අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ ඒවුන්ගේ වැරද්දනේ ...ඒ කාලේ අපිටනං ඔහොම සමයං නටන්ඩ අපේ වැඩිහිටියෝ ඉඩදුන්නේ නැ ....අපේ සිරිවර්ධන මාව කැන්දං ආ දවසේ තමා හරියට වචනයක් කතා කලේ ..ඊටත් මාස ගානකට පස්සේ වෙසක් එකකටනේ අපි පන්සල් ගියේ ...එදත් මං මහ අම්මන්ඩිගාව ....අර මිනිහා කොහෙවත් ...... ..ඒකට මුං .... ...පට පට ගගා බයික්කෙ නැගල කරෙත් එල්ලිලා පන්සල් එන්නේ....කොහේ එකෙක්ද දන්නැ ...ඔය කොලුවා ....ඉන්තේරුවෙන්ම කොහේ හරි දුර පලාතකිං රසස්සාාවකට ආපු එකෙක් ..... අහල පහලක එකෙක් නං ඔය සක්කර වට්ටම එල්ල ගනි යැ ....
..නෙදකිං අපේ මිනිහගේ මහ ගෑනි ..මේ බණ පදයක් අහන වෙලාවෙත් මතක් උනානේ ....ඉන්නකං මට වධ දීලා දීලා ...ඇදටත් වැටිල එකතැං වෙලා ඉදලා මට කියල ගූ හුජ්ජත් අතගාවගන මටම බැන බැනා ඔත්පලේම මැරිලා ගියා .....ආවතේව කරපු ගුනේවත් තිබ්බට පට්ට වේසි අන්තිම ඉඩමත් හොරාට තුනට බෙදලා පැත්තවත් නොබලපු දෝනියැන්දලට දුන්නා ...දැං අවිචියේ දැවි දැවී විදවනවා ඇති ....ඒ ගෑනිටනං කල්පයකට ගොඩ ඒ්මක් නැති වෙයි.
......සාදු ...සාදු ...සාදූ.....
අනේ අපේ පන්සලේ හාමුදුරුවෝ හොදයි වාගේ ..මෙයාට වඩා....මොනවද මේ කියන සම්මප්ප්‍රලාප බණ පදයක් කියල දෙන්නේ නැතුව ......කොන්ඩෙත් වවාගන ....ඉස්සරහ ඉන්න දහම්පාසල් කෙල්ලෝ දිහාමයි බලන්නේ ....යකෝ මං විතරක්යැ අපේ සීමාවේ බාගයක්ම මෙතනනේ ....හොදවැඩේ ...අසිතයටත් ....දං සීට්ටුව බලාන ඉදලා .....ඇරෙන ඇරෙන දවසක් ගානේ ...බත් තම්බ තම්බ ගිහිං දෙන මගේ නම කවදාවත් කියනවද ඉස්පිකර් කටෙන් ....මහ ලොකුවටට කරේ තියාගනන ඉන්නෙ අර ...දාබරේලයි
....ඩැනියෙල්ලවයි...පොන්සේකලයි .....විට්ටච්චිලයි .....ඇයි සීවරං මැණියනේ සිංහල නමක්වත් තියනවද ....උන්ගේ පරම්පරාවල ඉන්න තරමක් ඉන්නේ ආගං කාරයෝ.
අනේ මන්දා අදනං මේ බනේ ඉවර වෙන පාටක් නැ , අන්න ඒකටත් එක්ක අස්සජිි හාමුදුරුවෝ් , සාන්ත කමට හෙලවෙන්නෙවත් නැතුව බණ කියන අපුරුව..එදා ගිය පෝ්යට මහපාන්දර ඒ් පන්සලට ත්‍රිවි්ල් එකක් අරං සිල් ගන්ඩ ගිියාට පාඩුු නැ....පැය එක හමාරක් ගියා දැනුනෙවත් නැ අපුරු බණ පොඩ්ඩ......මගේ කකුල නවන්ඩ බැරි අමාරුවවත් දැනුනේ නැ නෙ.
......සාදු ...සාදු ...සාදූ.....
මේ මිනිිස්සු ධර්ම දේසනාව අතරතුරේ හරිියට සාදුකාර දෙන්ඩ දන්නෙත් නැ ......සාදුකාර දෙන්ඩ ඕන දොහොත් මුදුන් දීලා...
