2019-06-30

ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය



ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට අල්ලලාමයි ,   මේ කියන කාලේ  vcd සහ vhs කරට කර යන කාලේ ...  සොනී ඩෙක් එකක් සහ සොනි වි සී ඩී එකක් තිබුනා  උනත් සමහරක්  රයිට් කරපු වි සීඩී   සොනි එකේ  දුහන්නේ නැතිනිසා  .. ඔසාකි කියන චයිනීස්  ප්ලේයර්  එකකුත් ගත්තා. ඒක අර සෝනි එක වාගේ පතරංග ප්ලේයර් එකක් නෙමෙයි දැක්කහම හරි ආසයි.... හුරුබුහුටි භාණ්ඩේ.

ඒක ගෙනාපු  මුල් කාලේ දවසක උ‍දේ වරුවේ බුදුපහන තියලා හදුන්කුරු එහෙම ගහලා ,සාම්බ්‍රනි දුම් අල්ලා එහෙම ටිකක් වෙලා  හිටියා  ..උදේ  නමය හමාරට විතර ඇති .. වස කම්මැලියි .... සෙනසුරාදා  උදෙන්ම කට්ටිය එනවා අඩුයිනේ ... අලුතින් බැස්ස ෆිල්ම් ඔක්කොම වාගේ  බලලා තිබුන නිසා , දාගත්තා ලේස්බියන් ට්‍රීබලක් ......... ඔව් ඔව්  එකපාර දෙක තුනක්ම බලාගන්ඩ පුලුවන් හින්දා  පොඩි එකෙක්  වෙච්චමං ඒ කාලේ වැඩිපුර බැලුවේ එව්වා තමයි.

ටික වෙලාවකින්  පෙරලගන දුහගන එනවා කඩේ ගෙදර  කොල්ලා

අයියේ  අයියේ  ..   මොනවද ඔය  කරන්නේ .. අන්න අපේ තාත්ත tnl බලන්ඩ ටීවි එක ටියුන් කරනකොට ... තමුසේ බලන  බ්ලූ එක අහු උනා ... වහනවා ඔයි ඕක.

අප්පටසිරි ඒ කොහොමද බං

මං දන්නේ කොහොමද , අම්මයි අක්කයි අපි ඔක්කොම සාලේ  හිටියා

කියලා මට බැන බැණා අරූ යන්ඩ ගියා

පස්සේ  ටිකක් හොයලා බලනකොට තමයි  දැනගත්තේ osaki  ප්ලේයර් එකේ ආපු  Radio Frequency අවුට් එක කේබලයක් සම්බන්ද නොකලත්  ට්‍රන්ස්මීටර් එකක් වාගේ  වැඩකරලා ටීවී වලට කනෙක්ට්  වෙනවා කියලා

ඔයාලටත්  මෙහෙම අකරතැබ්බ වෙලා තියනවද


4 comments:

  1. කළු සහ සුදු විතරයිනේ, හොස්ටල් කාලෙනේ, ට්‍රාන්ස්මීට් වෙනවා අහුවුනු ගමන් සෝර්ස් එක හොයාගෙන ගිහින් උන්ට වාතවෙනවා. දන්නවුන් දන්නවා ඊයම් කොලෙන් වහගෙන බලනහැටි.

