2017-04-05

රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘ කතා දෙකක්


මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ


කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය මේකය කියලා , ඔහොම එව්වා ඉතින් එනවනේ , බොරුවකුත් නෙමෙයිනේ , විනාසයක් නොවෙනවත් නෙමෙයිනේ. එහෙම අළුත් දෙයක් නොකර ඉන්ඩද.... බැනේ , එහෙම උනානං ඉතින් අපිට බොග දාන්ඩ වෙන්නෙත් කටුවයි මිටියයි අරං ගලක තමයි .

වෙන්ඩ ඕන ...සංවර්ධන වියායාප්පුරුති , නව ආයෝජනද මොනාද මන්දා කරන කොට හොදම තැන , හරිම දේ කරනවා මිසක් .... අහවලුන්ගේ මල් හෝටලය හදනකොට වාගේ   වැවේ පිට වාන අගල් හතරක් කපන එක නෙමෙයි.

හරි හරි ඔව්වා වැඩක් නැ ..... ඔව්වා ලියන්ඩ ගියහම හැමදාම අහන්ඩ වෙන්නේ ...අනේ මැසින් බිජ්ජෝ ...තෝ දන්න දේසපාලනේ කියලමනේ ......  ඔය ජුංඩ අමතක කරන්ඩලකෝ‍ෙ

හරි දැං ඔන්න සින්දු ලියලා සින්දු කියලත් කංඩලම හෝටලය හදන එක නැවැත්තුවේ නැනේ , ඔන්න දැං හෝටලේ හදලා ඉවරයි  ,   ඔතන ඇවිල්ලා  අවුරුදු දාස් ගානක්  කුරුල්ලෝන්ට පුරුදු පරිසරයනේ ... වීදුරුගැන වැටහීමක් නැතුව දවසට සැලකිය යුතු කුරුල්ලන් ප්‍රමානයක් පියාබලා ඇවිත් වීදුරුවල වැදිලා මැරිලා වැටෙනවලු.


අලුතින් වැඩිය වීදුරු දාල ගෙයක් හැදුවත් එහෙමනේ ඒ පරිසරයේ නිදහසේ හිටපු සත්තු ආගන්තුක දේට පුරුදු වෙන්න යම්කිසි කාලයක් යනවනේ කුරුල්ලෝ දහස් ගානක් ගැවසෙන තැනකදි වැඩේ හෙන කේස්නේ ... පාලනාධිකාරියටත් කරන්ඩ දෙයක් නැලු ..... පස්සේ දවසක් ඔය රවී මහත්තයා ඇවිත් ඉන්න වෙලාවක ඔය සිද්දිය දැකලා බකමූණන්ගේ පින්තුර  ටිකක් ඇදලා ඇලෙව්වාලු වීදුරුවල .....එදා ඉදන් පුරස්නෙ විසදුනාලු ....


රවි මහත්තයා ගැන කියනකොට ඇස් ටී ඇප් එක ගැනනේ ඉස්සෙල්ලම කතා වෙන්නේ  ,  විශේෂ  හමුදා ඒකකයක්  හදන්න උවමනාව ආවහම  ත්‍රිවිධ හමුදාවෙම  සහයෝගය ලැබුණේ  නෑලු , ඉතින්  කරන්ඩ  දෙයක්  නැති ⁣ කමට  පොලිසිය දිහාට  හැරුනලු.


මෝෂේ දයාන් ආවලුනේ අපි පොඩි කාලේ ලංකාවට  ( අර ඇහැක් නැති යුදෙව් යුද සෙනෙවියා )  .... ඔය රවි මහත්තය එක්ක එයාගේ මිතුරු කමක් තිබුනා කියලයි පත්තරේ තිබුනේ , පස්සේ ඉතින් ලංකාවට ඇවිත් කදවුරු සංචාර එහෙම කරලා පොරට හෙන විවේචන තිබුනලු  අපේ  යුද , ගුවන් , නාවික   හමුදා ගැන , පස්සේ එස් ටී ඇප් එක දැක්කහම කියුවලු .....නියම හමුදාවක් දැක්කා කියලා , ඔන්න ඒ කාලේ ඇස් ටී ඇප්  එකට තිබුන තත්තේ , කොටි සංවිදානේ විතරක් නෙමෙයි ...ඇස් ටී ඇප් කොල්ලො ගමේ ආපුවහමත් ඔය භීෂනේම තමා  ....

