ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න බැරිද , මේක මට නිතර යොමු වෙන පුරස්නයක් ... උත්තරය ඇත්තටම පුලුවන් කියන එක තමයි.
අධිවේගී මෙෂින් එකක , ලෙදර් මහන්නම හදපු මෙෂින් එකක තරම් නැති උනත් ජාමේ බේරගන්න පුලුවන් , සීයට සීයක් සාර්ථක නැති උනත් ජාමේ බේරගන්න පුලුවන්.
ගෙවල් වල පාවිච්චි කරන පරණ කලුපාට මහන මෙෂින් වලින් , ලෙදර් සහ රෙක්සින් වලින් බෑග් මහන්න උත්සාහ කරන කොට සැලකිලිමත් වෙන්න ඕන කරුනු කිහිපයක් තියනවා. අපි එකින් එක ගම්මු එතකොට ලේසියි.
1) පාවිච්චි කරන නූල් මොනවාද
2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද
3) ත්‍රේඩ් ටෙන්ෂන් හොදට තියනවද
4) ෆීඩොක් සහ ප්ලේට් හොදට තියනවද
5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද
හරි අපි එකින් එක ගම්මු
1) පාවිච්චි කරන නූල් මොනවාද
නූල් වල ප්‍රමාණය ( ගණකම,මහත ) මැහුම් වලදී හරිම වැදගත් නමුත් බහුතරය පලමුවෙන්ම නොසලකා හරින්නෙත් ඒකමයි , ලාබෙටම තියන එකගන්නවා , නූල් කෝන් එකක ලේබල් එකේ කෝන් එකට ඔතලා තියන තියන නූල ගැන තොරතුරු ගොඩක් තියනවා .......... මෙතැනදි වැඩියෙන් වැදගත් වෙන්නේ නූලේ ප්‍රමාණය ගැන විතරක් නිසා මම ඒක ගැන විතරක් කතා කරන්නං ... tkt අගය ..එහෙම නැත්තං සාමාන්‍ය විවහාරයේ .. ටිකට් නොම්බරේ .. ඒකෙන් කියවෙන්නේ නූලේ ගණකම ... 120 කියුවොත් ගොඩක් හීනියි ... 80 ඊට ටිකක් මහතයි ... 50 ඊටත් වැඩිය මහතයි .... 30 ගොඩක්ම මහතයි .....10 ඒක ගොඩක් හයිය මහත නූලක් ..... අන්න ඒ සයිස් එකෙන් තමයි අර හාල් බෑග් ...පොහොර උර එහෙම මහලා තියෙන්නේ .............
සාමාන්‍ය රෙදි මහන්න බහුලව ගන්නේ tkt 120 නූල් ......... ඒකෙන් ලෙදර් සහ රෙක්සින් මහන්න ගියහම නූල ශක්තිමත් නැති නිසා ...... කැඩෙනවා ........ ලෙදර් පොටවල් දෙක හරියට එකතු වෙන්නෙත් නෑ නුලට ශක්තියක් නැති නිසා ...... මැහුම් ලස්සනකුත් නැ.
මහන ලෙදර් එක හෝ රෙක්සින් එක ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ මහතත් වැඩිවෙන්න ඕන ... මහන මැටිරියල් එකට අනුකුලව
ඉතින් මහන දේට අදාලව ... නූලේ ප්‍රමාණය වැඩිකරගන්න වෙනවා tkt 80.....50.....30..... ආදී වශයෙන්
සරලවම කියුවොත් ලෙදර් රෙක්සින් මහන්න මහත නූල් දාන්න ඕන
2) පාවිච්චිකරන ඉදිකටු මොනවාද
හැම වෙලාවෙම මිලෙන් වැඩි ඔරිජිනල් ඉදිකටුම අරගන්න , ඊයම් කොල වල ඔතලා කඩදාසි පැකට් වල දාපු ඒවා ගන්න එපා ... ඒ ඉදිකටු ලෙදර් තියා නිකං රෙදි මහන්ඩවත් සුදුසු නැ , පහත පින්තුරයේ තියනවා ඒ වාගේ බාල ඉදිකටු වර්ග සමහරක්
ඔය පරණ කලුපාට මෙෂින් හැම එකකටම යොදන ඉදිකටුව HA කියන ඉදිකටුව , ඒ මාදිලියේ ලංකාවේ ගන්න තියන හොදම ඉදිකටුව සිංගර් ඔරිජිනල් ඉදිකටුව තමයි ... HA - 18 HA - 21 වාගේ මහත ඉදිකටුවක් ලෙදර් සහ රෙක්සින් මහන්න යොදාගන්න ඕන ... පහත පින්තුරයේ තියනවා සිංගර් ඔරිජිනල් ඉදිකටු.
