2017-12-26

ඇම්බියුලන්ස්



‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘

‘‘ නැ මල්ලි ‘‘

‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘

‘‘ බයික් වලට තියනවා ‘‘

‘‘ ඒක මිසක්  ,   ඉතින් ගත්තනං හරිනෙ ‘‘

‘‘ එලවන්ඩ බෑනේ ‘‘

‘‘මං පුරුදු කරන්නං ‘‘

‘‘ බොසුත් කියුවා ‘‘

‘‘ මොකක්ද ‘‘

‘‘ඔයාට කියල පිට්ටනියට දාගන පුරුදුවෙලා ලයිසන් ගනින් කියලා ‘‘

‘‘ඒකනේ මං පුරුදු කරන්නං .. හැබැයි ඔය පිට්ටනි කතාව කොල්ටි නැ ‘‘

‘‘ඒ කියුවේ ‘‘

‘‘ඉක්මනට හරියට පුරුදු වෙන්ඩ නං පාරටම බහින්ඩ ඕන එකෙන්ම ‘‘

‘‘අනේ මේ .... මං බයික් ලයිසන් ගත්තේ බයික් එකක් අරගත්තට පස්සේ .... කාර් එකක් අරගන පුරුදු වෙනවා ‘‘

‘‘ඔහොම හිතුවනං අපිත් ... හෙහ් හෙහ් ‘‘

‘‘ඇයි  මොකද උඹ හිනාවෙන්නෙ‘‘

‘‘අපේ අයියා මට සෙනග පිරුන බස් එක දීලා තියනවා ලයිසන් නැති කාලේ  හපුතලේ බස්සන්ඩ‘‘

‘‘යකෝ  මිනිස්සු එක්ක‘‘


‘‘ඔව්වයේ  බ්රේක්  ෂුවර්නේ ලක්මාල්  මහත්තය ...  මෙව්වා  වාගේ  නෙමෙයි .... තුන් පාර පැඩල් කරා  .... කරාස් ගාල අඩේට හිට්ටා වාගේ , අයියා ඇන්ජිම උඩ ඉදන් මේ පැත්තට කකුල දාගන ඉන්නේ ...  ඒ පුරුද්ද තමා ... ඔය ගෙදර වාහනේ කොහේ හරි යන්ඩ උනත්  මටම සෙට් වෙන්නේ .... අම්මා උනත් දන්නවා  ... අයියලට වැඩිය මගේ ඩැයිවින් හොදයි කියල‘‘

‘‘ඔව් ඔව්  ඒක තමා ඔය බස්  පල්ලංවලට එහෙම දොක්කං වෙන්නේ .... , ආ මේ   ඒක තමයි .... මමත්  කියන්ඩ හිටියේ ... දඩස්ගාල වීක්එන්ඩ්  එකට එකපාරට නිවාඩු දාන්ඩ එපා   දවස් තුන හතර .... කලිං මට කියන්ඩ‘‘

‘‘හදිස්සියේ  සෙට්වෙන කේස්නේ සර්‘‘

‘‘හරි  හරි  ඔයාගේ නිවාඩු ගත්තට  මට අවුලක් නැ ඒ උනාට මං අනාතයිනේ .... දැං  බලහං ....ගිය සිකුරාද හවස ඇකමඩේෂන්  එකේ ඉදපු එකා  සෙනසුරාද උදේ  නැ  .... ඉරිදත්  නැ ... පස්සේ ඇවිත් ලියූෆෝම් දැම්මට වැඩක්  නැ  ... අන්න තවම මේසය උඩ මම  නං අත්සන් කරන්නේ නැ‘‘

‘‘අනේ ඉතින් එහෙම කරන්ඩ එපා සමාවෙලා චාන්ස් එකක් දෙන්ඩ .... අරයට ගෙදර එන්ඩ ඕන කියල කෝල් එකක් දුන්නා .... කැම්පස් එක ලගට ගිහින් එයාව ඇරගන ආවා ... පහුවදා යන්ඩ ඕන කියුවා ....එදත් යන්ඩ උනානේ‘‘

‘‘ඔය අන්තිම වතාව ආයේ  බෑ  , ආයේ  නොකියා ඔහොම  කරොත්  මට  ත්‍රීවිල් වලට ගිය ගාන ඔයාගෙන් අයකරගන්නවා‘‘

