ඒ ඉස්කෝලේ නිවාඩු කාලයක් .... ලොකු අක්කා ටල්අම්මලැ ගෙදර ඉදන් අපේ ගෙදර ඇවිත් කොහොමත් එයා එන්නේ එහෙම කාලයට විතරයි .... ඒ ආවත් නිවාඩුව ඉවර වෙනකං ඉන්නෙත් නැ ඉක්මනට යනවා ...... පොඩි කාලේ අපි එක්ක හිටියට කොහොමටත් එයා ඉස්කෝලේ යන්ඩ ගත්ත දා ඉන්නම ටල්අම්මලැ ගෙදර තමා .... එහේ ඉතින් එයාට ගෙදරට වැඩිය සැලකිලි ... රජ සැලකිලි කියුවොත් හරි ..ආතට ඇරුනහම ටල් අම්මගේ ( අපෙ අම්මගේ අම්මා ) ඉදන් ඔක්කොටම සත්තම දාගන තමයි හිටියේ .... පවුලේ හැමෝගෙම දරුවන්ගේ වැඩිමලා හින්දා හැමෝගෙන්ම ලැබුන ආදරේ යූස්කලා කියලයි මට හිතෙන්නේ ........ එහෙම උනත් ඒකී ඒ කාලෙත් ප්‍රතිපත්ති ගරුක ඩයල් එක , ආයේ ඉතින් හරියි කියල හිතෙන දේ හරිම තමා .... ඒ ඒ වෙලාවට සුදුසු විදිහට ගේම ගහන්ඩ ඉගන ගත්තා තනියම .... අපේ ගෙදර හිටියේ හරිම අඩුවෙන් ....... ඒ උනාට චූටි අක්කට වඩා මට දැනෙන්නේ ඒකිව ........ ඒකි ලග තිබුන මනුස්සකං අරකි ලග නැ ..... ඔය චූටී අක්කා මං ලියන ඒවා කියවනවා කියල මං දන්නවා ............ ඉතින් මට පාන්ද ........... ඔව් ඔව් උඹට තමා කියන්නේ ......අරකිගේ මයිලක් වටින්නැ තෝ ............ ඇයි මම මෙහෙම කියුවා කියල මං ආවහම .. උඹ මට ලුණු දාල තේ හදලා දෙන්ඩද.
ගහප් බෙල්ල ගැලවෙන්ඩ
උඹ කියන්නේ චූටි අක්කේ .... ආ සමහර විට තමුසේ මේක දන්නව ඇති ......... ඒ දවස් වල මං ඉස්කොලේ යන්ඩ ටල් අම්මලැ ගෙදර ... තමුසේ අනුරාධපුරේ අපේ ගෙදර ... සාවස්තිපුර තිස්සෙට යනවා ......... තාත්ත වැඩියෙන් ආදරේ මල්ලිටයි ඔයාටයි හන්දා ලග තියාගන අපිව රුවන්නැලි දැක්කුවනේ... ඒකත් මරු වැඩේ කියන්නේ........... හරිනං එයා අපිව දක්කන්ඩ ඕන තල්දුවේ .... එයාගේ මහ ගෙදර ... ඒත් දැක්කුවේ අම්මගේ මහගෙදර .............. අපි දෙන්නා එහේ ඉතින් .... මාව ඉස්කෝලෙට දාන්ඩ ටල්අම්මා නං ආව බවක් මතක නැ ............ අනේ ඉතින් සුදුමාම තමයි ගොඩක් වෙලාවට ගෙනත් දාන්නේ .. එහෙම නැත්තං චූටි පුංචි ........... එහෙමත් නැත්තං බටංගල ටෙක් ගියේ නැත්තං චූටී මාමා ....... දවල්ට එක්කං යන්ඩ එන්නේ .. ගොඩක් වෙලාවට ආතා .......... ඒ වෙනකොටත් ආතා පැන්ෂන්කාරයනේ ... සමහර දවසට ... ආතා ඉස්කෝලේ ගාව ඉන්නේ සිමෙන්ති බැග් එකක් ඇරං .. ඒක අස්සේ තියනවා හබරල කොලේ ඔතපු හරක්මස් පාර්සලේ
සමහරක් දාට මම ඉස්කෝලේ යන්නේ ලොකු අක්කත් එක්ක එහෙම දාක මාව ඉස්කෝලෙට දාල ඒකී සෙන්ටල් එකට යන්ඩ හදනකොට මම ඇඩුවා ඇඩිල්ලක් .... පස්සේ කවුද නැන්ද කෙනෙක් ( රුවන්වැල්ලේ හිටියේ නැන්දල මාමල , අනුරාධපුරෙත් එහෙමයි , වතුපිටිවලට , මහරට ආවහම හිටියේ ඇන්ටිල අංකල්ලා ) ... මට රුපියල් දෙකක්ම දුන්නා කියහංකෝ .... මං ඒකෙන් පන්තියේ කෙල්ලන්ට සීනී බෝල ඇරං දුන්නා.