මහන ලෙදර් එක හෝ රෙක්සින් එක ගණකම වැඩිවෙන කොට ඒකට සාපේක්ෂව නූලේ මහතත් වැඩිවෙන්න ඕන කියලා අපි කතා උනානේ ... අන්න එහෙම මහත නූලක් දානකොට ඉදිකටුව මහත එකක් වෙන්න ඕන ... මොකද මහත නූලට ගැලපෙන්න සහ ශක්තිමත් ලෙදර් හරහා නූල් අරගන යන්න ලොකු සිදුරු හදන්න ඕන නිසා ..අනික සිහින් ඉදිකටුවකට බෑ ලෙදර් එකක් හිල්කරන්න.
3) ත්‍රේඩ් ටෙන්ෂන් හොදට තියනවද
ලෙදර් සහ රෙක්සින් මැහිල්ලෙදී ... මේක ඉතාමත් වැදගත් කාරනාවක් ... ටෙන්ෂන් එක මගින් නූල මතට දැඩි පීඩනයක් දෙන්න ඕන , මොකද එහෙම නැත්නම් යට පැත්තෙන් නූල් බුරුල් වෙනවා ... ටෙන්ෂන් එක හරියට වැඩකරන්න නං ටෙන්ෂන් එකේ සියලු කොටස් නිවැරදි අනු පිලිවලින් සවී වී තිබීම සහ ටෙන්ෂන් නට් එක පහතට තදකරලා නූල මතට යෙදෙන පීඩනය වැඩිකරලා තියෙන්න ඕන. ...
ටෙන්ෂන් එකේ ඉලක්කම් වලින් අගය මතක තියාගන එතැනට කරකවන එක නං හරියට ත්‍රේඩ් ටෙන්ෂන් හදාගන්න නිවැරදි ක්‍රමය නෙමෙයි... බොහෝ දෙනෙක් ඒ වැඩේ කරනවා ..... පුට් එක ඉහලට ඔසවලා ටෙන්ෂන් එකට එනකං නූල නිවැරදිව දාලා ..පුට් එක පහලට දාලා නූල අතින් අදිනකොට කැඩෙන නොකැඩෙන ගානට තදට තියෙන්න ඕන ... එහෙම නැත්තං ටෙන්ෂන් නට් එක දකුනට ( පහතට ) කරකවලා නූල හොදට තදකරගන්න ඕන. අන්න ඒ විදිහ තමයි නිවැරදි ක්‍රමය , සමහර විට තව දුරටත් යට පැත්තෙන් නූල් බුරුලට ..තොන්ඩු තොන්ඩු හිටිනවනං , තව දුරටත් ටෙන්ෂන් නට් එක තද කරන්න ඕන .... මහන විට නූල නොකැඩෙන තෙක්. මේ පහත රූපයේ තියනවා ත්‍රේඩ් ටෙන්ෂන් එකේ කොටස් නිවැරදි අනුපිලිවලින් සවිකරගන්න ආකාරය.
සමහරක් අය මොකක් හරි පොඩි අවුලක් ආපුවහම හිතුමතේ මේ පහත පින්තුරයේ තියනවා වාගේ බාල ටෙන්ෂන් කඩෙන් ඇරං ඇවිත් හයිකරගන්නවා .... අන්න එහෙම උනහමනං ලෙදර් සහ රෙක්සින් මහන එක හීනයක්. මොකද ඔය ටෙන්ෂන්වල ස්ප්‍රීන්ග් සහ ටෙන්ෂන් ඩීෂ් වලට හොද තෙරපුමක් දෙන්න බෑ නූලට ... ඉතින් කැරියර් එකේ සහ ෂටල් එකේ නූල් හිරවෙනවා හෝ නූල් බුරුලට මැහෙනවා. තවදාකවත්ම මෙෂින්වල ස්පේයාර් පාට්ස් මාරුකරන්න එපා හිතුමතේ , ඒ වාගේම මාරුකරන කොටස් විසිනොකර පරිස්සමට ඇරගන තියන්න , සමහර වෙලාවට මම දැකලා තියනවා කාර්මිකයන් විසිනුත් වැරදි වැටහීම් නිසා හොදට තියන පාට්ස් ඉවත් කරලා තියන අවස්තා.
