2018-03-28

ඕලෝන්




වින්කරලත් දෙන්නම

අල්ලපු සත්තු මම

එකදාස් එක සීයද

වෙන්ඩ බැ කොහොමටත්

අඩුවෙං ගෙව්වාද මට

තුන්ඩුව වරද්දල ලියුවද






26 comments:

  1. Replies
    1. උඹ මේවත් කියවනවද බං

      Delete
    2. උඹ කමෙන්ට්ස් වලට උත්තරත් දෙනවද බන්? :P

      Delete
  2. කෝ බං ගැට්ට...?
    😂
    චිට් එක වරද්දගෙන....පව් අප්පා ඇන්ටි...!

    ReplyDelete
    Replies
    1. ගැට්ට ලොවෙත් නැ
      ගැට්ට කඩිලා ගොඩක් කල්

      නැ නැ වැරදිලා නෙමෙයි

      ඇන්ටිගේ රුපියල් 10 ය සුපිරියට වැඩ කරලා
      ඇන්ටි බලන්නේ බුකියේ උන් ඇරියද කියලා

      මං සහ සුද්දෙං සීන් එක අහගත්තා

      Delete
  3. ඔය ලබ්බ කරන හැටි ගැන විස්තරයක් දාපංකො

    ReplyDelete
    Replies
    1. මාත් හරියට දන්නේ නැ බං

      අපේ තාත්තයි , කළු මාමයි දෙන්නා නං ඔය ගැන පර තෙරටම දන්නවා

      අපේ තාත්තගෙන් ඇහුවට කියල දෙන්නේ නැ බං , ... උඹ එහෙම මේකට පුරුද් වෙන්නෙ එහෙම නැ ... පලයං පලයං කියල එලෙව්වා දවසක් ( පොර කියපු එකක් ඇහුවමද කොහෙද ඔය ... මං ඉතින් ඒ ආසාව අත ඇරියා දැනට අවුරුදු විස්සකට විතර කලින් )

      කළු මාමගෙන් අහන්ඩ ගියේ නැ බං , ඕක ඇහුවනං ඌ මට මැරිලා වැටෙන්ඩ ගහයි , මට කවදාවත් ගහලා නැ , එඋනාට මම පොරට හෙන බයයි ,

      දන්න හැටියට මෙහෙමයි

      ඔය එන්ගලන්තේ එහෙම යන අස්ස රේස් තියනවනේ , ඒවායේ හෙට තියන රේස් එක අද රේස් පත්තරේ එනවා , ඔට්ටු දාන අය ඒක බලලා ඔට්ටු අල්ලනවා

      එහෙම ඔට්ටු අල්ලන ක්‍රම තියනවා

      ඔය එක එක වචන කියනවා ඔලුවට ගහනවා , කකුලට ගහනවා අරක මේක ...මං ඒවයේ තේරුම දන්නේ නැ

      දන්න තරමට මෙහෙමයි ...

      අපි අල්ලන අස්සයා දිනනවා කියල ඔට්ටුව අල්ලන්ඩ පුලුවන්
      අස්සයා නොදිනුවත් රේස් එක ඉවර වෙනකං දුහනවා කියල ඔට්ටු අල්ලන්ඩ පුලුවන්
      සමහරක් අස්සයන්ට ගෙවන අනුපාතය එක රුපියලකට රුපියල් දාහක්
      තව එකෙකුට රුපියලකට රුපියල් විස්සක්
      ඒක තීරනය වෙන්නේ ඒ අස්සය කොච්චර වැඩකාරයෙක්ද කියන එකත් එක්ක
      සමහරු ෆලෝකරන්නේ අස්සයෝ නෙමෙයි අස්සය පදින ජොකියා

      නිකං හිතහං ලොකු අනුපාතයක් ගෙවන එකෙකුට රුපියල් දාහක් අල්ලලා වින් කරොත් හිම්මටඅකෙයි නේද

      හැබැයි ඔව්වායෙත් වංචා තියනවාලු අම්බානට

      අස්සයෝ පස්සට ගන්න ඒවා අනං මනං

      බුකිවලින් අපි දාන ඔට්ටු ඒ විදිහට නොදා ඒ සල්ලි වෙන අස්සයන්ට අල්ලන සීන් එහෙම

      කෙල උනොත් කෙල උනා

      හිතහං මෙහෙම උඹ දාහක් දානවා , උඹ අල්ලපු අස්සයා දින්නොත් උඹට එකට පනහක් ගෙවන්ඩ ඕන , බුකියේ පොර උඹගේ දාහ වෙන එකෙකුට දාල පරදිනවා ... ඌ උඹට ගෙවන්ඩ ඕන පනස්දාහක්