ඔහොම ටික කාලයක් ගිහින් ආයේ මාව අනුරාධපුරේ දැම්මනේ චූටි අක්කා එක්ක තිස්සෙට යන්ඩ ..එහෙනුත් ඇවිත් ...අපි වතුපිටිවල ඉදලා චුටි අක්කව සංඝබෝදියටයි මාව යටියන කනිස්ටෙටයි දැම්මා ... පස්සේ මහරට ආවහම ..චූටි අක්කා මහමාය එකට දාල මාව නැලිගම කනිස්ටෙට .... මං ගොනා කියල තීරනේ කරේ කොහොමද දන්නැ අපේ මහ ඩබල ... එහෙම මූණ බලුවහම හරකෙක් කියලා දැනුනනං අහවල් එකට ඉස්කෝලේ දැම්මද .... මූණ බලලා දාන්ඩ තිබ්බේ ගැරිජ් එකක වැඩ පුරුදු වෙන්ඩ.
( සමහර විට ඇති දැඩිකල ඩැඩීත් මේක දකි )
ඔන්න ඔය කාලේ දවසක ලොකු අක්කා අපේ ගෙදර ඇවිත් ... ජෙලි හදන්ඩයි යන්නේ .... අපිට අයිස් පෙට්ටියක් නැ ... පාට තුනකින්ද කොහෙද පැකට් ගෙනත් .... එව්වා හදන්නේ මුහුදු ශාක වලින් කියලත් කියුවා .... අල්ලපු ගෙදර සේනක ඇන්ටිගේ අයිස් පෙට්ටියට දාල මුදවලා දෙනවද කියලත් කලින්ම අහලා තිබුනේ.
දැං ඔන්න ලොකු අක්කා කුස්සියේ හීටරේ ලොකු භාජනයකට ගහලා ... මම ඉස්සරහා කෑල්ලේ ඉන්නවා , ඔය අස්සේ අපේ චූටි අක්කා මට මොකක්හරි අලුගුත්තේරු කමක් කරලා ...මං පයිං එකක් කෙලලා ඇරියා .. වැදුනේ යටි බඩට ... මේකි නැති අමාරු කමක් ඇරං බෙරිහං දීගන ඇදගන වැටුනා ... අපේ මව් යානේ මගේ කර අඹන්ඩ වාගේ සෙට් වෙලා මගේ ඇගට කඩා පයිනකොට පිටි පස්සෙං දුහලා කොහේ හරි යන්ඩ ... කියලා මං කුස්සිය පැත්තට දිහුවා ... ලොකු අක්කා අර ජෙලි හදන්ඩ ගහපු වතුර එක ඉස්සරහට කරලා අල්ලගන ගෙයින් පිට උසකින් තිබුන කුස්සියෙන් එලියට බහිනවා .... ඒ උසින්ම තිබුන ගෙදර පිටි පස්ස දොරෙන් මම එලියට පයිනවා මම අඩිය තියන්නේ අඩියක් විතර පාතින් තියන සිමෙන්ති පොලවට ... දොරවල් දෙක අතරේ පරතරය අඩි තුනක් නැ
ලොකු අක්කා තොලකට හපාගන එක අතකින් ඉස්සරහට දික්කරන් එන ලිටර් තුනක් හතරක් විතර තඩි මහර බාල්දි පාටියේ තලාපු ඇල්මේනියං ජොග්ගුවටම තමයි මම පැන්නේ ... ලොකු අක්කා ආරක්සාව සහ පරිස්සම ගැන හිතලා අතත් වැහෙන්ඩ රෙද්ද දාගන හිටපු හන්දා ( එහෙම තමයි එයා කියනවා ඇහුනේ ) හරි මොකක්හරි හන්දා ඒකිට මොකවත්ම නොවී අර නටන වතුර