2016-12-20

අම්මගේ පිංකං







අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ ඒවුන්ගේ වැරද්දනේ ...ඒ කාලේ අපිටනං ඔහොම සමයං නටන්ඩ අපේ වැඩිහිටියෝ ඉඩදුන්නේ නැ ....අපේ සිරිවර්ධන මාව කැන්දං ආ දවසේ තමා හරියට වචනයක් කතා කලේ ..ඊටත් මාස ගානකට පස්සේ වෙසක් එකකටනේ අපි පන්සල් ගියේ ...එදත් මං   මහ අම්මන්ඩිගාව ....අර මිනිහා කොහෙවත් ......  ..ඒකට මුං .... ...පට පට ගගා බයික්කෙ නැගල කරෙත් එල්ලිලා පන්සල් එන්නේ....කොහේ එකෙක්ද දන්නැ  ...ඔය කොලුවා ....ඉන්තේරුවෙන්ම කොහේ හරි දුර පලාතකිං රසස්සාාවකට  ආපු  එකෙක් .....  අහල පහලක එකෙක් නං ඔය සක්කර වට්ටම එල්ල ගනි යැ ....

..නෙදකිං අපේ මිනිහගේ මහ  ගෑනි ..මේ බණ පදයක් අහන වෙලාවෙත් මතක් උනානේ ....ඉන්නකං මට වධ දීලා දීලා ...ඇදටත් වැටිල එකතැං වෙලා    ඉදලා මට කියල ගූ හුජ්ජත් අතගාවගන මටම බැන බැනා  ඔත්පලේම මැරිලා ගියා .....ආවතේව කරපු ගුනේවත් තිබ්බට පට්ට වේසි අන්තිම  ඉඩමත් හොරාට තුනට බෙදලා පැත්තවත් නොබලපු දෝනියැන්දලට දුන්නා ...දැං අවිචියේ දැවි දැවී විදවනවා  ඇති ....ඒ ගෑනිටනං කල්පයකට ගොඩ ඒ්මක් නැති වෙයි.

......සාදු ...සාදු ...සාදූ.....

අනේ අපේ පන්සලේ හාමුදුරුවෝ හොදයි   වාගේ ..මෙයාට වඩා....මොනවද මේ කියන සම්මප්ප්‍රලාප  බණ පදයක් කියල දෙන්නේ නැතුව ......කොන්ඩෙත් වවාගන ....ඉස්සරහ ඉන්න දහම්පාසල් කෙල්ලෝ දිහාමයි බලන්නේ ....යකෝ මං විතරක්යැ   අපේ සීමාවේ බාගයක්ම මෙතනනේ ....හොදවැඩේ ...අසිතයටත් ....දං සීට්ටුව බලාන ඉදලා .....ඇරෙන ඇරෙන දවසක්  ගානේ ...බත් තම්බ තම්බ ගිහිං දෙන මගේ නම කවදාවත් කියනවද ඉස්පිකර් කටෙන් ....මහ ලොකුවටට කරේ තියාගනන  ඉන්නෙ  අර ...දාබරේලයි
....ඩැනියෙල්ලවයි...පොන්සේකලයි .....විට්ටච්චිලයි .....ඇයි සීවරං මැණියනේ   සිංහල නමක්වත් තියනවද ....උන්ගේ පරම්පරාවල ඉන්න තරමක් ඉන්නේ ආගං කාරයෝ.


අනේ මන්දා අදනං  මේ බනේ ඉවර වෙන පාටක් නැ , අන්න ඒකටත් එක්ක  අස්සජිි හාමුදුරුවෝ් , සාන්ත කමට හෙලවෙන්නෙවත් නැතුව  බණ කියන  අපුරුව..එදා ගිය  පෝ්යට මහපාන්දර  ඒ්  පන්සලට ත්‍රිවි්ල් එකක්  අරං සිල් ගන්ඩ ගිියාට පාඩුු නැ....පැය එක හමාරක් ගියා දැනුනෙවත් නැ  අපුරු බණ පොඩ්ඩ......මගේ කකුල නවන්ඩ බැරි අමාරුවවත් දැනුනේ නැ  නෙ.


