2018-06-20

සද්ද කරන්ඩ එපා... අතිගරු ---පතිතුමා දොයි



‘‘චූටං පුතා මොකද ඔය කරන්නේ ‘‘

‘‘මං වැඩක් ‘‘

‘‘ මොකක්ද වැඩේ ‘‘

‘‘ රූප හොයනවා ‘‘

‘‘ හෙට කරන් එන්ඩ දුන්න ගෙදර වැඩ කරානේ ‘‘

‘‘  නැ මං මේ  කාඩ්  එකක්  හදන්ඩ රූප කපන්නේ ‘‘

‘‘ හා හා  පස්සේ  ...කරන්ඩ ඒවා ...දහයත් පහු උනා  දැං නිදාගන්ඩ ‘‘

‘‘ මල වදේ  එයාට හොදයි අපිට තමා බැරි ‘‘

‘‘ අක්කි පුතා දැං ඔය කවි පාඩං කරා ඇති  හම් හම්  නිදාගන්ඩ ..‘‘

‘‘ මේ බලන්ඩකෝ  අම්මා අපිට නිදිමතත් නෑත් එක්ක .. මෙයා අපිව බලෙන් නිදිකරවන්ඩ හදනවා ‘‘

‘‘ මොකද ලොකු  ඔයාට වෙලා තියෙන්නේ ... ඔයාගේ  පාඩුවේ  ..ඉන්ඩකෝ  ... එයාලට නිදි මත ආවහම එයාල නිදාගනී ‘‘

‘‘ දැං ඔයා මොකද ඔය කරන්නේ ‘‘

‘‘ මං මේ සාරි බ්ලවුස්  එකක් මහනවා ‘‘

‘‘ හම් හම්  තුන්දෙනාම ගිහින් නිදාගන්ඩ ‘‘

‘‘ මේ මොන යකෙක් වැහිලද අද ඔයාට ... ඒ  ළමයා හෙට ඉස් ඉස්සෙල්ලම රස්සාවකට යනවා ... ඇදං යන බ්ලවුස්  එක මේක .... උදෙන්ම එනවා ගෙනියන්ඩ .. මං නිදාගන්නේ  මේක මහල ඉවර කරලා ‘‘

‘‘ තුන් දෙනාම එලාම්  එකක් තියලා නිදාගන  උදෙන්ම නැගිටලා තම තමන්ගේ  වැඩ කරගත්තොත් හොදයි ... ‘‘

‘‘ බලන්ඩකෝ  අම්මේ  තාත්තට හොදයි රෑට ඇහැරගන ඉන්ඩ ..අපිට තමා තහනං ‘‘

‘‘ ඒකනේ  පුතේ  අද  මොන යකෙක්  වැහිලද ... වෙනදට ඕකට කොට කොට ඉන්නවා  අපි මක්කරනවද බලන්නේ  නැ ‘‘

‘‘ වෙනද වගේ  නෙමෙයි අද මාත් කලින්ම නිදාගන්ඩ එනවා  ... ‘‘

‘‘ හෑ   ඈ  ඒ මොකද ඒ ‘‘

‘‘ අතිගරු ---පතිතුමා රෑ දහයට නිදාගන්නවා ... එතුමගේ  නින්ද කැඩුනොත්  ... පත්තරේ  කියවන්ඩ පරක්කු වෙනවා , එතුමා ..හැම දේම දැනගන්නේ  පත්තරෙන් හින්දා  ... පත්තරේ  කියවන්ඩ පරක්කු වෙන එක රටට පාඩුවක්  ... ඒ  හින්දා  අපි  ඉක්මනට නිදාගන්ඩ ඕන සද්ද නොකර ... කෝ  ඔයාල නිදාගන්ඩ යන්ඩ මාත් මේ කම්පියුටරය ඔෆ් කරල මදුරු කොයිල් එකක්  පත්තු කරගන එන්නං ‘‘

18 comments:

  1. එහෙම බැලුවම මං කරන්නෙත් සුළුපටු රාජකාරියක්ද ආයිබොවන්ඩ ..
    ගැම්මට ගෙනියන්න ඕන පත්තරේ..

