2018-04-02

කිරි පීල්ල



මොනවදෝ මන්දා තඩි ගෝනි දෙකක්  බරට බරේ උස්සගන ආපු තාත්ත රාස්පාන් ගොඩක් බිම අතඇරෙන සද්දෙං බිමට දැම්මා

මොනවද තාත්තේ

තහඩු කෑලී

මොනවටද

වැඩකට

මොකක්ද වැඩේ

කෝ අර රේල් පීලි කෑල්ල

තියනවා ආවුද පෙට්ටිය යට

ඒක අරං එනවකො

බරයිනෙ

බරයි තමා යකඩනේ

මං ඉතින් බැරි බැරි ගාතේ ඇගට හේත්තු කරගත්ත රේල් පීලි කැල්ල උස්සං ඇවිත්  බිම අත අරිනවා

මෝඩයා  සිමෙන්තිය කැඩෙනවා

කියන තාත්ත කාකී ෂර්ට් එකයි කලිසමයි ගලවලා සරමට බැහැලා , බිෂ්ටල් එකක් පත්තු කරගන බිම ඉදගන රේල් පීලි කෑල්ල ලංකරගන්නවා නමාගත්ත කකුල් දෙක ලගට

ලොක්කෝ අර කියත් පටි ෆ්රේම් එක ඇරං එනවා

මං ගිහිං ඉතින් ඒකත් අරං එනවා , තාත්ත රේල් පීල්ලේ එක කොනකට වෙන්ඩ සෙන්ටි මීටරයක් විතර තියලා  සෙන්ටි මීටර් බාගයක් විතර යටට කපනවා , කපන්ඩ ලේසි නැ

තලේ  කැපෙන්නැ

කොහේ කැපෙන්ඩද හැම රෙද්දෙම උලලා කනවනෙ  , අනික රේල් පීලේ යට පැත්තට වඩා උඩ පැත්ත හයියයි

මොකක්ද තාත්තේ  කරන්ඩ යන්නේ

පොඩ්ඩක්  ඉන්නවකෝ  පෙන්නන්ඩ , කෝ අර යකඩ කපන කතුර ඒකත් අරගන එනවකො


කතුර අතට ගන්න තාත්ත තල දෙක දිග ඇරලා බලනවා

ඒකත්  කාල

කියල ආයෙත් නැගිටිනවා

බෝතලයක කරක්  කපමු

බිජ්ජෙ කර තමා කපන්ඩ වෙන්නෙ

බෝලකුඩුවේ එල්ලල තියන කලිසං සාක්කුවට අත දාන තාත්ත සිමෙන්ති කවරයක ඔතලා තියන මොකක්ද පොදියක් අරගන ඇවිත් ලගින් තියාගන්නවා

කෝ අර නට් තියන බෙලෙක්කය අරගන එනවකො , යකඩ මිට තියන ඇලිස් කට්ටයි ටින්ටස් මිටියයි බෝලමිටියයි අඩු දෙකත් ඕන

ගෝනියක කට ලෙහලා එලියට තහඩු කෑලි ටිකක් ගන්න තාත්ත කතුර අරං සෙන්ටි මීටර් හතරයි හතරේ විතර කෑල්ලකුයි සෙන්ටිමීටර් එකයි , හතයි විතර සයිස් කෑල්ලකුයි කපලා අරගන්නවා

කෝ .. ගන්නවකෝ ... ඔකේ ඇති වානේ  නට් ... සිදුර පොඩි මස වැඩි එකක්

ආ තාත්තේ

ඇක්සල් නට් හරියන්නේ  නැ ... කො බෙලෙක්කෙ මෙහාට

දිලිසෙන ලොකු නට් එකක් ගන්න  තාත්ත ඒක රේල් පීල්ල උඩ තියලා ඒකට උඩින් තහඩු කෑලි දෙක තියලා , ඇලිස්කට්ටයි මිටියයි ආධාරයෙන් සිදුරක් හදලා , සිමෙන්ති කොලයෙන් ඔතපු පොට්ටනියෙන් ගන්න පුංචි ඇණයක් ඒ සිදුර අස්සට දාල රෙල් පීල්ලේ වෙන තැනකින් තියලා බෝල මිටියෙන් තලලා   ඇරං අර කපාගත්ත කට්ටේ අස්සට ලොකු තහඩු කෑල්ලේ දෙපැත්ත දාල අඩුවෙන් අල්ලලා ඇතුලට නමනවා , ඊලගට අඩුවක් අරන් දිග තහඩු කෑල්ලත් කොක්ක වගේ  නමනවා , නවපු ලොකු තහඩුවේ තියන ඇද කුද වලට ටින්ටස් මිටියෙන් හිමිහිට තට්ටු කරනවා.