ඇස් ටී ඇප් රාලහමි කෙනෙක් ගමේ එනව දැක්කහම  බොක්කු  චන්ඩි සරම පල්ලෙහාට දානවා , කසිප්පු ජාවාරං කාරයෝ දෙකට නැමිලා .... පුතේ ..මල්ලියේ .. අයියේ කියල ඇඹරෙනවා ... ඇස් අයි මහත්තුරු  ගමේ එන්නේ සී ඇම්  එකක් හරි , ඇස් ආර් එකක හරි , ජී ඇන් එකක හරි .... ඔක්කොම ටුපිට්ටි  ආයේ ඉතින් ගමේ පාරවල් වල යන්නේ පුතය වගේ බරං බරං ගාල .....  ඊන්ස්පැට්ටර් මහත්තයෙක් හිටියොත් ඉතින් ගමේ මගුල් තැල්ල වගේ  තමයි ගමට .... එහෙම මහත්තැං කෙනෙක් අහල ගමක නිවාඩු ඇවිත් ඉන්නවනං ...

මළ ගෙයක් උනා කියමුකෝ ....මැරුන කෙනා ටිකක් විතර ... උඩ තටුට්වේනං ...වැඩිය ඕන නැ ...ඉස්කෝල ගුරෙක් .... ගිරාමසේවකයෙක්  නං .... ඊන්ස්පැට්ටර් මහත්තයා තියනවා උඩට වෙඩි ....මිනිය උස්සන්ඩ රතින්නා පත්තු කිරිල්ලක් නැ .....

මරනෙට වැඩි සැලකිලි ඇස් ටී ඇප් එකට මගුලේ .... ආයේ ඉතින් මනමාලිගේ බාප්පල මාමලා කැලේ ...... හැබැයි ඔය නයින් ඇම් එකක්  ඒකාලේ ගෙදර ගේන්ඩ දුන්න එක  හොදටම හොදයි ..... මීනි උස්සන්ඩ  තියන එව්වා කොහොම කවර් කලත් ...  මොකද එහෙම ආයුදයක් ගෙදර ගේන්ඩ හම්බෙන හන්දා තමයි .... ජෙප්පෝ ... ඇස් ටී ඇප් කොල්ලන්ට ගහලා දාන්ඩ දෙවරක් හිතුවේ ....... ඕක නෙමෙයි හොදම දේ .... ගමේ ඉන්න ඇහැට කනට පේන කෙල්ලෙක්  ආමි කොල්ලෙක්ට වචනේ දෙන්ඩ ඇඹරුනාට ... ඇස් ටී ඇප් කාරයන්ට ... පැනලා දුන්නේ ....   මට නං හිතෙන්නේ වෙන මොකවත්ම නෙමෙයි ...

දැං අපි ගමුකෝ ගුවන් හමුදාකාරයෝ ... ඇති බිජ්ජක් නැ ....කළු කන්නාඩි දාගන යන්නේ උඩින්    ....   කෙල්ලන්ට දිරවන්නේ නැ ඉතින්

හා දැං ආමි කාරයෝ අප්පේ බඩ මැද්දට කලිසං අදිනවට කැමතිද කෙල්ලෝ

ඊලගට නේවි කාරයෝ මේලෝකේ රහක් නැ

ඉතින් කෙල්ලන්ගේ අම්මලා තාත්තල උනත් කියන්නේ .... ඔන්න ඔහේ කමක් නැ ... අවුරුදු දහයක් දොලහක් වෙලා  ඔය කොල්ලා ගමේ පොලිසියට එන එකනේ ඉන්ස්පැට්ටර් වෙලා ... මයේ කෙල්ලට රැජින වගේ හිටියෑකි ..... අර කනවැන්දුං ගෑණිගේ ගේ අස්සේ රිංගනවා කියල කතා පතුරන්නෙත්   මයේ   කෙල්ලව මනමාලි කරගන ... කඩු යටිං කැන්දං යනවට  ඉරිසියාවේ .... අපේම වේසාවියෝ කියලා

එහෙම තිබ්බ ඇස් ටී ඇප් එකට  අද අත්වෙලා තියන තත්වෙනං.... ඇඩෙනවා අප්පා

මට නං හිතෙන්නේ ...ඔය පොලිස් විශේෂ කාර්ය බලකායට බදවාගන්ඩ ඕන පැන්සොං යනකම්ම ඔකේ ඉන්ඩ ඕන  සිවිල් රාජකාරි වලට අන්යුක්ත වෙන්ඩ බැ කියන විදිහට , මොකද ....හොද දක්ෂ අවංක එඩිතර  නිලධාරිවරු බලු බළල් ගානට වැටෙනවා මං දැකලා තියන හන්දා.

.. සාමාන්‍ය පොලිසියට බැදෙන්ඩ තියන අවස්ථාව අහුරලා .... වෙනමම එකක් විදිහට තියන්ඩ ඕන ....එතකොට ඒ ජීවිතයට ආදරේ අය විතරක් ඉතුරු වෙලා .... ඇස් ටී ඇප්  ආභරණය පලදින්ඩ බලාගන ඉන්න ජරා පොලිස් කාරන්ට ඒක කරන්ඩ බැරි වෙනවා.