4) ෆීඩොක් සහ ප්ලේට් හොදට තියනවද
පීඩොක් එක සහ නීඩ්ල් ප්ලේට් හොද තත්වයෙන් නැත්නම් ලෙදර් මහන්න බෑ , ෆිඩොක් එහෙම නැත්තං දැති සෙට් එක ගෙවිලා තියනවනං ලෙදර් මහන්න අපහසුයි , අනිත් කාරනාව තමයි තෝර්ත් ප්ලේට් එහෙම නැත්තං නීඩ්ල් ප්ලේට් එක කඩතොලු වෙලා , යටට බැහැලා තියනවනං ලෙදර් මහන්න බෑ .... දැන් මේක කියුව ගමං ... අලුතෙන් දෙකක් ගෙනත් මාරු කරන්න එපා , ඒ දෙක හොද තත්වයෙන් තියනවද කියලා තමන්ට හරි අදහසක් ගන්න බැරිනං හොදින් දන්න කාර්මිකයෙකුගේ උදව්ව ලබාගන්න , පුනපුනා මෙෂින් එකේ තිබෙන පාටස් මාරු කරන්න එපා කියලා කියන්නේ ලොකු හේතුවක් ඇතුව.
ගොඩක් පරණ මෙෂින් ... ඇමරිකාව , එන්ගලන්තය , බ්‍රසීලය , ජපානය , ඉතාලිය , ජර්මනිය වාගේ රටවල් වල හදපු ඒවා ... උසස් තත්වයේ ලෝහවලින් හදලා තියන නිසා ඒ මෙෂින්වල කොටස් ගෙවීයාම සහ කෑඩි බිදී යාම අල්පයි ... ඉතින් හිතුමතේ අමතර කොටස් ගෙනැවිත් සවිකිරීම මගින් රත්තරන් ටිකකට තියන කෑල්ලක් ගලවලා චීනයේ හෝ ඉන්දියාවේ හදාපු බ්ලෙක් තහඩු කෑල්ලක් මෙෂින් එකට සවිවෙන්න පුලුවන්.
5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද
පෙෂර් ෆුට් එකේ අඩිය ගෙවිලා සහ කඩතොලු වෙලා තිබුනෝතින් ලෙදර් එක මැහිලා ඉස්සරහට යන එක හොර වෙන්න පුලුවන් , ඒ වාගේම පුට් ෂැන්ක් එක ( උඩ කොටස ) සහ පුට් ප්ලේට් එක ( යට කොටස ) සවි වෙලා තියන රිවට් එකලගින් අනවශ්‍ය විදිහට සෙලවීමක් කියනවානං , ලෙදර් එක කෙලින් පිටුපසට නොයා පැත්තකට යන ස්වභාවයක් ඇති වෙන්න පුලුවන්.
අනිත් වැදගත්ම දේ තමයි පෙෂර් ෆුට් ස්පීන්ග් එක කාලයත් එක්ක තේරපීම් නිසා හැකිලිලා තියෙන්න පුලුවන් , පුට් බාර් එක උඩින් තියන පුට් බාර් පෙෂර් නට් ( පෙෂර් බාර් තම්බ් ස්කූරූ ) එක ගලවලා එතැනින් ස්පීන්ග් එක එලියට අරගන , අඩු දෙකක් ආධාරයෙන් දෙපසට ඇදලා සෙන්ටි මීටර් තුනක් පමණ දිගින් වැඩිකරගන නැවතත් තිබු ලෙසම සවිකරගන , පෙෂර් නට් එක හොදින් පහතට කරකවා , දැති සෙට් එක සහ පුට් එක අතරට මැදිවන ලෙදර් එක මතට හොද පීඩනයක් ලබා දී පහසුවෙන් ලෙදර් එක පසු පසට තල්ලු වෙන ආකාරයට සකසාගන්න පුලුවන්.