‘‘අනේ ඉතින් එහෙම කරන්ඩ එපා සර්‘‘

‘‘මොකද  ඉතින් බස් රස්සාව අත ඇරියේ‘‘

‘‘අතරින් පතර බස් පැද්දට මට සෙට් උනානේ  ලර්නස්  එක .....  අන්න කොල්ටි ජොබ් එක .... කෙල්ලො එහෙම පුරුදු කරන්ඩ සෙට්වෙනවා  .... පට්ට ආතල් ‘‘

‘‘ඉස්ටීරියන් එකේ ඉඩ තිබ්බට අල්ලනෙම අතින් , බ්රේක් එහෙම පාගනවනේ කකුලට උඩින් කකුල තියල‘‘

‘‘මහ බලුවැඩ බං ... ඔව්වා ලිංගික අතවර .... ලංකාවේ නීතියෙ  හැටියට  වරදක් ... උඹ දන්නවද‘‘

‘‘අප්පට එහෙමද ....  ඒ උනාට ලර්නස්වල ඔය සීන් එක හැමෝම කරනවා සර් .... බොසත් එහෙමයි‘‘

‘‘ඒ උනාට චාටර් මල්ලි‘‘

‘‘ඒ ජොබ් එකත් මරු  ... පුරුදු  කරන එකාට බයින්නේ චාටර් කරන්නේ නැතුව ... වැඩේ ගොඩ දාලා එක්සැමිනර්ට කියල කවර් කරල ට්‍රයල් එක ගොඩ දම්මලා දුන්නහම   දාහක් පන්සීයක්  ෂුවර්‘‘

‘‘ඉතින් මොකද ඒ රස්සාව අත ඇරියේ ‘‘

‘‘ඇමතිතුමාට චන්දෙට වැඩකරන්ඩ බැස්සනේ‘‘

‘‘මොන පිස්සු වැඩක්ද  ඒ‘‘

‘‘ඉතින් බැහැල වැඩ කරපු ඔක්කොම ගොඩනේ .... ඔක්කොමලට   සෞඛ්‍ය අමාත්‍යන්සේ  ජොබ් හම්බුනා‘‘

‘‘නෑ  ... ඉතින් උඹට හම්බුනේ නැත්තෙ ඇයි‘‘

‘‘නැත්තේ මොකද ... ලයිසන් තියන තුන් දෙනෙකුට තමයි ඉස්සෙල්ලම ජොබ් හම්බුනේ .... ඇම්බියුලන්ස්  ඩ්‍රයිවර්  තමයි තුන්දෙනාවම දැම්මේ ‘‘

‘‘අම්මට  එහෙමද .... ‘‘

‘‘තුන් දෙනාටම ට්‍රයල් දුන්නා ..... කොළඹ එළවලත්  පුරුදු නැ නේ ....  පාරේ අනිත් පැත්තට දාලා  ඇරලා  දාල කලර් ලයිටි වලින් ලග නමලා දැම්මා වැඩේගොඩ ‘‘

‘‘තුන්දෙනාටම හම්බුනාද .... නැ කෙලින්ම ඇම්බිලන්ස් වලට දැම්මේ  මාව .... එකෙක්වනං වෙන වාහනයකට  එකකට දාල පස්සේ  ඇම්බියුලන්ස් වලට දැම්මා .... අනිකට රස්සාව හම්බුනාට කොහේ ඉන්නවද දන්නෙ නැ‘‘

‘‘එහෙම එකපාරට ඇම්බියුලන්ස් වලට දාන්ඩ පුලුවන්ද බං .... මං හිතාන හිටියේ ඔය ඉස්පිරිතාල වල වැඩකරල පුරුදු හොද ඩ්‍රයිවර්ලව ඔව්වට දානවා කියල‘‘

‘‘මොකැ බැරි ඔය දැම්මේ.... අනික ඇමති තුමාට වැඩ කරපු උන්වයි ...එහෙම නැත්තං උන්ගේ පවුල්වල කාවහරිවයි අනිවා ජොබ් වලට දැම්මා ....‘‘

‘‘මොනවටද‘‘

‘‘ඉගන ගත්ත උන්ව ලිපිකරු එහෙම දැම්මා .... අනිත් උන් ඇටෙන්ඩන් ... ආතල්  ජොබ් එකනේ .... ස්ටාප් දාල බෙහෙත් ඇරං දීලනේ  හවසට ආතල් දාන්නේ  ... අනික පැන්ෂන් එකකුත් තියනවනේ‘‘

