2020-04-10

මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි




මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා ........... ඒ දේවල්  සහ  ... බුකියේ  දැක්ක  .අලුත ගෙනා මනමාලියන්ට දෙන ... බුද්ධි සහ ප්‍රයෝගික පරික්ෂණයක්  ගැනත්  පෝස්ට්  එකක් දැක්කා ........ ඒක දැන් හොයාගන්ඩ  බෑ  කැකිරි  සීන් එකක් ......... කාරනා දෙක හින්දා  මේක  ලියන්ඩ හිතුවා .......... ජීවිතේට  නොකරපු  දෙයක්  ...... නිකොටින් සහ ඇල්කොහොල් නැතුව ලියන පලවෙනි  එක මයේ  හිතේ ........

ඉස්සර ඉතින්  ලව් මැරේජ් හරි  අඩුයිනේ  ........ නැගලම යන්නේ  ඇවැස්ස නෑකං වලින් කරේ ගැහිල්ල හරි  .කරගහගන්න එකනේ  .......... ඔව්  ඔව්  ..... තන්නාසේ  ... දේපල පිට යනවට ........ ඔය අස්සේ  පට්ට සිරා  ඇවැස්ස ලව් නොතිබුනාමත්   නෙමෙයි..........  ඒ ඇරුනහම ඉතින්  ... කපුවෝ  ලව්වා  හිර හෙවිල්ල තමයි  නැගලම ගියේ  ............ අනිත්  ක්‍රමය  තමයි  කාගේ  හරි  රෙකමදාරුවක්  ...... මාර්ගෙන්  .ගෑණියෙක්  මිනිහෙක්   හෙවිල්ල .......... මට නං  ඔය  දෙකම  හෙන කොයිල්  .... 

ලව් කරනවා කියන්නේ  ...... තමන්ට  හොදයි  වාගේ  හිතෙන  කෙනෙක්  සෙක්ස්  කරන්ඩ  ....  දීර්ඝ කාලින වැඩසටහනකින්  කැමති  කරගන්න  එකනේ   ( සරලව ) ...... ඒකවත්  නැතුව  ........ ජීවීත කාලයම  නිදාගන්න ඇද බෙදාගන්ඩ  එකෙක්  ...... කොහෙවත්  ඉන්න  කපුවෙක්ට හරි  ...දන්න එකෙකුට හරි  කියලා හොයාගන්නවා  කියන්නේ  ........ මොන නවනිංගිරා  වැඩක්ද  ........ අනේ  මන්දා  මටනං  හිතාගන්ඩ බෑ .....  සන්තානං  මෑණියනේ  ..... නොදන්න එකෙකුට රෙද්ද උස්සන්නේ  කොහොමද ...... නොදන්න එකියෙකුට බිජ්ජ පෙන්වන්නේ  කොහොමද.

හාහා  .ඒක පැත්තක තියමුකෝ  ....... ඉස්සර  ඔය දන්න කියන  කෙනෙක්  මාර්ගෙන් හරි  .... කපුවෙක්  හරහාහරි  .... ගෑණියෙක්  ගන්ඩ  ගියහම  ... අදාල  තරුණයාට  එක එක පරීක්ෂාවන්ට  ලක් වෙන්න වෙනවලු. ඇවැස්ස නෑනා  මස්සිනාගේ  නං  ඉතින්  මොනවා  බලන්ඩද  ...... සියලු  තතු  දන්නවනේ  ...සනුහරේට  පිටින්  එකෙක්  ගන්ඩ ගියහමනේ  මේක  වෙන්නේ  .......

