දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක් බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට කියනවා
තාත්තේ තාත්තේ එන්ඩ ලේන් පැට්ටෙක් වැටිලා ඉන්නවා කියල
ආ එහෙනං ඔය සීයට හරි මාමට හරි කාට හරි කියන්ඩ ඇරං උඩින් තියන්ඩ කියල
මං කරබාගන නිකං හිටියා
මොකද ඔය ගෙවල් වල සත්තුන්ට මුට්ටි එල්ලනවට කූඩු කරනවට අකමැති හන්දා , එහෙම තියන හන්දනේ කැලැ සත්තු ගෙවල් අස්සේ පැටව් දාන්නේ , එන්ඩ එන්ඩ සද්දෙ වැඩියි බැස්සා එලියට
ඔන්න එතකොට තමයි තාත්තා කියුවේ ... ඊයේ ලේනෙක්ව පූසා ඇල්ලුවා ... මම බේරගන්න කොටත් මැරිලා ... වලළලා දැම්මා කියලා ...
මම ඉතින් ගත් කටටම .... අපරාදේ ඔයා පූසගේ කෑම වේල මිස්කරලා කියල ඇවිත් හතු වාගයක් කඩන්ඩ ගත්තා
ටිකකින් එනවා කෙල්ලො දෙන්නම
පැටව් දෙන්නෙක් ඉන්නවා එයාලට එකෙක් දෙනවා අපි එකෙක් හදනවා
මම ආයෙත් එලියට බැහැලා ගියා
තාත්තේ තව ඉන්නවද දන්නේ නැ
නැ මම බැලුවා වැටුන පැටියයි ...තව එකයි ... මුට්ටිය ඇතුලේ නැ
මැරුන ලේනමද දන්නෙම නැනේ අම්මා සමහරවිට විට අම්මා එයි ... තාම කළුවර වැටීගන එනවනේ
නැ මුං වැටෙන්ඩ ඇත්තේ බඩ ගින්නට දගලලා
මං ආයෙත් එනවා මගේ වැඩේට , ආයෙත් එනවා අපේ ඩබල
අනේ තාත්තේ අපි එයාලව හදමු
හා .. හදමු ... කක්කා හෝදන්ඩ පුලුවන්ද ... කුක්කු දෙන්ඩ පුලුවන්ද ...
දැං ඔන්න ඇඹරෙනවා
ඉතින් අම්මා කුක්කු හදලා දෙයිනෙ
එතකොට කවුද එයාලව බලාගන්නේ අම්මද ඒකත් කරන්නේ
ඔන්න දැං ආයේ පසුබාල යනවා
එලියේ සද්දේ හැටියට පොඩි හිටියන්ට හපං ලොකු හිටියෝ ... හදනවාය .... අවුරුද්දට ගමේ යනකොට ගමේ ගිහින් දෙනවාය ... එහේ ලේන්නු හදන අය ඕන තරං ඉන්නවය ... ගෙදරත් ලේනෙක් හැදුවාය අරකය මේකය ....
මං ඉතින් ඇහුවා
ඒ ලේනා ගොඩක් කල් හිටියද
හම්බෙනකොටත් මීට ලොකුයි ... අපේ තාත්ත කිරිත් පෙව්වා බත් කැව්වා ... අපි කන හැම දේම දුන්නා ... තාත්ත කතා කලත් එනවා ... දවසක් ගහෙං බැහැලා තාත්ත ගාවට එනකොට කුරුල්ලෙක් ඇරං ගියානේ
ආ එහෙමද කියල මං ආවා
ඔන්න එතන ඉදං තව ටිකකින් අපේ උන්දැත් එනවා .... ඔයාට පුලුවන්නෙ ලොකූ .... දවසම ගෙදරනෙ ඉන්නෙ ... ඇරං හදලා ... ලොකුඋනහම අරිමුකෝ
ඔන්න එතන ඉදං තව ටිකකින් අපේ උන්දැත් එනවා .... ඔයාට පුලුවන්නෙ ලොකූ .... දවසම ගෙදරනෙ ඉන්නෙ ... ඇරං හදලා ... ලොකුඋනහම අරිමුකෝ
ඔව්වා මහ පව් පිරෙන වැඩ මටනං බෑ , සත්තු හදනවනං හරියට කරන්ඩ ඕන නැත්තං නිකා ඉන්ඩ ඕන ... ඔව්වා කරන්ඩ ගිහිං කෙල උනහම ... රෑට නින්ද යන්නෙත් නැ ... ඇයි ඉස්සර මී පැටියෙකුටත් කිරි දීලා හැදුවලු නේද ඔයා හදාගන්ඩ ඕන නං
...
