2012-07-25

දෙන්නැ එකෙකූට රුපියලක්


උදේ ඉදන් හදන්ඩ ආපු මෙෂින් ටික හදලා ඉවර කරපු මම පාරේ යන කිරිටොයියා බයික් වලට හූල්ල හූල්ල ඉන්න කොට වෙච්ච සින් එකක් තමයි මේ

අපේ ගොඩනැගිල්ලට අල්ලපු බැංකූවට ආපු කාර් වලට අංකල් කෙනෙක් අසරණ හිනාවක් දාගන අත පොවනවා

මොකවත් ලැබෙන පාටකූත් නැ

ඒත් අංකල් කාරයගේ හිනාවේ

කොන්ද නැමිල්ලේ

වැදිල්ලේ අඩුවකූත් නැ

ලැබෙන බම්බුවකුත් නෑ

ඔන්න දැන් අටම්පහුරගේ හිතට දැනෙන්ඩ ගත්තා ධනපති පංතිය ගැන වෛයිරයක්

අංකල් ගැන දුකකූත් එක්ක

පව් අංකල්ට දෙන්ඩ ඕන සල්ලි කීයක් හරි කියලා අටම්පහුරට හිතුනා

හිතූනට කො දෙන්ඩ සල්ලි ආයෙත් හිතුනා

සිකරට් බොන්ඩ තියාගත්ත රුපියල් 100 දෙනවා

අටම්පහුරට ආයෙත් හිතූනා

හවසට ගෙදර ගිහින් අටම්පවුලට කියපුවහම 

!! ලොකු දෝණි මෙන්න අද තාත්තී චෝයි වැඩක් කරලා !!

කියලා අටම්පවුල කියනවා මැවිලා පෙනුනා

ලබන ආත්මේ පොහොසත් වෙලා

ඊලග ආත්මේ නිවන් යන්ඩ හිතාගන 

ගෙඩි රුපියල් 100 ගූලිකරගත්තා අල්ලට

!! අංකල්  ....... අංකල් ........ !!

කතා කලා අංකල්ට         තත්පරෙන් අංකල් ආවා ලගට

!! ආ කන්ඩ අංකල් බත් එකක් !!

!! &^**(())()&^%$  යුවා ‍ග්රේඩ් මෑන් !$$%^*()*&^%^ නයිස් @$@$$$%%%% නයිස් බයික් නයිස් ගයි $$%&&&^*)_++_) අයැම් ප්‍රර්වුඩ්+ +_*(^ඍ$%%^6වඉඊ !! 

( සමා වෙන්න යාළුවනේ මෙතනින් ඉස්සරහට කියවන්ඩ වෙන්නේ ඔහොම තමා මට තේරැන ටික සිංහලෙන් අනිත්වා ඔය කූණුහබ්බ භාෂාවෙන් )

!! ආ..... හරි ....හරි   අංකල් ගිහිල්ලා  රස බත් එකක් කන්ඩ !!

( අප්පට මෙන්න මේකා අඩිය හප්පලා ගහපි සැලියුට් එකකූත් )

!! අයැම් $^)_)_&$@$% ටු‍ෙවන්ටි පයිවු ඉයර්ස් %^&*)_ ආමි මෙන්$%^&*(((&&(_වෛ්ට් මෙන් අයි ටෝක්ටු යු^&**(*&^^*%^$%*() අයි ලයික් යුඹණඛණඛෂෂලකඩටරපෙ$%^&& !!

!! අංකල් මම යනවා ඔයා ගිහිල්ලා බත් එකක් කන්ඩ !!

!! වේට් මෙන් අයි ටොක්ටු යු @$%%%&    $%$^*)+_(*& @$%&^8 !!   

!! යුනො දැට් !!

!! යු සී දැට් !! 

මෙන්න මේකා දැන් මගෙන් පුරස්නත් අහනවා ඇලපතට ඇන ඇන

මම ඉදගන ඉන්න මට යාළු‍වෝ දෙන්නෙක් තෑගි දුන්න මගේ බයික් එක අත ගානවා

මගේ මූණ අත ගානවා

පැෂන් ඇකඩමියේ කෙල්ලෝ කිංඩියට හිනාව දානවා

පාරේ යන එවුන් බෙල්ල දික්කරකර බලනවා

බැංකූවේ සිකූරුටි බංඩාර අයියා බඩ අල්ලගන හිනා වෙනවා

අපහාස විදගන හරි මේ  හු--ට මම උත්තර දෙන්නේ කොහොමද

මට දැන් වලක් කපාගන වැළලෙන්ඩ තමා හිත

පැන්නා බයික් එකෙන් බිමට , දිහුවා ෂොප් එක ඇතූලට

මම මටම කියා ගත්තා මෙහෙම

දෙන්නැ ආයේ එක  කැ--ක්ට රුපියලක්  

2 comments:

  1. හි හි....යකෝ දැන් කාලෙ හිඟන්නෙක්ටවත් රුපියලක් දෙන්න බෑනෙ..