ජොග්ගුවම මගේ වැඩිපුර වම් පැත්තට බර වෙන්ඩ ... බෙල්ලෙං පල්ලෙහා ... චූ කුරුල්ලා එක්කම තේමාගන වැටුනා ..... කෑ ගහගන උඩ පයිනවත් එක්කම .... මට මතක් උනේ විදුසරේ හෝ විජය පත්තරේ තිබුන ලිපියක් ........... මම දිහුවා අපේ වතුර පුරවාගන්න ටැංකිය ලගට .... වේදනාව ඉවසගන නාගන නාගන ගියා ... කලිසමත් ගලවලා දාගන ..... මට මතක හැටියට ඔය පත්තරවලට ඒ කාලේ චානුක වත්තේගමයි .... නාලක ගුනවර්ධනයි දෙන්නත් ලියුවා .... පස්සේ ඉතින් ඔය නාන වැඩේ ලොකු අක්කා අනුමත කරා ... නැත්තං අපේ අම්මයි අහල පහල ගෑණුයි අනං මනං උළලා වැඩේ වන කරනවා ....
පස්සේ දැං මට හරි වේදනාවයි ...ලොකු අක්කා අලුත් රෙදි දාල මාව ඇදේ දැම්මා ... අම්මද කොහෙද ගිහින් ෂර්ලි අංකල්ව එක්කං ආවා .... එයා මේල් නර්ස් කෙනෙක් ... මංගලගෙයි .... ආසිරිගෙයි .... තාත්ත ........... උන්ගේ අම්මා නං මෙලෝ රහක් නැ .... ඒකට ෂර්ලී අංකල් ........ ඔව් බං ඔව් මේල් නර්ස් කෙනෙක් උනාට පොන්සියෙක් නෙමෙයි... ..එයා මට බෙහෙත් කලා ... බෙල්ලේ ඉදං ඉනෙන් පහලට යනකං හම ගියා .... රෝස පාට උනා .... හැබැයි අදටත් එක කැළලක් නැ ... ඒ පින ෂර්ලී අංකල්ට ........ පස්සේ එයාම තමා කියුවේ .... අපේ තාත්තට ... රත්නේ ගං කුකුලෙක් ගෙනත් හම ගහලා ගෙදර හදලා .. ගාපං කුකුල් තෙල් කියලා .............. ඒකෙන් තමයි කැළල් මැකුනේ
අපේ අම්මා ඒ වැඩේ කලේ මෙහෙමයි , ෂර්ලි අංකල් කියුව විදිහට මේක තමයි හරි ක්‍රමය
ගං කුකුල් හම හොදට හෝදලා අැල්මේනියං තැටියක අලවනවා , ඊට පස්සේ තද අව්වේ තියනවා ... ඒවා වේලෙනකොට ඇල කරපු කෙක් හරි රබර් රොටි හරි තැටිය දිගේ පාත පැත්තට බහිනවා පිරිසිදු කුකුල් තෙල් ...කකාරලා ගන්න එව්වායේ නියම ගුණය නෑලු
ඔහොම මං ඇදේ දපලා ඉන්නකොට අපේ චූටි අක්කා ඇවිත් මට කියනවා
‘‘ තොට හොද වැඩේ මට ගැහුවට තමයි ඔය දිට්ඨ ධම්ම වේදනීයම පල දුන්නේ කියලා ‘‘
ඔය ඔස්සේ මං හිතුවා හැබෑටම තමන්ගේ සහෝදරියට පය උස්සපු නිසාද මේක උනේ කියල , එතකොට තමයි ... මේ අතීත කතාව මට මතක් උනේ. ඒකත් ටල් අම්මලැ ගෙදරට සම්බන්දයි.
