2017-04-28

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය


අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

සමුගන්නවා  ...කියන   අන්තිම වචනය ලියනකොට ඔහොම මගුලක් උඹත් දැනගන  හිටියේ නැනේ ... මෙහෙම එව්වානං තේරුම් ගන්ඩ බැ ...

මාම කියන්ඩද
මචං කියන්ඩද
අයියා කියන්ඩද
සර් කියන්ඩද
අක්කට ඉගැන්නුවට
මට ඉගැන්නුවයැ
අනික ඒකිත් නැති කොට
සීයා කියලවත් කියන්ඩද

එහෙම නමක් අපේ
යාළුකමට තිබුනෙම නැනේ

නාකියෝ ස්තුතියි උඹට

වෙන මොකටවත් නෙමෙයි
පැන්සොන් ජීවිතේ
පන්සලටයි මරණාදාර සමිතියට
අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා
හොයන්ඩයි වැය නොකර
හවසට මං ගෙදර ආවහම
කියවන්ඩ දෙයක්
ලියලා තිබ්බට

48 comments:


  1. හමුවූ සැම වෙන්වීම ලෝක ධර්මතාවයකි. සමකාලීන බ්ලොග් කරුවෙකුගේ වියෝව !!
    සුබ ගමන් විචාරක !!

    ReplyDelete
    Replies
    1. ලක්මාල්, විචාරක මහතාගේ නිවස තියෙන්නේ කොහෙද? විස්තර කියන්න පුලුවන්ද? එහෙ යන්න ඉන්නේ දැන්.

      Delete
    2. විචාරකගේ ගෙදරට යන පාර , වරකපොලින් , අඹේපුස්සට ඇවිත් , කුරුනැගල පාරෙන් එන්න කියුවා , පොතුහැර පාස්කරලා රේල්වේ කෝසින් එක පහුකරගෙන කිලෝමීටර් එකක් ආපුවහම ලියනගේ කියල බැකෝ ජේ සි බි විකුනන කඩයක් තියනවා කියුවා , ඒක පාස් කරහම කන්දක් තියනවා කියුවා , කන්ද නැග්ග ගමං වමට තියන පාර , දිද්දෙනිය වත්ත , පලවෙනි පියවර , ඒ පාරේ මීටර් සීයක් විතර ඇවිත් මේජර් ගුනරත්නගේ ගෙදර අහන්න කියුවා කාගෙන් හරි

      Delete
    3. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

      කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

      Delete
    4. අටම් කවද්ද මළගෙදර යන්නේ? දුරකථන අංකයක් තියෙනවද ඔබේ? මටත් යන්න ඕනා

      Delete
    5. අසනිපවී ඉන්නකොට කිහිපවිටක් ගියා , මම මේ දවස්දෙකතුනේ වැඩගොඩකට හිරවෙලා , කොයි වෙලේ යයිද කොහොම යයිද , නොයයිද කියන්ඩ බැ .... මෙන්න මගේ දුරකතන අංකය ..0776531595

      Delete
  2. බ්ලොග් ලියන එකෙන් සමු අරගෙන විතරයි නේද

    ReplyDelete
    Replies
    1. නෑ මෙණ්ඩො.ජීවිතෙන් සමු අරන්.
      අටමෝ බීලද ඉන්නෙ?

      Delete
  3. ඉතාම කණගාටුදායක ආරංචියක්.

    ReplyDelete
    Replies
    1. අපේ කෝල් පටන්ගන්නේ මෙහෙමයි

      මං හලෝ කියනවා

      ආ මේ ...මං මේ නාකියා කතා කරන්නේ

      Delete
  4. Though I'm not a blogger, as a reader I learn a lot from his blog. Enjoyed much from his writings ! A true human being has departed. Good buy dear Mr. Wicharaka. ������

    May he attain Supream bliss of Nibbana !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මරනයෙන් පසු වෙන්නේ මොකක්ද කියලා කතා කලේම නැනේ විචා.... එත් අපි එහෙම පතමු

      Delete
  5. මිනිසකුද?
    බ්ලොග්කරුවකුද?
    මිනිසකු වන බ්ලොග්කරුවකුද?
    බ්ලොග්කරුවකු වන මිනිසකුද?

