මං බය උනා
ඔයා යයි කියල
අසරණ මාව
තනිකරල දාල
කීදෙනෙක් නං
ආවද මාලඟට
ජීවිත කාලෙටම
විඩෙං විඩේ
ඒත් ඔයා තරං
ඒ කෙනෙක්වත්
මට ඕන දේ
දුන්නේම නැ
දුකට සැපට හැමදාම
ලඟ හිටිය එයා
යන්නම ගියහම
ඒ අඩුව පිරෙව්වේ ඔයා
ඒත් මට හිතුනේම නැ
ඔයාට පුලුවන් වෙයි
මාව හුරතල් කරන්න
තෘප්තිමත් කරන්න කියල
මට දැනුනා නං
කොහොමටවත්
ඒ පොව්වන වතුරට
බහින්ඩ දෙන්නේම නැ
ඇස් මානයේ ඔයාව හොයනකොට
වතුර යට ඉදං ඇස් පිල්ලං ගහනවා
මගේ පපුව පිච්චුන තරම දන්නව නං
ආයේ දග කරන එකක්ම නැ ඔයා
ඔය එක එක්කෙනා කතා කලාට
ඔයා ඇහුන්නැ වගේ ඉන්න
ඔයාට කතා කරල මට කියන්න කියුවට
මම ඇහුන්නැ වගේ ඉන්නේ
එයාල මට ඕන නැති නිසා
මං කොච්චර වඳ වින්ඳද
ආයෙත් ඔයාව මාලඟට ගන්න
උදව්වට ඕන දේවල් නැතුව
මා ලඟ තියන ලාභ බාල
කොත්තමල්ලි වෙනිවැල්ගැට එක්ක
මහා ගොං විදිහට ඒ අවදානම අරං
කාලගටවත් ඔයාව
ගෙනිච්චෙ නැත්තේ
හුස්ම පිබින මුවාවෙන්
ඔයාගේ තොල් හපයි කියල
ඒ නැතත් චුට්ටංම චුට්ටං
හංස පැටව් අතගායි කියල
කොහොම හරි මං දින්නා
නැ නැ හරි හරි සොරි සොරි
අපි දෙන්නාම දින්නා
දැං ආයෙත් ඔයා
මගේ තුරුල්ලේ
වෙච්ච දේ ඉවරයි
හැබැයි ආයේ කියන්න එපා
ඔයා මාව බලාගත්තේ නැතුව
මාව වතුරේ ගිලුන හන්දා
මට අරක බැ මේක බැ කියල
මට කරදර කරපු අය
මං කොච්චර ආදරේ කරත්
අන්තිමට නැවතුනේ
පල් වගරු මඩේ

මේක මල ඉලව් love එකක්නේ .... මේ ..... ඔය තියන එකනම් වෙන්න බෑ ... අටමෝ.... ලෝක ළමා දිනේ අපචාරයක්ද දන්නෙත් නෑ .
ReplyDeleteඋන්නද මලාද නැතුවට , උඹත් හැම වෙලේම ඔන්ලයින්නේද ....මේක එසේ ලව් එකක් නෙමෙයි , අපචාර කාරයෝ අපචාරයට ලක් වෙන හැටි දන්න මං අපචාර කරයිද නෝ නා , ළමා දින ගැන නං කතා කරන්ඩ එපා , දිනයේ අතුරු පල විදිමින් ඉන්නේ , ඔන්න එක්කෙනෙක් අද ඒගොල්ලන්ගෙ දවසය කියල මට කට පියාගන ඉන්ඩ කියල ගිහිං , අතක් බෙල්ලෙන් ලනුවක් දාල එල්ලගන බුදි
Deleteඋමට කෙස් එකක්අටමා හැක්
ReplyDeleteමං හිතුවෙ ෆෝන් එක ගැන ලියල කියලා . ඒ වුනාට ලියල තියෙන්නෙ ෆෝන් එක ගැන නේ :D
ReplyDeleteඅඩේ උඹ ඒකත් සර්ෆ් එක්සෙල් දාල හේදුවද?
ReplyDeleteසැක් ... නොමඟ යවන හැටි
ReplyDeleteඅයියෝ.
ReplyDeleteමූට ඉලෙට්ටෝනික් බඩු වතුරෙන් හෝදනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද?
ඔප්පො ලොකු එක ගමු
ReplyDeletehmm
ReplyDeleteමම හිතුවේ වෙන දෙයක්.
ReplyDeleteඅනේ මන්ද් බන් අයියේ මේවා
ReplyDelete"ඒ නැතත් චුට්ටංම චුට්ටං
හංස පැටව් අතගායි කියල
කොහොම හරි මං දින්නා" කුපාඩි කමට තේරුනේ ඔච්චරයි.
අපි දෙන්නගෙ ආලේ - මෙන්න කුස්සිය මුල්ලේ
ReplyDeleteකෙලියද අලුත් ෆෝන් එක වතුරේ?
ReplyDeleteනැතිවෙන්ඩ ඕනෙ කියනවානෙ ඇති වෙන්ඩ
ReplyDeleteඅටමෝ පුසෙක් ගෙයි පුසියෙක්ගෙයි අදර කතාවක්ද?
ReplyDelete