......සාදු ...සාදු ...සාදූ.....

 මේ  මිනිිස්සු ධර්ම දේසනාව  අතරතුරේ හරිියට සාදුකාර  දෙන්ඩ දන්නෙත් නැ ......සාදුකාර දෙන්ඩ ඕන  දොහොත්  මුදුන් දීලා...

ලබන පෝ්යට යන්ඩ ඕන සාන්ත අසපුුවට , එහේ භාවනා වැඩ සටහන ලකේ්ට තියනව...හම්මේ දුර ඉදං කාර් බාර් වලින්නේ ... කට්ටිිය භාවනා කරන්ඩ  එන්නෙ ........මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලියෙං කොහොම හරි ..ගෙදෙට්ට ධම්මසිද්ධි හාමුදුරුවෝ ගෙන්නල බණක් කිියවනන්ඩ ඕන ......අහල පහල හෙල්ලිලා යන්ඩ ...අතේ තියන එකට තව හැට හැත්තැවක් එකතු කරගත්තහම ඇතිවෙයි.....හාමුදුරුවන්ට පිරිකරට කීයක් දෙන්ඩ වෙයිිද ..දන්නැ ......කොහොම උනත් මොකද ....උන්නාංසෙගේ මූනේ පිං  පාට බලා හිටියත්  හිත හැදෙනවා.

......සාදු ...සාදු ...සාදූ.....


ඉධං මේ ඥාතී නං හෝතූ
සුඛිතා හොන්තු ඥාතයෝ
.................................
...............................



ආකාසට්ඨා ච භුම්මට්ඨා
දේවා නාගා මහිද්ධිකා
................................
................................

......සාදු ...සාදු ...සාදූ.....


යකෝ  මුුන්ට දෙයියන්ට  මළගිය ඇත්තන්ට පිිං දෙන්ඩ තියන හදිස්සිියක්  ....කෝච්චිය වාගේ කියවගන කියවගන ..යනවා... කඩදාසි ලිිපේ ඔබලා ඇවිත්ද  කොහෙද.....මේ හාමුුදුරුවන්ට නං වදිින්ඩත් ඕන නැ ...ඔය  ලමිස්සියො පෙරලි පෙරලි  කකුල් අත ගගා වදින්නෙ  .....මේ මල විකාර  බලන්ඩ  බැ  හිමිහිට     එලියට   බැහැල  යනව  ...

‘‘ අනුලක්කේ්  ...අනුලක්කේ ‘‘


......අප්පෝ  අර  ගෑණි නැහුුනා වාගෙ යන්ඩ ඕන ......


‘‘ අනුලක්කේ්  ...අනුලක්කේ ‘‘


......මළ  වදේ පස්සෙම්ම එනවනේ   දැං අහගන   හිටහං    කෝ   පුතාලගේ   දුවගේ    රට  පංපෝරී  ...


‘‘ මේ අනුලාවතී අක්කේ ..ඇහුනදෝ  ...ඔහොම .....ඉන්ටෝ...‘‘


‘‘ මොකැ  බං බෙරිහං   දෙන්නෙ .....  මගේ   කං    ඇහෙනවා ‘‘


‘‘  කඩිිමුඩියේ  යන්නේ මොකැ  .......   බෝදිංනාන්සෙට  කරන   චීීවර  පූජාව   ගැන කතා  කරගන්ටයිි  මං  බලාන උන්නෙ ‘‘


‘‘......අනේ   දැන්  ඔව්වා කතා කරකර ඉන්ඩ  වෙලාවක්   නැ  .....  හෙට   අනිද්දට   මං  එන්නං  කෝ්    ඒ පැත්තේ ...... අපි   ඒ්ක     ලකේ්ට   කරන්ඩ   ඕන  ... අහල      ගොදුරු ගං    හෙල්ලෙන්ඩ......  හැබැයිි        නෝනේ්     මතකයිනේ  ....අපිි    දෙන්නා    විතරයි ඕං ...  වෙන    අලුක්කාල්    එපා ......  මොකැ    අපිට    බැරුව  යැ  තනිියම   ඔව්වා    කරන්ඩ  ....  අපේ්   ළමයිනුත්   කියනවා  ........අම්මේ   යන වියදමක් දෙන්නං අම්මා තනියම ඕක කරන්ඩ කාන්ති ඇන්ටිව විතරක් උදව්වට එකතු කරගන්ඩලු ....‘‘

