2019-07-23

බල්ලන් කටුවා කනවාට අත්දුටු බෙහෙතක්


ආදරෙන්  හදන සතෙකුට හමේ ලෙඩක් හැදුනහම අපි කාටඋනත් හිතට හරි  දුකයි , ඉතින්  මොකද කරන්නේ  උස්සං දුහනවා වෙට් ලගට , දෙනවා  ඉන්ජෙක්ෂන් , පලවෙනි එක ගහපු ගමං  යාලුවා කසන එක නවත්තනවා , දෙවනි එක ගහපු  ගමං වැඩේ ගොඩ.

නමුත් සමහරක් ඩයල් වලට ඔන්න ආයෙත්  හැදෙනවා , ඉතින්  වෙට්ගේ  හත්මුතුපරම්පරාව ඉවරයි , ඒ  අහිංසකයා මක්කොරන්ඩද.

අපේ ගොංසන්ලා පාජාවේ ගිහින්  පාරේ ඉන්න ඩයල් වලින්  ලෙඩේ ආපිට ගේනවා

එක්කෝ මව් සත්තුගෙන් ජානගත රෝගයක්  විදිහට ලෙඩේ  ඇවිල්ලා.

එහෙම නැත්තං අපි සමබල අහාරවේලක්  දුන්නා උනත් බව්සන්ලාගේ තෝරතෝරා කෑමේ පුරුද්ද නිසා සමහර පෝෂන සංඝටක නොලැබීම නිසා රෝගය නැවත මතුවෙනවා.

ඔන්න ඔය මොන කාරනාව නිසා හරි ලෙඩවෙන බව් හමට නොවරදින බෙහෙතක් තමයි මේක , ඉන්ජෙක්ෂන් එක නොදී මේ බෙහෙතෙන්  උනත් ලෙඩේ  සුව වෙනවා , නැවත මතු උනුනොත්  නැවත මේ බෙහෙතම කරන්න.

නමුත් සතාව වෙට් කෙනෙක් ලගට ගෙනිහින් ඉන්ජෙක්ෂන් එක දෙන්න ඊට පස්සේ මේ බෙහෙත කරන්න , ඒ කියන්නේ දෙවනි ඉන්ජෙක්ෂන් එකත්  දුන්නට  පස්සේ මේක  කරන්න  ,  ඒ මගින්  නැවත රෝගය නොඑන්නම  සුවකරගන්න පුලවන්.

හොදින් ඉදුන තලනබටු ගෙඩි තුනයි
ගෙන්දගම් කුඩු ගෑම් දෙසීයයි
පිරිසිදු කොහොබතෙල් බෝතල් බාගයයි

කොහොඹතෙල් වලට ගෙන්දගම් හොදින් කලවම්කරලා , තලාගත්ත ඉදුනු එළබටු ගෙඩි තුනේ ඉස්මත් හොදින් කලවංම් කරන්න

සතාව හොදින් නාවලා හමේ  තෙත නැති උනාට පස්සේ   අර හදාගත්ත බෙහෙත ලාවට රත්කරලා අරගන මවිල් වැවෙන අතට විරුද්ධ පැත්ත හොදින් හමේ තැවරෙන විදිහට  ගාන්න , මුලු ශරීරයේම ඒ විදිහට ගාන්න ඕන

දැන්  සතාව කූඩුවට දාලා  තියන්න , නැත්තං මෑන්  ඕය බෙහෙත එව්වායේ මෙව්වායේ  උලනවා
දවස් පහක්  නාවන්න එපා , හයවෙනි දවසේ  නාවන්න , එදා දවස නිදහසේ ඉන්න දීලා හත්වෙනි දවසේ නැවත පෙර පරිදිම  කරන්න

ඒ  විදිහට හතර පාරක්  කරන්න , ඒ කියන්නේ  මාසයක්

ආයේ ලෙඩේ මතුවෙන්නේ  නැ , හදිස්සියේ  හරි ඉදුන තලනබටු ( එළබටු ) හොයාගන්න බැරි  උනාට ගැටලුවක්  නැ , ගෙන්දගම් සහ කොහොබ තෙල් විතරක්  උනත්  පාවිච්චි කරන්න.

රෝගයක්  නැති සතෙකුට උනත්  නෑවීමෙන් පස්සේ හම වේලෙනකං ඉදලා  ශරීරය පුරාම කොහොඹ තෙල් ගැල්වීමෙන් කෙස් හොදින් වැඩීමත් , ලස්සන දිලිසෙන පෙනුමක් ලැබීමත් , මැක්කන් කිණිතුල්ලන් කෑම අවම වීමත් සමග හමේ රෝග වැලදීමේ අවධානම අඩුකරගන්නත්  පුලුවන්.