      එහෙම නැතත් කොමිස් එකක් තියනවා , හිතහං සීයට තුනක් තියනවා , උඹ දාහ පරාදයි උදේට බුකියට ගියහම උඹට රුපියල් තිහක් දෙනවා , උඹ එක ඔට්ටු අල්ලලා එනවා , එකට දෙතුන් දාහක් ගෙවන එකෙක් දින්නත් හිම්මටඇකෙනවනේ

      ලංකාවේ වෙන සීන් නෙමෙයි බං , සුපිරි වංචාවෙන්නේ රේස් දුහන රටවල්වල තරග පාවාදීම් අනන්තයි.

      සමහරු කියන විදිහට ලෝකේ බිහිඋන හොදම අසරුවා ලෙස්ටර් ෆිගොට් ඌත් අස්සයව පස්සට ගත්තා කියල කේස් තියනවා.

      ඔය අසරුවෝ හෙන කැපකීරිම් කරන ඩයල් .... ඇගේ බර අවුන්සයක් වැඩි වෙන්ඩ දෙන්නේ නැ .... ( පව්නේ බං කන්ඩත් නැනේ )



      හොදම සීන් එක ඒක නෙමෙයි , මම දන්න උන් කිහිප දෙනෙක් ඉන්නවා උන් රස්සාවට කරන්නේ ඕක , දරුපවුල් රුකගන ඉන්නවා .... රස්සාව අස්ස රේස් දාන එක ( ලොතරැයි ගන්නවට වඩා ඕක හොදයි )

      ලංකාවේ කොම්පැනි දෙකක් තියනවා ( දන්න විදිහට ) සුමතිපාල සහ බාලසූරිය

      රේස්බයි රේස් කියල ඔය හවසට තියන අස්සය දුහන සීන් එක ඇවිල්ලා ඔය අර උදේට එන රේස් කොලයේ රේස් හවසට යන වෙලාවෙම බලන්ඩ පුලවන් සීන් එක

      ඒවායේ අපිට පුලුවන් රේස් එකට ටිකකට කලින් ඔට්ටු අල්ලන්ඩ .... ටිකකින් අදාල රටේ රේස් එක අපිටම බලාගත්ත හැකි පරදින විදිහ

      ඒ අස්සේ හාවෝ පස්සේ යන බල්ලන්ටත් ඔට්ටු අල්ලත හැකි

      ඔච්චරයි බං මං දන්නේ

      ඉතුරු ටික තෝ හෙට බුකියකට ගිහින් රේස් ඔට්ටුවක් දාල බුකියේ එකාගෙං අහගනිං

      Delete
    2. ම්වාට තමයි බබා හුකුන් කියන්න @ ටෞ කන්න !!!!!

      Delete
  4. Replies
    1. මේ අම්මා රේස් ඔට්ටුවක් දිනලා
      එයාට හිතෙනවා
      බුකියේ අය වංචාවක් කරලා කියලා
      ඔය ඩබල් චෙක් කරන ගමං

      Delete
  5. අස්සය පයිං ගහල ද?

    ReplyDelete
    Replies
    1. හම් එකදාස් එකසිය පහලවක්

      Delete
  6. කෝ ... .අස්‌පයා

    ReplyDelete
    Replies
    1. අස්පයා මලා බං , නන්නාපොල් කොල්ලු හෝදපු වතුරවත් නැ

      Delete
  7. මෙහෙ ආච්චි කෙනෙක් ගියොත් තමයි මුන්ට කවි සින්දු ලියවෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නැ සුදා ... අනික මේක කවියක් යැ... අනික අපි කවියෝ යැ

      Delete
  8. මම දන්නෙම නැති සබ්ජෙක්ට් එකක්.. :/

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං කරවන එකා දාන්නේ නෑ තමා

      Delete
    2. මාත් හරියට දන්නේ නැ

      හරියට හරි ඉවාන්

      මලගෙවල් වල තෝන් බෝතලේ බාර නිලමේ තුමා පිට ඔට්ටුවක්වත් අල්ලන්නේ නැ

      Delete
  9. සුමති අයියගේ අස්ප රේස් නේද?
    ආච්චි සමහරවිට සීයගේ චිට් එක අරං එන්ඩ ඇති.