හයියෝ ලේන් මං මේ කොහෙද යන්නේ ... ආයෙත් කතාවට

ඉතින් ඔය මෝෂේ දයාන්ට ඇල් ටී ටී  කාරයෝ  දකින්ඩ ඕන උනාලු .....ඒකට ඇල්  ටි ටී එකට කතා කරලා පහසුකං සලස්සලා .....   සොල්හයිම්ලා ගියා වගේ යන්ඩ .... අකමැති උනාලු ....    පොරට ඕන උනේ ...  රහසේ    ... ඇල් ටී ටී   ඒරියල් එකට බහින්ඩලු ...... පස්සේ හැමෝම  විරුද්ධ වෙද්දි රහසේම රවි මහත්තයා ... මෝෂේ දයාන් එක්කාගන   පිස්තෝල   දෙකක් ඇරං   ඒ  පැත්තට  ගිහින් .... ආවාලු .



( ඔය කියුවට මෝෂේ දයාන් සහ මෝසෑඩ් දෙක පටලවාගන ලියපු ලිපියක් වෙන්ඩ ඕන , මෝසෑඩ් සාමාජිකයෙක්  මෝෂේ දයාන් කියලා වැරදියට වටහාගන්ඩ ඇති .... පත්තරේ නමත් මතකයි දිනය මතක නැති නිසා කියලා වැඩක් නැ , මෝෂේ දයාන් 1981 මැරුනයි කියලා ජංජාලේ තියෙන්නේ , ජංජාලේම තියනවා 1984   s t f   පටන්ගත්තා කියලා ..... සමහරක්විට  මෝෂේ දයාන් මැරෙන්ඩ කලින් ලංකාවට ඇවිත් රවි මහත්තයා එක්ක ඒ පැත්තේ කරක් ගැහුවා වෙන්ඩත් පුලුවන් ....ඊළම් යුද්ධය පටන්  නොගත්තට හෙන හා හෝවක් සැහෙන කාලයක් තිබුන නිසා .....මෝෂේ දයාන්   ඒ පැත්තට යන එකට  විරුද්ධත්වයක්  පලවෙන්ඩ ඇති , පස්සේ කාලෙක මෝසෑඩ් සාමාජිකයෙක් හෝ කණ්ඩායමක් ලංකාවේ කරපු සංචාරයක් එක්ක අර කතාව පටලවගන ලියුවා වෙන්ඩ පුලුවන් )

ලේන් මේ තියෙන්නේ මම ඔයාගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක

//අටම්පහුරApril 5, 2017 at 6:35 PM
කාලෙකින් මොකවත් නොලියුව එකේ පොස්ට් එකක්ම දාන්නං ..... අවුල තියෙන්නේ ....අහපු දැකපු දෙයක් ඇරෙන්ඩ ....එහෙම උනාලු ..... කියුවලු .....මෙහෙම කරාලු කියලා .. ලු පොස්ට් දාන්ඩ මම කැමතිම නැ//

ඔය ‘‘ ලූ ‘‘ කතා ලියන එකේ බයානක කම ඕක තමයි ......හේ හ් .....හේහ්


r v ජයවර්ධන බිහිවෙන්නේ එක්සත් ජාතික පක්ෂය  හින්දා නෙමෙයි , අනුර බණ්ඩාරනායකලා බිහිවෙන්නේ නිදහස් පක්ෂය නිසා නෙමෙයි , නාමල් රාජපක්ෂලා බිහිවෙන්නේ නිදහස් පක්ෂයට පාක්ෂික අනිත් බලවේග හින්දා  නෙමෙයි ..... විමල් වීරවංශලා බිහිවෙන්නෙත්   ජනතා විමුක්ති පෙරමුන නිසා නෙමෙයි , විමුක්ති බිහිවෙන්නේ ඔය මගුල් නෙමෙයි .... වෙන මොන  මළගෙයක් හින්දවත් නෙමෙයි