එහේ තිබුනා මේස අල්මාරියක් ... තාමත් ඇති මයේ හිතේ දැං අවුරුද්දකට විතර කලිනුත් ආතගේ මල ගෙදර ගියාට මට මතක නැ ඒක තියද කියලා , ඒක කලුවර ලී වලින් හදපු එකක්ද කොහෙද.... නැත්තං කුනු සහ දුං වැදිලා කලු වෙලා ඇති... පට්ට පරණ එකක්
ඒ ගෙදර හැමෝම පොත් පත් කියවනවා .... ආතා පවා ඔය පිරිත් පොත් මන්තර පොත් වලට හෙන ලැදියි ... ටල් අම්මානං කියවන බවක් මතක නැ ... අනිත් හැමෝම රුවන්වැල්ල පුස්ථකාලය පාවිච්චි කරන ඩයල්.
කළු මාමගේ රස්සාව නිසා ඒ ගෙදරට ඕන තරං රෙස් කොල ලැබුනා ... ඒ නිසා වෙන පත්තරයක් උනත් මොකවත් ඔතන්ඩ නොගෙන ඔය මේස අල්මාරියේ තමයි නතර වෙන්නේ .. පුස්තකාලයෙන් ගේන පොත් හැර වෙන ගෙදරට එන ඕන දෙයක් ඕක අස්සේ ... එහේ ඉන්න කාලේ මට අල්ලලා යන එකක් ලැබුනත් ඒක අස්සට ... ලොකු අක්කගේ සමුදුර පත්තරත් ඕක අස්සට දානවා ...
ඉතින් එහේ ඉස්කෝලේ යන එක නවත්තලා අපේ ගෙදර ඉදං ඉස්කෝලේ යන කාලෙක නිවාඩුවට එහේ ගිහින් වෙච්ච සීන් එකක් මට දිට්ඨ ධම්ම වේදනීයම පල දුන්නද කියලා හිතුනා චූටී අක්කාගේ කතාවෙන්.
ඒක මෙහෙමයි .... දැං ඔය නිවාඩු කාලේ ගමේ ගියහම .. මට ඔය ගහේ කොලේ ඇලේ දොලේ වැඩක් නැත්තං ..... කියවපු නැති පොතක් ගෙදර ඉන්න අය ගෙනත් අතට අහුවෙන තැනක නැත්තං .. මං අදින්නේ ඔය මේස අල්මාරිය ... ඒක අස්සේ තියනවා ..... ..පරණ සෝවියට් දේශය ..සගරා හිටං .... ඔහොම මම දවසක් ඇද්දා .... කලින් පාරක මම දාල ගිය මොකක්හරි තියනවද බලන්ඩ.
