2016-06-23

ඇයි යකෝ ඔය


                                                                                                                        

ඇයි යකෝ ඔය
බීපිය හෙමිහිට
බලාපිය ඔය
දාල සීයක්ම
අරක්කු විඳපං
හෙට උදේට
විදවන්නේ නැතුව

අටමා බලාපං
ජෝනට සලකන
පට්ට සැලකිල්ල
හිතාපං පවුලගැන
පොඩිත්තියෝ ගැන
ඊ සිගා එක බොන්න
මේ එක එක රස
බස්සන්න එක දෙකට

බොලා ඔය කියුවට
මම නං රැවටෙන්නේ නැ
මේ මගේ බොක්කවල්
වසර විස්සක් තිස්සේ
දුකට සැපට හිටිය

පලි//  මගේ oppo ජංගමයාගෙන් මීවිත සැලක සිට ලියුවක් බව සැලකුව මනාය

63 comments:

  1. අනේ මමත් ඔහොමනේ බං .... මටත් වීදුරුව පිරෙන්ඩ තියෙන්ඩ ඕනෙ.... නැත්නං හිතට හරි මදි ...

    ReplyDelete
    Replies
    1. උඹයි මායි හිටියහම අඹ සරනයි අනිත් උන්ට

      Delete
    2. දුටුමි දිනයක
      තොප දෙදෙනාගේ
      රැඟුම්
      කාර් රඟමඬලක
      අහෝ අඹ නොවේ
      අබම සරණවිය
      එහි උන්නු
      අපහට

      Delete
    3. හැක හැක හැක .... අපිට නං මතකනෑ මුකුත්ම .....

      Delete
  2. උඹ වගේම ඔපෝ කාරයත් හොදටම බොනවා වගෙයි.. හැබැයි උඹ වගේ කුනුහරුප කියන්නැති ගානයි.. හැක්

    ReplyDelete
  3. මේක කියවලා මට වෙරි වගේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙමහරි මත් වෙයං ....ආ බෑනේ හෙට සෙනසුරාදා නේ

      Delete
  4. උඹටයි ඔපෝටයි දෙන්නටම ඩෝප් වගේ. ඔය ජරා බ්‍රෑන්ඩ් ගහපුවම ඔහොම තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. බොමුද සීතල වතුර වීදුරුවක් :D

      Delete
    2. කොහෙද බොල ජරා , පොලෝසියේ මහත්තුරුත් අන්දොස් වෙනවා

      Delete
    3. බැ බං මට හොදටම සෙම

      Delete
  5. තැන්ක්ස් මචෝ.. බලලා ඩෝප් උනා...

    ReplyDelete
  6. වෙලාවට අමුවෙන් හිටියේ මේක කියවන කොට....!
    තාමත් කැරකෙනවා...!

    ReplyDelete
    Replies
    1. ජංගමෙන් බලනකොට ඇද නැතුව පේනවා

      Delete
  7. කවියටත් වෙරි වෙලා..

    ReplyDelete
    Replies
    1. මටත් වෙරි ...තව බොනවා ...අද

      Delete
  8. එතනෝල් බීමත් දැන් ලොකු ැවඩක්...අපි බොනවාට ආන්ඩුව අකමැතියි නෙව.. අනේ මන්දා චන්දේ දීලා හැමදාම අපි කොරගන්නඑක ලොකු වැඩක් තමයි අරක්කු මිල වැඩිකරගන්නඑ ක..

    ReplyDelete
    Replies
    1. ඈ අමිලයෝ දැං ඡන්දේ දුන්න එකෙක් නැනේ

      Delete
  9. Replies
    1. හම් ..... ඔයත් බොනවද .....දවසක සෙට්වෙමු

      Delete
    2. මීට කලින් බීලා නැ... කවුරුත් මට අරන් දුන්නෙ නෑනේ.. බොනවනම් බොමු...

      Delete
  10. බීල බිවිල්ලක් අැඟිලි වලටත් වෙරි

    ReplyDelete
    Replies
    1. නැ නැ මේ ෆෝන් වැඩේ තාම හුරු නැ

      Delete
  11. උඹ ඔය බීල ගෙදර යන්නෙ "රෝද දෙකක්" උඩ ……!!!!

