2020-09-24

මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා


මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවා

මේක  මං  පොඩි   කාලේ  උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස  දාසයක්  විතර කාලේ වයස  විසිපහක  විතර පොරක්, පට්ට ආතල් ඩයල් ඒකක් පස්සේ  කාලේ  කුඩු ගහන්ඩත් ගත්තා,    හම්මෝ  ඒ් කාලේ  අපිව  හිනස්සලා  මැරුවේ  නැති ටික විතරයිි ඒ්කා , කුඩු බොන්ඩ පටන් ගන්ඩ කලින්  ඌ කරපු වැඩක් මේක. 

මම  නම කියන්නැ  මේ  ඩයල් එක  දන්න  බුවාල කිහිපයක්  බුකියෙ  එකේ  ඉන්නවා , බාගදා  මම  නොදැක්කට ඩයල්  එකත්  ඇති ,  බුවා දැන් බව්වා දාන්නේ  නෑ   ඒ්කනං ලොකු දෙයක් හිත හොද ඒකෙක් ඌ.

ඔන්න  මමත්  කඩය ඉස්සරහ  දාලා  තියන කැරම්  බෝඩ් එකේ  ඉන්නවා   කතානායකයා  එන්ටර්  උනේ  එතකොට ඩයල්  දැක්ක  ගමං සීන්  වෙනවා  මලක්  ගහලා  සලුවෙලා  ඉන්නේ  කියලා  මූ  ඇවිත්  ගෝල්ලිප්  තුනකුයි  මස්කට්  කෑලි  තුනකුයි  ඇරං  කැරම්  ගහන  අපි  දෙන්නට  කිසිවක්  නොකියා බෝඩ්  එක  උඩට  දෙක දෙක  විසිකරා.

අපිත් ඉතින්  මස්කට්  කාලා  සිකරට් දෙක  පත්තු  කරං ඌ  එක්කත්  කයිය  ගගහ  කැරම්  ගහනවා 

ඔන්න  එතකොටම  කඩය  ඉස්සරහ  එල්ලලා  තිබුන  කෙහෙල්  ඉවර  උන  පරන  ජේ  අකුරක්  ගලවලා හොදටම  ඉදුන  ඇංඹුං  කෙහෙල්  කැනක් මුදලාලි ගෙනත්  එල්ලුවා.

මුදලාලි  හර්බට් ඌත් අපේ  යාලුවා ඌ  නැති  තැන  අපි  ඌට  කියන්නේ  පුබ්බඩයා  කියලා  මොන  හේතුවට  ඒ  නම  දැම්මද  කියල  නං  මතක  නෑ 

අපේ  ඩයල්  එකේ   නම  නොකියා  වෙන  නමක්  කියන්නං  නැත්තං  ඕකා  මාව  මරනවා කලින් දවසක  ඕකා  ගැන    මම බ්ලොග්  එකේ    ලියලා  පාරේ  අහුවෙච්ච  වෙලාවක  අම්මට  අහවල්  එක   කරගන්ඩ  එපා කියලත්    කියුවා  
 එක  නිසා  මම  සිදත් කියලා කියන්නං  කතාව  කියන්  යන    පහසුවට  නමක්  ඕන  නිසා 

 මුදලාලි  කෙහෙකන   එල්ලලා  හැරෙනකොට

ගෙඩි හැලෙන්ඩ  ඉදිලා .....  කීයද

රුපියල්  තුනයි

හෑ ....  යකෝ  අපේ  ගස්වල  කුණු වෙලා  වැටෙනවා

කුණු   වෙන්ඩ  අරින්නේ   කාහල්ලකෝ

කනවා තමා  .... කාගන්ඩ  බැරි එව්වා තමා කුණු  වෙන්නේ

එල්ලපු  ගමං  බඩු  බාල්දු  කරන්ඩ  එපා .... ගන්නවනං  ගනිං  .... නැත්තං  කට පුක  වහගන  පලයං ...... අනේ  තොපි  කන  කෙහෙකං

ටිකක්   වෙලා    කල්පනා  කරපු  සිදත්  ලල්  හිනාවක්  දාා 

අපේ  ගෙදර  උන් දෙන්නෙක්ට  මේ  කෙහෙකන  මදි ...... දාහක්  ඔට්ටුයි  අපි ⁣ දෙන්නෙක්   මේක  කනවා  