...
අනේ මේ යන්ඩ ..අසරණ සතෙකුට පිහිට වෙන එක මොනතරම් පිනක් ... ලැබෙන හැම වෙලාවෙම කුසල් රැස්කරන්ඩ ඕන
මගේ කම්මැලි කමයි , අවධානමක් තියන තැනක පැටව් දාන්ඩ ලේනිව උත්තේජනය කරලා කරපු වරද ගැන තියන තරහයි ... ඔව්වට අත ගහලා නිකං පව් පුරවගන .. තව පව් රැස්කරගන්ඩ ඇති අකමැත්තයි හින්දා ... මම වැඩේට කර ඇරියා.
මගේ කම්මැලි කමයි , අවධානමක් තියන තැනක පැටව් දාන්ඩ ලේනිව උත්තේජනය කරලා කරපු වරද ගැන තියන තරහයි ... ඔව්වට අත ගහලා නිකං පව් පුරවගන .. තව පව් රැස්කරගන්ඩ ඇති අකමැත්තයි හින්දා ... මම වැඩේට කර ඇරියා.
පස්සේ බලනකොට මුං පීරිසියක දාල කිරි දෙනවා .... මුං දෙන්නා ... බැහැගන නානවා විතරයි පෙවෙන පාටක් නැ ... පස්සේ මං කියුවා ... ඉස්සර පොවන්නේ පාන්තිරයක් පොවලා ... දැන් නං එහෙම ඕනත් නැ ... අර පොඩි උන්ට බෙහෙත් පොවන ඩොපර් එකක් හරි සිරිංජර් එකක් ඇරං හරි පොවහල්ලා කියලා... ඒත් මං ඔව්වා හාර අවුස්සන්ඩ ගියේ නැ ... කට්ටිය අර පොඩි දරුවෝ හම්බෙන්ඩ ඉස්පිරිතාලේ යනකොට ගෙනියන රෙදි පෙට්ටියක දාගන වැඩ ඉවර වෙලා නිදහසක් ලැබුනහම කිරි ටිකක් පොවනවා.
ඔහොම දවස් හතරක් පහක් ගියා ... ඔන්න එනවා අපේ මලයෙක්
මේ බලන්ඩකෝ අයියේ මේකගේ බුරියද කොහද උල් වෙනවා කියාගන
ඒ මදිවට පැටව් දෙන්නත් නිකං හේබාල වාගේ ... මං ඇහුවා උඹ මුන්ට මොනවද දෙන්නේ
උදේට වැඩට යනකොට කිරි පොවලා යනවා ... හවසට වැඩට ගිහින් ඇවිත් පොවනවා
ඒකනං හරියන කෙලියක් නෙමෙයි කියලා හිතනවා එක්කම මට හිතුනා , දාල හිටපු එකත් එක්කම අරං ආවා අපේ ගෙදර ,
මේක මෙහෙම හරියන්නේ නැ ... දුකට සැපට ඉන්න ගූගල් දෙයියාගෙං අහන්ඩ ඕන කියල ... එහෙමයි කියල පරබාසාවෙං හක්කලං කරන්ටයැ දන්න සිංහලෙං වැඩේට බැස්සා ... ඔය සත්තු ගැන තියන ... සත්තුන්ට උදව් කරන මුහුනු පොත් සමුහ එහෙම බැලුවා ... උදව්වක් ලැබෙයි කියල හිතෙන හැම තැනටම පුරස්නේ යොමු කලා ... ගොඩක් තැංවලිං එක එක උත්තර ලැබුනා සැහීමකට පත්වෙන්ඩ පුලුවන් තරමේ උත්තර නං නෙමෙයි....
එකම එක තැනක කෙනෙක් ලින්ක් එකක් දීලා තිබුනා ............හත්තිලව්වට ගහපු කලාබරේ කියුවලු .... යකෝ ඒක අමු සිංහලෙං දුහන ලේන්නුන්ටම වෙන් උන මුහුනු පොත් සමුහයක් MISHA AND SRI LANKAN SQUIRREL'S මිෂා හා ශ්‍රී ලංකාවේ ලේන්නු. .....මල් හතයි ... මං පස්වනක් පිරිතියෙං පිනාගියා.