‘‘ ටල්අම්මේ මේ මේක අස්සට මීයෝ රිංගලා ඔක්කොම කාල ‘‘
‘‘ උඹ මොකටද ඔවවා අදින්නේ ..මාමලගේ පුංචිලගේ පොත් ඔය තියෙන්නෙ‘‘
‘‘ කාගෙ උනත් වෙන්ඩ ඕන හරිය වෙලා මේ ‘‘
‘‘ඕක වහලා තියහං ... අදින්ඩ එපා ... උඹ ඔවා කාබාසීනියාකරලා දැම්මහම මට කනක් ඇහෙන්ඩ නැ ‘‘
‘‘ මේ නැගිටල බලන්ඩ පැටව් හිටං දාල ‘‘
ඔන්න ඉතින් හිරමනේ උඩ ඉදන් කඩ කඩා උන්න කැරංකොකුද කොහෙද පැත්තකට දාපු ටල් අම්මා නැගිටලා ඇවිත් අර මේස අල්මාරිය සුද්ද කරන්ඩ ගත්තා .......... කාල දාපු පොත් ටික වෙනමම බිමට දාල හොද ටික මගෙත් උදව්වෙං දුවිලි පිහදාල සුද්ද කරපු අල්මාරිය අස්සේ පිලිවලට අඩුක් කරලා ... රෙදි පාං කඩයක් එක්ක කොහොල්ලැ ගුලියක් ගුලි කරලා ... මීයෝ කාපාගන ආපු අල්මාරියේ පිටි පස්සේ ලෑල්ලේ හිලට හිරකරලා .... ඔන්න ඔය ටික ගෙනිහිං අගල පල්ලෙහාට විසිකරහං කියුවා.
දැං අර විනාස කරපු කඩදාසි ගොඩේ රෝස පාට මී පැටව් පස් දෙනෙකුත් ඉන්නවා .......... කාල තියන පොත් පත්තර අතරේ මගේ ඒවත් තියනවා ......... තව මං කැමති ඒවත් තියනවා ......... වෙන විශේෂ උපදෙසක් මට ලැබුනෙත් නැ .............
මම ඔය ටික ඇරගන එන ගමං ....... ගිනි පෙට්ටියත් ඇරං ඇවිත් කුනු විසිකරන අගල ගාවින් තියලා ඒකට ගිනි තිබ්බා .......... ටික වෙලාවකින් චීස් පීස් ගාල මී පැටව් පිච්චුනා ... චුට්ටක් විතර ඉදිමිලා ... චුට්ටක් විතර දුඹුරු පාට උනා ... මං ඉදල ගෙනත් ඒ ඉතුරු උන සුන් බුන් ටික අගල පල්ලෙහාට තල්ලු කරලා දැම්මා.
මීය පිච්චුනා එහෙනම්..... ??
ReplyDeleteනැ වස්තු පිච්චුනාට හම ගියේ නැ
Deleteඒ කියන්නෙ උඹ මැසිං බි** වෙන්න කලින් ජෙලි බි** !
ReplyDeleteඔව් මචං ...ආසද
Deleteඇත්තද මේ කියන්නේ?
ReplyDeleteමම බ්ලොග් එකට බොරු ලියන්නේ නැ ..කවදාවත්
Deleteඋඹ ආපහු ලියපු එක කොච්චර හොඳද ? ඔය තියෙන්නේ කතා බං. උවමනා කරන්නේ හිත ටිකක් නිදහස් වෙන එක විතරයි.
ReplyDeleteඑහෙම නිදහසක්නං නැ බං ඔහේ ලියුවා
Deleteමදැයි වෙලා තියෙන සංගෙඩිය. කොච්චර හොඳයි ද ලස්සන ලමා කාලෙ ගැන ලිව්ව එක.
ReplyDeleteඔහේව දැක්කෙත් කාලෙකිං .......... සන්තෝසයි...........ස්තුතියි
Deleteඇරියස් කතාවක් කියල නම තිබ්බනං හරි. ඈ බං එතකොට මේල් නේස් ල ඔක්කොම පොන්සියො ද?
ReplyDelete//ඇරියස් කතාවක් කියල නම තිබ්බනං හරි//
Deleteආයේ මොනවහරි ලියුවහම එවන්නං නමක් දාල එවහං අයියේ
//ඈ බං එතකොට මේල් නේස් ල ඔක්කොම පොන්සියො ද//
පිස්සුද අනේ එහෙම නැ .... ඔය ෂර්ලි අංකල් වාගේ පිරිමිත් ඉන්නවා
ඒ උනාට මම නං කියන්නේ ... හැම රස්සාවටම ගෑණු පිරිම දෙගොල්ලොම ගන්න එකේ මිඩ්වයිෆ් කමටත් පිරිමි ගන්ඩ ඕන
ඕන්න කාලෙකට පස්සෙ මගේ බ්ලොග් අතීතය මතක් උනා. මම බ්ලොග් කියවන්ඩ පටන් ගත්තු කාලේ මොකාක් හරි හේතුවකට මම දැනං හිටියේ සිරාගෙ කාමරේ ගැනයි මේ අද වගේ ලස්සන කතා තිබ්බ අටංපහිය ගැන විතරයි කියල.