ලබන පෝ්යට යන්ඩ ඕන සාන්ත අසපුුවට , එහේ භාවනා වැඩ සටහන ලකේ්ට තියනව...හම්මේ දුර ඉදං කාර් බාර් වලින්නේ ... කට්ටිිය භාවනා කරන්ඩ එන්නෙ ........මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලියෙං කොහොම හරි ..ගෙදෙට්ට ධම්මසිද්ධි හාමුදුරුවෝ ගෙන්නල බණක් කිියවනන්ඩ ඕන ......අහල පහල හෙල්ලිලා යන්ඩ ...අතේ තියන එකට තව හැට හැත්තැවක් එකතු කරගත්තහම ඇතිවෙයි.....හාමුදුරුවන්ට පිරිකරට කීයක් දෙන්ඩ වෙයිිද ..දන්නැ ......කොහොම උනත් මොකද ....උන්නාංසෙගේ මූනේ පිං පාට බලා හිටියත් හිත හැදෙනවා.
......සාදු ...සාදු ...සාදූ.....
ඉධං මේ ඥාතී නං හෝතූ
සුඛිතා හොන්තු ඥාතයෝ
.................................
...............................
දේවා නාගා මහිද්ධිකා
................................
................................
......සාදු ...සාදු ...සාදූ.....
යකෝ මුුන්ට දෙයියන්ට මළගිය ඇත්තන්ට පිිං දෙන්ඩ තියන හදිස්සිියක් ....කෝච්චිය වාගේ කියවගන කියවගන ..යනවා... කඩදාසි ලිිපේ ඔබලා ඇවිත්ද කොහෙද.....මේ හාමුුදුරුවන්ට නං වදිින්ඩත් ඕන නැ ...ඔය ලමිස්සියො පෙරලි පෙරලි කකුල් අත ගගා වදින්නෙ .....මේ මල විකාර බලන්ඩ බැ හිමිහිට එලියට බැහැල යනව ...
‘‘ අනුලක්කේ් ...අනුලක්කේ ‘‘
......අප්පෝ අර ගෑණි නැහුුනා වාගෙ යන්ඩ ඕන ......
‘‘ අනුලක්කේ් ...අනුලක්කේ ‘‘
......මළ වදේ පස්සෙම්ම එනවනේ දැං අහගන හිටහං කෝ පුතාලගේ දුවගේ රට පංපෝරී ...
‘‘ මේ අනුලාවතී අක්කේ ..ඇහුනදෝ ...ඔහොම .....ඉන්ටෝ...‘‘
‘‘ මොකැ බං බෙරිහං දෙන්නෙ ..... මගේ කං ඇහෙනවා ‘‘
‘‘ කඩිිමුඩියේ යන්නේ මොකැ ....... බෝදිංනාන්සෙට කරන චීීවර පූජාව ගැන කතා කරගන්ටයිි මං බලාන උන්නෙ ‘‘
‘‘......අනේ දැන් ඔව්වා කතා කරකර ඉන්ඩ වෙලාවක් නැ ..... හෙට අනිද්දට මං එන්නං කෝ් ඒ පැත්තේ ...... අපි ඒ්ක ලකේ්ට කරන්ඩ ඕන ... අහල ගොදුරු ගං හෙල්ලෙන්ඩ...... හැබැයිි නෝනේ් මතකයිනේ ....අපිි දෙන්නා විතරයි ඕං ... වෙන අලුක්කාල් එපා ...... මොකැ අපිට බැරුව යැ තනිියම ඔව්වා කරන්ඩ .... අපේ් ළමයිනුත් කියනවා ........අම්මේ යන වියදමක් දෙන්නං අම්මා තනියම ඕක කරන්ඩ කාන්ති ඇන්ටිව විතරක් උදව්වට එකතු කරගන්ඩලු ....‘‘
‘‘ අනේ අක්කේ ....ලොකු ළමයා යුරෝ එවනවා ... පොඩිි පුතා එවන්නෙ රියාල් නේ.... දෙන්ම කියන්නෙ අම්මට එවන සල්ලි අම්මගේ පිංකං වලට තමා තියාගන්ඩ කියල ... වියදමට වෙනම සල්ලි අපේ් සරනෙගේ නමට එවනවනේ ...........ගෙදර වියදමට ඉතිං පෙන්ෂන් එක තියනවයිං සරනෙගේ පොතට වැටෙන සල්ලිත් එහෙම්මයි..... ‘‘
