2016-10-01

තෘප්තිය



මං බය උනා
ඔයා යයි කියල
අසරණ මාව
තනිකරල දාල
කීදෙනෙක් නං
ආවද මාලඟට
ජීවිත කාලෙටම
විඩෙං විඩේ
ඒත් ඔයා තරං
ඒ කෙනෙක්වත්
මට ඕන දේ
දුන්නේම නැ
දුකට සැපට හැමදාම
ලඟ හිටිය එයා
යන්නම ගියහම
ඒ අඩුව පිරෙව්වේ ඔයා
ඒත් මට හිතුනේම නැ
ඔයාට පුලුවන්  වෙයි
මාව හුරතල් කරන්න
තෘප්තිමත්  කරන්න කියල
මට දැනුනා නං
කොහොමටවත්
ඒ පොව්වන වතුරට
බහින්ඩ දෙන්නේම නැ
ඇස් මානයේ ඔයාව හොයනකොට
වතුර යට ඉදං ඇස් පිල්ලං ගහනවා
මගේ පපුව පිච්චුන තරම දන්නව නං
ආයේ දග කරන එකක්ම නැ ඔයා
ඔය එක එක්කෙනා කතා කලාට
ඔයා ඇහුන්නැ වගේ ඉන්න
ඔයාට කතා කරල මට කියන්න කියුවට
මම ඇහුන්නැ වගේ ඉන්නේ
එයාල මට ඕන නැති නිසා
මං කොච්චර වඳ වින්ඳද
ආයෙත් ඔයාව මාලඟට ගන්න
උදව්වට ඕන දේවල් නැතුව
මා ලඟ තියන ලාභ බාල
කොත්තමල්ලි වෙනිවැල්ගැට එක්ක
මහා ගොං විදිහට ඒ අවදානම අරං
කාලගටවත් ඔයාව
ගෙනිච්චෙ නැත්තේ
හුස්ම පිබින මුවාවෙන්
ඔයාගේ තොල් හපයි කියල
ඒ නැතත් චුට්ටංම චුට්ටං
හංස පැටව් අතගායි කියල
කොහොම හරි මං දින්නා
නැ නැ හරි හරි සොරි සොරි
අපි දෙන්නාම දින්නා
දැං ආයෙත් ඔයා
මගේ තුරුල්ලේ
වෙච්ච දේ ඉවරයි
හැබැයි ආයේ කියන්න එපා
ඔයා මාව බලාගත්තේ නැතුව
මාව වතුරේ ගිලුන හන්දා
මට අරක බැ මේක බැ කියල
මට කරදර කරපු අය
මං කොච්චර ආදරේ කරත්
අන්තිමට නැවතුනේ
පල් වගරු මඩේ

15 comments:

  1. මේක මල ඉලව් love එකක්නේ .... මේ ..... ඔය තියන එකනම් වෙන්න බෑ ... අටමෝ.... ලෝක ළමා දිනේ අපචාරයක්ද දන්නෙත් නෑ .

    ReplyDelete
    Replies
    1. උන්නද මලාද නැතුවට , උඹත් හැම වෙලේම ඔන්ලයින්නේද ....මේක එසේ ලව් එකක් නෙමෙයි , අපචාර කාරයෝ අපචාරයට ලක් වෙන හැටි දන්න මං අපචාර කරයිද නෝ නා , ළමා දින ගැන නං කතා කරන්ඩ එපා , දිනයේ අතුරු පල විදිමින් ඉන්නේ , ඔන්න එක්කෙනෙක් අද ඒගොල්ලන්ගෙ දවසය කියල මට කට පියාගන ඉන්ඩ කියල ගිහිං , අතක් බෙල්ලෙන් ලනුවක් දාල එල්ලගන බුදි

      Delete
  2. උමට කෙස් එකක්අටමා හැක්


    ReplyDelete
  3. මං හිතුවෙ ෆෝන් එක ගැන ලියල කියලා . ඒ වුනාට ලියල තියෙන්නෙ ෆෝන් එක ගැන නේ :D

    ReplyDelete
  4. අඩේ උඹ ඒකත් සර්ෆ් එක්සෙල් දාල හේදුවද?