අනුර අවලංගු වෙන්නේ
සමාජයේ බහුතරය හිතනදේ
නොහිතපු නිසා
සජිත් ගැන කතා නොකර ඉමු
මේ යන කතා අස්සේ
පාඨලි චම්පික රණවක
රටේ නායකයා වෙන්ඩත්
බැරි කමක් නැ
කතිකාවතක් අවශ්‍යයි රටට
සියල්ලං නියෝජනය වෙන
ඒ වාගේ තමයි
අපේ රටට විප්ලවයක් අවශ්‍යයි
කවුරුවත් කියනවට නෙමෙයි
හදවතින් නැගෙන එකක්
ඒක අස්සේ එක් එක් කෙනා
එක එක භුමිකාවන් කරයි
එකෙක් දෙන්නෙක්
පට්ට පොරවල් වෙයි
රටක් විදිහට ඇත්තම
උවමනාව ඒක නෙමෙයි
පුද්ගල ආකල්ප සංශෝධනයක්
විප්ලවයක් අවශ්‍යයි අපිට
රටක් විදිහට
හැබැයි විප්ලවය වෙන්ඩ ඕන
මිනිස්සුන්ගේ හිතේ
හිතනවද  ඒක වෙයි කියලා
කවදාවත් වෙන්නේ නැ
මා . මං . මගේ
අත අරීද
මමත් සමහරක්විට
අල්ලගනම ඉන්නවා
තරහටම
කිසිවකින් සතුටක් නැති කොට
ඇත්තටම උවමනාවක් නැතුවට
පවතින රාමුවේ
මට කිසිවක් නොකෙලෙකුටද
මමත් කෙලවලා තියනවා
හෙටත් කෙලවනවා
ඒකයි  ඇත්ත
දේශපාලනයත් ඕකයි
මම , මගේ , සහ මට

83 comments:

  1. +++++++++++

    hetaa ennam hariyata comment ekak kotanna...
    Hire hitapu atamaa nawatha karaliyata...
    Jaya wewaa...!

    ReplyDelete
  2. /මම , මගේ , සහ සහ මට/

    අනිවා.. එතනින් එහාට දෙයක් ජීවිත කාලෙ ඇතුලත දකින්න බැරිවෙයි.

    ReplyDelete
    Replies
    1. මක්කැයි කොරන්නේ හිටං

      Delete
  3. කාටවත් නොතේරෙන කවි ලියන්ඩ ගත්ත.
    දැන් කතා කවි කරල ලියනවා.

    බලන් යනකොට මේකත් හොඳයි බං.

    ReplyDelete
    Replies
    1. ටික දවසක් ඇදං යන්ඩ පුලුවං වෙයි නේ

      Delete
  4. ආ.. ඒකයි මේ කණ්ඩලමෙයි බකමූණන්ගෙයි සම්බන්ධෙ එතකොට.. සරි සරි..
    උඹ අයියෙ අන්තිමට ලියපු වචන ටික නම් ටිප් ටොප්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම ‘‘ ලූ ‘‘ ඈ

      Delete
    2. ආ.. ඒකයි මේ කණ්ඩලමෙයි බකමූණන්ගෙයි සම්බන්ධෙ එතකොට.. සරි සරි.. X2

      Delete
  5. අම්මද බොල යකෝ ... මේක පස්ටනේ ...
    උඹ අද මොනාද ගත්තෙ ...??

    ReplyDelete
  6. ////මේ යන කතා අස්සේ පාඨලි චම්පික රණවක රටේ නායකයා වෙන්ඩත් බැරි කමක් නැ...//////.අහගනින්කෝ ඉතින් මෙන්න කතා ..රධිකා කෝදාගොඩ ට බ්ලොග් තෝරලා කියවලා පිෂ්ෂු හැදිලා ඇටමට...කැනඩාවේ ඩොක්ටර් මැන්ටල් ලෙඩා නොබලා ලෙඩේ කියනවා උපදෙස් ගන් උගෙන්

    ReplyDelete
    Replies
    1. ඇයි මොකැ

      පාඨලි චම්පික රණවක ට

      තියන නුසුදුසුකම කියාංකෝ ඉතින්

      Delete
    2. චම්පිකයව අපි හදුනාගත්තේ 88 කාලේ මු අන්තරේ ඉන්නකොට ඒකාලේ දීපු ටෝක් හැටියට කෙරුවාල් හැටියටයි .......හරිම වැදගත්

      Delete
    3. හරිම වැදගත්

      කියුවේ තේරුන්නැ

      Delete
  7. //මම, මගේ සහ මට//.
    ප්‍රජාතන්ත්‍රවාදය අර්ථ දක්වන විදිය ගැන යාලුවෙක් මට මෙහෙම කිව්වා. "මගේ දේ මට. තමුසෙගෙ දේත් මට"

    ReplyDelete
    Replies
    1. හේහ් ....හෙහ්....ඒක මරු අප්පා

      Delete
  8. රවී ජයවර්ධන මහතා නියම වීරයෙක් ඒ ගැන කතා දෙකක් නැහැ. රවී ජයවර්ධන මහතා නිකම්ම හැදුනේ නැහැ. එයාව එතනට ගෙනාව, ගෙනාවේ හර්මන් ගුණරත්න මහතා.හර්මන් ගුණරත්න මහතාට පන්නරය ලැබුනේ එකල මහවැලි අමාත්‍යංශයේ මානව සම්පත් අංශයේ (මට මතක හැටියට) සේවය කල දිසානායක නම් නොහදුනන මහතෙකුගෙන්. සැබෑ වීරයා මේ දිසානායක මහතාය.හර්මන් ගුණරත්න මහතාගේ පොතේ මේ ගැන විස්තර ඇත.වැදගත් කාරණය හර්මන් ගුණරත්න මහතා කතෝලිකයෙක් විඅම සහ මිෂනාරි පාසලක ඉගෙන තිබීමය.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මං හිතාන හිටියේ හැරි ජයවර්ධන ජේ ආර් ජයවර්දනගේ පුතා කියලා