......හරි හරි හොද විිදිහක් කරමු කො නංගියේ .....මං දැං ඉක්මනට ගෙදර දුහන්ඩ ඕන ..... අපි ගේ හරියට මස් මාළු ගන්නෙ නැනේ් .... බැදුමක් හදන්ඩ කියල බෙම්පි කඩෙං ගෙනාව හාල් මැස්සො දෙසිය පනහ මට කරෝ්ල මුට්ටියට දාන්ඩ බැරි උනා ....මෙලහට මක් වෙලාද දන්නැ ........මං යනෝ..‘‘
පලි//
කතාව තව ටිකක් දිගට හිතට ආවත් මෙතනින් නැවැත්තුවා ....මේ රෙද්දේ ඉස්පිලි පාපිලි දෙක දෙක වදිනවා මක මකා ලියන්ඩ ගියහම අපෝ වෙනවා
උපාසක නෝනලාගේ ඇත්ත පැත්තක්
ReplyDeleteඒයි අටමෝ
Deleteඅටං පයියේ අලුත් ෆෝමැට් එක ගූ හතය
කලින් එක වගේ පිළිවෙලක් නැතිය
යන්තම් වත් කැටගරි වලට බෙදලා තිබන එකත් නැති කොරලාය
ස්ක්‍රරින් එක පහලට ස්කොරල් නොකර පෙන්නන්නේ බ්ලොග් 4ක සමරිය විතරය
බොලොග් දර්ශකය ඇදා ඇති බ්ලොග් අප්ඩේට් වීම පහසුවෙන් බලාගන්න පුලුවන් වෙන්න ඕනෑ එකක් වෙන්න ඕනෑය.
දැන් තොගේ එකේ එහෙම නැතිය
දැක්කාම අජූතය
තොට ඔන්නැං පිළිවෙලකට හදපිය..!
කොච්චි මිරිස්
Deleteඔව්් නේ
AnonymousDecember 20, 2016 at 11:09 AM
Deleteඅනේ බං සමහරු කැටගරි අයින් කරල ඔහොම කරරන්්ඩ කියනනවා ඒකයි එහෛම කලේ් මංං දැං මොකද කරන්නෙ
මගේ යාලුවෙක් සිරිධම්මගෙ බණ අහල මළා.
ReplyDeleteමගේ යාලුවෙක් බඩු ගහල මලා
Deleteසාදු සාදු සාදූ.......!!!
ReplyDeleteමරු කතාව අටං.
ජයවේවා!!!
කයිියක් නැතෙයි
Deleteඅර තමන්ගේම පිලිමයක් හදා ගත්තු මහා සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ වැදි බන පද අහලා උපාසක අම්මා රහත්වෙන හැටි බලන්න තිබුනා.
ReplyDeleteහා හා කට කට මෙතේ් බුදුන්
Delete"මේ රෙද්දේ ඉස්පිලි පාපිලි දෙක දෙක වදිනවා"
ReplyDeleteරෙද්ද කඩල දාහං..
හොඳටෝම මදි...
කරුමාන්තෙ එපා වෙන තැනට ඇවිත් තියෙන්නෙ
Delete+++++++++++++++
ReplyDelete...........
Deleteඔය අනුන්ගෙ කුණූ හොයන තමන්ගේ කුණු වල ඕජස් ගලන චරිත ගම් තුලානේ විතරක් නෙවෙයි.
ReplyDeleteනගරේ තට්ටු හතේ අටේ සීතල බිල්ඩින් වල, වියතේ දෙකේ සායවල් ගහගත්ත හද්ද පොෂ් කෙල්ලො අතරත් ඉන්නවා.
එහෙත් එහෙමද
Deleteනියම කතාව...
ReplyDeleteස්තුතියි
Deleteපෝයට සිල් ගන්න උපාසකම්මලාත් මේ වගේ තමයි. යන්නේ සිල් ගන්න. දානේ වලඳලා පටන් ගන්නේ ගමේ ඔපාදූප.
ReplyDeleteඑව්වාා යුතුකං
Deleteඅපේ උන්ගේ රෙද්දේ සීලේ....