ඔය මොකක්ද

පොල් කට්ටක් අරං එනවකෝ

ගෙනත් දෙන පොල් කට්ට අරං කොස්  ගහ ලගට යන තාත්ත අර හදාපු තහඩු අටමගල ගහට තියල මිටියෙන් ගහලා පොත්ත අස්සට බස්සලා පොල්කට්ට  ඒකට හමන්නනවා , ගහේ පොත්තෙං එන කොස් කිරි ජුන්ඩක් තහඩුව අග්ගිස්ට එනවා උනත් පොල් කට්ටට වැටෙන්නෙ නැ ,

ඔය මොකටද

කිරි පීලක්

කොස්කිරි මොකටද

කොස්කිරි නෙමෙයි බං , මේ රබර් කිරි පීල්ලක්

රබර් කිරි පීලිවල ඔය පල්ලෙහා කෑල්ල නැනේ ...




                                      


මේ අළුත් විදිහක්  මේකට කම්බියෙන් පොල්කට්ට බදින්ඩ ඕන නැ , පීල්ලටම දැම්මහැකි
ඉතින් අපිට මොකටද මෙව්වා 

ටිවී එකක් ඕන කියුවා නේද , හදනවකො කිරි පීලී .. ඒ සල්ලි වලින් ටීවි එකක් අරං දෙන්ඩ
ෂා ..ආ ... මේ ගොනි දෙකෙන් කිරි පීලි හදලා ටිවී එකක් ගත්ත හැකිද

නැ තව ගොඩක් හදන්ඩ ඕන

ඒ කියන්නේ  අපි කඩෙන් තහඩු ගෙනත්  හදනවා
සල්ලි තියනවනං මොකටද තහඩු ගේන්නේ , ටීවි එකක්ම ගන්නවනෙ එහෙනං
මේ වාගේ බාල්දි හදලා ඉතුරු වෙන තහඩු කෑලි ගෙනත් හදනවා
කීයක් හදන්ඩ ඕනද තාත්තේ
ටීවී එකක් හත්දාස් පන්සීයක් , තිස්දාහක් විතර හදන්ඩ වෙයි
තිස්දාහක්........... අම්මෝ
ටීවී එකක් ඕනනං හදන්ඩ වෙනවා

කියන තාත්ත නැගිටලා යනවා ..... මම හිමිහිට තහඩු කෑලි කපාගන හිල් කරගන නමාගන ඇණ රිවට් කරගන වැඩේට බහිනවා , ටිකක් වෙලා යනකොට මං හොයාගන්නවා පීල්ල නමන එක රේල් පීල්ලේ කට් එක අස්සට රින්ගවලා අඩුවෙන් නමලා කරනවට වඩා හොදට ටින්ටස් මිටියෙන් කෙලලා කරන්ඩ පුලුවන් කියලා.
ඔහොම මාස ගානක් මං කිරි පීලි හදනවා ( තාත්ත ඉන්න වෙලාවට විතරයි ) අනිත් වෙලාවට මං මගේ සුපුරුදු පාජාවේ යෑම දිගටම කරගන යනවා , තහඩු ඉවර වෙනකොට තාත්ත තව ටිකක්  ගෙනත් දානවා , සමහරක් එව්වායේ කපලා ගන්ඩ දෙයක් නැ ඒවා එහෙම්ම අහකට , පස්සේ පස්සේ අර කතුරෙන් තහඩු කපන්ඩම බැ .. තාත්තා කොහෙදෝ අරං ගිහින් ඒක ගාල මුවතියලා ගෙනත් දෙනවා ... ඒත් ටික දවසයි .... ඔන්න ඊලගට අළුත් කතුරක් ගේනවා ... මට ගැලවීමක් ඇත්තෙම නැ .... දැං ගෝනි දෙකක්ම පිරිලා හදාපු කිරිපීලි .... ගැනලා බැලුවේ නැතුවට මම දන්නවා තව ගෝනි හත අටක්වත්  ඕන කියලා ........... ශ්‍රමය සුරාකෑමේ පලවෙනි පාඩම ඒක , ඇයි යකෝ  ඒකක්  කඩෙන් ගන්නේ සත විස්සට විසිපහටලු.


ඔහොම කාලයක් ගෙවීගන යනකොට දවසක් තාත්ත ගෙදර එනවා .... දුඹුරු පාට තඩි පෙට්ටියක් උස්සං , ඔබර පදමට ගහලා ... ඒකේ දෙපැත්තේ ටීවී එකක රූපයකුත් ඇදලා තියනවා.


ටීවි එකක්ද  තාත්තේ
ඔව්
කලර් එකක්ද

මම බිම තියපු පෙට්ටිය කඩන්ඩ හදනවා

කෝ කෝ ඔහොම හිටහං

කියන තාත්ත කමිසය ගලවලා දොර උඩින් එල්ලලා , ටීවී එක උඩට ඇරං කැබිනට් එක උඩින් තියනවා , ඊලගට ගන්නවා එකට අමුනපු ඒරියල් දෙකකුයි , තව ප්ලාස්ටික් කෑල්ලකට අමුනපු අගල් අටක විතර කම්බි රවුමකුයි , ඒ දෙකේම වයර් දෙකක් එලියට ඇවිත් තියනවා , ඒ වයර් දෙක කොනේ යු අකුරේ හැඩේට පොඩි තහඩු කැලි දෙක ගානේ තියනවා , තාත්ත ඒ හතරම ටිවී එකේ පිටි පස්සේ තියන ඇණ හතරකට තියලා ටෙස්ටරෙන් තද කරනවා ,  ඊලගට ටීවි එක පල්ග් එකට ගහලා  , පල්ලෙහා තියන පොඩි සුයිච් එක දකුනට කරකවනවා ... අම්මට සිරි රේඩියෝවල වාගේම තමා ... දාන්නෙයි වහන්නෙයි සද්දෙ වැඩි කරන්නෙයිත් එකම සුයිච් එකෙන්.