    කැමැත්තක් ……

    ReplyDelete
    Replies
    1. ඔයිට වැඩිය එව්වා බීලා ඔය වාහන එලවන්නේ

      Delete
  12. If you drink more and more Gin, you will loose the proper functionality of your "Tool"

    By Experience

    ReplyDelete
    Replies
    1. ඔබ තව තවත් ගිං පානය f, ඔබ ඔබේ "මෙවලම" නිසි ක්රියාකාරීත්වය අහිමි වනු ඇත
      අත්දැකීම් විසින්

      Delete
  13. වේලනවා බොල.මුළු ඇඟම වේලනවා.හොඳට බීපිය.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දවල්ට මරු ඟද නැනේ

      Delete
  14. Lemon gin is alright. . But not the dry gin. When you drink.. enjoy the drink; not the fucking poetry.. :)

    ReplyDelete
    Replies
    1. ලෙමන් ජින් යි උත්ප්රාසය. . නමුත් වියළි ජින්. ඔබ පානය කරන විට .. පානය භුක්ති; මඟුලේ කවි නොවන .. :)

      Delete
    2. නෑ මේ කියන්නෙ හයි ජින් වෙන්න ඇති්

      Delete
  15. කුඩුවෙන්න ගහල වගේ

    ReplyDelete
  16. //අටමා බලාපං
    ජෝනට සලකන
    පට්ට සැලකිල්ල
    හිතාපං පවුලගැන
    පොඩිත්තියෝ ගැන
    ඊ සිගා එක බොන්න//

    ඇත්තටම මෙහෙම හිතෙන්නේ නැතිද මං අහන්නේ...කවියට විතරක් නෙවේ, ඇත්තටම මෙහෙම හිතපන් මලේ...

    ReplyDelete
    Replies
    1. හිතෙනවා හිතෙනවා .....ඒ ඇසුරෙන් ඈත් වෙනකොට මං කලබලකාරී වෙනවනේ

      Delete
    2. ඔය පුරුද්ද නවත්ත ගන්නම ඕන නම් මම මෙන්න මේ ක්‍රමේ කියෙව්වා මුහුණු පොතේ තිබිලා. හැබැයි මේකට ලඟම කෙනෙකුගේ උදව් ඕන, මැරුවත් කටවහගෙන ඉන්න පුලුවන් කෙනෙක් වෙන්නත් ඕන... විශ්වාසවන්ත වෙන්නත් ඕන, එහෙම තමා ඒ ලිපියේ තිබ්බේ.. බොන්න හිතෙන වෙලාවට අර විස්වාසවන්ත කෙනාට කලින් දැනුන් දෙන්න ඕන.. එයාට කරන්න තියන වැඩේ හරිම ලේසියි.. හැබැයි ඒක කරන්න ඕන හොරෙන්.. මේකට ඕන විදුරු 2ක්.. එකක ඔය බොන ජාතිය,අනිකේ ඒ හා සමානම ප්‍රමාණයක් අපි බොන ඕනම දියර ජාතියකින් වකුඩගු යුගලය පෙරා සදා දෙන දියරය..දැන් වැඩේ හරි.. මේසේ උඩ ඔය දෙකම තියලා යන්නයි තියෙන්න, ඕන එකක් තොරන් බොන එකයි ඇත්තේ කියලා....

      Delete
    3. පිස්සුද අනේ ඔය දෙක අදුරගන්ඩ බැරිද ගිනිවතුර බොන එකෙක්ට

      Delete
    4. අනේ මන්දා අටම්.. එහෙම තමා ඒ ලිපියේ තිබ්බේ....:(

      Delete
    5. පිස්සෙක් කියපු කතාවක් අමතක කරල දාන්න

      Delete
  17. ඔය රොකලන්ඩ් එක නෙවේ....අනිත් ලෙමන් ජින් එක මරු..

    ReplyDelete
  18. Replies
    1. නයිස් කෑවට වෙරි වෙන්නේ නැ

      Delete
    2. බයිට් එකට නයිස් කන්න.

      Delete
  19. දැන් වෙරි බැහැල ඇති මගෙ හිතේ. ඊය.... ලෙමන් ජින් ....ඕක්.... ඕඩිකොලොන් වගේ.
    ඕල්ඩ් පොඩ්ඩක් ගහන වෙලාවක කතාකරපම්

    ReplyDelete
  20. යකෝ කියවල ඩෝප් වෙන්න ඕනේ නං මෙන්න කවි!!!!

    ReplyDelete
    Replies
    1. මං හිතාන උන්නේ උඹ මැරිල කියල

      Delete
    2. මං ආයේ ආව ඩෝ ලියන්න 👌 ☺️

      Delete
    3. එල ඩෝ එල ...මං බලාගන උන්නේ එනකං

      Delete
  21. අයියේ වැඩිය ජෝන්ට සලකන්න යන්න එපා. ජෝන්ගේ හොදම කස්ටමර්ස්ලට තමා මුලින් කෙළවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පෙර මග සුබ ලකුනු පෙනේ පෙනේ වගේ දැං

      Delete
  22. ලස්සන සිතුවිළි දෙබසක් :)