7 comments:

  1. අපේ ගෙදර ඉස්සර ඔහොම බල්ලංගෙ හමේ ලෙඩ වලට ගෙන්දගං තලතෙල් මිශ්‍ර කරල ගෑව.

    ReplyDelete
  2. එක හේතුවක් නිසා විතරක් නෙමෙයි හැදෙන්නෙ. සීරියස් එක මයිට්ස් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රදීප් .... නමුත් මේ ප්‍රතිකාරය කරපු හැම සතාම හොද උනා හෝ හොදින් මර්දනය උනා

      Delete
  3. සමහරු එන්ජින් ඔයිල් ගානවා කටුවා කනවා කියලා. තුවාල වලට දමන දම්පාට බෙහෙත් වතුරෙන් නාවලා එක බල්ලෙක් හිටියා මුලු ඇගම දම්පාට වෙලා.. ඔය ලෙඩේ හැදුනාම ගොඩක් බල්ලන්ට උරුම වෙන්නේ මහපාර තමයි. අන්තිමේදි මැරෙනකම් එක එකාගෙන් ගුටිකකා ඉන්න වෙන්නේ. කන්න ටිකක් වත් දෙන්නේ නෑ. පව්..

    ඔය ලෙඩේ හැදුන උන්ට කියන්නේ ටිංකර් බල්ලෝ කියලා. හරියට ටිංකරින් කරන්න තියෙන බොඩිය දිරපු වාහනයක් වාගේ නිසයි.

    ReplyDelete
    Replies
    1. හමනේරියන් කියලත් සමහරු කියනවා

      Delete
  4. සැහෙන්න වටිනා ලිපියක් . අපේ ගෙදරට එන පර බල්ලෙක් ඉන්නවා ඕකටත් ඔහොමමයි. අත්හදා බලන්න ඕන.

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Uncle
    මම අලුත් වැඩක් පටන්ගත්තා , යූටියුබ් චැනල් එකක් , බ්ලොග් එක  මාර්ගයෙන් ඔයාට දැනුම් දෙන්න හිතුවා , ඉතින් මේ වීඩියෝව යූටියුබ් ලින්ක් එක ෂෙයාර්…
  • ඇබ්බැහියනං මොන දේටත් හොද නැතිය
    වැලි කෙලි මිතුරන්ට නැති පද හදමින්නේ නිවසේ උන්ට නැති බොරුමඩ ගහමින්නේ ලෝකෙම ඉන්න උන් හට තග දාමින්නේ මතකය හාර හාරා බොග කොටමින්නේ කඩදාසියක්…
  • how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි.
    how to Threading 757 Five threads Overlock Machine , 757 ඔවර්ලොක් මෙෂින් එකට  නූල් දාන හැටි. නූල් හදුනාගැනීම සදහා  1 , 2 , 3 , 4 , 5…
  • elna su air electronic sewing machine
    මේ එල්නා මෙෂින් එක එයාර් ඉලෙක්ටොනික් ෆුට් කන්ටෝලර් සිස්ටම් මෙෂින් එකක් ,එහෙමත් නැත්තං කටට හුරු විදිහට එයාර්කන්ටෝල් මෙෂින් එකක් , එල්නා පාවිච්චි…
  • ආදරණිය රසික රසිකාවියන්ට පණිවිඩයක්
     
  • අම්මට දෙන්ඩ
    ඔන්න ඉතින් දැන් ටික කාලෙකට කලින් දවසක මම සේවාව සපයපු ආයතනයකට උදේ පාන්දර දහයට පහලවට විතර ගියා , මම එතනට යන්නේ සතියකට දවසක් දෙකක් , මට නිවාඩු…
  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • ලාංකීය තාරුණ්‍යයේ ශෝකාලාපය
    පරම්පරා ගැටුම් ඉතින් එදා ඉදං හැමදාම තිබ්බනේ . වැඩිහිටියන්ට ඉතින් පොඩි උන් කරන දේවල් පේන්නේ මහ මලවිකාර තේරුමක් නැති වැඩ වාගේ තමයි , සමහරක්…
  • රසම රස බූවල්ලන් බැදුමක් සාදාගන්නා ආකාරය
1,644,797

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>