උඩින් තියනවා තව තඩි සුවිච් දෙකක්........... තාත්ත  ඒ දෙකෙනුත් උඩ  එක කරවනවා  , ඇදිච්ච චේන් එකක් පුරුකක් අඩු කරල දාල පදින කොට කෝග් වීල් එකෙන් එන සද්දේ වගේ ටොක්ඩෝග් සද්දයක් එනවා ..... ඒ එක්කම  හතරට  ඉලක්කම ගාවට කැරකුවහම අලවාහිනියත් ... එකොලහ ඉලක්කම ගාවට කැරකුවහම පචවාහිනියත් පේනවා...... අඩෝව් දැං  අපිටත් ටීවි එකක් තියනවා ඩෝව් ( කලර් නැතුවට ).

මොකක්ද තාත්තේ  මේකේ නම

ෆිෂර්

එතකොට මේ සේවා අල්ලන එකට යටින් තියෙන්නේ මොකක්ද

යු එච් එෆ් එක

ඒ කියුවේ

ඔය දැං අපිට පේන්නේ වී එච් එෆ් ... යූ එච් එප් තවම ලංකාවේ නැ

ඒ කියන්නේ මොනවද

පේන එකක් බලහං .... ඔව්වා කරකවලා කන්නේ එහෙම නැ උඹ

මට තේරුනා තාත්තටත්  ඒගැන ඒ හැටි දැනුමක් නැ කියල , ඔය කඩේ උන්ගෙන් අහගන ආපු ටික පෙන්නුවා ඇරුනහම , අනික යකෝ කිරිපීලි වික්කෙත් නැ .... කොහෙන්ද ටිවී ගන්ඩ සල්ලි... කිට්ටු කරා අම්මට.

ඇ අම්මේ ... කිරි පීලි වික්කෙත් නැනේ .... කොහොමද තාත්ත ටිවී එකක් ගෙනාවේ

අස්සයන්ට පුජා කරන හැටියට ඔහොම එකක්වත් ගන්ඩ පුලුවන් වෙච්ච එක ලොකු දෙයක්

තාත්ත අහන් ඉන්ඩ ඕන අඩෝ වැඩියාවක් මං මොකටද අහං ඉන්නේ .. හිමිහිට මාරුවෙලා ආයෙත් ටිවී එක ලගට එනවා , කොහොමහරි එදා රැ වෙනකොට මං හොගාගන්නවා ටොක්ඩෝග් ගාල කරකවන එකත් එක්කම යටින් තියන රවුම එක පැත්තකට කරකවන කොට තිත් වැටෙන එකත් අනිත් පැත්තට කරකවන කොට සද්දෙ සෝ ගාන එකත් නවත්ත ගන්ඩ පුලුවන් කියලා. එදා  නිදාගන්ඩ යනකොට මගේ ඔලුවට ආපු ලොකුම දේ තමයි ... පුලුවන්  තරම් ඉක්මනට පිටි පස්සේ කවරය ගලවලා ..ටීවී එකේ මදය බලන එක.

පහුවදා උදේ ගෙදර උන් කොහෙට හරි වෙච්ච පලවෙනි මෙහොතෙම ඔය දොලදුක සංසිදවාගැනිමේ පලවෙනි පියවර වශයෙන් මස්කරන්නේ කොහොමද අධ්‍යන කටයුතු කරන මොහොතේ තමයි මම දැක්කේ ඉස්සරහ තුනට අමතරව තව සුයිච් හතරමක්ම පිටි පස්සේ හංගලා වාගේ යටින් තියනවා කියලා

යකෝ එකකින් ටිවී එකේ එලිය වැඩි කරත හැකි , අනිකෙන් කළු පාට වැඩි කරත හැකි , තවත් එකකින් රූපය වමට දකුනට තල්ලු කරතහැකි. ඒක නෙමෙයි හොදම වැඩේ හතරවෙනි එකෙන් රූපය උඩට පල්ලට කරත හැකි ... ඒක ඕනවට වඩා කැරකුවහම රූපය උඩටහරි පල්ලෙහාටහරි සටසට ගාල දුහනවා. කොහොමහරි ඔය ටික කරකවලා ඉගන ගන තව ටිකක් රූප පැහැදිලි කරගත්තා.

