"තාත්ති කොහෙද යන්නේ "
" ටවුමට මම ඉක්මනට එන්නංකෝ "
" මමත් එන්ඩද "
" මම ඉක්මනට එන්නං "
" අපිට තනියි "
" අම්අම්මත් ඉන්නවනේ "
" එයා අද යනව කියුවා "
" නැ මම එනකං ඉන්නවා "
" කම්මැලියි "
" කියන එක අහල ගෙදර ඉන්ඩ ...ඔයා ඔහොම දගලනකොට නංගිත් කුලප්පු වෙනවා "
" එයි හොරෝ කොහෙද යන්නේ "
" මං ටවුමට ගිහිං ඉක්මනට එනවා "
" මොනාටද "
දැං කියලත් බැ නොකියත් බැ , දවස් දහ දොලහකට පස්සේ අද තමා කෙල්ල ටිකක් හිනා වෙලා හිටියේ , දැං ආයෙත් හූල්ල කන්ඩ පටං ගනීද දන්නැ
" ස්ටූඩියෝ එකට "
" ඒ ඇයි "
" ඇවිත් කියන්නං කෝ ...මගේ මැණික අයියයි අම්අම්මයි එක්ක ගෙදරට වෙලා ඉන්ඩකෝ ...මං එනකොට බඩඉරිගු ගෙනත් දෙනවා "
" ඉතිං අපි හතර දෙනාම යංකෝ "
මට ඉතිං පනිනව දැං ඉවසීම ....වෙනද වගේ සැර කරන්ඩද
" අම්අම්මට බයික් එකේ යන්ඩ ඉඩ නෑනේ "
" ඉතිං අපි හතර දෙනාම ඉස්සර යන්නෙ "
...හම් ....දැං කෙල්ලත් නෝමල් වගේ ...කොල්ල නං ... පලවෙනි දවස දෙකෙන්ම නෝමල් උනා ...ඇඩුවෙත් නැනේ පැන් වඩන කොටවත් මට පස් මිටක් දාාන සිහිය නොතිබුනාට කොල්ලා දාපු පස් මිට පෙට්ටියට වැටෙන සද්දෙටනෙ මටත් පස් මිට දාන්ඩ මතක් උනේ..
" හරි හරි එහෙනං දෙන්නම එන්ඩ හෙල්මට් අරං "
කියල ගේ දිහා බලනකොට සදූගෙ අම්මා දොරකඩ වෙලා ඉන්නවා , නොකියුවට ඒ මූනේ තිබුනෙ ... අනේ පව් අසරණ ළමයි වගේ පෙනුමක් ..
" අපි ගිහිං එනකං අම්මට හිටිය හැකිනේ "
" රැ වෙනකොට ගියහම මදැ "
කියාගන අම්මා ගෙට ගියා ....එක අතකට සදූ එක්කම කුසේ ඉන්න පැටියත් ගිය එකත් හොදයි ...නැත්තං මේ දරුවො දෙන්නගේ අනාගතය ගැනත් ස්ථාවරයක් නැතුව ඒ කිරිකැටියව මම කොහොම බලන්ඩද, ......හයියෝ ෂීක් ....මං හිතන කාළකන්නි කතා..... නැ ..නැ ...මං මහ කාළකන්නියෙක් තමා ...පව්කාරයෙක් ...වැඩකට නැති පරයෙක්
" හරි හරි අපි යං "
" පුතා මොකද ඕක ගත්තේ ...."
" ඉතිං ඇයි "
" කියන එක අහලා අම්මගෙ එක තියල තමුසෙගේ හෙල්මට් එක අරගන එනවා "
" තාත්ති මාත් පිටි පස්සෙං නගින්නං "
" නැ ඔයා එන්ඩ ඉස්සරහට .... කෝ ඔය ක්ලිප් එක දාගන්ඩ "
" ඇත්තටම අපි යන්නෙ කොහෙද ඈ "
" ස්ටූඩියෝ එකට තමයි "
" හරි යං "
" යං කියල බයික් එකට නගින්ඩ කලිං කලිසම උස්ස ගන්නවා "
" ස්ටූඩියෝ යන්නෙ ඇයි "
" මං අම්මිගේ ෆොටෝ එකක් ලොකු කරන්ඩ දුන්නා , ඒක දැං රාමු කරලත් ඇති "
" හම් "
ඒ පාර දෙන්නම සද්ද නැ .....මේ විදිහට ටික ටික තනියම ජීවත් වෙන්ඩ හුරුවෙයි ... මටහිතා ගන්ඩ බැ ඔයා නැතුව කොහොම ජීවිතයට මුහුන දෙන්ඩද කියල ....අද චූට්ටක් බොන්ඩ හිතයි මට ....කොහෙද මේ ළමයි දෙන්න ආවනෙ
" හෝව් හෝව් බඩඉරිගු කාල යං "
" දැං පාස් උනානෙ මැණික එන ගමං ගෙදර අරං යං "
" බැ බැ ගඟගාව බංකුවේ ඉදගන කාල යං .... අම්මි කියුවහම නං ඔයා කරනවා "
" හරවමු නේද ලොකු පුතේ "
" අනේ පිස්සුහුටංගේ විකාර "
" හඩ්ඩා ...හඩුගදයා "
" හා හා කෑ නොගහ ඉන්ඩ ...ඔන්න මම හරවනවා "
" ආ ඇද්ද "
" මෝඩ චූන් "
" ලොකු පුතා ......"
