ට වගේ රනිල්ට හොඳ සෙට් එකක් නැති වීම හා අවුරුදු ගානක් රට කෑ කාලකන්නි පිරිසක් ජාතික ආන්ඩුවක් කියා රෙද්ද අස්සේ දා ගැනීම...

      Reply

      Delete
    2. ///මාර සංවර්ධනයක් රටේ වෙනවා... නැතෙයි නැතෙයි කිව්වට...
      අනික ඔය කියනවා තරන් මිනිස්සුන්ට අමාරුත් නෑ...///

      මචං සිද්ධිය ඕක නෙමෙයි, රටේ ඔය කියන රැකියා අංශ වල කැරකෙන්නේ සීමිත පිරිසක්, (ඔවුන් රැකියාව කලත් කුඹුරු අස්වද්දන කාලෙට කපන කාලෙට ලොවෙත් වැඩට එන්නේ නැහැ. ඒකත් සමහර කාල වලට බලපානවා...)

      ඒ වගේම කලින් පටන් ගත්තු විශාල ව්‍යාපෘති දැන් හොඳට ක්‍රියාත්මක වෙන මට්ටමට ඇවිත්, Altair, John Keels, Shangri-la, The Residences One Galle Fce, The Mall One Galle Face, Avic, ETF & Labour කියන ව්‍යාපෘති දැන් උපරිම වේගෙන් ෆන්ක්ෂන් වෙනවා...
      ITC එක තාම උඩට එමින් පවතිනවා, මේවා ඔක්කොම බයියගේ කාලේ පටන් ගත්තු ඒවා...

      මේවායේ ඉදිකිරීම් සියල්ලටම වගේ පිටරට කොම්පැණි සම්බන්ධ නිසා ඒවායේ මිනිස්සුන්ට ගෙවන පඩි සාපේක්ෂව වැඩියි. අපේ කොම්පැණි වලට වැඩට එන මුකුත් බැරි එකා වැඩ පුරුදු වෙලා අර වගේ පඩි වැඩි තැන් වලට වැඩට යනවා. ඒකෙන් ඔවුන්ගේ ආර්ථිකය තත්ත්වය සාපේක්ෂව හොඳ වෙනවා...

      ඒකෙන් අපි වගේ ලෝකල් බුවාලට හිඟයක් ඇතිවෙන එක වෙනම කාරණයක්...
      ඒ අඩුව පුරවන්න තරම් පිරිසක් අලුතෙන් මේ වගේ රැකියා වලට එනවා අඩුයි...
      දැන් එන කීප දෙනා හරි එන්නේ යාපනේ සහ ඒ ආසන්න පැති වලින්...

      ඔය උඩ සඳහන් කරපු ප්‍රොජෙක්ට් කීපය තව ටික කාලෙකින් ඉවර උනාම එතනින් පස්සේ අර වැඩි පඩියට දැන් වැඩ කරන මිනිස්සුන්ට යන්න අලුතින් ඒ වගේ ව්‍යාපෘති ආරම්භ උනාද, වෙමින් පවතිනවද කියන එකයි ගැටළුව...
      අන්න එතැනදී මිනිස්සු හිර වෙන වෙලාවක් එනවා...

      Delete
    3. අද මෙයා ඔෆීස් ඇවිල්ල මෙන්න.. හික්.

      Delete
    4. හ්ම්ම්... හ්ම්ම්...
      අපි එහෙමෙයි වැඩ කරන්නේ, හැබැයි තව විනාඩි දහයෙන් ඕෆ්...

      Delete
    5. කමියට සිංහල හම්බවෙලා මෙන්න. හැක්..

      Delete
    6. අනේ මගෙන් කුනුහබ්බ නාහ පලයං මාතේ ..නැති පාඩුව කියන්නේ නැ මං තොට

      Delete
    7. අරින්ඩ එපා ලොක්කා කට කෑවත් ඇත්ත කියහං

      Delete
    8. කමියෝ අන්න ඉයන් උබේ හොබි එකට කෙලින්ඩයි හදන්නේ

      Delete
  12. මාරයිනේ බොලේ.... කුලී වැඩ කියන්නේ දැන් වයිට් කොලර් තත්වෙට වැටිලද? පස් තාච්චියක් ගානටද ගෙවන්නේ?? මේ දවස්වල කුලියක් කරගෙන කන්නයි වෙලා තියෙන්නේ. ස්ත්‍රී-පුරුෂ වෙනසක් නැතුව ගෙවනවා නම්... නියම ඉල්ලම වගේ.. හි හි... අරක්කු නම් අරක්කු, කෑම නම් කෑම !

