2012-07-18

වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය


බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින් තියෙන්නේ.ඔව්වා එකකට මම කරපු මෙව්වා එකක් ගැන තමයි අද,

අරවා බලන්ඩ ආපු කට්ටිය මෙව්වා උනානං මට මෙව්වා කරන්ඩ.


අපේ ගෙදර ඔය ගැජට් හතරක් තියනවා උනත් ධනපාලගේ ආඩම්බරකං හන්දා පාවිච්චි කරන්නේ දෙකයි.

සමහරක් දවස් වලට ලොකූ දුසිගීත්ත කලින් දොයියා ගත්තොත් එකයි.


දවසක් අපි දන්නෙම  නැතූව ගෙනත් තිබ්බ liquid refill ඉවර වෙලා තිබ්බා.මම හවස ගෙදර ආපුවහම අපේහාමිනේ


!!  ඔයත් දැක්කේ නැද්ද ලොකු  liquid බෝතලය ඉවරවෙලා අළුත් එකක් හයි කරන්ඩකො !!


කියුවත් ගෙදර බඩු තිබුන් නෑ, එදා දවසටම මට සල්ලි ලැබුනෙත් නැ.දැන් කොහොමද refill ගන්නේ


!! මට අද සල්ලී හම්බුන්නැනේ චූටී  !!


!! ආ කමන් නැ මට හෙට උදේට මට 300ක් හම්බෙනවා උදේට ගම්මු !!


කියපු හාමීනේ මගේ ලගට ඇවිත්


!! ආ දෝණිගේ පැගිරි තෙල් එක (citronella oil)  ඔයත් ටිකක් ගාගන්ඩ !!


( අපේ හාමීනේ ලොකූ කෙල්ලගේ ඇදූම් වල පැගිරි තෙල් තවරනවා කොච්චර කියුවත් තැන් තැන්වල රිංගලා මදුරුවො කවා ගන්න හන්දා )


මමත් ඉතින්  වළලු කරටයි , මැණික් කටුවටයි, කණ පිටිපස්සටයි ටිකක් ගාගත්තා


පැගිරි තෙල් බෝතලය අතේ.


මදුරුවෝ මෙච්චර අකමැති පැගිරි තෙල් vaporiser එකට දාන්න දාන්න බැරිද කියලා හිතූන අටම්පහුරා


ගත්තා පරණ ඇසුරුම

දැම්මා පැගිරි තෙල්

ගැහුවා පේනුවට

ගේ හැම තැනම

අම්මා සුවද


එක  මදුරුවෙක් නැ

දෙකක් ගහන ගෙදර

අද එකකින් කවර්

සිල්ප‍දෙත්  කැඩෙන් නැ

මරේ මරු


මදුරු නාසක වලට

ඇලජික් කට්ටියට

පිටරට කොම්පැණි වලට

අකමැති කට්ටියට

කොරන්ඩ මරු නැද්ද


මදුරු නාසක වල

නැති අඩුපාඩුවක්ද ඇත

හරිම ඉක්මනට

වාස්ප වෙනවට

කොරන්ඩ දෙයක් නැද්ද

3 comments:

  1. මමත් කෑවනේ මෙයාගේ මේ ලනුව! අය්යෝ mosquito repellent liquid බෝතලේ උණු වෙලා ගියානේ ප්ලග් කරලා තියෙද්දීම!

    ReplyDelete
    Replies
    1. ඒකනං වෙන්ඩ බැ , සුපිරියට වැඩ

      Delete
  2. මොනවද යකෝ මේ පරණ ඒව දාන්නෙ. කෝ අපි මේවට දාපු කොමෙන්ට්.

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>