ReplyDeleteමට එහෙම අගයක් හැමදාම දුන්නට සන්තෝසයි ... ආදරෙයි පැලෙන්ඩ
Deleteහෝව් හෝව් හෝව් උඹට මතක හිට්ටේ පහුරද ..පහියද
Deleteඔය තියෙන්නෙ අගේට කතාව. මතක තියාගනිං උඹ මී පැටවු පස්දෙනෙක් පිච්චුවයි කියල. හැක්..
ReplyDeleteමාත් මේ කියන්දෝ නොකියන්දෝ කියල හිත හිතා හිටියෙ...අර ඇරියස් හතර තියනවනේ. සොබා දහමෙන් හම්බෙන්ඩ ඉස්සර තමුම්ම කරගත්තොත් ලේසියි නේ...ඔන්න අහිතක් හෙම හිතනවා නෙවෙයි
Delete@ කොනදෙමලා
Deleteඅඩේ අයියේ චුති චිත්තෙට මේක පහල උනොත් අම්මට හැමන්ස් නේද
@කට්ටකාඩුවේ ලොකු මල්ලි අයියා
Delete//මාත් මේ කියන්දෝ නොකියන්දෝ කියල හිත හිතා හිටියෙ...අර ඇරියස් හතර තියනවනේ. සොබා දහමෙන් හම්බෙන්ඩ ඉස්සර තමුම්ම කරගත්තොත් ලේසියි නේ..//
මොකක් හරි වැදගත් කතාවක් වාගෙයි .... පැහිදිලි පොජ්ජ මන්දෝ උනා මදි .... එක්ස්ප්ලේන් ජොජ්ජක් මන්දෝ කරත හැක්ද මා දෙයියට ...අහිතක් ගන්ඩ කාරි නැ
අයියෝ බිජ'ජ
ReplyDeleteහොදට තියනවා මේ .... වයිබර් වරෙන් පෙන්වන්ඩ
Deleteහොඳ වෙලාවට ෆී මේල් නර්ස් කෙනෙක් බේත් කලේ නැත්තේ. ආයේ පිච්චුනා කියලා සංවේදීතාවේ අඩුවක් තියෙන එකක් නෑ ඒ වෙලාවට
ReplyDeleteෆී මේල් නර්ස්ල හෙන වසයි බං ... මේල් නර්ස්ල බහුතරය හරි ආදරනීයයි.........
Deleteදැක්කනෙ උඹලෑ මහ ඩබල උඹව ඉස්කෝලෙ යවපු එකෙ වටිනාකම...විදුසර කියව ගත්තෙ ඒකෙන්නේ...
ReplyDeleteඔය මංගලලා දැන් ඉන්නේ දඬුගම පැත්තෙද?
ඉස්සර තිබුනා තමා සැන්විච් පාන් කියලා හතරැස් පාන් වගයක් අච්චු පාන් සහ තැටි පාන් වලට අමතරව...දැන්ඒවා දකින්න නෑ...
මොකද නැත්තේ සෙන්නා. තියෙනවා. සුපර්මාර්කට් වල ඕනෑතරම්.
Deleteසුදීක ඔය කියන්නෙ පෙති කපලා තියන සැන්විජ් පාන් වෙන්න ඕනා... මම කියන්නේ අච්චු පාන් ගෙඩිය වගේ හැබැයි ඊට වඩා හතරැස් පාන් වගයක්...මමනම් ළගකදි දැක්කෙ නෑ ඒවා...