    ගෙදර හදන එකට සතුටුයි අටම් !

    ReplyDelete
    Replies
    1. එහෙනං තව ගැණු පරාන දෙක තුනක් ඇදගන බාස් වැඩේට වරෙං

      එතකොට ගෝල වැඩේට බ්ලොග් කාරයෝ දහයක් පහලවක් පඩි නැතුව එයි

      Delete
    2. අනේ ඇන්ටි එහෙම කරන්න එපා ඇන්ටි
      මම උදේට ඔක්කොම උයලා යන්නේ
      ඔව් ඇන්ටි මුකුත් කරන්න එපා බබාලා විතරක් බලා ගන්න
      අනේ washing machine එකට රෙදි මම දාන්නම්
      මම උදේට වේලෙන්න දාන්නම්
      වැස්සොත් විතරක් ඇන්ටි ගෙට ගන්න
      මහත්තයා ගෙනාපු චොකලට් අර බබාලාට ගෙනියන්න
      හා කමක් නෑ 800ක් දෙන්නම්
      මල්ලි කාර් එකේ එවන්නම් ඇන්ටිව ගන්න


      ඔන්න ඔය විදියට වැදලා වැඳලා තමා බබාලා දෙන්නා බලාගන්න ඇන්ටි ගෙන්නගන්නේ. එත් මාසයකට දවස් 3ක් වයිෆ් නිවාඩු තමා

      Delete
  13. අපේ අක්කත් පහුගිය කාලෙ ගේ හැදුවා. (තවමත් ටික ටික හදනවා) තව අපේ මාමා කෙනෙකුත් පහුගිය දවස්වල බාස්ල ගෝලයෝ හොය හොයා හිටියා තාප්පයක් දාගන්න. ඉන්පස්සෙ දවසක ඇවිත් බාස්ල හෙවිල්ල ගැනයි බාස්ල එක්ක අල්ලපු අඩව් ටිකයි කිව්වම මටත් හිතුනෙ යකඩො බාස්ලට ගියපු කලක් කියල. ගොඩක් බාස්ල අතනයි මෙතනයි හැමතැනම වැඩ බාර අරන් හැමතැනම ටික ටික කරල වැඩ හිරවෙල. (බාස්ගෙ ගාන 1800 යි ගෝලයට 1500 යි. උදේටයි දවල්ටයි කෑම දෙන්න ඕන. දවසට තුන්පාරක්වත් තේ දෙන්න ඕන. කෑම නම් කමක් නෑ කියමු. අපිත් කන බොන එකනේ. ඒත් හිතූ හිතූ හැටියට ගනන් වැඩිකරගන්න එක. මොකද අනිත් මිනිස්සුන්ට එහෙම පඩිය වැඩිවෙනවය කියලය.) සමහරු වැඩේ බාරගෙන එවන්නෙ හරියට වැඩ දන්නෙ නැති වෙන කෙනෙක්. තවත් සමහරු පොඩ්ඩක් කරල මොකක් හරි හදිසියක් කියල වැඩිපුරත් එක්ක කීයක් හරි ඉල්ලගෙන යනව, ආයෙ පැත්ත පළාතෙ එන්නෙ නෑ. තවත් වැඩට එන සමහරු දවසම අත ගගා වැඩේ වවාගෙන කනවා. එයාලට හරියන්නෙ එයාලගෙම ගෝලයො විතරයි. මොකද ඒ රිද්මෙට එයාලත් ලතාවට වැඩකරන නිසා. කඩිසරව වැඩකරන ගෝලයෙක් හිටියොත් බාස්ට වැඩ වැඩි වෙනව. ඒ නිසා එයාලගෙ මූලිකම කොන්දේසියක් ගෝලයත් අරගෙනම තමයි එන්නෙ. කොහොම උනත් මේ දවස්වල ගෙදරක මොනව හරි ඉදිකිරීමක් කරනවය කියන්නෙ බඩුවල ගනනුයි බාස්ලගෙ ගෝලයන්ගෙ ගෑසුයිත් එක්ක මාර කට්ටක් තමයි.