‘‘ඉතින් කොල්ලො  ඇයි ඒ රස්සාව අත ඇරියේ ‘‘

‘‘වැඩක් නැ  කතා කරල ...මගේ කොල්ටි නැතිකම‘‘

‘‘ඇයි ඒ

‘‘මට ඔය  ලේ දකින්ඩ එහෙම බෑනේ .... ඔය මස් ගන්ඩ ගියත්  සං ගාල මිසින් වෙන්නෙ ඒකයි   ඒ සීන් මට සෙට් වෙන්නෙ නැ‘‘

‘‘අනේ මේ පලයං බං යන්ඩ .... ඔය හොදට කන්නේ උඹ ‘‘

‘‘නැ සර්   මම හරක් මස් ඌරු මස් කන්නේ නැ ...  මාළු  චිකන්  එහෙම කෑවට ‘‘

‘‘ඇයි ඒ සත්තු ලොකු හන්දද‘‘

‘‘එහෙම නෙමෙයි මට සෙට් වෙන්නෙ නැ ‘‘

‘‘හරි හරි  ඉතින් මොකද අච්චර හොද රස්සාව අත ඇරියේ‘‘

‘‘ඔහොම වැඩකරන් ඉන්න කොට දවසක් අපි ලෙඩෙක් කොළඹ අරං ගිහින් එනවා .... කොහොමටත්  මට ඒ වෙනකොටත්  ඔය පණ අදින ලෙඩ්ඩු  අරගන ගිහින්ම එපාවෙලා හිටියේ ‘‘

‘‘එපා වෙන්නේ මොකටද ... ඒක ලොකු පිනක් නෙ  අනික පඩියක් ලැබෙනවට වඩා හිතට කොච්චර සතුටුයිද ඒක .... ජීවිතයක් ගොඩ දැම්මා කියල දැනෙන සතුට‘‘

‘‘ඒකම තමයි හේතුව‘‘

‘‘ඒ කියන්නෙ‘‘

‘‘ඕකෙම අනිත් පැත්ත .... වැඩේ කනේ ගියහම .... එපා වෙනවනේ‘‘

‘‘ඉතින් ඒක ඔයාගේ වරදක් නෙමෙයිනෙ  ... ඔයා හෙන ගේමක් දෙනවනෙ ඒක වෙනස් කරන්ඩ‘‘

‘‘සත්තු මරන්ඩ දුක නැද්ද සර්ට‘‘

‘‘නැ කොහොමටත් නැ...  මම සත්තු මරන්නේ.....  එක්කෝ ඒ සතා මරන්ඩම ඕන එකෙක් නං විතරයි , එහෙම නැතුව මම කෑමට ගන්ඩත් සත්තු මරලා තියනවා , මම අදහන කතාව ඇතුලේ මට මිනිහෙක් උනත් මරතහැකි..........  ඕකට  පැහැදිලි කතාවක් තියනවා  වෙඩික්කාරයා සහ දඩයක්කාරයාගේ වෙනස කියලා .... , ඒක පස්සේ .... දැං කියන්ඩකෝ  ඔය රස්සාව දාල ආව කතාව‘‘

‘‘දවසක් අපි ලෙඩෙක් අරං කොළඹ ගිහින් එනවා ...පාර බ්ලොක් වෙලා ස්ලෝ උනහම මිනිස්සු වටවෙලා  දැම්මා මනුස්සයෙක්..... ඔයා වගේ  සයිස්  ඔයාලගේ  වයසේ පොරක් .... බයික් එක හැප්පිලා තාප්පෙකට ... පොල්කුඩු සම්බෝල වෙලා  , ඇදුමේ පාට හොයන්ඩ බැ , ලේ වලින් නැ විලා ....‘‘

‘‘මැරිලද‘‘

‘‘කුඩු පට්ටන්  වෙලත් කතා කරනවා  .... එක දිගට කියවනවා...... මාව බේරගන්ඩඅ  .... බේරගන්ඩ  අ   කියල  .... මල්ලියේ  ... කියනවා  අයියේ  කියනවා ...මහත්තයෝ  කියනවා .............. ඉක්මනට යං  ... මගේ  ලේ  ගොඩක් යනවා  මං මැරෙයි  මාව ඉක්මනට ඉස්පිරිතාලෙට ඇරං යන්ඩ කියනවා ,  බ්රේක්  හිර උනා  කවදාවත් බයික් එකෙන් වැටිලා නැ කියනවා............. මිනිහා  කෑ ගහනකොට  මට  පාර බලාගන යන්ඩ  බැ  ...   මගේ ස්පීඩ් එකෙන්  මට  වාහනේ ඇරගන  යන්ඩ බෑ  ..............   අන්තිමට හැප්පෙනවනං හැප්පියං කියල මම  ගියේ .....  ‘‘