Deleteඔව්. සෙන්නා පෙති කපලා තියෙන්නේ ඒකම තමයි. අවශ්‍යනම් කීල්ස් එකෙන් පෙති නොකපා ඉල්ලා ගන්න පුළුවන්.
Deleteඅන්න මචං නියම හෝඩුවාවක්
Deleteඔය මංගලයා ගහ බැනගන හරි පොඩි කාලේ මා එක්කම හිටිය එකා හෙන උස දන්ඩා ... මම නං කවදාවත් නොකියුවට උෟට හැම එකාම කියුවේ පූට්ටුවා කියලා ... උස හින්දම දනිස් එකට වදිනවා ........ හොද කොල්ලා ........... මල්ලි ආසිරි ....... උන්ගේ අම්මා ... මහ වස නපුරු ඉස්කෝල ගුරියක් . තාත්තා බන්දනාගාර දෙපාර්තමේන්තුවේ මේල් නර්ස් කෙනෙක් හොද මහත්තයෙක් ......... මට මතක කාලේ අසනීපයෙන් හිටියා .............. දැන් කොහොමද දන්නේ නැ ..........ඔයා කියන්නේ මෙයාල ගැන නං ...... මංගලට මගේ නම්බර් එක දෙන්න
//ඉස්සර තිබුනා තමා සැන්විච් පාන් කියලා හතරැස් පාන් වගයක් අච්චු පාන් සහ තැටි පාන් වලට අමතරව...දැන්ඒවා දකින්න නෑ...//
Deleteහරියට හරි මචං ඔය මගුල දැම්මෙත් හැඩය වෙනස් අච්චුවක .. වෙනමම මෝලියක් ඒකට දැම්මා
//ඔව්. සෙන්නා පෙති කපලා තියෙන්නේ ඒකම තමයි. අවශ්‍යනම් කීල්ස් එකෙන් පෙති නොකපා ඉල්ලා ගන්න පුළුවන්.//
Deleteඒ මංගල්ලේ නෙමෙයි රත්තරනේ .... සෙන්නා සහ මම කියන එක වෙනස් .. බොඩය අච්චු පාං තරං පිපිලා නැ ... තැටි පාං වලට වඩා එයාබබල් තියනවා ... දැං ඔය තියන හතරස් පුඩු සිටි පාං වාගේ නෙමෙයි .... අපි කියන පාං ජාතියේ ඇපල් පොත්ත වාගේ සිනිදු මතු පිටක් තිබුනා ........... සෙන්නා මම හරිද
ඔය කියන පාං මෙහේ බේකරියෙ තියෙනව බං.
Deleteඅනේ කොල්ලෝ තැපෑලෙන් එකක් ඒවාහං
Deleteඅටමා බොලා හරි.මාත් කියන්නෙ ඒ පාන් තමා...
Deleteමම දන්න මංගල කෙනෙක් හිටියා බන් හිටියෙ දඩුගම. මට මතක විදිහට උන්ගෙ තාත්තත් මේල් නර්ස් කෙනෙක්. ඒකයි ඇහුවේ.. මම උබ කියපු විස්තර එක්ක හොයලා කියන්නම් මෙඑි ඌමද කියලා....
උඹ ඔව්ව විස්වාස කරන්නේ නෑ කියල දන්නව අපි...!