කියලා   සරමත්  කැහැපොට   ගහං  පාරට     ගොඩවෙලා  උන්ගේ  ගෙවල්  පැත්තට  ගියා,  අපි   දෙන්නා  කැරම්  අත   ඉවරවෙලා  දෙවනි අතට   ඉත්තෝ  සැට්   එක   හදනකොට   සිදත්   ගෙදර  ඉන්න  වැස්සියෙක්   දක්කං  ඇවිත්   කඩය  ඉස්සරහා   කණුවක  බැදලා    කඩේ   එලිපත්තට  ගොඩවෙලා කෙහෙකන  බාලා  ඇරගන  ගෙඩි  හත අටක්  කාලා, ඒකත් ඇරං  ගිහින්   කෙහෙල්  ගෙඩි  එක එක   කඩලා  ඇරං   වැස්සිට  කවන්ඩ  ගත්තා  අපි   දෙන්නගේ   කට  දැං  කනේ  ...... ඒක  දැක්ක   පුබ්බඩයා.

ඈ  බොල  දහබලු   ඒසිගේ පුතෝ  මගේ  කෙහෙකන  හරකට  කවන්ඩ  තොට  මොන  හයියක්ද   කියාගන  පැන්නා  එලියට

මේකිත්   ඉන්නේ  අපේ  ගෙදර ..... මන්  අපි  දෙන්නෙක්ට  මේ  කෙහෙකන  මදි  කියුවේ  මේකිටයි  මටයි .....😜

6 comments:

  1. හිතුව දේ ලිව්වෙ නෑ

    ReplyDelete
  2. මොනවා හරි කන්න ඔට්ටුවක් දාලා මේ වගේ වංචාවක් කරනවා ඇහුවේ අදයි. ඒ උනාට එහෙම වංචා නොකර, හැබෑවටම 'කාලා' දිනාපු ඔට්ටු දෙකතුනක් මම අහලා දැකලා තියනවා.

    1980 දශකයේ මම වැඩ කරපු ආයතනයේ සුළු සේවක මහතෙක් බත් මුල් ව්‍යාපාරයක් කළා. බොහොම අහිංසක කෙනෙක් උන මේ මනුස්සයාගේ බත් මුල් ඉතාම පුංචියි කියලා තවත් සේවකයෙක් හැමදාම සමච්චල් කරනවා. ඒ නිසා සමහර දවස් වලට බත් මුල් විකිනෙන්නේ නැතිව ඉතුරු වෙනවා. මේ කියන දිනයේදීත් ඉහත කියූ විදියට බත් පැකට් පුංචියි කියූ නිසා බත්මුල් පහක් නොවිකිණී තිබුන බවත්, මේ සමච්චල් කිරීම නවත්වන ලෙස ඒ මිනිහාට කියන ලෙසත් මගෙන් ඉල්ලා සිටියා. හොඳ උස මහත මුස්ලිම් මිනිහෙක් උන මේකාට මාව උස්සලා පොලවේ ගහන එක උනත් සුළු දෙයක් උනාට, මම ඒකාගේ ඉහල නිලධාරියා නිසා මට යම් ගරු සරුවක් තිබුනා. මේ ගැන ඒ මිනිහාව ගෙන්නලා අහපුවාම, ඒ මිනිහා කිව්වේ බත් මුල් ඉතාම පුංචි නිසා ඒකාට මෙයින් බත් මුල් පහක් උනත් කන්න පුළුවන් බවයි. මමත් මේ බත් මුල් කන නිසා මට නම් ඒවා එච්චරම පුංචි බවක් දැනුනේ නැහැ. කොහොම හරි ඒ මිනිහා මේ ගැන කියවනකොට මම කිව්වා, ඉතුරු උන බත්මුල් පහක් තියනවා, පුළුවන් නම් පහම කාලා පෙන්නපං, පහම කෑවොත් මම සල්ලි ගෙවන බවත් (බත් මුලක් රුපියල් 6 වගේ තමයි මතක) කිව්වා. මේකා මුළු බත් මුල් පහම, කරපිංචා නැට්ටක්, රම්පෙ කොලයක්, මාළු කටුවක් කිසිම දෙයක් ඉතුරු නොවෙන්නම කෑවා. එතකොට කලින් කාපු එකත් එක්ක, බත් මුල් හයයි. මිනිසුන්ගේ ආමාශය කකුලේ මහපටඟිල්ලේ ඉඳලාම තියන බව ඉගෙන ගන්න මට එදා රුපියල් 30 ක් වියදම් උනා.