    ReplyDelete
    Replies
    1. අපෙ නගාගෙ ගෙ හදනවා, බාස් කුලිය 2200ට වෑඩි කලා, යාන්තම් කපරාරු වෑඩ ඉවර කරලා නෑවෑත්තුවා, ටයිල් වෑඩ වෙන කෙනෙකුට දුන්නෙ, නෑත්නම් එයා අපිව ඉවරම කරනවා. ගෙවල් වල පිරිමි නෑති උනාම, හිතෙන හිතෙන ගනන් ගන්නවා. ගෙදර අය අපිට කියන්නෙ සල්ලි දිලා ඉවර වෙලා.

      Delete
    2. කන්ඩ බොන්ඩ දීලා බාස්ට 2000 යි ගෝලයට 1500 යි . තව ඉතින් කෑවහම තේ වෙලාවට සිකරට් එකක් එහෙමත් දෙන්ඩ ඕන

      උන් බලාගන ඉන්නකොට සිකරට් එකක් බුලත් විටක් තනි බඩට කන්ඩ බොන්ඩ බැනේ

      Delete
    3. කියෙව්වා, කියෙව්වා, අපෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක් මගෙ බයික් එකේ කඩේ ගිහිල්ලා, අපෙ බාස් එයාගෙ ත්‍රිවීල් එකෙ එන ගමන් මුනට මුන හම්බ වෙලා. මෙ බාස් විහිලුවට, අර මල්ලිගෙ ඈගට කපලා, ඒත් මේකට ත්‍රිවීල් එක නවත්ත ගන්න බෑරි වෙලා. මගෙ බයික් එකෙ ලයිට් එකය්, මඩ් ගාඩ් එකයි පිපුරුවා. සොරි මල්ලි කියලා කිව්වා විතර්යි..මට තමා එක හදන්න උනේ.

      Delete
  14. අපි මහින්ද මහත්තයගේ මිනිස්සු. කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහත්තයාගේ බොඩි ගර්ඩ්ස් ලා හරි.

    අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට බුදුබව පාර්ථනා කරමු.

    අටන්පහුර අටන්පහුර
    කොටන්පහුර කක්කා පහුර

    පුංචි මහත්තයා ඉන්නේ වෙන්නපුවේ නේද? වෙන්නප්පුවේ අර්නි අයියා ගාව ඉන්නවා නියම ගෝලයෝ සෙට් එකක්. ටොප් බඩු. කේජි කෑල්ලක් ඇදලා සැපේ ඉන්නේ. ඕනි නං ෆෝන් නම්බර් එක දෙන්නං. කෝල් එකක් දීලා බලන්න.

    ReplyDelete
    Replies
    1. අඩෝ ඇනෝ බොක්ක.. මොකද්ද ගහපු බ්‍රැන්ඩ් එක? ජාති ජාති බ්‍රෝ

      Delete
    2. ගස් ලබ්බො ඉල්ලගනිං ෆෝන් නම්බර් එක.

      Delete
    3. කළු ගල් වලට ඉන්දියාවේ කියන්නේ KG කියලා. අටමගේ ගෙයි වැඩවලට ගන්නනෙ ඔය ගේන්න හදන්නේ.

      Delete
    4. කේරල ගංජා නෙවෙයි නේ?

      Delete
    5. අරූ,
      මුට තේරෙන ඉංගිරිසියෙන් ඕක කියහන්, නැත්තන් තේරෙන එකක් නැහැ...
      කළු ගල්... හෙහ් හෙහ්...

      Delete
    6. අටම KG කියුබ් ගානට ගෙන්නන්නද හදන්නෙ.

      Delete
    7. අපේ සජිත් නලින්ද රණසිංහ ගාව ඕනෙ තරම් KG තියනව. ඉස්සර කටුස්ස ඉද්දි අනුරාධපුරේ KG බිස්නස් එක ජයට කලා.

