2012-07-21

දරුවො නෙමෙයි තොපි ---


මම මෙ කියන අයියයි මල්ලියි ,මමයි අපේ මල්ලියි වාගේ නෙමෙයි හරිම සමගියි.දෙන්නගේ දුකට දෙන්නා පිහිට වෙන ඩබලක්


පිට මිනිස්සුන්ට උනත් එහෙම තමයි ,හැම වේළාවකම කාටහරි උදව් කරන්ඩ බලාගන ඉන්නේ


ඒකටත් එක්ක උන්ගේ තාත්තා, මෑන් හොද තාත්තෙක් නෙමෙයි


(මම මේ දැනුත් කල්පනා කලේ එ මනුස්සයාගේ එක හොද ගති ගුණයක් තියනවද කියලා)


තාත්තගේ හැටි කොච්චරද කියනවා නං උන්ට ඉගන ගන්ඩ පොත පත අරගන දීලා තියෙන්නේ නෑදෑයෝ 

උගත් උසස් රැකියාවක යෙදිච්ච පොරක් උනත් මිනිහාගේ කියන්ඩ තරම් හොදක් තිබුන් නැ.


ඔව්වා මෙව්වා හන්දා ඒ අයියා මලෝ දෙන්නාගේ එච්චර කැමැත්තක් නැ තාත්තාට


තාත්තට, අම්මට අයියා මලෝ දෙන්නම හොදින් සැලකුවා උනත්  තාත්තාව බයිට් එකට ගන්න ගතියක් තිබුණා


තාත්තා වයසට ගියා උනත් දරැවන්ට වධදෙන එක තවම නවත්තලා නැ.දෙකක්  දා ගත්ත දවසට වසලා හමාරයි , නොබිව්වා කියලත් මහලොකු වෙනසක් නැ.


තාත්තා එක්ක වලි දාගන්නවට නොදන්න මිනිස්සු ඒ දරැවන්ට බැන්නා උනත් , අපි නං කවදාවත් කොල්ලො දෙන්නට වචනයක් කියන් නැ


( වෙන කොල්ලෝ දෙන්නෙක් නං මෙලහකටත් මහ එකාගේ බෙල්ලත් කපලා) 


මාර වැඩේ කියන්නේ කොල්ලො දෙන්න මහරාළගේ කපාපු පලු දෙක උනාට මහරාළගේ  ගතිගුණ නොගිය එකනේ, හැබැයි ඒ පවුලේ එකම කෙල්ලට තාත්තගේ ගතිගුණ ඒ විදිහටම තියනවා.


* දැන් ඒ අංකල් වපුරපුවා කපාගන්න කාලය ඇවිත් *


දවසක් අයියා මලෝ  ඩබල ටවුන් එකේ ඉදලා ගෙදර එනකොට තාත්තා පාරේ පයින් එනවාලු ,


!! අයියේ ඕයි අන්න තාත්තා යනවා නවත්තන්ඩ එපා දැක්කේ නැ වගේ යමු !!



 ( මගේ මිතූරන්ට සමාව දෙන්න කාර් එකට නැග්ග වේලාවේ ඉදලා නිකරැනේ බනින නිසයි ඔහෙම කරන්නේ)


!! අපිව හැම වෙලෙම බයිට් එකට ගන්න එකේ අපිත් බයිට් කරමුද !!


!! තමුසේ මොනවද කරන්ඩ යන්නේ !!


!! කාර් එකට නගින්ඩ හදනකොට දාලා යං !!


!! පිස්සුද ඕයි පාරේ බැහැලා යන්ඩ හම්බෙන් නැ කුණුහරප පළයි !!


තාත්තව පාස් කරලා කාර් එක නවත්තපු අයියා මල්ලි දිහා බලලා


!! තමුසෙ මොකද කියන්නේ !!


!! හා එහෙනං කරමු !!


තාත්තා කාර් එක ලගට එන කොටම කාර් එක හිමිහිට චුට්ටක් ඉස්සරහට ගත්තාලු



චුට්ටක් නැවතිලා හිටපු තාත්තා ආයෙත් කාර්එක පැත්තට දත්මිටිකකා එනවලු


දොර අරින්ඩ අත දික් කරනකොටම ආයෙත් ඉස්සරහට ගත්තාලු


!! තොපි දෙන්නා මාව සෙල්ලමට ගත්තද යකෝ !!


එළියට ඔලුව දාගන හිටපු පොඩි පුත්තරයා


!! අයියෝ තාත්තේ ඔයාට විහිළුවක්වත් තේරෙන් නැනේ එන්ඩ එන්ඩ ඉක්මනට යමු !!


මුන් දෙන්නට මහ හයියෙන් බැන බැන ඇවිත් තාත්තා දොර අරිනකොටම ආයෙත් චුට්ටක් ඉස්සරහට ගත්තාලු


සමබරතාවය නැතූව ගිහිල්ලා තාත්ත වැටෙන්ඩ ගිහිල්ලා බේරුනාලු


දඩ බඩ ගාලා කාර් එකෙන් බැහැලා තාත්තා ලගට දුහපු කොල්ලො දෙන්නට අංකල් මෙහෙම කියුවලු








!!!!!  දරුවො නෙමෙයි යකෝ තොපි  කැ--  !!!!!


No comments:

Post a Comment

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>