    ReplyDelete
  6. මට ඔහු blog අවකාශයේ සිටි හොද ගුරුවරයෙක්, එමෙන්ම කාරුණික මිතුරෙක්. සැබෑ මිනිසෙකු වන ඔහුගේ අකාල අභාවය මට මහත් කම්පනයක්, නිවන් සුව පතමි

    ReplyDelete
  7. යුද්ධ ටැංකි, මොටාර්, කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් ලොන්චර්, ග්‍රෙනේඩ්, තුවක්කු, රයිෆල්, පිස්තෝල, ගල්කටස්,කඩු, කිරිංචි, මන්න, නකල්ඩස්ටර්, මඩුවලිග, ඩප්පි හා මාමයිට්කුප්පි වලින්ද දුන් දැනුමින් අපිව සන්නද්ධ කෙරු මේජර් ගුණරත්න හෙවත් විචරකතුමාට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  8. සුභ ගමන් විචාරක තුමා....සැබැවින්ම ලොකු කම්පනයක්

    ReplyDelete
  9. සුභ ගමන් විචාරක තුමණි

    ReplyDelete
  10. හොඳ මිනිසුන් සමු ගන්නේ ජීවත් වන අපගේ කරුමයටය . ඔබට සුබ ගමන් !

    ReplyDelete
  11. දවස් කීපයකින් අද බ්ලොග් පැත්තේ ආවේ, ආ ගමන්ම දකින්නට ඇත්තේ කනගාතුදායක පුවතක්
    ඔහු තමන් දන්නා දෙය අත්තීතයේ අපි රස විඳි ජීවිතය අනාගත පරපුර වෙනුවෙන් ලියා තියන්නට වෙහෙසුනා.
    මා ඔහුට සුගති උත්පත්තියක් පතනවා!

    ඔහු වැන්නන් පැහැදිලිවම ලියන සැමටම ආදර්ශයක්
    ඔහුගේ අවසන් කටයුතු ගැන බ්ලොග් අඩවිවල වාර්තා නොවන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මැයි පළමුවන සදුදා සවස තුනට කුරුණෑගල පොදු සුසානභූමියේදී විචාගේ අවසන් කටයුතු සිදුකෙරේ

      Delete
  12. ඊයේ ඔක්සිජන් සමග ඇඳේ සිටි ඔහුව මැවී පෙනෙනවා.

    සුභ ගමන් ඔහුට.

    ReplyDelete
  13. අටම්,
    බ්ලොග් සින්ඩිකේටරයක කොනකින් යාවත්කාලින වූ නොවූ සින්ඩියේ ලියාපදිංචි සියළු බ්ලොග් අඩවි වලට පිවිසුම් මාර්ගයක් තිබුනා නම් නරකද?
    හිට් ගමන් නිහඬ වන අපි ආසා කරන බ්ලොග් අඩවි කොතරම් තියෙනවාද?
    නැවත නැවත ඒ බ්ලොග් අඩවි වෙත පිවිස ඒවායේ ඇති වටිනා ලිපි කියැවීමට එයින් ඉඩක් සැලසේවි නේද?

    මේ මගේ හිතේ තිබුනු දෙයක් විචාරක මහතා ගේ හදිසි සමුගැන්ම නිසා මට එවැන්නක වටිනාකම වැඩියෙන් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ කරන්න ටිකක් අමාරුයි , වැඩ නොකරන ලින්ක් තියාගත්තහම සයිට් එක ස්ලෝ වෙනවා , වෙනමම මිලදි ගත් අන්තර්ජාල ඉඩක් සහ ඩොමේන් නේම් එකක් තියන කෙනෙකුට නං කරන්න පුලුවන් , එහෙම නාමාවලියක් හැදුවොත් අවම පොස්ට් පහක්වත් ලියාපු බ්ලොග් විතරක් දෙදහක්වත් එකතුවෙයි

      Delete
  14. ඔහුට නිවන් සුව පතමි

    ReplyDelete
  15. සුබ ගමන් විචා.

    ReplyDelete
  16. සුභ ගමන් විචාරකතුමණි

    ReplyDelete
  17. සුබ ගමන් විචාරක තුමනි !!!!

    ReplyDelete
  18. සුභ ගමන් විචා මාමි 🙏

    ReplyDelete
  19. සුභ ගමන් විචාරක තුමනි

    ReplyDelete
  20. බොගෙ කවිය හෙන අමුයි බන්.
    බ්ලොගාල ගැන හෙන ආදරයකින් හිටපු මනුස්සයෙක්.
    සුභ ගමන්..!
    ජයවේවා..!!