      Delete
    8. නම්බර් එක දියංකෝ එහෙනං මාත් මේ දවස්වල හොද කොල්ලෙක් හොයනවා , සුදුයිනං උඹ හරි කමක් නැ

      Delete
    9. සජිත් නලින්ද රණසිංහ ගේ ඒවා ගන්ඩ බැ මේ දවස්වල වලේ වැඩ නවත්තල , අනික එහෙං ගේනඩ ලොරියකට වියදං කරනකොට මෙහෙන් කියුබ් දහයක් පහලවක් ගතහැකි .....සිටි බෝයි වගේ ටෝක් කරාට ඕකා ගොඩේ බයියා ....ඉන්නේ පට්ට ඩොටෝ ......බයික් එකේ ටැංකියට පෙට්රල් පුල් ගහල ඕකව බලන්ඩ ගිහින් එන ගමං ආයේ කඩවතදි පෙට්රල් ගහන්ඩ ඕන නැත්තං රාගමට එනකොට පෙට්රල් නැතුව හිටිනවා ...ඔන්න හිතාගනිල්ලා කොච්චර දුරද කියල.

      Delete
  15. සිරා ටෝක් ටික. අඩෝ සිගරට් බොන එක අඩු කරනවනම් රෝල් අප් බීපන්. මෙහෙනම් ටොබැකෝ පේපර් ෆිල්ටර් ඔක්කොම තියෙනව. ඔහෙත් ඇති. අතින් ඔතාගන්නත් පුළුවන්. නැතිනම් මැෂිමක් ඊ බේ එකෙන් ගනින්. ලාබයි. පෙවෙන්නෙත් සිගරෙට් එකෙන් 30% විතර. ගෙදර ඉක්මනට හදා ගනින්. ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. මේක හරියට ගල් බොන්න එපා හැලි අරක්කු ‍බීපං කිවුව වගේ වැඩක්නෙ. හැක්..

      Delete
    2. රෝල් අප් එකක් හීනියට ඔතලා ගහගනින් පුකේ.

      Delete
    3. මෙහේ කොහෙද දන්නැ ඔව්වා විකුනන්ඩ තියෙන්නේ

      Delete
  16. අපේ ගේ හදන බාස් මගෙම තාත්ත වෙච්ච එක හොඳට ගියා...
    සිගරැට් අඩු කිරීමට තීරණය කිරීම ගැන සාතිෂය ප්‍රීතිය..
    ඉක්මනින් වැඩ ටික ඉවර කර ගන්ඩ ලැබේවා

    ගුරු හොරිය...... අහුවෙයංකො මට

    ReplyDelete
    Replies
    1. ගුරු හොරිය තමා ඇයි උඔ මට මක් කොරන්ඩද

      Delete
  17. ටිකට් එකක් අරන් ඉන්දියාවට ගිහිල්ලා පොරවල් දෙකක් උස්සන් වරෙන්. ලාබයි...පහසුයි!!

    ReplyDelete
    Replies
    1. ඒ එන ගමං කේජී ටිකකුත් පාස් කරගත්තනං වැඩේ තවත් ලේසියි. හැක්..

      Delete
    2. ඒ වැඩේට බැස්සොත් අටමට ගෙයක් නෙමේ මාළිගාවක් ගැහුවැකි.

      Delete
    3. ඒ ගමන්ම MS ටිකකුත් ගෙනවානම් මැෂින් හදන ගමන් බවලතුනට විකුනුවහැකියි නේද ?

      Delete
    4. මොනවද බං එස් එම්

      Delete
    5. මනිපූර් සාරි වෙන්න ඇති බං

      Delete
    6. මොකද යකෝ මේ කොමෙන්ට් මොඩරේෂන් දාල. හැක්..

      Delete
  18. ගෙදර හදන්න පටන්ගත්ත එකට සුභපැතුම්...

    හැබැයි අටමයියේ ගේ හදන්න පටන්ගන්න කලින් වත්තල ජෝන්ගෙන් ඇහුව ද ඔයා ගෙදර හදාගන්න අවශ්‍ය කෙනෙක් ද කියලා?????


    හවස හයෙන් පස්සේ හදිසියකටවත් ගෙදරකට යන්න බැ.. කට්ටිය ඉන්නේ ඉන්දියාවෙනේ..

    සිගරට් බොන එක අඩු කරපු එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ලමයෙක් හදාගන්ඩ නැ , මල ජරා ටෙලි නාට්ටි

      Delete
  19. මං හිතන්නේ බාසුන්නැහෙලා ඔක්කොම ත්‍රීවීල් ජොබ් එකට බැහැලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරුන්ට ත්‍රීවිල් තියනවා තමයි

      Delete
  20. මගේ යාලුවෙක් අත්තිවාරම කපද්දි ඩිමෝ බට්ටෙක් පුපුරලා මලා

    ReplyDelete
    Replies
    1. හුටා ඩිමෝ බට්ට යටට ඇදලද හිටියේ

      Delete
  21. Atam pahura you wondeful man you have problems but very joligood felow. You eat drink all do. That good people eat drink no trubal good mind. take India workers to cuntri is good that no problem. They can work low mony.