මම ඒවා  එකක්  දෙකක්  කියන්නං 

ගෑණි  ගන්ඩ යන  එකාව  මාමජ්ජා හරි  .. ඒ  සනුහරේ   වෙන  එකෙක්  හරි ... හොදින්  කතා බහ කරලා  ........ කදේට  දාගන  .... විටක්  කමු  කියලා  එක්කං ගිහිං  ...හෙප්පුව  දෙනවලු ........ පුවක්  කපලා නෑ .... ගිරය  හෙප්පුව  උඩ ...  යෝජිත  මනමාලයා  පුවක්  ගෙඩිය කපන්නේ  කොහොමද ..... තමන්ගේ  කෑල්ල  විතරක්  කපලා කටේ  දාගන්නවද  ... ගෙඩියම  ..... කපලා  කුරුට්ට සුද්ද  කරලා  ...... කෑලි හයට  කපනවද  කෑලි  හතරට  කපනවද ........  තමන්  කන්ඩ  කලින්  ............. ආ මාමා  ...... උඹ කාහං කියලා  දෙනවද   ... බලනවලු  ...........

වැඩිහිටි  බවලතෙක්  ... ගල් අන්නාසියක්  ගෙනත්  .........   මාපුතා  මේක  හොද   කරලා දියං කියලා  ........ මේස පිහියක්   එක්ක  දික්කරනවලු  ....... අර  අසරණයා  අන්නාසිය  ......... ( ගල් අන්නාසි  කැපිල්ල පට්ට අමාරුයි ) ........  පොතු  ගහලා  ගෙඩිය  හීනි  කරගත්තොත්  ........... පට්ට නාස්තිකාරයෙක්  .......... කට කහන ලෙවල්  එකට  ඇස්ස ඉතුරු  කරගත්තොත්  ........ පට්ට  කුනෙක්  .................

දැන්  ඔය  චෑන්ස්  එක හරි  .... පිරිමින්ට  ලැබෙනවා   ........  කලින්  ගැලවෙන්න  ........ ගෑණු  ළමයින්ට   නෝ චාන්ස්  .......... බැන්දට පස්සේ   තමයි   ටොපිය  හම්බෙන්නේ  ........මිනිහා  බින්න බැස්සොත්  ගොඩ ......... නැත්තං  සොරි  ඩොට් කොම්. දීගේක ගියා  කියන්නේ   බඩුම  තමා ........... 

දවසක්   දෙකක්  ගිහින්  ...... මනමාලිට  බාර දෙනවා  ........ කිරි හොද්දක්  හදන්ඩ  ........... කැටි  ගැහුනොත්  .......... වැරදි  වෙලාවේ  ඇඹුල්   දැම්මොත්  සොරි  ඩොට්  කොම්  ........

එහෙම  නැත්තං  කැකිරි  වෑංජනයක් හදන්ඩ දෙනවා  ......... කුස්සිය  පැත්තේ  නොගිය  ළමිස්සියෙක්නං  .... අනාතයි  ........ කැකිරි  කපන්ඩ කලින්   කිරි  අරින්ඩ දන්නෙත් නෑ .......... ඒ දැනගත්තත්  .. පට්ට  උයමං කාරියෙක්   නෙමෙයිනං  .... අමුර්තෙං කලතලා ලිපේ  තිබ්බත්  රස වෙන  කෑමක් යෑ  කැකිරි ..............

ඔය මගුලෙන්  අන්තිමට වෙන්නේ  අර අලුත්  මනමාලිව කුස්සියෙන්  දුරුකරලා ........ සදාකල්  පරිභව කරන එක හරි ....... ඒ  කුස්සියේම  .... නෑනෙකුගේ  හරි නැන්දම්මගේ  හරි  ආවතේවකාරිය  වෙන එක හරි  ......

පිරිමි පරික්ෂණය  හොදයි නේ  ........  ගෑණු  පරීක්ෂණය  හරිම  කුරිරුයි නේද  යාළුවනේ .....

අන්න  බලන්න  ........ ගහක්  මරන්න ගහන්නෙත්  දේවදාර ගහකින්  කපාගන්න ඇණයක් 

 ඉතින්  ඔයාලත්  දන්න මේ  වගේ  චාරිත්‍ර වාරිත්‍ර මතක් වෙනවනං  කමෙන්ට්  එකක්  දාගන යන්න




12 comments:

  1. ඇයි අර ඉස්සර තිබ්බයි කියන්නේ කඩුලු තහංචි එහෙමත්..