‘‘ අනේ  අක්කේ   ....ලොකු  ළමයා    යුරෝ  එවනවා ...  පොඩිි පුතා  එවන්නෙ  රියාල් නේ....  දෙන්ම   කියන්නෙ   අම්මට   එවන   සල්ලි   අම්මගේ  පිංකං  වලට තමා තියාගන්ඩ කියල  ...  වියදමට  වෙනම සල්ලි     අපේ්  සරනෙගේ   නමට   එවනවනේ  ...........ගෙදර  වියදමට ඉතිං  පෙන්ෂන්  එක තියනවයිං  සරනෙගේ පොතට වැටෙන සල්ලිත් එහෙම්මයි.....  ‘‘

......හරි  හරි  හොද   විිදිහක්   කරමු  කො   නංගියේ .....මං දැං ඉක්මනට ගෙදර දුහන්ඩ ඕන ..... අපි  ගේ   හරියට  මස්  මාළු ගන්නෙ   නැනේ්    ....    බැදුමක්   හදන්ඩ  කියල  බෙම්පි කඩෙං  ගෙනාව   හාල්   මැස්සො   දෙසිය  පනහ  මට  කරෝ්ල මුට්ටියට  දාන්ඩ  බැරි  උනා   ....මෙලහට   මක්   වෙලාද   දන්නැ   ........මං   යනෝ..‘‘



පලි//

කතාව තව ටිකක් දිගට හිතට ආවත් මෙතනින් නැවැත්තුවා ....මේ රෙද්දේ ඉස්පිලි පාපිලි දෙක දෙක වදිනවා මක මකා ලියන්ඩ ගියහම අපෝ වෙනවා

62 comments:

  1. උපාසක නෝනලාගේ ඇත්ත පැත්තක්

    ReplyDelete
    Replies
    1. ඒයි අටමෝ

      අටං පයියේ අලුත් ෆෝමැට් එක ගූ හතය

      කලින් එක වගේ පිළිවෙලක් නැතිය

      යන්තම් වත් කැටගරි වලට බෙදලා තිබන එකත් නැති කොරලාය

      ස්ක්‍රරින් එක පහලට ස්කොරල් නොකර පෙන්නන්නේ බ්ලොග් 4ක සමරිය විතරය

      බොලොග් දර්ශකය ඇදා ඇති බ්ලොග් අප්ඩේට් වීම පහසුවෙන් බලාගන්න පුලුවන් වෙන්න ඕනෑ එකක් වෙන්න ඕනෑය.

      දැන් තොගේ එකේ එහෙම නැතිය

      දැක්කාම අජූතය

      තොට ඔන්නැං පිළිවෙලකට හදපිය..!

      Delete
    2. කොච්චි මිරිස්

      ඔව්් නේ

      Delete
    3. AnonymousDecember 20, 2016 at 11:09 AM

      අනේ බං සමහරු කැටගරි අයින් කරල ඔහොම කරරන්්ඩ කියනනවා ඒකයි එහෛම කලේ් මංං දැං මොකද කරන්නෙ

      Delete
  2. මගේ යාලුවෙක් සිරිධම්මගෙ බණ අහල මළා.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් බඩු ගහල මලා

      Delete
  3. සාදු සාදු සාදූ.......!!!

    මරු කතාව අටං.
    ජයවේවා!!!

    ReplyDelete
  4. අර තමන්ගේම පිලිමයක් හදා ගත්තු මහා සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ වැදි බන පද අහලා උපාසක අම්මා රහත්වෙන හැටි බලන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හා හා කට කට මෙතේ් බුදුන්

      Delete
  5. "මේ රෙද්දේ ඉස්පිලි පාපිලි දෙක දෙක වදිනවා"
    රෙද්ද කඩල දාහං..
    හොඳටෝම මදි...

