2012-06-11

සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ





මගේ පරණ කතන්දර කියවපු කට්ටියට මතක ඇති මයේ හිතේ සර්ලට මොකටද කසිප්පු

 කතන්දරෙ අයිසෙ අංකල්ව, කලින් දවසෙ  මිනිහා කසිප්පු පොට් දෙකකදිම ip මහත්තයට  මාට්ටු වෙලත්  කට හින්දා බේරිලා ගියානේ .

හැබැයි එදා ip මහත්තයා බෙල්ල අතඇරියේ 

''තො ආයේ මට අහුවෙන්ඩ එපා නාකී  -කා''

කියලා ආදරෙන් අවවාද කරලනේ.ටික දවසකට පස්සේ දවසක අයිසේ අංකල් ගියා කසිප්පු බොන්ඩ කියලා තවත් තැනකට. ඉස්සර ගෙදර මිදුලෙම බිස්නස් එක කෙරුවට ip මහත්තයා තමන්ගේ කොටහ ගන්ඩ අකමැති උන හන්දා එ දේශිය නිෂ්පාදකයා හරිම අමාරුවෙන් තැනින් තැනට ගිහිල්ලා තමයි තමන්ගේ ජීවිතය රුක ගත්තේ.(පව්නේ ඒ මහත්තයා)

එදා මැන් වැඩේ කරගන ගියේ පාළු වත්තක ,ඒ වත්තේ පාර පැත්තට ඇරෙන්ඩ අනිත් දෙපැත්තම තාප්ප ගහලා.( අනිත් ඉඩංවලට පැති හතරක් තිබුනට මේකට තූනයි , පිටිපස්සෙන්   v  හැඩයට )  ටිකක් වත්ත දිගයි , වත්තේ මුල්ල පාරට පේන්නැ.

                                               අයිසෙ අංකල් බාගයක් ගහලා පාරට එන කොටම පොලිසිය පැන්නා ,හිටපු කෂ්ටිය තාප්පෙන් පැනලා දිහුවා. රාලහාමිළත් උන්පස්සේ පැන්නුවා , අයිසේ මොකූත් නොදන්න බබා වගේ පාර පැත්තට එනවා. ip මහත්තයා ඉන්නවා ජීප් එක ලග ඉනට අත්දෙක තියාගන

''ආ නාකි   -කා තොට මම කියලා තියනවා නේද කසිප්පු බීලා අහුවෙන්ඩ එපා කියලා , ගහපිය මෙතන දණ''

අනේ අයිසෙ අංකල් තාර පාරේ දණගහගන ඉන්නවා, ලැජ්ජාවට බිම බලාගන නිකමටවත් ඔලුව උස්සන් නැ.

ip මහත්තයා හරිම වෙනස් මනුස්සයනේ බොන්ඩ ඇවිත් අහුවෙන උන්ව කවදාවත් බෝතලයක් දාලා උසාවි දැම්මේ නැ.

අයිසෙට වගේ මතක හිටින දඩුවමක් තමයි දුන්නේ.ටාගට් එක පෙරන එකා සහ වීකූණන එකා.කසිප්පු වැඩිය අහුඋන  දවස් වලට බොන්ඩ ආපු කට්ටියට කසිප්පු නාන්ඩ එහෙම අවස්ථාව හම්බඋනා, ඒකම කොච්චර වාසනාවක්ද නේද.

රාළහාමිලා කෂ්ටිය වීකූණපු එකාව අල්ලගෙන ආවා බඩුත් එක්කම. දැම්මා ජීප් එක ඇතූලට , 

ip මහත්තයා අයිසෙ අංකල් ලගට ඇවීත් 

''හා උඹත් දැන් නැගිටලා පලයන්''

 කියලා අයිසේ අංකල් අතේ තිබ්බ මල් මල් කූඩය අරගන පිට හරහට පාරවල් හත අටක් ගහලා නැග්ගා ජීප් ඒකට.