‘‘තව කවුද හිටියේ වාහනේ‘‘

‘‘නර්ස්  කෙනෙකුයි  ඇටන්ඩන් කෙනෙකුයි ‘‘

‘‘ඇයි  මල්ලි  දොස්තරල යන්නේ නැද්ද  ලෙඩ්ඩු අරං‘‘

‘‘එහෙම යන්ඩ දොස්තරල මහ ගොඩක් නැ සර්‘‘

‘‘ඉතින් ඊට පස්සේ‘‘

‘‘නර්ස් නෝනා  කියුවා  අපේ  ඉස්පිරිතාලෙට  නෙමෙයි ලගම තියන එකට අල්ලන්ඩ කියල .... ඒක  චාටර්  පොට්  එකක්‘‘

‘‘ඉතින් ‘‘

‘‘බල්ලෙක්වත් නැ  .... ටොලියේ  ඉස්සරහ  පැත්ත ගත්තෙත්  මං .... පොරගේ සද්දෙත්  හොදටම අඩුවෙලා තිබුනේ  .... බිමට ගන්න කොට කෙදිරි ගානවා  විතරයි ... ටොලියේ ඉස්සරහ  පැත්ත ගත්තේ  මං  .... ඇතුලට අරං  ඩොක්ට ලගට ගන්නකොටම  තුවාල වෙලා තිබුන  අත උස්සලා උඩට අරං  ටොලිය තල්ලු  කරන මගේ අත අල්ලගන  කෙදිරිගාන එක නැවැත්තුවා  .... පස්සේ  නිකංම  ඒ අත අතඇරුනා‘‘

‘‘ලේ ගිය හන්දා  සිහි නැතිවෙන්ඩ ඇති‘‘

‘‘නැ  පණගියා‘‘

‘‘ඉතින්‘‘

 ‘‘එදා ඉදං මට නින්ද ගියේ නැ ,  හැම වෙලේම  ඒ මනුස්සයව පේනවා ‘‘

‘‘ඇම්බියුලන්ස්  එක  එලවගන්ඩ බැ  ... යන්නේ තිහට හතලිහිට  ....  ස්පීඩ්  කරන්ඩ හිත දෙන්නෙ නැ  ...  ඒ  මදිවට  අර මනුස්සය කෑගහනවා ,  මට කතා කරනවා ඇහෙනවා‘‘

‘‘ඉතින් ඊටපස්සේ‘‘

‘‘මාසයක් හමාරක්  ඔහොම අමාරුවෙන්  ජොබ් එක  කරගන ගියා , දවසක්  මම  හොදටම රෑ  වෙලා  ගෙදර එනවා බයික් එකේ‘‘

‘‘ඉතින්‘‘

‘‘අපේ ගෙවල්  පාර මට ඉතින් ලොවෙත්  නැනේ .... අනික  මම මගේ වාහන රෙපයාර් කරල  සර්විස් කරල  පාවිච්චි  කරන  විදිහ ලක්මාල් මහත්තය දන්නවනෙ ..........   බ්රේක් හිරවෙන්ඩ නං  කොහොමටත්  විදිහක් නැ.‘‘

‘‘ඉතින්‘‘

‘‘වංගුවක්  එක්ක  පාර අප්සට් තැනක  බයික්  එක ස්ලෝ කරනවත් එක්ක   බයික්  එකට  කවුද ගොඩ වෙනවා වගේ  දැනුනා  ...  ඒතකොට  බැලන්ස්  නැති උනා  ‘‘

‘‘ඉතින්‘‘

‘‘කවුරු  හරි  මගේ  කකුලට  උඩින්  කකුල තියල  පස්සේ බ්රේක්  පාගන  ගමං  මගේ  ඇගිලි  උඩින්  අත තියල ඉස්සරහ බ්රේක් ගැහුවා‘‘

