2018-06-22

මටත් වචන පැටලෙනවනෙ අනේ

අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත්
බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ

ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ

තාත්ත කියනවා දහයට නිදාගන්නවලු
දුව කියනවා නිදාගන්නෙත් නැලු

සල්ලි ඇරන්ලු ... නෑ එහෙම නෑලු
අදුරන්නෙත්  නෑලු  ... චෙක් මාරු කරලලු

අල්ලන් එන්ඩ බෑලු
ගේවල් මාරු කරලලු
හොද ගෙවල් හොය හොය හිටියලු
හොද එකක් හම්බුනහම මාරු කරනවලු
ඒත් යාලුවෙක් නෙවෙයිලු

දරුණුම තස්තවාදි තනියම පරාජය කරාලු
අලි දෙන්නෙක්  ගෑන තීරනයක් ගන්ඩ බෑලු
ලෝක උරුමයෙන්  අයින් කරනවලු


වදුරන්ට කන්ඩ දෙන්ඩ හොද නෑලු
ගස් නැගල කොස් කඩනවලු

ගෙවල් ඇව්ත්  වාහන වල හැප්පෙනවලු
වොඩ්ක කියුවට බෝතල් වල තියෙන්නේ වතුරලු

ඉතින් හද්දෙයියනේ

දේවෝ වස්සතු කාලේනද
අහේතු කාලේන කජ්ජේන පුහුලන්ද

මාත් වතුර බෝතල් බාගයක් ගෙනත් බිව්වා
මටත් වචන පැටලෙනවනෙ අනේ

ඒ අස්සේ දිවියෙකුත් මරලා
වගකිව යුත්තෝ ඉන්නකොටම

ඉතින් ඔය තියෙන්නේ

ඒකනේ  බං ක්‍රමේ


9 comments:

  1. අපේ කාලේ නං එහෙම වුනේ නෑ අපෙ හාමුදුරුවනේ

    ReplyDelete
  2. අනේ මේ! ඔයා නිකං රට පටලන්නැතුව ඉන්න අනේ.

    ReplyDelete
  3. වචන ටැපලුනාට කමක්නෑ මැසිමෙ නූල් ටපලගන්න එපා. හැක්..

    ReplyDelete
  4. මේ රටේ ඉන්න කාලකණ්නින්ට මක් මේගන එනව ද මංදා!! දැක්කද කොටියව මරපු විධිහ... ? මැරිච්ච සතාටත් ගහනවා... ශිහ්..! යකෝ හයිනලත් හොඳයි ඊට වැඩිය..

    ReplyDelete
  5. ඕව කතා කරලා වැඩක් නෑ අනේ... අර දැන් සමහරක් ඉන්නේ රටේ මොනවද වෙන්නෙ දන්නෙ නෑ වගේ ... වෙන රටක ඉන්නවා වගේ ඔය ඉන්නේ කවියක් කියාගෙන... අන්න එහෙම ඉන්නයි තියෙන්නේ... දන්නවානේද අර අමර බන්දු රූපසිංහ කවිය...

    ReplyDelete
  6. හරි හරි පෙන් ඔන්වැන නොකිව්වැයි කියන්නෙපා වැරදිලාවත් ඔය ඹයිල් වෙන මැසිමකට දාන්න එපා හරිය....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  7. මමත් මේ දවස්වල වතුර බාගයක් ගෙනත් තියෙනවා රෑට ඇඳ ලඟ. හදිසියෙන්වත් වොඩ්කා උනොත් දෙයියනේ.

    ReplyDelete
  8. මේවට හිනා වෙන්නද අඩන්නද මන්ද හිටන්

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Stitching and Pattern making In easy and simple steps,- Part 4
  • ලල්ලයි පූසී පැටියයි
    ඔන්න ඉතින් ලල්ලා අර අපේ තාත්තගේ ජොකාට වැඩේ දුන්න දවස්වලම කොරපු හපන්කොමක්  තමයි මේකත්, අපේ ආතා රස්සාව කරලා තියෙන්නේ රජයේ වැඩ…
  • how to assemble juki High Speed Lockstitch Sewing Machines  ජුකී මෙෂිමක් සවිකරගන්නා ආකාරය
    ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා ,…
  • juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න  බැරිද
    juki සහ zoje මෙෂින්වල වේගය අඩු කරන්න  බැරිදපලමුවෙන්ම  අහන්න තියෙන්නේ  ඇයි එහෙම කරන්න උත්සාහ කරන්නේ , හයිස්ෆීඩ් මෙෂින්  එකක් …
  • මට මොකටද කාගෙවත් ජංගී
    ලල්ලා කියන්නේ අපේ අම්මගේ චුටී මල්ලී. එ දෙන්නා අතරේ අවුරුදු 20ක විතර පරතරයක් තියනවා.උත්සහවන්ත අහිංසක මනුස්සයා. හරිම හොදයි. එයාට වයස 4ක් විතර කාලයේ…
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්
    අක්කේ     අක්කේ ඒ ... ඉන්නවදෝ ...... ‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘ ඉන්නවෝ ....මේ එනවෝ .... ‘‘ ආ…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  •  චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
     
  • අපි නොදන්න බාර් කතා
    ඔන්න  මම මේ ලගදී දවසක ගියා  බාර් එකට ... ඉතින් ඔය ගෙදරට ගෙනත් ගෑණු දරුවෝ එක්ක කයියක් ගහගන අනුමත වෙන එකත් දිගටම කරන්ඩ ගියහම …
  • How to put a Singer 974 shuttle
  • මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා
    මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවාමේක  මං  පොඩි   කාලේ  උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස  දාසයක්  විතර කාලේ වයස …
  • ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද.
    ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම…
  • ෆොටෝ එකකිං මක් කරන්ඩද
    "තාත්ති කොහෙද යන්නේ "  " ටවුමට මම ඉක්මනට එන්නංකෝ "  " මමත් එන්ඩද "  " මම ඉක්මනට එන්නං "  " අපිට තනියි "  "…
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • How to write a Sinhala blog  ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
    හයවෙනි කොටස මෙතැනින් ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න ඊට පස්සේ ටෙම්පලේට් ඊටපස්සේ කස්ටර්මයිස් ඊටපස්සේ…
  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
  • සම හරක්  පිස්සො
    සමහරක්  පිස්සො ඉන්නවා උන්ට පිස්සු කියල උන් දන්නවා තනියම ගිහිං බෙහෙත් ගන්නව තව සමහරක්  පිස්සො ඉන්නවා  උන්ට පිස්සු කියල උන්…
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ
    මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන…
1,645,748

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>