ඔහොම ඉතින් කාලයක් ගෙවිලා යනවා , අනිත් ගෙවල් වල තියන කලර් ටිවී නැති උනාට අගල‍් දාහතරේ කලු සුදු  එකකුත් නරකම නැ ,

අර එක ඒරිල් එකකට කලු පාට ප්ලාස්ටික් කෑල්ලෙන් අමුනලා තියන දිලිසෙන රවුම මේ පේන චැනල් දෙක බලන්ඩ ඕන නැ කියල මම දැනගන්නවා ... ඔහොම ටික දවසක් යනකොට එම්ටිවී එකයි ටීඑන්එල් එකයි පටන් ගන්නවා , දෙකෙන් ඉස්සෙල්ලා පටන්ගත්තේ සිරස එම්ටිවි එකද කොහෙද , ඒක අපිට පේන්නේ  නැ , ටිඑන්එල් එකනං වී එච් එප් ලෝ චැනල් ( නොම්බර දෙකේද කොහෙද  ) පේන්ඩ පටන් ගත්තා. ඒත් චිත්තරපටි එහෙම යන එම්ටීවී එක පේන්නේ නැ ,
ඔය කාලේ  වෙනකොට කලින් වි එච් එෆ් ඇන්ටනා තිබිච්ච උන් යු එච් එෆ් ඇන්ටනා  කඩවල් වල නැති හන්දා හරි තියන තැං දන්නේ නැති හන්දා හරි එක එක හෝම් මේඩ් ඇන්ටනා දාගන තිබුනා , සමහරු කුඩයක රෙද්ද අයින් කරලා ණන ටික සෙට් කරලා , තව අය බයිසිකල් රිම් එකක් කපලා කොන් දෙකට වයර් එක අමුනලා , මටත් හම්බුනා අයින් කරපු කලර් ටිවී වලට දාන ඕම්ස් හැත්තපහේ කේබල් එකක් ඒකට එක එක එව්වා සෙට් කරලා ටිවී එකට අමුනලත් බැලුවා ... ම් හූම් පේන්නේ නැ.

ඔය වෙනකොට මං කිහිප සැරයක්ම ටිවී එක ගලවලා තිබුනේ ... මට දැං හොදටම ෂුවර් යූ එච් එෆ් ටියුනර් එකේ තමයි කේස් එක තියෙන්නේ ඒක මාරු කලොත් හරි කියලා , ගෙදර උන් එහෙට මෙහෙට මාරු වෙනකං ඉදලා ඒකත් ගලවගන ගියා මගේ පොඩි කාලේ යාලුවෙක් හම්බෙන්ඩ , පොර සිස්සත්තේ පාස්වෙලා කොලඹ ඉස්කෝලෙකට ගිය ඉලෙක්ටෝනික් ගැන දන්න පොරක් , කෑල්ල පරික්ෂා කොරලා එහෙම පොරත් ආපු අවසන් නිගමනය තමයි , ටියුනරයේ අවුලක් තියනවා කියන එක , තව දුරටත් පොර කියුවා හයසිය පනහකට ටියුනර් එකක්  පිටකොටුවේ පනස්හය මාකට් එකෙන් ගන්ඩ පුලුවන් කියලත්.
මට දැං මේක කරන්ඩමයි ඕන .. ඒකට තවත් හේතුවක් උනේ පොර උන්ගේ  කලර්  ටිවී එකේ  ... තවත් යු එච් එප් චැනල් දෙකක්  පටන් ඇරං තියනවා කියලා ... ඩයිනා විෂන් කියලා එකකුයි ඊ ටී වී කියල එකකුයි පෙන්නපු එක.

ගෙදරට කියුවට වැඩක්  උනේ නැ ... පස්සේ මමම සල්ලි හොයාගන්නවා කියල තීරනය කරලා , ඔය නෑදෑයෙක් දෙන සල්ලි , කඩේ ගිහින් යටිමඩි ගහන සල්ලි , තාත්ත හොදට බීල ඉන්න වෙලාවට ගලෝගන්න දත් , අහල පහල ඇන්ටිලට හොට් ප්ලේට් කොයිල් මාරු කරල දීලා ගන්න සල්ලි , එක එකාට කඩේ ගිහින් ගන්න සල්ලි එහෙම එකතු කරපු එක.

දැං මංගාව හත්සීයකටත් වැඩිය එකතු වෙලා .... යාලුවා දිනපතා කොලඹ යන එකා උනාත් ඕකට සල්ලි දීලා ගෙන්නගෙන හයිකරවාගන්ඩ මගේ මනාපයක් නැ , පලවෙනි හේතුව ... මං ඕකට යාලුකමට හැමදේටම උදව් කරාට මූ මගේ සල්ලි වලින්  කට්ටයක් තියාගන්නවා කියලා දන්න එක , අනික මේ ගේම මටම ගහලා ඉවර කරන්ඩ තියන අහවල් එකේ අමාරුව.

ඔන්න මම දවසක් ගෙදරටත් හොරෙන්  පයින්ම රාගමට ඇවිත්  කෝච්චියට නැගලා කොලඹ යනවා .... ඒ මං පලවෙනි පාරට කෝච්චියේ තනියම ගිය දවස , කොටුවට ඇවිත් කලින් අහලා තියන විදිහට පාර පැනලා පලවෙනි හරස් වීදියත් හොයාගත්තට .. අර කියන පනස් හය මාකට් එකක් හොයාගන්ඩ බැරුව ඒ පාරේ එහෙට මෙහෙට ගිහින් බැරිම තැන එක කඩයකට ගිහින් .. කඩේ හිටපු පොරට ගලවං ආව ටියුනරය දීලා 