    ReplyDelete
    Replies
    1. Atam ඔබ ගැටලු ඇති wondeful මිනිසා නමුත් ඉතා joligood felow pahura. ඔබ සියලු කරන්න පානය කන්න. හොඳ මිනිස්සු කිසිදු trubal හොඳ මතක පානය කන්න කියලා. cuntri ඉන්දියාව කම්කරුවන් කිසිදු ගැටලුවක් බව හොඳයි. ඔවුන් අඩු mony වැඩ කරන්න පුළුවන්.

      Delete
    2. මේක දකින හැම වෙලාවකම මට මාර සතුටක් හා දුකක් ඇති වෙනවා. මොකද මේ ගූගල් කාරයාට ජීවිතේට සිංහල පරිවර්තනය කරන්න පුළුවන් වෙයිද කියලා හිතෙනවා. අනික උඹ දන්නවාද මට මුලින්ම MSc ප්‍රොජෙක්ට් එකට සර් කාරයා දුන්නේ ඔය වැඩේ. මමත් චන්ඩියා වගේ භාර ගත්තා. යකෝ බලාගෙන යනකොට ඕක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මම දමලා ගහලා නිකං හිටියා. සර් කාරයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ මට කියලා කොටසක් කරව ගන්න. උන් මාහාචාර්ය වෙන්න කරන ප්‍රොජෙක්ට් වල කොට අදින්න අල්ලන්න හැදුවේ. අපි අහුවෙයි ඕවට.

      Delete
  22. Atan ayya. You very good man. Above ratathota frend corect ma corect. Sory my sinhala no. Phone reading onli. Good lack for house made work. My also no house. Now I afred house making. Baas problem golayo problems big problems. Sigarat drinking not good. You are stop sigarat drinking very good. I love you.

    ReplyDelete
    Replies
    1. කල්යාන මිත්‍ර, මරු රිප්ලයි එක. අයි වොන්ටු ලර්න් ෆ්‍රොම් යු..

      Delete
    2. Atan අයියා. ඔබ ඉතා හොඳ කෙනෙක්. ratathota frend corect එම්.ඒ. corect ඉහත. Sory මගේ සිංහල නැත. දුරකථන කියවීම onli. නිවසක් සාදා කටයුතු සඳහා හොඳ නොමැතිකම. මගේ ද කිසිදු නිවසක්. දැන් මම ගෙදර ගැනීමේ afred. බාස් ප්රශ්නය golayo ගැටළු විශාල ගැටලුවක්. Sigarat හොඳ නැහැ පානීය. ඔබ ඉතා හොඳ පානීය sigarat නැවතුම් වේ. මම ඔයාට ආදරෙයි.

      Delete
    3. Chandana mister.. this English learning not big difficult. I working with Koriyan, Japanese, Chinese workers their English speaking very ma very good. Now this man Ratathota Ano also very good trend making English medium commenting. I love that. Ravi brother also learning from me and writing nise article all English. speaking english, writing english, reading english all wena wenama teaching. you like time me inform. thankiyu. you are welcome.

      Delete
    4. .. මේ ඉංග්රීසි ඉගෙනීමේ ලොකු අපහසු නැත චන්දන පෙනෙන්නට නැත. මම චීන කම්කරුවන් සිය ඉංග්රීසි ඉතා හොඳ ඉතා mA කතා, Koriyan, ජපන් සමග වැඩ. මේ මිනිසා, Ratathota අධෝ ද ඉතා හොඳ ප්රවණතාවක් ඉංග්රීසි මාධ්යයෙන් කරමින් අදහස් දක්වමින්. මම ඒ ආදරෙයි. රවී සහෝදරයා මට ද ඉගෙන හා ලිවීම nise ලිපිය සියලු ඉංග්රීසි. ඉංග්රීසි කතා කරන, ඉංග්රීසි ලිවීම, ඉංග්රීසි සියළු wena wenama ඉගැන්වීම කියවීම. ඔබ මට දැනුම් කාලය කැමතියි. thankiyu. ඔබව සාදරයෙන් පිලිගන්නවා.