    ReplyDelete
    Replies
    1. කරුමාන්තෙ එපා වෙන තැනට ඇවිත් තියෙන්නෙ

      Delete
  6. ඔය අනුන්ගෙ කුණූ හොයන තමන්ගේ කුණු වල ඕජස් ගලන චරිත ගම් තුලානේ විතරක් නෙවෙයි.
    නගරේ තට්ටු හතේ අටේ සීතල බිල්ඩින් වල, වියතේ දෙකේ සායවල් ගහගත්ත හද්ද පොෂ් කෙල්ලො අතරත් ඉන්නවා.

    ReplyDelete
  7. පෝයට සිල් ගන්න උපාසකම්මලාත් මේ වගේ තමයි. යන්නේ සිල් ගන්න. දානේ වලඳලා පටන් ගන්නේ ගමේ ඔපාදූප.

    ReplyDelete
  8. අපේ උන්ගේ රෙද්දේ සීලේ....

    ReplyDelete
  9. මාසෙකට වතාවක් පෝයක් එන එක හොඳයි.ගෑනුන්ට ඕපාදුප බෙදාගන්න.

    ReplyDelete
    Replies
    1. එක අතකටට ඉඉතින් බොන්ඩ බාර් ගානෙ යනනව කිියල යැ

      Delete
  10. මේ ළඟදි හාන්දුරු කෙනෙක්ම බනට ඕය වගේම එකක් කිව්වා... උඹ ඒක දැක්කද දන්නෙ නෑ... උපාසකම්මලාගේ මූණූ බෙරි වෙලා තිබුනා...

    ReplyDelete
  11. //හාමුදුරුවන්ට පිරිකරට කීයක් දෙන්ඩ වෙයිිද ..දන්නැ// අටපිරිකර නෙමෙයි බොල පැකේජ් එක. කලින්ම ඇඩ්වාන්ස් ගෙවුවෙ නැත්තං බණ තලන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. උන්දැල පිරිකර කියන්නෙ ඒ එක්කොටම තතමා

      Delete
  12. පන්සලේ වගේද පල්ලියේ
    පුජාවට යන්නේ ගිනි කිකිලියෝ වගේ.
    බඩට ලුණු කැඳ පුකට වෙල්වට් කිව්වලු
    පල්ලියේ සුවාමි දවසක් කියනවා මගුල් පුජා තියන්නේ අහක බලාගෙන කියල.

    ReplyDelete
  13. හිතට ආව ඉතුරු ටිකත් අමාරුවෙන් හරි ලියන්න තිබුනනේ.

    ඒක නෙමෙයි අර අනිත් නම් සිංහල නෙමෙයි තමයි ඒත් මං හිතන්නෙ "විට්ටච්චි" සිංහල.
    දකුණු ඉන්දියාවෙන් ආවද දන්නෙ නෑ ඒත් "විට්ටච්චි", "කොට්හච්චි" සිංහල කියල තමයි පිලිගැනීම

    ReplyDelete
    Replies
    1. ඔන්ඩච්චි ත් සිංහල නමක් නේද?

      Delete
    2. Ondaatje - Dutch (ඕලන්ද)වෙන්න ඕනෙ.

      ක්‍රිස්ටෝෆර් සහ මයිකල් ඔන්ඩාච්චිලාගේ පවුල නම් ඕලන්ද/දකුණු ඉන්දියානු/සිංහල මිශ්‍රණයක් කියලයි කියන්නෙ

      Delete
    3. ඔන්ඩච්චි ඕලන්ද කියලා තමයි කියන්නේ. Quint Ondaatje

      Delete
    4. නොදන්්න දේවල්් ටිකක් දැනන ගත්තා ..සියල්ලන්ට ස්තුුතියි ...ඔය ඉතින්් අපාස අම්්මලා හිතන විිදිිහනෙ

      Delete
  14. එළ යැ! ඉතුරු ටිකත් ලියන්න තිබ්බේ අමාරුවෙන් හරි.

