2017-12-21

මරණය



මට දැං ඇති වෙලා
මේ ජීවිතය
උඹ ලගට එන්ඩ
ලේසීම
වේදනා රහිත
තාක්ෂණික
විද්‍යත්මක
නිර්මාණාත්මක
සාර්ථක
පහසුම ක්‍රම
බොහොමයක්ම
දන්නවා උනාට
කවරදාකවත්ම මම
කිසි දෙයක්
හොයාගන
ගියේ නැ
උඹවවත් එහෙමයි
වරෙන් මාලගට
මට දැං
වෙහෙසයි දුකයි
ඇති වෙලා තියෙන්නෙ

17 comments:

  1. වැල ගෙඩියක් ලඟට එන්න නම් කොස් ගහ යටට යන්න

    ReplyDelete
  2. රේල් පාරක් උඩ හිට ගන්න මරනය ඔබ ලඟට එනවා සත්තයි......ටහිකේ

    ReplyDelete
  3. කොන්ත්‍රාත් එක ගන්න පුළුවනි. ගාණක් කතාකරගමු.

    ReplyDelete
  4. එහෙම දැනෙන මොහොතවල් ජීවිතයේ තියෙනවා... අපි ජීවත් වෙන්නෙ අතීතයෙ එහෙම නැත්නම් අනාගතයේ...ඒකයි ඔය දුක...
    දැන් ඇත්තට උඹටද ඔය ඔහොම හිතුනේ?

    ReplyDelete
    Replies
    1. වැල කාලා මැරියන්...අපිටත් තියාපන්

      Delete
  5. පොඩ්ඩක් ඉවල ඉදිං , මේ ටිකේ නත්තල් . ලබන මාසෙටම කියල ආතල් එකක් නෑ. නිවාඩුත් තියනව.
    ආ... ඒක නෙමේ උඹ මලහම අර අපිට පෙන්නුව කනත්තෙ වලලන්ඩ බැරිවෙයි නේද ? උඹ එතනට බයයිනෙ. චිමිනියට දාල අළු කරල කැළ්ණි ගගට දාන්නම් .

    ReplyDelete
  6. ඔය අම්මණ්ඩි කෙනෙකුගෙ මැසිමක් හදල දෙන්නැතුව හිටහං. මරණය උඹව හොයාගෙන එන්නෙ හිටගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙත් කැස්ස හැදිල.. බේත් නැවැත්තුව නේද?

      අම්මණ්ඩි කෙනෙකුගේ මැසිමක්? මොන මැසිමද හැබෑටම?

      Delete
  7. "වැල සහිත පෙන්ඩ්‍රයිව් එකක් මාලයක අමුණා බෙල්ලේ දමා ගැණීම" , "බෙල්ලේ වැල දාගත්තා" යනුවෙනේ අදහස් කරගෙන ෆන් එකේ ඉන්නට කියා මම යෝජනා කරනවා ය .

    ReplyDelete
    Replies
    1. වැල කොහොමද බං පෙන්ඩ්‍රයිව් එකකට දාන්නේ?

      Delete
    2. උඹ මටත් කලින් ගියා නේද මචෝ

      Delete
  8. බෙල්ල සහ වැල අතර තියන සහ සම්බන්ධයට නව අරුතක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. උඹවවත් එහෙමයි
      වරෙන් මාලගට
      මට දැං
      වෙහෙසයි දුකයි
      ඇති වෙලා තියෙන්නෙ

      අහිංසකයින්ට මරණය උදාකර විඳවා මල විචාරක ගේ සොහොනටත් හෙනම ගහපිය

      Delete
  9. කාටද වෙහෙස නැත්තේ මේ ජීවිතේ..කාටත් නොදැනුනාට අපි කවුරුත් හැල්මේ දුවනවා ති දාගෙන..වෙහෙසයි තමයි..ඒ කියලා මැරුණට ඉවරයක් නෑ..ආයේ ඉපදෙනවා..පුළුවන් නම් ආයේ නොඉපදෙන්න මැරියන්..

    ReplyDelete
  10. දානෙට එන්නම්
    හාද?

    ReplyDelete
  11. වෙහෙසකර ජීවිතේ අරුතක් දෙන්න ජීවිතේ ජීවත් කරන්න බලන්න.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • how to assemble juki High Speed Lockstitch Sewing Machines  ජුකී මෙෂිමක් සවිකරගන්නා ආකාරය
    ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා ,…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • ටීනගේ මෙව්වා ඒක
    අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ…
  • දොස්තර කලබල උනාට පිස්ස කලබල නැ
    .....මේක වෙන්ඩැති කාමරේ .... ..... ම..නෝ  වෛ..ද්‍ය   විශේ...ෂ...ඥ   සූරී...ය     ගමගේ...... ...හරි ..හරි මේක ...තමා…
  • වඳ සැත්කම්
    මගේ ප්‍රීයාදර දයාබර පාඨක පාඨිකාවන්ට මතකද දන්නේ නැ අර හොදට පස්සෝනවා  කතාවේ අනුරයයි දම්මිකයයි , ඔන්න ඉතින් තව දවසක් අපි මැටි ගහලා හදාපු…
  • Sri Lankan Style Octopus Recipe
  • ජාබා පුතා කෑල්ලක් කෑල්ලක් ලයින්කරගත් ආකාරය
  • ඉදිරි වසර සදහා මෙවර සුපිරි අයවැයෙන් අප නිවසට ලැබුනු සුවිශේෂී  වාසි
    සමහරු නං කියනවා මේ තමයිලු මේ ආන්ඩුවේ අන්තිම අයවැය , ඒ උනාට මං නං හිතන්නේ නැ ඉතිහාසේ කවදාවත් මෙහෙම ජනතාවාදි අයවැයක් ඉදිරිපත් උනා කියල , මේ ලැබුන…
1,646,757

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>