ReplyDeleteකෙසේ වෙතත් බ්ලොග් ගයිඩ් කමෙන් පිටතට ගොස් ස්වතන්ත්‍ර නිර්මානයක් කිරීම ගැන සතුටුයි ....😂
Deleteපොල් පිති අරං සත්තු පස්සේ එලෙව්වට මාත් ඔව්වා විස්වාස නොකරනවම නෙමෙයි ....... ඒත් ඉතින් ඒ වෙලාවට කරන්න ඕන හොදම දේ කරනවා
Delete//කෙසේ වෙතත් බ්ලොග් ගයිඩ් කමෙන් පිටතට ගොස් ස්වතන්ත්‍ර නිර්මානයක් කිරීම ගැන සතුටුයි//
Deleteස්වතන්ත්‍ර නිර්මානයක් කියන එක හරි නැ ..එතකොට මේක ගොතාපු කතාවක් වෙනවා ....... මේකේ අකුරක් ගානේ ඇත්ත බොසා .... අම්මප
සහතික ඇත්ත චෙෆා
Deleteමට ඔහොම එකක් උනා බං මෑතක.. හිතල නම් නෙවෙයි.. මං කාලයක් තනියෙන් නැවතිලා හිටපු මරදානේ ගෙදර ජනේලෙක මි කුඩුවක් හදල.. මියා මං දකිනකොට දුවනවා.. මට මළ.. දවසක් මම ඔය මි කූඩුවට ගිනි තිබ්බ.. ටිකකින් මස් පිච්චෙන ගඳයි චිස්චිස් සද්දෙයි එද්දී තමයි මට වැඩේ මීටර් උනේ.. දඩ බඩ ගාල වතුර ගහල නිවල දැම්මට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි මගේ හිතේ.. මම දිග ඇරලා බලන්නේ නැතුව ඔක්කොම අතු ගාල විසි කල්ල දැම්ම.. ඒත් සැහෙන කාලයක් යනකං කරෝල කෑල්ලක්වත් කන්න බැරුව හිටිය අර ගඳ මතක් වෙවී.. :/
ReplyDeleteමීය දුවන්ඩ ඇත්තෙ ඌට අතවරයක් වෙයි කියල බයේ වෙන්නැති. ඌත් ගෑනු පරානයක්නේ කොහොම උනත්...
Delete@ කල්‍යාණ මිත්‍ර අල්ල දාපං ... ඒක නොදැනනනේ කලේ ... අපි ඔයිට වැඩිය නරක දේවල් කරලා තියනවා . රස්සාව ඇතුලේ හිතපං ........
Delete@ කට්ටකාඩුවේ ලොකු මල්ලි
Deleteකල්‍යාණ මිත්‍ර ගේ ඒක එච්චර චූටිද
අම්මට හුඩු උබට ඕක පල දෙනවා... මීපැටව් පස් දෙනා
ReplyDeleteඅනිවා වෙන්ඩ එපැය මචං නැත්තං බුදුබණ බොරු වෙනවනෙ
Deleteපෝස්ට් එකක් දාලා කියලා දැක්ක ගමං පහළට රූටලා බැළුවේ අනුංගෙං උස්සපු එකක්ද කියලා. හිටාං පොඩ්ඩක් කියවලා එනකං.
ReplyDeleteයකෝ පණපිටිං කොහොමද බං එක හිතකිං පිච්චුවේ ඕකුංව? මතකනේ අර තෙල් කටාරමේ දාලා වෙච්ච වින්නැහිය.
Deleteඅනේ දිනුක හිතලා කරේ නැ ... මේසය උඩ තියන සිකරට් පැකට් එකයි ලයිටරයයි ඇරං සිකරට් එකක් පත්තු තරකවා වාගේ ...නිකම්ම උනා ... අනික මං පොඩි ලමයෙක් බං ..සමහරවිට සසර පුරුද්දක් වෙන්ඩ ඇති
DeleteKohomada bn sinhalen comment karanne?
ReplyDeleteOnce a week Wath mona hari liyanna mn blog kiyawanna patan gatte ATAMPAHUREN bt Dan godak aya liyanawa adui ethakota epa wenawa
කොල්ලනි වරෙව් අැවිත් කියවපියව් ටකබුං
ReplyDeletehttps://takabung.blogspot.com/
ටකබුං හොඳයි තමා. ඒත් අටම්පහුරත් මරුනේ!
ReplyDeleteටකුං බුකුන්ට කියන්ඩ ඔය ටෙම්පෙල්ට් %ත්ත හරියන්ෙන නැ කියල
Deleteඑලය...
ReplyDeleteඅටම් රැවන්වැල්ලේ කොයි හරියෙද හිටියේ?
ReplyDelete