එකම එක තැනක කෙනෙක් ලින්ක් එකක් දීලා තිබුනා ............හත්තිලව්වට ගහපු කලාබරේ කියුවලු .... යකෝ ඒක අමු සිංහලෙං දුහන ලේන්නුන්ටම වෙන් උන මුහුනු පොත් සමුහයක් MISHA AND SRI LANKAN SQUIRREL'S මිෂා හා ශ්‍රී ලංකාවේ ලේන්නු. .....මල් හතයි ... මං පස්වනක් පිරිතියෙං පිනාගියා.
ඔය මං ඉස්සර පොඩි කාලේ ලේන්නු හදලා තිබුනට හරියටම ඒ ගැන නොදැන කරපු දෙයක් නිසා දැම්මා ඉතින් ඒ ග්රූෆ් එකට රික්වෙස්ට් එකක්.
මගේ ලේන්නු හදපු පරණ කතාව මෙන්න මෙතනට ගිහින් බලන්ඩකෝ.
ඔන්න ඉතින් එයාල මාව එතනට එකතු කරගත්තට පස්සේ මං ඇහුවා ෆොටෝ එකක් එහෙම දාල අර විදිහට ලේන් පැටවුන්ට වෙන්නේ ඇයි කියලා.
Nilu Ru Jay Silva කියල ඇඩ්මින් කෙනෙක් උත්තර දීලා තිබුනා .... තව එයාට උදව් කරන ෆොරීන් ලේඩි කෙනෙකුගෙනුත් අහලා
අම්මත් නැති හින්දා ... බඩත්කිනි උනහම එකෙක් අනිකගේ උරනවලු ......
මොනව කරලවත් මේක නවත්තන්ඩ බැරි උනා .... දෙන්නව වෙන්කලා ... දාල හිටපු රෙදි පෙට්ටියට ... ෆ්ලයිවුඩ් කෑල්ලක් දාල කාමර දෙකක් කරලා ... මොන අරයා පුරුදු කරලද කොහෙද ... යාලුවා තනියම අර වැඩේ කරනවා. අනිික වෙන්කලහම දෙන්නා පුල් අන්දොස්.
කොහොම හරි කට්ට කාගන වැඩේට බැස්සා ... පොඩි කාලේ රෑටත් මෙයාලට බඩගිනි උනහම කිරි පොවන්ඩ ඕන ... ( අර ඉස්සර හදපු උන් අපා දුකක් විදින්ඩ ඇති පිටිකිරි අපිට ඕන වෙලාවට බිබී )
Nilu Ru Jay Silva කියන විදිහට
මෙයාලව අපිට හම්බුනහම ... අපි ඉස්සෙල්ලම කරන්න ඕන
කිරි , කැම මුකුත් දෙන්න එපා...විශේෂයෙන් පැටවුන්ට.
හොදට උනුසුමින් තියන්න පැය 2ක් හෝ 3ක්
එයාලාට කිරි දෙන්න එපා එක පාර.ඉස්සර වෙල හයිඩ්රේෂන් වතුර දෙන්න ඔනේ
හදා ගන්න හැටි
උණු වතුර කොප්පයක්
සිනි තේ හැන්දක්
ලුනු කුඩු තේ හැදි 1/4
දාලා දිය කරගන්න හොදට
ඊට පස්සේ එක ice tray එකක දමා Freeze කර ගන්න...දෙන වෙලාවට රත් කරගන්න
හයිඩ්රේෂන් වතුර ලා රස්නේන් පැය 2න් 2කට දෙන්න පොඩි syringe එකකින් 2ක් හෝ පොඩි අයට බෙහෙත් දෙන pipet එකකින් 2ක් , 5 සැරයක් හො 6 සැරයක්
ඒ දෙන හැම වෙලාවෙම එයාලාව කාක්කා චු කරවන්න ඔනේ , ඔයාලා පුලුන් කැල්ලක් ලා රස්නේ වතුරින් පොගවලා , චූ පැත්ත කක්කා පැත්ත හරිය පිරි මදින්න... එතකොට එයාල කක්කා චූ දානවා ඔයාගේ අතට ... එහෙම කරන්නේ බඩේ තියන දේවල් අයින් කරන්න වෙන්න ඕන ... මං හිතන්නේ ... ජාති ගොඩක් තියනකොට මෙයාලට බඩ අවුල් ගිහිං දිරව ගන්ඩ බැරි වෙනවා මයේ හිතේ
hydration formula එක 5 සැරයක් හෝ 6 සැරයක් දුන්නාට පස්සේ ..පැය 2ක් මොකවත් නොදී ඉදලා
goats milk , වලට යෝගට් එකක් කලවම් කරලා දෙන්න
Cows milk හොද නැ..ඉක්මනින් ලේඩ වෙනවා ..එයාලාට ලේඩ අාවත් fight කරන්න ශක්තිය ලැබෙන්නේ නැ ...