      Delete
    5. මේ කමියෝ මට කියල හමන්නගන්නේ නැතුව ඉන්නවද

      Delete
  23. මේ දවස්වල අපිත් ගෙයක් හදනවා.
    මම හිතන හැටියට.ගෙවල් හදනකොට අත්තිවාරම් දානවට වඩා සංයුක්ත බදාම කණු හිටවලා ඉහලින් සහ පහලින් බාල්ක දැමීම ලාබයි.
    ඒ වගේම ඔබට ඇත්තේ ඉඩකඩ අඩු ඉඩමක් නම් නම් පියැසි මහලක් සෑදීම ප්‍රයෝජනවත්. එයට යන වියදම වහලයක් ගසා සිවිලිමක් ගැසීමට යන වියදමට අඩුයි.
    වැදත්ම කරුණ නිවසට කොටසක් එකතු කරන්නේ නම් අනිවාර්යයෙන්ම දක්ෂ ගෘහසැලසුම් ශිල්පියෙකුගෙන් සැලැස්මක් ඇඳගන්න. නැතිනම් අවසනෙටය් ඔබට ලැබෙන්නේ කළුවර ගෙයක්. කොතරම් දක්ෂ වුවත් ගෘහනිර්මාණ ශිල්පීන් (මේසන් බාස්ලා) කියන කියන විදියට ගෙවල් හදන්න යන්න එපා

    ReplyDelete
    Replies
    1. සෙල්ලං නැ මේක ඇදල දුන්නේ ලොකු ආකියෙක් ........මං මේ පන ගැහි ගැහි ඉන්නේ .... ගාස්තුව කීයක් වෙයිද කියල

      Delete
  24. මම නම් බදින්නේ ගෙයක් තියෙන කෙල්ලෙක් හැක හැක විහිළුවක් කරේ. අපේ අයියගේ ගෙදර හදන සන්දියේ මට මතකයි වැඩට ආපු මේසන් බාස් මහත්වරුන් සික් එක හැදිලා තියෙනවා. ඇත්තටම ඔවුන් විදින්නේ දුකක්. ඔවුන්ට හොදින්ම දියුණු වීමට හැකියාව තිබ්බත් ඔවුන් මත් වතුර නිසා නැත්තටම නැතිවී තිබෙනවා. ඒ වගේම අප රටේ පවතින සෑම රැකියාවකටම ගරු නොකිරීමේ ගුණය හේතුවෙන් වත්මන් තරුණ පරපුර ගොවිතැන, මේසන්වරු, වඩු වැඩ වැනි රැකියා වලින් ඉවත් වී තිබෙනවා.ඒ නිසා අනාගතයේ අපට බොහෝ ගැටළු වලට මුහුණ දීමට සිදුවේ.

    ReplyDelete
    Replies
    1. දැං කොල්ලෝ ඔව්වට කැමති නැ , ඉස්ටයිල් කොරන්ඩ විතරමයි කැමති

      Delete
  25. බාස් අමාත්‍යාංශය කියලා අලුත් එකක් ඇරලා ලංකාවේ ඉන්න ඔක්කොම බාස්ලා විමධ්‍යගත කලානම් හරි.

    ReplyDelete
    Replies
    1. හෙහ් .. විමධ්‍යගත කිරිල්ලටයි බාස්ලටයි නම් මොන මඟුල උනත් කමක් නෑ, තවත් එකෙක්ට ඇමති පට්ටමක් දෙන්ට චෑන්ස් එක.

      Delete
    2. හිහ් හී...........පිස්සු ඩබල්

      Delete
    3. විමධ්‍යගත කරන්ඩ ...ඊයා අනේ .....ඇග පුරා මවිල් තියන ගොරහැඩි හමක් තියන බාස්ලට .....මේ මනුස්සයට අමු කැවිලද

      Delete
  26. වෙනද අපි කවුරුහරි බාසෙක්ගෙ වැ‍රැද්දක් කිව්වම තොට ඩෝං යනවා. ඊට පස්සෙ ‍තෝ අපිට එක එක ඇණුම් පද කියනවා. එක අතකට ... ඒත් පව් බං උඹ. අනිත් පාර අපි බාස්ලට බණිනකොට මේක මතක තියාගනිං.

