2018-07-25

ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල්




ඔන්න ඉස්සර ටික කාලයක් මං වැඩකරපු ආයතනයක හිටියා පිලිගැනීමේ නිලදාරිනියක් ... පොත්ත රතුවට තිබීම සහ කඩ්ඩ පුලුවන් කම ඇරුනහම වෙන නං පුලුවං අල බෝලයක්  තිබ්බේ නැ .... ලොක්කගේ  නෑදැයෙක් නිසා තමයි රස්සාවට ඇරං තිබුනේ , 



කොච්චර මොට්ට වැඩ කලත් හැමෝම හිනා වෙලා මොකවත් නොකියා හිටියා අහිංසක කමට ඉන්න හන්දා ...... අනිත් එක ඉතින් බයිට් එකට ගන්ඩත් පුලුවන්නේ .... විහිලු කරාට තරහවෙන්නෙ එහෙම නැ ... හරිම අහිංසකයි ....



 කොච්චර දෝදුද කියනවනං ... මීටර් 400 ක් විතර ඈතින් තියන ගෙදර ඉදන් වැඩට එන්නේ ත්‍රීවිලර් එකකට දොරකඩින් අතදාල , හවසට ගෙදර යන්නෙත් එහෙමයි  ....කවුරු හරි ඔය පොඩ්ඩ යන්ඩ ත්‍රීවිල් මොකටද ඇහුවහම දෙන්ඩ මරු  උත්තරයකුත් තිබුනා







‘‘අම්මෝ මේ එන වාහන ගොඩ ..මං කොහොමද පාරෙන් එහා පැත්තට පයින්නේ ‘‘

ඔන්න දවසක් කට්ටිය සිකරට් ගහනවා රූප් ටොප් එකේ ... වෙනත් සහෝදර ආයතනයක දෙන්නෙකුත් ඇවිත් හිටියා ..උන් එකෙකුගේ ෆෝන්  එක ඉල්ලගත්ත සමන්ත ..... ගත්තා අර කෙල්ලගේ  ලෑන්ඩ් ෆෝන් එකට

‘‘ හෙලෝ  මට සමන්තට කතා කරන්න පලුවන්ද ‘‘

‘‘ මිස්ටර් සමන්ත නං මේ වෙලාවේ ෂීට් එකේ නැ සර් ‘‘

‘‘ හරි කමක්  නැ සමන්ත ආපුවහම ග්‍රෑහැම්බෙල්ට කෝල් එකක් දෙන්න කියන්නකෝ ‘‘


‘‘ හොදයි සර්  ...සොරි සර්  .... නම කියන්න ආයේ ‘‘

‘‘ මම ග්‍රෑහැම්බෙල් ... ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල් .... දන්නවා  ඇතිනේ මාව ‘‘


‘‘ සොරි සර් ...අහලා තියනවා මතක නැ‘‘

‘‘ හරි ඒකට කමක්  නැ ..සමන්තට කෝල් එකක් දෙන්න කියන්නකො ආපුවහම ‘‘

කියල මේක ෆෝන් එක තියල කට්ටිය එක්ක බක බක ගාල හිනා වෙලා එහෙම ... ටිකකින්  පල්ලෙහාට බහිනවා ... ඉස්සරහින්ම සමන්තයා  ... මොනහරි වැඩකට ආපු කිහිප දෙනෙක්මත්  තමන්ගේ අවස්ථාව එනකං ඉදගන ඉන්නවා පිලිගැනීමේ නිලදාරිනිය ලග.

‘‘ කොහෙද සමන්ත අයියේ  ඔයා යන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රෑහැම්බෙල් කියල කෙනෙක් කතා කලා .... එයාට කෝල් එකක් දෙන්ඩ කියුවා ඔයාට‘‘

12 comments:

  1. හුටා මලේ.රෝදේ ඇලේ කිව්වාලු....

    ReplyDelete
  2. තැලෙන යකඩ.. එකාතකින් පව් බං..

    ReplyDelete
  3. බෙල්.. බෙල්... බෙල්....
    ඔය වගේ ඔෆිස් ෆන් නැති උනොත් ජොබ් එකත් එක්ක එපා වෙනවා....

    ReplyDelete
  4. ආතල් කෝටියයි. ඔයවගේ බයිට් වෙච්ච එකෙක් වෙන්ඩෑ ඔය ඇනෝ ඇවිත් ඉන්නේ.

    ReplyDelete
  5. Seat (සීට්) යන වචනය ෂීට් (sheet) කියා ශබ්ද කලානම් ඒ දැරිවිය English එතරම් බැරි කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතිං මේක ලියන එක්කෙනා ලියපු හැටිනේ.