    ReplyDelete
  2. හැක්. උඹටත් හිතෙන ඒවා... :)))

    ReplyDelete
  3. Hak, 10ta nidaganna eka hoda wadak, wena weda nethnam. ow wow.

    ReplyDelete
    Replies
    1. ඔව් බං පොඩි දරුවෙක් කාලෙනං ඒ වෙලාවට නිදාගත්ත මතකයි

      Delete
  4. දැන් ඉස්සෙල්ලම බලන්නෙ ලින්ක් එකක් තියනවද නැද්ද කියලා...

    ඔය කියන තුමා බ්ලොග් එහෙමත් බ්ලනවද දන්නෑ...!

    ReplyDelete
    Replies
    1. මං නං හිතන්නැ පොර බලනවයි කියලා... එහෙනං මෙලහට බුකියේ තියන ඒවා බලල වහබොනවා

      Delete
  5. කෝ බන් ස්කූබි.....?

    ReplyDelete
    Replies
    1. ඒකට කවුද එකෙක් කඩප්පුලි කමෙන්ට් එකක් දාලා ඒක අයින් කරලා අටංතුමා

      Delete
    2. ඔහොම කඩප්පුලිද බං මට හම්බුනේ

      Delete
  6. එතකොට ස්කුබී කවුද හිටන්

    ReplyDelete
    Replies
    1. චමින්දගේ හිටපු බොඩිගාඩ්

      Delete
  7. ග්‍රාමසේවක වෙලාම හිටියනං කාටහරි සමෘධියක් බෙදාගෙන පොර වගේ ඉන්න තිබ්බා, දැන් පත්තර බලන්නත් එපැයි

    ReplyDelete
    Replies
    1. මොකෝ කාලෙකින් මට වාගේ වැඩ නැද්ද

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • මට හෙන බුදි මතයි
    තාත්ත අපේ කට්ට කාල අරන්දුන්න මට බයිසිකලේ තෝ කෑවා මතකද පෙර දින එපා කියද්දි නැගල ඒදණ්ඩක් උඩ කෙලෙව්ව හැටි මතකද තොට පෙරදා බෝ දුර බයිසිකලේ…
  • ඉලන්දාරිකම
    හන්දියට ඇවිත් විටක් එහෙම අරං කඩේ අයියත් එක්ක කයියක් ගහගහ හපන්ඩ ගත්තා , එතන තියනවා සැලුන් එකක් , ඔතනට පොඩි එකාව කොන්ඩෙ කපන්ඩ දාල මම දන්න…
  • උඹ වෙලාවට නාව නං
      ඒ කාලේ අපි හිටියේ බන්ධනාගාර නිලනිවාසයක , ගෙදර හිටියේ මමයි මල්ලියි චුටි අක්කයි තාත්තයි අම්මයි , තාත්ත ඉන්නවා කියුවට ඉතින් ගෙදර ඇත්තෙම නැ ,…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  • Jaba and Julbuli my Lovely  dog pets / smarty dogs / Funny dogs / Lovely...
  • බාස්ලා.... හොරුද ......
    මේක ලියන එකත් වැඩක් නැති වැඩක්ද මන්දා , වෙච්ච දවසෙම ලියනවා කියලා හිතාගන පීන්තූර කෑලි ටික ෆොන් එකට ඔබා ගත්තාට මොකද   ''මේ වෙලාවේ හිනා…
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  •  තාත්තයි පුතයි ( වීඩියෝ  සෙන්ටර් කතා )
    මේක මට මතක් උනේ  මයිනගේ තාත්තටම වෑන්ඩෑම් ලව්කරන හැටි පෙන්වපු  කතාව කියෙව්වහම , ඉස්සර මං වැඩට ගිහින් එන ගමං යාලුවෙකුගේ  වීඩියෝ…
  • ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල්
    ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් ... පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල…
1,646,375

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>