2012-08-05

බලා ඉදලා හරියන් නෑ යමල්ලා අංගොඩ


අපේ අහල පහල ගෙදරක ඉන්නවා ගෑණු මනුස්සයෙක්, කවදාවත් කව්රුවත් කියන දෙයක් අහන ගෑණියෙක් නෙමෙයි, කරොත් කරන්නේ ගොංතකතීරු වැඩක්මයි, උන්දෑ හිතාගන ඉන්නේ උන්දෑ ඔක්කොම දන්නවා කියලා.  ඒ උනාට නොදන්න මනුස්සයෙක්ට උනත් වචනයක් දෙකක් කතා කරහම තේරෙනවා මෝඩ ගෑණියෙක් කියලා. ඒ මනුස්සයත් එක්ක කතා කරහම අපේ ලේ රත්වෙනවා විතරයි, මේ කියන එක මේ නෑ කියනවා, එක එක තැන්වල එකක කියලා කොටවනවා,  මහ ලොකු පම්පෝරි ගගහ ගමවටේ ඇවිදින එක තමයි උන්දැගේ රස්සාව

දැන් ටික දවසකට කලින් වැඩකට නැති වැඩකට හෙණ සල්ලි ගොඩක් පොලීයට අරගන (ඒ මෝඩකම කරන්ඩ එපා කියලා උන්දැව දැනුවත් කරන්ඩ ගිහිල්ලා මමත් හොදට අහගත්ත නිසා මමත් ඒඋන්දැත් එක්ක කතා නොකර හිටියේ) ගෙවා ගන්ඩ බැරුව අන්ත අසරණ තත්වයකට පත්වෙච්ච මේ මනුස්සයට ඒක දිගට කරදර ගොඩක් සිද්ධ උනා. හැබැයි ඒ  හැම කරදරයක්ම එයාම විහින් දාගත්ත ලෙඩ නිසා අන්තිමට දරුවන්ටත් උන්දැව එපා උනා. ( ඇත්තටම උන්දෑ දරුවන්ට හරියට වදදෙනවා)  අන්තිමට කව්රුවත් උන්දැව ගනන් නොගන්න . හොයානොබලන තත්වයට විහින් පත්උනා. පව් ඉතින්.....


මේ ලගකදි දවසක ඒ ගෙදර පැත්තේ හෙන සද්දයක්, මොකක්ද කලබලය කියලා බලන්ඩ මමත් ඒ පැත්තට ගෑටුවා. ඒ මහ උන්දැව ගෙදර කට්ටියම එකතූවෙලා අල්ලගන ඉන්නවා, මහ උන්දැ අතපය දරදඩු කොරගන පිස්සු කියවනවා, ටික වේලාවක් සීන් එක රසවිදපු මං


!! ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ !!


!! බලන්ඩකෝ අයියේ අම්මා බත්කකා ඉදලා එකපාරටම වැටුන දැන් හරියට සිහියක් පතක් නෑ !!


( මෙන්න යකෝ සිහියක් පතක් නැති ගෑණි හොර  ඇහිං මා දිහා බලනවා )




!! අරගන එන්ඩ වතූර ටිකක් !!


අතට වතූර ටිකක් ගාගන කම්මුල් දෙකට දුන්නා දෙකක් චුට්ටක් විතර බර දාලා


ආ ඔය එන්නේ සිහිය


!! දැන් එයාට නිදහසේ ඉන්ඩ දිලා උඹලා අහකට වෙයල්ලකෝ,  ටිකක් නිදහසේ නිදා ගත්තහම හෙට අදේ වෙනකොට මේක හොදවෙලා යනවා ,  බය යවන්ඩ දෙයක් නෑ !!


කියලා කට්ටිය එළියට එළවලා බැලුවා බත්කකා හිටියා කියපු හන්දා පිගාන කෝ කියලා


බත් පිගාන කියුවට ඒකේ එක බත්ඇටයක්වත් නෑ, කරපීංචා කොළ දෙකක් නං තියනවා


එබුනා වතූර ජොග්ගූවට, වතූර බිදක් නෑ


කාලා බීලා එහෙම වැඩෙට බැහැලා තියෙන්නේ ගොඩක් දුර අරගන යන්ට වෙන්ටෑ

හිමිහිට මම හොරෙන් බැලුවා ගැණි දිහා, මම කරන්නේ මොනවද  කියලා මට නොදැනෙන්ඩ උන්දැත් ඇදේ නිදාගන හොරෙන් බලනවා.