*** ඉතාමත් වැදගත් බොහෝ දෙනෙක් නොදන්නා තවත් දෙයක් මම ඔබට කියලා දෙන්නම් ***
මේ ගැටලුව වෙනුවෙන් විශේෂයෙන් නිපදවන ලද HA - LR ( ලෙදර් ෆොයිට් ) ඉදිකටුවක් නිෂ්පාදනයේ තිබී ඇති නමුත් ලංකාවේ කොහේදිවත් මම ඒ ඉදිකටුව දැකලා නෑ , නමුත් කිසිම ගැටලුවක් නැතිව HA ඉදිකටුවේ දිගට ආසන්න වශයෙන් සමාන වෙන , අදීවේගී ( හයිස්පීඩ් ) මහන මෙෂින් වලට ලෙදර් සහ රෙක්සින් මැසීමේදී යොදන ඉදිකටු සවිකරගන්න පුලුවන්.
එම ඉදිකටු DB - LR සහ DP - LR වශයෙන් වර්ග දෙකක් දකින්න පුලුවන්
උප වර්ග කිහිපයක්ම ඇති නමුත් මේ කාර්ය්යට අදාල වන දෑ ගැන පමණක් සරලව තේරුම් කරන්නං
කලාතුරකින් අවස්ථාවක මේ ඉදිකටුව PF -LR කියලා පැකට්ටුවේ සදහන් කරලත් එනවා
DB - LR සහ DP - LR
ඉදිකටු වර්ග දෙකේම මැසීමට උපකාරිවන ඉදිකටුවේ පහල කොටස ඉදිකටුවේ ප්‍රමාණය අංක ඉහල යනවිට මදින් මද විශාල වන ලෙස නිපදවා තිබෙනවා , උදාහරනයක් කියනවානං සයිස් 18 ට වඩා සයිස් 21 මහතින් වැඩියි.
නමුත් මේ කද කොටස මහතින් අඩු DB - LR ඉදිකටු සහ කද කොටස මහතින් වැඩි DB - LR ඉදිකටු වාගේම සයිස් එක වෙනස් වන විට උඩ කදේ මහතේ වෙනසක් නොවෙන DP - LR ඉදිකටුත් පරණ කලුපාට මෙෂින් වලට යොදන්න පුලුවන්
ඔබ දන්නවා කලුපාට පරණ මහන මෙෂින්වලට යොදන HA ඉදිකටුවල උඩ මෙෂින් එකට සවිවන කොටස උඩ සිට පහලට කානුවක් වැනි දාරයක් තිබෙන පැත්ත රවුමටත් , ඉදිකටුවේ නූල දමන සිදුරට උඩින් ඇති කර්ව් එක ( ඇතුලට නෙරා ඇති සැකැස්ම ) තිබෙන පැත්ත පැතලිවත් නිෂ්පාදනය කරලා තියනවා , අපි මෙෂින් එකට ඉදිකටුව සවිකරන කොට ඒ කර්ව් එක සහිත පැතලි පැත්ත මෙෂින් එකේ ඇතුල් පැත්තටත් , කට් එක සහිත රවුම් පැත්ත එලියටත් හිටින විදිහට මෙෂින් එකට සවිකරනවා.
DB - LR සහ DP - LR ඉදිකටුවල තියන විශේෂත්වය තමයි නිඩ්ල් පොයින්ට් එක ( ඉදිකටු තුඩ ) පිහි තුඩක හැඩයෙන් තියුනුවට නිපදවා තිබීම සහ උසස් තත්වයේ ලෝහයකින් නිපදවා තිබීම , අන්න ඒ කාරනා දෙක නිසා ලෙදර් හරහා ඉදිකටුව පහසුවෙන් ගමන් කරන නිසා පහසුවෙන් හිර වීමක් නැතුව මෙෂින් එක ලෙදර් එක පසු පසට තල්ලු කරනවා , ඉදිකටුවෙන් ඇතිවන සිදුර දිගු හැඩයේ සිහින් පැහැදිලි සිදුරක් නිසා පහසුවෙන් සහ ලස්සනට නූල් ලෙදර් එක වටා ගොනු වීම සිද්ධවෙනවා , ඒ කාරනාව සහ ඉදිකටුව රත් නොවීම නිසා මහනකොට නූල් කැඩෙන්නෙත් නෑ , ලෙදර් මහනකොට ලස්සන තියෙන්නේ මහත නූලක් යොදාගැනිමෙදි බව අපි දන්නවනේ ... මේ DB - LR සහ DP - LR ඉදිකටු යොදාගැනීමේදි අපිට ඕනම ගණකමක නූලක් යොදාගන්නත් පුලුවන්.