‘‘ඉතින්‘‘

‘‘ඉතින්  මොනවද  බෙල්ල නොකැඩි බේරුනේ ‘‘

‘‘ආයේ හිමිහිට  නැගිටලා  හැඩල් එක ඇද වෙච්ච  එක එහෙම තියං   අමාරුවෙන් ගෙදර ගියා  ,  සතියක් විතර ඇදේ ඉදලා තුවාල හොදකරං  ඉස්පිරිතාල රස්සාවට නොගිහින් ඉදලා  තමයි මෙහේ වැඩට  ආවේ‘‘

‘‘කෝකටත්  මම  අර  හැමදාම කියනව  වගේ  ඔයා හතලිහට එහා  ස්පීඩ් කරන්ඩ  එපා  ..........  ආයේත්  කවුරු හරි බ්රේක් පෑගුවොත්‘‘



30 comments:

  1. අනේ මන්ද.. හිතේ දුර්වලකම වෙන්න ඇති නේ බන්..

    ReplyDelete
    Replies
    1. උබ අපේ රොබට් අයියගේ භූත කොටුව ත්‍රෙඩ් එකේ හොල්මන් දැක්කා කියලා පච දැම්මා නේද? එළකිරියේ පොඩි එවුන්ට නයි අරිද්දි මූ කියන්නේ වෙන එකක්. මෙතන ඇවිත් වෙන එකක්.

      මේ පොල්වත්ත පොන්ස් එළකිරියේ නයි ඇරලා කිච උන අපතයෙක්. ටින්ටින්123 උබව එලවන්න ඉන්නේ.

      රංග තේනුවර (GTRZ- එළකිරි ඇඩ්මින්)

      Delete
  2. කන්නංගර සමුහ ව්‍යාපාරය වෙතින් එළඹෙන්නාවූ නව වසරට උණුසුම් සුභ පැතුම්...

    කන්නංගර ආතා, කන්නංගර මුදලාලි.

    කන්නංගර සමුහ ව්‍යාපාරය

    කන්නංගර හාඩ්වෙයාර් (ඔබට අවශ්‍ය සියළුම ගොඩනැගිලි ද්‍රව්‍යය පහසු මිලට)
    කන්නංගර ස්ටෝර්ස්
    කන්නංගර තොග වෙළදසැල
    කන්නංගර හෝටලය
    කන්නංගර ඉන්ධන පිරවුම්හල
    කන්නංගර ට්‍රාන්ස්පෝර්ට් සර්විස්
    කන්නංගර උත්සව ශාලාව
    කන්නංගර එළවලු පලතුරු කොමිස් පිට මිලට ගන්නෝ සහ විකුණන්නෝ
    කන්නංගර බේකරිය
    කන්නංගර වයින් ස්ටෝර්ස් (සියළුම වර්ගයේ ඉස්තරම්ම දේශීය සහ රට බීම)
    කන්නංගර රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර්
    කන්නංගර උකස්‌ බඩු ගන්නා ස්ථානය
    කන්නංගර ලී මෝල ( දැව කදන් මිලට ගන්නෝ සහ ලී වෙලෙන්දෝ )
    කන්නංගර ස්ටූඩියෝ
    කන්නංගර සැලෝන්
    කන්නංගර අයන් වර්ක්ස්
    කන්නංගර පොත්හල

    කන්නංගර මුදලාලි ලොව පිළිගත් නාවුක ඉංජිනේරුවරයා

    ReplyDelete
  3. හිත තමා ඔක්කොම.
    මගෙ තාත්තගෙ මිනිය ගන්න ෙමා්චරියට යනකොට ඒකෙ හිටියෙ සාමාන්‍්‍ය ෙපල ලියන කාලෙ එකට වල බැහැපු එකෙක්.
    උෟට තාමත් හොල්මනක් මීට් වෙලා නෑලු.

    ReplyDelete
  4. ‍ලේ දකින්න බැරි එකා ඔය තරමින් බේරුනා මදැයි.

    ReplyDelete
  5. අයිශෙ මැශිං බිජ්ජො.. මටත් කාගෙ හරි ලේ දක්කොත් ඔලුව කැරකෙනව අයිශෙ.. ඒත් වැඩේ කියන්නෙ අයිශෙ හාවො ඉත්තාවො පංකුකුල්ලු තලගොයි තව මෙකී නොකී උන් දඩයං කොරල ලෙලි ගහල උයලත් කනව අයිශෙ... ඒත් කාගෙ හරි ලේ දැක්කොත් අප්ශෙට්... අයිශෙ මොකෝ ඒ ගැන හිතන්නෙ ...