ඇස්වල කදුළු පුරවගෙන අයිසේ හිමිහිට ලංකලා ip මහත්තයට

''සර් මාවත් කොහාට හරි අරගන ගිහින් මරලා දාන්ඩ''

කොච්චර ලොක්කා උනත් ip මහත්තයා ගැස්සිලා ගියා, ආයෙත් හැරිලා බැලුවා අයිසෙ අංකල් දිහා

''සර් මට කොල්ලොම හතර දෙනෙක් ඉන්නවා ,ලොකූ එකා සර්ගේ වයසට විතර ඇති , පාරේ දණ ගහගන ඉදලා ගිහිල්ලා මම කොහොමද උන්ගේ මූණ බලන''

''යකෝ තොට දරුවෝ ඉන්නවා කියලා මතක් උන්නැද්ද කසිප්පු ගූබ්බෑයන් වල රිංගන්ඩ කලින්''


''දරුවෝ පැත්තකින් තියමුකො සර් 

සර් මට ගහලා ගහලා කැඩුවේ ගෑණීගේ කූඩය''

4 comments:

  1. සර් මට ගහලා ගහලා කැඩුවේ ගෑණීගේ කූඩය''


    අටමට වෙච්ච එකක් ඔය

    ReplyDelete
  2. අටමට වෙච්ච එකක් මේ

    ReplyDelete
  3. අටමට වෙච්ච එකක් මේ

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Download අටම්පහුර and අටම්පහිය  new Android App
    ඔන්න ඉතිං මං මගේ  දීග...අ ....බ්ලොග් රෝල හන්දා බ්ලොග් එක ස්ලෝ වෙනවට මගේ බ්ලොග් රෝල අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරය කියල වෙන තැනකට ගෙනිච්චා , බ්ලොග්…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
  • බෝතාල් පත්තරේ
  • How to maintain swimming pools , පිහිනුම් තටාක නඩත්තුව සරලව සිංහලෙන්
                                           …
  • අටං කැමති ගී සමග , හිත ගාව දඟදාන ,  සැලෙනා හඳකින් සහ අටං ලියපු මනා හදපු සින්දු
    අපේ ඉයන්  මහත්තැං කැමති සින්දු දාසයක් දාල තිබුනනනේ , ඊටස්සේ කලාහිතේ මහත්තැනුත් පෝස්ට් එකක් දාල තිබුනා , ඉතින් මටත් හිතුනා මං ආසම සින්දු…
  • how to paint your sewing machine
    කිරිටොයියා වාගේ අළුත් එව්වා ගන්ඩ තියෙද්දි පරණ  එව්වා හොය හොයා ගන්න අය දැක්කහම අපි ගොඩක් වේලාවට නිකං සවුත්තුවට වාගේ ඒ මනුස්සයා දිහා බලනවානේ…
  • අටම්පහුරාට  අතවරයක්
    මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ්…
  • Points to consider when using Face mask and Public Water taps
  • ලැජ්ජා වෙන්නේ මොකටද
    ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ...ට්‍රං ටුං ... ‘‘ චූටි මෙන්න  ෆෝන් එක රින්ග් වෙනවා ‘‘ ‘‘ ඇයි තාත්තේ ‘‘ ‘‘ ඔයාට…
  • මුල්ල පටස්
  • DIY - how to make a 30$ granite bonsai pot / ornamental pot at home
  • අපේ නංගිලා ජිම්නාස්ටික් කරලා නැ
    ඉස්සර මම අර යෝගට් කප් හදන රස්සාව කරන කාලේ අපිත් එක්ක හිටියා සමන්ත කියලා පොරක් , කියන කියන ඕන කුණ්ඩවාලියකට ඔලුව වනලා හා කියන හන්දා…
  • How to adjust the timing on singer zigzag machines
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • Sri Lankan Grandma's Recipe Beef curry
  • ජනරංජනී
    ‘‘ගාට් නෝනා ගාට් නෝනා කෝ ගෙදර කවුරුවත් නැද්දෝ‘‘ ‘‘ආ මේ සොපි නැන්දනෙ‘‘ ‘‘උදේ වැටිල තිබුන රටඅඹ .......කොලුවට දීල යන්ඩ ආවා , මයේ කිරි ගෙනාපු…
  • how to thread  indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය
    ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය . නොදන්නම…
  • ටොකටටොකෝ
    මොකක්ද  යකෝ වෙලට වැටිච්ච ලානිල් පාට එලිය  වෙලාව බැලුවා පාන්දර දෙකයි , මේ දෙගොඩ හරි ජාමේ මොන මංගල්ලයක්ද , ගත්තා තාත්තගෙන් උස්සගෙන ආපු…
1,645,898

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>