2018-06-20

සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි



‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘

‘‘මං වැඩක් ‘‘

‘‘ මොකක්ද වැඩේ ‘‘

‘‘ රූප හොයනවා ‘‘

‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘

‘‘  නැ මං මේ  කාඩ්  එකක්  හදන්ඩ රූප කපන්නේ ‘‘

‘‘ හා හා  පස්සේ  ...කරන්ඩ ඒවා ...දහයත් පහු උනා  දැං නිදාගන්ඩ ‘‘

‘‘ මල වදේ  එයාට හොදයි අපිට තමා බැරි ‘‘

‘‘ අක්කි පුතා දැං ඔය කවි පාඩං කරා ඇති  හම් හම්  නිදාගන්ඩ ..‘‘

‘‘ මේ බලන්ඩකෝ  අම්මා අපිට නිදිමතත් නෑත් එක්ක .. මෙයා අපිව බලෙන් නිදිකරවන්ඩ හදනවා ‘‘

‘‘ මොකද ලොකු  ඔයාට වෙලා තියෙන්නේ ... ඔයාගේ  පාඩුවේ  ..ඉන්ඩකෝ  ... එයාලට නිදි මත ආවහම එයාල නිදාගනී ‘‘

‘‘ දැං ඔයා මොකද ඔය කරන්නේ ‘‘

‘‘ මං මේ සාරි බ්ලවුස්  එකක් මහනවා ‘‘

‘‘ හම් හම්  තුන්දෙනාම ගිහින් නිදාගන්ඩ ‘‘

‘‘ මේ මොන යකෙක් වැහිලද අද ඔයාට ... ඒ  ළමයා හෙට ඉස් ඉස්සෙල්ලම රස්සාවකට යනවා ... ඇදං යන බ්ලවුස්  එක මේක .... උදෙන්ම එනවා ගෙනියන්ඩ .. මං නිදාගන්නේ  මේක මහල ඉවර කරලා ‘‘

‘‘ තුන් දෙනාම එලාම්  එකක් තියලා නිදාගන  උදෙන්ම නැගිටලා තම තමන්ගේ  වැඩ කරගත්තොත් හොදයි ... ‘‘

‘‘ බලන්ඩකෝ  අම්මේ  තාත්තට හොදයි රෑට ඇහැරගන ඉන්ඩ ..අපිට තමා තහනං ‘‘

‘‘ ඒකනේ  පුතේ  අද  මොන යකෙක්  වැහිලද ... වෙනදට ඕකට කොට කොට ඉන්නවා  අපි මක්කරනවද බලන්නේ  නැ ‘‘

‘‘ වෙනද වගේ  නෙමෙයි අද මාත් කලින්ම නිදාගන්ඩ එනවා  ... ‘‘

‘‘ හෑ   ඈ  ඒ මොකද ඒ ‘‘

‘‘ අතිගරු ---පතිතුමා රෑ දහයට නිදාගන්නවා ... එතුමගේ  නින්ද කැඩුනොත්  ... පත්තරේ  කියවන්ඩ පරක්කු වෙනවා , එතුමා ..හැම දේම දැනගන්නේ  පත්තරෙන් හින්දා  ... පත්තරේ  කියවන්ඩ පරක්කු වෙන එක රටට පාඩුවක්  ... ඒ  හින්දා  අපි  ඉක්මනට නිදාගන්ඩ ඕන සද්ද නොකර ... කෝ  ඔයාල නිදාගන්ඩ යන්ඩ මාත් මේ කම්පියුටරය ඔෆ් කරල මදුරු කොයිල් එකක්  පත්තු කරගන එන්නං ‘‘

18 comments:

  1. එහෙම බැලුවම මං කරන්නෙත් සුළුපටු රාජකාරියක්ද ආයිබොවන්ඩ ..
    ගැම්මට ගෙනියන්න ඕන පත්තරේ..

    ReplyDelete
  2. හැක්. උඹටත් හිතෙන ඒවා... :)))

    ReplyDelete
  3. Hak, 10ta nidaganna eka hoda wadak, wena weda nethnam. ow wow.