    ReplyDelete
    Replies
    1. අයිශෙගේ තියෙන්නේ රශිකගේ ඉස්ටයිල් එක.
      අයිශෙ මොකෝ ඒ ගැන හිතන්නෙ ...

      Delete
    2. මොනවා හිතන්නද අයිශෙ ...තමුසෙව...මර ...එක්කො ඔනී නැහේ

      Delete
  6. ඌ හොඳ එකා.. දෙගිඩියාවෙන් වාහන සෙල්ලම හරියන්නෑ.. අපි මේ මුළු හිතින්ම ගිහිල්ලත් හැප්පෙන එකේ.. අටංපන්න කතාව මරු
    ජයවේවා..!!

    ReplyDelete
  7. කාලෙකින් අටන්ස්ටයිල් එකේ කතාවක්

    ReplyDelete
  8. අපිට නම් කෑල්ලක් දැක්කොත් තමයි පොඩ්ඩක් හිත අවුල් වෙන්නේ

    ReplyDelete
  9. මෙන්න ඔරිජිනල් අටං.....හිටං ද

    ReplyDelete
  10. මගේ දෙයියෝ මෙන්න අතුරුදහන් වෙලා හිටපු අටං තුමා ආයෙත් ඇවිල්ලා!!!! කාලෙකට පස්සේ අටංතුමාගේ අස්සන තියන කතාවක් කියෙව්වා!!

    ReplyDelete
  11. අප්පටහුඩු. කාලෙකකට පස්සෙ අටං තුමාගෙන් අටං ජාතියෙ කතාවක්. පට්ටම පට්ට බං. ඒත් මොකෝ බං බයික් ලයිසන් තිබිලත් උබ වාහන ලයිසන් එක ගන්නෙ නැත්තෙ හැබෑට ??

    ReplyDelete
  12. පළවෙනිදම හොල්මන් කතාවක්ද...

    ReplyDelete
  13. අම්මා පල්ල උබගෙ බයික් පදෙල්ල ...දෙක්ක ඩලා ඉන්න වෙලවට

    ReplyDelete
  14. උබලා ඔය සින්හල කොටනවා වගෙ කොටාගෙන කොටගෙන යන්න මටත් සින්හල හදලා ඩියල්ලකො ...එතකොට අර කතවෙ ඉතුරු ටික කොටගෙන කොටගෙන යන්න ප්ලුවන්

    ReplyDelete
  15. උගේ කිරියා කලාපේ හැටියට ඌ උඹටයි උඹේ බොසාටයි නම් සෙට් වෙන පාටයි.. :)

    ReplyDelete
  16. නියම කතාවක් විදානේ අය්යේ

    ReplyDelete
  17. පිච්චු පීකුජු. මෙන්න අටම පොස්ට් එකක් ලියලෝ... මම ඒත් මුලින්ම පල්ලෙහටම ගිහිල්ල බැලුවෙ මේ උබගෙමද නැත්නම් වෙන කාගෙහරිද කියල. අටම් ස්ටයිල්. ජය වේවා.. 👊🏽

    ReplyDelete
  18. Comment එක මකල තිබ්බ නිසා ටිකක් සංකීර්ණ විදියට comment කරල බලන්න ඕන.
    ඇත්තම කියනව නං මම ඔය රැකියාව ගැන පහුගිය කාලෙ ලංකාදීප පත්ත⁣රේ ගිය ලිපි ගොඩක් කියෙව්ව. ඒ හැම එකකම වගේ ඩ්‍රැයිවර් උන්නැහැල පොඩි මානසික ආතතියකින් ඉන්නෙ. තමන්ගෙ පරක්කුව ලෙඩාට බලපායි කියන හිතේ බය එකක්, අනික තමයි වේගෙන් ගිහින් වෙන අනතුරු , අනතු⁣ෙර් සම්පූර්ණ වගකීම රියදුරා සතුලු ,, ඔය වගේ ඡීවිතවටිනාකම් මත කරන රස්සාවල රියදුරන්ට ඔච්චර පෙෂර් එකක් දෙන එක හොඳ නෑ කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
  19. ඇම්බියුලන්ස් කොහොම වෙතත් ලංකාවෙ සමහර බස්, ත්‍රීවීල්, ටැක්සි ඩ්‍රයිවර්ලා යනහැටි දකිනකොට මරණ බය, ජිවිතේ අනිත්‍ය බව සිරාවටම තේරෙනවා බං. බුදුහාමුදුරුවො එහෙම අද කාලේ හිටිය නම් ෂුවර් එකටම මෙව්වයින් එකක් සතර පෙර නිමිති වලට එකතු වෙනව.