    කවදා හෝ සිදු වූ ආණ්ඩු පෙරළියකින් පස්සේ පාන් ගෙඩිය සත හැටක් දක්වා මිල අඩු උනා. උණු උණු පාන් කඩේකට දාන කොට ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන දෙන්නෙක් පාන් මිල අඩුවීමේ හොඳත්, පාන් මිල අඩු උනාට, පාන් කන්න තියන හොදි මාළු වල මිල ඉහල නිසා එයින් ප්‍රයෝජනයක් නැති බවත් කියමින් තර්ක කරලා. පාන් තියනවානම් කන්න හොදි මාළු ඕනෑ නැහැයි කිව්වා එකාට අනිකා අභියෝග කරලා තියෙන්නේ පුළුවන් නම් පාන් රාත්තල් පහක් නිකම්ම කාපං කියලයි. අභියෝගය බාර ගත්ත මිනිහා පාන් ගෙඩි පහක්, කාල් හැටියට කපලා ගෙන්නවාගෙන කනවා. මේ සිද්ධිය ආරංචි උනාම අපිත් බලන්න ගියා. මේ මිනිහා පාන් ගෙඩි පහම කාලා, ඔරෙන්ජං බාරලි බෝතලයකුත් බීලා කට පිහදාගෙන නැගිටලා ගියා.

    මේ ඉහත පාන් කාපු එකා, තවත් ඒ වගේම සවුදම් ජෙමා වගේ එකෙක් සමග කුලියට කුඹුරු වැඩට ගිහිල්ලා ඉන්නකොට දවල් ඇඹුල ගෙනැල්ලා මේ දෙන්නාට කන්න කියලා තියනවා. මේ දෙන්නා කුලියට වැඩ කල අතර තවත් කිහිප දෙනෙක්ම හිතවත්කමට 'කයියට' සහභාගී වෙලා තියනවා. හිතවත් කමට ආපු අනිත් අයට කෑමට පෙර "අරිෂ්ඨ" වේලක් දෙන බලාපොරොත්තුවෙන්, මේ දෙන්නාට කන්න කියූ බව තේරුම් ගත්ත මේ දෙන්නා කියලා තියෙන්නේ, "අපි කෑවොත් අනික් අයට මදි වෙයි, ඒ ගොල්ලන්ටත් කන්න එන්න කියන්න" කියලයි. ඒකට පිළිතුර වෙලා තියෙන්නේ "හාපෝ මේ බත් මල්ලක්ම තියෙන්නේ (ඒ කාලේ කුඹුරට බත් ගෙනියන්නේ පං මළුවල) මේක හැමෝටම ඇති " කියලයි. මුන් දෙන්නා මුළු බත් මල්ලමත්, හොදි මාළුපිණි සියල්ලමත් කාලා, අනිත් එවුන් අරිෂ්ඨ බීලා ආපුවාම උන්ට කන්න කඩෙන් පාන් ගෙනත් දීලා.

    ReplyDelete
    Replies
    1. දවසක් මායි සම්පතුයි සෝබනයි වත්තෙ වැඩ කරල ඇවිත්, පාං ගෙඩි දෙකක් ගෙනාව කන්ඩ. මම පොල් ගාල සම්බෝල හදන පරක්කුවට අර දෙන්නගෙං එකෙක් පාං ගෙඩි එකහමාරක් නිකං කෑවා. පස්සෙ අනික් බාගෙ උං දෙන්න බෙදාගෙන කෑවා, මං උදේ උයපු බත් දංකුඩ කෑවා...

      Delete
  3. ඔය කෙහෙ කැනේ කතාව කෝපිකඩෙත් ගියා. සාමෙල් අප්පුට ඔය ඔට්ටුව ඇල්ලුවෙ අබිලිං...

    ReplyDelete
  4. mage fredek .. bithara 20,,, yogurt 20k, indi appa 65k kawa ...ottuwakata ,,, eka kala uge gane kiyala mee kiri hattiyakuth kawa ...

    ReplyDelete
  5. මං වහන්සේ නම් එහෙම සවුදම් ජෙමා කෙනෙක් නෙවෙයි. ඒත් ඔට්ටුවක් පැරදිලා කොහොඹ කිනිති 50 ක් කෑවා.
    ඒ එක්කම ඇති වුණු කතාවකින් පස්සේ අපේ බතික් වැඩපොළේ ගැහැණු ළමුන් කිහිප දෙනෙක් මගේ ප්‍රතිවාදියා එක්ක තරගෙට පාන් කෑවා. දිනුවේ කෙල්ලෙක්.

