2018-05-31

Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association


 , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව.


මං කැරම්  බෝඩ්  එකක්  ගත්තනේ  ... පස්සේ  ඉතින්  ගෙදර තියාගන හරියන්නෙත්  නැ ... ඕක දැක්කහම එක එක්කෙනා එනවනේ  සෙල්ලං කරන්ඩ ... පස්සේ  අම්මලැ ගෙදෙට්ට  ටාන්සර්  කලා ... ඒක ගන්ඩ ගියහමත්  හෙන සීන්  අප්පා  ... තුන්දාස්  එක සියේ  ඉදන්  හත්දාස්  ගානට වෙනකං .. කැරම් බෝඩ්  හතරක්  තිබුනා ... ලාබේ බලලා  හැමදාම කෙලවෙන හන්දා  ගණන් වැඩිම එක්ක දෙන්ඩ කියුවහම ... කඩේ ලලනාව කියනවා ගණන්  අඩු  එකට ඩිස්ක් එකක් එක්ක ඉත්හතෝ ටිකත් හම්බුනාට හොද බෝඩ් වලට එහෙම නෑලු , පස්සේ  ඉතින් උන්දැ හොදම එකක් කියලා  ... ඩිස්ක්  එකක් දුන්නා  ඒකටත්  හයසිය අනූවක් කියහංකෝ  ...  ඉත්තොත්  වර්ග දෙක තුනක් පෙන්නුවා  ... ඔයා හොදම බෝඩ් එක ගත්ත හන්දා  මේ ඉත්තෝ ගන්ඩ කියල ගණන්  වැඩි ඉත්තෝ  ටිකකුත්  ඇගේ  ගැහුවා ... හැබැයි ඒකි  කියන එකත් ඇත්ත තමා ... ගැජට් ටික අතගෑවහම  ඒක  මට දැනුනා ... හරිම සිනිදුයි.

පස්සේ ඉතින්  කැරම් ගහන්ඩ ගියහම එක එකා එක එක නීති  කියනවා ... මිණියක්  මැරෙයි කියල බයට ගූගල් කරලා බැලුවා .... සිංහලෙන්  නැ කියහංකෝ  නීතී ....  කැරම් ගැන  සම්බන්දයක් තියන  .. කැරම් වලට සම්බන්ධයි කියලා දැනෙන  හැම තැනකම  හෙව්වා හම්බුනේ  නැ ...



පස්සේ  ඒ තැන්වලට ඒ පුද්ගලයන්ට පුද්ගලියන්ට මැසේජ් හිටං කරලා  ඉල්ලුවා  ... අනේ  මිනියක් මැරෙන්ඩ කලින්  නීති ටික කියලා දෙන්ඩ කියලා .... කිසිම හව් හරක් නැ පින්වතුනි

පස්සේ  මං  ඔය  විදිහට අහපු  නන්නාදුනන https://www.facebook.com/chaminda.polpitiyalakamalage  කියලා කෙනෙක්  කැරම් සංගමයෙන් ගහපු පොත් පිංචක් තියනවා ඒක හොයාගන එවන්නං  කියුවා.

අනේ  කියුවා වාගේම ඒ මහත්තයා මට ඒක ෆොටෝ ගහලා එව්වා ...  ඉතින් මං වගේ  එකෙක්  ගුගල් කරලා හෙව්වොත්  ඒකට හම්බෙන්ඩ කියන උතුම් චේතනාවෙන් මං මේක මගේ  බොගේ  දානවා.















































මට මෙය එවූ චමින්ද මහත්මාටත් , පොත ලියූ ඩී පී හෙට්ටිආරච්චි මහතාටත් , ලැන්ග්ලි මතායස් මහතාටත්  ස්තුතියි.

ඉඩක් ලද විටක ඡායාරූප ලෙස තිබෙන  මේ පිටු හතලිහ .... සරල සිංහල භාශාවෙන්  අන්තර්ජාලයේ  ලිවීමට බලාපොරොත්තු වෙමි.

12 comments:

  1. සිරි ලංකා මළගෙවල්වල නීති මාලාව කියලා ප්‍රාදේශීය නීති අටෝ රාසියක් තියෙනවා. ඔය පොතේ තියෙන ඒවා මළගෙවල්වල කියන්ඩ ගිහිල්ලා තවත් මළ ගෙයක් උත්පාදනය කර ගන්ඩ නං එපා ඕං. කැරම් ගේම් ටිකක් යූටියුබ් එකේ බැලුවා නං නීති ටික ඉක්මනට අල්ලගන්ඩ ඇහැකි.