    ReplyDelete
    Replies
    1. ඔව් බං පොඩි දරුවෙක් කාලෙනං ඒ වෙලාවට නිදාගත්ත මතකයි

      Delete
  4. දැන් ඉස්සෙල්ලම බලන්නෙ ලින්ක් එකක් තියනවද නැද්ද කියලා...

    ඔය කියන තුමා බ්ලොග් එහෙමත් බ්ලනවද දන්නෑ...!

    ReplyDelete
    Replies
    1. මං නං හිතන්නැ පොර බලනවයි කියලා... එහෙනං මෙලහට බුකියේ තියන ඒවා බලල වහබොනවා

      Delete
  5. කෝ බන් ස්කූබි.....?

    ReplyDelete
    Replies
    1. ඒකට කවුද එකෙක් කඩප්පුලි කමෙන්ට් එකක් දාලා ඒක අයින් කරලා අටංතුමා

      Delete
    2. ඔහොම කඩප්පුලිද බං මට හම්බුනේ

      Delete
  6. එතකොට ස්කුබී කවුද හිටන්

    ReplyDelete
    Replies
    1. චමින්දගේ හිටපු බොඩිගාඩ්

      Delete
  7. ග්‍රාමසේවක වෙලාම හිටියනං කාටහරි සමෘධියක් බෙදාගෙන පොර වගේ ඉන්න තිබ්බා, දැන් පත්තර බලන්නත් එපැයි

    ReplyDelete
    Replies
    1. මොකෝ කාලෙකින් මට වාගේ වැඩ නැද්ද

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • How to use Singer 974 Contessa Sewing Machine
  • What is the correct needle to be used according to the machine type, නිවැරදි ඉදිකටු වර්ගය කුමක්ද
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • මුල්ල පටස්
  •  දළු බුලත්
    ‘‘ මොකදැ යෝදියේ ඇදි රෙද්ද පිටින්ම වතුර බේරි බේරි .....තොපිට මීහරක් ගිණියමද ....මේ රාස්සිගේ අව්වේ ... කෙල්ලගේ ඉහේ ඉදං වතුර බේරෙනවා  ‘‘ ‘‘…
  • අටමට පුරස්න දෙකක් , (1) ගූ ගල් කරන සිතියං අක්කට  අපිට පාරවල් කියලා දුන්න හැක්ද , (2) නොපෙනෙන කෙනෙක් ලග ඉන්නවා කියලා කවදහරි දැනිලා තියනවද.
    (1) අද මං ජීවිතේ පලවෙනි වතාවට google map පාවිච්චිකරලා  ගමනක් ගියා , ගෙදරින් පිටවෙනකොට යන්ඩ ඒන තැන දුන්නහම මට යන්ඩ ඕන තැනට යන්ඩ , පාරවල්…
  • Jaba and Julbuli my Lovely  dog pets / smarty dogs / Funny dogs / Lovely...
  • How to write a Sinhala blog  ( 8 ) බ්ලොගර් ෆලෝවරය , ලේබල් ගැජට් , පොපියුලර් පෝස්ට් සහ වෙනත් ගැජට් එකතු කරගන්නා ආකාරය
    හත්වෙනි කොටස මෙතැනින්දැං බ්ලොග් එක ඕපන් කරගන්න දැං දකුනු පැත්තේ උඩ තියන ඩිසයින් ක්ලික් කරන්න ඊලගට ලේයර් අවුට් ක්ලික් කරන්න , දැං අපි…
  • අනන්තයක්  වෙනකං
    වෙන ළමයි සැර කෙරුවහම දුහලා මාරු වෙනවා කොහේ හරි හැංගෙනවා එක්කෝ තරහ වෙනවා නැත්තං අඩනවා ඒකටත් එක්ක උඹ කපටි හිනාවක් දානවා තාත්තේ මේ දන්නවද චුට්ටක්…
1,645,746

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>