ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් ... පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල බෝලයක් තිබ්බේ නැ .... ලොක්කගේ නෑදැයෙක් නිසා තමයි රස්සාවට ඇරං තිබුනේ ,
කොච්චර මොට්ට වැඩ කලත් හැමෝම හිනා වෙලා මොකවත් නොකියා හිටියා අහිංසක කමට ඉන්න හන්දා ...... අනිත් එක ඉතින් බයිට් එකට ගන්ඩත් පුලුවන්නේ .... විහිලු කරාට තරහවෙන්නෙ එහෙම නැ ... හරිම අහිංසකයි ....
කොච්චර දෝදුද කියනවනං ... මීටර් 400 ක් විතර ඈතින් තියන ගෙදර ඉදන් වැඩට එන්නේ ත්‍රීවිලර් එකකට දොරකඩින් අතදාල , හවසට ගෙදර යන්නෙත් එහෙමයි ....කවුරු හරි ඔය පොඩ්ඩ යන්ඩ ත්‍රීවිල් මොකටද ඇහුවහම දෙන්ඩ මරු උත්තරයකුත් තිබුනා
‘‘අම්මෝ මේ එන වාහන ගොඩ ..මං කොහොමද පාරෙන් එහා පැත්තට පයින්නේ ‘‘
ඔන්න දවසක් කට්ටිය සිකරට් ගහනවා රූප් ටොප් එකේ ... වෙනත් සහෝදර ආයතනයක දෙන්නෙකුත් ඇවිත් හිටියා ..උන් එකෙකුගේ ෆෝන් එක ඉල්ලගත්ත සමන්ත ..... ගත්තා අර කෙල්ලගේ ලෑන්ඩ් ෆෝන් එකට
‘‘ හෙලෝ මට සමන්තට කතා කරන්න පලුවන්ද ‘‘
‘‘ මිස්ටර් සමන්ත නං මේ වෙලාවේ ෂීට් එකේ නැ සර් ‘‘
‘‘ හරි කමක් නැ සමන්ත ආපුවහම ග්‍රෑහැම්බෙල්ට කෝල් එකක් දෙන්න කියන්නකෝ ‘‘
‘‘ හොදයි සර් ...සොරි සර් .... නම කියන්න ආයේ ‘‘
‘‘ මම ග්‍රෑහැම්බෙල් ... ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල් .... දන්නවා ඇතිනේ මාව ‘‘
‘‘ සොරි සර් ...අහලා තියනවා මතක නැ‘‘
‘‘ හරි ඒකට කමක් නැ ..සමන්තට කෝල් එකක් දෙන්න කියන්නකො ආපුවහම ‘‘
කියල මේක ෆෝන් එක තියල කට්ටිය එක්ක බක බක ගාල හිනා වෙලා එහෙම ... ටිකකින් පල්ලෙහාට බහිනවා ... ඉස්සරහින්ම සමන්තයා ... මොනහරි වැඩකට ආපු කිහිප දෙනෙක්මත් තමන්ගේ අවස්ථාව එනකං ඉදගන ඉන්නවා පිලිගැනීමේ නිලදාරිනිය ලග.
‘‘ කොහෙද සමන්ත අයියේ ඔයා යන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල් කියල කෙනෙක් කතා කලා .... එයාට කෝල් එකක් දෙන්ඩ කියුවා ඔයාට‘‘
:P
ReplyDeleteහුටා මලේ.රෝදේ ඇලේ කිව්වාලු....
ReplyDeleteතැලෙන යකඩ.. එකාතකින් පව් බං..
ReplyDeleteහපොයි..
ReplyDeleteබෙල්.. බෙල්... බෙල්....
ReplyDeleteඔය වගේ ඔෆිස් ෆන් නැති උනොත් ජොබ් එකත් එක්ක එපා වෙනවා....
ආතල් කෝටියයි. ඔයවගේ බයිට් වෙච්ච එකෙක් වෙන්ඩෑ ඔය ඇනෝ ඇවිත් ඉන්නේ.
ReplyDeleteSeat (සීට්) යන වචනය ෂීට් (sheet) කියා ශබ්ද කලානම් ඒ දැරිවිය English එතරම් බැරි කෙනෙක්.
ReplyDeleteඒ ඉතිං මේක ලියන එක්කෙනා ලියපු හැටිනේ.
Deleteකථාව මරු. මේක නියෙව්වහම මට අපේ පියාගේ වැඩක් මතකයට ආවා. ඔහු ඉස්සර වැඩකරද්දි කාර්යාලයට අලුතින්ම එන ආධුනික සෙබළුන්ට දුරකථනය අරං කියනවලු, මේකෙ ඩයල් ටෝං නෑ බන් , අරන් වරෙන් කියලා .ඉතිං ආධුනික සොල්දාදුවො හැම තැනම යනවලු ඩයල් ටෝං හොයන්න. ඉතිං කට්ටිය හිනා වෙවී එක එක තැං වලට යවනවළු. පැය භාගයකට විතර පස්සේ ආධුනික සොල්දාදුවන්ට දුරකථනය ගැන සම්පූර්ණ පාඩමක් කියලා දෙනවලු අමතක නොවෙන්න . මං මේ කියන්නේ ජංගම දුරකථන ඒමට පෙර සිද්ධියක් . නැත්තං දැන් ඉන්න අය දුරකථන කාපර්ලනෙ .
ReplyDeleteවිචාරක දියණිය
ඉතිහාසය, ප්‍රජාචාරය වගේ විෂයයන් දැන් ඉස්කෝලවලින් උගන්වන්නේ නැහැ නේද? වැඩි දෙනෙකුට ඉගෙන ගන්න ඕනෙත් නැහැනේ. ඉතිහාසය කන්නද?
ReplyDeleteහම්බෝ.... අපිටත් ඉන්නවා ඔය ජාතියේම මොඩ්ල් එකක්
ReplyDeleteවැඩේ මාට්ටු වෙලා කෙල්ලගෙන් ගුටිකාපු ටිකත් දැම්මනං තමයි මරු
ReplyDelete