    ReplyDelete
  21. ඔබ කලින් දවසක ලියු පරිදි , අන්තිමේදි මෙච්චරයි නේ කියලා හිතුනා.
    ආවොත් යායුතුය..හම්ම්
    විටෙක මේ බ්ලොග් අස්සේ (ජීවිතේ වගේම) සමහර කතා කියවලා මිනිස්සු ගැන මහා අපුලක් දැනුනත්, මේ වගේ වෙලාවට බොක්කෙන්ම එන නෙක් සටහන් වල දැවටුනු මනුස්සකම හිතට ගේන්නේ පොඩි මෙව්වා එකක්

    ReplyDelete
  22. සුබ ගමන් විචාරක මහත්මයා.අකුරු වලින් හමුවු ඔබ අපුරු තරුණයෙක්ව සිටියෙක්.

    ReplyDelete
  23. හරිම කනගාටු දායක ආරන්ච්චියක්, නිවන් සුව පතනවා එතුමට. (අපි හම්බවේනෙ කොහෙදි හරි :) )

    ReplyDelete
  24. Wicharaka always wrote with great dedication. Always tried to give his readers something worthwhile. May he attain nibbana

    Thusitha

    ReplyDelete
  25. ජීවීතය ගැන අපූරු පාඩමක් කියල දුන්
    නිහතමාණී සොඳුරු මිනිසා...
    ඔබට සුබ ගමන්...

    ReplyDelete
  26. සුබගමන් විචාරකතුමණි

    ReplyDelete
  27. විචාට පස්සෙ වීසා එන්නෙ කකාට..

    ReplyDelete
  28. සුභ ගමන් විචාරකතුමණි

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • එග් බන් ඇන්ඩ් පුක් බන්
    මෙ ඇවිල්ලා එක්තරා දෙපාර්තමේන්තූවක පාපන්දු කණ්ඩායමක මැලේ ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් ගැන කතන්දරයක්.  ජා ජාතිකයෝ පාපන්දුවලට දක්ෂයි…
  • How to Cutting and Stiching Girls School Unifome - Part 3
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • ටීනගේ මෙව්වා ඒක
    අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ…
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • නුඹ දුටිමි අද දිනේ සමගිනේ නුඹ පුතුන්
    අතීතේ සියවරක් මා ඔබව බලා උන් දොඩමළුව සිනාසුනු දෑත් යුග පටලවන් ගොඩනැගු අපි එදා අනාගත සිහිනයන් දකීදෝ කවුරුවත් අපි දන්න යැයි බියෙන් මා දමා ගිය…
  • සුපවයිසර් කෝ
    මේ චාටර්ම චාටර් සිද්ධිය උනේ කාලයකට ඉස්සර මම යෝගට් කෝප්ප නිෂ්පාදනය කරන ආයතනයක වැඩ කරන කාලේ , ඒ ආයතන‍යේ වැඩ රාජකාරි සිද්ධ උනේ සේවාමුර ක්‍රමයට,…
  • මාතු පාදං පීතු පාදං අමත පදං
    පෝප් .....පෝප් ..පොං .......පෝං බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති. ‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත…
  • මිනිහ එක්ක ඉන්ඩ බැරි හන්ද
    ‘‘..සර් ....සර්... දැං ගෑණු කෙනෙක් ගෙනාවද ළමයෙක් ඒක්ක ‘‘ ‘‘ඔව් ඇයි ..මොකද ‘‘ ‘‘පව් සර් අහිංසක ගෑණි ...උසාවි දාන්ඩ එපා ඕන්න ඔහේ යන්ඩ අරිමු…
  • කිරි පීල්ල
    මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා මොනවද තාත්තේ තහඩු…
  • කොහොමද යාලුවනේ මාව මතකද දන්නැ
    ඉතින් කොහොමද වාස දේසේ , අවුලක් නැනේ  ෆිට් එකේ ඉන්නවනේ නේද , එහෙනං එලකිරි ,  කාලයක් මට බ්ලොග් එකයි  සින්ඩියවාගේ එකයි මග…
  • DC 27 Ballpoint Needles for Indian DC1, Chinese GN1, High Speed Overlock Machines, Chinese FN2- dp-5
  • මහලා කන්ඩදීම
    මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම…
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…
  • අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන ,  සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු
    අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු…
1,644,804

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>