    ReplyDelete
    Replies
    1. බාලසූරිය කියලත් කොම්පැනියක් තියනවා නේද

      නැ මචං මේක ආච්චිගේ

      ඔය තුංඩුව අතේ තියං බලන්නේ

      නමේ ඉස්ෆෙලින්ග් සහ

      අල්ලපු අස්සයෝ දුහපු විදිහ

      Delete
  10. ඔලෝන් කියන්නේ මොකද්ද

    ReplyDelete
    Replies
    1. මමත් හරියට දන්නේ නැ
      ඕලොන් කියන වචනය හරිද දන්නෙත් නැ
      අස්ස රේස් දානවට ඕලොන් දානවා
      දින්නහම ඕලොන් එකක් වැඩකරල කියල කියනවා

      Delete
  11. Replies
    1. පව් තමයි

      සුවිප් ගන්නවා වාගේ වැඩක්නේ

      ඒත් ඉතින් ඒක ඒ මිනිස්සුන්ට සතුටක්

      ඔහොම කීයක්හරි හම්බුනහම ඕකෙන් ආතල් එකක් ගන්නවා

      ඹය අම්මවම ගම්මුකෝ .... ඔය දාහෙන් ගෙදරට මස් කෑල්ලක් ... මුනුපුරේකුට වතුර විදින පිස්තෝලයක් .... සමහරක් විට එයාට කන්ඩ කෑම ... අරගනයයි

      පන්සලකට ..පල්ලියකට දෙයි.....

      අද දාන රේස් එක හෙට වැඩ කරොත් මම හෙට අහවල් එක කරනවා කියල .. එලිවෙනකං ගන්න ආතල් එක නරකද

      Delete
  12. "පිළිවෙලක්" එකේ ඉස්පිල්ල දාලා ඒක පිළිවෙලක් කරපුවහම් කොහොමද බන් පිළිවෙලක් නෑ කියන්නේ.... (වැඩ නැති හිත්වලට හිතෙන විකාර :D )

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මහලා කන්ඩදීම
    මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම…
  •  dehiwala national zoological garden දෙහිවල සත්තුවත්තේ  අරක පෙන්නපු සිංහයා
    ජනවාරි 10 වෙනිදා ඉතින් අටමගේ  උපන්දිනය හන්දා උදේ පාන්දරම නැගිට්ට ලොකු කෙල්ල ''තාත්තියෝ ඔයා කේක් එකක් ගේනවද'' ''මොන කේක්ද…
  • අම්මේ මැරෙයිදෝ එලිවෙන කොට හෙටට
    නොසැහෙන්ඩ දොස් කියල අපේ          තාත්තට අපි දෙන්නව ගෙනියන්නට අතින්     අදිනකොට මගේ මල්ලිව තුරුල් කරන්…
  • How to Clean and Polish 15 NL1 Copper Regulator Plates
  • ආ එයා ලොකූ වැඩක්
    කතන්දර අංක එක  මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං
    අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා වාහන ගාන වැඩිකලාටත් බනිනවා වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා අදායම් බදු…
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • ජනරංජනී
    ‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘ ‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘ ‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු…
  • How to cook a delicious pork curry
  • බැද දමා තිබු තැනින්
    ගගදිගේ දුර මගක තරනයට සැරසෙනා ඔරුකදක් තනිකමට රැහැනකට අමතලා යන මගේ තැනින් තැන විඩාවට සුවදෙනා නවතිනා තැනින් තැන ඉසබුවක් ලැබ දෙනා ටික දුරක් ගංදියේ…
  • overlock machine ,  (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන
    මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න …
  • යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ
    මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන…
  • ළමයත් ඉස්කෝලේ ඇරිලා එනවා ඇති
    '' ගෙදර කව්දෝ ...ගෙදර කව්දෝ .....සරාත් ...සරාත් ...කව්රුවත් නැද්දෝ.'' ''සරත් ගෙදර නැනේ ධනපාල මල්ලි'' අනාරාධනයෙන්ම ගේ තුලට පිවිසෙන…
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
1,646,765

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>