    ඔය සිදුවීම් කියවන්න කැමතියි නක මෙන්න පාර.
    http://nidigepanchathanthare.blogspot.com/2019/01/blog-post.html
    http://nidigepanchathanthare.blogspot.com/2019/01/blog-post_8.html

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
  • පුනරුප්පත්තිය
    ‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘ ‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ…
  • ලොකුසාදුයි සල්ගාදුයි
    ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක , එකෝමත් එක පන්සලක් තිබුනාලු. ඉතින් ඔය පන්සලේ නම වෙන එකක් උනාට ලොකු සාදු කියලා හැමෝම කියන කෙනෙකුත් උන්නාලු. තව…
  • How to write a Sinhala blog  ( 9 ) ක්මෙන්ට් පලවන ,  පෙනෙන  ආකාරය ( කමෙන්ට් බොක්ස් ) සැකසීම , සහ කමෙන්ට් කල හැක්කේ කාටදැයි තීරනය කිරීම
    අටවෙනි කොටස මෙතැනින් හරි ඊලගට තියෙන්නේ Posts, comments and sharing සෙටින්ග් හදන එක ( ඔය උඩ පින්තුරය බලන්න ) ඉස්සෙල්ලම පුලුවන් ඔයාට බ්ලොග්…
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා
    මගේ හෝබෝ කතා: දං පඳුරට ආ රැහැයියා: හොබෝටික්කා ගෙදර ඈයින්ට එහෙම්පිටින්ම හෙන ඩිසපොයින්ට්මන්ට් එකකි. අපේ වර්ගයේ හුඟක් එවුන් මෙන් හොබෝටික්කාට ද මුලින්ම…
  • pace maker
  • හොර ගෑණු
    '' හෙලෝ මේ '' '' කියන්න අනුර ....හදිස්සියක්ද ........මම මේ අවුලක පැටලිලා කස්ටමර් කෙනෙක් කවුන්ටර් එකේ ඉන්න ළමයෙක්ට රන්ඩු කරනවා , ඒ ෆයිල් එක…
  • ඕලෝන්
    වින්කරලත් දෙන්නම අල්ලපු සත්තු මම එකදාස් එක සීයද වෙන්ඩ බැ කොහොමටත් අඩුවෙං ගෙව්වාද මට තුන්ඩුව වරද්දල ලියුවද
  • ඔසාකී ට්‍රීබල් එක්ස් විකාශනය
    ඔන්න එකෝමත් එකකාලේක මං වීඩියෝ සෙන්ටර් එකක් කලානේ , පාර අයිනේ කඩයක් කුලියට  අරගන තමයි ඒ වැඩේ කොලේ , කඩේ අයිතිකාරයාගේ ගේ තියෙන්නෙත්  කඩේට…
  • Jaba and Julbuli my Lovely  dog pets / smarty dogs / Funny dogs / Lovely...
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 3
  •  වායු කෝඨර ප්‍රදාහය හෙවත් sinusitis ( කරුම ඔලුවේ කැක්කුම ) සහ hot water jug
    මම නං කියන්නේ මේක මහ කරුම ලෙඩක් , පුදුම මලවදයක්නේ අප්පා තියෙන්නේ , එක්කො ඇස්දෙක ඇරගන්ඩ බැ ඇස් දෙකෙත් එක්ක ඔලුව රිදෙනව , එහෙමත් නැත්තං එක ඇහැක්…
  • How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
    පස්වැනි කොටස මෙතැනින් පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ…
  • How to Clean and Polish 15 NL1 Copper Regulator Plates
  • හොදට පස්සෝනවා
    ඔන්න ඒ පාර පිටිකල පොල් කිරි පැකට් වලත් ගාන වැඩි කරලා කියහංකෝ , පොල් මිරිකලා ගන්නවා තරං ගතියක් නැති උනත් මං දැං ඒකට ඇබ්බැහි වෙලා ... ලේසිය හින්දම…
  • දෙයියන්ට මොකටද වාහන හතරක් පහක්
    මරණයෙන් මතුම මතු දවසක ආයෙත් ඉපදුනොත් මං ආසයි ලස්සනම පිළකට කිරිල්ලියෝ රෑනක් එක්ක හේන් කුඹුරු පාළු කරන්න හිරිකිත කැත සරුපයෝ ඒ පැත්ත මේ පැත්ත…
  • ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි
    ශ්‍රී ලංකාවාසී සියලුම බොදුණුවන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි රටේ ඇතිවී ඇති නොසන්සුන්කාරී  වාතාවරනය ඉක්මනින්   දුරුවී  , සාමය…
  • vehicle emissions inspection certificate  මිහිමඩල සුරැකීමක්ද , රට වැසියාට කෙලවීමක්ද
    මගේ බයික් පොඩ්ඩට ආදායං බලපත්තරේ ගන්ඩ කියලා ඔන්න මම අද බඩගෝස්තරේටත් නොයා ගියා කියන්ඩකෝ , දැන් අවුරුදු පහ හයකට කලින් අපේ බුදුවෙලා වගේ ටෝක් කරන…

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>