      Delete
    2. ඉස්සර මං හිතාන හිටියේ මහේල ජයවර්ධන කියන්නෙ ජේ ආර් ජයවර්ධනගෙ මුනුපුරා කියල

      Delete
    3. මම කිව්වේ හැරී ජයවර්ධන මහත්තයා ඔය පාරට ගේන්න මුලික උනේ කව්ද කියල විතරයි. ඒක සමාන කරන්න පුළුවන් වෙන්නේ ඉන්දියාවේ පටෙල්ට විතරයි. නියම වීරයා එයා ඒත් කවුරුත් දන්නේ ජවහල් ලාල් නේරු ගැන.

      Delete
  9. අටම් බොහොම පිං කාලය මිඩංගු කොට විස්තර දුන්නාට. අවසාන කවියේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟයි. නැවතත් ස්තූතියි අටම්.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එඩිට් කලා , වැඩකරන ලින්ක් එකක් ඔයාගේ පෝස්ට් එකට දැම්මා ..... එතන පොඩ්ඩක් අතු පතු ගාන්ඩ වෙයි

      Delete
  10. රණවිරුවන්ට අත නොතබනු.

    ReplyDelete
    Replies
    1. හැ ....එහෙම එකක් මේකේ කොයිද

      Delete
  11. හුඟක් හොඳට ලියල තියනව

    ReplyDelete
  12. කථාව ට්‍රැක් පැන්නට වැදගත් ලියවිල්ලක්.

    ඔය මම මගේ මට කථාව අපේ රටේ මිනිස්සුන්ගේ ලේ වල තියෙන දයක්.

    කවදාවත් අපේ මිනිස්සු එකතු වෙලා එක නායකයෙකුව පිළිගන්න ලෑස්ති නැහැ. හැම වෙලේම බෙදෙනවා. නායකයට ලැබෙන ගරු සම්මාන වරප්‍රසාද වලට ඉරිසියා කරනවා. ඊ ලඟට නායකයට අභියෝග කරලා තමන්ට ඒ දේවල් ලබා ගන්න හදනවා.

    1815 දී සුද්දො රට යටත් කර ගත්තෙත් ඔන්න ඔය සන්තෑසිය හින්දා නේද? නිලමෙලා හැම එකාටම ඕනේ වුනේ වඩුග රජාව පන්නලා තමන් සිංහල රජා වෙන්න. ඒ එකෙක්වත් උන් අතරින් වෙන එකෙක් රජ වෙනවට කැමති වුනේ නැහැ.
    අන්තිමට හැම එකාම මට නැත්නම් උටත් නැහැ න්‍යායෙන් සුද්දටම දුන්නා.

    ReplyDelete
    Replies
    1. /// රටක් විදිහට ඇත්තම
      උවමනාව ඒක නෙමෙයි
      පුද්ගල ආකල්ප සංශෝධනයක්
      විප්ලවයක් අවශ්‍යයි අපිට
      රටක් විදිහට
      හැබැයි විප්ලවය වෙන්ඩ ඕන
      මිනිස්සුන්ගේ හිතේ///

      Delete
    2. අදටත් කොතනත් එහෙම තමා නයනේ

      Delete
    3. චෙෆ්-ආර්කි,
      කථාව හරි මචන් ඒත් කොයි පැත්තටද මේ විප්ලවය වෙන්න ඕනේ. එකෙක්වත් පොදු අරමුනකට එන්නේ නැති කොට.
      හිතේ විප්ලවය යන්නේත් එක එකා එක එක පැත්තට
      එකෙක්වත් කැමති නැහැ පොදු මතයකට ගරු කරන්න හැම එකාටම ලොකු තමන් හිතන දේ විතරයි.
      අඩු ගානේ සාකච්චාවකින් පැහැදිලි කර ගැනීමකින් පස්සේ....

      හැබැයි ඒ අතින් විජේවීරයි, ප්‍රභාකරනුයි දක්ශයෝ. උන්ට පුළුවන් උනා අන්ධ භක්තිකයෝ ලොකු සෙට් එකක් හදා ගන්න.