    ReplyDelete
  2. මනමාලයට කැඩිච්ච පුටුවක් සෙට් කරලා දෙනවලු නේද වාඩිවෙන්න. හොයලා බලලා වාඩි නොවුනොත් බඩුම තමා...

    ReplyDelete
  3. සෙන්නා සිමා සහිතව භාවිතාකරන්න බුකි ගිනුමක් හදමුකෝ

    ReplyDelete
    Replies
    1. අනේ බෑ මචෝ... ඔය සීමාව නිකම්ම ඉක්මවලා ගිහිං ඕක වාතයක් වෙනවා.. මම tweeter එකෙනුත් අයින් වුනා ඕක හින්දම.

      අනික දැනටත් බරගානක් data පිච්චෙනවා බන්.. ඕක පටන් ගත්තොත්.. ඩයලොග් කාරයටම ගන්න පඩිය ගෙවලා නිකං ඉන්න වෙයි...

      Delete
    2. ඔබ ඔය කියන කාරණා තමයි ඉස්සර තිඉුණේ කඩුලු තහංචිය කවියෙන් තමා තරන්නේ කඩුල්ල වැහුවට කවියක් මාමාණ්ඩි කිවුවම බෑණන්ඩි තව කවියකින් ඒ තහංචි කවියට උත්තර කියන්න ඕනලු. මම ටෙලි නාඨ්‍යයක දැකලා තියනවා තම දක්ෂතාවය පෙන්වන්න හිරමණයක් දවසකින් හදන තරුණයෙක්ව.
      විචාරක දියණිය

      Delete
    3. හැබෑටම හිරමනයක් දවසින් හදන්ඩ බෑද

      Delete
  4. මනමාලයට දුන්නයි කියන එක පරීක්ෂාවක් තමා 'තම්පලා ගහක් කපන්න යමු බෑනෝ' කියන්නෙත් .

    ReplyDelete
  5. අර පුවක් කපන කතන්දරේ කොහොමද වෙන්නෙ....

    කැත්තයි පොරොවයි දීල ගහක් කපන්න දෙනවලු..සමහරු ගියපු ගමන් කැත්ත පැත්තකට දාල පොරොවෙන් ගහ කපනවලු...එහෙම උනොත් කෙල්ල ගන්නව බොරු...එහෙම නොවී කැත්තෙන් ගහ වටේ සුද්ද කරල පාත් වෙලා තියෙන අතු රිකිලි කපල ඉවරවෙලා ගහ කපන්න ගත්තනම් කෙල්ල සරණෙට ගත්ත වගේ තමා...

    ReplyDelete
    Replies
    1. පුවක් කපලා නෑ .... ගිරය හෙප්පුව උඩ ... යෝජිත මනමාලයා පුවක් ගෙඩිය කපන්නේ කොහොමද ..... තමන්ගේ කෑල්ල විතරක් කපලා කටේ දාගන්නවද ... ගෙඩියම ..... කපලා කුරුට්ට සුද්ද කරලා ...... කෑලි හයට කපනවද කෑලි හතරට කපනවද ........ තමන් කන්ඩ කලින් ............. ආ මාමා ...... උඹ කාහං කියලා දෙනවද ... බලනවලු