    ReplyDelete
  5. සැක් ... නොමඟ යවන හැටි

    ReplyDelete
  6. අයියෝ.
    මූට ඉලෙට්ටෝනික් බඩු වතුරෙන් හෝදනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද?

    ReplyDelete
  7. මම හිතුවේ වෙන දෙයක්.

    ReplyDelete
  8. අනේ මන්ද් බන් අයියේ මේවා
    "ඒ නැතත් චුට්ටංම චුට්ටං
    හංස පැටව් අතගායි කියල
    කොහොම හරි මං දින්නා" කුපාඩි කමට තේරුනේ ඔච්චරයි.

    ReplyDelete
  9. අපි දෙන්නගෙ ආලේ - මෙන්න කුස්සිය මුල්ලේ

    ReplyDelete
  10. කෙලියද අලුත් ෆෝන් එක වතුරේ?

    ReplyDelete
  11. නැතිවෙන්ඩ ඕනෙ කියනවානෙ ඇති වෙන්ඩ

    ReplyDelete
  12. අටමෝ පුසෙක් ගෙයි පුසියෙක්ගෙයි අදර කතාවක්ද?

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  •  මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
     මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද https://www.youtube.com/watch?v=VEs6D-V89mA මෙන්න ලින්ක් එක සබ්ස්ක්‍රයිබ්…
  • How to put a Singer 974 shuttle
  •  ලබ්බ කියන්නේ ඇයි
    නට්ටට කිරි උනන පැගිරි වයසෙදි ජීවත්වෙන පැත්ත මාරු කරල වෙන පලාතකට යනව කියන්නේ හක්ක පනින වැඩක් , ආයේ ඉතිං දිනන්ඩ නං අභියෝග කොච්චරක්ද , එහෙං ඉස්කෝල…
  • මුදුනා වෙන්ඩ ගියේ
    ‘‘ ඒයි කෝ අර සනත් නන්දසිරිගේ පීස් එක ‘‘ ‘‘ ඔය තියෙන්නේ කැසට් එක ඇතුලෙම ‘‘ ‘‘ ඒ සින්දු තෝරල ගහපු එකනේ  ...මං කියන්නේ රතුපාට එක ..වරදක් කලත්…
  • බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ
    අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • ආ එයා ලොකූ වැඩක්
    කතන්දර අංක එක  මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ…
  • අනන්තයක්  වෙනකං
    වෙන ළමයි සැර කෙරුවහම දුහලා මාරු වෙනවා කොහේ හරි හැංගෙනවා එක්කෝ තරහ වෙනවා නැත්තං අඩනවා ඒකටත් එක්ක උඹ කපටි හිනාවක් දානවා තාත්තේ මේ දන්නවද චුට්ටක්…
  • Jaba and Julbuli my Lovely  dog pets / smarty dogs / Funny dogs / Lovely...
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • පොල් කටුවලින් මල් වට්ටියක් හදමු
     
  • බයිසිකල් හොරු Bicycles Thieves
    ඔන්න ඉතින් මං දවසක් අපේ පොඩි මල්ලි කොල්ලත් එක්ක ඉන්නව ඒකලගේ කඩේට වෙලා , කොහොමටත් ඉතින් ඒ දවස්වල උන්ගේ අයියා ( ලොකු අයියා ) ඇරුනහම සියලු මිතුරු…
  • යුග දිවී රස
    ‘‘හෙල්ලෝඕ‘‘ ‘‘අනේ ..ක්‍රීස්ටිනා ....කෝ මයේ පුතා ඉන්නවද රත්තරනේ ‘‘ ‘‘ සරත් නැ අම්මා අදත් ඔන්න ඔපිස් එකේ මොකක්ද වැඩක් කියල ගියා ...ඇයි අම්මා…
1,646,144

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>