ReplyDeleteසිල් රෙරද්ද විතරයි
Deleteමාසෙකට වතාවක් පෝයක් එන එක හොඳයි.ගෑනුන්ට ඕපාදුප බෙදාගන්න.
ReplyDeleteඑක අතකටට ඉඉතින් බොන්ඩ බාර් ගානෙ යනනව කිියල යැ
Deleteමේ ළඟදි හාන්දුරු කෙනෙක්ම බනට ඕය වගේම එකක් කිව්වා... උඹ ඒක දැක්කද දන්නෙ නෑ... උපාසකම්මලාගේ මූණූ බෙරි වෙලා තිබුනා...
ReplyDeleteකොයිි හාන්දුරුවොද
Delete//හාමුදුරුවන්ට පිරිකරට කීයක් දෙන්ඩ වෙයිිද ..දන්නැ// අටපිරිකර නෙමෙයි බොල පැකේජ් එක. කලින්ම ඇඩ්වාන්ස් ගෙවුවෙ නැත්තං බණ තලන්න තමයි වෙන්නෙ.
ReplyDeleteඋන්දැල පිරිකර කියන්නෙ ඒ එක්කොටම තතමා
Deleteපන්සලේ වගේද පල්ලියේ
ReplyDeleteපුජාවට යන්නේ ගිනි කිකිලියෝ වගේ.
බඩට ලුණු කැඳ පුකට වෙල්වට් කිව්වලු
පල්ලියේ සුවාමි දවසක් කියනවා මගුල් පුජා තියන්නේ අහක බලාගෙන කියල.
ඒ මොකැ ගල් පේන හන්දද
Deleteහිතට ආව ඉතුරු ටිකත් අමාරුවෙන් හරි ලියන්න තිබුනනේ.
ReplyDeleteඒක නෙමෙයි අර අනිත් නම් සිංහල නෙමෙයි තමයි ඒත් මං හිතන්නෙ "විට්ටච්චි" සිංහල.
දකුණු ඉන්දියාවෙන් ආවද දන්නෙ නෑ ඒත් "විට්ටච්චි", "කොට්හච්චි" සිංහල කියල තමයි පිලිගැනීම
ඔන්ඩච්චි ත් සිංහල නමක් නේද?
DeleteOndaatje - Dutch (ඕලන්ද)වෙන්න ඕනෙ.
Deleteක්‍රිස්ටෝෆර් සහ මයිකල් ඔන්ඩාච්චිලාගේ පවුල නම් ඕලන්ද/දකුණු ඉන්දියානු/සිංහල මිශ්‍රණයක් කියලයි කියන්නෙ
ඔන්ඩච්චි ඕලන්ද කියලා තමයි කියන්නේ. Quint Ondaatje
Deleteනොදන්්න දේවල්් ටිකක් දැනන ගත්තා ..සියල්ලන්ට ස්තුුතියි ...ඔය ඉතින්් අපාස අම්්මලා හිතන විිදිිහනෙ
Deleteඑළ යැ! ඉතුරු ටිකත් ලියන්න තිබ්බේ අමාරුවෙන් හරි.
ReplyDeleteලියමි
Deleteමටනං මේක හොඳටම මදි අටම් අයියේ..ඒ නිසාම තමයි හෙඩිම වෙනස් කරන්න ඇත්තෙත්...
ReplyDeleteඑඑහෙම මම නිතර කරනවා
Deleteතව ඇති කියල කියවගෙන ආවම මගින් නවත්තල. දවසක් හාමුදුරුනමක් කිව්වෙ දේවදත්ත බුදුහාමුදුරුවන්ගෙ ඇඟට ගල පෙරලුවා කිව්වම උපාසකම්මල සාදු....සාදු කිව්වලු.
ReplyDeleteබුුද්ධාලම්බන ප්‍රීිතිිය
Deleteමට අපේ ආච්චිව මතක් උනා. එකම දවටනේ තියෙන්නේ.
ReplyDeleteඅප්්පට එහෙහමමදද
Deleteමට සිල් ටිකක් ගන්න හිතුනා නත්තලට.......
ReplyDeleteනත්තලට එලලිියට යනන්ඩ එපාා මරයිි
Deleteහුටා............සිල් ගන්ට එද්දී කුකුල් කූඩුව වහලා එන්ට අමතක වුණා..........