      Delete
  6. කථාව මරු. මේක නියෙව්වහම මට අපේ පියාගේ වැඩක් මතකයට ආවා. ඔහු ඉස්සර වැඩකරද්දි කාර්යාලයට අලුතින්ම එන ආධුනික සෙබළුන්ට දුරකථනය අරං කියනවලු, මේකෙ ඩයල් ටෝං නෑ බන් , අරන් වරෙන් කියලා .ඉතිං ආධුනික සොල්දාදුවො හැම තැනම යනවලු ඩයල් ටෝං හොයන්න. ඉතිං කට්ටිය හිනා වෙවී එක එක තැං වලට යවනවළු. පැය භාගයකට විතර පස්සේ ආධුනික සොල්දාදුවන්ට දුරකථනය ගැන සම්පූර්ණ පාඩමක් කියලා දෙනවලු අමතක නොවෙන්න . මං මේ කියන්නේ ජංගම දුරකථන ඒමට පෙර සිද්ධියක් . නැත්තං දැන් ඉන්න අය දුරකථන කාපර්ලනෙ .
    විචාරක දියණිය

    ReplyDelete
  7. ඉතිහාසය, ප්‍රජාචාරය වගේ විෂයයන් දැන් ඉස්කෝලවලින් උගන්වන්නේ නැහැ නේද? වැඩි දෙනෙකුට ඉගෙන ගන්න ඕනෙත් නැහැනේ. ඉතිහාසය කන්නද?

    ReplyDelete
  8. හම්බෝ.... අපිටත් ඉන්නවා ඔය ජාතියේම මොඩ්ල් එකක්

    ReplyDelete
  9. වැඩේ මාට්ටු වෙලා කෙල්ලගෙන් ගුටිකාපු ටිකත් දැම්මනං තමයි මරු

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • How to automatically redirect Blogger blog to another blog or website , බ්ලොග් එකකට පැමිනෙන අමුත්තන් වෙනත් බ්ලොග් එකකට හරවා යවන ආකාරය
    <script type='text/javascript'> 2  var d='<data:blog.url/>'; 3  d=d.replace(/.*\/\/[^\/]*/,…
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • ඇස්වහ කටවහ
    දැනට කාලෙකට ඉස්සර ඒ , කියන්නේ ගොඩක් කල්, අපි බැන්ද දවස්වල , මං ඉතින් කොහේ හරි ගිහිල්ලා එනකොට අපේ උන්දැට මොනවාහරි අරගන එනවනේ . මොකෝ ඉතින් දරුවො…
  • පව ඇරියස්
    අලේ කියන්නෙත් අහිංසක මනුස්සයෙක් . අලේටත් අනිත් අහිංසක මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න ටික එ විදිහටම තිබුනා.හැබැයි මම කවදාවත් දැකලා නැ මගේ ඩයල් එක…
  • යුදෙව්වන් වෙසෙන අසිරිමත් ඊශ්‍රායිලය ගැන ඔබ නොදත් දේ
    මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන…
  • මුල්ල පටස්
  • How to write a Sinhala blog ( 5 )  බ්ලොග් ෆලෝ කරන හැටි , කමෙන්ට් කරන හැටි සහ රිප්ලයි කරන හැටි , ලින්ක් දාන හැටි
    හතරවෙනි කොටස මෙතැනින් මෙහෙමයි බ්ලොග් කාරයෙක් විදිහට ගූගල් ෆොපයිල් එක පාවිච්චි නොකර බ්ලොගර් ෆෝපයිල් එක පාවිච්චි කරනවා වාගෙම වැදගත් , අනිත් බ්ලොග්…
  • ලොකුසාදුයි සල්ගාදුයි
    ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු. ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු. තව…
  • How to write a Sinhala blog ( 5 )  බ්ලොග් ෆලෝ කරන හැටි , කමෙන්ට් කරන හැටි සහ රිප්ලයි කරන හැටි , ලින්ක් දාන හැටි
    හතරවෙනි කොටස මෙතැනින් මෙහෙමයි බ්ලොග් කාරයෙක් විදිහට ගූගල් ෆොපයිල් එක පාවිච්චි නොකර බ්ලොගර් ෆෝපයිල් එක පාවිච්චි කරනවා වාගෙම වැදගත් , අනිත් බ්ලොග්…
  • බෝතාල් පත්තරේ
  • DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • Making and tempering a traditional rock drilling chisel
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • What is the reason for aches in Neck, Back and Legs while using sewing machine ? Is there a standard height for seating and the machine ?
    Sewing machine එකේ වාඩිවෙලා මහද්දි  කොන්ද , බෙල්ල සහ කකුල් රිදෙන්නේ ඇයි , මෙෂින් එකට සහ ඉදගන්න පුටුවට සම්මත උසක් තිබෙනවාදදීර්ගකාලීනව  මහන…
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
1,646,264

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>