යකෝ මුං දෙන්න එල්ලෙන්ඩම බලාගන නෙ ඉන්නෙ
" අප්පෝ තාත්තෙ තම්බපුවා දාන බාජනේ වහලත් නැ "
" ඔයාට එපානං ඔයා නිකං ඉන්ඩ ...අපි කනව නේද තාත්තී .. මහලොකු සුද්දෙ මෙයාගෙ "
" මාත් කනව බඩගියත් කට්ටියටමනෙ ...හෙක් හෙක් "
" දෙන්නම කට පියා ගන්නවද "
" අපිට කරල් හතරක් දෙන්ඩ ....ආ ..නැ ...තුනක් "
" තාත්ති හතරක්ම ගන්ඩ "
" ආ ආ හතරක්ම දෙන්ඩකො "
" මහත්තය එකසිය හැටයි "
" ආ මෙන්න "
" හැටක් මාරු නැතෙයි "
" කමක් නැ දෙසීයම ගන්න "
" ආ එහෙනං ආයේ ආපුවහම ගන්නවද , නැත්තං තව කරලක් දෙන්ඩද "
" ඇන්ටි තව කරලක් වෙන මල්ලකට දාල දෙන්ඩ , අපේ අම්අම්මට දෙන්ඩ "
" ආනේ , චූටී බබා අම්මට වඩා ආච්චී අම්මට ආදරෙයි වාගේ ... අපේ දුවගේ ළමයිනුත් එහෙමයි මහත්තයා .....කෝ අද නෝනා ආවේ නැතෙයි "
" අපි ගිහිං එන්නං "
" තාත්තී ලා පාට එක මට "
" හරි හරි ඉස්සෙල්ලා ඔතනින් ඉදගන්ඩ "
" හැබැයි ඔන්න අම්අම්මගෙ එක ඇරුනහම වැඩිය තියන එක මට ඕන "
" එහෙම කොහෙද මටත් බාගයක් ඕන "
" ඇයි දැං ඔයාට වහල නැ කියල කන්ඩත් බැ කියුව නේද "
" එහෙනං කන්ඩ බැරි කෙනාට යට හයිය කෑල්ල දෙන්ඩ ...මට උඩ එක "
" තමුසෙගේ බඩේ හිඟන්නෙක් ඉන්නවද "
" ලොකුපුතා "
" ඉතිං විහිලුවක්නෙ "
" තමුසෙ දැං වත් නංගිව බයිට් එකට ගන්න එක නවත්තල ....නංගිව බලාගන්නවා "
" බයින්ඩ තාත්ති බයින්ඩ ....මෙයා හැම වෙලාවෙම ..මට අරක මේක කියනවා "
" ආ හරි හරි ඔයාටත් එක්කයි මේ කියන්නෙ ...ඔය දෙන්නට දෙන්නා ඉන්ඩ ඕන උදව් උපකාර කරගන හැමදාම ආදරෙන් "
" තාත්ති දැං අපි දෙන්නා අම්අම්මලැ දිහා නවතින්ඩ යනවද"
" බෑනේ මැණික ශිෂ්‍යත්වයට තව මාස කීයද ... ඉස්කෝල මාරු කරල කොහොමද "
" මට නං බැ මං තාත්ත එක්ක ඉන්නවා "
" ඉතිං මං හා කියුව යැ "
" අපි ගෙදර වැඩට කාවහරි ගම්මු ....ඇන්ටි කෙනෙක් ඉන්නවා කියුවා රණසිංහ අංකල් ...එයා එයි ...තාත්ති වැඩට ගිහිං එනකං ඔයාල එයා එක්ක ඉන්ඩ "
" දැං ඔයා රාමු කරන්ඩ දුන්න ෆොටෝ එක අපි කොහෙද තියන්නෙ "
" සාලේ බිත්තියේ එල්ලමු ...ඇයි මගේ පුතාට කාමරේ තියන්ඩත් එකක් ඕනද ..., එහෙනං අපි තව පොඩි එකක් හදාගම්මු ඇඳ ගාවිං තනියට තියාගන්ඩ "
" තනිත් නැ ... ඇයි ඉතිං මා එක්ක නිදාගත්තට මට නින්ද ගියහම ...අම්මි තාත්ති ලගට ගිහිං ....මට තනියම ඉදල පුරුදුයි ...ඒ උනාට මටත් එකක් තියනවනං හොදයි ...එතකොට අම්මි ඉන්නවා වාගෙනේ "
" ලොකු ඔයාටත් එකක් ඕනද "
" එපා ...අම්මි හිටියා ...දැං නැ ....ෆොටෝ එකකිං මක්කරන්ඩද"
උඹේ කතාව නම් ලස්සනයි.
