2012-07-08

අටම්පහුරාට අතවරයක්



මේ අතවරය මට සිද්ධ උනේ වසර හත අටකට කලින් දවසක මම පිටකොටුවේ ඉදන් රාගමට එන කොට,මම කවදටත් පූට්බෝඩ් යන කොල්ලා හන්දා එදත් නැග්ගා පූට්බෝඩ් එකට.

මම නැගලා හිටපු පැත්තට මරදානෙදිවත් දෙමටගොඩදිවත් ප්ලැට්පෝම් එක සෙට් උනේ නැ,වැඩිය සෙනගහිටියෙත් නැ සෙනසුරාදා දවසක් නිසා.

දෙමටගොඩ පනින කොට මට තේරුනා මම අල්ලගන හිටපු මැදපොල්ල ලග හිටගන හිටපු මහත්තයාගේ ව-ල මගේ අතේ ඇතිල්ලෙනවා. නිකන් වදිනවා ඇති කියලා හිතපු මම චුට්ටක් විතර අත පාතට ගත්තා.මෙන්න යකෝ ටික වේළාවකින් ආයෙත් වදීනවා.අල්ල ගත්තා මැද පොල්ලේ ටිකක් විතර උඩින්. මෙන්න ටිකකින් ආයෙත් ඇතිල්ලෙනවා. දැන් දැන් එන්ඩ එන්ඩ ඇතිල්ලෙන එව්වා හයිවෙලා මගේ පිටඇගිලි වලට තදට දැනෙනවා.බැලුවා මහත්තයාගේ මුහුණදිහා  , වගේවගක්නෑ උන්දෑ ඈත බලාගන ගෙදර ප්‍රශ්නද කොහෙද කල්පනා කරනවා.

ආවා කියමුකෝ හුණුපිටියටත්, මම හිටපු පැත්තේ ප්ලැට් පෝම් එකට තමයි කෝච්චිය ගැහුවේ.බහින උන්ට මමත් බිමට බැහැලා ඉඩදුන්නා.අංකලයත් පැත්තකට උනා.කොච්චිය අද්දලා ටික දුරක් යනකොට ආයෙත් අතූල්ලනවා.දැන් මට හොදටම ෂුවර් මහත්තයා මගේ අතේ ව-ල උලනවා කියලා.

ඒඩේරමුල්ලෙදිත් මම බැහැලා කට්ටියට ඉඩදුන්නා , ටික‍කින් මැන්ටලේ මගේ අත හොයාගන ඇවිල්ලා අතුල්ලනවා. තවාගනින්කො හොදට මම තොටදෙන්නං හොද පරිප්පුවක් කියලා මම කරබාගන හිටියා.

රාගම ඇවිල්ලා කොච්චිය නවත්තන්ඩ ස්ලෝ  වෙනකොටම මහත්තයාගේ  ව-ල  මිරිකලා අල්ලගෙන පැන්නා පුට් බෝඩ් එකෙන්.
!!   උග්   !!! ගාලා කෑගැහුනා ජැක් මාමාට, 

එතන හිටපු කෙල්ලෝ සෙට් එකට වැඩේ තේරිලාද කොහෙද, අහක බලාගන පොඩී කීචි බිචීයක් දැම්මා.

මම නැවතිලා බලාගන හිටියා මහත්තයා බහිනකං.

අන්තිමටම මහත්තයා බැස්සා කෝච්චියෙන් හරිම අමාරුවෙන්, මාව නොදැක්කා වගේ අමාරැවෙන් ඇඹරි ඇඹරි ගෑටුවා ස්ටේෂන් එකෙන් එළියට.

( වසරකට එකහමාරකට පස්සේ දවසක )

''අයියේ මම මේ කතා කරන්නේ -----වත්තේ  ----මාවතේ --- කියලා එක්කෙනෙක් ,අයියාගේ නම්බර් එක දුන්නේ ---- අයියා , මගේ මෙෂින් එක කැඩීලා , අයියට පුළුවන්ද අද ඇවිල්ලා හදලා දෙන්ඩ''

''හරි මිස්, මම තව පැය දෙකකින් ඔය පාරට ඇවිත් කෝල් එකක් දෙන්නං''

''හොයා ගන්ඩ හරිම ලේසියි වම් පැත්තේ හයවෙනි ගෙදර,කොළ පාට ගේට්ටුවක් තියන ගේ, මිදුලේ අඹ ගහක් තියනවා. ඒ නැතත් ඔයා කෝල් කරපුවහම මට පුළුවන් පාරට එන්න''

මම ඒ පාරට යන්ඩ කලින් කොල් එකක් දුන්නා. කියපු ගේ ඉස්සරහා හිටගන හිටියා හාපැටියෙක් වගේ ලස්සන කෙල්ලෙක්, වත්තට ඇතූල් උනහම දැක්කේ දොරකඩ හිටගන ඉන්නවා හාපැටික්කිගේ අම්මා හාවි.( පිළිමය එහෙමනං වක්කරපු කෝව ගැන කවර කතාද )

''එන්ඩ අයියේ ඇතූලට , ඉන්ඩ මම මෙෂින් එක කාමරයේ එළියට අරගන්න දෙන්නං''

''තාත්තී අර අයියා ඇවිල්ලා මට මෙෂින් එක එළියට අරගන දෙන්ඩකෝ''

විනාඩියක් ගියේ නැ, ෆෝටබල් මෙෂින් එකක් උස්සගන මගේ අතේ ව-ල අතූල්ලපු   මහත්තයා   ආවා කියන්ඩකො සාලෙට





4 comments:

  1. හපෝයි... එක මෙශින් එක වෙනුවට දෙකක්ම හදන්න උනෙයි අයියෙ?