    "අටම ද බොස්" ඔලුව අත ගාල ටොක්ක අනින සිස්ටම් එකත් හොඳට දන්නව වගේ :-D

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  • දිට්ඨ ධම්ම වේදනීය
                             ඒ  ඉස්කෝලේ නිවාඩු කාලයක්  .... ලොකු අක්කා…
  • නැන්දම්මා , අපේ උන්දා , බෝතල් පත්තරකාරයා සහ බෙලෙක්කය
    ඔය අපේ  උන්දා ඉන්නවා නේ ... අනේ මං මේ  බොරුවට කියනවා නෙමෙයි... අම්මපා .... අවංකෙන්ම කිසි කරදරයක් නැති .. ගෑණි.  මට ඇණයක්  උනේම…
  • පාසැල් තුලින් පෞරුෂය සහ විනය සංවර්ධනය කරන්නේ නෑ
     
  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
  • Restoration Old Rusty Sewing Machine | Sticking color pattern design and...
  • How to identify high quality needles
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
  • Leather, Rexin, Curtain Sewing and DP-LR, DB-LR, F2-LR Needles
  • ඔයා එනකං ඇහැරගන ඉන්නේ වෙන මොකටද
    මේ ඉන්නේ චමෝදී බබා, එයාට නම් හෙන ගොඩාක් තියනවා , චම්මා, අත්තී, චම්මිණිබෝලේ , දද්දී, අම්මෝ තව ගොඩක් තියනවා, මෙයා ඉස්සරනං තාත්තා එක්ක හරි…
  • ඇත්තම ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා , VOC කියල ගහල තියනවා , හෝලන්ඩ් කියල ගහල තියනවා , සිංගර් ලෝගෝ නෙමෙයි
     සිංගර් ලෝගෝ ඒක පෙන්වලා මිනිස්සු රවට්ටන ජාවාරමක් දැන් ක්‍රීයාත්මක වෙනවා, ඇත්තම VOC ගෙම්බ මාක් මැසිමේ ගෙම්බෙක් ලෝගේ ඒකේ ඉන්නවා, VOC කියල ගහල…
  • ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි
    අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා…
  • සිංහල බ්ලොග් කීයක් විතර තියනවද කියලා දන්නවද
    ''මම නං දන්නැ දන්න කෙනෙක් කියනවද'' ඉස්සරවගේ නෙමෙයි අප්පා මට දැන් ලියන්ඩ කම්මැලියි , අනික දැන් විවේකයත් අඩුයි  , අටම්පවුලට කලින් අටමට දුන්න…
  • හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්
    දිවිමගේ  දින ගෙවෙන තරමට වෙයිද වියපත් කවි හිතක් මල් ලොවේ මල් අතර සරලා දුටුව මුත් නෙක මල් ගොඩක් ඉවත යන්නට හිත් නොදෙන මට දෙව් ලොවින් ආ…
  • ගොත බොන්චි
    පහුගිය  දවස්වල ප්‍රසාද්ලෑ මයිනලෑ කිචි  කතා  ගොලු කතා  කියවනකොට තමයි මට මේක  මතක් උනේ ... මේක කිචි කතාවක්  ගොලු…
  • ටීනගේ මෙව්වා ඒක
    අපේ පොරක් පුංචි කාලයේ වෙර්‍චච දෙයක් තමයි මෙ.අපි කියමුකො තනුක කියලා.එදත් අදත් මු හරිම ඇම්‍බැට්‍ටයා. තනුකට එ දවස්වල වයස 6ක්8ක් විතර ඇති.මැන් ගියේ…
  • කාගෙද බං මූ
    මේ සිද්ධිය මට කියුවේ මාත් එක්ක කාලයක් වැඩ කරපු ජයන්ත කියලා පොරක්,  හැබෑම  දක්ෂයෙක්, අදාල රස්සාවේ පහලම තැනින් පටන් අරගන වසර හතඅටක්…
  • බෝතාල් පත්තරේ
1,646,757

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>