ReplyDeleteමට නම් මීටර් වෙනවා හොරයි.
මේ එක නෙමෙයි, උඹේ කී බෝද්ඩ් එකේ එන්ටර් කී එක කැඩිලා ද, අතුරුදහන් වෙලාද?
සේරම දෙබස් ටික එක පේලියට ගිහින් තියෙන්නේ මොකෝ...
ජංගමයා ගෙං දැම්මේ
Deleteසරළ කතාවක් වුණත් මේකෙ ලොකු කතාවක් තියෙනවා. ඒත් 2017 මුලින්ම මේකතාවම දැම්මේ ඇයි අටං ?
ReplyDeleteජයවේවා!!!
ගිය අවුරුද්ද අන්තිමට ලියන්ඩ ගත්ත එකක්
Deleteඇත්ත, ෆොටෝ එකකින් මක් කරන්නද?
ReplyDeleteසංවේදී කතාවක්....
නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා අටම්....
ස්තුතියි
Deleteඅර පස් මිටේ සීන් එක....
ReplyDeleteමටත් පොල්ලෙන් ගහනවා වගේ දැනුනේ ඒ සීන් එක...
Deleteසද්ද ය හරියට මතක් කරගන්ඩ බැරි උනා
Deleteවෙ ලාවට සද්දයක් දැම්මේ නැත්තේ
Deleteයටි පෙළක් තියෙනවද ? සංවේදී කතාවක්.... ඒ සපත්තු දෙක දාගෙනම බලන්න ඕනේ.......! පොඩ්ඩක් වෙලා ඒ සපත්තු දෙක දාගෙන ඉන්න උත්සාහ කලා...... ඒත් බෑ..... ගලෝලා වීසි කරලා දැම්මා......!
ReplyDeleteඑහෙම නනැැ හිිතට ආවට ලියුුවාා
Deleteඋදෙන්ම හිතට වැදුන කතාවක්.
ReplyDeleteස්තුතියි
Deleteමරු කථාව. අදනං මීටර් වෙන විදිහට ලියල හිටං. අළුත් අවුරුද්දට ජය..! 🍻
ReplyDeleteඒසේම වේ්වා
Deleteබෑ යකෝ මෙව්ව කියවන්න.මොන මඟුලක්ද මන්දා.. අරලිය මල් ගැන කියල නැති උනාට, කැඩුනු ඉටිකොල වැල් වල සිලි සිලිය ගැන කිව්වෙ නැති උනාට ඒ ගතිය.. පාළුව...... පිරිලා.
ReplyDeleteෆොටෝ එකකින් මක් කරන්නද?
ජයවේවා..!!
ඒසේම වේ්වා
Deleteහොඳ නිර්මාණයක් අටම් !!! 2017 ට ජයවේවා !!!
ReplyDeleteඒසේම වේ්වා
Deleteබොහොම සංවේදී කතාවක්, කෙලින් කියන්න බැරි හිතට වදින බොහොමයක් දේවල් දෙබස් වලට යටින් දුවන බව තේරෙනව. මට මේ කතාව ඒකාංගික ටෙලි නාට්‍යක් වගේ මැවිල පෙනුනා !
ReplyDeleteඅටo පවුලටම ජයෙන් ජයම වෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
ඒසේම වේ්වා
Deleteසංවේදි කාතාවක් ලියුව සංවේදි අටංට හා මිචෙල් ඔබාමා ඇතුලු පැටික්කියෝ දෙන්නාට සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.
ReplyDeleteඒසේම වේ්වා
Deleteමගේ පිලොසොෆිය කියන බ්ලොග් එකේ පට්ට කෙටි කතාවක් තියනවා බලන්ඩලා
ReplyDeleteඅවුරුද්දෙ මුලම මේවගේ ඒව දානවද බං.
ReplyDeleteඋඹටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ඒසේම වේ්වා
Deleteහැමදාමත් වගේ රහයි......
ReplyDeleteස්තුතිියි
Deleteමම අහන්න කැමතිම නැති සින්දු දෙකක් තියනව
ReplyDelete1. මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
2. එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන්පත් කවුළු වසා
වුවමනාවෙන් හිත් රිද්දගන්නෙ මොටද.......
සියලුදෙනට නිදුක් නිරෝගී සුව ඉත සිතින්ම පතමි..!