ඔය කියුව දේවල් කරලත් හරිගියේ නැත්තං වෙනත් සංකීර්ණ ගැටලුවක් මෙෂින් එකේ තියනවා වෙන්න පුලුවන් කාර්මිකයෙකුට කියලා ඒ වරද නිවරැදි කරගන්න.
4) ෆීඩොක් සහ ප්ලේට් හොදට තියනවද
පීඩොක් එක සහ නීඩ්ල් ප්ලේට් හොද තත්වයෙන් නැත්නම් ලෙදර් මහන්න බෑ , ෆිඩොක් එහෙම නැත්තං දැති සෙට් එක ගෙවිලා තියනවනං ලෙදර් මහන්න අපහසුයි , අනිත් කාරනාව තමයි තෝර්ත් ප්ලේට් එහෙම නැත්තං නීඩ්ල් ප්ලේට් එක කඩතොලු වෙලා , යටට බැහැලා තියනවනං ලෙදර් මහන්න බෑ .... දැන් මේක කියුව ගමං ... අලුතෙන් දෙකක් ගෙනත් මාරු කරන්න එපා , ඒ දෙක හොද තත්වයෙන් තියනවද කියලා තමන්ට හරි අදහසක් ගන්න බැරිනං හොදින් දන්න කාර්මිකයෙකුගේ උදව්ව ලබාගන්න , පුනපුනා මෙෂින් එකේ තිබෙන පාටස් මාරු කරන්න එපා කියලා කියන්නේ ලොකු හේතුවක් ඇතුව.
ගොඩක් පරණ මෙෂින් ... ඇමරිකාව , එන්ගලන්තය , බ්‍රසීලය , ජපානය , ඉතාලිය , ජර්මනිය වාගේ රටවල් වල හදපු ඒවා ... උසස් තත්වයේ ලෝහවලින් හදලා තියන නිසා ඒ මෙෂින්වල කොටස් ගෙවීයාම සහ කෑඩි බිදී යාම අල්පයි ... ඉතින් හිතුමතේ අමතර කොටස් ගෙනැවිත් සවිකිරීම මගින් රත්තරන් ටිකකට තියන කෑල්ලක් ගලවලා චීනයේ හෝ ඉන්දියාවේ හදාපු බ්ලෙක් තහඩු කෑල්ලක් මෙෂින් එකට සවිවෙන්න පුලුවන්.
5) පෙෂර් ෆුට් සහ පෙෂර් ෆුට් ස්පීන්ග් හොදට තියනවද
පෙෂර් ෆුට් එකේ අඩිය ගෙවිලා සහ කඩතොලු වෙලා තිබුනෝතින් ලෙදර් එක මැහිලා ඉස්සරහට යන එක හොර වෙන්න පුලුවන් , ඒ වාගේම පුට් ෂැන්ක් එක ( උඩ කොටස ) සහ පුට් ප්ලේට් එක ( යට කොටස ) සවි වෙලා තියන රිවට් එකලගින් අනවශ්‍ය විදිහට සෙලවීමක් කියනවානං , ලෙදර් එක කෙලින් පිටුපසට නොයා පැත්තකට යන ස්වභාවයක් ඇති වෙන්න පුලුවන්.
අනිත් වැදගත්ම දේ තමයි පෙෂර් ෆුට් ස්පීන්ග් එක කාලයත් එක්ක තේරපීම් නිසා හැකිලිලා තියෙන්න පුලුවන් , පුට් බාර් එක උඩින් තියන පුට් බාර් පෙෂර් නට් ( පෙෂර් බාර් තම්බ් ස්කූරූ ) එක ගලවලා එතැනින් ස්පීන්ග් එක එලියට අරගන , අඩු දෙකක් ආධාරයෙන් දෙපසට ඇදලා සෙන්ටි මීටර් තුනක් පමණ දිගින් වැඩිකරගන නැවතත් තිබු ලෙසම සවිකරගන , පෙෂර් නට් එක හොදින් පහතට කරකවා , දැති සෙට් එක සහ පුට් එක අතරට මැදිවන ලෙදර් එක මතට හොද පීඩනයක් ලබා දී පහසුවෙන් ලෙදර් එක පසු පසට තල්ලු වෙන ආකාරයට සකසාගන්න පුලුවන්.