      Delete
  13. //කතිකාවතක් අවශ්‍යයි රටට
    සියල්ලං නියෝජනය වෙන
    ඒ වාගේ තමයි
    අපේ රටට විප්ලවයක් අවශ්‍යයි
    කවුරුවත් කියනවට නෙමෙයි
    හදවතින් නැගෙන එකක්
    ඒක අස්සේ එක් එක් කෙනා
    එක එක භුමිකාවන් කරයි
    එකෙක් දෙන්නෙක්
    පට්ට පොරවල් වෙයි
    රටක් විදිහට ඇත්තම
    උවමනාව ඒක නෙමෙයි
    පුද්ගල ආකල්ප සංශෝධනයක්
    විප්ලවයක් අවශ්‍යයි අපිට
    රටක් විදිහට
    හැබැයි විප්ලවය වෙන්ඩ ඕන
    මිනිස්සුන්ගේ හිතේ
    හිතනවද ඒක වෙයි කියලා
    කවදාවත් වෙන්නේ නැ
    මා . මං . මගේ
    අත අරීද
    මමත් සමහරක්විට
    අල්ලගනම ඉන්නවා
    තරහටම
    කිසිවකින් සතුටක් නැති කොට
    ඇත්තටම උවමනාවක් නැතුවට
    පවතින රාමුවේ
    මට කිසිවක් නොකෙලෙකුටද
    මමත් කෙලවලා තියනවා
    හෙටත් කෙලවනවා
    ඒකයි ඇත්ත
    දේශපාලනයත් ඕකයි
    මම , මගේ , සහ මට//

    මෙන්න මේ ටික මරු..ඔතනින් පටන් අරන් ආපහු මේ පොස්ට් එක ලිව්වනං මොකෝ වෙන්නේ අටම් අයියේ....?

    ReplyDelete
    Replies
    1. තව මක්කැයි කොරන්ට කියන්නේ ඉදගන

      Delete
  14. ///ඔය කියුවට මෝෂේ දයාන් සහ මෝසෑඩ් දෙක පටලවාගන ලියපු ලිපියක් වෙන්ඩ ඕන , මෝසෑඩ් සාමාජිකයෙක් මෝෂේ දයාන් කියලා වැරදියට වටහාගන්ඩ ඇති ..//
    අර ලංකාදීපෙට ආරක්ෂක තොරතුරු ලියන පොර ලියපු එකක් වෙන්ටෑ...!

    ReplyDelete
    Replies
    1. නැ නැ ....හේහ හේහ්

      Delete
    2. මෝෂේ දයාන් ජයතිලක වෙන්න ඇති

      Delete
    3. එයාගේ තාත්ත යුදෙව්වෙක්ද

      Delete
    4. //He is the son of Mervyn de Silva and Lakshmi Sylvia Fernando. He was named after the Israeli general Moshe Dayan//https://en.wikipedia.org/wiki/Dayan_Jayatilleka
      දයාන් විතාරණ මාතලේ යුදෙව් වෙන්න ඇති. :-DD

      Delete
  15. නෙවි කාරයො මෙලෝ රහක් නෙති හටි කාලා බලහන්කො ලුනු රහ

    ReplyDelete
    Replies
    1. නේවි කියනකොට උඹට කිචි කිචි වගේ නේහ්?

      Delete
    2. හුටා මූත් නේවිද .... හපොයි මුං ඔක්කොම එකතු වෙලා මට *$නේවිද

      Delete
    3. ඇවිත් බලපල්ලකො නෙවි කාරයන්ගේ රහ

      Delete
  16. බකමූණ ලු කතාවයි පිස්ටල් එකෙන් රවි කියල ශූට් කරන ලූ කතාවයි සීයට යූ ටර්න් ගහන කතාවලුයි කතා උනා මතකද... මරු ලියවිල්ල බං... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මතකනැ බං ....මං අමුවෙං ඉන්ඩ ඇත්තේ

      Delete
  17. හෑ .....නෙවි කාරයෝ මෙලෝ රහක් නැද්ද? රවී ජයවර්දන වගේම තවත් කීදෙනෙක් රටට නිහඩ සේවයක් කරලා අප්‍රසිද්දියේම අපි අතරින් යන්ඩ ඇත්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මක්කරන්ඩද දෙයියෝ

      Delete
  18. මමත් මේ රවී ජයවර්ධන ගැන විස්තරයක් දැනගෙන හිටියේ නෑ.. නම නම් එහෙන් මෙහෙන් අහල තිබුන වගේ මතකයි..