ඒසේම වේ්වා
Deleteඇඩුන බං
ReplyDeleteඔපීසිි යේ්
Deleteසංවේදී කථාව. අවුරුද්ද මුලදි මේවගේ කථා දානවද?
ReplyDeleteතවත් එක දවස් කියල හිතන්න
Deleteමරු...!
ReplyDeleteඅටම්ගේ මේ වර්ගයේ කතා ලිවීමේ හැකියාව විශිස්ටයි
ඒ් උනාට සමහරක් කැමති නැනේ
Deleteඅටම්ගේ මේ වර්ගයේ කතා ලිවීමේ හැකියාව විශිස්ටයි x 2
Deleteමගේ ජීවිතෙත් මේ වගේ ආසන්න සිදුවීමක් තියනවා ...
ReplyDeleteසදුට පෙන්නන්නවා මේ කථාව
හා
Deleteහදවතට දැනුන සංවේදී කතාවක්..
ReplyDelete///ෆොටෝ එකින් මක්කරන්නද///ඇත්ත...
ස්තුතියි
Deleteඅපේ මාමණ්ඩි ගේ ෆොටෝ එක මම අයින් කරා.. ඒක දිහා බල බල ගෙදර ඉන්න අමාරුයි..
ReplyDeleteපරිස්සං කරහං
Deleteබොහොම කණගාටුයි කල්‍යාණ මිත්‍ර . මාත් දැනගත්තේ පෙරේදනේ.
Deleteඅම්මෝ ... හරිම දුකයි...අලුත් අවුරුද්දෙ ඇස් දෙකට කඳුළකුත් ආවා
ReplyDeleteගනන් ගන්න එපා
Deleteඇත්ත තමයි අටමෝ ෆොටෝ කන්නද...හිතේ තියෙන ෆොටෝ එක තමයි හොඳම ෆොටෝ එක. වචන අඩු ගානකින් ලොකු කතාවක්.නියමයි.
ReplyDeleteස්තුතියි
Deleteෆොටෝ එක දුටු කලට, කඳුළු එයි නෙත් වලට
ReplyDeleteෆොටෝ මක් කරන්නද, හිතවතා නැති කලක..
සුභම සුභ නව වසරක් වේවා, අයියේ!
එ සෙ ම වෙවා
Deleteඋඹේ කතා වල මං ආසම සීන් එක පටන් ගද්දි මොකුත්ම හිතා ගන්න බැරි එක! කරකෝලා අත අරිනවා වගේ!
ReplyDeleteඑකෙන්ම
Deleteහි හි ඊ
Deleteඅටං අයිය එළ... මං ඒ පැත්තෙ එන්න ඉන්නෙ. ඉක්මනට එන්නං
ReplyDeleteකෙල්ල බ්ලොග් පෝස්ට් එකක් ලිව්වෙ ඊයෙ. අරකට වැටිල තිබුණ. එළ
අවුලක් තිබුනේ නැ බං
Deleteෆොටෝ එකක් නිසා සමහරවිට ඒ මතක අලුත් වෙලා හිත පැරෙන්නත් පුළුවන්.ඒ කොහොම වෙතත් හිතට වදින දෙබස් එක්ක ගලාගෙන යන දුක තවරපු කතාවක්.
ReplyDeleteසමහරක් විට තිබුන නං කියලත් හි තෙ යි
Deleteදුමියගෙ කමෙන්ට් එක නිසා ආයි ගිහින් කියෙව්ව. මුකුත් නොකිය යනව.
ReplyDeleteඇයි බං මෙ ක අවුල්ද
Deleteඅටමො ...... මේවා කතා උනාට ජීවිතවලට අදාළ වෙන වෙලාවලුත් තියෙනවා බං
ReplyDeleteඔව් සමහරක් විට
Deleteඅටමා... උබේ පොස්ට් එකින් එක මම පස්සට ගිහින් කියවන්නේ උබ ලියන ආරය මම කාගෙන්වත් දැකලා නැති නිසයි. මම වගේ අලුතෙන් බ්ලොග් ලියන එකෙක්ට දෙන අතහිතට මේ සුදු හුණු තවරනවා නෙමෙයි. හදවතින්ම ස්තුතියි...
ReplyDeleteඅ නෙ අල්ලලා දාහං
Deleteඅපූරු නිර්මාණයක්...
ReplyDeleteස්තුතියි
Deleteස්තුතියි
Deleteනියමයි අටමා. 2016 ට දැම්ම නම් මගේ හොඳම කෙටි කතාව වෙන්නේ මේක.
ReplyDeleteහි හිහ්
Deleteගොක් කොළ ගැන කියල නැති උනාට සිරාවටම ලියල තියෙනවා අටම් ,.....
ReplyDeleteහරිම හැගිම් බරයි.
ReplyDelete