දැන් මේ මනූස්සයා හදන්නේ බොරු පිස්සුවක් පෙන්නලා තමන්ට නැතිවෙච්ච තමන්ගේ මිනිහගේ, දරුවන්ගේ ආදර නැවත ලබාගන්ඩයි


වැඩේනං හොදයි කොරන්ඩ යන විදිහ තමා නරක

මම මේක මෙතනින්ම ඉවර නොකෙරුවොත් මේ මෝඩරැල

 තවත් පොලියට අරගන තොවිලයකූත් නටනවා

මෙ ගෑණි බොරැ පිස්සුවක් අරගන කියලා මම කොහොමද ගෙදර උන්ට කියන්නේ

කියුවත් මුන් ටික මම කියන එක විස්වාස කරන්නෙත් නැ


කෝකටත් කියලා මම අරුන්දැට ඇහෙන් නැතිවෙන්ඩ ගෙදර කට්ටිය ඔක්කොමලා

ලගට අරගන මෙන්න මෙහෙම කියුවා


!! බොරැවට බයවෙලා තොවිල් පවිල් කරන්ඩවත්, දොස්තරලා පස්සේ යන්ඩවත් හදන්ඩ එපා, වෙලා තියෙන්නේ මේකයි

ඔහොම වෙන්නේ හීතේ කරදර තියනකොට, එව්වා ගැන හිතලා හිතලා ඒත් සහනයක් පිලියමක් නැති උනහම, යටිහිත කියනවා දැන් උඹට කරන්න තියෙන්නේ බොරැවට පිස්සුවක් හදාගන්න එක, ඒකතමයි දැනට තියන හොදම විසදුම, ඒක ඒයා හිතලා කරනවා නෙමෙයි, යටිහිතෙන් ඉබේම වෙන දෙයක්, උඩු හිතෙන් සිද්ධවෙන කරන කියන දේවල් දන්නේ නෑ.

අපි තවදුරටත් අඩන්ඩයි, අතගාන්ඩයි, අහන්ඩයි,නලවන්ඩයි, හුරතල් කරන්ඩයි  ගියෝතින් වෙන්නේ

ෂා මේක මරැනේ,  මට නිදහසේ පුල් පන් එකේ හිටියහැකි කියලා උඩුහිතෙනුත් හිතලා තත්වය තවදුරත් වර්ධනයවෙලා ඇත්තට පිස්සු හැදෙන එක.

ඒක හින්දා කව්රැවත්  පඩයකට ගනන්ගන්ඩ එපා

හෙට උදේ වෙන කොට ඕක හොදවෙනවා එතකන් තනියම පාඩුවේ ඉන්ඩ දිහල්ලා

ගෙදර ගෙනත් තියන බෙහෙත් ජාති එහෙම අතට අහුවෙන් නැතූව හංගලා, එළියට යන්ඩ බැරිවෙන්ඩ දොරවල් වහලා, කව්රැහරි ඇහැගහගන හිටියහම හොදටම ඇති.  !!


කට්ටියත් මම කියපුදේ අනුමත කරලා නිහඩ උනා විතරයි


මෙන්න ආයෙත් පාරක් පිස්සුව එනවා, ඒපාර නං ගියපාරට වඩා සැරයි, අරවා මෙව්වා ඉල්ලනවත් එක්ක. කට්ටියට මම කියපුවා ඒ ඩිංගට අමතක වෙලා, ආයෙත් ලගට පැනල බදාගන ලෙවකන්ඩ තියාගත්තා

බලා ඉදලා හරියන් නෑ ඇරියා කට


!! අංකල් ගිහිල්ලා තරංගගේ ත්‍රීවිල් එක අරගන එන්ඩ  !!


!! නංගී ඇදුම් කෑලි දෙකතූනක්, කොට්ටයක් ලෑස්ති කරලා, උණු වතුර බෝතලයත් පුරවලා අරගන ඔයත් ඇදුමක් දාගන යන්ඩ ලෑස්ති වෙන්ඩ !!


!! දැන්නං බලාගන ඉන්ඩ හොද නැ, අංගොඩ ගිහිල්ලා සතියක් දෙකක් නැවතිලා බෙහෙතක් හේතක් ඇ‍ගට වැටුනහම හරි,  නිකන් තැන් තැන් වල ගිහිල්ලා සල්ලියි කාලයයි නැතිකරගන හොදටම ලෙඩෙත් වැඩී කරගන යනවට වඩා නරකද පළවෙනි පාරම ලෙඩේ කඩා ගන්න ඒක !!