Goats milk හා යොගට් වලින් එයාලාට පුලුවන් ඉක්මනට ලොකු වෙන්නයි ... ලෙඩරෝග එක්ක සටන්කරන්නයි
යෝගට් වලට වතුර ටිකක් දාල කලවං කරන එක ලේසියි ... ඒත් මමනං කලේ එළු කිරිවලට කෙලින්ම යෝගට් දාල ... වේලාව අරං කලවං කරන එක
මෙයාලට බඩගිනී හැදෙනවා බඩේ හිගන්නෙක් ඉන්නවා වාගේ ... චුට්ට චුට්ට ... වරින් වර බොනවා ... රෑට උනත් පැය තුනෙන් තුනට දුන්නත් බොනවා .. පොඩ්ඩ පොඩ්ඩ
මාස එක හමාරක් විතර යනකොට ඔන්න අපිට පුලුවන් කෑම දෙන්න පුරුදු කරන්න ට්‍රයි කරන්න , ඒත් එයාල කන්නේ නැ ... නිකං ලෑටී ගානවා විතරයි ... අපේ ඩබල දැං මාස දෙකත් පැනලා ... තාම හරියට කන්නේ නැ ... එළුකිරි , එළුකිරි යෝගට් තමයි ඉල්ලන්නෙ ..කෘතිම දේවල් දෙන්න එපා ... නැවුම් එළවලු පලතුරු දෙන්න .
කොටින්ම අපේ දෙන්නා කඩෙන් ගේන බෙහෙත් ගහපු ... සුවද නැති ... අඹ , පේර ... දිහා බලන්නේ වත් නැ ... ගහෙන් කඩලා දෙන පේර , ජම්බු , අඹ එහෙම පොර කකා ලෑටි ගානවා. අර චීන නාරං ජාතියක් තියෙන්නේ කහපාට ... අන්න එව්වට පට්ට මනාපයි... ( එව්වා වෙරිමතේටත් මරු )
මුං දෙන්නා හන්දා මගේ පටි රෝල් වෙලා තියෙන්නේ
ඊයේ පෙරෙයිදා ... මම අපේ ගමමහගේ එක්ක කඩේ ගිහිං එනවා.... සඩාං ගාල නැවැත්තුවා බයික් එක පාර මැද්දේ
ඇයි ලොකූ
නෑ අම්මා ... ලේන්නු කාපු වලු අඹයක් වැටිලා පාර අයිනේ
ඉතින්
මං අහුලං එන්නං .... සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා බහින්නේ මේක උඩ නටන්ඩ එපා
මේ මේ ... මාවත් බස්සන්ඩ ... මේක පෙරලෙයි
නටන්නැතුව ඔහොම ඉන්නවා
කියල මම ගිහිං අඹ කොටේ ඇරං ඇවිත් දුන්නා අතට
කුණුු මාළු කෑල්ල වගේ අල්ලං ආවේ ... අපේ ළමා තැනී ... ඒ මදිවට ... ගෙදර ඇවිත් ... අනේ අනේ ඔයාට වෙච්ච දෙයක්
ඇයි
නෑ ඉතින් .. ලෝඩ් පකිර් වගේ ඉදලා දැං කුණු අඹත් අහුලනවනේ
කොල්ලො දෙන්නා කඩෙං ගේන ඒවා කන්නේ නැ ... ඕයි
ආ ඔයාට කොල්ලො දෙන්නෙකුත් ඉන්නවද
අපිට ඉන්නේ කෙල්ලො දෙන්නෙක්නේ
සේචනීයයි සුපින්වතුනි
මුං තුන් දෙනා මගේ සංවේදිම තැන අල්ලලා
හැබැයි එයාලත් ආදරෙයි ..... රස අඹවල ඇට ඉල්ලලා රංඩු ... ලොකු කෑලි රංඩු එහෙම නෑ ... මහ එකී ... ඉස්සර ඉස්සෙල්ලම හොදම දේ මට දුන්නට පලවෙනි වරක මදුල ... කූඩුව අස්සට ...