    ReplyDelete
  15. මටනං මේක හොඳටම මදි අටම් අයියේ..ඒ නිසාම තමයි හෙඩිම වෙනස් කරන්න ඇත්තෙත්...

    ReplyDelete
  16. තව ඇති කියල කියවගෙන ආවම මගින් නවත්තල. දවසක් හාමුදුරුනමක් කිව්වෙ දේවදත්ත බුදුහාමුදුරුවන්ගෙ ඇඟට ගල පෙරලුවා කිව්වම උපාසකම්මල සාදු....සාදු කිව්වලු.

    ReplyDelete
    Replies
    1. බුුද්ධාලම්බන ප්‍රීිතිිය

      Delete
  17. මට අපේ ආච්චිව මතක් උනා. එකම දවටනේ තියෙන්නේ.

    ReplyDelete
  18. මට සිල් ටිකක් ගන්න හිතුනා නත්තලට.......

    ReplyDelete
    Replies
    1. නත්තලට එලලිියට යනන්ඩ එපාා මරයිි

      Delete
  19. හුටා............සිල් ගන්ට එද්දී කුකුල් කූඩුව වහලා එන්ට අමතක වුණා..........

    ReplyDelete
    Replies
    1. පවුුලටට කෝල් කරල කියන්ට හිිටං

      Delete
  20. මිනිස් හිත තමයි ඉතින්... එපා ඒවාමයි මතක්කෙන්නෙ.වයසට ගියාම තවත් කොන්ට්‍රෝල් නෑ.
    ඉතුරු ටිකත් ලිව්වනම් තමයි ලකේ..
    ජයවේවා..!!

    ReplyDelete
  21. දෝත නළලත තබා හිටගෙන
    මේරි අම්මා වඳිනවා
    ගාථා කියමින් වඳිනවා
    ආයෙමත් බිම බලනවා
    පුංචි නෝනගෙ පාවහන් දෙක
    බැබළෙමින් බිම තියෙනවා

    පුංචි නෝනා සුදෝ සුදුවට
    මලුත් අරගෙන තෙලුත් අරගෙන
    හිමින් ගල් පඩි ගණන් කරගෙන
    වෙහෙර මළුවට නගිනවා
    ඇගේ රන්වන් පාවහන් දෙක
    කන්ද පාමුල තියෙනවා

    නිවන් යන දා පුංචි නෝනා
    නිවන් දොරකඩ ළඟට වීලා
    ඇගේ රන් මිරි වැඩි දකින හැටි
    මේරි අම්මා හිතනවා
    හිතේ බුදු සිරි පතුල ඇදගෙන
    හිතෙන් පැදකුණු කරනවා

    මේරි අම්මා වඳිනවා
    ගාථා කියමින් වඳිනවා

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගායනය - මාලනි බුලත්සිංහලඩ

    ReplyDelete
  22. මරු එකට ලියල තියෙන්නේ අටං.
    / ගේ හරියට මස් මාළු ගන්නෙ නැනේ් .... බැදුමක් හදන්ඩ කියල බෙම්පි කඩෙං ගෙනාව හාල් මැස්සො දෙසිය පනහ මට කරෝ්ල මුට්ටියට දාන්ඩ බැරි උනා ..// වේලපු හාල් මැස්සෝ කියන්නේ මාළු කියල කියපු දවසේ ඉඳන් අපේ මව්තුමි ඒක කන්නෙත් නැහැ. මට දැන් දුකයි. කට වහන් හිටියනම් ඒක හරි කනවනේ කියල.

    ReplyDelete
    Replies

    1. ඇයි යකඩෝ හාල් මැස්සෝ ගස් වලින් කඩනවයි කියලද හිතාගෙන ඉඳල තියෙන්නේ.
      ඕව පඩ ෂෝ මල්ලි. සුද්දියෙක් නෙවෙයි මන්ද බුද්ධිකයෙක් උනත් , හාල් මැස්සෙක් කාල වෙජිටේරියන් වගේ ඇක්ට් කරනවා නම් , ඒක ඉතින් බොයිය තමයි.
      එයාගේ රඟපෑම කරගෙන යන්න නොදී ඔයා පණ්ඩිතකම් දාල, දැන් ඒ මනුස්සය හිතෙන බනිනවා ඇති ,'හාල් මැස්සෙක් විතරයි කකා හිටියෙ , මූ එකටත් කෙලිය කියල'. අටම කතාව ලියල තියෙන්නේ ඒ වගේ අය ගැන තමා.