!! මම මේ ලගදි ගියානේ මල්ලි පිස්සු හැදිච්ච පොරක් බලන්ඩ අංගොඩ, අම්මට සිරි බලන්ඩ එපැ දැන් එළකිරි ටිකට හදලා හෝටලය වගේ, දගලන උන්ව අල්ලලා ඉන්ජෙක්ෂන් එකක් ගහනවාලු බං පුකට, ඒ ඉන්ජෙක්ෂන් එක ගහපුවහම දවස් තූනක් එක දිගට නිදියා ගන්නවලු !!


!! මමයි, අංකලුයි, නංගියි, ගිහිල්ලා ඇන්ටිව නවත්තලා එන්නං,  කාව හරි ලග නවත්තන්ඩ කියුවොත් නංගිට පුලුවන්නේ නවතින්ඩ !!


ඒ අළුත බැදපු කෙල්ලත් කදුළු පෙර පෙර හා කියනවා


කොහොමින් කොහොමින් හරි ත්‍රීවිල් එකත් මිදුලේ නැවැත්තූවා


!! ඇන්ටී කො නැගිටින්ඩකෝ අපි බෙහෙත් ටිකක් අරගන එන්ඩ යමු !!


!! ආ....නේ මට බෙහෙත් ඔන්.... නෑ .   ටිකක් නිදාගන හෙට උදේට නැගිට්ටහම හරියයි.... , ඔන්නං... උදෙම්ම ගිහින් ධම්මික මහත්තයාගෙන්..... බෙහෙත් ටිකක් ගන්ඩ බැරියැ.. !!

1 comment:

කමෙන්ට් වලට ලින්ක් දාන විදිහ
<a href="LINK HERE"> WORDS HERE</a>

Popular Posts

  • how to thread  indian overlock sewing machine ඉන්දියන් ඔවර්ලොක් මෙෂින් එකට නූල් දාන නිවැරදි ක්‍රමය
    ඉන්දියන් ඔවර්ලොක් මැසිම කියන්නේ අද අපේ රටේ නොමල් මෙෂින් සහ සිග්සැග් මෙෂින්වලට අමතරම වැඩිපුරම භාවිතා කරනු ලබන මෙෂින් වර්ගය . නොදන්නම…
  • කකුල කඩාගනවත් නිකා ඉදලා නැ
    මම මේ කියන්ඩ යන පොරගේ ඇත්ත නම හරි , ඒකටත් වඩා දන්න අනවර්ථ නාමය හරි කියුවෝතින් ඉතින් අහල ගං හතක් දන්න හන්දා මම ''බුකුං'' (මේ නමත් රෙජිස්ටර්…
  • How to write a Sinhala blog ( 6 ) බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නේ කොහොමද සහ ෆෝන් එකෙන් බ්ලොග් ලියන හැටි
    පස්වැනි කොටස මෙතැනින් පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ මේක බිජු කොටවනවා වාගේ වැඩක් , අපි අනිකට සප් එක දෙන තරමට තමයි අපිට ආතල් එක තියෙන්නේ…
  • 100 randam posts widget with  image thumbnail and snippet බොගට දමාගන්නා ආකාරය
    ඔන්න ඉතින් අටමා මෙහෙම එකක් ලියලම නැ , මෙහෙම එකක් මට ඕන විදිහට හදාගන්ඩ මට හෙන උවමනාවක් තිබුනා , ‍මොකද කියනවානං අර linkwithin  ගැජට් එක දැන්…
  • මනමාලියෝ හෙවිල්ලයි මනමාලියෝ කොං කිරිල්ලයි
    මේ කොරෝනා කාලේ  මගේ  වේලි වේලි හිටිය  ගජයෙක්  මනමාලියෙක් බලන්ඩ  ගිහින් .... ඒ .... සීන්  එක මා එක්ක කියුවා…
  • පේස් මේකර්
  • ඇම්බියුලන්ස්
    ‘‘ ලක්මාල් මහත්තයට  ලයිසන් නැද්ද ‘‘ ‘‘ නැ මල්ලි ‘‘ ‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘ ‘‘ බයික් වලට තියනවා ‘‘ ‘‘ ඒක මිසක්  ,   ඉතින්…
  • කොමාගේ පළමු අහවල් මෙව්වා එක
    කොමා කියනනේ අපිට වඩා වැඩිමාල් ගැන්සියක  හිටපු අහිංසකයෙක්. ඌගේ අතපය වැඩිලා උස්මහත් උනාට මොළය හරියට හැදුන්නෑ.පොඩ්ඩක් මොංගල් ඩයල් එකක්,ඒ…
  • ෆෝටබල් මහන මෙෂින් කියලා විකුණන සෙල්ලං බඩු වලට අහුවෙන්න එපා .....Beware of portable sewing mechines scam...they are just toys..
    මං මේ කියන්න යන්නේ මෙන්න මේ වාගේ පුංචිම පුංචි මෙෂින් ගැන , මේවා එක එක නම් වලින් , එක එක හැඩයෙන්  සහ එක එක පැහැයෙන් එක එක ගනන් වලට විකුනන්න…
  • අයිරගේ නම කෙටුවානං යාන්තමට ඉඩක් අරං
    කෑලි කෑලි අමුන අමුන අත් මැසිමෙන් නුල්             වියං නේක නේක රටා මවන් පාපිස්සක හැඩය        …
  • මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    '' ඇයි සරත් අදත් අටේ බස් එක මගඇරුනද '''' දැක දැක ඇද්දුවනේ අළුත් කොන්දෙක්ද කොහෙද '''' හවස ගත්ත මාළුටික දැනුයි සුද්දකරල ලිපට කරේ , ඔයාට තේ එකක්…
  • How to write a Sinhala blog ( 2 ) , වඩාත්ම සුදුසු බ්ලොගර් ෆෝපයිල්  තෝරාගැනිම , ටෙම්පලේට් සැකසීම , අකුරු සයිස් සහ වර්ණය වෙනස් කිරිම
    පලමු කොටස මෙතැනින් කියවන්න දැං හදාගත්ත ජීමේල් එක උඩට ගිහින් දකුනු පැත්තෙ උඩ තියන පොඩි කොටු ටික සිලෙක්ට් කරල more ක්ලික් කරල  බ්ලොගර් අයිකන්…
  • මගේ ලේනා මට හදන්ඩ ඉඩ අරින්ඩ
    හුරතලේට සත්තු හැදිල්ල තියනවනේ ඕක ඇවිල්ලා පට්ටම ආතල් වැඩක් , ඔයිනුත් ආතල්ම වැඩේ තමයි අතේ තියාගන හැදිල්ල වැඩිල්ල , කරු‍මේ කියන්නේ මට ඔය අතේ තියාගන…
  • කොහොමද යාලුවනේ මාව මතකද දන්නැ
    ඉතින් කොහොමද වාස දේසේ , අවුලක් නැනේ  ෆිට් එකේ ඉන්නවනේ නේද , එහෙනං එලකිරි ,  කාලයක් මට බ්ලොග් එකයි  සින්ඩියවාගේ එකයි මග…
  • ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින්
    ආදරණිය මල්ලි පැටියාට සෙනෙහසින් ඇයි වස්තුවේ ඔයා මට මෙහෙම කරන්නේ , මගේ ලග සල්ලි නැති හින්දයි නැ කියුවේ , ඔයා ඉල්ලන ඉල්ලන වෙලාවට මම සල්ලි…
  • වස විස නැතූව mosquito repellent liquid vaporiser භාවිතා කරන ක්‍රමය
    බෝම්බ වලට බයේ පාරට බහින්නැතූව හිටපු අපට බය නැතූව ගෙදර ඉන්න එකත් නැති කරලනේ තියෙන්නේ මදුරැවො.ඔය කරදරයට තියන එක හොද විසදුමක් නේ ඔය උඩින්…
  • මටත් වචන පැටලෙනවනෙ අනේ
    අනේ  මන්දා අප්පා  ඔය සැගවුන අරුත් බරසාර ඒවා නං මට තේරෙන්නේ  නැ ඒ උනාට මේවා කියලත් පෑ නොකියත්  පෑ තාත්ත කියනවා දහයට…
  • වගකීම  සහ  යුතුකම
    අයිතිවාසිකං විතරමයි යුතුකං වගකීම් කැලේ මටනං වටින්නෙ මස් කෑලි විතරමයි මස්බර දැනෙන්නෙ ලේබර වැඩිනං
  • පේස් මේකර්
  • අටං ඉට්ටයිල් තලපත් ambulthiyal (ඇඹුල්තියල්)
    අටං ඉට්ටයිල් තලපත් ඇඹුල්තියල් කට්ට අයින් වෙන්ඩ කපල අළුත් තලපත් මාලු 500යි ගොරක බික් 8යි ලුණු තේ හැදි 3යි ගම්බිරිස් කුඩු තේ හැදි 6යි කුරුදු පොතු…
1,645,469

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>