    ReplyDelete
    Replies
    1. හා සාර් ...මට අමතක උනානේ මේක දාන්ඩ කලින් ..මං බාස්ලට බයිනවට විපක්ෂයි කියල

      Delete
  27. ඕවා කොහොම කොහොම උනත්..... බාසෙක් නැතිනම් මිනිහෙක්වත් අල්ලාගෙන ගේ හදාගන්න බලමු...

    ReplyDelete
  28. මිහිඳු හමුදුරුවෝන්ගේ කාලයේ අර සුසැට මොකක්ද විධිහක් දන්නා කරමන්තකාරයෝ ලංකාව දියුණු කොරනන් ඉන්දියාවෙන් ගේනවලු නේද අටමෝ

    ReplyDelete
    Replies
    1. තව වරින් වර එහෙම වෙලා තියනවා නේද

      Delete
  29. අපේ එකෙක් ගෙයක් හදනව..බාස්ට ඔනෙ විදියට ගේ හැදෙන්නෙ...මරාගන්න ඔනෙ මොකක් හරි වෙනස් කරන්න ඔනෙ උනාම..පුදුම බඩු බන් ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් බං උන් අපේ සල්ලි වලින් හදන්නේ උන්ගේ සිහින මාලිගාව මිසක් අපේ එක නෙමෙයි

      Delete
  30. හරි එන්නම්, දවසට කියක් දෙනවද කෑම එක්ක

    ReplyDelete
    Replies
    1. කන්ඩත් දෙන්නං , හවසට බොන්ඩත් දෙන්නං , ඉල්ලන ගානක් දෙන්නං ...වරෙං යකෝ

      Delete
  31. මොන බාසත් එකයි, අපේ වැඩ අපිම කරගන්නව ඊට හොදයි. මම අපේ මහන මැෂිම කැඩුනත් කාටවත් කියන්නෙ නැතිව දන්න විදිහට හදාගන්නව ඕව හදන ඔස්තාර්ලට කියල උන්ගෙ ආඩම්බර බලනවට වඩා . 😁

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං. මොකටද අපි බාස්ලගෙ රෙස්පට් බලන්නෙ. හැක්..

      Delete
    2. උඹ ප්‍රසන්නගේ අතේ මහපං , ප්‍රසන්නයට කියහං උඹගේ අතේ මහන්ඩ කියල ...එතකොට මැෂින් ඕන නැ

      Delete
  32. පස්සේ හොයාගත්ත එවුන් දෙන්නා හරි සෝක් , පලවෙනි දවසේ කපල දෙවනි දවසටත් ටිකක් ඉතුරුකරගත්තා , දෙවනි දවසේ මම කියුවා මම දැං ගමනක් යනවා ඔය දෙන්නා ඔය ඉතුරු ටික කපල ඉවරවෙලා පස්ගොඩවල් ටිකක් විතර තුනි කරල කළු ගල් ගොඩෙන් ලොකු කලුගල් ටික මෙතනට ගෙනත් දාන්න කියල

    මං ගමන ගිහින් එනකොට උන් දෙන්නා කළු ගල් ටික ගෙනත් පොලව මට්ටමට එනකං අත්තිවාරං කානුවලට පුරවලා

    ReplyDelete
  33. දැක්කා ඉයන් ඒක මරු බ්ලොග් එක , අළුතෙන් ගෑනු ළමයි ලියන බ්ලොග් ගැන වැඩිය හොයන්න බලන්න යන්න එපා , ඒ කර්තව්වේ උරුමක්කාර පොල්මක්කාරයා කල්යාන මිත්තරය

    ReplyDelete
  34. ෂික්.... බ්ලොග් ලියන මේසන් බාස් කෙනෙකුයි , වඩු බාස් කෙනෙකුයි නැති පාඩුව

    ReplyDelete
    Replies
    1. ඇයි බ්ලොග් ගඩොල් කාරයෙක් හිටිය නේද..?