    අර කවිය මරු.. කවිය ගැන තව පෝස්ට් එකක් ලියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. දැං කොහොමද පැතුමෝ ඒක කරන්නේ

      Delete
  19. ටෝයියෝ කොහොමත් ස්මාර්ට් පොරවල් තමයි
    දැක්කනේ බය්යෝ මත්තල කුරුල්ලොන්ට දීපු සොලුෂන් එක

    ReplyDelete
    Replies
    1. කොහොමද බං රවී මහත්තයා ටොයියෙක් වෙන්නේ

      Delete
  20. //ඊලගට නේවි කාරයෝ මේලෝකේ රහක් නැ//

    කෑම්ප් එක පැත්තෙන් යන්න නෙමේ....

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ මේ ... පාරේ ගිහින් ඉවරයි

      Delete
  21. // නේවි කාරයෝ මේලෝකේ රහක් නැ// හෙක් හෙක්..

    වැවා.. කෝ කඩුව? ගනිං යමං සටනට..

    පළවෙනි කතාවේ ලු අයින් කරන්න පුළුවන්. ඒක ඇත්ත කතාවක්. දෙවෙනි එක නම් ලු තමයි..

    මෝෂේ දයාල්.. ඉස්සර අපේ තාත්තගේ වීරයෙක්.:)

    ReplyDelete
    Replies
    1. මෝශේ දයාන් 1981 ඔක්තෝබර් වෙනකොට වලකජ්ජ ගහලා...ශුවර් එකට මොසෑඩ් ඒජන්ට් කෙනෙක් එක්ක යන්නැති හොරා පොලිස්....හැක හැක...!
      අප්පේ නේවි කාරයෝ ලඟින් යන්නත් බයයි මේ දවස්වල..අල්ලලා හිරේ දාවි හිටං...!

      Delete
    2. වැවා මේ දවස්වල කඩුව පොලීෂ් කරනවා

      Delete
    3. මං හිතුව මේක වෙයි කියල...
      ;)

      Delete
  22. රවී ජයවර්ධනව මම දෙසැරයක් දැක ඇත්තෙමි . සභාවක පිටිපස්සේ ඉඳගෙන සිට , හිමින් සැරේ නැගිට ගියා තමයි මතක .

    අටම් , ඔබ අර බඩ මැදට කලිසම අඳින ආමි කාරයෝ ගැන ලියු වාක්‍ය කියවලා , එක පාරටම විචා මතක් වෙලා (අපහාසයකට නොවේ ) මොකක්දෝ දුකක් කාන්දු වෙනවා දැනුනා හිතට

    ReplyDelete
    Replies
    1. අනේ මටත් එහෙමයි ... මොන මොකක් කරගන හිටියත් අන්තිමට මේ ටික නේද කියලා හිතෙනවා

      Delete
  23. රවි ජයවර්ධනගෙ නෝන ගැන කවුරුත් නොලියන්නෙ ඇයි ?

    ReplyDelete
  24. Lokuliyana Keerthi
    Yesterday at 3:07pm ·
    මා සිටියේ වෝර්ඩ් පෙදෙස ජනපති නිල නිවසේ ඇතුළුවීමේ දොරටුවේ මුර රාජකාරියේය...මේ ජනපති නිල නිවසේ රාජකාරියට මා පැමිණි පළමු අවස්ථාවයි..

    වේලාව උදෑසන හත වන්නට ඇත...

    පොලිස් ටසෝ රෙද්දෙන් මැසූ කළිසමක් හා පොඩිවී ගිය දිග ඉරි සහිත අත් කොට කමීසයක් ඇඳ...බාටා සෙරෙප්පු දෙකක් දමා ගත් මැදිවියේ අයකු කිසිම බයක් හැකක් නැතුව ....ජනපති මැදුරට ඇතුළුවීමේ ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ කරමින් සිටී...

    ඇයි මොකද කරන්නේ ඔළුව හොද නැද්ද හලෝ...

    මා කමාන්ඩෝ ගොරෝසු හඩින් එම පුද්ගලයාගෙන් විමසුවේ...අත රැඳුන MP 5 අවිය අතට තද කරගනිමිනි...

    අහ්. .. අනේ මට සමාවෙන්න.....මම හිතුවෙ පරන කට්ටිය ඉන්නව කියල....මම රවි ජයවර්ධන.....

    ඔහු ඉතා සෙමෙන් පවසයි... මුව රැඳි සිනහව අව්‍යාජය....

    මා කැරකෙයි ... ඒ මා දැන සිටි එහෙත් කෙදිනකවත් නොදුටු .....ජනපති පුත්‍රයාය
    ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිනන් වරයාය ...දක්ෂ වෙඩික්කාරයාය......