මේක තියනවද අයියේ 

හාරසිය අනුවයි.... නෝරිටන් 

දෙන්ඩ අයියේ 

නෝරිටන් කියන්නේ ඒකේ  ජාතිය වෙන්ඩ ඇති

කියල හිතාගන ආපහු ඉස්ටේසමට එන පාර අයිනේ තිබුන කඩේකින් අයිසිකිරිං දාපු පුට්සැලට් එකකුත් කාල එහෙම ගෙදර ඇවිත් අර කෑල්ල හයිකර , හනේ හම්මේ පේනවා කියහංකෝ යු එච් එෆ්  අර තිබුන පොඩි කම්බි රවුමෙම්ම , පස්සේ ඉතින් මං තව ඇන්ටනාවක් එහෙම හදලා දැම්මා ... සැහෙන කාලයක් ඔය ටිවී එක බැලුවා ....  පස්සේ අක්කලා කලර් ටීවී එකක් ගෙනාවා.

ඒත් තාත්තා ඒ ටිවී එක බලන එක නැවැත්තුවේ නැ , මේ ඊයේ පෙරෙයිදා  දවසක් තාත්ත මට කෝල් එකක් දීලා එන්ඩ කියුවා

ඔයාටනං මේක හදන්ඩත් පුලුවන් ඇති ... ඒත් අළුත් එකක් ගත්තා නං හොදයි නේද මේක පරණයි නේ .. මට හොද පොඩි ටිවී එකක් ගෙන් දෙන්ඩකො.

කියල සල්ලි දුන්නා , මාත් ඉතින් අගල් දහනමයේ ටිවී එකක් ගෙනත් ටියුන් කරල දීලා එහෙම එන්ඩ ලෑස්ති වෙනකොට

මේකට මොකද කරන්නේ

මක් කරන්ඩද කුණු ටැක්ටරේට පටවන්ඩ

කියලා ආවට මොකද මට පස්සේ තමයි මතක් උනේ අච්චර අයිතිහාසික ටිවී එකේ ෆෝටෝ එකක් ගහගත්තේවත් නැ නේද කියලා


59 comments:

  1. Replies
    1. මොකෝ කරේ පැටෙව්වද ටැට්ටරේට???

      අපරාදෙනේ යකෝ....

      Delete
    2. පටවන්ඩ ඇති ..... ඒ වෙලාවේ එහෙම නොකියුවනං .... ලොකු තැන ඕක මෙහේ ගෙනත් දානවා ... මේ තියන පරණ ලට්ට ලොට්ටත් දාන්ඩ තැනක් නැතුව ඉන්නේ

      Delete
  2. නෙද්දකිං එච්චර අයිතිහාසික ටීවී එකක් කුණු ටැට්ටරේට දාන්න කිවුව ලස්සන විතරක්.
    අපේ ගෙදරත් ඉස්සෙල්ලම ගෙනාවෙ සිංගර් අඟල් 17 කළු සුදු එකක් තමයි. ඒකෙත් පෙනුනෙ 11 සූරියකන්දෙ රූපවාහිනියයි 09 දෙනියායෙ නයිටීඑන් එකයි විතරයි. ඔය ටීඑන්එල් එක පටංගත්තට පස්සෙ අඩි 4 ක් විතර දිග ඩයිපෝල් හදාගෙන ඕක අල්ලන්න මාර කට්ටක් කෑව.

    ReplyDelete
    Replies
    1. යටියන්තොටින් නයිටිඑන් දෙන්ඩ ගත්තේ පස්සෙ කාලෙක නේද

      Delete
    2. ඔවු ඒක හැදුවෙ පස්සෙද කොහෙද තමයි. දැන්නං අපිට සූරියකන්දෙ යූඑච්එෆ් ට්‍රාන්ස්මිටර් එකක් තියෙනව.

      Delete
  3. මමනං ඉස්සෙල්ලම ගැලෙවුවෙ කලර් එකක්. ඔන් කරල තියෙද්දි ස්පීකර් වයර් එක කතුරකින් කපන්න ගිහිලිල කරන්ට් එක වැදුන ඇරෙන්න වෙන මොකුත් උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං , ඒකෙන් 230 වදිනව වගේම වදිනව නේද ? අපේ අයිය දවසක් මට කරන්ට් එක වැද්දුව ඔය ස්පීකර් වයර් දෙකෙන් ,

      Delete
    2. වෙන මොකවත් තිබුනේ නැද්ද කතුර ඇර

      Delete
    3. චික් තොපි ිදෙන්නා මලේ නැනේ

      Delete
    4. @කම්මල, ඔවු බං ඒකෙන් 230 වදිනව. කළු සුදු ඒවයෙ වගේ සර්කිට් එකට DC කරල නෙමෙයි කලර් වල දෙන්නෙ.

      @ අටම්, ඒකටනං තව සෑහෙන කාලයක් බලාඉන්න වෙයි. හැක්..

      Delete
  4. Ape game ekek maruna tv eke tube eka belle thibuna male gavila.