    ReplyDelete

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • මරාගන කෑම
    අපේ හිතවත්  ගෙදරක ගේ හදන වැඩේට හෙල්ප් එකට වයරිනග් කරන්න ගිහින් උන සීන් එකක් ‍ඔන්න අද මම කියන්ඩ යන්නේ. එ ගෙදර ගංකොක්කා බාබලා ඉන්නවා…
  • how and when to change machine oil for a high speed sewing machine?
    ජුකී මැසිමේ ( හයිස්පීඩ් ) තෙල් මාරු කරන නිවැරදි ක්‍රමය How to replace oil of High Speed Sewing Machines '' ජුකි මැසිමට දාන තෙල් තියනවද…
  • Making coconut shell charcoal at home
    සජ්ජගේ   වැඩ
  • දං පදුරු අස්සේ වහං වෙමුද මයේ දෙයියෝ
    දුරඈත,  පිටිසර,  සුන්දර   පළාතක තිබ්බ කැළැ ගමක් වෙච්ච කනයාගම කියන ගමේ සිද්ධ වෙච්ච කතන්දරයක් තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඒ ගමේ…
  • how to repair computer Washed clean with tap water . නල ජලයෙන් සෝදා  පරිඝණකයක් පිරිසිදු කර අළුත් වැඩියා කරගන්නා ආකාරය.
    අනේ ඉතින් බොග කොටන්ඩ ගත්තු දා ඉදන්ම පාවිච්චි කොරපු ගොන්පීතරේට කෙල උනා කියන්ඩකෝ පහුනු දවස්වල , වැඩේ කියන්නේ මේ මංගල්ලේ ඕනම කරන ඡන්දේ දවස්වලම බඩු…
  • අලේ    අලේ  මෙහේ--
    අලේ අංකල්ගේ තවත් වික්‍රමයක් තමයි අද මම කියන්නේ.පොරගේ ත්‍රිවිල් එක හෙණ පරණයිනේ ,මම කලින් එ ගැන කියලා තියනවනේ. අපේ ගෙදරට යන්න තියන පාරට හැරෙන්නේ…
  • යන්න එපා පාවඩ සමගින් ( මනා කියන මගේ කවිය 2 )
    අකුරට ගියාට එන තුරු පෙරමග සිනහ කවට කෙලි කතා කමෙන් කැත කිලි කුනු ගෙන යන්නට ආවම සිටියේ නුඹ නන්නාදුනන ලෙසින් ගං දිය සේදී සුසිනිදි වු ඒ නුඔ…
  • කදුලක්නැ මගේ නෙතට පෙර විදි රස දැනෙනාවිට
    බින්දු බින්දු වැහිපිණිකැට පොලව සිබින හැන්දැවක ඇවිද ගියා මතක නැද්ද බොරලු පිරුන වැලි පාරක වැටෙන වැටෙන වැහිබිදුවම පොලව උරපු ගිම්හානෙක අද තනියම මං…
  • අඩු මුදලකින් පහසුකම් සහ ඉඩකඩ ඇති ලේන් කූඩූවක් සාදාගන්නා ආකාරය
    දැං මාසෙකට හමාරකට විතර කලිං මල්ලිිලැ ගෙදර බිත්තියේ ගහලා තිබුන මුට්ටියක ඉදලා ලේන් පැටියෙක්  බිම වැටිලා , අපේ පොඩි එකි ඇවිත් මට…
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • හරක් පැටව් දෙන්නෙක් හදා ගත්තානං
    ''ඔයාට තේ හදන්ඩද , ඇගහෝදගනම එනවද'' ''තේ එකක් බීලම ඉම්මු බබා '' යැයි කියු අමල් දුරකථනය සහ මෝටර් රථයේ යතුර ස්ටුලය මත තබමින් තම සොහොයුරා…
  • Children's gown with playaad skirt and Baby collar |How to sew|baby dres...
  • තෑගී ටොෆී ....බොන්සන් සහ බොන්බොන් ටොෆී සමග මිනී මැරුමක් සහ ඌරු මස්
    අක්කේ     අක්කේ ඒ ... ඉන්නවදෝ ...... ‘‘දොරත් ඇරල කොහෙට ගිහින්ද මන්දා....ගෙදර නැද්ද කොහෙද පුතේ ‘‘ ඉන්නවෝ ....මේ එනවෝ .... ‘‘ ආ…
  • රන් and අයන්
    නොතලන තැලෙන නොතකන රන් දෝලි තැලෙන නොතකන හැඩනොවන යකඩ  දෝලි
  • සුද්දා වගේ එලියට ඇදල
    ‘‘ කොහෙද යකෝ මේ හම්බකරන ඒවා තියන්නේ ‘‘ ‘‘ තියන්ඩ තැනක් නැති හන්ද හම්බෙච්ච ගමං වියදං කරල දානව බං ‘‘ ‘‘ කොහොමද බිස්නස් , කෝ අමාලි අක්ක , මං…
  • මගේ  ලව්
     පළවෙනි  එක  මට කෙලෝලා ජීවිතේම අන්නලා  ..... මාරු උනා.දෙවනි එකීගෙන්  පළවෙනි  එකී  එක්ක  තිබුන ඇරියස්  එක…
  • Stitching and Pattern making In easy and simple steps,- Part 1
  • ටැබ් දුන්නොත් මක් වෙයිද
    ඕක දැන් කෙරෙන්නේ නැ කියුවට අකිල කියල තියනවනේ කොහොමහරි කරනවා කියල , ටීචර්ල නං කියනවා මුං හොරාට ෆෝන් ඇරං ඇවිල්ලත් බ්ලූ බලනවා ... ටැබ් දුන්නොත් අම්මට…
  • දැං කොහොමද මං ( දුක්බර සොමිබර සත්‍ය කතාවක් )
    දන්නා තැනක මං නිතරම යන එන්නේ පුතුන් දෙදෙන සමගින් පියෙකුයි ඉන්නේ ඒ තිදෙනාට රුකවරනය සලසන්නේ හිරු සදු වගේ මව්තුමියත් ගෙයි ඉන්නේ පෙරකල පටන්…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
1,644,358

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>