ලොක්කි ට මොකක් හරි ගඩා ගෙඩියක් හම්බුනහම ..
හයියෝ මේ හයට කැපිල්ල තමා අමාරු .... කියල ඇදල පැදලා කැපුවට ..........හයෙං දෙකක් කූඩුවට සිරිසේනයි වික්‍රමසිංහයි කන්නෙත් නැ
හැමදාම ලොකු කෑල්ලක් එක්ක ඇටේටත් වගකියුව චූටී
තාත්තේ ඇටේ රසම එකනේ ඒක මල්ලිලාට
හයියෝ මට වෙච්ච දෙයක් ... දැං එතකොට මං මේ ගෙදර මොකාද බං
ඔන්න ඔය වෙලාවට තමයි මුන් දෙන්නට යන තැනක යන්ඩ අරින්ඩ හිතෙන්නේ ඇයි හත් දෙයියනේ මුන්ට මට වඩා ලොකු උනානේ මුං දෙන්නව
අම්මා මේ .. මෙයාලට නිදහසේ ඉන්ඩ පුරුදු කරන්ඩ මාස හතරක්වත් යනවලු
ඉතින්
තවකල් ඉන්නකොට අපිට ලෝබ හිතෙයි
මටත් හරි ආසයි අනේ ... හරිම හුරතල් ... එත් .. ආසාවට බදාගන්න එක නෙමෙයි වැඩේ ... අත්හරින එක
දැං මං කියුවද මුංව තියාගන්නවා කියලා
නෑ නැ ..මට හිතෙන දේනෙ කියුවේ
ගේ ඇතුලේ දුහන්ඩ දුන්නා වගේ නෙමෙයි ... මුං දෙන්නව ෆිට් බුවාල කරන්ඩ ඕන නැත්තං කාගේ හරි බඩේ.............. අපි ලග හැදුන පවට
ඉතින් මොකද කරන්නේ
ලොකු කූඩූවක් හදමු ...දගලන්ඩ පුලුවං වෙන්ඩ
හා මට අද හවසට සල්ලි වාගයක් හම්බෙනවා ... මං හිතං හිටියේ ඒකෙන් දොනිලට සුදු රෙදි ගන්ඩ ........... ඒ සල්ලි වලින් ඔයා ලොකු කුඩුවක් හදන්ඩ ... සත්තුන්ට එන්ඩ බැරි ... එතකොට එයාලට ඕන නං එයාල ඉදී ...නැත්තං යයි.
ඒකට හාරපන්දාහක් යන්නැ මනුස්සයෝ
ආ එහෙමද මං හිතුවා දැල් ගනන් කියලා
මං දැල් අරං එන්නං
කඩේ නැද්ද හදපු කූඩූ ... මං දන්නවනේ ඔයා ඕක කරන්ඩ ගියහම ... කොහෙං නතර වෙයිද දන්නේ නෑ
අනේ මේ .... කඩේ තියනවා මේං මෙච්චර විතර හුංජං කූඩු ... හාරසිය පනහයි ... කන්ඩ ටිකක් දාන්ඩ ඉඩ නැ
කියලා හාඩ්වෙයාර් ගිය මං
අයියේ මෙන්න මේකෙං දැල් මීටර් හයක් දියංකෝ
කුකුල් කූඩුවකට නේද අනිකෙං ගනින් කොල්ලෝ
නැ ලේන්නුන්ට
මීටර් හයක් මොකටද බං
නිදහසේ ඉන්ඩ ඉඩපාඩුවට හදන්ඩ
උන්ට නිදහසේ ඉන්ඩ නං උඹ ලෝකේ තරං ලොකු කූඩුවක් හැදුවත් හරියන්නේ නැ
තියාගන්ඩ හදනවා නෙමෙයි බං ලොකු උනහම අරිනවා .. එතකං තියාගන්ඩ ... මහලේනිව පූසෝ කාල
දෙදහකටත් වඩා යනවනේ බං ... ඔය තියෙන්නේ කූඩුවක් ඇරං පලයං
නැ අයියේ මට මේකෙං කපල දියං ... තව ඔය යකඩ ඔක්සිජන් වෑල්ඩින් කූරූ ටිකකුයි ... බදින්ඩ කම්බි ටිකකුත් දියං