    ReplyDelete
  5. ඒ අයිතිහාසික ටී.වි. එක තියා ගන්න තිබ්බේ. කිසිම හිතක් පපුවක් නැතුව ඒක කුණු ගොඩට දාන්න කියලා තියෙන්නේ. අපරාදේ

    ReplyDelete
    Replies
    1. එව්වා ගැන හිතල වැඩක් නැ ඒ වෙලාවට හිතෙන දේ තමයි ඒ වෙලාවටත් ... ඉස්සරහටත් හරි ..හෙහ් ...හෙහ්

      Delete
  6. ඩයිනවිෂන් එකේ කාටූනුත් බැලුවලු ඕං

    ReplyDelete
  7. ෆිෂර් කියන බ්‍රෑන්ඩ් එක දැන් දකින්ඩවත් නෑ. මගෙ ලග ෆිෂර් කෑසට් රෙකෝඩරයක් තිබ්බ , ඒ කාලෙ හැටියට සවුන්ඩ් කොලිටි එක හොදටම හොදයි..

    ReplyDelete
    Replies
    1. හදාපු රට මතකද බං .... ටියුබ් එකෙනං ජපං කියල ගහල තිබ්බා මතකයි

      Delete
  8. mokakda atamo me kiyalaa thiyana harupe ?? ඇදිච්ච චේන් එකක් පුරුකක් අඩු කරල දාල පදින කොට කෝග් වීල් එකෙන් එන සද්දේ වගේ ටොක්ඩෝග් සද්දයක් එනවා??
    adichcha chain hadanne ohomada?? link kanapita Gahanna danne nadda?? puruk adu karalaa hitagena padinakota slip unoth paramparaawama iwara neda ?? ??
    mata Sinhala akuru thibunaanam danee liyana hati .

    ReplyDelete
    Replies
    1. පුරුක් අඩුකරල චෙන් එක දැම්මහම කෝග් වීල් එකේ දැති උඩ කෙන් එක නැගල ඔය සද්දේ එනවා

      Delete
  9. අපේ ගෙදර තිබ්බ 12V බැස්ටියෙන් බලපු TV එක තාම තියෙනවද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මේකටත් බැට්ර් වයර් එකක් ලැබුනා

      Delete
  10. අපේ දිහාවතේ ඔයින් එකක් තිබුන. මමතමාා රිමෝ්ට්ට්්ට් එක.

    ReplyDelete
    Replies
    1. ගෙදර අය සැහෙන්ඩ වියදං කරලා රිමෝට් එක වෙනුවෙන්

      Delete
  11. ටෙලිවිශන් ආව මුල් කාලයේ තිබුන Tatung කියලා කළු සුදු එකක් බොහොම ජනප්‍රිය.

    ReplyDelete
    Replies
    1. ජපන් බෑන්ඩ් එකක් නේද

      Delete
  12. ITN එකේ සිකුරාදට පරණ කළු සුදු සිංහල චිත්‍රපට බලනව මතකයි.

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරු වාලි කියන චිත්රපටිව හත් අට වතාවක් පෙන්නුවා

      Delete
  13. කොහොමද අප්පා මෙච්චර හොඳ ටීවී එකක් කුණු ටැට්ටරේට දාන්න කිව්වේ. ඓතිහාසික වස්තු නේ

    ReplyDelete
    Replies
    1. පරණ බඩු ගොඩගහගන මට ඇතිවෙලා තියෙන්නෙ

      Delete
  14. ඉස්සර පොලිස්සි වල තිබුණෙ ගෘන්ඩිග් කියල ජර්මන් ටීවී ජාතියක්. ඒ සීආර්ටී ටීවී වගේ නෙවෙයි දැං තියෙන එල්ලීඩී ලැලි. ගැලෙව්වං කුණුහබ්බ කියවෙනව. පිටිපස්සෙ ඇණ ටික ගලෝපු ගමං තිරේ නිකම්ම හැලෙනව. බෝඩ් පිටිං මාරු කරොත් මිසක්ක සුවිච්චෙකක්වත් මාරු කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ගෘන්ඩ්ර්ච් ඉතාලි කොම්පැනියක් නෙමෙයිද ... ජපානේ ප්ලාන්ට් තිබුන ..........ආ තව එකක් උඹ හින්දා මතක් උනා ... ඉස්සර තිබුන පොලිස් මැසේජ් අහන්ඩ පුලුවන් ඔය බ්ලැක් ඇන්ඩ් වයිට් ටිව් වලින්

      Delete
  15. එතකොට කිරි පීලි වලට මොකද උනේ.

    ReplyDelete
    Replies
    1. හරියට මතක නැ බෝතල් පත්තරකාරයට දුන්නද දිරලා විසිකලාද කියලා

      Delete
  16. ඒ කියන්නේ තාත්තා මේ වෙනකල් බැලුවේ ඒ tv එකද? තාත්තට වැඩ කරන්න අරක ගෙන්න මේක ගෙන්න කියද්දී ඒවායේ නම් දන්නා එකම ලොකු දෙයක්නේ. මට අන්තිමට හිතුනේ කිරි පීලි වලට මොකද වුනේ කියල.
    ලොකු වැඩකට කියල කරන දේවල් ඔහොම අපතේ යන අවස්ථා එමටයි.