ReplyDeleteපවුුලටට කෝල් කරල කියන්ට හිිටං
Deleteමිනිස් හිත තමයි ඉතින්... එපා ඒවාමයි මතක්කෙන්නෙ.වයසට ගියාම තවත් කොන්ට්‍රෝල් නෑ.
ReplyDeleteඉතුරු ටිකත් ලිව්වනම් තමයි ලකේ..
ජයවේවා..!!
ලියයමු
Deleteදෝත නළලත තබා හිටගෙන
ReplyDeleteමේරි අම්මා වඳිනවා
ගාථා කියමින් වඳිනවා
ආයෙමත් බිම බලනවා
පුංචි නෝනගෙ පාවහන් දෙක
බැබළෙමින් බිම තියෙනවා
පුංචි නෝනා සුදෝ සුදුවට
මලුත් අරගෙන තෙලුත් අරගෙන
හිමින් ගල් පඩි ගණන් කරගෙන
වෙහෙර මළුවට නගිනවා
ඇගේ රන්වන් පාවහන් දෙක
කන්ද පාමුල තියෙනවා
නිවන් යන දා පුංචි නෝනා
නිවන් දොරකඩ ළඟට වීලා
ඇගේ රන් මිරි වැඩි දකින හැටි
මේරි අම්මා හිතනවා
හිතේ බුදු සිරි පතුල ඇදගෙන
හිතෙන් පැදකුණු කරනවා
මේරි අම්මා වඳිනවා
ගාථා කියමින් වඳිනවා
පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - මාලනි බුලත්සිංහලඩ
හම් සුතුතියි මචං
Deleteමරු එකට ලියල තියෙන්නේ අටං.
ReplyDelete/ ගේ හරියට මස් මාළු ගන්නෙ නැනේ් .... බැදුමක් හදන්ඩ කියල බෙම්පි කඩෙං ගෙනාව හාල් මැස්සො දෙසිය පනහ මට කරෝ්ල මුට්ටියට දාන්ඩ බැරි උනා ..// වේලපු හාල් මැස්සෝ කියන්නේ මාළු කියල කියපු දවසේ ඉඳන් අපේ මව්තුමි ඒක කන්නෙත් නැහැ. මට දැන් දුකයි. කට වහන් හිටියනම් ඒක හරි කනවනේ කියල.
Deleteඇයි යකඩෝ හාල් මැස්සෝ ගස් වලින් කඩනවයි කියලද හිතාගෙන ඉඳල තියෙන්නේ.
ඕව පඩ ෂෝ මල්ලි. සුද්දියෙක් නෙවෙයි මන්ද බුද්ධිකයෙක් උනත් , හාල් මැස්සෙක් කාල වෙජිටේරියන් වගේ ඇක්ට් කරනවා නම් , ඒක ඉතින් බොයිය තමයි.
එයාගේ රඟපෑම කරගෙන යන්න නොදී ඔයා පණ්ඩිතකම් දාල, දැන් ඒ මනුස්සය හිතෙන බනිනවා ඇති ,'හාල් මැස්සෙක් විතරයි කකා හිටියෙ , මූ එකටත් කෙලිය කියල'. අටම කතාව ලියල තියෙන්නේ ඒ වගේ අය ගැන තමා.
ඔයා නම් මිනිස්සුන්ගේ ආතල් කඩන්නම හැදිච්ච එකෙක් වගේ.
මාත් කට තියාන ඉන්ඩ බැැරුව වස වැරදදිි කරගන තිියනවා
Deleteඋපාසක ඇත්තන්ගේ ඇත්ත කතාවක් අටමා.....
ReplyDeleteසමමහරක් විතරරයි
Deleteසාදු සාදු සා....දු....
ReplyDeleteබුදු අම්මෝ...!! 😳.. මගේ ආච්චි ව මතක් උනො...!!
ReplyDeletemekanam maru
ReplyDeleteදායක සභාවේ සියළුම දායකයන් වෙනුවෙන් මාගේ සාතිශ්‍ය සංවේගය.
ReplyDeleteඒකනෙ අපි පංසල් නොයන්නෙ. මොකටද නිකං උපාසක අම්මලගෙ සිල් බිදින්නෙ.
ReplyDeleteඅන්න නියම උපාසක අම්මල.
ReplyDelete