එහෙනං හයක් කපනවා
දැං ඔන්න දැලත් අරං ගෙදර ආවා , දැල බිමට එළලා කපන්ඩ ලෑස්තිය ... ආවා අපේ ගෘහ මූලික උත්තමාවිය
ඈ ලොකු දැං කොහොමද ඔයා ඕක හදන්නේ
දැල් කපලා ඇරං මේ ගෙනාපු කම්බි වලින් බදිනවා හයිය ඕන තැං වලට මේ ලොකු කම්බි බදිනවා
පාස්සන්ඩ ඕන නැද්ද
ඕන නැ
එතකොට මොන හැඩේද
මීටර් හයක් ගෙනාවා ... මේ දැල් රෝල තියන උසට මීටරේ කෑලී හයක් කපලා බදිනවා ... එතකොට හොද ලොකු කූඩුවක් එනවා .... සෙල්ලං කාමරයක් ... නිදියන කාමරයක් හදනවා
හරි හතරුස්ද
නැනේ මේදැල මීටර් එකහමාරක් විතර උසයිනේ ... දිග පෙට්ටි හැඩයක්
ඉතින් ඕක රවුමට හදන්ඩකෝ
එහෙමත් පුලුවන් හැබැයි එහෙම කරනවනං වෑල්ඩිං කරලා ඇටසැකිල්ලක් හදන්ඩ වෙනවා
ඇයි ඒ
ආ මෙන්න දැල් තමුසේ හදනවකො
තරහ ගන්ඩ එපා ... ඇයි කියන්ඩකෝ
රවුම් හැඩයක් හරියට ගන්නේ කොහොමද ... ඒකට ඒ හැඩය තියන සැකිල්ලක් ඕන
ඉතින් අනේ ඔයා අර ගොඩ ගහං ඉන්න ලට්ට ලොට්ට ගොඩේ තියන ෆෑන් වල තියෙන්නේ දැල් කෑලි දෙකක් අරං හදන්ඩකෝ ... ඒවත් පාස්සන්ඩ ඕනද .... බෝතල් පත්තර කාරයට දෙන්නෙත් නැ ...
ඒකත් හොදයි ... දික් අතට කම්බි පෑස්සුවනං හයියයි ...ඕක පාස්සන්ඩ ගිහිං ඕකුන්ගේ පුකේ ආඩම්බරකං බලන්ඩ බෑ අප්පා ... පාස්සන්නේ නැතුව ට්‍රයි එකක් දෙමු ... හැබැයි අම්මා ... එහෙම කරහම ... කූඩුවේ ඉඩ ප්‍රමානේ අඩු වෙනවා ... ගෙනාපු දැලුත් අපතේ යනවා
ඒකට කමක් නැ අනේ ... ලස්සනයිනේ .... උසට රවුමට හදන්ඩ
මේකට ඩාට් එහෙමත් ගහන්ඩ ඕනද
ඕන එකක් කරගන්ඩ .... මං කියුවේ මොකක්ද එකක් වාගේ නැතුව ලස්සනට හදන විදිහක්
හරි හරි ... එතකොට අර කතුරු ඔන්චිල්ලාවත් එපාද
ඒ කියවේ අර රවුමට කැරකෙන ඉදගන්ඩ කූඩ තියන එකක්ද
නෑ අනේ දැකල නැද්ද ..... අර ලේන් කූඩු වල තියෙන්නේ දැල් රවුමක් එයාලට කැරකිලා පදින්ඩ පුලුවන් එකක් , ඒකක් තිබුනහම මුන්ට එක්සයිස් එකක් හම්බෙනවා ... හොදට ශක්තිමක් වෙනවා ... කවුරු හරි අල්ල ගන්ඩ හැදුවත් දුහලා බේරෙන්ඩ පුලුවන් ෆිට් පොරවල් වෙනවා
මට මතක නැ නේ
ඉස්සෙල්ලම හදන්ඩ කම්මැලි කමට අයින් කරලා තිබුන ෆැන් එකක බ්ලේඩ් කවර් දෙකක් අරං ඒ සයිස් එකට දැල් කෑල්ලක් කපලා එක කවර් එකකට කම්බි වලින් බැදගන්නවා.