    ReplyDelete
    Replies
    1. ඒ කිරි පීලි ටික ටික විකුණල මේකා හැන්දෑවට කාලක් ක්‍රියා කළයි කියල තමයි ආරංචි උනේ.

      Delete
    2. හරියට මතක නැ බෝතල් පත්තරකාරයට දුන්නද දිරලා විසිකලාද කියලා

      Delete
  17. මටත් මතක් උණා මම තාත්තා එක්ක මුලින්ම ටීවී එකක් ගන්න ගිය දවස . බම්බලපිටියේ මංගල ට්‍රේඩිසෙන්ටර් එකට . එදා තමයි මුල් වතාවේ ඩබල් ඩෙකර් එකක ගියේ . ලොකු මාමා ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ ගැන දන්නා නිසා එයා තමයි චෙක් කොරලා එහෙම ගත්තේ . ඒ ටීවී එක ඩේට්‍රෝන් වර්ගයේ මුල් කාලයේ කලර් ටීවී එකක් . අපි බස් එකේ තමයි අරගෙන ආවේ . එදා මුලින් ම ඇන්ටනාව සුසර කරලා එහෙම බලද්දී දැක්කේ මල්ගුඩි දවස කතාව .... ටා නා නේ ටණා නානා නා ....... ටා නා නේ ටණා නානා නා .......

    ReplyDelete
    Replies
    1. ඒ මියුසික් එකම මාර ආතල් එකක්

      Delete
    2. ඔව් ... විදානේ අය්යේ .... එක පට්ට

      Delete
  18. පොඩි කාලෙ ඉඳන් යකඩ කෑලි ගැන ඇම්ම නේද?

    අපේ ගෙදරට මුලින්ම ගෙනාවෙ නැෂනල් TV එකක්.. ඒකත් ඔය වගේ තමා.. හැබැයි UHF තිබුනෙ නෑ මයෙ හිතේ... තාත්තා ඕකට යතුරක් හයි කළා.. අපිට tV එක තහනම් කරන්න ඕනා වුනාම ලොක් කරලා යතුර ගන්නවා..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං , ඒක නොහැදුනානං මෙලහට මිනිහෙක්

      Delete
  19. මන් පොඩිම කාලෙ ඔය වගේ එකක් තිබ්බා මතකයි. හැබැයි ඉතින් ඕල්වේස් බේක් ඩව්න් තමයි...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නැනේ බං ඔව්වා

      Delete
  20. අපොයි අපේ ගෙදරත් තියෙනවා 19" National B/W TV රාජයෙක්. තවම වැඩ. තිරිකුනාමලේට ඉස්සෙලාම TV එකක් ගෙනිච්චේ අපේ තාත්තාලු නේ. හෑක් .... ඒ කාලේ TV පටන් ගන්න කලින් පර්යේෂණ විකාශයක් ලු තිබුනේ. තාත්තා හිටියා නම් විස්තර අහගන්න තිබුනා තව.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ ශාන්වික්‍රමසිංහගේ කාලේ වෙන්න ඇති

      Delete
  21. මං පොඩි කාලේ අපේ ගෙදරට ගෙනාව කොස්මෝ කියල බ්රෑන්ඩ් එකක්. ඒක තමා 2009 අපේ ගෙදරට කරන්ට් ගන්නකල්ම තිබුනෙ. තවම ගෙදර තියෙයි. ඕක කීප සැරයක්ම මගෙ අතින් බැටරි වයර් මාරු වෙලා පිච්චිලා තියෙයි. ඇයි මේ රතු කලු හොයාගන්ඩ බෑනෙ අප්පා. පස්සේ ඒක හොයාගන්න පුලුවන් වෙන්න නිල් පාට ක්ලිප් එකක් ගෙනත් දැම්ම.

    ReplyDelete
  22. අපේ ටිවි කතාව මතක් උනා..මට ඒ හැටි අයිඩියාවක් නෑ ඒ කාලේ 82 අවුරුද්දේ.. අපේ පොඩි අයියා තමයි ගේමේ.. සතියක් ඉස්කෝලේ වර්ජනය කරා ටීවීඑක ගේනකං.. දෙපැත්තේ ලි ෆ්‍රේම් එක තියෙන නැෂනල් 14" කළු සුදු එකක් තමයි අපිටත් ගෙනාවේ.. VHF විතරයි.. මුලින්ම පෙනුනේ ජාතිකේ විතරයි.. ඒ දවස් වල හවස හයට පටන් ගන්න කලින් පහේ ඉඳල කුරුල්ලා දාගෙන ඉන්නවා.. අපි පහට බෙඩ් ෂීට් එහෙම අරගෙන පුටු උද නැගල කුරුල්ලා දිහා බලාගෙන ඉන්නවා පටන් ගන්නකම්.. එපාම කරපු ටික තමයි දෙමල ප්‍රවෘර්ති 6.30-7.00 වෙනකං.. එක සතියක් වගේ තමයි ඔය ජොලිය තිබ්බේ..ඊට පස්සේ එපා උනා..වැඩියෙන්ම අයියා.. ඌ ටීවී එක පැත්තවත් බැලුවේ නෑ පස්සේ පස්සේ.. :)

    ReplyDelete
  23. භාගයයි කියෙව්වෙ

    ReplyDelete
  24. ape gedareta genwet detron 1k a unata adawswala hodama b/w tv aka sony 1212p. podi kale matak una .