    ReplyDelete
  2. මේ තරම් නරක අකරතැබ්බයක් ගැන නම් මං අහලා නැහැ. නමුත් 90 දශකයේ මුල විතර මෙල්බර්න් ගුවන් තොටුපොල අමතන පළමුවන ගුවන් විදුලි ෆ්‍රිකුවන්සි එකට කවුදෝ කෙනෙක් ඩිස්ටර්බ් කරනවා කියා නියමුවන් පැමිණිලි කර තිබෙනවා. මේ චැනල් එකට අමතරව තව චැනල් 200 ක් විතර භාවිතා කර ගුවන් තොටුපොල අමතන්න හැකියාව තිබුනත් පළමුවන චැනල් එක මේක නිසා ඒ ගැන හොයා බලන්න පිරිසක් පත් කරලා. ඔවුන් වාහනයක මේ සංඥාව ග්‍රහණය කරගන්න උපකරණ සවි කරගෙන සෑහෙන කලක් මහන්සි වෙලා තියනවා මේ අනවසර ජෑමර් ව හොයාගන්න. හේතුව මේ සිග්නල් එක පස්සේ ටික දුරක් යනකොට ඒක එක පාරටම නැවතීමයි. සමහර විට ආයිමත් ඒක එන්නේ පැය කිහිපයකින් හෝ දින කිහිපයකින් නිසා සෑහෙන කට්ටක් කාලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ ජෑමර් සිග්නල් එක එන්නේ පරණ VHS ප්ලේයර් එකක වීඩියෝ බලන කොට බවත්, තනියම නිවසක ජීවත්වන වයසක මනුස්සයෙක් මිසක් ත්‍රස්තවාදියෙක් නොවන බවත් ඔවුන් හොයාගෙන තිබුනා. අවසානයේ මෑන්ට අලුත්ම VHS ප්ලේයර් එකක් අරන් දීලා පරණ එක ඉල්ලාගෙන විනාශ කරලා දාලා ප්‍රශ්නය විසඳලා තිබුනා.

    ReplyDelete
  3. නැහැනේ , උඹටම තමයි ඕවා වෙන්නේ

    ReplyDelete
  4. VCD, ඩෙක් පීස් හිටි ගමන් හිර වීම තමා වෙලා තියෙන භයානකම දේ...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ඒඩ්ස් හැදුන තාත්තගේ ළමයි
    අද මම කිරිබත්ගොඩ ඉදං ගෙදර එන්ඩ එන ගමං හැදිච්ච සිකරට් තිබහට ගොඩඋනා හොද තැඹිලි වල්ලක් එල්ලලා තිබුන කඩයකට , කඩේ ඇන්ටිපා එක මං යනකොටත් හොද වෙල්ලා…
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • overlock machine ,  (ඔවර්ලොක් මෙෂින් ) එහෙමත් නැත්තං දිවට හුරු විදිහට ඕලොක් ..... කතා කරමු ඒ ගැන
    මෙහෙමයි ඉතින් ,  වෙනදා වාගේම  වැඩේ සංකීර්ණ කරගන්නේ නැතුව කතා කරන බාසාවෙන්ම වැඩේ කරගන යමු  අපි , කතා කරන්න  තේරුම් කරන්න …
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • සන්නා මුන්නා
    ඔන්න ඉතින් පෝං එක අඩනවා  , ඇයි යකෝ  මෙච්චරවෙලා ඉදලා බයික්කෙට නැග්ගා විතරයි  ... හැම වෙලේම ඔහොම්මයි රෙද්ද ... පාරෙදිමයි කෑගහන්නේ ....…
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • යන්තර මන්තර පස්සේ දුහන උන්දලාට
    අටමා තඹයකට මායිම් නොකර දෙයක් තමයි ඔය යන්තර මන්තර කියන ජාතිය , ඒ කියන්නේ ඔව්වා බොරුයි කියලා අටමා විශ්වාස කරනවා කියන එක නෙමෙයි, ඔය…
  • ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
     
  • ඔයා එනකං ඇහැරගන ඉන්නේ වෙන මොකටද
    මේ ඉන්නේ චමෝදී බබා, එයාට නම් හෙන ගොඩාක් තියනවා , චම්මා, අත්තී, චම්මිණිබෝලේ , දද්දී, අම්මෝ තව ගොඩක් තියනවා, මෙයා ඉස්සරනං තාත්තා එක්ක හරි…
  • දෙන්නං ජම්ඹු
    අටංපැල අටවගන මෙතන පදිංචියට එන්ඩ කලින් ඉදන්ම අටමයි අටමියි දෙන්නා පැලක් අටවන්ඩ ඉඩ තියලා වත්ත වටේට , ඔය එක එක ජාතියේ ගහ කොළ හිටෙව්වා , දෙළුම් පැල ,…
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
1,644,746

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>