ඊලගට ලොකු හයිය කම්බි වලින් රවුම් දෙකක් හදාගන , ඒ දෙකේ මැද්දට පොඩි රවුමක් හිටින විදිහට කපලා නවාගත්ත කම්බි කෑලි දෙකක් බැදගන්නවා , දැන් ඒකට දැල් කෑල්ලක් කපලා බැදගන්නවා ...ඒ වැඩේ කරනකොට පරිස්සං වෙන්ඩ හදාගත්ත රවුමේ ජොයින්ට් එකට විරුද්ධ පැත්තට දැලේ ජොයින්ට් එක හිටින විදිහට ගන්ඩ , අනික මැද්දට දාන මුද්ද තියන රවුමේ කම්බියත් වටේ රවුමට බදිනකොට .. බර බැලන්ස් වෙලා හැම පැත්තටම එකම බරක් බෙදිලා යන වදිහට ගන්ඩ සැලකිලිමත් වෙන්ඩ , නැත්තං ලේනට මේක පදින්ඩ බැරුව යනවා එක පැත්තක බර වැඩිවෙලා.... ඔන්න ඔය ගැජට් එක පාස්සලා ගන්නවා නං ... කිසිම අවුලක් වෙන්නේ නැ.
දැං කුඩුවේ මැද්දෙ හරියෙන් හරහට හයිය කම්බියක් දාල .. දෙපැත්තට දැම්ම මුදු අතරෙන් රිංගවලා ... ඔන්චිල්ලාව හයිකරගන්ඩ ... වොෂර් සහ ක්වික් ක්ලෑම්ප් යොදාගන මම නං ඒක ස්ථාවර කලා ... දෙපැත්තේ දැල් වලට කැරකිලා ඇවිත් හේත්තු වෙලා ... කැරකෙන එක වැලැක්වෙනවට
දැන් කූඩුවේ සයිස් එකට දැල් හතරැසට නමලා නිදාගන්න කාමරය හදලා කුඩුවේ උඩම හරියෙන් තියලා දැලට බැදගන හොටද රෙදි දාගන්න , රෙදි අස්කරන්න කුඩා කවුලුවක් වගේ එකක් උඩින් අමුතුවෙන් තියන්න ඕන නැ , ෆැන් එකේ පිටිපස්සේ දැල් කෑල්ල උඩට ගත්තහම ඒකේ තියන සිදුර අපිට ඒ වැඩේට අපූරුවට යොදාගන්න පුලුවන් ... ඕනමනං .. උඩිනුත් පොඩි දොරක් දාන්න.
දැන් කූඩුවේ යටින් අත දාන්න , අස්කරන්න , බාජන ඉවත් කරන්න , කෑම දාන්න පුලුවන් සයිස් එකට කෑල්ලක් අයින් කරලා ... ඒ වටේ හයිය කම්බි දාල වැරගන්වලා ... එතනට වැරගන්වපු දොරක් හයිකරගන්න , ඉබ්බෙක් කම්බි කෑල්ලක් ලොක් එක විදිහට දාන්ඩ පුලුවන් විදිහට නවාපු කම්බියක් එක්ක.
කුඩයක් ගෙනත් වහලයටත් හයිකරන්ඩත් මගේ අදහසක් තියනවා.
ප.ලි / විශේෂ ස්තුතිය
MISHA AND SRI LANKAN SQUIRREL'S , මිෂා හා ශ්‍රී ලංකාවේ ලේන්නු ෆේස්බුක් සමූහයට සහ Nilu Ru Jay Silva ට
ප.ලි / විශේෂ ස්තුතිය
MISHA AND SRI LANKAN SQUIRREL'S , මිෂා හා ශ්‍රී ලංකාවේ ලේන්නු ෆේස්බුක් සමූහයට සහ Nilu Ru Jay Silva ට
මමත් සත්තු හිර කරගෙන නම් හදන්න කැමතිම නෑ.
ReplyDeleteමෙහෙම වෙලාවට නැතුවත් බැ
Deleteමෙහෙමනේ මයිනෝ සදාකල් තියාගන්නේ නැ ... මාස හතරක් පැන්නහම මුන් ලිංගික වශයෙන් පරිනත වෙනවලු ... අන්න එදාට මුන්ව යන තැනක යනඩ අරිනවා .... පරිනත වෙලාද බලන්ඩ ක්‍රමයක් නැ ... උඹට බැරිද ඇවිත් ටැස්කොරලා දීලා යන්ඩ
Deleteලේනුන් ඇති කිරීමේ පුර්ණ පාඨමාලාව..උපකරණ හා සියලු විස්තර සහිතයි. .අටමා සහ සමාගම ..ආයේ ඉතින් ෆේස්බුක් ගෘප් මොකටද?