    ReplyDelete
  2. අටමෝ උඹට තිබ්බේ පරණ වාඩුව ගන්නත් එක්ක මෑන්ගෙ ව_ලට සිග් සැග් පාරක් ගහල එන්ඩ බං.

    ReplyDelete
  3. උඹ පට්ට කතා ලියල තියෙන්නේ ඉස්සර, දැන් ලියන්නේ මොනවද කියල හිතෙනවා මේ බැලුවම...

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  • how to assemble juki High Speed Lockstitch Sewing Machines  ජුකී මෙෂිමක් සවිකරගන්නා ආකාරය
    ගොඩක් වෙලාවට මං දකින දෙයක් තමයි , සමහරක් අය ගෙවන මුදල අඩුකරගන්න හරි , නැත්නං කොහෙක්හරි නිකං හම්බෙලා හරි හයිස්පීඩ් මෙෂින් තමන්ම හයිකරල තියනවා ,…
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • අටං ඉස්ටයිල් කලවං වඩේ
    මට හිතුනා වඩේ හදන්ඩ , හැබැයි ටිකක් වෙනස් විදිහට , ඔක්කොම ජාති එකට දාල , මං මේකට ගත්තේ මයිසුර් පරිප්පු කඩල පරිප්පු සුදු කව්පි උළුදු ඔක්කොම ටික…
  • DP Ballpoint Needles for Single Needle High Speed Machine for General Sewing
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • Restoration Old Rusty Sewing Machine  | full_Restoration | Sticking colo...
  • How to repair a damaged Motorcycle rim using basic equipment, Spoke repl...
  • Sri Lankan Style Octopus Recipe
  • සම්සුදීන් නානා
    ඔන්න මම දන්න පොරක්  හිටියා අපි මෙයාට නානා කියමුකෝ ලියාගන යන්ඩ ලේසියට , බුවා ඇවිල්ලා ආතල්  ඩයල් එක , නිතරම හිනාවෙන් විහිලුවෙන් තමයි…
  • බාගන වැලයක් දෙකක්
    ගෙට පැනල කුදලාන යන මොංගල් පොලීසිය                              …
  • නියපොතු පාට කල හන්දයි  බේරෙන්නේ
    ඉස්සර වගේ නෑනේ බං සෙට් වෙන්නේ කතා කලත් හිමිහිට මාරුව යන්නේ බ්ලොග් කටු අටවගන කෙලියේ අපිටමනේ ඉස්සර එවුන් දැන් තොට මතකත් නැනේ මතකද උඹට ඉස්සර…
  • Electric Water Heater Installation: Step-by-Step Directions to Do It You...
  • වගකීම  සහ  යුතුකම
    අයිතිවාසිකං විතරමයි යුතුකං වගකීම් කැලේ මටනං වටින්නෙ මස් කෑලි විතරමයි මස්බර දැනෙන්නෙ ලේබර වැඩිනං
  • මල් සින්දු කියන මල්ලියෙක්ට
    නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා      …
  • How to write a Sinhala blog  ( 7 ) බ්ලොග් එකේ අකුරු ලොකු කරන හැටි
    හයවෙනි කොටස මෙතැනින් ඉස්සෙල්ලම ඩැෂ් බෝඩ් එකේ සෙටින්ග් ක්ලික් කරන්න ඊට පස්සේ ටෙම්පලේට් ඊටපස්සේ කස්ටර්මයිස් ඊටපස්සේ…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • පිස්සු පෙති කැහි පැණියෙන් දියකර බීම
    දවසක් මම අලසසුවය ලබමින් ඉන්න කොට ආවා අපේ නෑදෑ සහෝදරයෙක් ''අයියේ සුපර්ග්ලු එක ටිකක් දෙන්ඩකො'' ''මොනවා අලවන්ඩද බං'' ''ඇණයක් ගහලා පුටු…
  • කකුල කඩාගනවත් නිකා ඉදලා නැ
    මම මේ කියන්ඩ යන පොරගේ ඇත්ත නම හරි , ඒකටත් වඩා දන්න අනවර්ථ නාමය හරි කියුවෝතින් ඉතින් අහල ගං හතක් දන්න හන්දා මම ''බුකුං'' (මේ නමත් රෙජිස්ටර්…
  • පරි ඇටයේ ... පරිවාසේ
    තෙමි තෙමිම ඇවිත් .... වැහි සද්දෙටම ගෙට ගොඩ වෙනකංම්ම ඇහුන්නැ ......  අනේ ඒයි  ඔහොම ඇගපිහදගන වෙන සරමක් කමිසයක් ඇදං අපි යමුනේ අම්මට…
1,644,357

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>