      ඔයා නම් මිනිස්සුන්ගේ ආතල් කඩන්නම හැදිච්ච එකෙක් වගේ.

      Delete
    2. මාත් කට තියාන ඉන්ඩ බැැරුව වස වැරදදිි කරගන තිියනවා

      Delete
  23. උපාසක ඇත්තන්ගේ ඇත්ත කතාවක් අටමා.....

    ReplyDelete
  24. සාදු සාදු සා....දු....

    ReplyDelete
  25. බුදු අම්මෝ...!! 😳.. මගේ ආච්චි ව මතක් උනො...!!

    ReplyDelete
  26. දායක සභාවේ සියළුම දායකයන් වෙනුවෙන් මාගේ සාතිශ්‍ය සංවේගය.

    ReplyDelete
  27. ඒකනෙ අපි පංසල් නොයන්නෙ. මොකටද නිකං උපාසක අම්මලගෙ සිල් බිදින්නෙ.

    ReplyDelete
  28. අන්න නියම උපාසක අම්මල‍.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  • ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට )
    ඌරු මස්  රසට ඌරු මස් කෑමට හැකි අටං රෙසපිය ( එක් අයෙකුට තනියම බයිට් එකට ගැනීමට සහ බත් වේලක් කෑමට ) තෙල් සහ මස් සමානව ඇති 500g පටියක හැඩයේ…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන ,  සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු
    අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු…
  • How to write a Sinhala blog  ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
    හයවෙනි කොටස මෙතැනින් ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න ඊට පස්සේ ටෙම්පලේට් ඊටපස්සේ කස්ටර්මයිස් ඊටපස්සේ…
  • 2020 ජනාධිපති කවුද
    මේක දැන් නිතර හැමතැන ඇහෙන ප්‍රශ්නයක් ඝෝටා හොදයි සිරිසේන හොදයි රනිල් හොදයි ෆෝන්සේකා හොදයි චම්පික හොදයි බැසිල් හොදයි චමල් හොදයි එස්බී…
  • කොහොමද යාලුවනේ මාව මතකද දන්නැ
    ඉතින් කොහොමද වාස දේසේ , අවුලක් නැනේ  ෆිට් එකේ ඉන්නවනේ නේද , එහෙනං එලකිරි ,  කාලයක් මට බ්ලොග් එකයි  සින්ඩියවාගේ එකයි මග…
  • මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද
    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘ ‘‘ඔව් ඇයි ..මොකද ‘‘ ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු…
  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
  • කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට
    බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක අද තනියම මං…
  •  dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ  අරක පෙන්නපු සිංහයා
    ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල ''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද'' ''මොන කේක්ද…
  • how to replace sewing machine cabinet table
    මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග  ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක්…
  • ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි
    ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය…
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • මලහත්තිලව්වයි.... ...අපේ ගුරුන්නාන්සෙගේ හිත ගැස්සුනාද කොහෙද
    '' කීර්ති අයියේ කෝල් එකක් '' වීදුරුව තුලින් ගුවන් විදුලි මැදිරිය දෙස බලාගන හුන් කීර්තිරත්න තමා දෙස බලමින් වැඩ සටහන ඉදිරිපත් කරන නිවේදකයාට අතින්…
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  • මිනිසුන්ට බල්ලා කියා බල්ලන්ට අපහාස කිරීම
    මම ආසම කරන සතා තමයි බල්ලා .මම දන්න බල්ලො ගොඩක් ඉන්නවා.බල්ලො ගොඩක් ආසරය කරලත් තියනවා.බල්ලො මාව දන්නවා.මම බල්ලන්ව දන්නවා.හැබැයි මම බල්ලන්ට…
  • Points to consider when using Face mask and Public Water taps
  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
1,649,482

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>