      Delete
    2. ගඩොල් බදින්නේ අහවල් එකාද

      Delete
  35. යකූ අරූ තේ බීපු ගමන් කබරයත් දැම්මනං ඌට ඕනෙ අවුසදේ ඩස්ප පැකට් එකක්. අරක්කු දීල හරියන්නෑ. උදෙන්ම ඩස්ප පැකට් එකකට සල්ලි දුන්නනං ඕක මුලු අත්තිවාරමම කපනව තනියෙං. කන්න ඕනෙත් නෑ. අත්දැකීමෙං කියන්නෙ. සිගරට් අඩුකරන එක හරියන්නෑ බං. බොනවනං බීපං. නවත්තනවනං වන් ශොට් නවත්තපං. ඔය අඩු කරන සීන් නිකං ගොං පාට් බං. අද අඩුකරං යනව. ආයිත් හෙට එකක් වැඩිපුර බොනව ආයිත් අඩුකරනව. ඒත් බලපුවම දිගටම බීල. ඔය රෙද්ද අඩුකරල නවත්තන්න බෑ අම්මට පැමිනෙන්න කියල අත ඇරලම දාපං. (මමත් අත ඇරලම දාන්න ඉන්නෙ. ඒත් තාම බොනව. හැක..හැක...)

    ReplyDelete
    Replies
    1. පොර බව්වෙක් නෙමෙයි බං බෙබෙක්

      Delete
  36. හරි සජීවී කතාව......

    ReplyDelete
    Replies
    1. හෑ..???? මේක ගෑල්ලමයෙක් ගැන කියල නෑනෙ අපෙ හාන්දුන්නෙ....

      Delete
    2. හැ එතකොට අනිත්ව ඔක්කොම අජීවීද බං

      Delete
    3. ස්තුතියි අපේ පොඩි හාමුදුරුවනේ

      Delete
  37. මේ උත්සාහය මට කරපු ගෞරවයක් , ස්තුතියි සංජය .....ඊලගට ලියන්නේ උඹ ගැන

    ReplyDelete
  38. //මැන්ඩිස් ඕල්ඩ් අරක්කු ගදක්//

    හරියටම කියන්න පුලුවන්ද?

    ReplyDelete
  39. රාත්තිරියට බලුප් එකක් හයි කොරගෙන උඹම වැඩ කරහං අයියෙ. ගෙයි වැඩ අහවර වෙනකොට උඹ ඩබොල් බාස්. කඩා වැටුනත් හාමිනේ ඇරෙන්න වෙන කෙනෙක් බනින්නෙ නෑනෙ.

    ReplyDelete
  40. උඹට මතකද මම කිවුවා එංගලන්තේ ඉඳලා ආපු මම දන්නා පොරක් තනියම ගෙයක් හදනවා කියලා. ඌ දැන් බිත්ති බැඳලා ඉවරයි. උඹ එතකොට කිවුවා, කොහේ හරි යන අමු පෙරේතයෙක් කියලා. දැන් පේනවා නේද ? එක-එකා ගැන බලන්නේ නැතිව තනියම වැඩ කරගන්න එකේ වටිනාකම. මමත් පහුගිය ඉරිදා වයරින් එකක් කළා. මේ සතියේ බිත්ති ටිකක් ටච්අප් කරගන්න තියෙනවා. අපිට පුළුවන් බං උන්ට වඩා. ඔය අත්තිවාරම් වලට ලණු ගහන එක මහා වැඩක්ද, අපි ක්‍රිකට් පිච් වල ඇද යවන විදියටම තමයි කරන්න තියෙන්නේ. මුලු වල ඇද අරින්නේ පයිතගරස් ප්‍රමේය පාවිච්චි කරලා. බලන් යනකොට මහා වැඩැක් නෑ. පී.සී. ඇසෙම්බල් කරන වැඩ ඔයිට වඩා අමාරුයි. මේ කමෙන් බලලා මාර ආතල් එකක් ගත්තේ. විශේෂයෙන්ම අර රත්තොට ඇනොගේ එකයි කමියගේ එකයි.

    ReplyDelete
  41. මගෙ යාලුවෙකුගෙ ඉන්ජිනේරු සැමියා ගෙදරට කොටසක් ගන්න හිතුවා. බාස්ලා ගෙන් කාපු කටු අනුව තමන්ම හදනව කියලා හිතලා, එලියේ ටික විතරක් බාස්ලාට කියලා බන්දවාගෙන, රෑ තිස්සේ, උදේ 2 වෙනතුරු තනියම බිත්ති බඳිනවා, යූ ටියුබ් වීඩියෝ ත් බලාගෙන, ඇසූ, දුටු දේ වලුත් එකතු කරලා. එයාට බාස්ලා හොයලා එපාම වෙලා. පොලු තිබ්බාලු අනන්ත.ඩූ ඉට් යුවර් සෙල්ෆ්( DIY ) කියන සංකල්පය අදට ඉතා හොඳින් ගැලපෙනවා.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>