    ReplyDelete
  25. අපේ ගෙදරට ඉස්සෙල්ලම ගෙනාවේ අඟල් 21 කළු සුදු එකක්.. ඒකට හේතුව වුනේ අපිට ත්‍රී ෆේස් කරන්ට් එක නැති නිසා හවස හතේ වගේ ඉඳන් රෑ 9 වගේ වෙනකල් කලර් ටීවී බ්‍රේක් ඩාන්ස් දාන නිසා. සිංගල් ෆේස් වලින් ඒ කාලේ පීක් ටයිම් එකේ කරන්ට් එක dim වෙනවා පාවිච්චිය වැඩි නිසා. ඒත් බැලින්නම් කළු සුදු අඟල් 21 එකත් බ්‍රේක් ඩාන්ස් දානව කරන්ට් එක මදි නිසා. පහුවදාම අපේ බාප්පා මැදිහත්වෙලා කලුසුදු එක ආපහු ගෙනුහුන් දීල කලර් එකක් ගෙනාව. තාත්තගේ බජට් එකටයි අපේ අවශ්‍යතාවයටයි සෙට් උනේ නැෂනල් අඟල් 14 එකක්. ඔන්න ඕකෙන් තමයි අපි ලෝකෙ දකින්න පටාන් ගත්තේ. හැබයි පුතේ නයිට් රයිඩර් කාර් එක උඩින් පන්නද්දී බ්‍රේක් ඩාන්ස් එකකුත් දාගෙන තමයි උඩින් පැන්නුවේ.. රෑ හතහමාර සිට නවය වෙනකම් ටීවී බලනවා කියන්නේ ඉවසීම පරීක්ෂා කරන වැඩක්. පහුවදා ඉස්කෝලේ ගියාම කළු සුදු වලින් නයිට් රයිඩර් බලපු එවුන් කියන විස්තර වලින් භාගයක් අපි දන්නේ නෑ.. පසුකාලීනව අපිටත් තෙකලා විදුලිය ලැබුන නිසා තමයි ඔන්න අපිත් දෙයියනේ කියල ටීවී බලන්න ගත්තේ. ඔය ටීවී එක විතරයි මගේ ටෙක්නිකල් එක්ස්පෙරිමන්ට් වලින් බේරුනේ. ටීවී එකේ ඇතුලේ තියන හයි වෝල්ටේජ් ඩිස්චාර්ජ් නොකර අත තිබ්බොත් තෝ මැරෙයි කියල අපේ පොඩි අයියා කියල තිබ්බ නිසා මං ටීවී එක ගැලෙව්වේ නෑ මොනතරන් ඕනෑකම තිබ්බත්.

    එම් ටී වී පටන් ගත්තු කාලේ UHF බලන්න ඉතින් නොහදපු ඇන්ටෙනා වර්ගයක්, නොනැගපු ගහක් නෑ. අන්තිමේ යාන්තම් සාර්ථක උනේ V ඇන්ටෙනාව විතරයි. ඒකාලේ ටී. එන්.එල් බලන්න VHL වෙනම අන්ටෙනාවකුයි, UHF බලන්න වෙනම අන්ටෙනාවකුයි, VHF බලන්න වෙනම අන්ටෙනාවකුයි තිබ්බ. බූස්ටර් සර්කිට් හොයනවා, ඇන්ටෙනා හොයනවා, සල්ලි ටිකක් හොයාගන්නවා, ඉලෙක්ට්‍රොනික් කෑලි ගේනවා, සර්කිට් හදනවා අයියෝ එක තොවිලයයි.

    ReplyDelete
  26. අපෙත් පරණ ටීවී එක තියනවා. නැෂනල් එකක්. එක නම් කලර් එකක්. එත් ටියුබ් ගිහිල්ලා.

    ReplyDelete
  27. අපේ යාළුවෙකුගෙ ගෙදරට කළු සුදු රැපවාහිණියක් ගෙනවා. ඒකේ ඇන්ටනාව උණ බටේක ගැට ගහලා දිග වයර් එක අමුනලා අඹ ගහක් උඩ බැන්දා. ඒක ඉතිං අල වාහී බලන්න මෙහෙට කරකවනවා. පච වාහිණි බලන් එහෙට කරකවනවා. එක දවසක යාළුවා අඹ ගහා උඩ ඉඳන් ඇන්ටනාව කරකවනවා. අරැගෙ අක්කා මිදුලේ ඉඳන්
    "තව ටිකක් කරකවන්න"
    "ගේ පැත්තට කර කවන්න"
    "ළිඳ පැත්තට කරකවන්න"
    කැබිනට් එක උඩ තිබුනු ටි.වි. එක දබං ගාලා බිමට. බැලින්නං ඇන්ටනාවෙ වයර් එක උණ ගහෙ එතිලා ටි.වි. එක බිමට පත බාලා

    ReplyDelete
  28. අපේ ගෙදරත් ඔහොම එකක් තිබුනා .කාර් බැටරියෙන් බැලුවේ .

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>