හරි දැන් ඔබට පහසුවෙන් ලෙදර් සහ රෙක්සින් මහගන්න පුලුවන් ඔය උඩින් කියාපු විදිහට හැම දෙයක්ම හදාගත්තානං , සමහර විට ගැටලුවක් එන්න පුලුවන් , නැවත් වරක් හොදින් මේ ලිපිය කියවන්න එතකොට යම් දෙයක් අතපසු උනාද කියලා හොයාගන්න පුලුවන් වෙයි. සමහරක් විට ගොඩක් දැඩි සහ පුට් එක සහ පීඩොක් එකට බදාගන යන මැටීරියල් එකක් අහු උන වෙලාවට පසු පසට තල්ලු වෙනවා හොර වෙන්න පුලුවන් , අන්න ඒ වෙලාවට ලෙදර් එකේ උඩින් පුට් එකට අහුවෙන සීමාවේ ඔයිල් පොගවාගත් ස්පොන්ජ් කැබැල්ලකින් සිහින් ඉරක් ඇදගැනිමෙන් මහන දෑ ඉදිරියට තල්ලුවීමට පහසුවක් සලසාගන්නත් පුලුවන්.
*** ඉතාමත් වැදගත් බොහෝ දෙනෙක් නොදන්නා තවත් දෙයක් මම ඔබට කියලා දෙන්නම් ***
HA ඉදිකටු මෙම මෙෂින් වලට යෙදීමට නිෂ්පාදකයා අනුමත කරන ඉදිකටුව උනත් , ලෙදර් සහ රෙක්සින් සිදුරු කරමින් ගමන්කිරිමේදි , ඉක්මනින් මොටවීමට සහ කෑඩියාමට සහ ලෙදර් හරහා ගමන් කිරිමේදි ඉදිකටුව මතට දැනෙන දැඩි ඝර්ශනය නිසා රත්වීම මගින් නුල් පිලිස්සි කෑඩියාමට ලක්වෙන්න පුලවන්.
එම ඉදිකටු DB - LR සහ DP - LR වශයෙන් වර්ග දෙකක් දකින්න පුලුවන්
උප වර්ග කිහිපයක්ම ඇති නමුත් මේ කාර්ය්යට අදාල වන දෑ ගැන පමණක් සරලව තේරුම් කරන්නං
DB - LR
ඉදිකටුවේ ප්‍රමාණය අංක 14 සිට 16 සහ 18 දක්වා නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස සිහින්ව නිපදවා ඇති අතර ඉදිකටුවේ ප්‍රමාණය අංක 19 , 20 , 21 , 23 , 25 ප්‍රමාණයන් නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස මහතට නිපදවා ඇති ආකාරය දකින්න පුලුවන්.කලාතුරකින් අවස්ථාවක මේ ඉදිකටුව PF -LR කියලා පැකට්ටුවේ සදහන් කරලත් එනවා
DP - LR
ඉදිකටුවේ ප්‍රමාණය අංක 14 සිට 16 , 18 , 21 , 23 , 25 දක්වා සියල්ලම නිඩ්ල් බාර් එකට සවිවන කද කොටස මහතට නිපදවා තියනවා දකින්න පුලුවන්
DB - LR සහ DP - LR
ඉදිකටු වර්ග දෙකේම මැසීමට උපකාරිවන ඉදිකටුවේ පහල කොටස ඉදිකටුවේ ප්‍රමාණය අංක ඉහල යනවිට මදින් මද විශාල වන ලෙස නිපදවා තිබෙනවා , උදාහරනයක් කියනවානං සයිස් 18 ට වඩා සයිස් 21 මහතින් වැඩියි.
නමුත් මේ කද කොටස මහතින් අඩු DB - LR ඉදිකටු සහ කද කොටස මහතින් වැඩි DB - LR ඉදිකටු වාගේම සයිස් එක වෙනස් වන විට උඩ කදේ මහතේ වෙනසක් නොවෙන DP - LR ඉදිකටුත් පරණ කලුපාට මෙෂින් වලට යොදන්න පුලුවන්
ඔබ දන්නවා කලුපාට පරණ මහන මෙෂින්වලට යොදන HA ඉදිකටුවල උඩ මෙෂින් එකට සවිවන කොටස උඩ සිට පහලට කානුවක් වැනි දාරයක් තිබෙන පැත්ත රවුමටත් , ඉදිකටුවේ නූල දමන සිදුරට උඩින් ඇති කර්ව් එක ( ඇතුලට නෙරා ඇති සැකැස්ම ) තිබෙන පැත්ත පැතලිවත් නිෂ්පාදනය කරලා තියනවා , අපි මෙෂින් එකට ඉදිකටුව සවිකරන කොට ඒ කර්ව් එක සහිත පැතලි පැත්ත මෙෂින් එකේ ඇතුල් පැත්තටත් , කට් එක සහිත රවුම් පැත්ත එලියටත් හිටින විදිහට මෙෂින් එකට සවිකරනවා.