      Delete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • ඉස්සෙල්ලම ගහපු එකා
                                          " ඕක දීපං…
  • ඉතිං ඔය තමා යහපාලනේ දැං රහ බලහං
    අරක්කු සිකරට් වැඩිකලාටත් බනිනවා වාහන ගාන වැඩිකලාටත් බනිනවා වාහන ට්‍රාන්සර් කරන්ඩ කියුවටත් බනිනවා රථවාහන දඩමුදල් වැඩිකරාටත් බනිනවා අදායම් බදු…
  • බඩු නැ සර්
    අද කීයන කතාවට අදාල දෙන්නම තවම ජීවත්වෙලා ඉන්න නිසා නම ගම නොකියා ඉන්නර්‍ම. එක්කෙනෙක් පොලිස් ස්ථානාධිපති කෙනෙක්.අනිත් කෙනාත් යුනිෆොර්‍ම ඇන්ද…
  • පරි ඇටයේ ... පරිවාසේ
    තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ අම්මට…
  • දරුවො නෙමෙයි තොපි ---
    මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක් පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි…
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • මෝහිනීගෙ ගල් කාල
    පැනි බඹර සීයක් හමාරක් දාල වගෙ තෝන්තුවාවෙන් බැරි බැරි ගාතෙම බයික් එකට ගොඩ වෙච්චි මට, සාක්කු දෙකට බැහැලා යතුර හොයාගන්න තව විනාඩි දහයක් විතර යන්නැති.…
  • අම්මගේ  පිංකං
    අනේ අම්මාපල්ල මුං ....බණ අහන්නෙත් ගෑවි ගැවි එකට ඉදගන බොරුවට දොහොත් මුදුන්නං දීගන ඉන්නවා ....කසාද බදින්ඩත් කලිං ජෝඩු දාල පන්සල් ඇවිත් ...මහ…
  • මං අදි මදි කරනවා
    ‘‘ ළමයෝ ...ළමයෝ ...‘‘ කෝ  ඒ පාර මේකිත් නැද්ද ගේ අස්සේ  ... ‘‘ ඒයි කෙල්ල ....උඹත් ඒ පාර කොල්ලා වගේ පාරට පැන්නද නටන්ඩ ....කොල්ලො…
  • පේස් මේකර්
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • ලේ මල්ලට බඩු මල්ලක් ඉහලන්නට ලොකු කුඩයක්
      දැනට අවුරුදු ගානකට කලින් දවසක ,පොද වැස්සක කෝච්චියේ වැඩට යනවා, කෝච්චියෙදි නොතෙමුනාට ස්ටේසමෙන් බැහැලා වැඩකරපු තැනට යන කොට ටිකක් විතර…
  • Relaxing Sound of Rain / Rain Drops Falling From Bananas and papayas Trees
  • තවත් එක් කක්කා කතා වස්තුවක්
    මේ ලගකදී දවසක මට උනානේ මාර සීන් එකක් , එක අතකට මම මේක ලියන එක හරිත් නැ . අපේ මායියත් ‍කලින්ම දෝස්මුරයක් දැම්මා ලියන්නේ එහෙම නැ ඔව්වා පව් ඒ…
  • කවුද හරි
       මතකයි නේ  ලොකූ අයියා කලින් මම එයා ගැන කියලා තියනවනේ.එතූමා හිතහොද මනුස්සයෙක් . හීත හොද වැඩීකමට හොදක් කරන්න ගිහිල්ලා හිත…
  • තනියට
    යන්න ගියහම ඔබ නේන ගමනක් හෙටඒවි තනියට මට පවුරු බැම්මක් උස
  • ෂර්ගේ පීටෙං යපිට දෙන් ඔදා
    මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ ඒ යාළුවගේ ගම කදුකර…
  • flash drive එකක් Bootable drive එකක් කරගන ඒකෙන්  Windows දාමු
    ඔය මොකක්හරි ඩීවීඩි ඩ්‍රයිවරයක් නැති හරි කැඩිච්චහරි කොම්පියුටරෙකට වින්ඩෝස් දාන්ඩ ගියහම පෙන් එක බූටබල් කරගන්ඩ ඕන වෙනවනේ , එහෙම උනහම මං ඉතින් ජංජාලේ…
  • රවින්ද්‍ර විමල් ජයවර්ධන ගැන ‘‘ ලූ ‘‘  කතා දෙකක්
    මේ දෙකම ලූ කතා ඇ ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක තිබුනේ කන්ඩලම හෝටලය හදාපුකාලේ  එතන ඒ හෝටලය හදනවටත් හෙන කේස් ගියානේ පරිසරය විනාස වෙනවය අරකය…
  • පබහයි හුබයයි
    පහුගිය දවස් ටිකේ අපේ හාමිනේට මාර අසනීපයක් හැදිලා තිබුනා.එක හොද කරපුහැටි තමයි මෙ                  …
1,644,341

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>