    අනේ..
    මොකට හෙමිහිට
    අපායටත් කලින් යන්න
    අනේ ඉතිං තව ගන්න
    ගෙදරටත් ගෙනියන්න
    බයිටි ගෙන්වා ගන්න
    අනේ මදි වෙනකොට
    කැමතිනම්
    උන්දවත් බයිටට ගන්න
    හා නේ මක් වෙනවද
    කානුවක පේමන්ට් එකක
    ටිකක් ඔහේ ඇලවෙන්ට
    කාලයක් යනකොට
    අක්මාව ගලවන්ට
    ආණ්ඩුවේ බිල නොගෙවා
    නවතින්න
    අක්මාව ගලවන්ඩ
    ගලවලා
    බෙංගාල බොක්කට දෙන්ඩ
    "අන්තිම රෝදේ"
    කලින් ලියලා දෙන්ඩ
    අනේ ඉතිං
    තව ගන්ඩ DRAM
    බෝතල් වෙනඩ
    නැත්තම්
    ඒදණ්ඩ නොගිහින්
    ඇලෙන් බැහැලා යන්ට



    ReplyDelete
  23. අටමා බ්‍රෑන්ඩ් ඒක ෙමාකක්ද. නිකමට අහන්ෙන්

    ReplyDelete
  24. බීමෙහි ඇති රසයද - එහි ඇති මනා ගුණයද
    බොන උතුමෝ මිස - නොබොන දුදනෝ නොදනිත්

    ReplyDelete
  25. මේ මගේ බොක්කවල්
    වසර විස්සක් තිස්සේ
    දුකට සැපට හිටිය

    ReplyDelete
  26. ජින් ,ලෙමන් හරි වෙන ඕන එකක් .. ආසම බීමක්

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • තාත්තෙක් මං
    රූස්ස ගස් වලින් හැදිච්ච තනි කැළැ මන්ඩියක අවාරෙට වැටිච්ච ඇටයකින් පැලවෙච්ච පළ දරපු ගහෙත් පරාග දුන්න ගහෙත් හෙවන අතරින් පතර ලැබිලා මහ රුස්ස…
  • ඔයත් තාත්තට බයද
    මතකයිනේ බඩු නැ සර්  කතාවෙ oic මහත්තයා, එයාගේ පුත්තරය එයාට කරපු හරියක් තමයි මෙ. මෙ කියන කාලයේ එ මහත්තයා හිටියේ…
  • HA-2045 ballpoint needles applied to household machines
  • 2020 ජනාධිපති කවුද
    මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක් ඝෝටා හොදයි සිරිසේන හොදයි රනිල් හොදයි ෆෝන්සේකා හොදයි චම්පික හොදයි බැසිල් හොදයි චමල් හොදයි එස්බී…
  • වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය
    බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින්…
  • කිරි ටොයියන්ට පරණ ජනේල අකැපද  -  how to install windows xp core i5 or core i7 new computer
    දැං ඔය අපේ සමහරක් ඈයොන්ට තියනවනේ පරණ ඒවා අත අරින්ඩ බැරි පුරස්නයක් , කසාදත් බැදලා ගෙවල් වල තොවිල් , මොකද බැලුවහම කේස් එක ගෙදර අළුත් එක තියෙද්දි පරන…
  • පොඩ්ඩක් හිටහං මෙව්වා කවදා දකින්නද
    මගේ පාඨක ජහමනයාට මතකද දන්නැ අර මගේ පල නොකියා පළා බෙදිල්ල කතන්දර , එතකොට තව මතකද දත්වලට වැට ගහපු සකේවුස් කතන්දරවල අයිතිකාර පොර,…
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • පත සයිස් කබරයෙක්
    අනේ ඉතින් තවත් නත්තලක් ආවා , අපේ පැත්තේ ඉතින් වැඩිපුරම ඉන්නේ කිතුනු භක්තිකයෝ හන්දා කෑම පිගන් එහෙම මදි නොකියන්ඩ ලැබුනා , බොන පාටි…
  • How to identify high quality needles
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  • ගොත බොන්චි
    පහුගිය  දවස්වල ප්‍රසාද්ලෑ මයිනලෑ කිචි  කතා  ගොලු කතා  කියවනකොට තමයි මට මේක  මතක් උනේ ... මේක කිචි කතාවක්  ගොලු…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන ,  සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු
    අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු…
  • ජාබා සහ ජුල්බුලී
  • සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ
    මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු  කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු…
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
  •  පුස්පකුමාර , බිස්කට් , කිරිබනිස් , ඉස්කෝල රෙදි , casio වොච් , සීංහල භාෂා දින තරග
    ඔන්න ඉතින් ඒ කාලේ ඒ කියන්නේ පුස්පකුමාර ජනාදිපති තුමාගේ කාලේ , ජනසවිය දෙනවා , ගෙවල් දෙනවා , උදේ පාන්දර මල ගෙවල් වලට යනවා , ඉස්කෝලවල කිරිබනිස් දෙනවා ,…
  • How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය
    <script type='text/javascript'> 2  var d='<data:blog.url/>'; 3  d=d.replace(/.*\/\/[^\/]*/,…
1,645,912

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>