2018-05-31

Carrom rules approved by the international carrom federation and Sri Lanka Carrom Association


 , අන්තර්ජාතික කැරම් සංගමය සහ ශ්‍රී ලංකා කැරම්  සම්මේලනය විසින් අනුමත කරන ලද සහ භාවිතාකරන කැරම් නීති මාලාව.


මං කැරම්  බෝඩ්  එකක්  ගත්තනේ  ... පස්සේ  ඉතින්  ගෙදර තියාගන හරියන්නෙත්  නැ ... ඕක දැක්කහම එක එක්කෙනා එනවනේ  සෙල්ලං කරන්ඩ ... පස්සේ  අම්මලැ ගෙදෙට්ට  ටාන්සර්  කලා ... ඒක ගන්ඩ ගියහමත්  හෙන සීන්  අප්පා  ... තුන්දාස්  එක සියේ  ඉදන්  හත්දාස්  ගානට වෙනකං .. කැරම් බෝඩ්  හතරක්  තිබුනා ... ලාබේ බලලා  හැමදාම කෙලවෙන හන්දා  ගණන් වැඩිම එක්ක දෙන්ඩ කියුවහම ... කඩේ ලලනාව කියනවා ගණන්  අඩු  එකට ඩිස්ක් එකක් එක්ක ඉත්හතෝ ටිකත් හම්බුනාට හොද බෝඩ් වලට එහෙම නෑලු , පස්සේ  ඉතින් උන්දැ හොදම එකක් කියලා  ... ඩිස්ක්  එකක් දුන්නා  ඒකටත්  හයසිය අනූවක් කියහංකෝ  ...  ඉත්තොත්  වර්ග දෙක තුනක් පෙන්නුවා  ... ඔයා හොදම බෝඩ් එක ගත්ත හන්දා  මේ ඉත්තෝ ගන්ඩ කියල ගණන්  වැඩි ඉත්තෝ  ටිකකුත්  ඇගේ  ගැහුවා ... හැබැයි ඒකි  කියන එකත් ඇත්ත තමා ... ගැජට් ටික අතගෑවහම  ඒක  මට දැනුනා ... හරිම සිනිදුයි.

පස්සේ ඉතින්  කැරම් ගහන්ඩ ගියහම එක එකා එක එක නීති  කියනවා ... මිණියක්  මැරෙයි කියල බයට ගූගල් කරලා බැලුවා .... සිංහලෙන්  නැ කියහංකෝ  නීතී ....  කැරම් ගැන  සම්බන්දයක් තියන  .. කැරම් වලට සම්බන්ධයි කියලා දැනෙන  හැම තැනකම  හෙව්වා හම්බුනේ  නැ ...



පස්සේ  ඒ තැන්වලට ඒ පුද්ගලයන්ට පුද්ගලියන්ට මැසේජ් හිටං කරලා  ඉල්ලුවා  ... අනේ  මිනියක් මැරෙන්ඩ කලින්  නීති ටික කියලා දෙන්ඩ කියලා .... කිසිම හව් හරක් නැ පින්වතුනි

පස්සේ  මං  ඔය  විදිහට අහපු  නන්නාදුනන https://www.facebook.com/chaminda.polpitiyalakamalage  කියලා කෙනෙක්  කැරම් සංගමයෙන් ගහපු පොත් පිංචක් තියනවා ඒක හොයාගන එවන්නං  කියුවා.

අනේ  කියුවා වාගේම ඒ මහත්තයා මට ඒක ෆොටෝ ගහලා එව්වා ...  ඉතින් මං වගේ  එකෙක්  ගුගල් කරලා හෙව්වොත්  ඒකට හම්බෙන්ඩ කියන උතුම් චේතනාවෙන් මං මේක මගේ  බොගේ  දානවා.















































මට මෙය එවූ චමින්ද මහත්මාටත් , පොත ලියූ ඩී පී හෙට්ටිආරච්චි මහතාටත් , ලැන්ග්ලි මතායස් මහතාටත්  ස්තුතියි.

ඉඩක් ලද විටක ඡායාරූප ලෙස තිබෙන  මේ පිටු හතලිහ .... සරල සිංහල භාශාවෙන්  අන්තර්ජාලයේ  ලිවීමට බලාපොරොත්තු වෙමි.