    ReplyDelete
  2. කෙළවර හොයා ගත්තේ පුදුම අමාරුවෙන්. මගේ බ්ලොගය එකතු කෙරුවට ස්තුතියි

    ReplyDelete
  3. ටහිකෙන ස්ක්‍රෝල් කිරිල්ලක් නෙ යකෝ. කැරම් ගැහිල්ලත් එපා වෙනවා.

    ReplyDelete
  4. මේක අගෙයි. අපේ ගෙදරත් මගේම නොවන කැරම් බෝඩ් එකක් තියෙනව මල ගේකට ඇවිල්ල ආපහු නොගිය.

    බොලාට මේක ටයිප් කරනවට වැඩිය ලේසියි ස්කෑන් කරල දාන එක.

    ReplyDelete
    Replies
    1. අපි ඒ ගැන කතා නොකර ඉම්මු.. හැක්!

      Delete
    2. නෑ දැං අපි ඒ ගැන කතාකරමු. හැක්..

      -னයා-

      Delete
  5. දෙකක් දාගෙන කැරම් ගහන්න ගියාම ඔය නීති කැලේ

    ReplyDelete
    Replies
    1. සපත්තු දෙකක් ද?

      -னයා-

      Delete
  6. නොදන්න ගොඩක් දේවල් ටිකක් දැන ගත්තා.. ඔබට ගොඩක් ස්තුතියි අටං අයියේ.

    ReplyDelete
  7. කැරම් කියන්නෙ කාර්ඩ් පැක් එකෙන් ගහන ගේමක් නේද? මම දැකලා තියනවා සමහරු මළ ගෙවල් වල ඔය සෙල්ලම කරනවා.....

    ReplyDelete
  8. මගේ කැරම් බෝඩ් එක යාළුවෙක්ට දුන්න දුන්නමයි.

    ඒකටත් දානයක් දීල පිං පමුණවන්න ඕන :)

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • ආ එයා ලොකූ වැඩක්
    කතන්දර අංක එක  මෙයා ගියේ කොළඹ පළමුපෙලේ පාසැලකට. මට සෙට්උනේ දහම් පාසැලේදි. පට්ට කපටියා. ඒ කාලේ ලගින් හිටියට දැන්නං අදුරන්නැ වගේ…
  • බෝතාල් පත්තරේ
  • වඩේ රස කරන රස රහස
    වඩයක් දකින , වඩේ කන , ඉදලා හිටලා වඩයක් බදින හැමදාම මට මතක් වෙනවා වඩේ අංකල්, ඒ තරම් රස වඩයක් මම මගේ ජීවිතයටම කාලා නැ, ඒ දවස්වල  අපි…
  •  මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද
     මදු මාදව අරවින්දගේ අලුත් යුටියුබ් චැනල් එක ඔයාලා තාම දැක්කේ නැද්ද https://www.youtube.com/watch?v=VEs6D-V89mA මෙන්න ලින්ක් එක සබ්ස්ක්‍රයිබ්…
  • බාස්ලා.... හොරුද ......
    මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද   ''මේ වෙලාවේ හිනා…
  •  මහගස් ඉරන්නෙත් බිමදාලා
    මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා කට්ටිය උන් දෙන්නට කියන්නේ ‍මෝඩ ජෝඩුව කියලා , දන්න උන් නං දන්න්නවා මෙහෙම කියාපු ගමන් මේ කා ගැනද කියන්නේ…
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • කොහොමද යාලුවනේ මාව මතකද දන්නැ
    ඉතින් කොහොමද වාස දේසේ , අවුලක් නැනේ  ෆිට් එකේ ඉන්නවනේ නේද , එහෙනං එලකිරි ,  කාලයක් මට බ්ලොග් එකයි  සින්ඩියවාගේ එකයි මග…
  • ජනරංජනී
    ‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘ ‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘ ‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු…
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • පේස් මේකර්
  • දරුවො නෙමෙයි තොපි ---
    මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක් පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි…
  • How to write a Sinhala blog  ( 9 ) ක්මෙන්ට් පලවන ,  පෙනෙන  ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම
    අටවෙනි කොටස මෙතැනින් හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග්…
  • චංචලා
    නොමේරු හිත්පතුල ගැඹුරටම කොනිතලා හීනමල් වට්ටියක් හිතපුරා අතුරලා අරමුනක් නැති වෙන්න ජීවිතය බොදකලා මං තාම ආදරෙයි  කෝ කොහිද  චංචලා නුඹ නිසා…
  • සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි
    ‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘ ‘‘මං වැඩක් ‘‘ ‘‘ මොකක්ද වැඩේ ‘‘ ‘‘ රූප හොයනවා ‘‘ ‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘ ‘‘  නැ මං…
1,645,026

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>