    සමාවෙන්න සර්...මම ඔහුට ආචාර කරමි

    අනේ දරුවො ....ගණන් ගන්න එපා ..මගේ නේ වැරැද්ද....පැවසූ ඔහු මට ප්‍රති ආචාර දක්වමින් මා ඉදිරියෙන් පියවර නැඟුවේ ශාන්ත දාන්ත හිමිනමක පිණ්ඩපාතයේ වඩින විලාසයෙනි

    මගේ මතකයේ තවමත් ඔහු සිත්තම් වී ඇත්තේ ඒ සිඳුවීම ඇඳි පසුබිම තුළය

    ඔහු අප සියල්ලන් හැර නික්ම ගොසිනි ....

    සුබ රාත්‍රියක් රවි සර්

    ReplyDelete
  25. ado wivata moka une wla kajja gahuwada ?

    ReplyDelete
    Replies
    1. නෙදකිං තෝ ...කොල් කරපිය

      Delete
  26. අටමෝ.
    මේ ලියන්නෙ ටික්ක.
    උබ කාලයකින් මේ ලියපු දෙයටනම් ෆුල් රෙස්පෙක්ට්. දේශපාලනය වගේම හිටපු මිනිස්සු ගැනත් මගේ මතකය බිංදුවයි. මොකද දේශපාලනය ගැන මගේ සම්බන්දයත් බිංදුවක් නිසා.

    උබ ලියන දේවල් කියවනවා වගේම කොහොම හරි කොමෙන්ට් කරනවා කියලත් එදා කෝල් එකේදි මම පොරොන්දු උනා.

    මම එය දේ කළා.

    \\.. මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම..//

    උබ viber msg එකත් බලහන්කො මම එව්ව :D

    ReplyDelete
    Replies
    1. වයිබරේ ලෙඩ දෙනව බං ....නොතිපිකේෂන් ....එන්නේ නැ ...රින්ග් වෙන්නෙත් නැ

      Delete
    2. අඩේ මට දැන් උඹ කතා කලබවක් මතක නැනේ

      Delete
  27. //හැබැයි විප්ලවය වෙන්ඩ ඕන
    මිනිස්සුන්ගේ හිතේ
    හිතනවද ඒක වෙයි කියලා
    කවදාවත් වෙන්නේ නැ
    මා . මං . මගේ
    අත අරීද
    මමත් සමහරක්විට
    අල්ලගනම ඉන්නවා
    තරහටම
    කිසිවකින් සතුටක් නැති කොට
    ඇත්තටම උවමනාවක් නැතුවට
    පවතින රාමුවේ
    මට කිසිවක් නොකෙලෙකුටද
    මමත් කෙලවලා තියනවා
    හෙටත් කෙලවනවා
    ඒකයි ඇත්ත
    දේශපාලනයත් ඕකයි
    මම , මගේ , සහ මට//

    මෙන්න මේ වවන ටික නම් පපුවටම වැදිලා ගියා....ඒක මාරයි..''ලූ''කතාවත් හරි ඒකත් හරි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ....සතුටුයි ... ආඩම්බරයි

      Delete
  28. අනේ මට ඔව්ව තේරෙන්නෑ බං....

    ReplyDelete
  29. විප්ලව කරපු එවුන් තමුන්ගේ විප්ලවය සමාජගත කලයුතු පිළිවෙල දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ලාංකීය විප්ලවය සැමදා අසාර්ථකයි අටමෝ..

    ReplyDelete
  30. අනේ මට ඔව්ව තේරෙන්නෑ බං....x2

    ReplyDelete
  31. ඒක නෙමෙයි මොකක්ද අර උඹ බ්ලොග් ටයිටල් එකේ දාල තියෙන 'පළිවෙලක් නැති ජීවිතේ' කියන එක.

    ReplyDelete
  32. රවි ජයවරධන ගැන මගේ කියවිම මෙච්චරයි. ලංකාදිප හෝ වෙනත් පුවත් පතකට දිපු සාකච්ඡාවකදි කිව්වා, පාරේ මැරෙතයි බොහෝ දෙනා පැතු කෙනෙක් අපි ඇඳක් අඩ ස්වභාවික මරණයකින් මිය යාමට ඇරියා කියලා.

    ReplyDelete
  33. මේ කිසිදෙයක් හෝ කිසිකෙනෙක් සුදුත් නැහැ කළුත් නැහැ. අපි දකින ඇහෙන් සුදු හුනු සහ මඩ තවරනවා. අපි දන්න හෝ නොදන්න ඇත්තක් තියෙනවා රවී ගැන උනත්.

    අන්තිමට මම , මා සහ මට තමයි යතාර්තය. ඒ ප්‍රතිශතය හොයන්න මහන්සි වෙන්න එපා බං. තමන්ට අවංක වුනාම ඉතිරි ටික විසඳගන්න එක රොකට් සයන්ස් නෙමේ.

    ReplyDelete
  34. අම්මට හුඩු ඒ ගමන දේශපාලනේද? හොල්මන්ද පොල්කොළ කිව්වලු

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>