12 comments:

  1. සිරි ලංකා මළගෙවල්වල නීති මාලාව කියලා ප්‍රාදේශීය නීති අටෝ රාසියක් තියෙනවා. ඔය පොතේ තියෙන ඒවා මළගෙවල්වල කියන්ඩ ගිහිල්ලා තවත් මළ ගෙයක් උත්පාදනය කර ගන්ඩ නං එපා ඕං. කැරම් ගේම් ටිකක් යූටියුබ් එකේ බැලුවා නං නීති ටික ඉක්මනට අල්ලගන්ඩ ඇහැකි.

    ReplyDelete
  2. කෙළවර හොයා ගත්තේ පුදුම අමාරුවෙන්. මගේ බ්ලොගය එකතු කෙරුවට ස්තුතියි

    ReplyDelete
  3. ටහිකෙන ස්ක්‍රෝල් කිරිල්ලක් නෙ යකෝ. කැරම් ගැහිල්ලත් එපා වෙනවා.

    ReplyDelete
  4. මේක අගෙයි. අපේ ගෙදරත් මගේම නොවන කැරම් බෝඩ් එකක් තියෙනව මල ගේකට ඇවිල්ල ආපහු නොගිය.

    බොලාට මේක ටයිප් කරනවට වැඩිය ලේසියි ස්කෑන් කරල දාන එක.

    ReplyDelete
    Replies
    1. අපි ඒ ගැන කතා නොකර ඉම්මු.. හැක්!

      Delete
    2. නෑ දැං අපි ඒ ගැන කතාකරමු. හැක්..

      -னයා-

      Delete
  5. දෙකක් දාගෙන කැරම් ගහන්න ගියාම ඔය නීති කැලේ

    ReplyDelete
    Replies
    1. සපත්තු දෙකක් ද?

      -னයා-

      Delete
  6. නොදන්න ගොඩක් දේවල් ටිකක් දැන ගත්තා.. ඔබට ගොඩක් ස්තුතියි අටං අයියේ.

    ReplyDelete
  7. කැරම් කියන්නෙ කාර්ඩ් පැක් එකෙන් ගහන ගේමක් නේද? මම දැකලා තියනවා සමහරු මළ ගෙවල් වල ඔය සෙල්ලම කරනවා.....

    ReplyDelete
  8. මගේ කැරම් බෝඩ් එක යාළුවෙක්ට දුන්න දුන්නමයි.

    ඒකටත් දානයක් දීල පිං පමුණවන්න ඕන :)

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • ඔබත් දරුවන්ට රඹුටන් ආහාරයට ගැනීමට දෙන මවක්ද පියෙක්ද , එසේනම් මේ කරුනු ගැ...
  • සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ
    මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු  කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු…
  •  සල් ලිඳට බැස නෑම සහ මගේ මැණික ( 2 )  පිට එවුන් තුන් දෙනෙක් සහ වැඩේ කිරිමෙල් කිරීම
    පලවෙනි කොටස තව ටිකක් ඇවිදගන යන මං වම් පැත්තේ කම්බි වැට අස්සෙන් බාල්දියයි බෙසමයි රිංගවල , දෙවනි කම්බියයි තුන්වෙනි කම්බියයි අතරෙන් රිංගනවා…
  • අන්න පුතේ අහස දම්පාට වෙලා
    අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා…
  • බෝතාල් පත්තරේ
    සෙනසුරාදා දවසක උදය වරුවේ  .....  ළමයින්ට ඉස්කෝලෙත් නැති නිසා  මම ටිකක් දවල් වෙනකං නිදි ,  නින්ද  කැඩුනා කියහංකෝ …
  • සන්නා මුන්නා
    ඔන්න ඉතින් පෝං එක අඩනවා  , ඇයි යකෝ  මෙච්චරවෙලා ඉදලා බයික්කෙට නැග්ගා විතරයි  ... හැම වෙලේම ඔහොම්මයි රෙද්ද ... පාරෙදිමයි කෑගහන්නේ ....…
  • මහලා කන්ඩදීම
    මම දැන් කියන්න යන්නේ අපේ හාමිනේ රැකියාව අහිමිඋන මට කන්ඩ දුන්න විදිහ.මම එකාලයේ රස්සාව කෙරුවෙ වෙළද දැන්විර්‍ම , ටෙලිනාර්‍ටටි , චීත්තර පටි එහෙම…
  • රාහු ගිල්ල ආදරේ
    '' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද '' '' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා…
  • රාහු ගිල්ල ආදරේ
    '' මල්ලි .......මල්ලි......පොඩි දෙන්නව අරගන එනවද '' '' මොනවද හලෝ ...ගිහිල්ලා එනවකෝ ...........ටිකක් නිදාගන්ඩවත් තියන දවසේ  උදෙත් ඇහැරෙව්වා…
1,645,022

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>