නමුත් මේ DB - LR සහ DP - LR ඉදිකටුවල පැතලි පැත්තක් නෑ , මෙෂින් එකට සවිවන කොටස රවුමට තමයි එන්නේ , මෙෂින් එකට මේ ඉදිකටු හයිකරන කොට කට් එක සහිත පැත්තට මෙෂින් එකේ පිට පැත්තටත් , කර්ව් එක සහිත පැත්ත එලියටත් හිටින විදිහට හරියටම සවිකරගන්න ඕන , DB - LR කද සිහින් ඉදිකටු සවිකිරිමේදී ඉදිකටුව නිඩ්ල් ප්ලේට් එකේ සිදුරට කෙලින්ම හිටින විදිහට සවි වෙනවාද කියලත් සැලකිලිමත් වෙන්න ඕන , ඉදිකටුව ඉතාමත් තදින් නීඩ් ක්ලැප් එකේ නට් එක තදකිරීම මගින් සවිකරගන්න ඕන , ඉදිකටුව ක්ලැම්ප් එක තුලින් නිඩ්ල් බාර් එකේ හැකි තරම් ඉහලට ඔසවලා සවිකරන්න ඕන.
ඔය කියුව දේවල් කරලත් හරිගියේ නැත්තං වෙනත් සංකීර්ණ ගැටලුවක් මෙෂින් එකේ තියනවා වෙන්න පුලුවන් කාර්මිකයෙකුට කියලා ඒ වරද නිවරැදි කරගන්න.
අවසාන වශයෙන් මේකත් එකතු කරන්නං , මෙෂින් එක පාගලා මහනවට වඩා පහසුවෙන් සහ උසස් නිමාවකින් මහන දේවල් මහගන්න පලුවන් , ඔය මෙෂින් එකට මෝටර් එකක් හයිකරගන්න.
ඊමේල් සහ මැසේජ් වලට දිගින් දිගටම උත්තර ලියන එකනං අතපසුවෙනවා , ගැටලුවක් තියනවානං කතාකරන්න , වැඩක් කරන ගමන් හරි උත්තර දෙන්නං
0778707807
ලෙදර් මැහිල්ල කොහොම වෙතත් හරි පැත්තට ඉදිකට්ට දාගන්න හැටිනං දැනගත්ත මේ පෝස්ට් එකෙන්
ReplyDeleteහරි දැන් னයා ඉදිකට්ට දාගත්තා නම් නූල කඩා ගන්නේ නැතිව නූල දාගනිං. දන්නේ නැත්නම් 0778707807 අංකය අමතලා අටං ගොයියාගෙන් අහපං.
Deleteහපොයි, ඊගාවට ඕකා ෆුට් ඇජස් කරන්න එහෙම ආවොත් හෙන කේස් එකක් වෙන්නෙ.
Deleteලෙදර් එකේ උඩින් පුට් එකට අහුවෙන සීමාවේ ඔයිල් පොගවාගත් ස්පොන්ජ් කැබැල්ලකින් සිහින් ඉරක් ඇදගැනිමෙන් මහන දෑ ඉදිරියට තල්ලුවීමට පහසුවක් සලසාගන්නත් පුලුවන්.
Deleteඕකට හොඳ මොනවගේ ඔයිල් එකක්ද කියලත් අටමගෙන්ම තමයි අහගන්න තියෙන්නෙ.
Deleteඒකවත් වටින්නේ නැද්ද
Delete@) කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)....ගැට්ට ගැන යමක් පැවසිය යුතුද
Delete@Pra Jay තේරුනානේ ....හරියටම ...... අහවල් එකට කරන්ඩ කලින් අවල් එකට කෙල ගානවා වාගේ
Delete@Praසන්ன
Deleteඅවුලක් කරන්නැ උඹ නැති වෙලාවක එන්නේ
++
ReplyDelete