ReplyDeleteනම් දෙක මරු. හැබැයි උන් දෙන්නව කුඩු කලොත් ඔහොම සැප දෙනවද ?
සමාගං නැත ( ලොවෙත් එපා )
Deleteඋපකරන විස්තර සහිතයි ( කැඩුන බිදුන දෙයක් තියනං ඇහැක් විදිහට හදලා දෙන්නං
ආයේ ඉතින් ෆේස්බුක් ගෘප් මොකටද ( ඇයි එහෙම කියන්නේ , එතනින් තමයි ඔච්චර දේවල් දැනගත්තේ )
නම් දෙක මරු ( ඔය නං දෙක දැම්මේ හේතු කාරනා දෙකක් හන්දා ... ඔය අපේ ළමයි එහෙම , හාමිනේ එහෙම හෙන ලස්සන නං යෝජනා කලත් මම ඔය නං දෙක දැම්මේ ඒකයි.
ඔය වික්‍රමසිංහ කියල නම තියන කෙනා සිරිසේන නම කියන කෙනාගේ චූවා උරන්ඩ පටන් ගත්තා .... පස්සේ පස්සේ රහ වැටිලද කොහෙද සිරිසේනත් ඔය වැඩේම කරන්ඩ ගත්තා ... තනියම එයාගෙම
දෙවනි කාරනාව.... දැං ඔය නං තියන අනිත් දෙන්නා වාගෙමනේ මේ දෙන්නත් ... අපිට කන්ඩ බොන්ඩ තියන දෙයක් නවත්තලා හොදම දේවල් දීලා මුන්ව පෝෂණය කරනවා ... වැඩක් තියද ... බානේ බදින්ඩද ... හාන්ඩද ... මුන් දෙන්නා උන්ගේ ආතල් ඇරං ඉන්නවා අපේ සල්ලි වලින් ... මට නං දැං අනිත් උන් දෙන්නත් එහෙමයි ... කන්ඩ බොන්ඩ දීලා හදන සත්තු දෙන්නෙක් ගානයි
Elama Elama Elama Kiyuma........
Deleteස්තුතියි
Deleteබලාගෙන යනකොට ලේන්නු හදන එකත් පට්ට ගේමක්නේ...
ReplyDeleteමොනා උනත් උඹ හදපු කුඩුව මරු...
ඔහොම නෙමෙයි බං ඔලුවට ආවේ ... සල්ලි වියදං කරලා ... පට්ට ඒවා හදත හැකි
Deleteයකෝ ලේන්නු හදන එකත් දැවැන්ත ප්‍රොජෙක්ට් එකක්නේ.
ReplyDeleteමං ඉතින් හැම එකම එහෙම කරගන්නවනේ බං ... ඇගෙන්ම කරන්ඩ ගිහින්
Deleteනියමයි නෙ බන් අටමෝ
ReplyDeleteලේන්නුද කූඩුවද මංද
Deleteහුකනව ලේන් කූඩුවේ ලන්තෑරුම ?
ReplyDeleteහෑ ... ලන්තෑරුං ඒව්වත් කරනවද
Deleteඋඹ ඒ ගමන මැෂින් බිස්නස් එකට අමතරව ලේන් කූඩු සෑදීම සහ විද්‍යානුකූලව ලේනුන් ඇති කිරීම ගැන ටියුෂන් දෙන්නද යන්නෙ. මොනව උනත් කූඩුව නා මල් හතයි.
ReplyDeleteඑහෙම එකක් හරි කමක්නැ හරියනවනං මේ අත්වෙච්ච කෝඩ කාලේ .. බඩවියත රැකගන්ඩ
Deleteවැඩේ මල් හතයි මාමෙ....!
ReplyDeleteමේ පුතා කොයි පුතාද
Deleteමරු
ReplyDeleteමොනවහරි ලියාපං
Delete ලේනුන් ඇති කිරීමත් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි
ReplyDeleteඔව් .... ඊලගට හිතාගන්ඩ එපෑය අත අරින්නත්
Deleteමමත් පොඩි කාලේ හුරතලේට ලේනෙක් විතරක් නෙමෙයි බං හාවෙක්, කලවැදි පැටියෙක්, ගිරව්, සැළලිහිණි, මයිනෝ ඇති කලා. ඒ සත්තු ඔක්කොම වගේ හම්බ උනේ මොකක් හරි අනතුරකට ලක් වෙලා ඉන්නකොට.
ReplyDeleteහම්මේ උඹ ඉන්නවද
Delete